Katha Ahura

ගමන | 27 කොටස

4.8/5 - (6 votes)

ගමන 27 කොටස

” මටත් දැන්නම් හිතෙනවා අයියලා නෙලුම් ඇල්ල බලන්ඩ ඇවිල්ල නැතිව ඇති කියල .නෙලුම් ඇල්ල ලගට මමත් එක දවසක් ගිහිල්ල තියෙනවා ,, එදත් ගොඩක් සෙනග එතන හිටියා .. ”

දමිත් කුසල් දෙස බලමින් පැවසීය.

” දැන් එහෙනම් අපි මොකද කරන්නේ ,, කොහොමද අපි අයියල හංගල ඉන්න ඒ දිය ඇල්ල හොයා ගන්නේ ”

දැන්නම් එන්ඩ එන්ඩම ප්රශ්නය දරුනු වෙන්නට පටන් ගෙන ඇත. කුසල්ගේ වදනින් දමිත් මදක් කල්පනා කරන්නට පටන්ගත්තේය.

” මට දැන් මතක් වුනා,,අයියලා එදා කතාවුනා තවත් දිය ඇල්ලක් බලන්ඩ යන්ඩ,, සමහර විට නෙලුම් ඇල්ල බලන්න්නෙ නැතිව ඒක බලන්ඩ ගියාද දන්නේ නෑ ”

” මොකක්ද ඒ ”

” උමා ඔය ඇල්ල කියල එකක්”

” ඒක බල්න්ඩ කට්ටිය එච්චර යන්නෙ නැද්ද??”

” ඒකනම් මම දන්නෙ නෑ ,, මම එතෙන්ට යන පාරත් හරියටම දන්නෙත් නෑ ,, කාගෙන් හරි අහගෙන තමා අපිට යන්ඩ වෙන්නේ ”

” කරන දෙයක් ඉක්මනට කරමු අපිට දැන්නම් වෙලාව හොදටම අඩු වෙන්ඩයි යන්නේ ”

ඒ සමගම කඩය ඉදිරිපසින් කාරයක් ගියෙය. අර පිරිමි ළමයා එය යන දෙස බලා සිටියේ මහත් #ආශවෙන් ය.

” ආන් අර මල්ලිලා , ඔය කාර් එක යන්නෙත් නෙලුම් ඇල්ල බලන්ඩ තමා ”

ඒ දෙස බලා කඩේ මුදලාලී පැවසුවේය. දැන්නම් තවදුරටත් මෙතන ඉන්න නුවනට හුරු නැත . ඉන් වෙන්නේ කරන්න යන දෙය තව තවත් ප්රාමාද වෙන එකය. කඩෙන් බුලත් විටක් මිලට ගත් දමිත් අනිත් දෙදෙනාත් සමග නෙලුම් ඇල්ල ලග සෝදිසි කරන්නට යන එක නවතා ආපසු ආපු පාරේම ත්රීවීල් රථයේ නැගී එන්නට විය. ඔවුන්ගේ ඊලග ඉලක්කය වුනේ කෙසේ හෝ උමා ඔය දිය ඇල්ල පිහිටා ඇති ඉසව්ව සොයා ගැනීමය.

” ඔය කියන දිය ඇල්ල අපිට ඉක්මනට හොයා ගන්ඩ පුලුවන් වුනොත් හොදයි,, ඒත් බැරි වෙලාවත් ඒකත් නෙවෙයිනම් ”

යන අතරතුරේදි කසුනි පැවසුවාය.

” එහෙම වුනොත් ඉතින්… අපිට වෙන කරන්ඩ දෙයක් නෑ ”

දමිත් පැවසුවෙ බුලත් කෙල පහරක් වාහනයෙන් පිටතට ගසන ගමන් ය.

