Katha Ahura

ආශාවරී |හැට පස්වන කොටස| නවකතාව |කතා අහුර රචක

3.9/5 - (13 votes)

හැට පස්වන කොටස

” හ්ම්….ඒත් දූ…ඔයා ඒ ගැන දෙපාරක් හිතුවොත් නරකද…..”

” දෙපාරක් නෙවේ ඩැඩී…..සිය පාරක් හිතුවත් මගෙ හිත ගන්නෙ ඒ තීරණේමයි ඩැඩී….කවදාවත් මං කැමති නෑ මගේ සදෙව්ගෙ ජීවිතේ අදුරු කරන්න….මාව එයා මැරි කලොත් එයාගෙ මුලු ජීවිතේම අදුරු වෙලා යයි…මට බැහැ ඒක වෙන්න දෙන්න…ඒ හින්දා ප්ලීස් ඩැඩී…මට බල කරන්නෙපා මගෙ තීරණේ වෙනස් කරගන්න කියලා ..” ආශාවරී එහෙම කිව්වා…

” දූ….ඔයාට මේ ගැන කිව්වෙ ආකේශ්ද…ආ….” මහේශ් තරමක් හයියෙන් එහෙම ඇහුවෙ ආශාවරී ඔහු දිහා බැලුවා..

” ඔව්…ඔයාලා මට ඒ ගැන හැංගුවට දෙවියන්ගෙ පිහිටෙන් මට කොහොමහරි මගේ ඇත්ත තත්වෙ ගැන දැනගන්න පුලුවන් උනා…මං දන්නවා ඔයාලා මට ඒ ගැන කිව්වෙ නැත්තෙ මං දුක් වෙයි කියලා හිතලා නෙහ්…නේද…..ඔයාලා හිතුවෙ මගෙ අසනීපය ගැන මට හංගලා..සදෙව්ට හංගලා….මාව කෝමහරි සදෙව්ට බන්දලා දෙන්නනෙ…හොදවෙලාවට ඩැඩී ආකේශ් මට ඒ හැමදෙයක්ම කිව්වෙ…හොද වෙලාවට ආකේශ්ගෙන් මං මගෙ අසනීපය ගැන දැනගත්තෙ…..නැත්තං නොදැනුවත්වම උනත් මං සදෙව්ව මැරි කරලා කරන්නෙ ලොකු වැරැද්දක් …..දැන් ඒ වැරැද්ද මගෙ අතින් වෙන්නෑ……ඔව් …දැන් මට පුලුවන් මගෙ සදෙව්ගෙ සතුට වෙනුවෙන් එයාගෙන් සදහටම ඈත් වෙන්න……” ආශාවරී සන්සුන්ව එහෙම කියද්දි මහේශ්ට ආකේශ් ගැන ආවෙ නොනිමි කේන්තියක් .

” හරි…ඒක නං ඔයාගෙ අවසාන තීරණය…මං ඔයාට බල කරන්නෑ දූ…..එතකොට ඔයා හිතන් ඉන්නෙ ජීවිත කාලයටම නොබැද ඉන්නද….??” මහේශ් එහෙම අහද්දි ඇය දෑස් පියාගත්තා….

” නෑ…..” ඇය දෑස් පියාගෙනම කිව්ව දෙයින් මහේශ් නදීකාගෙ මූණ දිහා බැලුවෙ කිසිත් අදහගන්න බැරිව..

” නෑ….??” මහේශ් කුතුහලයෙන් එහෙම අහද්දි ආශාවරී දෑස් විවර කලා…ඒ ඇස් වල කදුලු පිරිලා දිලිසෙනවා ..

” නෑ….මං මැරි කරනවා ඩැඩී….හැබැයි ඒ කවද්ද කාවද කියන එක තාම මං තීරණය කලේ නැහැ…මට ඒකට කල් ඕන….” ආශාවරී ආයෙම සිතුවම පාට කරන්න ගත්තෙ එහෙම කියලා…

” හොදයි….ඒක නං ඔයාගෙ අන්තිම තීරණය…මං ඔයාට වෙන මුකුත් කියන්නෑ දූ…..” මහේශ් එහෙම කියාගෙනම ආපිට යන්න හැදුවෙ…ඒත් ඊට කලින් ආශාවරී ආයෙම කතා කරන්න ගත්තෙ තරමක් හයියෙන් .

” ඩැඩී…..” ආශාවරීගෙ කටහඩට මහේශ්ගෙ ගමන නතර වෙද්දි ඔහු ආපිට හැරිලා ඈ දිහා බැලුවා.

