Katha Ahura

ආශාවරී |හැට හතරවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

5/5 - (9 votes)

හැට හතරවැනි කොටස

” දැන් ඔයා මොකද්ද කරන්න යන්නෙ ආශී…ම්…අනේ නංගි.මේ දේවල් අත ඇරලා දාන්න….සදෙව් ඔයාව කවදාවත් අත අරින එකක් නැහැ .එයා ඔයාට එයාව අත අරින්න දෙන එකකුත් නැහැ..ඒකෙ කිසිම සැකයක් නැහැ….ඔයාටත් ඕන හැමදාම එයා ලග ඉන්නනෙ…..මේ ප්‍රශ්න අමතක කරලා දාන්න නංගි….මීට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද….මේක මහ ලොකු ප්‍රශ්නයක් නෙවේ ආශී…ප්ලීස් …මේ දේවල් ඇති දැන්….” ආකාශි එහෙම කිව්වෙ ඇයට බැහැ ආශාවරී තවත් විදවනවා දකින්න..

” නෑ අක්කි..මගේ තීරණේ වෙනසක් වෙන්නෑ….මට බැහැ සදෙව්ගෙ ජීවිතේ නිකරුනේ විනාස වෙනවා දකින්න…මට බැහැ…මං නැතත් එයා සතුටින් ඉන්න ඕන අක්කෙ….මට ලබන්න බැරි සතුට එයා හරි කොහොමහරි ලබන්න ඕන…මට ඕන එච්චරයි ..මට ඕන මගෙ සදෙව්ගෙ සතුට…එයාගෙ දියුණුව විතරයි මට ඕන අක්කා…එයා වෙනුවෙන් මං එයාගෙ ජීවිතෙන් සදහටම අයින් වෙනවා…මේක මගේ අන්තිම තීරණය…” ආශාවරී එහෙම කිව්වෙ හිත දස දහස් ගුණේකින් වේදනාවට පත්වෙද්දී …

” අනේ ආශි…ඔයා මොනාද රත්තරං මේ කියන්නෙ…ඔයා කොච්චර සදෙව්ට ආදරේ කලාද…එච්චර ලොකු ආදරයක් එයාට දීලා දැන් ඔයා හදන්නෙ එයාගෙන් ඈත් වෙන්නද…එයා පව් ආශී…සදෙව් කොච්චර දුක් වෙයිද ඔයා එයාගෙන් ඈත් උනොත්…ඒක කරන්නෙපා ආශි….සදෙව් මැරෙයි ඔයාව නොලැබුනොත් ….ඔයාට මොකද වෙන්නෙ සදෙව්ව නොලැබුනොත් ආශී…ආ…ඔයා මොකද කරන්නෙ ආදරේ අහිමි කරගෙන….” ආකාශි අඩ අඩම ඇහුවෙ ආශාවරීගෙ දෑස් වලිනුත් එකපෙළට කදුලු වැල් ගලා ගියා..

” මට මොනා උනත් මොකද අක්කා…මට වෙන්න පුලුවන් හැම දේම වෙලානෙ තියෙන්නෙ …සදෙව්ව මට ලැබෙන්නෑ කියන්නෙ..මං ජීවත් උනත් හරියට මැරිලා වගේ ඉදී….මගෙ හුස්ම තියෙන්නෙ සදෙව් ලග වෙච්චි කොට එයා නැතුව මං කොහොම ජීවත් වෙන්නද…ඒත්…ඒත් එහෙමයි කියලා මට බැහැ සදෙව්ගෙ ජීවිතේ කාලකන්නි කරන්න…මට බැහැ අක්කි…මට බැහැ…මං සදහටම තනිකඩව ඉන්නවා…මට බැහැ සදෙව්ව මැරි කරන්න….හැබැයි මාව නොලැබුනා කියලා සදෙව්ට මැරෙන්න දෙන්න බෑ අක්කි….එයා මාව අමතක කරන්න ඕන…කොහොමහරි ..මොන ක්‍රමේකින් හරි එයාගෙ හිතේ මං ගැන තියෙන ආදරේ නැති කරන්න ඕන…එතකොට එයාට පුලුවන්නෙ මාව සදහටම අමතක කරලා දාන්න…මගෙ හිත කොච්චර රිදුනා උනත්..මුලු හිතම හිස් උනත් මට කරන්න දෙයක් නෑ අක්කා…….ආදරේ කරපු හදවතින්ම මට වෛර කලොත් විතරයි එයාට මගෙන්..මට එයාගෙන් වෙන් වෙන්න පුලුවන් වෙන්නෙ….” ආශාවරී කිව්වෙ අමාරුවෙන් හිත පාලනය කරගන්න ගමන්…. ආශාවරී කියන දේවල් ආකාශි අහන් හිටියෙ හීනෙන් වගේ…ඇයට කිසිම දෙයක් හරියට හිතාගන්න බැහැ….

” නංගි…මේ ඔයාමද අනේ කතා කරන්නෙ….ආ..ඔයාට පුලුවන්ද එච්චර නපුරු වෙන්න..ආ…ඔයාට පුලුවන්ද සදෙව්ට එච්චර ලොකු වේදනාවක් දෙන්න….??” ආකාශි එහෙම අහද්දි අඩ අඩම උනත් ආශාවරීගෙ මුවේ ඇදුනෙ සරදම් හිනාවක්..

