Katha Ahura

ආශාවරී |හැට හත්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

4/5 - (4 votes)

හැට හත්වැනි කොටස

ඒ වෙන මොකක්වත් නෙවේ….මහේශ්ගෙ පෞද්ගලික ,උණ්ඩ සහිත කුඩා තුවක්කුව….මහේශ් එය බහා තියෙන තැන කුඩා කල සිටම දැනන් හිටියෙ ආකාශි විතරයි…ඒත් එදා මෙදාතුර ඇයට මෙයින් කිසි ප්‍රයෝජනයක් අවශ්‍ය උන්නැති උනත් අද දින එසේ නොවේ….අද ඇය අත ඇති මේ වස්තුව ඇයට සැනසීම දේවි කියලා ඇය තදින්ම විශ්වාස කරනවා…ඒ නිසාම ඇය දෙපාරක් නොහිතම තුවක්කුව සුරතට ගෙන තමන්ගෙ හිසට එල්ල කර තියන් හිටියෙ ඇය දෑස් පියාගෙන මොහොතක් රුහාන්ගෙ රුව මනසෙ ඇදගත්තා…

” මං ඔයාට ආදරෙයි රුහාන්…මගෙ පණටත් වඩා මං ඔයාට ආදරෙයි …මාත් එන්නං ඔයා ලගටම ..සතුටින්…” ආකාශි එහෙම කියාගෙනම හැදුවෙ තුවක්කුව පත්තු කරන්න…ඒත් ඊට කලින් ඇයට ඇහුනෙ හුරුපුරුදු කටහඩක් ඇගේ පසුපසින් .

” ආකාශි ….” ඒ ඇහුන කටහඩට ආශාවරීගෙ දෑස් ඉබේ ඇරෙද්දි ඇයගෙ අත රැදි තුවක්කුව පවා බිම වැටිලා ගියේ ආකාශි පුදුම උනා…ඊලග නිමේශයේදි ඇගේ මුවේ හිනාවක් ඇදිලා ගියේ ඇය සතුටින් ආපිට හැරුනා…..ආපිට හැරුන ආකාශි තමන් ඉස්සරහ හිටි රුව දැකලා කොච්චර සතුටු උනාද කියනවනං ඇගේ දෑස් සතුටින් දිලිසෙන්න ගත්තා…..ඒ වෙන කවුරුවත් නෙවේ හිටියෙ…රුහාන්….හරියටම කියනවනං ඒ රුහාන්ගෙ ආත්මය….සුදට සුදේ බැබලි බැබලි ඉන්න රුහාන් හරි ලස්සනට ආකාශි එක්ක හිනාවෙවී හිටියෙ…රුහාන්ව දැක්ක ආකාශි දුවලා යන්න හැදුවෙ ඔහු ලගට.

” රුහාන්…”

” එපා …එපා ආකාශි ..මා ලගට එන්න එපා …ඔහොම ඉන්න…..” රුහාන් එකපාරටම එහෙම කිව්වෙ අඩි දෙකක් ඉස්සරහට ආව ආකාශි එකතැනම නතර උනා…ඇය පුදුමයෙන් බලා හිටියෙ ඔහුගෙ ආත්මය දිහා.

” රුහාන්…??”

” අහන්න ආකාශි ….ඔයා මොකද්ද කරන්න හදන්නෙ….ම්….මොනාද මේ….” රුහාන්ගෙ ආත්මය ඇහුවෙ බිම වැටිලා තියෙන තුවක්කුව දිහා බලලා…ආකාශිත් ඒ දිහා බලලා ඉක්මන්ටම ආයෙ එය අහුලගත්තා..

” රුහාන්…රුහාන්…මේ…මේකට පුලුවන් මාව ඔයා ලගටම එවන්න…ඔව් රුහාන්…මාත් ඔයා එක්කම ඔයාගෙ ලෝකෙට එන්නං..එතකොට අපි දෙන්නට සතුටින් ඉන්න පුලුවන්නෙ…නේද රුහාන්…මං එන්නං ඔයා එක්ක….” ආකාශි එහෙම කියන ගමන් ආයෙම තුවක්කුව හිසට එල්ල කර තියාගත්තා….රුහාන්ගෙ ආත්මය හරිම සන්සුන්ව බලා හිටියෙ ඈ දිහා.

” නෑ ආකාශි ….නෑ…ඔයාට බෑ මා එක්ක එන්න…..ඔයාට බෑ ආකාශි ….ඔයාට මතකනෙ..මං එදා කිව්වා..මං මැරුනත් ඔයා ජීවත් වෙන්න ඕන කියලා ….නේද…මතකද ඔයාට…මං එදා කිව්වනෙ..මං මැරුනත් මැරෙන්නෙ ඔයා ලග මගේ ආදරේ ඉතුරු කරලා කියලා….ඔන්න…මං මැරුනෙ මගේ ආදරේ ඔයාට සදහටම ඉතුරු කරලා දීලා ආකාශි …ඔයා හදන්නෙ නිකරුණේ මැරිලා මගෙ ආදරෙත් නැති කරගන්නද….ම්….” රුහාන් කිව්වෙ ඇගේ කුස දිහා බලාගෙන…ආකාශිට කිසිවක් හිතාගන්න බැහැ..

” රුහාන්…??”

” ආකාශි …..මගේ ආදරේ ආරක්ෂා කරන්න රත්තරං …අපේ දරුවා වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න…මං මැරුනත් මගේ ලේ ඔයාගෙ කුසේ මෝරනවා ආකාශි …එයාව ආරක්ෂා කරන්න…මගේ ආදරේ එයා ලග ඇති…මගේ ආදරේ සදහටම ඔයාට විතරයි ආකාශි …ප්ලීස් …අපේ දරුවව හදාගෙන ඔයා ජීවත් වෙන්න….මැරෙන්න එපා….හැමදාම මං ඔයාලා දිහා බලා ඉන්නවා…ඔයාට හැමදාම ආදරෙයි ආකාශි …” රුහාන්ගෙ ආත්මය එහෙම කිව්වා…ආකාශි පුදුමයෙන් ඒ හැමදෙයක්ම අහන් හිටියෙ…ඇගේ වමත නිරායාසයෙන්ම ගියේ ඇගේ කුස ලගට….රුහාන්ගෙ ආත්මය හෙමි හෙමින් ඇය අසලට පියමැන්නා…ඔහු ආකාශි අත රැදි තුවක්කුව අරන් එහාට විසි කලා…

” ජීවත් වෙන්න…මගෙ ආදරෙත් ජීවත් කරවන්න…..” ඔහුගෙ ආත්මය එහෙම කියන ගමන් ආකාශිගෙ නලලට හාදුවක් තිබ්බෙ ඇගේ දෑස් පියවිලා ගියා…දෑස් වලින් කදුලු වැල් එකපෙලට කඩන් හැලෙද්දි ඇය අඩ අඩම මොහොතකින් දෑස් විවර කලා…ඇය ඇස් අරිද්දි රුහාන්ගෙ ආත්මය එතන හිටියෙ නැහැ…ආකාශි කලබලෙන් වටපිට බැලුවත් ඇයට ඔහුව පෙනුන්නෑ….