” අනේ මගේ ලොකු අයියා ”

කසුනිට කවීශගේ රුව මැවී පෙනින.
*********************
ඔවුන් තිදෙනා මෙසේ තවත් දුරක් ගිය මගේම ආපසු එන්නට විය. දමිත් විමසිල්ලෙන් යන මග දෙපස බලමින් යන්නට වුනේ කඩයක දසුනක් දැක් ගැනීමේ අපේක්ශාවෙනි. ඔහුට යලිත් ##වතාවක් බුලත් විටක් හැපීමේ අවශයතාවයක් පැන නැගී තිබින. මේ ලග පාත් අනීවාර්යෙන්ම කඩයක් තිබිය යුතු බව ඔහු අනුමාන කලේය. නෙලුම් ඇල්ල ලගට යන මොහොතේ මේ පෙදෙසේ පුංචිකඩයක් තිබුනා ඔහුට හොදටම මතකය.ඔහුගේ සිතට සතුටක් එක්කරමින් ඒ අඹ ගසක් අසල පිහිටා තිබූ ඒ පුංචි කඩය තව ටිකක් දුර යද්දී ඔහු දුටුවේය. එය ඉදිරියේ ඔහු ත්රීවීලය නැවත්තුවේය.

“ඇයි දමිත් මොකක්ද අවුල ”

කුසල් ඇසුවේ හදිසියේම ඔහු ත්රී වීලය නවත්තපු නිසාය.

” මම ඉක්මනට අර කඩේට දුවල බුලත් විටක් අරන් එන්නම්”

දමිත් පැවසුවේ ත්රීවීලයෙන් බසින ගමන් ය.

” අයියෝ අයියේ ඔයානම් ,, අපි මේ අයියලව හොයා ගන්ඩ බැරිව ගිනි පත්තුවෙලා ඉන්නවා ,, ඔයා මේ බුලත් විට හපන්ඩ හොයනව ”

කසුනි පැවසුවේ මදක් කෝපයෙන් ය.

” නංගි විනාඩියක් ඉවසන්ඩ ,,, මම ටාර් ගාල දුවල් ගිහින් එන්නම් ,, කවුද දන්නෙ මම මේ ආත්මේ කන අවසාන බුලත් විට ඕකද කියලා ”

එසේ පැවසූ දමිත් ඉක්මනින් අඹ සෙවන නම් වූ ඒ පුංචි කඩය දෙසට ඉක්මනින් දිව ගියේය. එසේ දිව යන අරුම පුදුම තරුනයා දෙස කසුනි බලා සිටියේ පුදුමයත් තරහත් මිශ්ර වූ දෑසින් ය.අවුරුදු විස්සකට ###වඩා මදක් වැඩියි සිතිය හැකි ඔහු ත්රීවීලය පදවා ගෙන ගිය හැම වේලාවකදීම මෙන් සිටියේ බුලත් විටක් හපන ගමන්,ය. මේ වයසේ තරුනයකු මෙතරම් බුලත් විටට ඇබ්බහි වී සිටිනවා කසුනි දුටුවේත් පලමු වතාවටය.සම්හරවිට ඔහුගේ මව ඔහු හම්බ වෙනඩ ඉන්න දවස් වල නිතරම බුලත් විට කන්ඩ ඇති,, නැතිනම් ඔහු ඉපදුනු මොහොතේ පලමු වරට දැක ඇත්තේ බුලත් විට හපන කෙනෙකුගේ දසුනක් විය යුතුය. කෙසේ නමුත් ඔහුත් එක්ක අනාගතයේ විවාහවන යුවතියටනම් දෙවියන්ගේම පිහිටයි. ඇගේ පියාට බුලත් වත්තක් , පුවක් වත්තක් ,, දුංකොල වත්තක් හෝ හුනු වත්තක් තිබුනොත් මදක් හෝ සහනයක් ලැබේවී..,කසුනි සිතුවේ එසේය.නමුත් දමිතෙ මේ බුලත් විට කෑමට ඇබ්බැහීවීම නිසා ම තම අයියලාව කොටුකර සිටින පෙදෙස පිලිබදව හෝඩුවාවක් දැන ගන්න ලැබේවී කියා මේ මොහොතේ ඇය සිතුවේ නැත.