” ඔව්…ඒ වේදනාව දවසක එයාට සතුටක් සැනසීමක් නිදහසක් දේවි අක්කි…..මගෙන් ඈත් වෙන එක සදෙව්ගෙ ජීවිතේ ඉදිරි කාලෙ ලස්සන කරයි..මං වගේ පව්කාරියක් කසාද බදින්නෙ නැතුව එයාට පුලුවන් එයාගෙ ජීවිතේ වෙන කෙනෙක් එක්ක සතුටින් ගත කරන්න..මටත් ඕන එයා එහෙම ජීවත් වෙනවා දකින්නයි අක්කි….මට ආදරේ කරපු හිතින් මං කැමති මට වෛර කරලා එයාට කොහොමහරි මාව අමතක වෙනවට…”

” මේ හැමදේකටම හේතුව ආකේශ්ද….ආ..එයාද ඔයාට මේ හැමදෙයක්ම කිව්වෙ….ආ….” ආකාශි ටිකක් කේන්තියෙන් එහෙම අහද්දි ආශාවරී ඇය දිහා බැලුවෙ හිස් බැල්මකින්….

” කවුරු මොනා කිව්වත් මොකද අක්කි දැන්…..” ආශාවරී එහෙම කියද්දි ආකාශිගෙ කේන්තිය වැඩි උනා…

” හහ්…එයා තමා මේ ගිණි ගෙඩිය දෙන්නැත්තෙ…මං බලාගන්නංකො එයා ගැන…”

” අක්කා…මට ටිකක් තනියම ඉන්න දෙන්න…මගෙ ඔලුව රිදෙනවා …මට පාඩුවෙ ඉන්න දෙන්න…ප්ලීස් ඔයා දැන් මෙතනින් යන්න….” ආශාවරී එහෙම කිව්වෙ අන්තිමේදි ආකාශි මොන දේ කිව්වත් ආශාවරීගෙ මුරණ්ඩු තීරණේ නම් වෙනස් උනේ නැහැ….ආකාශි තමන්ගෙ නංගිට කල්පනා කරන්න ඉඩ දීලා කාමරෙන් යන්න ගියා…

මේ අතරෙ රුහාන් ආකේශ්ගෙ ගෙදර ගියේ තරමක් කේන්තියෙන් ….ඔහුව හමුවෙලා ඔහු එක්ක ආශාවරීගෙ ප්‍රශ්නය කතා කරන්න රුහාන් හිතා හිටියෙ…

” ආ…මචං…උඹ…??” ආකේශ් පුදුමයෙන් එහෙම කියාගෙනම දොර ඇරලා රුහාන්ව ගේ ඇතුල්ට ගත්තෙ ගෙට ඇතුල් උන ගමන්ම රුහාන් ආකේශ්ට සැර පහරක් මූණට එල්ල කලේ අත මිට මොලවලා..

” ආහ්…” ආකේශ් මූණත් අල්ලන් එහාට විසි වෙලා බිත්තියෙ වැදුනෙ රුහාන් කේන්තියෙන් පිපිරි පිපිරි ඔහු දිහා බලා හිටියා …රුහාන්ගෙ හැසිරීමට ආකේශ්ට ආවෙ ලොකු පුදුමයක්..ඒ පුදුමය පිටින්ම ආකේශ් රුහාන් දිහා ඇස් ලොකු කරගෙන බලා හිටියෙ ලේ බේරෙන තමන්ගෙ නහය අතකින් වහගෙන…

” රුහාන්….” ආකේශ් පුදුමය මුසු හඩකින් එහෙම කියද්දි රුහාන් අඩියට දෙකට ආයෙම ඔහු සමීපයට ආවා..

” කට වහපන් @$@&…මොකද්ද යකෝ උබ අර කරලා තියෙන්නෙ….ආ..@$% වැඩ කරන්නෙ…තමුසෙට ලැජ්ජා නැද්ද ඕයි…” රුහාන් අතක් දික්කර කර කිව්වෙ ආකේශ් අනුමාන කලා මේ ඔහුගෙ කේන්තිය ආශාවරීගෙ ප්‍රශ්නයෙ ප්‍රතිපලයක් කියලා…

” මොකද්ද උඹ දැන් කියන්නෙ…..??” හැකිතරම් සන්සුන් වෙමින් ආකේශ් ඇහුවා..ඔහුට රුහාන්ගෙ පහර හොදටම රිදිලා තිබුනෙ..පහරෙ වේදනාවට වඩා ඔහුගෙ හිත වේදනා දුන්නෙ තමන්ගෙ හොදම යාලුවා කවදාවත් නැතුව තමන්ට අතක් උස්සපු එකට…

” කියන්නෙ…කියන්නෙද??…උබ මොකද්ද යකෝ අර කරපු පාහර වැඩේ….ආ…උබ මොකටද මං උබට කිව්ව ආශිගෙ ලෙඩේ ගැන ඒකිට කියන්න ගියේ…ආ…” රුහාන් දත්මිටි කකා එහෙම අහද්දි ආකේශ්ට සරදම් හිනාවක් ගියා.

