Katha Ahura

ගමන | 26 කොටස | හොල්මන් ක

4.5/5 - (2 votes)

ගමන 26 කොටස

” නංගී ඔයා … මෙතන මෙහෙම ”

කුසල් ලග සිටියේ තම එකම නැගනිය කසුනිය . මෙය අදහාගන්නටත් ඔහුට අසීරුය.ඇයගේ මුහුනේ තිබුනේ තරගයක් දිනුවාක් මෙන් ජයග්රාහි බැල්මකි.

” අනේ අයියෙ මට මෙහෙම දෙයක් දැනගෙන කොහොමද ගෙදරට වෙලා නිකම් ඉන්නේ ,, එහෙම හිටියනම් මට කල්පනාකරලම පිස්සු හැදෙයි.ඒ හින්දයි මම මෙහෙම පොඩි අයියා පිටිපස්සෙම හැංගිලා ආවේ ,, මට දැන් ආපහු ගෙදර යන්ඩ කියලනම් කියන්ඩ එපා ”

ඇය ඉල්ලා සිටියේ අසරණ දෑසිනි.

” ඔහේ නම්……..අපේ ෆ්ලෑන් ඔක්කොම අවුල් කරන්ඩයි යන්නේ ”

කුසල් කුරුනෑගල බස් නැවතුම්පොලේදී දැක ඇත්තේ තම නංගීට සමානරුවක් තිබූ යුවතියක් නොවේ ,, ඇයම බව මේ මොහොතෙ කුසල්ට වැටහිනි.

” දැන් කුසල් අපි මොකද කරන්නේ මෙයාවත් එක්කගෙන යනවද???”

අර තරුනයා ඇසීය . ඔහු තමාට phone එකෙන් කතා කරන දමිත්ම බව හදුනා ගන්න කුසල්ට වැඩිවේලාවක් ගියේ නැත. ඔහු ඕනාවටත් වඩා බුලත් විට කන බව ඔහු නිතරම phone එකෙන් කතාකරන ඔහුගේ හඩින් කුසල් දැනගෙන සිටියේය. මේ මොහොතේද ඔහු සිටියේ එසේ බුලත් විටක් #හපන ගමන් ය.

” ආපහු මෙයාව ගෙදර යවන්නත් බයේ බෑ ,, අපි ගැන කල්පනා කර කර ගිහිල්ලා පාරෙ යන වාහනේකට යට වෙලා මොනවා හරිවෙයි කියලා මට බයයි,,, ඒ හින්දා මොනව හරි වෙන්ඩ කියලා එක්ක යමු”

” සමහර විට යක්ශය මෙයාගෙ ලස්සන දැකලා මෙයාව මනාලි කර ගනියිදද දන්නෙ නෑනේ ,, එහෙම උනොත් කුසලුයි , කවීශ අයියයි දෙන්නම ඉබේම යකාගේ මස්සිනාල වෙනහින්ද ඉබේම බේරිලා එන්ඩ පුලුවන් ”

දමිත් පැවසුවෙ කසුනි ගේ දෑස් දෙස බලන ගමන් ය. ඇය ගොඩක් රූමත් යුවතියක් බව ඇය දැකපු මුල් ම බැල්මෙන්ම දමිත් වටහා ගැනීය.

” මෙයාව දැකල මනාලි කරගන්න එක කෙසේවෙතත් ,, කොහොම හරි අල්ල්ගෙන ගිහිල්ල උගෙ කෑම වේලක් කරගන්න එකනම් සීයට සීයක් ම ශුවර්”

එයට කුසල් පැවසුවේ එසේය.
**************************************
දමිත් කුසල්ව එක්ක ගෙන යන්ඩ ඇවිල්ල තිබුනේ ත්රීවීල් එහක නැගිලයි ..ඔහු මෙය දවසකට කියා ඉල්ලා ගත්තේ ඔහුගේ බාප්පා කෙනෙකුගෙන් ය.ඔහු කුසල් හා කසුනී දෙදෙනා ත්රී වීල් රතයේ පිටුපසට නගින්න කියා ඉදිරිපස අසුනට ගියේය.ඔවුන් දෙදෙනාම එයට ගොඩවුනු ##පසු ඔහු මොහොතක් වත් පරක්කු නොවී වාහනය ස්ටාට් කලේ ඒ අතිබිවුසුනු මාරක ගමන යන්නට පලමු පියවර තබමින් ය.
****************************
උදේ එකොලහ පමන වනවිට ඔවුන් තුන්දෙනාට පෙරදින කවීශලා පැමිනි නෙලුම් ඇල්ලට යාමට සිතා හරවන ලද ඒ බොරලූ පාර ලගට ඒමට සම්ත විය. දමිත් වාහනය ඒ පාරෙන් හරවා ඒ බොරලු පාරේ දිගටම වාහනය පදවා ගෙන ගියේය. මෙතරම් දුරක් එන ගමන්ම නාලක කුසල්ට දේවාලයේ ඉන්න විට කියූ දේවල් සියල්ලම අකුරක් නෑර අකුරක් දමිත් හා කසුනි සමග පැවසීය. ඔවුන් දෙදෙනා එයා හොදින් ම අසා සිටි අතර කුසල් විසින් පවසන ලද ඒ දේවල් අසා ඔවුන් දෙදෙනාගේ සිත් වලට බියක්නම් නොදැනුනා නොවේ .