****** දමිත් කඩයට ගොඩ වන විට සුපුරුදු පරිදිම වහා කලබලයට පත් වන චූටියා කලබලයට පතව දමිත් දැක් හිදගෙන සිටි පුටුවෙන් නැගිට්ටේය.

” ඔය මල්ලිල මම දැක්ක මීට ටික වෙලාවට ඉස්සරවෙලා මේ පාරෙ ඉස්සරහට යනවා ,, ඒත් ####මම හිතුවෙ නෙලුම් ඇල්ලවත් බලන්ඩවත් යනවද කියලා ”

අඹ සෙවන කඩේ මුදලාලි දමිත් ඉල්ලන ලද බුලත් විට ඔහු අතට දෙන ගමන් පැවසීය.

” නෙලුම් ඇල්ල ලගට යනව කියල හිතාගෙන තමා ගියේ ,, ඒත් ඒක බලන්ඩනම් නෙමේ ”

” එහෙනම් ”

” මේකයි මුදලාලි අපිට පොඩි කරදරයක් වෙලා ”

ඔහුන් තම අයියලා හොයන්ඩ ආ බවත් ,, ඊයේ සිට ඔවුන් පිලිබදව තොරතුරක් නැති බවත් ,, ඔවුන් ගිය වාහනය පිලිබදවත් දිගම දිග විස්තරයක් දමිත් මුදලාලි සමග පැවසීය.ඔහු පැවසූ දේවල් අසා මුදලාලි පුදුම විය, නැත මුදලාලි පමනක් නොව එය අසා සිටි එතන සිටි චූටියාද පුදුමයටත් කලබල යටත් පත් විය. මුදලාලි කඩේ ලග සිටින චූටියා දෙස තරවටුකරන බැල්මක් හෙලූ අතර ,, වහා කලබලයට පත් වන චුටියා ඒ බැල්මට මහ දවල් යකෙකු දුටුවාක් මෙන් බිය විය. ඔහුගෙ මුහුනෙන් දාඩිය වැගිරෙන්න වුනෙත් ඒ නිසාය.

” මල්ලි ඔය කියන වෑන් එකක් ඊයේ මේ පාරෙන් ගියා නෙව. ගියා විතරක් නෙමේ ඒකෙ ගිය ඔයා ඔය කිව්ව හැඩරුව තියෙන මල්ලිල වගයක් මේ කඩේටත් ආවා ,, මට දැන් හිතාගන්ඩ පුලුවන් වෙලා තියෙන දේ ”

මුදලාලි පැවසුවෙ යලිත් #####වතාවක් චූටියා දෙස වහා අලු කරන බැල්මක් හෙලමින් ය.

” ඇයි මොනවද වෙලා තියෙන්නේ ”

අයියලා පිලිබදව හෝඩුවාවක් මෙතනින්නම් අනිවාර්යෙනම දැන ගන්ඩ පුලුවන් වෙයි සිතු දමිත් කුසල්ටත් කඩේට එන්නයැයි ස$$වක් දුන්නේය.

කුසල් පමනක් නොව කසුනිද ඒ ස$$වෙන් කඩය අසලට දිව ගෙන ආහ.

” පාරට බෝක්කුවක් දාන හින්දා ඊයේ මේ පාර වහල තිබුනේ ,, ඔය මල්ලිලත් ඒ හින්දා ඊයේ නෙලුන් ඇල්ල බල්න්ඩ මේ පාරෙන් යන්ඩ විදිහක් තිබුනේ නෑ,, ඔය මල්ලිලගේ අයියලා ඒ හින්දා නෙලුම් ඇල්ලට යන්ඩ වෙන පාරක් අපේ කඩේට ඇවිල්ල තියෙනවා ,,, ඔයාල්ගේ අයියලගෙ තියෙන කරුමෙට ඒ පාර කියල තියෙන්නේ අන්න අර බූරු වහන්සේ ”

මුදලාලි අත දික්කර පෙන්නුවේ චූටියා දෙස බාලාය. චූටියා ලැජ්ජාවෙන් බිම බලාගත්තේය.