” ආකේශ්ට කරදරයක් කරන්න එපා….එයා මට කලේ ලොකු උදව්වක්…..එයාව මරන්න හදන්න එපා ඩැඩී….” ආශාවරී එහෙම කිව්වෙ ඇයට හිතුනා තමන්ගෙ තාත්තා ආකේශ් එක්ක කේන්තියෙන් ඉන්න නිසාම ඔහුට මහේශ්ගෙන් කරදරයක් වේවි කියලා…මහේශ් මොකුත්ම නොකියා කාමරෙන් පිටවෙලා යද්දි නදීකාත් සුලු වෙලාවක් ආශාවරී දිහා බලා ඉදලා යන්න ගියේ හරිම දුකෙන්.ඔවුන් දෙන්නාම කාමරෙන් පිටවෙලා ගිය හැටියෙ ආශාවරී හයියෙන් අඩාගෙනම බිම ඇද වැටුනෙ ඇගේ මුලු හිතම වේදනාවෙන් පිරිලා තියෙන්නෙ….

“අනේ මගේ රත්තරං මට සමාවෙන්න …..මට සමාවෙන්න සදෙව් …මේ පව්කාරිට සමාව දෙන්න….හහ් …ඉහ්…මට කරන්න දෙයක් නෑ….ඔයාට මාව ගැලපෙන්නෑ….ඔයාගෙ ආදරේ මට තවත් ගැලපෙන්නෑ සදෙව් …..ගැලපෙන්නෑ …අහ්…ඉහ්…මට බැහැ ඔයාව මැරි කරන්න…..ඔයාට දුක් දෙන්න..ඔයාගෙ මුලු ජීවිතේම නාස්ති කරන්න මට බැහැ….ඔයා මාව අමතක කරන්න ඕන…ඒකට….ඒක කරන්න ලේසිම වැඩේ මං ….මං කාවහරි ඉක්මන්ටම මැරි කරන එක….ඔව්…ඔව්…මං ඉක්මන්ටම මැරි කරන්න ඕන…..මං වෙන කාවහරි මැරි කලොත්…ඔයාට බෑනෙ සදෙව් මට ආයෙ ලං වෙන්න….ඔව්..ඒක හොදයි….එතකොට …එතකොට මං ඔයාට ආදරේ කලේ බොරුවට කියලා ඔයා හිතයි….ඔයා හිතයි මං ඔයාව රැවැට්ටුවා කියලා….එතකොට ඔයා මට වෛර කරයි….මට ආදරේ කරපු හිතින් ඔයා මට වෛර කරයි නේද සදෙව් ….ආහ්….හහ්…මට වෛර කරලා හරි ඔයාගෙ හිතේ මං ගැන ආදරේ නැතිවෙන්න ඕන සදෙව් ….මේ පව්කාරියව ඔයා සදහටම අමතක කරලා දාන්න ඕන…..එතකොට ඔයාට පුලුවන් වෙන කෙල්ලෙක්ව මැරි කරලා සතුටින් ජීවත් වෙන්න……ඔව්…..ඔව් සදෙව් …ඔයාට මාව අමතක වේවි…..ඒත්…ඒත් මට ඔයාව කවදාවත්ම අමතක වෙන එකක් නෑ පණ…..මේ රූපෙ…මේ හිනාව…මේ බැල්ම….සදහටම මගෙ පපුවෙ හිරවෙලා තියෙයි…ඔයාගෙ මතකය මං හැමදාටම මං ලග පරිස්සමට තියන් ඉන්නවා සදෙව් …..ඔයාගෙ ආදරේ නාමයෙන් මං ජීවත් වෙන්නං ….මැරෙන්න බැහැ මට ….මං ඉක්මන්ට මැරුනොත් ඔයාව මට ලබන ආත්මෙදිවත් ලැබෙන එකක් නැහැ….බැහැ බැහැ….මං මැරුනත් මැරෙන්නෙ ඒ ඔයා ලග සදෙව් ….ඔයාගෙ හුස්ම යන්නෙ කවද්ද ….අන්න එදාට මගෙත් හුස්ම නවතීවි සදහටම ….එතකන් මං ඉන්නවා ඔයාගෙ දිහා බලාගෙන….සදෙව් …හැමදාටම මගෙ ආදරේ ඔයා විතරයි ….ඔයා විතරමයි….ඔයාගෙ දිහා බල බල ඔයාගෙ සතුට දැක දැක මං ජීවත් වෙන්නම් රත්තරං .” ආශාවරී අඩ අඩම තමන්ටම මුමුන ගත්තෙ දෑස් වලින් වැටෙන කදුලු දෑතින්ම පිහිදගන්න ගමන්..
..

” මට හිතාගන්න බෑ මහේශ් දූ කරන්න යන්නෙ මොනාද කියලා..මට බයයි ආශි ගැන….” නදීකා කිව්වෙ සාලෙ සෝෆා එකෙන් වාඩිවෙන ගමන්..මහේශුත් හිටියෙ බර කල්පනාවක.

” මටත් එහෙමමයි නදී..මේ කෙල්ලගෙ තියෙන මුරණ්ඩු කම….කියන කිසි දෙයක් අහන්නැති හැටි…. ” මහේශ් එහෙම කියලා හැමදේම විසදන්න කාලයට බාර කලා…

ටික ටික කාලය ගෙවිලා ගියා… සදෙව් විභාගෙ ලියලා ගෙදර ඇවිල්ලා කල් මැරුවෙ වෙනදා වගේ ඔහුට එන ආශාවරීගෙ කෝල් එක එනකන්…ඒත් ඔහු කොච්චර බලන් හිටියත් ඔහුට ආශාවරීගෙන් කෝල් එකක් ආවෙ නැහැ….