එතරම් ගෙවල් මිනිසුන් හමුනොවුන පාරෙ ඔවුන් ඉදිරියටම ගියහ. ටික දුරක් ගිය පසු ඔවුන් දුටුවේ පෙරදින තම අයියලාට නෙලුම් ඇල්ලට යන්ඩ වෙනත් පාරක් කියන ලද චූටියා සිටි විශාල අඹ ගසක් සමීපයේ තිබුනු ‘ අඹ සෙවන කඩේ ‘ නම් වූ ඒ පුංචි කඩයයි. චූටියා කියූ මග ඔස්සේ ගොස් නෙලුම් ඇල්ල බලන්නට ගිය අයියලා වැරදී පාරක ගොස් අතරමන් වුනා කියා කුසල්වත් , දමිත්වත් කසුනිවත් දැන ගෙන සිටියේ නැත. ඔවුන් කෙසේනම් එය දැන ගන්ඩද ??? ඔවුන් තුන්දෙනා ඒ කඩය පසුකර එතනින් ගියේ ඒ නිසාය. එදා කවීශලාට පාර කියූ චූටියාද ඊයේ ###මෙන්ම කඩෙ තිබූ පුටුවක හිදගෙන පාර දෙස බලා සිටියේය. ඔහු දමිත් එලාවාගෙන ගිය ත්රීවිල් රතය දෙස බලා සිටියේ විමසිලිමත් දෑසෙනි, මීට පෙර නොදුටු ඒ වාහනය යන අය අනිවාර්යෙන්ම නෙලුම් ඇල්ල බලන්නට යන අය බව චූටියා විශ්වාස කලේය.
*********************************
ඔවුන් අඹ සෙවන කඩෙට ගොඩවුනානම් ඔවුන්ට අයියලා ගැන යම්කිසි හෝඩුවාවක් අනිවාර්යෙන්ම දැනගන්නට ඉඩ තිබින.නමුත් ඔවුන් ඒ කඩයට ගොඩ වුනේ නැත. ඉදිරියටම ගියහ. පෙර දින අයියලා මේ පාරෙ යදිදී මාර්ගය අවහිර කරමින් පාරට බෝක්කුවක් දමමින් සිටි මිනිසුන් එහි වැඩ සම්පූර්නයෙන්ම නිමා කොට ගොස් තිබුනි. ඒ නිසා ඊයේ අයියලා මෙතනින් ඔවුන්ගේ වාහනය හරවා ගියා මෙන් දමිත්ලට තම වාහනය ආපසු හරවා යන්ඩ සිදුවුනේ නැත. එතනින් ලේසියෙන්ම ඔවුන්ට එහා පැත්තට යාමට හැකිවිය. අයියලා කොටුකරගෙන සිටින්නේ නෙලුම් ඇල්ල ලග නොව ,,විලාප ඇල්ල කියා වෙනත් දිය ඇල්ලක් ලග බව ඔවුන් සිතන්නේ කෙසේද????
*****************************

එසේ තවත් කිලෝ මිටර් පහක්පමන දුර ගිය ඔවුන් වෙන්ත් කඩයක් ලග නතර කෙරුවෙ තම අයියලා ගැන තොරතුරක් දැන ගන්නා අපේක්ශාවෙනි. ####

” මුදලාලි ඊයේ මේ පාරේ හවස ඉස්සරහ නිල් පාට ස්ටිකරයක් ගහපු සුදුපාට කැරවන් වෑන් එකක් ගියා එහෙම දැක්කෙ නැද්ද ??”

කුසල් ඇසුවේ මුදලාලියි ලෙස හැගුනු පුද්ගලායාගෙන් ය. ඔහු මදක් කල්පනා කලේය.

” ඊයේ එහෙම වාහනයක් මේ කඩේ ඉස්සරහින් ගියා කියලා මට නිච්චියක් නෑ ,, ,, පුතේ උබ දැක්කද මේ මහත්තයලා කියන ඔය වාගේ වාහනයක් ඊයේ මේ පාරේ යනවා ”

ඔහු කඩේ අසල ඉන්න අවුරුදු දොලහක පමන වයසේ යැයි සිතිය හැකි පිරිමි ළමයකු දෙස බලා ඇසීය. සමහරවිට ඒ ඔහුගේම දරුවෙකු විය යුතුය.

