Katha Ahura

ගමන | 31 කොටස

5/5 - (1 vote)

ගමන 31 කොටස

වටපිටාව දෙස විමසිලිමත් දෑසින් බලමින් කලබලයෙන් දමිත් දෙසට එමින් සිටියේ නුවන් ය. ඔහු ඇදගෙන සිටියේ දමිත්ගේ නිවසින් පිටවන විට ඇදගෙන සිටි ඇදුම් ය. නමුත් මේ වේලාවේ ඒවා හොදටම කිලිටු වී තිබින.දමිත් phone එක අතට ගෙන කැමරාව on කර ගසට මුවා වෙමින්ම නුවන්ගේ රුව බැලීය. නමුත් ඉන් පෙනුනේ නුවන්ගේම රුවමය. ඒ දුටු දමිත්ගේ සිතට බිය අඩුවේ සැනසුම් සුසුමක් පිට විය.

” නුවන් අයියේ ”

තමාව පසුකර යන නුවන් ට දමිත් කතා කර සැගවුන ගස තුලින් මෑත් විය.නමුත් නුවන්ගේ බැලමේද තිබුනේ දමිත් ව බලාපොරොත්තුවෙන් සිටියා මෙන් පෙනුමකි.

” දමිත් මල්ලී ඔයා මෙතන මෙහෙම ”

” ඒත් කෝ ඔයත් එක්ක ආපු අනිත් කට්ටිය”

” මල්ලී අපි කට්ටිය ලොකු කරදරයක වැටිලයි, ඉන්නේ ,,අපි ඔක්කොම දරුනු යක්ශය්කුටයි යක්ශනියෙකුටයි, අහුවෙලා කොටු වුනා , මම උන්ගෙන බේරිලා අමාරුවෙන් පැනගත්තා,, මල්ලී අපි කොහොම හරි ඒ අයවත් බේර ගන්ඩ ඕනා,, මම මේ කාගෙන් හරි උදව්වක් ඉල්ලගන්ඩ කියලා යනකොට තමයි ඔයාව හම්බවුනේ , මම.දන්නෙ නෑ ඔයා කොහොම මෙතනට ආවද කියලා ,, ඒත් මල්ලි අපි ඉක්මන් කරන්ඩ ඕනා ”

නුවන් පැවසුවේ වට පිට දෙසා කලබලයෙන් #බලමින් ය.

” ඒත් කොහෙද එයාල ඉන්නේ ,කොහොමද අරුන් දෙන්නගෙ ඇස්වලින් බේරිලා ඔය වැඩේ කරන්නේ ”

” අනිත් කට්ටිය හිර කරල තියෙන්නේ ගල් ගුහාවක ,, මේ වෙලාවේ යක්ශයයි යක්ශනියි ඉන්නේ අපි දෙයියන්ට පාන තියල ගාතා කියනවා වගෙ උන් අදහන යක්ශයට පුද පූජා කරන ගමන්, උන් ඒක පටන් ගත්තොත් ඒක ඉවරවෙනක්ම එතනින් නැගිටින්නේ නෑ , මේ වෙලාවෙ උන් දෙන්න ඉන්නෙ එතන ,,මේක තමා අපෙ හොදම වෙලාව ”

” මාත් එක්ක කවීශ අයියගෙ මල්ලියි ,නංගිත් ආවා එයාල දෙන්නවත් එක්කගෙන යමුද”

” කෝ දැන් එයාල ”

නුවන් පැවසුවේ වටපීට බලමින් ය.

” අර පැත්තට ගියා”

දමිත් පෙන්නුවේ අත දික්කර දිශාවක් පෙන්වන ගමන් ය.

” බෑ බෑ එයාල එනකම් අපිට ඉන්ඩ බෑ ,, අපි තවත් පරක්කු වෙනවා ”

නුවන්ව විශ්වාස කරපු දමිත් නුවන් පිටුපසින් ඇදෙන්නට වුනේ ගල් ගුහාවේ කොටුකර ඇති අයව කෙසේ හෝ නිදහස් කර ගන්නට සිතාය.නුවන් දැකීමත් සමග මෙතරම් වේලාවක් සිතේ තුබුනු බිය දමිත්ගේ හොදටම අඩු විය.මෙසේ ඔවුන් විලාප ඔය පේන ##ආසන්නයෙන් දිගටම ගමන් කලහ.

