Katha Ahura

ආශාවරී |හැට නවවැනි කොටස|අවසානයට පෙර කොටස|නවකතාව |කතා අහුර රචක

5/5 - (2 votes)

අවසානයට පෙර කොටස

මේ….කවුද …මෙයා..මෙයා හරියට …මෙයා හරියට මහේශ් වගේනෙ…මේ ඇස්…ඔව්…මහේශ්ගෙ ඇස් වගේමයි…..ඇස් විතරක් නෙවේ…කොන්ඩෙ….නහය…මුලු මූණම මහේශ්ගෙ තරුණ කාලෙ වගේනෙ…ඒක කොහොමද වෙන්නෙ…ඇයි …ඇයි මට දැනෙන්නෙ මෙයාව මං මීට කලින් ඉදන් අදුනනවා කියලා…මට මහ අමුත්තක් දැනෙනවා දෙවියනේ …මොකද්ද මට මේ වෙන්නෙ…

කුසුම් හිත හිතම ආකේශ් දිහා බලා හිටියෙ ඇහිපිල්ලම් ගහන්නෙවත් නැතුව…ඒ තරමටම ඒ රුව ඇගේ හිත ඇතුලෙ කිදා බැස්සා..ඒත් සදෙව් නං ආකේශ් දිහා බලා හිටියෙ පුදුමයෙන් …මොහු තකහනියෙම ඇයි තමන්ගෙ ගෙදර ආවෙ කියන ප්‍රශ්නය සදෙව්ගෙ හිතේ ඇති උනා….ඒ නිසාම සදෙව් හඩ අවදි කලේ ආකේශ් ගෙන් ඔහු පැමිනි කාරනය දැනගන්න .

” ඔයා…මෙහෙ??…මොකක් හරි උවමනාවක්ද…??” සදෙව් කුතුහලයෙන් එහෙම අහද්දි ආකේශ්ගෙ මුවේ ඇදුනෙ සමච්චල් සහගත හිනාවක්.

” ඔව්….උවමනාවක් තමා…ලොකූ උවමනාවක් …..” කේන්තියයි උපහාසයයි මුසු ආකේශ්ගෙ කටහඩ සදෙව්ගෙ හිතේ ඇති කලේ අමුතු ප්‍රහෙලිකාවක් .කවදාවත් මීට පෙර හමුවෙලා නැති…කවදාවත් කතා කරලා නැති මේ ආගන්තුකයාගෙ දෑස් වල නං තියෙන්නෙ තමන් ගැන කල්ප කාලාන්තරයක් පුරා ඉදන් තියෙන වෛරයක් කියලා සදෙව්ට හිතුනා…

” මොකද්ද කියන්නකො එහෙනං ඒ උවමනාව…” කොච්චර හිත ඇතුලෙන් නොසන්සුන් උනත් සදෙව් ඕනැවට එපාවට වගේ එහෙම ඇහුවා…ආකේශ්ගෙ නං මූණ තනිකරම රතුම රතුපාට වෙලා ඉදිමිලා ගිහින් තිබ්බා කේන්තියටම.ඒ ඇස් වලින් හරියට ගිනි පිටවෙනවා වගේ…කුසුම් නං ආකේශ්ගෙ රුව අතර අතරමං වෙලා හිටියා මිස මෙතෙක් මේ දෙන්නගෙ සංවාදය ඇයට හරියකට ඇහුනෙ නැහැ……

” උවමනාවද….හහ්…උවමනාව??… මං අද ආවෙ උඹව ඉවරයක් කරලා දාන්න සදෙව් …..උබවත් රුහාන් ගිය ලෝකෙටම යවන්නයි මං අද ආවෙ…” ආකේශ් කේන්තියෙන් එහෙම කියන ගමන් තමන්ගෙ සාක්කුවට අත දාලා ගත්තෙ පිස්ටල් එකක්…පිස්ටල් එක දැක්ක සදෙව් ඇස් ලොකු කරන් ඒ දිහා බලා හිටියෙ මෙවර නං කුසුමුත් ඒ ඇහුන වදන් වලින් පියැවි සිහියට ආවා….ඇය බයෙන් වෙව්ලන්න ගත්තෙ ආකේශ්ගෙ අතේ තිබ්බ ආයුධය දැකලා…

” සදෙව් …මොනාද මෙතන වෙන්නෙ….” කුසුම් වෙව්ල වෙව්ල ඇහුවෙ සදෙව්ට උනත් කිසිවක් හිතාගන්න බැහැ….ඔහු ආකේශ්ගෙ සුරතෙ දිදුලන පිස්ටල් එක දිහාම බලා ගෙන හිටියෙ..

” මොකද්ද හේතුව….ඇයි මාව මරන්නෙ…?” සදෙව් ඇහුවෙ ඔහුගෙ නෙත් ආකේශ්ගෙ නෙත් අතර රදවගෙන…කුසුම් මාරුවෙන් මාරුවට සදෙව් දිහයි ආකේශ් දිහයි බල බල හිටියෙ.

” හේතුව…හහ්…උබ හේතුව දැන දැනම අහන හැටි විතරක්….හේතුව වෙන මොකවත් නෙවේ යකෝ….ආශි…ආශාවරී තමා හේතුව….” ආකේශ් කෑගහන්න ගත්තෙ ඔහු ඉන්නෙ පුදුම විදිහට කේන්තියෙන් .ඒත් ඒ කේන්තිය මෙවර නං සදෙව් ගනනකට ගත්තෙ නැහැ….ඔහුට ආවෙ අමුතු ධෛර්යයක් බය නැතුව ආකේශ්ට මුහුණ දෙන්න….