” රුහාන්….රුහාන්….” ආකාශි කොච්චර කෑගැහුවත් ඇයට රුහාන්ව ආයෙ දකින්න ලැබුන්නෑ…හැබැයි කාමරේ රුහාන්ගෙ ආත්මය මේ හැමදෙයක්ම වේදනාවෙන් බලාගෙන හිටියෙ….

” හරි රුහාන්…හරි…ඔයාගෙයි මගෙයි දරුවව බලාගෙන මං ජීවත් වෙන්නං….ඔයා නැති උනත් ඔයාගෙ ලේ වලින් ඉපදෙන අපේ දරුවවත් මට ඉන්නවනෙ..මං එයාව නැති කරගන්නෑ රුහාන්…මං මැරෙන්නෑ….” ආකාශි අඩ අඩම බිම වාඩිවෙලා කියෙව්වෙ දැනුයි රුහාන්ගෙ ආත්මයට සැනසීම ලැබුනෙ…

කාලය ටික ටික ගෙවිලා ගියා…රුහාන්ගෙ මිනියෙ වැඩ කටයුතු ඔක්කොම කලේ මහේශ්ගෙ පවුලෙ උදවිය විසින්..කොහොමත් රුහාන් අනාතයෙක් හින්දා ඔහුට පවුලකට කියලා ඉන්නෙ ආකාශියි ආකාශිගෙ පවුලෙ අයයි විතරයි….ඒ නිසාම මහේශ් රුහාන්ගෙ මිනියෙ හැමවැඩක්ම ඉතාමත් හොදින් සිද්ද කලා….

පසු දින සදෙව් විභාගෙ ලියන්න ඉස්කෝලෙ යද්දි ඔහු දැක්කෙ ආශාවරීගෙ ගෙවල් පාරට හැරෙන තැන සුදු කොඩි රාශියක් දාලා තියෙනවා ….ඒත් බැනර් එකක්වත් පෝස්ටර් එකක්වත් ඔහුගෙ නෙතු මානයේ තිබ්බෙ නැහැ….සදෙව්ගෙ හදවත අසාමාන්‍ය අන්දමින් ගැහෙන්න ගනිද්දි ඔහුට අහේතුක බයක් ආවෙ ආශාවරී ගැන…..

මේ සුදු කොඩි…කොහෙද මල ගේ තියෙන්නෙ..ඇයි මගේ පපුව මෙච්චර වේගෙන් ගැහෙන්නෙ…ඇයි මට බයක් දැනෙන්නෙ….ආශාවරී …එයා මේ දවස් ටිකේම මට කෝල් කලේ නෑ…දැන්නං තවත් නං ඉවසන්න බැහැ…..මං අද හවසටම ඔයාව හොයාගෙන එනවා ආශාවරී ….ඒත්…ඒත් ඊට කලින් මට දැනගන්න ඕන…මේ මළ ගෙදර කාගෙද කියලා…කවුද මැරිලා තියෙන්නෙ….

සදෙව් හිත හිතම ඒ පාර ලග එහෙට මෙහෙට කැරකුනෙ පාඩම් කරපු දේවලුත් අමතක වෙලා ගියේ ඔහු දැක්ක සුදු කොඩි නිසා.ඒත් එක්කම ඔහු දැක්කා පාරට එන්න ආව තලත්තෑනි මනුස්සයෙක්….සදෙව් හනිකට ඒ මනුස්සයා ලගට ගියේ කවුද මැරිලා ඉන්නෙ කියලා දැනගන්න…

” ආ…සූරියබණ්ඩාර ඇමතිතුමාගෙ ගෙදර මල ගේ තියෙන්නෙ….” ඒ මනුස්සයා එහෙම කියද්දි සදෙව්ගෙ හද තවත් වේගෙන් ගැහෙන්න ගත්තෙ ඔහු වෙව්ලන්න ගත්තා බයෙන්.

” ම්..මොකක්…එ..එහෙද මල ගේ….ක්…කවුද ..කවුද මැරිලා තියෙන්නෙ…..” හිත පුදුම විදිහට වේදනා දෙද්දි සදෙව් ඇහුවෙ කලබලෙන්…

” ඇමතිතුමාගෙ ලොකු දූ බදින්න හිටිය මහත්තයා…උඩ තට්ටුවෙ ඉදලා පඩිපෙලෙන් වැටිලා මයෙහිතේ මැරිලා තියෙන්නෙ…” ඔහු එහෙම කියලා යන්න ගියේ සදෙව්ට ලොකු හුස්මක් පිට උනේ….ඒත් එක්කම හිතේ බර නැතිවෙලා ගියත් ඔහුගෙ දෑස් කදුලින් බොදවෙලා යන්න ගත්තා…

මං බයවෙච්ච තරමක්…අනේ ආශාවරී ….ඔයා ඒකද මෙච්චර කල් මට කෝල් කලේ නැත්තෙ…ඔයාට වැඩ තියෙන්න ඇති නේද ගොඩක්….ඒත්…ඒත් ඔයා හරි නරකයි….මට කිව්වෙවත් නෑ මේ දේ…කිව්වනං මං එනවනෙ…අම්මෝ….ඇති යාන්තං …දැනුයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ…මං කොච්චර බය උනාද කෙල්ලෙ….මං ඔයාට මෙච්චරටම ආදරෙයි කියලා මට දැනුයි තේරෙන්නෙ….මං ඉක්මන්ටම ඔයාව බලන්න එනවා….ඔය කටහඩ අහන්න…ඔය මූණ දකින්න මට ඉක්මන්ටම ඕන ආශාවරී …මං එනවා..ඔව්…අද හෙටම මං එනවා මගේ ආශාවරීව බලන්න..