” හහ්..ඒකද මේ….ඒ හින්දද මේ උබ මට ගැහුවෙ…ආ…ශා..ශා..ශා..මාරම සතුටුයි මට…මාරම සතුටුයි…මගෙ best friend අද මට කෙල්ලෙක් හින්දා අත ඉස්සුවා නේද….හහ්…මාරම සතුටුයි මට…'” ආකේශ් එහෙම කියද්දි රුහාන් තමන්ගෙ කේන්තිය හැකි තරම් අඩු කරගන්න බැලුවා…

” මේ අහපන් ආකේශ් …කෙල්ලෙක් හින්දා මං උබට අත ඉස්සුවෙ නැහැ….මං උබට ගැහුවෙ ආශි කියන්නෙ මගෙ නංගි කෙනෙක් හින්දා….උබ කරපු කැත වැඩේටයි මං උබට ගැහුවෙ…උබේ වාසියට ඒකිගෙ ජීවිතේ උබ විනාස කරන්නද හදන්නෙ…ආ. ..උබට ලැජ්ජා නැද්ද යකෝ…කවදාවත් කරපු නැති දෙකයි පනහෙ වැඩ කරන්න….” රුහාන් එහෙම කියද්දි ආකේශ් තරමක් කේන්තියෙන් ඔහු දිහා බැලුවා..

” මේ…රුහාන්….කවදාවත් නොකරපු වැඩ කරන්න හේතුවත් තමුසෙගෙ මහ ලොකු නෑනාම තමා….මං ආශිට ආදරෙයි බං…තේරුම් ගනින්…මට ඒකිව ඕන….මට ඒකිව මැරි කරන්න ඕන….”

” හහ්…මචං…ඒකි උබට ආදරේ නැහැ….ආශිගෙ මුලු ලෝකෙම සදෙව් විතරයි ….උබට අඹමල් රේණුවක තරම් වත් කැමැත්තක් ඒකිගෙ හිතේ නැහැ …ඒක මට සීයට දෙසීයක් ශුවර්…….ප්ලීස් මේක අත ඇරලා දාපන්…..” රුහාන් ඔහුට හැකි තරමින් ආකේශ්ට තේරුම් කරලා දෙන්න උත්සාහ කලා…

” හහ්…කමක් නැහැ….එයා මට ආදරේ නැති උනාට කමක් නැහැ…මං එයාට ආදරෙයි නෙහ්….අනික ….අපි මැරි කරාම ඒක හරියයි….එයා මාව මැරි කලාම කොහොමත් එයාට මට ආදරේ කරන්න වෙනවා….” ආකේශ් එහෙම කිව්වෙ රුහාන් හිත යටින් හිනා උනේ මෙහෙමත් බූරුවෙක් කියලා හිත හිත…

” හහ්…උබට මොලේ හොද නැද්ද ආකේශ් ….ආ…බැන්දට පස්සෙ උබට ආශි ආදරේ කරයි කියලා උබ කොහොමද කියන්නෙ…ආ…ඇරත්…උබට ඇයි ආශිගෙ ලෙඩේ ගැන ප්‍රශ්නයක් නැත්තෙ…ම්….උබ එයාව බැන්දොත් ලමයි හදන්න බෑනෙ….එහෙම දැන දැනත් උබ ඇයි ආශිවම මැරි කරන්න හිතන්නෙ…ආ..” රුහාන් එහෙම ඇහුවෙ දෑස් හීන් කරලා ආකේශ් දිහා බලමින්.

” ඒක තාම මට වත් හිතාගන්න බැහැ රුහාන් ….මං ආශිට ආදරෙයි ..මට ඕන එයාව විතරයි ..එයාගෙ අසනීප මට වැඩක් නැහැ…” ආකේශ් ලොකු හුස්මක් පිටකරලා එහෙම කිව්වෙ හදවතින්මයි….

” මචං..ඒ වගේම සදෙව්ත් හිතුවොත්….?? ” රුහාන් එහෙම කියද්දි ආකේශ් මොහොතකට කල්පනාවට වැටුනා….

ඇත්තටම සදෙව් ආශාවරීට කොච්චර ආදරේ කරනවද කියනවනං ඔහුට ඕන ඇයම…ඇගේ ආදරයම පමණයි…..ඇයගෙ අසනීප සදෙව්ට වැඩක් නැහැ….ආශාවරීට කවදාවත් මවක් වෙන්න බැහැ කියලා ඔහු දැනගත්තා උනත් ඔහුට නං එය ප්‍රශ්නයක් වේවි කියලා හිතන්න බැහැ….ඒ නිසාම දැන් ආකේශ්ගෙ හිතට බයක් ඇතුල් උනේ ඔහු හිතනවා වගේම සදෙව්ත් හිතුවොත් තමන්ට කවදාවත්ම ආශාවරීව නං හිමි කරගන්න බැරි බව ආකේශ්ට තේරුනා….