” ආශාවරී ….මොකද්ද ආශාවරී එක්ක තියෙන ගනුදෙනුව …” සදෙව් ටිකක් තදින් ඇහුවෙ ආකේශ්ගෙ කේන්තිය තව වැඩි උනා…

” මං ආශිට ආදරෙයි යකෝ…ආශි මගේ….ඒකි අයිති මට විතරයි…..උබට මං කවදාවත් ආශිව නං ලබා ගන්න දෙන්නෑ සදෙව් ….ආශි මැරි කලොත් මැරි කරන්නෙ මේ මාව….උබට තේරුනාද..මේ මාව තමා ඒකි මැරි කලොත් මැරි කරන්නෙ….” ආකේශ් දත්මිටි කකා එහෙම කිව්වෙ සදෙව්ගෙ දෑස් උඩ ගියා…ඒත් එක්කම හිත ඇතුලෙ ආකේශ් ගැන ලොකු කේන්තියක් මෝදු වෙද්දි සදෙව්ගෙ දෑසුත් ගිනි රතුවෙන්න ගත්තා…

” මොකද්ද ….?? මොකද්ද ඔයා කිව්වෙ…හහ්….ආශාවරී අයිති ඔයාට…හහ්…ඔයා හීනෙන් කියවනවද….ආශාවරී කියන්නෙ මගේ කෙල්ල…මගේ….මගේ එයා…ඔයා ඔහොම තියා කොහොම කෑගැහුවත් ඒ කෙල්ල ආදරේ මට වගේම ඒ කෙල්ල බැන්දොත් බදින්නෙ මාව….ඔයාව නෙවේ…නිකන් මෙතන කෑගහන්නැතුව යනවද යන්න….” සදෙව් කේන්තියෙන් කිව්වෙ ආකේශ්ගෙ නං මූණට දාඩියත් දාලා තිබ්බා…ඔහු ඉන්නෙ පුදුම විදිහට නොසන්සුන් වෙලා….ආශාවරීව නොලැබී යයිද කියලා හිත හිත හිත වෙහෙස කරවන ආකේශ් ආශාවරී ගැන බයකින් වගේම සදෙව් ගැන ලොකු වෛරයකින් ඉන්නෙ….ඒ වෛරය ඔහුව කොච්චර දුරකට ගෙනියයිද…ආකේශ්ගෙ කේන්තියෙන් ගැහෙන මූණයි සදෙව්ගෙ මූණ දිහයි බල බල කුසුම් නං ඉන්නෙ හොදටම බය වෙලා….ඇයට බය ආකේශ්ගෙ අත ඇති ආයුධය සදෙව්ට එල්ල වෙයිද කියලා…

” යන්න…හහ්…යන්න නෙවේ යකෝ මං ආවෙ…මං ආවෙ උබව මරලා දාන්න….උබ මැරුනොත් විතරයි මට ආශිව ලබා ගන්න පුලුවන් ….මොකද උබ ජීවතුන් අතර ඉන්න ආශි කවදාවත් මට ආදරේ කරන්නෑ…ආශි මට ආදරේ කරයි..උබ මලගම් ගිය දවසට…හහ්…ඒ හින්දා…සදෙව් ….උබ මැරෙන්න ලෑස්ති වෙයන් මල්ලි …මේ ආකේශ් දේවින්දට විතරමයි අයිති ආශාවරීව …උබට නෙවේ …” ආකේශ් එහෙම කියන ගමන් සදෙව් දිහාට පිස්ටල් එක එල්ල කලේ ඒ ඇහුන වදන් වලින් කුසුම් අන්දමන්ද වෙලා ගියා…

ආකේශ් දේවින්ද ….ආකේශ් දේවින්ද ….ආකේශ් දේවින්ද….

ඒ නම කුසුම්ගෙ කන් ඇතුලෙ දෝංකාර දෙන්න ගනිද්දි ඇයට එක්වරම අතීතය සිහිපත් වෙන්න ගත්තා…

‘ දරුවට මොකද්ද ඔයා දාන නම….ඔයා නමක් දානවද…නැත්තං අපිටම පුලුවන් නමක් දාන්න….’ එදා මීට අවුරුදු 24කට උඩදි කුසුම් ඇයගෙයි මහේශ්ගෙයි දරුවව ලමා නිවාසෙකට හදන්න දෙන්න ගිය විට එහි පාලිකාව ඇයගෙන් ඇහුව ප්‍රශ්නෙ ..කුසුම් මොහොතක් කල්පනා කලා..

‘ ආකේශ්…..ආකේශ් දේවින්ද….’ එදා ඒ හුරතල් කිරි කැටියට කුසුම් දාපු නම…වාසගමක් නැතිව අනාත දරුවෙක් විදිහට හැදුන ආකේශ් කුසුම්ගෙයි මහේශ්ගෙයි ආදරයේ ප්‍රතිඵලය …ඔවුන් දෙදෙනගෙ ලේ …ඔවුන් දෙදෙනාගෙ රුව අරන් මෙලොවට බිහි උන ආකේශ් …මෙච්චර දවසකට දෑසින් නොදැකපු හිතින් හිත හිත දුක් වින්ද ඇගේ පලමු දරුවා දැන් ඇයගෙ නෙතු මානයෙ ඉන්නවා දැකලා කුසුම්ගෙ හිතට දැනුනෙ කියාගන්න බැරි තරම් ලොකු සතුටක්…මහේශ්ට අදුනගන්න බැරි උන තමන්ගෙ ලේ වල සුවද කුසුම්ට අදුනගන්න පුලුවන් උනා…ඇය හරිම ආසාවෙන් ආකේශ් දිහා බලා හිටියෙ ඇගේ දෑස් වලින් එකපෙලට සතුටු කදුලු ගලා ගියා…