ඇයි මෙයා කෝල් කලේ නැත්තෙ…වෙනදට මේ වෙද්දි මෙයා මට කෝල් කරනවනෙ…ඇයි අද කෝල් කලේ නැත්තෙ….මොකක් හරි කරදරයක් ද..නැත්තං අන්කල් මොනාහරි කියලද…නෑ..ඒක වෙන්න බෑනෙ…ආශාවරී කිව්වනෙ අන්කල් අපේ සම්බන්දෙට දැන් කැමතියි කියලා…නෑ…එක්කො මෙයාට අමතක උනාද…එහෙමත් අමතක වෙයිද මගෙ ආශාවරීට මාව..නෑ..නෑ….හැමදාම කෝල් කරන්න ඕන කියලා නීතියකුත් නෑනෙ ඉතින්….ඒත්….ඒත් ඒ කටහඩ අහන්නැතුවත් මට මහ මොකද්ද වගේ…ශිට්….මට එදා එයාගෙ ගෙදර number එක ඉල්ලගන්න බැරි උනානෙ…..එහෙනං මට එයාට කෝල් කරලා හරි කතා කරන්න තිබ්බා….අයියෝ…මගෙ ඔලුව පිස්සු වගේ…ඔයා මගෙ මුලු හිතම පිස්සු වට්ටලා තියෙන්නෙ ආශාවරී …දැන්නං මට ඔයාව නැතුව මොහොතක් වත් ඉන්න බෑ වගේ….ඔයා ලගටම වෙලා ඉන්න පුලුවන්නං…

සදෙව් හිතහිත හිනා වෙවී හිටියෙ එදා දවස ඔහු ගතකලේ පුදුම අමාරුවෙන්…ලබන දවස ගැන ඔහු බලාපොරොත්තුවෙන් හිටියෙ හෙටවත් ආශාවරීගෙන් ඇමතුමක් ඒවි කියලා හිතලා…සදෙව් විතරක්ද…ආශාවරීත් දැඩි වේදනාවකින් කල් ගෙව්වෙ….ඔහුගෙ කටහඩ…ආදරණීය කටහඩ අහන්නැතුව ආශාවරීට පිස්සු වගේ…ඉතින් ඔහු හා කතා නොකර මෙහෙම නං ඔහුගෙන් ඇය සදහටම ඈත් වෙන්නෙ කොහොමද ….සදෙව්ගෙන් ඈත් වෙලා ඇය කොහොමද වෙනකෙක් හා ජීවිතේ බෙදාගන්න හදන්නෙ…එය ඇයට කරන්න පුලුවන් වෙයිද…

කාලය ටික ටික ගෙවිලා ගියා…සදෙව් බලා හිටියත් ආශාවරීගෙන් දුරකතන ඇමතුමක් එනකන් සතියකුත් ගෙවිලා ගියා ඔහුගෙ බලාපොරොත්තු ඉටු උනේ නැහැ….සදෙව් ගොඩක් නොසන්සුන් වෙලා හිටියෙ….ඔහුගෙ මුලු හිතම බයෙන් ගැහෙන්න ගත්තෙ ආශාවරී ඔහුට කතා නොකරන එකට….ඇයට කරදරයක් ද අසනීපයක්ද කියලා හිත හිත ඉන්න සදෙව් පාඩම් වැඩ මග හැරියා…විභාගෙ උනත් හරියකට ලිව්වෙ නැහැ ඔහු….ආශාවරීගෙ ගෙදර යන්න හිත පොර කෑවත් ඒ හැගීම ඔහු ආයාසයෙන් නවත්තගත්තෙ ඔහු හිතුවෙ විභාගෙ ඉවර වෙච්ච දවසටම එහි ගිහින් ඇයව මුණගැහිලාම කතා කරන්න….විභාගෙ සම්පූර්ණයෙන්ම ඉවර වෙන්න තවත් තිබ්බෙ සතියයි…ඒ සතියත් ඉවසලා ඉන්න සදෙව් තමන්ගෙ හිතට තරවටු කලා…ඒ අතරෙම ආශාවරීත් කාලය ගත කලේ හරිම අසහනයෙන්…උදෙන්ම නැගිටලා පහන තියලා සදෙව්ට විභාගෙ හොදට කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඇය මුලු දවසෙම ඉන්නෙ සදෙව් ගැනම හිත හිත….ඔහුගෙ ආදරය මතක් කර කර කාලය ගත කරන ඇය දැන් හරියකට කන්නෙත් නැහැ…ඇය දිහා බලාගෙන ආකාශි හූල්ල හූල්ල හිටියෙ ඇය කොහොම හිටිය කෙල්ලෙක්ද කියලා මතක් කර කර….