සදෙව් හිත හිතම ඉස්කෝලෙ යන්න ගියා…ඔහු බයවෙලා හිටියෙ හදිස්සියෙවත් ආශාවරීට කරදරයක් වත් වෙලාද කියලා සතියක් තිස්සෙ ඔහුට ඇය කෝල් එකක් නොදුන්න නිසා…හැබැයි මේ අවමඟුල හින්දා සදෙව් හිතුවෙ ආශාවරී අවිවේකීව ඉන්න නිසාත් ගෙදර දැන් කලබලකාරී තත්වයක් තියෙන නිසා ඇයට ඔහුව ඇමතුමකට සම්බන්ද කරගන්න අමතක වෙන්න ඇති කියලා…හැබැයි මැරිලා ඉන්නෙ රුහාන් කියලා දැනගත්තම සදෙව්ට ටිකක් දුක හිතුනෙ එදා ආශාවරී එක්ක ඔහුව බලන්න රුහානුත් ආවා කියලා මතක් වෙද්දි …ඔහුගෙ ලෙන්ගතු කතා මතක් වෙද්දි …සදෙව්ගෙ දෑස්වලින් කදුලු කඩන් පැන්නා….ඔහු හිතාගත්තා කොහොමහරි ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා මල ගේ පැත්තෙත් යන්න….

කාලය ගත වුනා….ආකාශි හිත හදාගත්තා ජීවත් වෙන්න…ඒ ඇගේ කුසේ මෝරන ඇයගෙයි රුහාන්ගෙයි දරුවා වෙනුවෙන්…හැබැයි ඇය ඒ ගැන කාටවත් කිව්වෙ නැත්තෙ ඇය හිතුවා මේ දවස් කිහිපය ඉවර වෙනකන් ඉදලාම වෛද්‍යවරයෙක් ලවා ඇයව පරීක්ෂා කරගෙනම නිගමනයකට එලබෙන්න..ආකාශි වගේම ආශාවරී හිටියෙත් ගොඩක් දුකෙන්…ඇයට මතක් වෙන්නෙම සදෙව්ව…ඔහු හරියට විභාගෙ ලියනවා ඇත්ද කියලා හිත හිත ඇය ඉන්නෙ.ඔහු එක්ක කතා කරලා ඒ කටහඩ අහන්න ඇගේ හිතේ පොරකන ආශාව ඇය අසීරුවෙන් පාලනය කරගත්තෙ දැන් ආශාවරී ආකේශ්ව විවාහ කරගන්න ඉන්න නිසා සදෙව්ව අමතක කල යුතුයි….

විභාගෙ ඉවර වෙලා සදෙව් ගෙදර එද්දි දෙක හමාර පහුවෙලා තිබුනා..ඔහුගෙ හිත වද දුන්නෙ අද කොහොමහරි ආශාවරීව බලන්න යන්න කියලා..අන්තිමේදි හදවතට අවනත වෙලා සදෙව් හැදුවෙ ආශාවරීව හමුවෙන්න කියලා….හවස හතරට විතර ඔහු කලු කලිසමයි සුදු ටී ශර්ට් එකයි ඇදගෙන මහේශ්ගෙ බංගලාවට යන්න පිටත් උනා….ආශාවරීගෙ ගෙවල් පාරට යන අතුරු පාරෙන් හැරිලා සදෙව් ඉස්සරහට ඉස්සරහට ගියේ ඔහු දැක්කා විශාල ධවල මන්දිරයක්…සුදු කොඩි වැල් වලින් සරසපු විශාල ගෙයක් එය..වෙනදට වහලා තියෙන කලු පාට දැවැන්ත ගේට්ටු පලු දෙක අද සම්පූර්ණයෙන්ම ඇරලා දාලා තිබුනා…වෙනදට විශේශ අවසරයකින් ඇතුල් වෙන්න ඕන උනත් අද එලෙස නැහැ….ගම්වාසීන් බොහෝමයක් මහේශ්ගෙ බංගලාවෙ හිටියා..ඒ වගේම මහේශ්ගෙ සහ රුහාන්ගෙ business partners ලත් බොහෝමයක් ඇවිල්ලා හිටියෙ සදෙව් වටපිට බල බල තිගැස්මකින් බංගලාවෙ වත්තට ඇතුල් උනා….මිනිස්සු අතරින් මහේශ්ගෙ බංගලාවට ඇතුල් උන සදෙව් බැලුවෙ ඔහුට හුරුපුරුදු රුව ආශාවරී ඉන්නවද කියලා….ඒත් ඒ රුව නං ඔහු දුටුවෙ නැහැ….ගෙට ඇතුල් උන සදෙව් දැක්කෙ සාලෙ මැද තියලා තිබ්බ රුහාන්ගෙ නිසල සිරුර….මල සිරුර අසලට ගිය සදෙව් අත්දෙක එකතු කරලා එයට වැන්දා…..ඒත් එක්කම ඔහු දැක්කා මිනියට තරමක් එහායින් ආකාශි පුටුවක් උඩ වාඩි වෙලා බලාගත්තු අත බලාගෙන ඉන්නවා…සදෙව් හෙමීට ඇය අසලට කිට්ටු උනා..

” අක්කේ…..” සදෙව් ආකාශිගෙ හිසට අතක් තියලා කතා කලේ ආකාශි ඒ හඩට ගැස්සිලා ගියා…ඇය ඔලුව උස්සලා සදෙව් දිහා බැලුවෙ ඇගේ දෑස් විශ්මයෙන් විසල් වෙලා ගියා….

” සදෙව් ….”

” අක්කෙ….අඩන්නෙපා අක්කෙ…” සදෙව් කිව්වෙ ඇස් වල කදුලු පුරෝගෙන .ඔහුටත් දුකයි රුහාන් ගැන…ඒ වගේම ආකාශි ගැනත්..සදෙව්ව දැක්ක ආකාශිගෙ දෑස් කදුලු වලින් පිරිලා ගියා…

” මල්ලි…ඔයා . .ඔයා ආවද මල්ලි…කවුද කිව්වෙ මේ ගැන….නංගිද….” ආකාශි කදුලු පිහිද පිහිද ඇහුවෙ පුටුවෙන් නැගිටින ගමන්..සදෙව්ගෙ මූණ අදුරු වෙලා ගියා එකපාරටම .