පුතේ…ආකේශ්….මේ ඇත්තටම ඔයාද රත්තරං ….එදා…මීට අවුරුදු 24කට උඩදි මේ කුසෙන් ඉපදුන දරුවද මේ…මගේ මහේශ්ගෙ ආදරේ ….අපි දෙන්නගෙ ලේ…ඔව්…ඒ ඔයාම තමා…මේ රූපෙ…මහේශ් වගේමයි ඔයා…මහේශ්ගෙ කේන්තියම ඒ විදිහටම ඔයාට තියෙන්නෙ…ඔයා මගේ දරුවා…අනේහ්….රත්තරං …මට මෙච්චර කාලෙකට මගහැරුන මගේ ජිවිතේ අනිත් කොටස…මං එදා කොහොමද ඔයාව අනාත නිවාසෙකට දැම්මෙ පුතේ…තාමත් මට ඒක හීනයක් වගේ…මං කොච්චර දුක් වින්දද ඉස්සර..ඒ මූණ…අහිංසක හිනාව…මං කොහොමද හිත හදාගත්තෙ ඔයාව අත ඇරලා දාන්න…මට එතනයි වැරදුනෙ…මට තිබ්බා ඔයාව කොහොමහරි හදාගෙන ජීවත් වෙන්න…මගේ ආදරේ ….තාත්තාගෙ ආදරේ නැතුව ඔයා මෙච්චර උස්මහත් උනේ…ඔයා කොච්චර දුක් විදින්න ඇත්ද දරුවො…අනේ මට සමාවෙන්න පුතේ….තුරුල් කරගෙන ආදරේ දීලා ආරක්ෂා කරලා හදන්න ඕන වයසෙ මං ඔයාව අත ඇරලා දැම්මෙ…මට වෙන කරන්න දෙයක් නැති නිසයි දරුවො …ප්ලීස් ..මේ අම්මට සමාව දෙන්න….මට ආසයි පුතේ ඔය කටින් අම්මා කියලා අහගන්න….මට ආසයි…මහේශ් සතුටු වෙයි ඔයාව දැක්කම….මට මෙච්චරටම සතුටු නං එයාට ඊටත් වඩා සතුටු හිතෙයි…අනේ මගෙ දරුවො….ඔයාව තුරුලට අරන් ඉඹින්න ආසයි රත්තරං …අම්මා ගාවට එන්න දරුවො..මං ඔයාගෙ අම්මා…මං..මං ඔයාගෙ අම්මා පුතේ….

කුසුම් ඇස් වල කදුලු පුරෝගෙන ආකේශ් දිහා බලා හිටියෙ හිත හිත…ඇගේ දෑස් වලින් ආකේශ් ගැන ආදරේ පිරිලා ඉතිරිලා යනවා…මේ මොහොතෙ ඇයට හිතුනෙ ආකේශ්ට සියලු විස්තර කියලා ඇය ඔහුගෙ අම්මා..මහේශ් ඔහුගෙ තාත්තා වගේම සදෙව් ආශාවරී ආකාශි කියන්නෙ ඔහුගෙම සහෝදර සහෝදරියො කියලා කියන්න…ඒත් ඇය එය කියන්න කට හදද්දිම සදෙව් කතා කලා.

” ඔයාට බැහැ මාව මරන්න ….” සදෙව් කලබලෙන් කිව්වෙ මේ මොහොතෙ නං ඔහු බයවෙලා නැහැ කිව්වොත් ඒක බොරුවක්…සදෙව්ගෙ කතාවට මෙතෙක් කල්පනා ලෝකෙ සැරිසර සර හිටි කුසුම් පියවි ලෝකෙට ආවෙ..ඇය දැනුයි හරියටම දැක්කෙ ආකේශ්ගෙ අතේ තිබ්බ පිස්ටල් එක දැන් සදෙව්ගෙ දිහාට යොමුවෙලා තියෙනවා…ඇයගෙ හිතට ලොකු බයක් ඇතුල් වෙලා යද්දි ඇගේ මුලු ඇගම ගැහෙන්න ගත්තා..

මොනාද මේ වෙන්නෙ…ආකේශ් සදෙව්ට වෙඩි තියන්නද යන්නෙ…අනේහ්…

කුසුම්ට හිතෙන්න ගත්තා…දැනුයි ඇයට හැමදෙයක්ම නියම විදිහට මතක් වෙන්න ගත්තෙ….ආකේශ් නොදැනුවත්වම උනත් ආදරේ කරලා තියෙන්නෙ ඔහුගෙම නංගිට කියලා කුසුම්ට තේරුනා…එය නොවිය යුත්තක් කියලා කුසුම්ට තේරුනේ ඇයට ඕන කලා තමන්ගෙ එක් පුතෙක්ව මාරයාගෙන් බේරගන්න වගේම තමන්ගෙ අනිත් පුතාව මිනී මරුවෙක් නොවී බේරගන්න ආකේශ්ට ඇත්ත සිද්දිය කොහොමහරි කියන්න….ඒත් ඒ දේට මෙවරත් ආකේශ්ගෙ ඉරණම හරස් උනා.එකපාරටම උනේ සදෙව්වත් කුසුම්වත් නොහිතපු දෙයක්.

” නෑ…මට පුලුවන් උබව මරන්න…ගුඩ් බායි සදෙව් …” ආකේශ් එහෙම කියන ගමන් පිස්ටල් එක පත්තු කලා….හුලං කපාගෙන සදෙව්ගෙ පපුව හොයාගෙන ගිය උණ්ඩය අන්තිමේදි නැවැතුනෙ කුසුම්ගෙ ශරීරයේ….ඔව්…ආකේශ් පිස්ටල් එක පත්තු කරද්දිම සදෙව්ගෙ ජීවිතේ බේරගන්න කුසුම් ඔහු සහ උණ්ඩය අතරට පැන්නෙ මේ කිසිම දෙයක් සදෙව්ට හිතාගන්න වෙලාවක් තිබුන්නෑ…..