එදා සදුදා දවසෙ බංගලාවෙ ගෙවත්තෙ සැදෑ වරුව ගෙවමින් හිටිය ආකාශියි මහේශුයි නදීකායි දිහාට ආශාවරී එන්න ආවෙ ලොකු කතාවකට මුල පුරන්න කියලා…

” මමී…ඩැඩී….මං තීරණයක් ගත්තා…” ආශාවරී ආකාශි අසල පුටුවෙන් වාඩිවෙන ගමන් එහෙම කියද්දි කට්ටියම මූණින් මූණ බලාගත්තෙ කිසිවක් හිතාගන්න බැරිව.

” තීරණයක් ගත්තා…??මොකද්ද ඒ තීරණේ…..” මහේශ් කුතුහලයෙන් එහෙම අහද්දි ආශාවරී ලොකු හුස්මක් පිට කරලා කතා කරන්න ගත්තෙ.

” මං මැරි කරන්න හිතුවා ඩැඩී…..ආකේශ්ව….” ආශාවරී එකපාරටම එහෙම කියද්දි ආකාශි ගැස්සිලා ගියා…ඇය විතරක්ද….මහේශ් හා නදීකාත් වෙව්ලලා ගියා ඇයගෙ මුවින් පිට උන වදන් වලට.

” මොකක්….ආකේශ්ව….” මහේශ් ගොත ගගහා එහෙම අහද්දි ආශාවරී ඇස් වලින් ඔව් කියලා කිව්වෙ හදවත අසාමාන්‍ය අන්දමින් රිදෙන්න ගනිද්දි .

” ඔව් ඩැඩී…මං ආකේශ් එක්ක කතා කලා…එයා මට ආදරෙයි ….මං එයාට ආදරේ නැති උනාට…කොහොමත් මට වෙන කාවවත් මැරි කරන්න බෑනෙ…ලමයෙක්වවත් හදාගන්න බැරි මං වගේ පව්කාරියෙක්ව බදින්න ආකේශ්වත් හිටිය එක හොදයි…” සරදම් හිනාවක් දාලා ඇය කිව්වෙ මහේශ්ට කිසිත් හිතාගන්න බැහැ…

” ඒත් දූ…ඔයා හොදට හිතලද මේ තීරණේ ගත්තෙ….” නදීකා ඇහුවෙ ඇයට දුකයි ආශාවරීගෙ මේ හැසිරීමට.

” ඔව් මමී…ගොඩාක් හොදට හිතලා තමා මං මේ තීරණය ගත්තෙ….මං ආකේශ් එක්කත් කතා කලා…මට ඉක්මන්ටම එයාව මැරි කරන්න ඕන ඩැඩී…..ලොකු function එකක් මට ගන්න ඕන්නෑ…මට ඕන එන සතිය ඉවර වෙන්න කලින් එයාව මැරි කරන්න….” ආශාවරී ගනනකට නැතුව වගේ එහෙම කිව්වත් ඇය හිත යටින් අසීමිත වේදනාවක් වින්දා…ආකාශි තමන්ගෙ නංගි දිහා බලා හිටියෙ දුකෙන්..

” ඇයි ඒ…ඔයාට බයද සදෙව් ඔයාව හොයාගෙන එයි කියලා….ආ…මේ දවස් ටිකේම ඔයා එයාට කෝල් කලෙත් නෑනෙ….” ආකාශි එහෙම ඇහුවා..

” ඔව්….එයා අනිවාර්යයෙන්ම මාව හොයාගෙන ඒවි….ඒ හින්දමයි මට ඉක්මන්ටම ආකේශ්ව මැරි කරන්න ඕන….මං ආකේශ්ව මැරි කලා කියලා දැනගත්තහම එයා මගෙන් ඈත් වෙයි….” ආශාවරී කිව්වෙ ආකාශිගෙ දෑස් විසල් වෙලා ගියේ විශ්මයෙන්.

” ඔව්…ලොකු කේන්තියක් ,වෛරයක් එක්ක….” ආකාශි එහෙම කියද්දි ආශාවරීගෙ දෑස් කදුලු පුරෝගත්තා…

” මටත් ඕන ඒ දේමයි….ඩැඩී….මං කිව්ව දේ ගැන ඩැඩිත් ආකේශ් එක්ක කතා කරන්න….සදෙව්ගෙ විභාගෙ ඉවර වෙන්න කලින් මට ආකේශ්ව මැරි කරන්න ඕන….එච්චරයි මට කියන්න තියෙන්නෙ….” ආශාවරී එහෙම කියාගෙන පුටුවෙන් නැගිටින්න ගියේ.ඒත් ඇය යන්න කලින්ම ආකාශි කතා කලා..