” දමිත් ඔයා මගෙ පිටිපස්සෙන් එනඩ එපා ,මගෙ වම් අත පැත්තෙන් එන්ඩ ”

ටික දුරක් ගිය නුවන් කතා කලේය.

” ඇයි ඒ ”

” ඒක අපි දෙන්නගෙම නුවනට හුරුයි”

සමහරවිට නුවන් අයියා මොනවා හරි දන්නව ඇති , ඒ හින්දා වෙන්ඩ ඇති මෙහෙම දේවල් කියන්නේ සිතූ දමිත් නුවන්ගේ වම් අත පැත්තෙන් ගමන් කරන්ඩ පටන් ගත්තේය.
එසේ දමිත් ට යාමට හැකියාව ලැබුනේ මද දුරක් පමනි.සයිමන් විසින් අටවන ලද මද්දකට දමිත්ගෙ පාදයක් හසුවිය.අවාසනාවන්ත ලෙස හිස පහලට එල්ලෙන සේ පොලව මට්ටමේ සිට අඩි අටක් පමන උසින් එහාට මෙහාට පැද්දෙන්න වූ දමිත් ගේ අතේ තිබුනු බලගත් උල් පිහිය බිමට වැටුනි.දමිත් නුවන් ඉන්න දෙස බලමින් උදව් ඉල්ලමින්බියවී කෑගසන්නට විය.නමුත් නුවන් සිටියේ ගල් පිලිමයක් ලෙස ඒ දෙස බලා සිටියා පමනි. ඔහු වට පිට බැලුවේ යක්ශයා හා යක්ශනිය කොයි මොහොතක එතනට එයිද කියා.වැඩි වෙලා ගියේ නැත ඔවුන් දෙදෙනා එතනට ආහ.ඔවුන් බලා සිටියේ බිවිසුනු දෑසින්බිමට වැටී ඇති ඒ බලගතු පිහිය දෙසය.

” ඔය පිහිය විසික්කරල දාපන් අර පේන ඔයට ”

###යක්ශයා බිවිසුනු හඩින් පැවසුවේ නුවන් දෙස බලාය. ඒ හඩින් දමිත් ඒ හඩ ආ දෙස බැලූ අතර පලමු වතාව ට ඔහු යක්ශයාගෙ හා යක්ශනියගේ බිවිසුනු රූපය දුටුවේය. පිහියත් තමා ලග දැන් නැති නිසා ඔහු ලොකුම ලොකු අනතුරක වැටීසිටියේය.ඇග අතපය වෙවලන්ඩ වුනේ දරුනු ශීතකට මුහුන දුන්නා සේය.

” මම කියපු දේ ඇහුන්නැද්ද , ඕක විසික්කරලා දාපන් ,”

මෙවර යක්ශයාගේ හඩින් පොලවත් දෙදුරුම් කන්න විය. නුවන් බියෙන් බියෙන් පිහිය ලගට කිට්ටුකර වෙව්ලන අතකින් එය අහුලා ගත්තේය.

” නුවන් අයියේ ,, ඌ කියන දේ අහන්ඩ එපා ,, ඕකට මොකුත් කරන්ඩ එපා , ඔය පිහිය බ………”

දමිත්ට කිව හැකි වුනේ එපමනයි. පිහිය දමිත් ලග නැති නිසා යක්ශයාට ලේසීයෙන්ම දමිත් ලගට කිට්ටු වෙන්ඩ හැකි විය. යක්සයාගේ අතට කොහොම කෙලෙසක් තඩි පොල්ලලක් අතට ආවද මන්ද , තඩි පොල්ල ඔසවා ඔහු දමිත්ගේ හිස ඉලක්ක කොට තද පොලු පහරක් එල්ල කල අතට ඒ පහර හමුවේ දමිත්ට සිහිය නැතිවිය.