” නෑ අප්ප්ච්චී එහෙම වාහනයක් යන බව මාත් දැක්කේ නෑ”

“මම හිතන්නෙ ඔය මල්ලිල කවුරුහරි හොයනවා වගේ ”

කඩේ මුදලාලි ඇසුවේය.

” ඔව් අපේ අයියලා ඊයේ මේ ලග තියෙන නෙලුම් ඇල්ල බලන්ඩ කියලා ආවා ,,ඒත් ඊට පස්සේ කිසිම තොරතුරක් නෑනේ ,, ”

දමිත්පැවසුවේ මුදලාලිගේ මුහුන දෙස බලමින් ය.

” ඒකත් එහෙමද ,, හැබැයි මගෙ කොල්ල කියනවනම් එහෙම වාහන යක් දැක්කෙ නෑ කියලා ,, එහෙම එකක් මේ පාරේ ඊයේ හවස ගිහිල්ලා නෑ ,,, මොකද මගෙ කොල්ල හරි ආසයි ඔය වගේ ලොකු වාහනවලට ,, ඉස්කෝලෙ #####ඇරිලා ආපුහම ඉන්නෙම එයා මේ කඩේ ලගට වෙලා පාරේ වාහනයක් යනහැම පාරම ඒක දිහා බලන් ඉන්න්වා ,, ඒකයි මම එහෙම කිව්වේ ”

” අයියෙ ඔය කියන නෙලුම් ඇල්ල බලන්ඩ ගොඩක් කට්ටිය යනවද?”

නාලක දේවාලයෙ කියූ පරිදී තම අයියලා කොටුකර ඇති දිය ඇල්ල පිහිටා තිබෙන්නේ මිනිසුන්ගේ ඇස නොගැටෙන තැනකය. කුසල් එසේ ඇසුවේ ඒ නිසාය.

” යනවද කියලත් අහනවා සමහර දවසවලට වාහන පෝලිමේ ,, නෙලුම් ඇල්ල ගලන්නේ හරියට නෙලුම් මලේ පොහොට්ටුවක් වගේ හින්දා කට්ටිය ඒක බලන්ඩ ආසයි,,මේදවස් වලත් කට්ටිය ටිකක් වැඩිපුර යනවා ”

ඔහුගේ වදන් සමග කුසල් හා දමිත් මූනෙන් මූන බලා ගතහ.
* මුදලාලි පවසන දේ ඇත්තක් නම් නෙලුම් ඇල්ල වැඩිපුර මිනිසුන් ගැවසෙන තැන්ක් වේ,, ඒ වගේ තැන්වල අමුනුශ්ශයන්ට රජ කරන්ඩ අපහසු බව ත් අයියාලා සිරකර ඇත්තේ පාලු මිනිසුන් ගැවසෙන්නෙ නැතිතැනක විය යුතු නිසාත් මේ නෙලුම් ඇල්ල ලගනම් කෙසේ වත් තම අයියලා කොටුවී සිටීමට නොහැකි බව කුසල් සිතුවේය. මුදලාලි පවසන්නෙ බොරුවක්ද?? ඔහු එසේ තමන්ලට බොරු කියා ඇති වන වාසිය මොකක්ද?? එහෙත් මුදලාලිගේ මුහුන දෙස බලද්දී ඔහු බොරු කියන බවක්නම් නොපෙනේ ##### #,,එසේ නම් අයියලා කොටුකර සිටින්නේ කුමන දිය ඇල්ලක් ලගද ??? එය සොයා ගන්නේ කෙසේද???මේ තරම් දුරක් ආපු එකේ නෙලුම් ඇල්ල ලගට ත් ගොස් සෝදිසි කර බලනවද?? එතෙන්ට ගිහිල්ල බැලුවොත් වෙන්නේ අයියලා බේරගන්ඩ ලැබුනොත් එයට තියෙන කාලය තවත් අඩුවන එකයි.එක එකදේවල් ඔස්සේ සිතන්නට වූ කුසල් ගෙ හිස යකාගේ කම්මල මෙනි.ඔහු දමිත් දෙස බැලීය ඔහුගේ අදහස කුමක් වෙයිද??????***********************ඊලග කොටසට gamana

2 thoughts on “ගමන | 26 කොටස | හොල්මන් ක”

  1. Chathu indeewaree

    Good Morning and have a nice day Razzzzzzzzzzzzzzzzzzz . Gdak lassanai me episode ekath. asawen kiyewwa . Ane mona kramekin hari Kusalta ehema Kaweesha ehema giya wilap waterfall eka langata yanna para penwanna. kihonahari kamakne lassana end ekak denna.

    Wish your all the best my dear Razzzzzzzzzzzzzzzzzzz . We are always with you. Have bright future.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.