” යන්න කලින් මේකත් අහගන්න නංගි….මං මේ දේ වෙන්න කීයටවත් ඉඩ තියන්නෑ…..” ආකාශි එහෙම කියද්දි ආශාවරීට ඇය ගැන ආවෙ තරමක බයක්…හදිස්සියෙවත් ආකාශි මේ ගැන සදෙව්ගෙ කනේ තිබ්බොත් ඇගේ සැලසුම් ඔක්කොම අවුල් වෙන බව ආශාවරීට හිතුනා…

” අක්කා….ප්ලීස් …..මේ ගැන සදෙව්ට කියන්න එපා….කවුරුවත් මේ ගැන සදෙව්ට කියන්න එපා….මං ආකේශ්ව මැරි කරනකන් ඒ ගැන සදෙව්ට රහසක් වෙන්න ඕන…..හැබැයි කවුරුහරි ඒ ගැන එයාට කිව්වොත් ඒ මං ජීවත් වෙන අන්තිම දවස වෙයි….මොකද මං කලිනුත් කිව්වා වගේ මං කැමති නෑ මං හින්දා සදෙව්ගෙ ජීවිතේ කාලකන්නි වෙනවට….ඔයාලා කවුරුවත් ආස නං මං ඉක්මන්ට මැරෙනවට …එහෙනං මේ ගැන සදෙව්ගෙ කනේ තිබ්බට කමක් නැහැ….” ආශාවරී ආකාශි දිහා බලලා එහෙම කිව්වෙ .

” ඔයා මැරුනොත් සදෙව්ත් මැරෙයි…” ආකාශි ආපිට එහෙම කියද්දි මෙතෙක් වෙලා ආශාවරීගෙ දෑස් වල රදවන් හිටි කදුලු වැල් කම්මුල් දිගේ ගලා යන්න ගත්තා..

” ඔව්…සමහරවිට …ඒ දේ වෙනවට ඔයාල කැමති නං මේ දේවල් සදෙව්ට කියන්න…” ආශාවරී එහෙම කියලා යන්න ගියේ ඇය කිව්ව දේවල් වලට කට්ටියම හොදටම බය උනා….

” අනේ ඩැඩී….” ආකාශිට එකපාරටම ඇඩෙන්න ගනිද්දි නදීකාගෙ දෑසුත් කදුලින් පිරිලා ගියා….

” ප්ලීස් ලොකූ….මේ ප්‍රශ්න දැන් ඇති….ආශිට එයා කරන්න කියන දේ අපි කරලා දෙමු….හැමදේම වෙන්න හොදට කියලා කියනවනෙ….මේකත්…මේකත් අපි ඒ විදිහට හිතලා හැමදේම විසදගමු කට්ටියම එකතු වෙලා…..මොන දේ උනත් අපි හැමදාම ආශි වෙනුවෙන් ඉන්නවානෙ….වෙන දෙයක් වෙයි…ඒ වෙන දේ අපි සතුටින් බාර ගමු.” මහේශ් එහෙම කිව්වා…ආකාශිත් අඩාගෙනම එතනින් යන්න ගියේ ඇයට ලොකු දුකක් දැනෙන්නෙ ආශාවරී ගැන…..ආදරයක් අහිමි වෙන එක තරම් වේදනා දෙන එකක් මේ ලෝකෙ නැතුව ඇති…ඒ වේදනාව තවමත් ලාබාල ආශාවරී කොහොම දරාගන්නද….ඇරත්….ඇයගෙන් වෙන්වීම සදෙව් කොහොම දරාගනීද….ආශාවරී ආකේශ් හා විවාහ උනත් සදෙව්ට පුලුවන් වෙයිද ඇයට ආදරේ කරපු ඒ හිතින්ම ඇයට වෛර කරන්න පටන් ගන්න…..ආදරයත් වෛරයත් අතර තියෙන්නෙ කෙස් ගහක තරම් පරතරයක් උනත් අසීමාන්තික ආදරයක් දීපු සදෙව්ට පුලුවන්ද ඇයට වෛර කරන්න……ඇයට වෛර කරන්න සදෙව්ට බැරි උනොත්….?? ඔහු ගන්න අවසාන ක්‍රියාමාර්ගය මොකක් වෙයිද…..ඇය නැතුව ජීවිතයක් නැත්තං ඔහු අනිවාර්යයෙන්ම මරනය තෝරගනීවි…..අන්තිමේදි ආශාවරීගෙ නොමනා ක්‍රියාව නිසා ඇය අතිශයින් ආදරේ කරපු සදෙව්ව සදහටම අහිමි වේවි……මේ දේවල් ආශාවරීට නොතේරෙන්නෙ ඇයගෙ මුලු හිතේම දැන් තියෙන්නෙ ඇයගෙ අසනීපය ගැන විතරක්ම නිසා……ඇයගෙ බොලද හිතට හිතෙන්නෙ ඇය වෙනකෙක් හා විවාහ උනොත් සදෙව් ඇයව සදහටම අමතක කරාවි කියලා….එහෙම අමතක කරලා ඔහු වෙන කෙල්ලෙක්ව විවාහ කරගෙන සතුටින් ඉදීවි කියලා….ඒත් ඇයට තේරෙන්නෑ සදෙව්ගෙ මුලු ජීවිතේම තමන්ගෙන් වැහිලා තියෙන එකේ සදෙව්ට ඇයව අමතක කරන එක කල නොහැක්කක් කියලා…..හැබැයි ඒ දේ ඇයට තේරුම් යද්දි සමහරවිට ඇය ප්‍රමාද වැඩිවෙන්නත් පුලුවන් .