” බෑ රුහාන් …මොන දේ උනත් ආශාවරී මගේ..එයාව මං සදෙව්ට දෙන්නැහැ…කොහොමත් මං හිතන්නැහැ ආශාවරී සදෙව්ව මැරි කරන්න හදයි කියලා මේ ප්‍රශ්න දැන දැනත්…මොකද මං දන්න තරමින් කෙල්ල සදෙව්ට ගොඩක් ආදරේ කරනවා…ඒ ආදරේම මට පුලුවන් ප්‍රයෝජනයට ගන්න…ඒ ආදරේම මට පුලුවන් ආශිව සදෙව්ගෙන් සදහටම ඈත් කරන්න පාවිච්චි කරන්න…ඔව්…එහෙම කරලා මං ආශිව ඉක්මන්ටම මගේ කරගන්නවා….” ආකේශ් කිව්වෙ දැඩි අධිශ්ටානයෙන් ….තමන්ගෙ යාලුවාගෙ හැටි දන්න හින්දාම මෙවර නං රුහාන් තරමක් බය උනේ මොකද ආකේශ් කියන්නෙ දෙයක් හිතුවොත් ඒ දේ කරලාම පස්ස බලන කොල්ලෙක් හින්දා…

” එහෙනං උබ මේකත් මතක තියාගනින්…..මං කවදාවත් උබට ආශිව මැරි කරන්න දෙන්නෑ….ආශි මැරිකරන්න ඕන එයා ආදරේ කරන සදෙව්ව විතරයි …ආදරේ කියන්නෙ මොන වගේ හැගීමක් ද කියලා දැන් මං දන්නවා ආකේශ්….ඒ ආදරේ නැතුව ජීවත් වෙන්න බැහැ….ඒ වගේමයි ආශියි සදෙව්යි…ආශිට සදෙව්ගෙ ආදරේ අහිමි වෙන්න මං ඉඩ තියන්නෑ…..සොරි මචං….උබ මගෙ යාලුවා තමා…ඒත් උබ කරන්නෙ ලොකු වැරැද්දක් …..ඒ වැරැද්ද වෙන්න මං ඉඩ තියන්නෑ…..උබට මං කවදාවත් ආශිව මැරි කරන්න දෙන්නෑ ආකේශ් ……කවදාවත් .උබ මං කියන දේ අහන්නෑනෙ…ආයෙ මං උබට…උබේ කිසි දේකට නැහැ….සොරි….” රුහාන් එහෙම කියාගෙනම ආපිට එන්න ආවෙ ආකේශ් වේදනාවෙන් ඔහු යන දිහා බලා හිටියා…මේ වැඩ වලින් ආකේශ්ට තමන්ගෙ හොදම යාලුවව නැතිවෙන අතර එය දැන දැනම උනත් ඔහු ආශාවරීව ලබා ගන්න උත්සාහ කරන්නෙ ඔහු ඇයට ආදරේ කරන නිසා…ඔහුට මේ මොහොතෙ අවශ්‍ය මොන ආකාරයෙන් හරි ආශාවරීව ලබාගන්න විතරමයි….

මහේශ් නදීකා එක්ක ගෙදර එද්දි තරමක් දවල් වෙලා තිබ්බා…මහ වැස්ස තවමත් එහෙම්මයි….මේ මහ වැස්ස…..ගස් වැල් අඹරන් හමා යන මේ හුළග…..අනාගත කුණාටුවක පෙරනිමිත්තක්ද…..

මහේශ් ගෙදර ආව හැටියෙ වෙලා තියෙන හැමදෙයක්ම ආකාශි ඔහුට කිව්වෙ මහේශ් ඒ හැමදෙයක්ම අහන් හිටියෙ ආකේශ් ගැන උපන් කේන්තියකින්….

” මොකක්…මං ඌට එදා කිව්වා..මගේ දූගෙ හිත කැඩෙන මොනම දෙයක් වත් කරන්න එපා කියලා…ඌ ඒ කියන්නෙ මං කිව්ව දේ සත පහකට අහලා නැහැ……හහ්…මං ඕකව මරනවා මගෙ දූට ආයෙ මොනා හරි උනොත්…හහ්….ඌ දන්නෑ මගේ හැටි….පාහරයා…” හයියෙන් හුස්ම ගන්න ගමන් කේන්තියෙන් පිපිරි පිපිරි මහේශ් කිව්වෙ ඔහුගෙ කේන්තිය දැක්ක ආකාශියි නදීකායි නං හොදටම බය උනා….

” ප්ලීස් ..මහේශ් …කලබල වෙන්නෙපා…..අපි ඉස්සෙල්ලාම මේ ගැන ආශිගෙන් අහලා ඉමු….දූ මේ වෙලාවෙ මොන තත්වෙකින් ඉන්නවද කියලා කවුද දන්නෙ….අපි මේ වෙලාවෙ අපේ දූ ලගින් ඉන්න ඕන මහේශ් …..අනිත් දේවල් ඔයා පස්සෙ බලාගන්න….දැන් අපි යං දූ එක්ක කතා කරන්න ඒ ගැන. .අපිට බැරිවෙන එකක් නැහැනෙ මහේශ් සදෙව්වයි ආශිවයි එකතු කරන්න….නේද…..මං හිතන්නෑ සදෙව් ආශිගෙ අසනීපය ගැන දැනගත්තා උනත් එයා දූව අත අරියි කියලා….නේද මහේශ් ..ම්…” ඇස් වල කදුලු පුරෝගෙන නදීකා ඇහුවෙ තමන්ගෙ චූටි දූ ගැන ඇයට දැනුනෙ කියාගන්න බැරිතරම් ලොකු දුකක්…