” මම කියපු දේ කෙරුවෙ නැත්නම් උබට මම කරනවයි කියපු දේ මතකද ? , ඕක අර පේන වතුරට විසි කරල දාපන් ”

යක්ශයාගේ හඩින් ඌ ගල් ගුහාවේදී පවසන දේ නුවන්ට සිහි විය. පන ####පිටින් අත පය කපනවා තරම් වේදනාවක් ඉවසා සිටින්නෙ කෙසේද ? ,,නුවන් අහුලා ගත් පිහිය දෙස යලිත් වතාවක් බැලීය. එය අතට අහුවෙන් ප්රමානයේ පිහියකි. මේ වගෙ පිහියකින් දරුනු යක්ශයන් මෙල්ල කරන්නේ කෙසේද? නුවන් සිතුවේය.මෙය බලගතු පිහියක් බවත් එය තමා ලග තිබෙන තුරා යක්ශයාට හා යක්ශනියට තමාට අනතුරක් කරන්ඩ බැරි බව නුවන් දැනගගෙන සිටියේ නැත. ඔහු කෙසේනම් ඒ ගැන දැන ගන්ඩද??? අසලින්ම විලාප ඔයේ ගැබුරු ජලකද ගලා බසී නුවන් යලිත් කිසිවක් නොසිතාම ඒ බලගතු පිහිය් විලාප ඔයට විසි කලේය. විලාප ඔයේ දිය කදට අසුවුන ඒ බලගතු පිහිය එහි ජල කද අතර සැගවි යන්නට ඒ තරම් වෙලාවක් ගියේ නැත.

ඒ දුටු යක්ශයා හා යක්ශනිය වියරු ලෙස හිනාවිය.

” උබ හොදට වැඩේ කෙරුව,,,උබ ගැන අපිට හරිම සතුටුයි ”

” මට දැන් යන්ඩ පුලුවන්ද? ”

යක්ශයාගේ හඩින් නුවන් ඇසීය.

” බෑ බෑ දැන්ම යන්ඩ බෑ , තව උබට කරන්ඩ වැඩ තියෙනවා ”

සිහි නැතිවසිටි දමිත් ගේ සිරුර කරට ගනිමින් යක්ශයා පැවසීය.

” තව වැඩ ,, ඒ මොනවද ” #####

” වරෙන් අපි පස්සෙන් අපි කියන්නම් ඊට පස්සෙ උබට මොනවද කරන්ඩ තියෙන්නෙ කියල කියන්ඩ ”

යක්ශයාට හා යක්ශනියට ගොඩක් සතුටුය. උන්ට ලේසියෙන්ම දමිත් නිසා කෑම ගොඩ වැඩිවී ඇත. එය ඉදිරියේදී තවත් වැඩි කර ගන්ඩ පුලුවන් ඔවුන් සිතුවේය. යක්ශයා දමිත් ඔසවාගෙන් ගියේ ඔහුවත් ගල් ගුහාවෙ සිර කිරීමටය.යක්ශයා හා යක්ශනිය පිටුපස නුවන් පිය මැන්නෙ ඊලගට කරන්නෙ මොනවද අසා ඒවාත් උන්ට කරදී මේ මාරක අඩවියෙන් කෙසේ හෝ පිටවෙන්න ඕන යන සිතුවිල්ලත් සමගය.

* ************************
දමිත්ව යක්ශයාට හා යක්ශනියට අසුවුන බව නොදත් කුසල් හා කසුනි ඉදිරියටම ඇදුනේය. නමුත් ඔවුන් දෙදෙනා කිසිම දෙයක් සොයා ගන්නට ලැබුනේ නැත.

” අපි ආපහු යමු නංගි, සමහරවිට දමිත්ට මොනව හරි දෙයක් දැන ගන්ඩ ලැබුනද දන්නෙ නෑනේ ”

කුසල් ගේ අදහස වුනේ එයයි. එසේ සිතා ඔවුන් ආපසු හැරි එන්නට පිටත් විය. දෙදෙනා ගිගේ කසුනි අතට පිහිය දී කුසල් ඇයගේ අතින් අල්ල ගෙනය.