” අනේ මංදා නදී…මේ ප්‍රශ්න..මගෙ ඔලුවත් එක්ක රිදෙනවා…..මගෙ නං ඒ හැටි කැමත්තක් නැහැ ආශි ආකේශ්ව මැරි කරනවට….ආකේශ් ලස්සනයි….හොදයි….සල්ලිත් තියෙනවා…ආශිට හැම අතින්ම එයා ගැලපෙනවා තමා…ඒත්….ඒත් මට හිතාගන්න බෑ…මට…මට එයාව ආශිට බන්දන්න හිතෙන්නෑ නදී….ඒ දරුවා දැක්කම මට මහ මොකද්දෝ මංදා අමුතු හැගීමක් දැනෙන්නෙ….හිතාගන්න බැහැ ඒ හැගීම මොකද්ද කියලා….ඒ හැගීම හින්දම මට හිතෙන්නෙ ආශිව ආකේශ්ට බන්දන එක….ඒක… ඒක කරන්න හොද වැඩක් නෙවේ කියලා…අනේ මංදා නදී…..” මහේශ් ගොත ගගහා එහෙම කිව්වෙ ඔහුට මෙතෙක් කාලයක් හිතට වද දුන් කරුණක්…එදා ආකේශ් ආශාවරීව මැරි කරන්න කැමත්ත ගන්න ඇයගෙන් අහන්න ඉල්ලද්දි මහේශ් ඊට අකමැත්තෙන් උනත් අවසර දුන්නෙ මහේශ්ට හිතුන්නෑ ආකේශ්ගෙ හිත රිද්දන්න….නොදැනුවත්වම උනත් මහේශ්ගෙ හිතේ ආකේශ් ගැන උපන් ලොකු ආදරයක් තියෙනවා…ඒ ආදරේ තමන් තමන්ගෙ දරුවන්ට දෙන ආදරයමයි කියලා ඔහුට තවම හිතාගන්න බැහැ….ආකේශ්ව දකින වාරයක් වාරයක් ගානෙ මහේශ්ට තමන්ගෙ අතීතෙ මැවිලා පේන්න ගත්තෙ ඔහු ආකේශ්ගෙ රූපෙන් නිතරම කුසුම්වත් දැක්කා…..ඒ නිසාම මහේශ් ආකේශ්ට කැමති උනත් ඔහුගෙ හිත ඉඩදෙන්නෑ තමන්ගෙ චූටි දූව ඔහුට විවාහ කරදෙන්න…ඒ ඇයි කියන දේ විතරක් තවමත් මහේශ්ට ප්‍රෙහෙලිකාවක් .

” ඔව් මහේශ් ….මාත් ආස නැහැ ආකේශ්ව නං මෙයා මැරි කරනවට…ආකේශ් ලස්සනයි තමා…සල්ලිත් තියෙනවා.. ඒක හරි….ඒත්…ඔයාට හිතෙන දේම මටත් ආකේශ් ගැන හිතෙනවා මහේශ් ….එයාව දැක්කම මට ඒ රූපෙන් ඔයාගෙ තරුණ කාලෙ මතක් වෙනවා මහේශ් ….එයාගෙ සමහර හැසිරීම්…ඒ ඔයාමයි කියලා මට හිතුනා මහේශ් …..” නදීකා එහෙම කියද්දි මහේශ් ගැස්සිලා ගියේ තමන්ට හිතුන දේවල්ම නදීකාටත් හිතුන බව දැනගත්තහම….

” එයා ගැන ටිකක් හොයන්න ඕන නදී…අපි එයා ගැන මොකුත්ම දන්නෑනෙ..ආශි කිව්වට මෙච්චර ඉක්මන්ට මෙයාව ආකේශ්ට බන්දන්න බැහැ….ඔව්…එයා ගැන අපි දැනගන්න ඕන..” මහේශ් කිව්වෙ ඔහුගෙ හිතේ යටි අරමුණක් තිබ්බා….ඒ තමන්ගෙ තරුණ රූපෙම අරන් ඔවුන්ගෙ ජීවිත වලට මේ තකහනියෙම කඩන් පාත් උන සොදුරු තරුණයා ඔහුගෙම ලේ වල කොටසක්දෝ කියලා ඔහුට හිතෙන්න ගත්තා .කුසුම් කිසිම විස්තරයක් නොකිව්ව අනාත නිවාසෙක ජීවිතේ ගෙව්ව තමන්ගෙ පලමු දරුවා ආකේශ්වත්දෝ කියලා මහේශ්ට හිතෙන්න ගනිද්දි ඔහුගෙ මුලු පපුවම හිරිවැටිලා ගියා…..ඔහුව වෙව්ලන්න ගත්තෙ නදීකා මහේශ් දිහා පුදුමයෙන් බලා හිටියෙ…

” මහේශ් ……?” කුතුහලයෙන් ඇය ගල් මේසෙ මත තියන් හිටි ඔහුගෙ සුරත මත ඇගේ සුරත තිබ්බෙ මහේශ් කලබල දෑසින් නදීකා දිහා බැලුවා.