” ඒක කියලා තියෙන්නෙ වැරදී පාරක් ,, ඌ කියපු පාරෙ ගියාම අතරමන් වෙන එක ඉතින් අහන්ඩත් දෙයක්ද? ”

“ඇයි ඒ ”

කුසල් ඇසුවේ කුතුහලයෙනි.

” ඇයි කියන්නෙ මල්ලිලා ,, ඒ පාර වැටෙන්නේ දික් කැලේ කියලා පාලු වනාන්තරයකට ,, ” ##### #

දැන්නම් සීයට සීයක්ම ශුවර් අයියලා ගොස් ඇත්තේ ඒ පාරේය. එසේ ගොස අතරමන්වුන ඔවුන් අර මිනීමස් කන යක්ශයාට හා යක්ශනියට අහුවෙන්ඩ ඇති.

” මුදලාලි අපිටත් කියනවද ඔය කියන පාර ”

කුසල් ඇසුවේ මුදල්ලාලි දෙස බලමින්,ය.

” කියන්ඩනම් බැරි මොකෝ මල්ලිලා ,,හැබැයි ඔය මල්ලිලත් ගිහිල්ල අතරමන් වෙයිද දන්නෙ නෑ ”

” කමක් නෑ කියන්ඩකෝ”

මුදලාලි චූටියා දෙස බැලුවේය.

” චූටියා කියපන් ඊයේ අර මල්ලිලට උබ නෙලුම් ඇල්ලට යනවා කියල කියපු පාර ,, උබට මතකද,, උබ හින්ද දැනටමත් ඒ මල්ලිලා වැරදි පාරක් ගිහිල්ලා මොනව වෙලාද කියලා දෙයියො තමා දන්නේ ”

චූටියා මොහොතක් කල්පනා කලේය. චූටියාට ඊයේ කවීශලාට කියන ලද ඒ පාර ගැන තවත් මතකයක් තිබින.ඔහු කියන ලද පාර කුසල් ,දමිත් පමනක් නොව කසුන්ද අවදානයෙන් අසා සිටියහ.

” මේකවත් ඔය මලිලිල යන ගමන එක්ක යන්ඩයි වටින්නේ ,, බොරු පාරවල් කියනවට ”

චූටියා පාර කියා නිහඩ වූ විට මුදලාලී පැවසිය. චූටියා එක්කයාම කෙසේ වෙතත් ,, චුටියාට තම අයියලා යක්ශයන්ට අහුවී ඇති ඒ බිවිසුනු පුවත ##### ##පැවසුවොත් ඉක්මනින් කලබලයටත් බියටත් පත් පත් වන චූටිය ගමන යන්ඩ එන එක කෙසේ වෙතත් එය අසා හොදටම බිය වී අවසන් හුස්ම හෙලීමනම් ඉඩ ඇත.