” ආයි නංගි මගෙ කකුලේ කට්ටක් ඇනුනද කොහෙද ? ”

කසුනිගේ අත අත හැරිය කුසල් කටුව ඇනුන දකුනු කකුල ඔසව එය ගැලවීමට සිතුවා පමනි.ඔහුට අඩි තුනක් පමන ඉස්සරහින් ##### #ගිය කසුනි, ඉතා අවාසනාවන්ත් ලෙස සයිමන් විසින් අටවන ලද බොරු වලකට වැටුනි.මේ අනපේක්ශිත සිදුවීමෙන් කුසල් හොදටම කල බල විය. ඔහු බොරු වලට එබී බල්ද්දී දුටුවේ කසුනි ගොඩ වෙන්නට අමාරු වලක වැටී සිටින දසුනකි. අර බලගතු පිහිය තිබුනේ ඇයගේ අතේය.

” නංගි ඔයා කලබල වෙන්ඩ එපා ,, මම කොහොම හරි හයිය වැලක් හොයා ගෙන එන්නම් ”

” ඒත් අයියෙ පිහිය ලග නැතුව යන එක අනතුරුදායකයි,, අරුන් දෙන්නට ඉව වැටුනොත් එහෙම ,, මේක අරගෙන යන්ඩ ”

” එපා එපා ,, හරිනම් දමිතුත් මේ කිට්ටුව ඉන්ඩ ඕනා , සමහර විට අර විශාල බෙනෙ තියෙන ගහ ලගට දැනටමත් ඇවිල්ල ඇති, මෙතන ඉදන් එතනට ගොඩක් ලගයි,න්ංගි ඕක තියා ගන්ඩ ”

එසේ කියූ කුසල් කසුනි කියූ කිසිවකට කන් නොදී එතනින් පිට විය. ඔහුගෙ දැන් අරමුනු වුනේ කෙසේ හෝ දමිත්වත් හමු වී හයිය වැලකුත් සොයාගෙන් විත් නංගිව කෙසෙ හෝ අර වලෙන් ගොඩට ගැනීමත් ය.නංගීලග අර බලගතුපිහිය තියෙනකම් ඇය ආර්ක්ශිතය.නමුත් කුසල් …………

මෙසේ බොහෝ දුරක් ගියද සවිමත් දිග වැලක් ##### ##කුසල්ට හොයා ගන්නට හැකිවුනේ නැත. විශාල බෙනය සහිත් ගස ලගට ගියද දමිත් වත් දමිත විසින් තබන ලද කිසියම් සං$$වක්වත් ඒ ගස ලග තිබුනේ නැත. ඒ අසලින් විලාප ඔය ගලා බසියි.කුසල් ඒ විලාප ඔය දිගෙ දමිත් ගිය දිසාව දෙස බලා යන්නට විය. දමිත්ගේ නම කියා හයියෙන් කතාකරන්නටත් බයය. එවිට ඒ හඩ ඇසී අර යක්ශයයි යක්ශනියි ඔහු ලගට ඒවි. පිහිය ලග නැති නිසා තම ජීවිතය බලවත් අනතුරක වැටී ඇති බව කුසල්ට සිතින. මෙසේ සිතමින් කුසල් දිගටම දමිත් සොයමින් ඉදිරියට ඇදුනෙ ඉක්මනින්ම දමිත්ගේ දසුන දක්නට ලැබේව සිතෙන් පතමින්.නමුත් කුසල්ට එසේ වැඩි දුරක් යන්නට ලැබුනේ නැත. ඔහු පිටුපසින් ගසක විශාල අත්තක් කඩා වැටෙන හඩක් ඇසින. පිටු පස හැරී දුටු දසුනින් කුසල්ගේ දෙනෙත් විසල් විය . ඔහු දුටුවේ තමා දෙසට පනින්න මෙන බලා සිටින යක්ශනීගේ බිවිසුනු දසුනය. ඔහු දෙස බලා යක්සනිය කරපු වියරු හඩට අවට ගස් කොලන් පවා බය වෙන්න ඇති.

” දැන් තමා කරන්නෙ කුමක්ද??”