” හ්ම්…අනේ මංදා නදී…..මාත් හිතන්නෑ සදෙව් ආශිව අත අරියි කියලා….ඒත්..ඒත් මට බය කුසුම් ගැන….මා එක්ක තියෙන තරහට මෙයා කවදාවත්ම සදෙව්ට දූ එක්ක එකතුවෙන්න ඉඩ දුන්නැති උනොත්……මට හිතාගන්න බැහැ නදී…කුසුම් දැන් හරිම නපුරුයි …..කියන කිසිම දෙයක් අහන්නෑ….එක අතකට ඒක එයාගෙ වැරැද්දකුත් නෙවේ….මොන අම්මාද කැමති තමන්ගෙ දරුවට වැරදෙනවට….දූ සදෙව්ව මැරි කලොත් සදෙව්ගෙ ජීවිතේම කාලකන්නි වෙයි….සදෙව් ඒ ගැන හිතන්නැති උනත් කුසුම් නං මං හිතන්නෑ මේ දේ දැනගත්තොත් කවදාවත්ම දූට සදෙව්ව මැරි කරන්න ඉඩ දෙයි කියලා….” මහේශ් එහෙම කිව්වෙ නදීකාට ලොකු හුස්මක් පිට උනා…ඒ හුස්මෙ කියාගන්න බැරි තරම් දුක් කන්දරාවක් ගොඩ ගැහිලා තිබුනා කියන්න මහන්සි වෙන්න ඕන්නෑ…..ඒත් මහේශ්ගෙ කතාබහ නං ආකාශි අහන් හිටියෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව ….නලලත් රැලි කරගෙන මහේශ් දිහාම බලා හිටිය ආකාශිට ලොකු කුතුහලයක් ආවෙ කවුද කුසුම් කියන්නෙ කියලා ….ඇයට ඇගේ පියා කතා කරපු දේවල් අනුව හිතුනෙ කුසුම් කියන්නෙ සදෙව්ගෙ අම්මා කියලා වගේම ඇයට ආව ලොකුම ප්‍රශ්නය තමා තමන්ගෙ පියා කොහොමද සදෙව්ගෙ අම්මා ගැන මෙච්චරටම දේවල් කිව්වෙ කියලා…..නදීකා එක්ක කතා කරලා ඒ සැනින් මහේශ් කාමරෙන් පිටව ගියේ ආශාවරී එක්ක කතා කරන්න කියලා ….නදීකාත් ඔහු පසුපසින් යන්න හදද්දිම ආකාශි ඇයව අතින් අල්ලලා නැවැත්තුවා .

” මමී…..මට දෙයක් දැනගන්න ඕන…..” ආකාශි එහෙම කියද්දි නදීකා ඇය දිහා කුතුහලයෙන් බැලුවෙ.

” කුසුම් කියන්නෙ……ඒ….ඒ සදෙව්ගෙ මමීද….??” ඇය අඩමානෙට එහෙම අහද්දි නදීකාට ලොකු හුස්මක් පිට උනා….ඇය හිස වනලා කිව්වෙ ඔව් කියලා…

” එතකොට …..එතකොට …අපේ ඩැඩී කොහොමද …ඩැඩී….” ආකාශි ගොතගගහා එහෙම අහද්දි ඇයගෙ ප්‍රශ්නය අහලා නිම වෙන්න කලින්ම නදීකා කතා කරන්න ගත්තා..

” ඩැඩී කොහොමද කුසුම් ගැන දන්නෙ කියලද ඔයා අහන්නෙ…..ආ…”

” ඔව් මමී….අපේ ඩැඩී කොහොමද ඒ ආන්ටි ගැන අච්චර දේවල් දන්නෙ….අච්චර දේවල් කිව්වෙ නිකන් අනුමාන කරලද….එහෙම නැත්තං ඩැඩී ඒ ආන්ටිව අදුනනවද…..??” ආකාශි නලලත් රැලි කරගෙන එහෙම අහද්දි නදීකාගෙ හිත පුදුම විදිහට වේදනා දෙන්න ගත්තෙ කුසුම් කියන්නෙ මහේශ්ගෙ කවුද කියලා මතක් වෙලා…කුසුම් නිසා මහේශ්ගෙ හිතේ කවදාවත්ම නදීකා කෙරෙහි ආදරයක් ඇති උනේ නැහැ….නදීකා කෙතෙක් තම සැමියාට ආදරය දැක්වුවත් ඔහුගෙ මුලු හිතම තවමත් වසාගෙන ඉන්නෙ කුසුම් හින්දා ඔහුට නදීකාට ආදරේ කරන්න බැහැ……ඒ බව පසක් උනහම නදීකාට දැනෙන්නෙ ලොකු වේදනාවක් …දරුවන් දෙදෙනෙක් හිටියත් කවදාවත්ම තම සැමියාගෙන් ආදරයක් නොලබපු ගැහැණියක් ඇය……කොහොමත් මේ ආත්මයෙ නං නදීකාට මහේශ්ගෙ ආදරය ලැබේවි කියලා හිතන්න බැහැ…

” ඔව් දූ….ඩැඩී කුසුම්ව හොදටම අදුනනවා….ගොඩාක් හොදට……” නදීකා හිත කෙතරම් රිදුම් දුන්නත් ආකාශිට මහේශ්ගෙයි කුසුම්ගෙයි අතීතෙ කිව්වෙ ආකාශි ඒ හැමදෙයක්ම අහන් හිටියෙ ඇස් ලොකු කරගෙන පුදුමයෙන් ….හැබැයි නදීකා මහේශ්ගෙන් කුසුම්ට දරුවෙක් ලැබෙන්න හිටි වග විතරක් ආකාශිට සැගවුවා….මොකද ඒ දේ මහේශ්ගෙ චරිතය හා සම්බන්ද ප්‍රබල කාරනාවක් හින්දා වගේම කටක් ඇරලා ඒ වගේ දෙයක් ගැන තමන්ගෙ ලොකු දුවට කියන්න නදීකාට හිතුනෙ නැහැ…….ඒ නිසාම මහේශ්ගෙයි කුසුම්ගෙයි අතර සම්බන්දෙ ප්‍රබලම සාධකය නදීකා ආකාශිට කිව්වෙ නැහැ….මහේශ්ගෙයි කුසුම්ගෙයි ප්‍රේමය ගැන දැනගත්ත ආකාශි හිටියෙ අන්දමන්ද වෙලා වගේ……..