” ආහ්…” කුසුම් කෙදිරි ගාලා සදෙව්ගෙ පපුවට වැටුනෙ සදෙව්ගෙ දෑස් විසල් වෙලා ගියේ තමන්ගෙ අම්මගෙ පිටෙන් ගලන ලේ දහරාව දැකලා…

” අම්මාහ්…” සදෙව්ට යටිගිරියෙන් කෑගැස්සුනෙ තමන්ගෙ ඉලක්කය වැරදිලා ගිහින් කියලා දැක්ක ආකේශ් කිසිම හිතක් පපුවක් නැතුව ආයෙම හැදුවෙ සදෙව්ගෙ පපුව ඉලක්ක කරගන්න….ඒත් දෙවැනි උණ්ඩය ඔහුගෙ පිස්ටල් එකෙන් පිටවෙන්න තත්පරයකට කලින් තවත් උණ්ඩයක් ආකේශ්ගෙ පිට හරහා හදවත පසාරු කරගෙන ගියේ ලේ දහරාවක් අවට විසිරුවමින් ඔහු කපා හෙලූ කදක් වගේ බිම පතිත උනා…. ආකේශ්ට පිටුපසින් සදෙව්ගෙ ගෙදර දොරකඩ ලග හිටගෙන හිටියෙ වෙන කවුරුවත් නෙවේ මහේශ් ….ඔහු අත රැදි පිස්ටල් එකෙන් සදෙව් හිතාගත්තා ආකේශ්ගෙ මරණයේ භාරකාරයා…ඒත් සදෙව්ට තිබ්බෙ ආකේශ් ගැන සිහියක් නෙවේ…..ඔහුට ඔහුගෙ මව ගැන විතරයි සිහිය තිබ්බෙ….

” අම්මා….අනේ අම්මෙ…..අම්මෙ…ඇස් අරින්න අම්මෙ….ඇස් අරින්නකො….අනේ…හහ්…ඉහ්.අම්මෙ….” තමන්ගෙ පපුවට වෙලා නිසොල්මනේ ඉන්න අම්මාගෙ මූණට තට්ටු කරන ගමන් සදෙව් අඩ අඩම කියෙව්වෙ ඒ හාම මහේශ් දුවලා ආවෙ ඔවුන් දිහාට….කුසුම්ගෙ පිටදිගේ ලේ ගලායන්න ගත්තෙ හරියට ගංගාවක් වගේ….ඒ ලේ වලින් සදෙව්ගෙ දෑත් පෙගිලා ගිහින්…ඔහුගෙ දෑස් වලින් එකපෙළට කදුලු ගග වගේ ගලන්න ගත්තෙ සදෙව් ඉන්නෙ පුදුම විදිහට බයවෙලා…හදිස්සියෙවත් අම්මාට මොනාහරි උනොත්….සදෙව්ට කිසිවක් හිතාගන්න බැහැ…තමන්ගෙ ජීවිතේ බේරගන්නයි අම්මා උණ්ඩය මැද්දට පැන්නෙ…තමන්ට අත්වෙන්න තිබ්බ ඉරණමයි කුසුම් බලෙන් ඇය සතු කරගත්තෙ…ඒ වේදනාව සදෙව්ගෙ හදවත පසාරු කරගෙන ගියේ ඔහු හොදටම අඩනවා අම්මාව බදාගෙන.

” කුසුම්…කුසුම්….අනේ රත්තරං …කතා කරන්න රත්තරං …කුසුම්….” මහේශුත් සදෙව් අසලට ඇවිත් බලෙන්ම ඇයව සදෙව්ගෙ ඇගෙන් අහකට කරලා තමන්ගෙ පපුවට මැදිකරගත්තෙ සදෙව් විතරක් නෙවේ..මේ මොහොතෙ මහේශ් ඉන්නෙත් හොදටම බයවෙලා…

” කුසුම් ඇස් අරින්න …..හහ්…කුසුම්..නෑ….නෑ…මං ඔයාට මුකුත් වෙන්න දෙන්නෑ කුසුම් …මොකුත්ම වෙන්න දෙන්නෑ…” සදෙව් හොදටම අඩන අතරතුරේ මහේශ් පිස්සුවෙන් වගේ දෙඩෙව්වෙ ඔහුට දැනුනා කුසුම් තවමත් හුස්ම ගන්න බව..

” මෙයාට පණ තියෙනවා…පුතේ…අම්මාට පණ තියෙනවා…ඉක්මන්ටම මෙයාව hospital අරන් යං….” මහේශ් කලබලෙන් එහෙම කියන ගමන් කුසුම්ව හරහට වඩාගත්තෙ සදෙව් එක්ක මහේශ් දුවලා ආවෙ ගෙදරින් එලියට…ගේට්ටුව ඇරගෙන තමන්ගෙ වාහනේ ලගට ආව මහේශ් කුසුම්ව වාහනේ ඇතුල්ට දාගත්තෙ ඒත් එක්කම වගේ ඔවුන් ඉස්සරහට ආවෙ පොලිස් ජීප් රතයක්….එයින් කලබලෙන් බැසගත් උසස් පොලිස් නිලධාරියෙක් මහේශ් ලගට ඇවිත් ඔහුට ආචාර කලා…

“ඇතුලෙ….ඌ ඇතුලෙ මැරිලා…මං ඌව මැරුවා…” මහේශ් කේන්තියෙන් වෙව්ලන ගමන් ඔහුට එහෙම කිව්වෙ මහේශ්ගෙ මුලු ඇගම දාඩියෙන් තෙත්වෙලා මූණ රතූවෙලා ගිහින් තිබ්බා…ඒ ගමන්ම ඔහු වාහනේට නැග්ගෙ සදෙව්වත් ඇතුල්ට දාගෙන…එහෙම්මම වාහනය රෝහල බලා පිටත් වෙද්දි පොලිස් නිලදාරීන් සදෙව්ගෙ නිවස තුලට ඇතුල් උනා…