කුසල් භීතීයෙන් සිතුවේය. කුසල්ගේ පිපුපස තිබුනේ විලාප ඔයේ ගැබුරු දිය කදයි. දැන් යක්ශනිය කෙමෙන් කෙමෙන් කුසල් දෙසට එන්නේ හිස දෙපසට වනමින් බියකරු වීලාසයක් මවා පාමින් ය. යක්ශනිය එන අඩියක් අඩියක් ##### ###පාසා කුසලුත් පිටුපසට අඩිය තබමින් පිටුපසට ගියේය. ඒ යන ගමන්

” දමිත් මට උදව් කරන්ඩ ”

උස් හඩින් කෑ ගැසුවේය. නමුත් එසේ කුසල්ට වැඩි දුරක් පිටුපසට යන්ඩ ලැබුනේ නැත. ඔහු එකපාරටම විලාප ඔයේ දිය කද මතට ඇදගෙන වැටුන අතර පසුව ඒ ජල කදේ යටටම ගිලෙන්ඩ විය. කෙසේ නමුත් වැව් දොලවල පීනා ඇති පලපුරුද්ද නිසාම ඔහු යලිත් දිය මතුපිටින් මතු විය.ඉන් පසු විලාප ඔයේ දිය කදේ ඔහු නොගැබුරු තැනක බලා පීනා ගෙන යන්නට විය. එසේත් කුසල්ට වැඩි දුරක් පීනායන්නට ලැබුනේ නැත , කුසල්ගේ කකුල කවුරුන්දෝ හයියෙන් අල්ලා ගත්තේය. පිටුපස හැරී බලද්දී දුටුවේ කකුලෙන අල්ල ගෙන ඇත්තේ යක්ශනිය බවයි.

** කුසල්ගෙ කකුලෙන් අල්ල ගත් යක්ශනිය ඔහුවත් ඇදගෙන විලාප ඔයේ ඉවුරක් දෙසට වේගයෙන් පීනා ගෙන ගියේය.

“හිතුවද තෝ මාව රවට්ටලා පැනල යන්ඩ ”

ඉවුර ලගට ගිය යක්ශනිය කුසල් ගේ කෙස් වැටියෙන් හයියෙන් අල්ලා ගත්තේය.

” බලපන් මම උබට ඊලගට කරන්ඩ යන දේ”

කියූ යක්ශනිය කුසල්ගේ හිස විලාප ඔයෙ වතුර යටටම එබුවාය. හුස්ම ගන්නට අමාරුවෙන් යක්ශනියගෙන් මිදෙන්න කුසල් කෙතරම් ##### ####උතසහ ගත්තද යක්සනියගේ ශක්තිය හමුවේ එය අසාර්තක උතසහයක් පමනක්ම විය.යක්ශනිය හදන්නෙ තමාව දියේ ගිල්වා මරන්නට බව කුසල්ට ඒ වේලාවේ සිතින. නමුත් යක්ශනිය එසේ කලේ නැත. ටික වේලාවකින්ඇය කුසල්ගේ හිස දියෙන් එලියට ගත්තේය.මෙතරම් වෙලාවක් හිරකර ගෙන සිටි හුස්ම කුසල් වේගයෙන් පිට කරන්ඩවූ අතර එසේ කරද්දීම යක්ශනිය තව පාරක් කුසල්ගෙ හිස දිය යට එබුවෙය. යලිත් හිස එලියට ගත්තාය.

” මට උබත් එක්ක ටික වෙලාවක් විනෝද වෙන්ඩ ආසයි”

යක්ශනිය එසේ පවසා යලිත් වතාවක් කුසල්ව දියේ එබුවේය.