* කඩේ මුදලාලිට ස්තූතිය පුදකරමින් බුලත් විට පහක්ම මිලට ගත් දමිත් කුසල් හා කසුනි සමග කඩයෙන් ඉවතට ආවේ චූටියාටද සමුදෙන ගමන් ය.
*******************
චුටියා කියන ලද ඒ මග ඔස්සේම ගිය ඔවුන් ඉයේ සුරංග ඒ විශාල නුග ගස ලගින් දකුනට හැරව්වා මෙන් දමිත් ද වාහනය දකුනට හරවා ඒ මග ඔස්සේ ඉදිරියටම ගියහ. මුදලාලි පැවසුවා මෙන් ඔවුන්ට ගමන් කරන්න සිදුවුනේ විශාල වනාන්තරයක් මැද්දෙන් ය. ඒ දික් කැලේ විය යුතුය.එසේ කිලෝ මීටර් විස්සක් පමන දුර ගියපසුව යලිත් මාරගය දෙකට බෙදුන අතර දම්තුත් ඉන් තෝරා ගත්තේ සුරංග මෙන්ම එතනින් පටු පාරයි. ඒ අබලන් වලවල් සහිත පාරේ ගිය දමිත්ට ඉන් පසු සිදු වූයේ විශාල කන්දක ත්රී වීල් රතය එලවගෙන යන්නටය.මේ වනවිට වේලාවත් සෑහෙන්නට ගතව තිබින කුසල් තම phone එක අතට අරගෙන වෙලාව බලන විට එහි සටහන් ව තිබුනේ සවස පහයි දහය ලෙසය. නාලක ඔහුට පැවසුවෙ අදුර වැටෙන්නට ඉස්සර වෙලා කරන දෙයක් කරන්න ##### ###කියාය. නැතිනම් තම අයියා ඒ බ්විසුනු යක්ශයාගේ හා යක්ශනියගේ ගොදුරක් වන බව වැල්ක්වීමට නොහැකි බව නාලක පවසා තිබින. නාලක හරිය මේ වෙලාවේ ඒ කවීශ ඇතුලු අනිත් ගමන ගිය හය දෙනා කොටුකර ගෙන සිටින යක්ශයා හා යක්ශනිය අර විශල කලු ගල ඉව්ත් කර ගෙන ඒ අදුරු ගුහාවට මේ වේලාවේ ඇවිත් තිබින. ඔවුන් දෙදෙනා ගේ දැන් අරමුන වී ඇත්තේ දවසේ එකම කෑම වේල ගැනීමට එය සූදනම් කිරීමයි. ඔවුන් දෙදෙනා අද කෑම වේලට ගන්නේ අසරන කවීශ හා අන්ජලීවයි. එසේ සිතා යක්ශයා අදුරු ගුහාවට ආලෝකය එක්කරමින් ඊයේ සයිමන් විසින් නිමා දමන ලද දර ගොඩ අවිලුවේය.කිසිම දෙයක් කරකියා ගන්නට නොහැකි වුන ගමන ගිය හත් දෙනාම ඊයේ සිටි ආකාරයට ගල් කනුවල කඹවලින් බැද සිටිනව දුටුව යක්ශයා හා යක්ශනිය වියරු සිනාවක් පාන්නට වූ අතර ඒ හිනා හඩ ගල්ගුහාව තුලම හැපී දෝන්කාර දෙන්නට විය.******************ඊලග කොටස gamana

කතාව කියවා කොමෙට්ටුවක් කෙටීම පාපකර්මයක් නොවේ

ඔන්න අද කොටසෙදි මම මීට කලින් තියපු වචන පේලී 209 වාර්තාවත් කඩමින් ගමන කතාව කියවන ඔයාල වෙනුවෙන් අද කොටසට වචන පේලි 221 අති දැවන්ත කොටසක් පලකර තිබේ.
ඒ හින්දා ප්ර්තිචාර oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

✍Sagara Sampath

10 thoughts on “ගමන | 27 කොටස”

  1. Ranmali subasinghe

    Thanks ane….????? hetath digaaaaaaaaaaaa kotasak dendoooooooo….?????? harima lassanai kathawa wenada wagema… hitha ganna be monawa weida kiyala….?????? all the best!!!! ???????????

    2
  2. ඔයාගෙ දිගම දිග කොටස වෙනුවෙන් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️. මොකද හොල්මන් කතාවක් රසවත් වෙන්නෙ ඒක ටිකක් දිග උනාම තමා.ඔන්න යන්තම් බය වෙන්න පටන්ගත්ත ගමන්ම ඊලග දවසට දාල තියෙනව දැක්කම ලොකු ශොක් එකක් එනවා.

  3. Hashini Navanjana.

    අනේ හරිම ලස්සනයී.. මේ වාර්තාවත් අද් කඩලා මීට වඩා දිග………… කොටසක් දාන්නෝ…. කතාව දානකන් ඉවසිල්ලක් නෑ…
    ????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.