ආකේශ් සදෙව් එක්ක කේන්තියෙන් ඉන්න වග දැනුන හින්දම මහේශ් කොයි එකටත් කියලා තමා තමන්ගෙ ඔත්තුකරුවෙක්ව ආකේශ්ගෙ පස්සෙන් යැව්වෙ ඔහු මොනාද කරන්නෙ බලන්න…ආකේශ් සදෙව්ව ලුහු බැන්ද එක වගේම ඔහුගෙ නිවසට ආකේශ් කේන්තියෙන් ඇතුල් වෙච්ච එක ආකේශ්ගෙ හැසිරීම් පරීක්ෂා කරපු ඔත්තු කරුවා ඇමතුමක් මාර්ගයෙන් මහේශ්ව දැනුවත් කලා…මහේශ්ගෙ හිතේ ආකේශ් ගැන සැකයක් වගේම සදෙව් ගැන අමුතු බයක් හිතට දැනුන නිසාම ඔහු සදෙව්ගෙ නිවසට එන්න ආවෙ ආත්මාරක්ෂාවට ඔහුගෙ උණ්ඩ සහිත තුවක්කුවත් අරන්…කොහොමත් කොහෙ ගියත් මහේශ්ගෙ අතේ ඔහුගෙ තුවක්කුව තියෙනවමයි…එය ගෙනාවට තුවක්කුව පාවිච්චි කරන්න හිතාගෙන හිටියෙ නැහැ මහේශ් ..ඒත් ඔහු සදෙව්ගෙ ගෙදර වත්තට අඩිය තියද්දිම වගේ ඇහුනෙ ලොකු වෙඩි ශබ්දයක්…හදවත අසාමාන්‍ය අන්දමින් ගැහෙන්න ගනිද්දි මහේශ් සදෙව්ගෙ ගෙට දුවලා වගේ ගියේ ඒත් ඒ යද්දිත් ඔහු පරක්කු වැඩියි…හැබැයි සදෙව්ගෙ ජීවිතේ බේරගන්න මහේශ්ට සිද්ද උනා තමන්ගෙම ලේ වලින් ඉපදුන තමන්ගෙම දරුවව මරලා දාන්න……ඊට හේතුව උනේ ඔහු ඔහුගෙ නිවසෙන් පිටවෙද්දිම වගේ කොට්ටාව පොලීසියෙ OIC මිස්ටර් බුද්දිකට කතා කරලා ඉක්මන්ට එන්න කිව්වත් ඔහු එද්දි පරක්කු උනා…එහි ප්‍රතිඵලය උනේ ආකේශ්ට මහේශ් අතින් මලගම් යන්න…ඔහුගෙ ඉරණම වෙලා තිබුනෙ එය නිසා කාටවත් ඔහුගෙ මරණය වලක්වන්න පුලුවන් කමක් තිබුන්නෑ…….

ඒත් මහේශ් කුසුම්ව ඉක්මන්ටම රෝහලට අරන් ගිය නිසාත් උන්ඩය වැදිලා තිබුනෙ කුසුම්ගෙ උරහිසට නිසාත් කුසුම්ගෙ තත්වය බරපතළ උනේ නැහැ…..ඒත් ඇයට පහුවදා වෙනතෙක්ම සිහිය ආවෙ නැහැ…වාසනාවකට සදෙව්ගෙ අන්තිම පේපර් එක තව දෙදිනකින් තියෙන්නෙ ….ඒ නිසා ඒ ගැන හිතන්නෙ නැතුව ඔහු කුසුම් ලගින්ම හිටියෙ ඇයට සිහිය එනකන් සදෙව්ට ඉවසිල්ලක් නැති උනා…සදෙව්ට විතරක් ද…මහේශුත් කුසුම් ලගින්ම හිටියෙ ඔහුගෙ හැසිරීම සදෙව්ට වගේම ආශාවරීටත් ගෙනාවෙ ලොකු අමුත්තක් .

කුසුම්ට සිහිය එනකන් ඇය අසල හිටියෙ සදෙව්,ආශාවරී ,මහේශ් සහ නදීකා විතරයි…ආකාශි බංගලාවෙම නතර උනේ තවමත් රුහාන්ගෙ මිනියෙ වැඩ කටයුතු ඉවර නැති නිසා…

” අඩන්නෙපා සදෙව් ….අම්මාට ඉක්මන්ටම සනීප වෙයි…” ආශාවරී කිව්වෙ කුසුම් ලග අඩ අඩ ඉන්න සදෙව්ට …සදෙව්ගෙ මූණ රතුවෙලා ඉදිමිලා ගිහින් තිබ්බෙ ඔහුගෙ මූනෙන් පේන වේදනාවට වඩා දස දහස් වාරයක් හදවත රිදුම් දෙනවා.

” අනේ බලන්න ආශාවරී …බලන්න මගෙ අම්මා ඉන්න විදිහ ….අනේ…මගෙ පපුව රිදෙනවා..මට…මට දුකයි…මං හින්දයි මේ හැමදෙයක්ම ….මායි මේ විදිහට හරිනං ඉන්න ඕන….මං හින්දයි අම්මාට මෙහෙම උනේ….අම්මා මැද්දට පැන්නෙ නැත්තං මෙහෙම වෙන්නෑනෙ….” සදෙව් පිස්සුවෙන් වගේ අඩ අඩ කියවන්න ගත්තෙ ආශාවරී ඔහුව සන්සුන් කරන්න උත්සාහ කලා…

” අනේ කුසුම් ….මට තව ටිකක් කලින් එන්න තිබ්බනං…අනේ…එහෙනං ඔයාට මෙහෙම වෙන්නෑනෙ…ශික්…මේ පාහරයාව අපේ පවුල් වලට වද්දගත්ත හින්දනෙ මේ ඔක්කොම…..ඌ …ඌ නිසයි ඔයා මෙහෙම ඉන්නෙ…අනේ…ඉක්මන්ට සනීප වෙන්න රත්තරං ….” මහේශ් උනත් කුසුම් අසලින්ම ඉදගෙන ඇස් වල කදුලු පුරෝගෙන කියවන්න ගත්තෙ නදීකා ඒ කතා වලින් වේදනාවට පත් උනා .ඔහු කොතරම් කුසුම්ට ආදරෙයි ද කියලා නදීකාට හිතුනෙ ඇය වෙනුවෙන් මහේශ් මිනී මරන්න උනත් ලැහැස්තියි…

කුසුම් සිහිය ආව හැටියෙ කතා කලේ ආකේශ් ගැන …..