” දමිත් මට උදව් කරන්ඩ ”

දියෙන් හිස එලියට ආ මොහොතක කුසල් උස් හඩින් කෑගැසුවේය. ඒ හඩ කෙසේනම් දමිත්ට ඇහෙන්ඩද , මේ වේලාවේ දමිත් සිටියේ යක්ශයාගේ හා යක්ශනිගෙ ඒ අදුරු ගල් ගුහාවේ ගමන ගිය හත් දෙනා මෙන් උන්ට කොටුවිලාය. ගල් කුලුනක තදින් කඹවලින් ගැට ගසා සිටි දමිත් කෙසේ නම් කුසල්ට උදව් කරන්ඩද, කසුනිටද කුසල්ට උදව් කරන්නට එන්නට විදිහක් නැත. ඇය තවමත් අර වලේ හිරවී අසරනව සිටියාය. ඇයගේ ලග තියෙන ඒ බලවත් පිහිය අයින් කරන්නට මේ වේලාවේ යක්ශයා විසින් පෙර පරිදිම නුවන්ව ##### #####යවා තිබින.**********************ඊලග කොටසට gamana

31 කොටස නිමා වෙන්නේ යක්ශයන් හා මනුශ්ශයන් අතර සටනින් සටනේ ජය යක්ශයන්ගේ පැත්තට 100% ප්රතිශතයක් තිබෙන මොහොතක ය. කතාව කියවන අයගෙන් බොහෝ දෙනා යක්ශයන්ට ආදරය කරන නිසා ඒ අය ගොඩක් සතුටු වෙයි මේ කොටස බලල , ඔයගොල්ලොන්ගෙ සතුට තමයි ඉතින් මගෙත් සතුට

ඉතින් ඔයාල හිතන්නෙ මොකක්ද ? ගමන තව කොටස් දෙකකින් ඉවර වෙනවා , මේ මනුශ්ශයන් හා යක්ශයන් අතරින් අවසානේ ජය කාට ලැබෙයිද?

ඔබ හිතන්නෙ ජය යක්ශයන්ටනම් Y ලෙසද
ජය මනුශ්ශයන්ටනම් M ලෙසද
යක්ශයන් හා මනුශ්ශයන් අතර සටන ජය පරාදයෙන් තොරව ඉවර වෙනවා කියල හිතනවනම් T ලෙසද සලකා අද කොටස කියව ඔබේ වටිනා අදහසක් සමග කොමෙට්ටුව්ක් කොටන්ඩ හොදේ ,,.නිවරදි පිලිතුර එවන ලද සියලුම ජයග්රාහක ජයග්රාහිකයින්ගේ නම් ” ගමන” අවාසාන කොටසේ අවසානයේ පලවෙනු ඇත.

12 thoughts on “ගමන | 31 කොටස”

  1. මන් හිතන විදිහට වතුරෙ ඔබද්දි කුසල්ට පිහිය හම්බ වෙයි.
    දිනන්නෙ නම් මනුශ්ශයො (M) තමා.
    කතාව ආසාවෙන් හැමදාම කියවනවා.
    All the best.
    ??????

    1
  2. Chathu indeewaree

    ගොඩක් ලස්සනයි රාස්z කතාව. අම්මෝ මමනම් අමනුෂ්‍යන්ට කැමැතිම නෑ. මමනම් කියන්නේ කුසල් එහෙම (M) දිනනවා කියලා. යක්ෂණී කුසල්ගෙ ඔළුව වතුරෙ ඔබනකොට කුසල් යක්ෂණීට පහර දීලා හරි බේරෙන්න ගලක්වත් අතට අහුවෙයිද කියලා බලද්දි අර පිහිය ලැබෙයි. ඒකෙන් යක්ෂණගෙ හදවතට ඇණලා මරලා දායි… යක්ෂයාවත් මරලා දායි කොහොම හරි..

  3. කුසල් ගොඩක් පින් දහම් කරන කෙනෙක් එහෙම අයට දෙවිදේවතාවන්ගෙ බැල්ම ලැබෙනව. පිනට බර පවට බය අයට යහපතක් වෙන්නෙ නැත්නම් බුදු බණත් බොරු වෙනවා. අනිවරෙන් M දිනනවා. යහපත දිනනවා අයහපත පරදවලා. Good luck. Keep it up

  4. M. යක්ශයො කොච්චර ශාරීරිකව ශක්තිමත් උනත් පින් දහම් කරන කුසල් වගේ අයගෙ මානසික ශක්තියට ඒ හැම බලවේගයක්ම පරාදයි.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.