මේ මොනාද මට ඇහෙන්නෙ…..අපේ ඩැඩීගෙ first affair එක සදෙව්ගෙ මමීද…..ඒ හින්දද ඩැඩී සදෙව්ට කැමති උනේ….තමන්ගෙ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙ පුතා හින්දද ඩැඩී සදෙව්ට ආශිව මැරි කරන්න කැමත්ත දුන්නෙ……ඔව්…ඒකම තමා හේතුව…..නැත්තං අපේ ඩැඩී මේ විදිහට වෙනස් වෙන්න විදිහක් නැහැනෙ….ඒත්…..ඒත් ඇයි ආන්ටි ඩැඩී එක්ක තරහින් ඉන්නෙ…..ඩැඩී කිව්වෙ එහෙමනෙ….එයා ඩැඩී එක්ක කොහොමත් තරහින් ඉන්න හින්දා ආශිවයි සදෙව්වයි එකතු කරන එකට එයා අකමැති වෙයි කියලා ඩැඩී කියන්නෙ ඇයි……මොකද්ද එයාලා දෙන්නා අතර තියෙන තරහව….ඇයි ආන්ටි ඩැඩී එක්ක කේන්තියෙන් ඉන්නෙ……මට හිතාගන්න බැහැනෙ……” ආකාශි කල්පනාවට වැටුනා…..ඇයට මතක් වෙන්න ගත්තෙ සදෙව් hospital admit කරලා ඉන්දැද්දි ආශාවරී ඔහුව බලන්න ගියහම කුසුම් හැසිරුන ආකාරය…..ඇය මහේශ් දිහා බැලුව බැල්මෙ පවා තිබ්බෙ ලොකු කේන්තියක් …..එච්චර ලොකු කේන්තියක් ඇයට එන්න මොකද්ද හේතුව…..තමන්ගෙ පියා හින්දද කුසුම් ආශාවරීට එදා සදෙව්ව බලන්න ඉඩ දුන්නෙ….ඒ වගේම තමන්ගෙ පියා හින්දමද ආයෙ ආශාවරීට සදෙව් හා සම්බන්දකම් පවත්වන්න එපා කිව්වෙ…..ඒ හැම සිදුවීමක්ම ආයෙ ආයෙම ආකාශිගෙ හිත උඩට එද්දි ඇයට තේරුනා කවදාවත් නැතුව තමන්ගෙ තාත්තා මෙච්චර වෙනස් වෙන්න හේතුව කුසුම් පමනක්ම වෙන බව…..

ඒ කියන්නෙ….මට වැරදිලා ….ඩැඩී කවදාවත්ම කාටවත්ම ආදරේ කරලා නැතුව ඇති කියලා මං හිතුව එක බලන් ගියාම සම්පූර්ණයෙන්ම වැරදියිනෙ…..ඩැඩිත් ඉස්සර ආදරේ කරලා තියෙනවා….දැනුත් ආදරේ කරනවා….ඔව්….ඩැඩී එදා ඒ ආන්ටි දිහා බැලුව බැල්ම..මට මතකයි..ඒ බැල්ම මං කවදාවත් ඩැඩීගෙන් දැකලා තිබුන්නෑ.. …..එදා ආන්ටි කොච්චර අපිට කෑගැහුවත් ඩැඩී මුකුත්ම කිව්වෙ නැත්තෙ. .තාමත් ඩැඩී ඒ ආන්ටිට ආදරේ හින්දානෙ….අනේ…පව් මගේ මමී…එයාට කොච්චර දුක ඇත්ද ….ඒත්….ඒත් මට තියෙන ප්‍රශ්නෙ ඇයි ඒ ආන්ටි ඩැඩී එක්ක තරහා කියන එක….ඒකට හේතුව ඩැඩී සදෙව්ට ගස්සපු එකද…..නැත්තං වෙන මොකක් හරිද…affair එක කැඩුනට මෙච්චර කේන්ති ගන්න හේතුවක් නෑනෙ….ඒවා සාමාන්‍ය දේවල්නෙ…මටනං මුකුත් හිතාගන්න බැහැ…..එක්කො මෙතන තව ලොකු දෙයක් හැංගිලා තියෙනවා අපි දන්නැති….එහෙම නැත්තං මමී මට ඩැඩී ගැන නොකියපු තව දෙයක් ඇති…..