” නෑ අක්කෙ…එයා දැන් මට සතියක විතර ඉදන් කොල් එකක් වත් දුන්නෑ….මං බයවෙලා හිටියෙ හොදටම….තාමත් පපුව පිච්චෙනවා වගේ එයාව දකින්නැතුව….මං ඉස්කෝලෙ යද්දි අද උදේ තමයි මේ සුදු කොඩි එල්ලලා තියෙනවා දැක්කෙ…..මං මනුස්සයෙක් ගෙන් ඇහුවහමයි මේ විස්තරය දැනගත්තෙ….” සදෙව් එහෙම කිව්වා..ආකාශිට සදෙව් ගැන දුක හිතුනා….තමන්ගෙ නංගි කෝල් එකක් නොදුන්න එකට මෙච්චර සදෙව් දුක් වෙනවනං ඇය වෙනකෙක්ව විවාහ කරගන්න දගලනවා කියලා සදෙව් දැනගත්තොත් ඔහුට කොච්චර ලොකු වේදනාවක් දැනෙයිද කියලා ආකාශිට හිතුනා….ඒ වේදනාවෙන්ම ඇය ඔහු දිහා බලා හිටියා…

නිවස ඇතුලෙ වැඩ අතරෙ හිර වෙලා හිටිය මහේශ් ආකේශ් එක්ක සාලෙට එද්දි මහේශ් දැක්කෙ රුහාන්ගෙ මිනිය ලග ආකාශි එක්ක කතා කර කර ඉන්න සදෙව්ව…මහේශ්ට අමුතු සතුටක් දැනුනෙ ඔහු වටපිට බැලුවෙ කුසුම් පේන්න ඉදීද කියලා බලන්න…වටපිට බල බලම ඔහු සදෙව් දිහාට කිට්ටු උනේ ආකේශ් මහේශ් දිහයි සදෙව් දිහයි කුතුහලයෙන් බලා හිටියෙ…මොකද ඔහු තවමත් දැකලා නැහැ ආශාවරී පිස්සුවෙන් වගේ ආදරේ කරන සදෙව්ව….

” පුතා….සදෙව් ….” මහේශ් සදෙව්ගෙ පිටට තට්ටුවක් දැම්මෙ සදෙව් ගැස්සිලා ගිහින් පිටිපස්ස හැරුනා…

” අන්කල්…” සදෙව් හිනාවෙලා කතා කලේ මහේශ් සදෙව්ව සතුටින් වැලද ගත්තා…ආකේශ්ගෙ දෑස් විසල් වෙලා ගියා සදෙව්ව දැකලා…

සදෙව් …මූ…මූද සදෙව් කියන්නෙ…මූ මෙහෙ…මෙහෙ ආවෙ මොකටද….මේ යකා….මූ… ආශිව හම්බවෙයිද අද…මූ අද ආශිව හම්බවුනොත් ආශිගෙ හිත වෙනස් උනොත්….බෑ බෑ…මෙයාට අශිව හම්බවෙන්න දෙන්න බැහැ….ආශාවරී මගේ….උබට මං ආශිව දෙන්නෑ සදෙව් ….උබව මං මරලා හරි මගේ ආශිව මං ලබා ගන්නවා….

ආකේශ් හිතන්න ගත්තෙ ඔහු කේන්තියෙන් වෙව්ලනවා….මූණ තනිකරම රතුම රතු පාට වෙලා තිබුනෙ….ඔහු සදෙව් දිහා බලා හිටියෙ ගිනිපිටවෙන ඇස් වලින්…

” අන්කල්….මේ….ආශාවරී ….ආශාවරී ඉන්නවද…” සදෙව් ගොත ගගහා එහෙම අහද්දි මහේශ් කට කොණකින් හිනා උනා..

” ඔව්…එයා ඉන්නවා..මොකෝ ඉලන්දාරියා …..කෙල්ලව බලන්න ඕනද…” මහේශ් හිනාවෙවී එහෙම අහද්දි සදෙව්ගෙ මූණ ලැජ්ජාවෙන් රතූවෙලා ගියා….එය දැක්ක මහේශ්ට තවත් හිනා ගියේ ගෙදර අවමඟුලක් තියෙනවා කියන එකත් අමතක වෙලා….

” හරි හරි…යන්න…එයා කාමරේ ඉන්නෙ…උඩ තට්ටුවෙ දෙවැනි කාමරේ……” මහේශ් සදෙව්ගෙ පිටට තට්ටුවක් දාලා කිව්වෙ සදෙව් ඔහු හා හිනා උනා..

” ඒත් අන්කල්…අන්කල්ට පිස්සුද….” ආකේශ් කලබලෙන් කතා කරන්න ගනිද්දි මහේශ් අතින් සන් කරලා කිව්වෙ ඔහුගෙ කතාව නවත්තන්න කියලා…ඔලුවෙන් සදෙව්ට යන්න කිව්ව මහේශ් සදෙව් එතනින් ඉවත් උන වහාම ආකේශ් දිහාට හැරුනා….ආකේශ් සදෙව් යන දිහා බලා හිටියෙ හරිම නොසන්සුන්ව …හිත ඇතුලෙ ලොකු බයක් තෙරපෙද්දි ඔහුට හිතුනෙ ආශාවරීව ඔහුට අහිමි වේදෝ කියලා…

” මොකද්ද අන්කල් ඒ කලේ…ආ…” දත්මිටි කන ගමන් ආකේශ් කතා කලේ කේන්තියෙන් …පෙරදින රුහාන්ගෙ අනතුර හින්දා මහේශ්ට ආකේශ්ගෙ සැබෑ තොරතුරු දැනගන්න කාලය තිබුන්නෑ…ඒ නැතත් සදෙව්ව දුටුවහම මහේශ්ගෙ හිත කිව්වෙම ආශාවරීට හොදටම ගැලපෙන්නෙ සදෙව්ව විතරමයි කියලා….කොහොමත් මොන දේ උනත් තමන්ගෙ දුව ගන්න තීරණයට එකග වෙන්න මහේශ් හිත හදාගෙන හිටියෙ…සදෙව්ගෙ ආගමන ආශාවරීගෙ හිත වෙනස් කරයි කියලා මහේශ්ට තදින්ම හිතුනා….ඒ නිසාමයි ඇයට සදෙව්ව මුණගස්වන්න මහේශ් තීරනය කලේ.