” ආකේශ්….ආ…ආකේශ්…ආකේශ් …” කුසුම්ගෙ මුවින් පිටවෙන වචන සදෙව්ව විතරක් නෙවේ මහේශ්වයි නදීකාවයිත් අන්දමන්ද කලා…

” අම්මෙ….අම්මට දැන් කොහොමද …” සදෙව් ඇස් වල කදුලු පුරෝගෙන කුසුම්ගෙ හිස අතගාන ගමන් ඇහුවෙ ඇය ඇස් කරකො කරකො කාවහරි හෙව්වා…

” කුසුම්….ඔයාට කොහොමද …” සදෙව්ගෙ ප්‍රශ්නෙට උත්තරක් නොදුන් කුසුම්ගෙන් මහේශ් දෙවන වතාවටත් ඇහුවෙ ඒ ගමන නං ඇගේ දෑස් මහේශ් ලග නතර උනා..

” ම…මහේශ් …මහේශ් ….ක්….කෝ…කෝ එයා…කෝ මගෙ දරුවා…” කුසුම් තරමක් අමාරුවෙන් ඇහුවෙ ඇයට උරහිසේ තුවාලය වේදනා දෙන්න ගත්තා.කුසුම් අහපු ප්‍රශ්නෙන් සදෙව් මහේශ් මූණට මූණ බලාගත්තෙ ඔවුන්ගෙ දෑස්වල තිබ්බෙ ප්‍රශ්නාර්ථ බැල්මක්…

” මොන දරුවද කුසුම් …මේ ඉන්නෙ සදෙව් මෙතන…එයාට මුකුත් වෙලා නෑ කුසුම්… …” මහේශ් කුසුම්ගෙ සුරත අල්ලලා කිව්වෙ මහේශ්ගෙ හැසිරීම බලා හිටිය සදෙව්ට වගේම ආශාවරීටත් ඔහු ගැන දැනුනෙ ප්‍රෙහෙලිකාවක් .ඇයි මහේශ් මෙලෙස හැසිරෙන්නෙ කියන ගැටලුවට ඒ දෙන්නම මුහුණ දුන්නත් නදීකා නං ඒ දිහා බලා හිටියෙ දුකෙන්…

” ස්….සදෙව් …සදෙව් නෙවේ මහේශ් ..ක්…කෝ…කෝ ආකේශ් ….කෝ ආකේශ් …” කුසුම් එහෙම අහද්දි මහේශ්ගෙ දෑස් රතුවෙලා ගියෙ කේන්තියෙන් .ආකේශ් නිසයි මේ සේරම ප්‍රශ්න…හිත එලෙස මොර දෙද්දි මහේශ් කතාකරන්න ගත්තෙ දත්මිටි කකා..මේ වෙන දේවල් ගැන හාන් කවිසියකවත් දැනීමක් නැති සදෙව් වගේම ආශාවරීත් ඔහේ බලා උන්නා මිස වැඩිහිටියන්ගෙ කතා මැද්දට පනින්න ඔවුන්ට හිතුන්නෑ….

” ඌ….ඌව මං මලගං යැව්වා…පාහරයා…මගේ කියලා හිතන් ඉන්න අයට කාටවත් මං අතක් වත් තියන්න දෙන්නෑ…..එහෙව් එකේ ඕකා…ඕකා ඔයාට වෙඩි තිබ්බා….ඌ හින්දයි ඔයා දැන් මෙහෙම ඉන්නෙ.තව පොඩ්ඩෙන් ඌ සදෙව්වත් මරනවා…හොද වෙලාවට මං ආවෙ..හහ්….හහ්…මං ඌව මරලා දැම්මා….අවජාතක බල්ලා…” මහේශ් කේන්තියෙන් කිව්වෙ ඔහුව වෙව්ලනවා වගේ ඒ සිද්දිය මතක් වෙලා.ඒත් මහේශ්ගෙ මුවින් පිට උන ඒ වචන කුසුම්ගෙ හදවත පසාරු කරගෙන ගියේ ඇගේ දෑස් වලින් කදුලු වැල් එලියට පැන්නා….හදවත වේගයෙන් ගැහෙන්න ගත්තෙ ඇගේ හුස්ම ගන්න වේගය ගොඩක් වැඩි උනා…මහේශ් සේම කුසුමුත් වෙව්ලන්න ගත්තෙ හැබැයි ඒ කේන්තියෙන් නෙවේ…ආකේශ්ගෙ ඉරණමට වේදනාවෙන්.

” මොනවාහ්….ආහ්….මහේශ් ….ම්…මහේශ් …ඔ….ඔයා මොනාද …ඔයා මොනාද මේ කලේ මහේශ් ….ආහ්…ඇයි….ඇයි ඔයා එහෙම කලේ…අනේ…..අනේ මගෙ දරුවා….” කුසුම් අඩන්න ගත්තෙ ඇය වටා ඉන්න අයට ඇගේ හැසිරීම ගෙනාවෙ ලොකු කුතුහලයක් .

” අම්මා…ඇයි අනේ මේ අඩන්නෙ….” සදෙව් අඩ අඩම ඇහුවෙ මහේශ් උනත් කලබල උනා කුසුම්ගෙ මේ හැසිරීමට.