ආකාශි හිතන්න ගත්තා….ඔව්…ඒ දේ ඇත්ත….ප්‍රශ්නයක් තියෙනවා ….ප්‍රශ්නෙට ගැලපෙන උත්තරය හොයාගන්න ලොකු කතාවක් තියෙනවා..ඒත් ඒ කතාව සම්පූර්ණයෙන්ම නොදැන උත්තරය හොයාගන්න බැහැ…..එක නොදන්න සියුම් කරුණකින් උනත් පිලිතුර වැසී යන්න ඉඩ තියෙනවා….ආකාශිට වෙන්නෙත් ඒ දේමයි….මහේශ්ගෙ අතීතෙ ගැන ඇය නියමාකාරයෙන් දන්නැති හින්දා කුසුම්ගෙ හිතේ මහේශ් ගැන තියෙන කේන්තියට නියම හේතුව ඇයට හොයාගන්න බැහැ……. ඇය නියම කතාව දන්නවා නං සමහරවිට මේ ප්‍රශ්න සේරම උනත් ඉක්මන්ටම විසදගන්න බැරි වෙන එකක් නැහැ……..

ආකාශිට කල්පනා කරන්න ඉඩ දීලා නදීකා කාමරෙන් පිට වෙලා ගියේ ආශාවරී එක්ක කතා කරන්න කියලා…. උඩු මහලට පිය නැග්ග ඇය දැක්කෙ මහේශ් ආශාවරීගෙ කාමරේ දොර ලග හිටගෙන කල්පනා කරනවා…

” මහේශ් ….ඇයි මේ..යං….දූ එක්ක කතා කරමු…” නදීකා මහේශ්ගෙ උරහිසින් අතක් තියන ගමන් කිව්වෙ ඔහු හරි අසරණව හිනා උනා…

” හ්ම්….යං…..ඒත් මට බයයි නදී……දූ එයාගෙ අසනීපය ගැන පිට කෙනෙක්ගෙන් දැනගත්ත එක මටමහ මොකද්ද වගේ…..මට බය එයා ආයෙම මා එක්ක තරහා වේවිදෝ කියලා…..අපි එයාට ඒ ගැන කිව්වෙ නැති එකට….” ලොකු හුස්මක් පිටකරලා ඔහු එහෙම කිව්වෙ නදීකා මහේශ් දිහා දුකෙන් බැලුවා…..මහේශ්ගෙ කවදාවත් නැතුව මේ සංවේදී බොළද හැසිරීම නදීකාගෙ දෑස් කදුලින් පිරෙව්වා….

” හ්ම්….ඒ ගැන හිතන්නෙපා මහේශ් …..දූගෙම හොදටනෙ අපි ඒ ගැන එයාට නොකිව්වෙ…..අපි එයාට තේරුම් කරලා දෙමු…..යං…..” නදීකා එහෙම කියාගෙනම ආශාවරීගෙ කාමරේ දොර ඇරගෙන ඊට ඇතුල් උනා…මහේශුත් ඈ පසුපසින් කාමරේට ඇතුල් උනා….

” දූ……..” නදීකා කතා කලේ ඒත් ඇයගෙන් කිසි සද්දයක් නැහැ…..ආශාවරී කාමරේ ඇතුලෙ හිටියෙ නැහැ…..මහේශ්ගෙ හිත පුදුම විදිහට ගැහෙන්න ගනිද්දි ඔහු කලබලෙන් නදීකා දිහා බැලුවා…ඇගේ දෑසුත් ගොඩක් කලබල වෙලා තිබුනෙ …

” දූ…..ආශි…..” තරමක් හයියෙන් මහේශ් කෑගැහුවෙ මුලු කාමරේම අස්සක් මුල්ලක් නෑරම පීරන ගමන්….

” මං මෙහේ….” එවිට ආශාවරීගෙ හඩ ඇහුනෙ කාමරේට අල්ලලා හදලා තිබ්න යාබද කුඩා සිතුවම් කාමරෙන්….මහේශ්, නදීකා ඒ කාමරේ ඇතුල්ට ගියා නෙවේ දිව්වා….ඔවුන්ගෙ හද පුදුම විදිහට බය උනේ දුකෙන් ඉන්න තමන්ගෙ චූටි දූ ආයෙම කරදරයක් කරගනී කියලා…..

සිතුවම් කාමරේට ගිය මහේශ් සහ නදීකා දැක්කෙ කාමරේ මැද සිතුවමක් ඇද ඇද ඉන්න ආශාවරීව……ඇගේ දෑත් දිය සායම් වලින් නැහැවිලා තිබුන අතර ඇය ඉදිරියේ තිබ්බ බෝඩ් එකේ විශාල සුදු චිත්‍ර කොලයෙ බාගෙට සිතුවම් වෙලා තිබුනෙ සදෙව්ගෙ රුව…..

” ආශී…..මොකෝ පැටියා මේ….” නදීකා අඩ අඩම ආශාවරී ලගට ආවෙ ආශාවරී සමච්චලයට හිනා උනා…

” මමී..?…මමී හිතුවද මං ආයෙ මොනා හරි කරගනී කියලා…ආ….නෑ…මමී …මමියි ඩැඩියි බයවෙන්නෙපා ….මං ආයෙ මගෙ ජීවිතේ නැති කරගන්න හදන්නෑ……” ආශාවරී එහෙම කිය කියම සිතුවම සම්පූර්ණ කරන්න ගත්තා…..