” පුතා….මේ අහන්න…ඔයා කොච්චර මොන දේ කිව්වත් මගේ දූ ගන්න අන්තිම තීරණේ තමා මගෙත් අන්තිම තීරණය වෙන්නෙ ..ඔයාට දූ කැමති උනා තමා මැරි කරන්න…හැබැයි ඒ සදෙව්ගෙ ජීවිතෙන් ඈත් වෙන්න මිස ඔයාට ආදරේකට නෙවේ…මං මගේ දු ගැන හොදටම දන්නවා…එයාට කවදාවත් බැහැ සදෙව්ව අමතක කරන්න….සදෙව්ට එයා තවමත් ආදරෙයි ….ඒ ආදරේ කවදාවත් නැතිවෙන්නෑ….මගේ දූ දැන් කිව්වොත් ඔයාව මැරි කරන්නෑ මැරි කරන්නෙ සදෙව්ව කියලා…මං ඒ තීරනේට කැමතිවෙනවා ආකේශ්…මට වටින්නෙ මගේ දූගෙ සතුට…එයාගෙ සතුට වෙනුවෙන් මට අනිත් අයගෙ සතුට නැති උනත් කමක් නෑ…” මහේශ් කිව්වෙ ආකේශ් කේන්තියෙන් ඔහු දිහා බලා හිටියෙ.

” ඒත් ඔයා මට පොරොන්දු උනා අන්කල්…ආශිත් මට පොරොන්දු උනා මාව මැරි කරන්න….” ආකේශ් කේන්තියෙන් එහෙම කිව්වා..

” මගේ පොරොන්දුව රදාපවතින්නෙ ආශිගෙ පොරොන්දුව මත ආකේශ්….සොරි….” මහේශ් ආකේශ්ගෙ පිටට තට්ටුවක් දාලා එතනින් යන්න ගියේ ආකේශ් දත්මිටි කෑවා..

” ඔයාට මගේ නංගි ගැලපෙන්නෑ ආකේශ්…..නංගි ආදරේ සදෙව්ට …ඔයාට නෙවේ ..නංගි මැරි කලොත් මැරි කරන්නෙ සදෙව්ව විතරයි….ප්ලීස් …දැන්වත් මේක අත ඇරලා දාන්න…” ආකාශි සන්සුන්ව එහෙම කිව්වෙ කේන්තියෙන් මූණ රතු කරගෙන ආකේශ් මහේශ්ගෙ බංගලාවෙන් පිට උනා….

” නෑ…උබව මං මරනවා….මං උබට ආශිව දෙන්නෑ….ආශි මගේ.උබ ජීවතුන් අතර හිටියොත් නං කවදාවත් මට ආශිව ලබාගන්න බැහැ….උබටත් රුහාන් ගිය තැනටම යන්න වෙනවා සදෙව් ….ආශි මගේ……” ආකේශ් තමන්ටම මුමුණ ගන්න ගමන් තමන්ගෙ වාහනේට නැගලා බංගලාවෙන් පිට උනේ සදෙව් ගැන ලොකූ කේන්තියකින්..

මේ අතරෙ උඩු මහලට ගිය සදෙව් මහේශ් කිව් පරිදි හෙමි හෙමින් අඩි තිබ්බෙ ආශාවරීගෙ කාමරේ දිහාට…අඩවල් කරපු දොරෙන් ඇතුල්ට එබිලා බලපු සදෙව් ලාවට වගේ දැක්කෙ සැදැල්ලට වෙලා ඉන්න ආශාවරීව…මුවේ හිනාවක් රදවන් ඔහු කාමරේට හිමීට ඇතුල් උනේ දොර හිමීට ආයෙම වහලා හිමින් හිමින් ඔහු කාමරෙන් සදලුතලයට පිය මැන්නා….

බැල්කනියට වෙලා අවට බල බල හිටිය ආශාවරී දැක්කෙ නැහැ ඇය පිටිපස්සෙන් එන සදෙව්ව….සදෙව් හිනාව තද කරගෙන ඇය පිටිපස්සට ඇවිත් දෑතින්ම ඇගේ දෑස් වැහුවෙ ඇයව සිරුරට ලං කරගන්න ගමන්….ඒ ස්පර්ශයෙන් ආශාවරී ගැස්සිලා යද්දි සදෙව්ගෙ උනුහුම වගේම ස්පර්ශය ඇය හදුනගත්තා… .බලාපොරොත්තු නොවුන මොහොතක සදෙව්ගෙ පැමිනීම ආශාවරීගෙ හදගැස්ම වැඩි කලා..

” සදෙව් ….” සදෙව්ගෙ දෑත් අල්ලන ගමන් ආශාවරී වෙව්ල වෙව්ල කිව්වෙ සදෙව්ට හිනාගියා….හිනාවෙවීම ඔහු දෑත් ඇයගෙ දෑස් වලින් අහකට අරන් පිටිපස්සෙන් ඉදන්ම ඇයව බදාගත්තෙ ආශාවරී වෙව්ලන්න ගත්තා….තමන්ගෙ මූණ ඇගේ ගෙල මුල තියාගත්ත සදෙව් ආශාවරීගෙ බද හරහා එතිලා තිබ්බ දෑත්වල ග්‍රහණය දැඩි කලේ ඇයව සිරුරට තදින් තෙරපගත්තා….ඒ උනුහුමට ආශාවරීගෙ දෑස් පියවිලා යද්දි මොලේට නොව හදවතට ඇය අවසර දුන්නා….

” හොර කෙල්ල…මං එනවා දැක්කද….ම්ම්.” සදෙව් ඇහුවෙ ඇගේ ගෙලෙහි මුහුණ අතුල්ලන ගමන්…

” නෑහ්…”

” එහෙනං…කොහොමද දැනගත්තෙ මං කියලා ආවෙ….??” සදෙව් ඇහුවෙ ඇගේ සවනට කරලා රහසින්.ඇගේ සවන් පෙති සිපගත්ත සදෙව්ගෙ හැසිරීමට ආශාවරීට ඇයවම අමතක වෙලා ගියේ ඇයට මේ මොහොත කෙසේවත් මග අරින්න බැහැ…

” මට ඔයාව අදුනගන්න ඔයාව දකින්නම ඕන්නෑ සදෙව් …ඔයාගෙ උනුසුම…ස්පර්ශය ..ඒකෙන් මං දැනගත්තෙ…..” ආශාවරී කිව්වෙ දෑස් පියාගෙන…සදෙව්ගෙ දෙතොල් උමතුවෙන් වගේ ඇගේ කම්මුල් පුරා යන්න ගත්තෙ මොහොතක් ඔවුනොවුන් ඔවුන්ගෙ ලෝකෙ තනි උනා.