” කුසුම් …කුසුම් …ඇයි මේ….ඇයි රත්තරං මේ…” මහේශ් ඇගේ හිස අතගාන ගමන් කිව්වෙ නදීකාගෙ දෑස් කදුලින් බොදවෙලා ගියේ ඒ ආදරණීය කතාවට…තමන් කවදාවත් නොලබපු ඒ ආදරේ දැන් ඇය ඔහුගෙන් දකිනවා වෙන කෙනෙකුට අයිති වෙනවා…ආශාවරී වගේම සදෙව් උනත් මූණින් මූණ බලාගත්තෙ මොනා නැතත් සදෙව්ගෙ හිතේ මහේශ් ගැන අමුතු අපුලක් දැනෙන්න ගත්තා…

” මහේශ් ….ම්…මහේශ් …එ…එදා..එදා ඔයා ඇහුවා නේද….ඇහුවා නේද…අ…අපේ.අපේ දරුවා කවුද කියලා….එයා….එයා කෝ කියලා ඔයා….ඇ…ඇහුවා නේද මහේශ් ….ආ…” කුසුම් අමාරුවෙන් ඇහුවෙ මහේශ්ගෙ හදවත කවදාවත් නැතුව බයකින් ගැහෙන්න ගත්තා…ඔහු ඔලුව වනලා ඔව් කිව්වෙ ආශාවරීගෙ සුරතින් සදෙව්ගෙ වමත මිරිකිලා ගියේ ඒ ඇහුන වදන් වලින්…සදෙව්ට උනත් දාඩිය දාන්න ගත්තෙ මෙතන මොකද්ද වෙන්නෙ කියලා ඔහුට හිතාගන්න බැහැ.

” ඔ…ඔයා…ඔයා මරලා…මරලා දාපු කොල්ලා….එ….එයා තමා මහේශ් අපේ දරුවා….ඔයාගෙන් මට ලැබුන එකම උරුමය ඒ මගේ දරුවා….ආකේශ් ….ආකේශ් දේවින්ද ඒ අපේ දරුවා මහේශ් …..ඔ….ඔයා හිතක් පපුවක් නැතුව…මරලා දැම්මෙ අපේම දරුවව මහේශ් ….අනේහ්….එ….එයා අවජාතක දරුවෙක් නෙවේ…..ඒ…ඒහ් ඔයාගෙ දරුවා මහේශ් ….ඒ අපේ දරුවා…..” කුසුම් අඩ අඩම කිව්වෙ මහේශ්ගෙ හිසේ හෙණ පිපිරෙනවා වගේ දැනුනා….සුරතින් ඔලුව අල්ලගත්ත මහේශ් අසල පුටුව මතට ඇදගෙන වැටුනෙ හිතාගන්න බැහැ කුසුම්ගෙ කටින් පිටවෙන මේ වදන් වල තේරුමවත් ඔහුට.

” මොකක්…නෑහ්….ඒක….ඒක වෙන්න බෑහ්….ඒක…ඒක බොරුවක් නේද කුසුම්….ආ…ඒක බොරුවක් නේද.මං…මං මේ අත් දෙකෙන් මගේම පුතාව මරලා දැම්මෙ නෑ නේද….ආ…කියන්නකො…කියන්න කුසුම් …ඔයා බොරුවක් නේද කිව්වෙ….” මහේශ් පිස්සුවෙන් වගේ ඇහුවෙ දෑත් කුසුම් දිහාට යොමු කර කර… නදීකා ඔහු අසලට ආවා…

” ඔව්….ඒක බොරුවක් නෙවේ..ආකේශ් …අනේ ඒ අපේ දරුවා මහේශ් …හහ්….” කුසුම් අඩ අඩ කියෙව්වෙ ඇයගෙ හදවත පැලෙන්න වගේ වේදනා දෙනවා ආකේශ්ගෙ ඉරණම මතක් වෙලා..තමන්ගෙම තාත්තා අතින් ඔහුට මරණය වැලදගන්න උනේ….ඔහු කොතරම් අවාසනාවන්තද…උපන්දා සිට මවකගෙ පියෙකුගෙ රැකවරණය නොලද ආකේශ්….නොදැනුවත්වම තමන්ගෙම නැගණියට ආදරේ කරපු ඒ අවාසනාවන්තයා ….සදහටම දෑස් පියාගෙන…ලේ කිරි කරලා නොපෙව්වට හැමදාමත් සදෙව්ගෙ රුව මැදින්ම කුසුම්ට මතක් උනේ ඉපදුන ගමන්ම දාලා ගිය තමන්ගෙ කිරිකැටියා ආකේශ්ව…ලගට අරන් තුරුල් කරගෙන ආදරේ දෙන්න බැරි උනත් කුසුම්ගෙ හිතේ හැමදාමත් සදෙව්ට වගේම ආකේශ්ටත් ආදරේ වෙන්වෙලා තිබුනා….ඒත්..ඔහුගෙ කටින් අම්මේ යැයි අහගන්න කුසුම්ගෙ හිතේ ආසාව නං ඉශ්ට උනේ නැහැ…..ඒ වගේමයි මහේශ්ටත්…ආකේශ් ඉන්න කල් ඔහුගෙ රුවෙන් කුසුම්ගෙ හිනාව මැවිලා පෙනුන මහේශ්ට තමන්ගෙම ලේ අදුනගන්න බැරි උනා…නැහැ….ඔහුට කාලය තිබුන්නැහැ ආකේශ් ගැන හරියටම දැනගන්න….අනුමාන කලත් මේ ඔහුගෙ දරුවාවත්ද කියලා එය තහවුරු කරගන්න උන්නැත්තෙ සමහරවිට මේ හැමදෙයක්ම ඉරණමේ ලියැවිලා අවසාන නිසා වෙන්නැති…ආකේශ්ගෙ ඉරණම අනාතයෙක් විදිහටම මිය යෑම නං…කුසුම්ගෙ ඉරණම ඇගේ කුලුදුල් දරුවගෙ ආදරේ නොලැබීම නං…මහේශ්ගෙ ඉරණම තමන්ගෙ දරුවව තමන් අතින්ම මරලා දාන එක නං…ඒ සියල්ලම ඒ විදිහටම සිදුවිය යුතුමයි….

” අනේහ්….අයියෝ…මං මොන තරම් පව්කාරයෙක්ද දෙවියනේ ….මගෙම දරුවාව මං මේ අත්දෙකෙන්ම මරලා දැම්මෙ කොහොමද….අයියෝ….හහ්….ඉහ්…අනේ මට සමාවෙන්න දරුවො …මට සමාවෙන්න…මේ තාත්තාට සමාව දෙන්න දරුවො ….” මහේශ් අඩන්න ගත්තෙ නදීකාටත් ඇඩෙන්න ගත්තා ඔහුගෙ හැසිරීමට…..