” දූ මොකද්ද අර අක්කාට කියලා තියෙන්නෙ….ම්…..සදෙව්ගෙන් ඈත් වෙනවා කියලා…..” මහේශ් වචන ගලප ගලප ඇහුවෙ ආශාවරී සන්සුන්ව සිතුවමේ පාට තැවරුවා…

” ඔව්….මං එහෙම දෙයක් කිව්වා තමා ඩැඩී….ඇයි …ඒකෙ වැරැද්දක් තියෙනවද….??” ආශාවරී ආපිට ප්‍රශ්නයක් ඇහුවෙ….

” ඇයි ඔයා එහෙම කරන්න හදන්නෙ දූ…..ඔයා හොදටම දන්නවා ඔයා ගොඩක් සදෙව්ට ආදරේ කරනවා කියලා….එහෙව් එකේ මේ වගේ තීරණයක්….??” මහේශ් නලල රැලි කරගෙන එහෙම ඇහුවා….

” ඩැඩී දන්නවා මං ඒ වගේ තීරණයක් ගන්න හේතුව……” ආශාවරී එහෙම අහද්දි නං මහේශ්ට කට උත්තර නැති උනා…

**************************

Extremely sorry යාලුවනෙ ගිය දවස් දෙකේ කතාව දාන්න බැරි උනාට….මට වැඩ ගොඩාක් තිබ්බා කරන්න….reports තුන ගානෙ ලියන්න තිබ්බ හින්දා නිවාඩුවක් තිබුනෙම නැහැ…ඉතින් ඒ වැඩ අස්සෙ කතාව type කරගන්න බැරි උනා…අද තමා free දවසකට කියලා තියෙන්නෙ…ඔයාලා කැමති නං මං අද තව කොටසක් දාන්නං…හැබැයි ඉතින් ඒකට admin කැමති වෙන්න ඕන…admin කැමති උනොත් ඔන්න ඔයාලට අද ආශාවරී කොටස් දෙකක්ම කියවන්න දාන්නම්කො…?

M.Ashka Rashmi❤️

11 thoughts on “ආශාවරී |හැට හතරවැනි කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. Chathu indeewaree

    අනේ මේ ප්‍රශ්න ඉක්මණින් කෙළවර කරලා සදෙව් & ආශාවරී ඉක්මණින් එකතු කරලා ලස්සන එන්ඩ් එකක් දෙන්න මැණික. බෝනස් එපිසොඩ් එකක් දෙන්නකෝ අපිට. අපි පව් නේද. දවස් දෙකක්ම ඔයාගේ කතාව නැතුව අපි හිටියා කියන්නේ , තෑගි දෙන්න වටිනවා අපිට. මොකද ඒ තරමට ඇප් එකේ අපි හැමෝම ආසයි මේ කතාවට ගොඩාක්. ඒ වගේම ඔයාටත් ආදරෙයි නංගෝ ගොඩාලියක්ම…

  2. Ane tawa kotasak dannako. Katawa natuwa godaaaak paluwen hitiye .
    Ane admin ekata kamatiwenna plzzzźzzzz.? ?????
    Katawa godaaaak lassanai dr.
    Goodluck. ????????????????????????????

  3. අනේ ඔයාගේ කතාව නැතුව හරි පාළුවෙන් හිටියේ .. අනේ තව කොටසක් දාන්නකෝ..plzzzzzz
    සදෙව්වයි,ආශිවයි ඉක්මනට එකතු කරන්නකෝ.
    Good luck♥️♥️♥️♥️♥️♥️

  4. Hashini Navanjana.

    ඔව් ඔව් අනේ තව කොටසක් ඕනි.. දවස් දෙකක් ඉවසලා ඉදියෙ ගොඩක් අමාරුවෙන්.. ඒ නිසා තව කොටසක් දාන්නකෝ… ගොඩක් ලස්සනයී කතාව.
    ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

  5. Hemanthi ruwan kumari

    චන්දිම sir මෙන් වැන්දා අනෙ කතාවෙ තව කොටසක් දාන්න අවසර දෙන්නකො?????????.මෙ දවස් දෙකෙ කතාව නැතිව ටිකක් අවුලෙන් වුන්නෙ.නංගියො කතාවෙ කුතුහලය,විරහව,බය,කදුළු හැමදාම අපිට දුන්නත් කමක් නෑ.හැබැයි ලස්සන දුක් නැති සතුට වැඩි අවසානයක් ඕනි.best of luck.

  6. Ranmali subasinghe

    Admin aiyagen permision aran thawa kotasak denna nangooo… ?????? pissuwen wage hitiye kathawa nethuwa… ikmanatama me prashne wisadanna.. asi paw kelle… digatama kathawa denna… ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ good luck!!!! ???????????

  7. අනේ තව කොටසා……ක්….. ඕනේ…… දුන්නොත් මන්චි චොකලට් ක්‍රීම් බිස්කට් එකක් දෙනවා අැඩ්මින්තුමාට……අශ්කටත් එකක් දෙන්නම්කෝ…..

  8. kasuni chamalka

    Story එක ගොඩාක් ලස්සනයි.. අනේ තව කොටසක් දාන්න කොහොම හරි.. ප්‍රශ්න ටිකක් ඔක්කොම ඉවර කරලා අශිවයි සදෙව්වයි එකතු කරන්න..

  9. අනේ තව කොටසක් ඕනා..??කොටස් දෙකක්ම මගහැරුනා අපිට.. ?? අනේ කොහොම හරි තව කොටසක් දාන්න අක්කා?? වෙනදා වගේම අදත් ගොඩක් ලස්සනයි කතාව???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.