” ඇයි මට කෝල් කලේ නැත්තෙ…ම්….මං බයෙන් හිටියෙ ආශාවරී ….මං හිතුවෙ ඔයාට කරදරයක් වත්ද කියලා…” ආශාවරීගෙ ගෙල මුල මුහුණ හොවාගෙන සදෙව් කෙදිරුවෙ ආශාවරී ඒ වදන් වලින් පියවි සිහියට ආවා…

අනේහ්….මං මොකද්ද මේ කරන්නෙ…මං මෙයාගෙන් ඈත් වෙන්න නේද ඕන….මං…මං ආකේශ්ව බදින්න නේද ඉන්නෙ….මෙයා ආයෙම මට ලං උනොත් ….බෑ….බෑ….ඒක වෙන්න දෙන්න බෑ…මට බෑ ඔයාව මැරි කරන්න සදෙව් …මට බැහැ….

ආශාවරීට එකපාරටම මතක් වෙන්න ගත්තා…ඒ සැනින්ම ඇය තමන්ගෙ බඩ හරහා එතිලා තිබ්බ සදෙව්ගෙ දෑත් වේගයෙන් අහකට කරගෙන ඔහුගෙ තුරුලෙන් මිදුනෙ සදෙව් පුදුමයෙන් ඇය දිහා බලා හිටියා….ආශාවරී සදෙව් දිහා බැලුවෙ ඇස් ලොකු කරගෙන…දැනුයි ඇය සදෙව්ව හරියටම දැක්කෙ…කලු කලිසමකින් හා සුදු ටී ශර්ට් එකකින් සැරසිලා ඉන්න සදෙව් අද පුදුමාකාර විදිහට ලස්සනයි…ඒ කඩවසම් රුව ආශාවරීගෙ හිත සලිත කලත් ඇය ඇයගෙ හිතට අවවාද කලේ සදෙව්ගෙ ආදරේට නතුවෙන්න එපා කියලා….එහෙම උනොත් ඒ සදෙව්ගෙ ජීවිතේ තමා නිසා නිකරුණේ නාස්ති වෙලා යයි කියලා මොලේ විසින් හිතට තරවටු කලා….ආශාවරීගෙ දෑස් දිහා බලපු සදෙව්ට ඇගේ අමුත්තක් දිස් උනා….හීනි උරපටි තියෙන සුදු කොට ගවුමක් ඇදන් කොන්ඩෙ උඩට කරලා බැදගෙන ඉන්න ආශාවරීගෙ මූණෙ තිබ්බෙ කලබල පෙනුමක්…ඒ පෙනුම සදෙව්ගෙ හිතට එක්කකේ අහේතුක බයක්.

” ආශාවරී ….ඇ…ඇයි…ඇයි මේ…” සදෙව් ඇය ඉස්සරහට යන ගමන් ඇහුවෙ ආශාවරී කලබල උනා..

” එන්නෙපා…සදෙව් …මං ලගට එන්න එපා…” ආශාවරී ආපස්සට ආපස්සට යන්න ගියේ සදෙව් නලල රැලි කරගෙන බලාහිටියෙ ආශාවරී දිහා කිසිවක් හිතාගන්න බැරුව .

” මොකද මේ…මොකද්ද ඔයාට උනේ ආශාවරී ….ම්…” සදෙව් ඇහුවෙ ඔහුගෙ හිත දැන්නං එන්න එන්නම නොසන්සුන් වෙනවා….

” මට මොකුත් වෙලා නෑ සදෙව් …ප්ලීස් මෙතනින් යන්න….මට පාඩුවෙ ඉන්න දීලා මගේ ජීවිතෙන් ඔයා යන්න…” ආශාවරී කදුලු පාලනය කරගෙන තදින් කිව්වෙ සදෙව්ගෙ දෑස් කදුලින් පිරිලා ගියා එකපාරම .

” මොකද්ද ….ඔයා…ඔයාහ්..අහ්…ඔයා විහිලුවක් නේද කරන්නෙ…ඔයා විහිලු කරනවා…” සදෙව් කදුලු පිටින්ම හිනාවෙන්න ගත්තෙ ගැහෙන හදවත පාලනය කරගන්න…

” නෑ…මං විහිලුවක් නෙවේ කරන්නෙ…මගේ ජීවිතෙන් ඔයා අයින් වෙන්න සදෙව් …මට දැන් ඔයාව වැඩක් නෑ…..මං මැරි කරන්න ඉන්නෙ ලගදිම….” ආශාවරී හිත දහස් වාරයක් රිදෙද්දි උනත් කියලා දැම්මෙ සදෙව් බලා හිටියෙ ආශාවරීගෙ කලබල දෑස් දිහා….

” හහ්…වාව්…ඔයාට හොදටම රගපාන්න පුලුවන් ආශාවරී ….ශෝක්…..ඔයාගෙ ඇක්ටින් මරු….හැබැයි …මං කැමති නෑ මේ වගේ රගපෑම් වලට….හිත රිදෙනවා ආශාවරී ..මේ වගේ විහිලු කරන්නෙපා…” සදෙව් එහෙමකිය කියම ආශාවරී ලගට ඇවිත් බලෙන්ම ඇයව තදින් තුරුල් කරගත්තෙ ආශාවරී දැගලුවා ඔහුගෙ ග්‍රහණයෙන් මිදෙන්න…

” යන්න දෙන්න සදෙව් …මට යන්න දෙන්න…..” ආශාවරී අමාරුවෙන් සදෙව්ගෙ පපුවෙන් අහකට ආවෙ ඇය සදෙව් දිහා මාවාගත් කේන්තියකින් බැලුවෙ.

” එකපාරක් කිව්වනෙ….තමුසෙට තේරෙන්නැද්ද …..ආ….මගේ ජීවිතෙන් දැන්වත් යනවා යන්න….තමුසෙ වගේ හිගන්නෙක්ව බැදගෙන මට ජීවිතේම නැති කරගන්න බැහැ….තමුසෙව බැන්දොත් මට වෙන්නෙ ජීවිත කාලෙම හිගා කන්න…..මට බැහැ තමුසෙව බදින්න….මාව මැරි කරන්න හොද businessman කෙනෙක් ඉන්නවා…ලගදිම මං එයාව මැරි කරන්න ඉන්නෙ….තමුසෙ තමුසෙට ගැලපෙන කෙල්ලෙක්ව හොයාගෙන බැදගන්නවා…මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා….යනවා යන්න මෙතනින් ..” ආශාවරී කිව්වෙ ඇයගෙ මුලු හිතම ඒ වචන වලින් පිච්චිලා ගියා….ඇයගෙ කටුක වචන සදෙව්ගෙ හදවතත් පසාරු කරගෙන ගියේ ඔහුගෙ දෑස් වලින් එකපෙලට කදුලු ගලා ගියා…..