” නදී….නදී…මට…මට සැකයි ඒ මගෙ දරුවද කියලා……” මහේශ් වෙව්ල වෙව්ල එහෙම කියද්දි නදීකාගෙ දෑස් ලොකු උනා…

” මොනවා….මහේශ් ….” නදීකා ගොඩක් පුදුම උනා….

” හහ්….අපි ආකේශ් ගැන මොනවත්ම තවම දන්නෑනෙ නදී…..මට ඉක්මන්ටම එයා ගැන විස්තර දැනගන්න ඕන…ඔව්…කුසුම් මට නොකියන අපි දෙන්නගෙ දරුවා ආකේශ් උනොත්….ඔව්…ඒ මූණෙන් මං සමහර වෙලාවට කුසුම්වත් දකිනවා නදී…..මට වැරදිලා නැත්තං…..ඒ මගේ දරුවා වෙන්න ඕන….මට එයා ගැන අමුතු හැගීමක් දැනෙන්නෙ…..ඒ මගේ ලේ තියෙන මගෙ දරුවා හින්දා වෙන්නැති නදී……ඒ මගෙ දරුවා වෙන්නැති නදී…….” මහේශ් දෑස් වල කදුලු පුරෝගෙන එහෙම කිව්වෙ නදීකටත් ගොඩක් දුක හිතුනා මහේශ් ගැන…මොකද මහේශ් ඔහුගෙ දරුවා කවුද කියලා දැනගන්න කොච්චර වද වින්දද…..ඒ ඔහුගෙ හිතේ ඔහු නොදැකපු ඔහුගෙ පලමු දරුවා ගැන ලොකු ආදරයක් තියෙන නිසානෙ….නදීකාගෙ දෑස් වලිනුත් කදුලු ගලා ගෙන යද්දි ඇය කතා කරන්න ගත්තා.

” කලබල වෙන්න එපා මහේශ් ……අපිට ඒක හරියටම තාම කියන්න බෑනෙ……අපි ඒක ආකේශ් එක්ක කතා කරලම එයාගෙ විස්තර දැනගමු…..හදිස්සියෙවත් ඔයාගෙ අනුමානය වැරදුනොත්…ඒ හින්දා කලබල නොවී අපි හිමින් සීරුවෙ මේ දේවල් හොයාගමු….” නදීකා මදක් සන්සුන්ව එහෙම කිව්වා.

” හොදයි….මං ආකේශ්ට කියන්නං හෙට මාව හම්බෙන්න එන්න කියලා….එතකොට එයා ගැන දැනගන්න පුලුවන්නෙ…..හැබැයි නදී….හදිස්සියෙවත් ඒ මගේ පුතා නං…..” මහේශ් කැඩිච්ච කටහඩින් එහෙම ඇහුවෙ නදීකා මහේශ් දිහා බැලුවා…
නිහඩතාවය මොහොතක් රජ කලා…

” එහෙනං එයාට ආශිව මැරි කරන්න බැහැ….ඒ අය සහෝදරයො….” නදීකා එහෙම කිව්වා….මහේශුත් හිස සලා එය පිලිගත්තා .

” ඔව්….හැබැයි ඒක එහෙම උනොත් හොදයි කියලා මට හිතෙනවා නදී…..එතකොට මං මෙච්චර දවස් මගෙ පුතා ගැන හිත හිත හිතින් දුක් විදපු එක නැතිවෙලා යනවා…මගෙ පුතාව මට ලැබෙනවා….අනික් කාරනේ ආශිට පුලුවන් සදෙව් එක්කම එකතුවෙන්න…ආශි ඔය බොළද තීරණ ගත්තට මං දන්නවා සදෙව් පුතා දූව අත අරින්නෑ කියලා….ආකේශ් මගෙ පුතා උනොත් ආශිට පුලුවන් සදෙව් පුතාව මැරි කරන්න…..එතකොට ප්‍රශ්න සේරම විසදේවි…..” මහේශ් ලොකු බලාපොරොත්තුවකින් එහෙම කිව්වෙ නදීකාගෙත් හිත ටිකක් සැහැල්ලු උනා….