” අනේ…අඩන්නෙපා මහේශ් ….වෙච්ච දේ දැන් වෙලා ඉවරනෙ….ඒ හැමදෙයක්ම වෙන්න තිබ්බ දේවල් මහේශ් ..ආකේශ්ගෙ ඉරණම ඒක නං…ඒක නවත්තන්න බෑනෙ….අනේ අඩන්නෙපා….” නදීකා අඩ අඩම මහේශ්ගෙ හිස අත ගෑවෙ ආශාවරීයි සදෙව් බිම බලා ගෙන හිටියෙ කිසිවක් තේරුම් ගන්න බැරුව…..

ආකේශ්ගෙ මිනිය පොලීසිය විසින් බාරගෙන තිබුනෙ…ආකේශ්ගෙ තොරතුරු හොයා බලද්දි ඔවුන් දැනගත්තා ආකේශ් කියන්නෙ අනාතයෙක් වග…ඒ නිසාම ආකේශ්ව මහේශ් අතින් ඝාතනයට ලක් උනත් ඒ කේස් එක යටගහන්න පොලීසියට හැකි උනා…ඒ හින්දා මිනී මැරුම් චෝදනාවෙන් මහේශ් ගැලවුනා…ඒත් කුසුම්ගෙයි මහේශ්ගෙයි ඉල්ලීම් පිට ආකේශ්ගෙ මල සිරුර කුසුම්ගෙ නිවසට ගෙනත් අවසන් ගෞරව දක්වලා භූමිදානය කරන්න කටයුතු සැලසුම් කලා….ආකේශ් කියන්නෙ තමන්ගෙම සහෝදරයෙක් කියලා ආශාවරී වගේම සදෙව්ත් දැනගත්තෙ කුසුම් හා මහේශ් අතර අතීත සම්බන්දයත් ඔවුන් නදීකාගෙන් දැනගත්තා….තමන්ගෙ තාත්තා සදෙව්ට එකපාරටම කැමතිවෙච්ච හේතුව ආශාවරීට හිතාගන්න පුලුවන් උනා….මේ අතරෙම සදෙව්ගෙ උසස්පෙල විභාගෙත් අවසන් වෙලා ගියේ ඔහු ඔහුගෙ පාසල් අධ්‍යාපනයට සදහටම සමුදුන්නා…..

*****************************

ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටිය ආශාවරී අවසන් කොටස හෙට?….අම්මෝ…කොටස් 70ක්…ලේසි නැහැ වැඩේ…..කතාව ඉවර වෙන එකට ඔයාලට වගේම මටත් දුකයි වගේ දැන්නං…?මොනා කරන්නද අප්පා ඒත්….හෙට තමා ඔන්න අපි හමුවෙන අන්තිම දවස…..ආශාවරී දීර්ඝ නවකතාවෙ අවසානය…❤

❤ආශ්කා රශ්මි❤

10 thoughts on “ආශාවරී |හැට නවවැනි කොටස|අවසානයට පෙර කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. Ruvini Thakshila

    Ada nm kthwata gdk duka hithuna akkiyo ??ane kthwa hetin iwrai neda??Akki oyge me wge lssna kthwk ayeth oni ikmntama.ashawari kthwa gdk lssnai Akki.me wge gdk romantic lssna kthwk kiyeuwe oygen Akki. Eththmai oyge hekiywa nm superb ????all the best and good luck akkiyo.oywa issrhtath oni hridaaa.oyge lssna ktha oni digtma ??

  2. Hemanthi ruwan kumari

    අකෙශ් ගැන දුකයි.දෙමව්පියන්ගෙ වැරදි නිසායි එයා නපුරෙන්,අනාගතයෙන් වුනෙ.දෙමාපියො ලග වුන්නනම් හොඳ කෙනෙක් වෙන්න තිබ්බා.

    කතාව ඉවර වුනාට තව ඕනි වෙන කතාවක් හොදෙ.හෙට හමු වෙමු.

  3. Aiyo… akashuth marunane… mn nm kiyatawath hithuwe na eya marei kiyl… me kathawath iwara wenn lagaine… haiyo… godak asawen kiyopu kathawak mekath… godak lassanai akkiyo…
    Puluwannm api wenuwen thawath kathawak dann…
    All the best!!!!
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  4. Nirosha Lakmali

    Ane ammo eka husmata kiyawan giye. Akeshwath merunane. Man hithuwe nam ne ahema wei kiyala. Kusumtai mahestai daruwawa hamaba welath eyalata eyawa aithi karaganna beri una. Kohomin hari sadew ashawari ekathu una. Akashi nam godak pau. Godak dukai kathawa iwara wena nisa. Ikmanata thawa kathawak aran anna. Hadawathinma suba pathanawa.????????????????

  5. Aiyooo ??????????
    Mechchara davasak asavenma kiyavapu kthava heta ivara vena kiyanakota harima dukai aiyo
    Plz ane api venuven ayem lassanana lassana nava kathavak genavadaaa
    Aththatama meka kiyavaddi hindi film ekak baluva vage danenne.????
    E tharam story eka superb ????
    Heta thama good bay kiyanna thiyenne neda.good luck akkiyo apita me tharam lassana katha liyanava oyata godaaaak thanks hodada????????

  6. Hashini Navanjana.

    ගොඩක් දුකයි කතාව ඉවර වෙන නිසා.. අපි වෙනුවෙන් ආයේ ලස්සනම ලස්සන කතාවක් ඕනි හොදද… ?????????

  7. Ranmali subasinghe

    Maarama dukai adanam.. ????? paw kiyalath hithenawa akesh….

    Ane petto apita ikmanatama thawa kathawak aran oya taar gala endooo…. ????????

    All the best!!!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.