මොනාද මෙයා මේ කියවන්නෙ….මොනාද මට මේ ඇහෙන්නෙ….

සදෙව් පිස්සුවෙන් වගේ කල්පනා කරන්න ගත්තෙ ආශාවරීගෙ හැසිරීම සදෙව්ගෙ මුලු ඔලුවම අවුල් කලා…

” ආශාවරී ….ආ…ආශාවරී …..ඔයා මොනාද මේ කියවන්නෙ….රත්තරං ….” සදෙව් ගොත ගගහා ඇහුවෙ ආශාවරී අහක බලාගත්තෙ තවත් ඔහුගෙ කදුලින් බොදවෙච්ච දෑස් දිහා බලා හිටියොත් වෙන්නෙ ඇයත් අඩන එක නිසා…

” කියවන්නෙද…කියවන්නෙ ඇත්ත….ආදරේ කරලා විතරක් මදි සදෙව් ….ජීවත් වෙන්න සල්ලිත් ඕන…..මට ආදරේ කරන සල්ලි තියෙන ලස්සන හොද කොල්ලෙක් හම්බුනා…දැන් මට ඔයාගෙන් වැඩක් නෑ….” ආශාවරී අහක බලාගෙනම කිව්වෙ සදෙව්ගෙ හදවත කඩා වැටුනා…

” ආහ්….ඒ…ඒ කියන්නෙ…..ඒ කියන්නෙ ඔයා මට මෙච්චර කාලෙකට ආදරේ කරනවා කියලා කලේ බොරුවක්ද….මං ඔයාට කොච්චර ආදරේ කලත් ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ කලේ නැද්ද ආශාවරී ….ඇයි මාව මෙහෙම රැවැට්ටුවෙ….ඔයාට දුක නැද්ද ….ආ…දුක නැද්ද ආශාවරී …” සදෙව් අඩ අඩම ඇහුවෙ ඒ වදන් වලින් ආශාවරීගෙ දෑස් වලට කදුලු පිරෙන්න ගත්තා ….කදුලු පිරෙන දෑස් සදෙව්ගෙන් වසන් කරන්න ඇය සදෙව්ට පිටුපාලා හැරුනා …

” ඔව්…මං මෙච්චර කාලෙකට ඔයාට ආදරේ කරනවා කියලා කලේ බොරුවක්…මං ඔයාව රැවැට්ටුවා….දැන් ඒක දැනගත්තනෙ….දැන් මට මගේ පාඩුවෙ ඉන්න දෙනවා….වෙන කෙල්ලෙක්ව හොයාගෙන ආදරේ කරනවා දැන්….තමන්ට ගැලපෙන කෙනෙක්ව අල්ලගෙන කසාද බදිනවා..මාව අමතක කරනවා….” ආශාවරී කිව්වෙ ඇගේ කටහඩ දැන්නං වෙව්ල වෙව්ල ඇහෙන්නෙ…සදෙව්ට ඇයගෙ වෙනස ග්‍රහණය උනා…..තමන්ට පිටුපාලා ඉන්න ඇයගෙ මුහුණෙ හැගීම් ඔහුට නොපෙනුනත් සදෙව්ට ඉවෙන් වගේ තේරුනේ ඇය කරන්නෙ හුදෙක් රගපෑමක් විතරයි කියලා…

ඔයා කියන්නෙ …..ඔයා කියන්නෙ බොරු ආශාවරී ….ඔයා බොරු කියන්නෙ…ඇයි මේ ඔයා වෙව්ලන්නෙ….ඔයාගෙ කටහඩ කැඩි කැඩි ඇහෙන්නෙ….ඔයා කැමැත්තෙන් නෙවේ කතා කරන්නෙ ….ඔයා මා දිහා බලන්නැතුව අහක බලන් කතාකරන්නෙ ඇයි ආශාවරී ……ආ…ඒ ඔයා මට බොරු කියන හින්දා නේද…ම්….මගෙ ඇස් දෙක දිහා කෙලින් බලාගෙන ඔයාට කතා කරන්න හයියක් නැත්තෙ ඔයා කරන්නෙ ලොකු බොරුවක්….ඒත් …ඒත් මේ වගේ ලොකු බොරුවක් කරන්න මොකද්ද ඔයාට තියෙන හේතුව…ම්…ඇයි මෙහෙම හැසිරෙන්නෙ …..ගිය දවස් ටිකේ ඔයා මට කෝල් කලේ නැත්තෙ….ඔයාට මොකද්ද තියෙන ප්‍රශ්නෙ …ඇයි මගෙන් ඈත් වෙන්න හදන්නෙ….බෑ ආශාවරී …මට බෑ ඔයාව නැති කරගන්න…ඔයා මගේ මං ඔයාගෙ විතරමයි….මං දැනගන්නම් මගේ ක්‍රමේට ඔයා ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලා….ඔයා මට ඇත්තටම ආදරෙයි නං මං මේ කරන්න යන දෙයින් ඔයා බයවෙයි….ඔව්…එතකොට මට දැනගන්න පුලුවන් ඔයා ගැන හරියටම…..

සදෙව් හිත හිතම කදුලු පිහිදගත්තා…ආශාවරී ලගට අඩියට දෙකට ගිය සදෙව් ඇයව තමන් දිහාට හරවගත්තෙ ඇයව අසල බිත්තියට තියලා තද කරගත්තා….

” මොකද්ද කරන්නෙ…අහකට යනවා….” ආශාවරී දගලන්න ගත්තෙ ඒත් සදෙව් ඇයව තමන්ගෙ සිරුරට තෙරපගත්තෙ ඔහු ඇයගෙ මුහුණ දෝතින්ම අල්ලගත්තා……