මහේශ් ආකේශ්ට ඇමතුමක් අරන් කිව්වෙ හෙට දිනයෙ ඔහුව හමුවෙන්න එන්න කියලා…ආකේශ් හරිම සතුටින් මහේශ්ගෙ බහට අවනත උනේ ඔහු හිතුවෙ ආශාවරී ගැන කතා කරන්න මහේශ් තමන්ට අඩගහනවා කියලා……එදා දවස ඔහු ගතකලේ හරිම අමාරුවෙන්….කාලය ටික ටික ගෙවිලා යද්දි පසුදිනට අරුණලු උදා උනා……රුහාන් උදෙන්ම මහේශ්ගෙ බංගලාවට පය තිබ්බෙ ආකාශි හදිස්සියෙම ඔහුට කතා කරලා එන්න කියලා තිබුනා…ඒ ආශාවරීගෙ හදිසි තීරණය ගැන කියන්න…..රුහාන් ඇවිත් විනාඩි දහයක් ගෙවී යන්නත් කලින්ම ආකේශුත් මහේශ්ගෙ බංගලාවට ආවා මහේශ්ව හමුවෙලා විවාහය ගැන කතා කරන්න කියලා…ආකේශ් එද්දි ඔහු දැක්කා වත්තෙ නවත්තලා තියෙන රුහාන්ගෙ ප්‍රාඩෝ එක….

” ම්….මෙයත් ඇවිල්ලද අද….ඒක හොදයි…..උබ ඉස්සරහම මට පුලුවන් දැන් ආශිව මැරි කරන්න අවසර ගන්න ….මං උබට කිව්වනෙ රුහාන්….කොහොමහරි මං ආශිව මගේ කරගන්නවා කියලා….බලහං දැන්…..ආශිත් මට කැමතියි……එයාගෙ අම්මයි තාත්තයිත් මට කැමතියි …මං දින්නා රුහාන්…..මං මේ සෙල්ලමෙන් දින්නා….” තමන්ටම මුමුණ ගන්න ගමන් ආකේශ් බංගලාවට ඇතුල් උනා….ඔහු ඇතුලට එද්දි රුහාන් හිටියෙ ආකාශිගෙ කාමරේ ඇය හා කතා කර කර….ආකාශි වෙච්ච හැම සිද්දියක්ම රුහාන්ට කිය කිය හිටියෙ…..

” ආ….ආකේශ්…..එන්න පුතේ ….වාඩිවෙන්න…මොනවද බොන්නෙ…..” වෙනදා මෙන් නෙවේ නදීකා ටිකක් තැතිගැන්මකින් ආකේශ්ව නිවසට පිලිගත්තෙ ඒ බැල්මෙ පවා ගැබ්වෙලා තිබ්බෙ අමුතු හැගීමක්……ඒ වෙනස ආකේශ්ට දැනුනත් ඔහු එය ගනන් ගත්තෙ නැහැ……

” අන්කල් කෝ ආන්ටි…..” ඔහු සෝෆා එකෙන් වාඩි උනේ මහේශ්ව අහන ගමන්.

” මහේශ් මේ දැන් bathroom එකට ගියේ..ටික වෙලාවක් යයි…..පුතා පොඩ්ඩක් ඉන්නකො….මොනවද බොන්නෙ කියන්නකො මං අරන් එන්න එතකන්…..” නදීකා හිනාවෙලා එහෙම ඇහුවා.

” ම්….දැන්නං බොන්න වතුර එකක් දුන්නනං ඇති ආන්ටි…..උදේම හින්දා බොන්න වෙන මුකුත් ඕන්නෑ…..” ආකේශ් හිනාවෙලා එහෙම කියද්දි නදීකා සාරාට කියලා වතුර වීදුරුවක් ඔහුට ගෙනල්ලා දුන්නා…

” පුතා ඔහොම ඉන්නකො…මං පොඩ්ඩක් අරහෙට ගිහින් එන්නං…..” නදීකා එහෙම කියාගෙනම ඇයගෙ කාමරේට යන්න ගියේ ආකේශ් සාලය මැද තනි උනා….

******************************

ඔන්න අති සංවේදී අය හෙට කතාව කියවද්දි ටිශූස් දෙක තුනක් ලග තියාගෙන හිටියට කමක් නෑ හොදේ……?? බෝනස් කතා දාන්න තහනම් කිව්ව හින්දා ඊයෙ බෝනස් කතාවක් දාන්න බැරි උනා….?admin තමා වග කියන්න ඕන..?

M.Ashka Rashmi❤️

5 thoughts on “ආශාවරී |හැට පස්වන කොටස| නවකතාව |කතා අහුර රචක”

  1. ,අඬන්න ලෑස්ති වෙන්නලු බබාලට ඔන්න…. අශ්කා තමා කියන්නෙ ඉතිම්
    ….අපිව අඬවලා සතුටින් ඉන්නකො හොඳේ…..

  2. Priyadarshani

    අක්කි ටිශූස් ලග තියාගන්න කිව්වේ සතුටු කදුළු පිහදාන්න නේද ?????
    Good luck ???

  3. Hashini Navanjana.

    ? ? ? ? ? ? ? ? ? ? ?
    උනත් කමක් නෑ… සදෙව් ආශි, ආකාශි රුහාන් එකතු කරලා කතාව ඉවර වෙනව නම්…
    ☺️☺️☺️☺️☺️☺️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.