” හරි….ඔයාට ඕන ඒකනං….මං යන්නං….මං යන්නං…මං සදහටම යන්නං….ඔයා මට ආදරේ නොකලට මං මගේ මුලු ජීවිතේටත් වැඩියෙන් ඔයාට ආදරේ කලා ආශාවරී ….ඔයාව නැතුව මට මගේ ජීවිතෙන් වැඩක් නැහැ….ඔයා මාව රවට්ටලා ඔයා ඔයාගෙ ජීවිතේ හොදින් ගත කරන්නකො….ඔයා මාව රැවැට්ටුවා කියලා මට බැහැ ඔයාට වෛර කරන්න….ආදරේ කරපු මේ හිතින් ඔයාට වෛර කරන්න මට බැහැ ආශාවරී ….මට බැහැ….ඒ හින්දා…..ඔයාලට සතුටින් ඉන්න දීලා මං යන්නං….සදහටම ඔයාගෙ ජීවිතෙන් මං යන්නං….” සදෙව් ඇගේ මුහුණට එබිලා එහෙම කිව්වෙ ආශාවරී ඇස් ලොකු කරගෙන ඔහු දිහා බලා හිටියෙ අදහගන්න බැරුව….සදෙව් මොකද්ද කියන්න හදන්නෙ කියලා ආශාවරීට තේරුන්නෑ…..ඊලග නිමේශයෙදි ආශාවරීට හිතන්නවත් කාලයක් ඉතුරු නොකර සදෙව් ඇගේ දෙතොල් තමන්ගෙ දෙතොලින් ග්‍රහණය කරගත්තෙ ආශාවරී ගැස්සිලා ගියා……ඒ පහසට ඉබේ නතු උන ආශාවරී ඇගේ දෑත් ඔහුගෙ ගෙල වටා යවා ඔහුට තවත් තුරුල් උනේ විනාඩි කිහිපයකින් සදෙව් ඇගෙන් වෙන් උනා….ඇයගෙ දෙතොලින් මිදුන සදෙව් බලා හිටියෙ තමන්ගෙ හුස්ම වැදෙන මායිමේ තවමත් දෑස් පියන් ගැහි ගැහි ඉන්න ආශාවරී දිහා…

” මාව අමතක කරන්න එපා…..ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු මේ සදෙව්ව අමතක කරන්න එපා….අන්තිම පාරට…..අන්තිම පාරට මට මේ මූණ බලන්න ඉඩ දෙන්න…..මට නිදහසේ මැරෙන්නවත් පුලුවන් එතකොට……” සදෙව් කිව්වෙ ඇස් වල කදුලු පුරෝගෙන ….සුරතින් ඇගේ නිකටින් ඒ මුහුණ ඔසවලා සදෙව් බලා හිටියෙ ඇයගෙ සුන්දර මුහුණ දිහා…..ආශාවරීගෙ දෑස් ඉබේම කදුලින් පිරිලා ගියේ ඒ ආදරණීය දෑස් ඉදිරියෙ… සදෙව් ඇගේ නලලට උනුසුම් හාදුවක් තියලා නැවත වතාවක් මෘදුව ඇගේ දෙතොල් සිපගෙන ඇයගෙන් ඉවත් උනා….

” ආදරෙයි හැමදාමත් ….මං මැරුනත් ඒ ආදරේ සදහටම ඔයාගෙ විතරමයි….සතුටින් ඉන්න පණ…..” සදෙව් හිනාවෙලා එහෙම කියලා යන්න හැදුවෙ.

සදෙව් ….ඔයා …..ඔයා මොනාද මේ කියවන්නෙ…..අන්තිම පාරට මගෙ මූණ දකින්න ඕනලු…..නිදහසේ මැරෙන්න පුලුවන්ලු එතකොට …..ඔයා මැරුනත් ඒ ඔයාගෙ ආදරේ සදහටම මගේ විතරයි ලු…..මොනාද රත්තරං ඔයා මේ කියවන්නෙ…..ආහ්…..ඒකෙ තේරුම……තේරුම ඔයා මාව දාලා සදහටම යන්නද හදන්නෙ…..ඔයා….ඔයා මැරෙන්නද යන්නෙ සදෙව් ….ආ…..ඔයා මැරෙන්නද යන්නෙ….බෑ බෑ….ඒක වෙන්න දෙන්න බෑ……මට බෑ මගෙ සදෙව්ට මැරෙන්න දෙන්න….

ආශාවරී කලබලෙන් හිතන්න ගත්තෙ ඇයගෙ මුලු ඇගම අසාමාන්‍ය අන්දමින් ගැහෙන්න ගත්තෙ ඇයට සදෙව් ගැන ලොකු බයක් දැනුනා……ඒ බයෙන්ම ඇය බැලුවෙ වේගයෙන් කාමරෙන් එලියට යන්න යන සදෙව් දිහා….

” සදෙව් ……!!” කෑ ගහගෙන ඇය සදෙව් ලගට දුවලා ගියේ ඇය ඔහුව පිටිපස්සෙන් ඇවිත් බදාගත්තෙ ඔහුට යන්න නොදී……

**********************************

බොහෝම ස්තූතියි ඔයාලාගෙ bad rates and comments වලට…හිත ගොඩාක් රිදුනා..පාඩම් කරන්න තියෙන වෙලාවත් නාස්ති කරගෙන ඔයාලා වෙනුවෙන් කතාව ලියන්නෙ.චූටි චූටි කොටස් නොදා දවසකට දීර්ඝ කොටසක් කියවන්න දාන්නෙ අත රිදෙනකන් type කරලා..අකුරු අමුණ අමුණ වචන ගලපලා හැගීම් කැටි කරලා හදන කතාව..පැය තුන හතරක් නාස්තියි මගේ කාලය…ඒ කරලත් …කමක් නෑ….දුක ,සතුට,හිමි වීම,අහිමි වීම ,ආදරය ,විරහව,පරිත්‍යාගය ,පලිගැනීම..මේ හැමදෙයක්ම ලෝකෙ යතාර්ථයන්…….තව කොටස් 3යි…කතාව මං හිතන් හිටපු විදිහටම ඉවර කරනවා..පුලුවන් නං පටන් ගත්තු දවසෙ ඉදන් කතාව කියවන අය කතාව ඉවර වෙනකන්ම කියවන්න…ඒත් බල කරන්නෑ..පුලුවන්නම් විතරක් කියවන්න…බොහෝ විට මේ මගේ අන්තිම නවකතාව වේවි…

M.Ashka Rashmi❤️

17 thoughts on “ආශාවරී |හැට හත්වැනි කොටස|නවකතාව |කතා අහුර රචක”

  1. Akeshwa ruhange athme wahane yaddi happala maranna one.mkda nathnm akesh sadewta karadara karai.akashi marei baba hmbenna ghn.ita psse lamayawa sadewla hdagni.

  2. කතාව ගොඩාක් ලස්සනයි අක්කි .
    හිත රිදව ගන්න නෙමේ ඔයා ගොඩක් සතුටු වෙන්න ඕන ඔයගෙ කතාව කියවන අපේ හදවතට එච්චරටම කතාව දැනිලා අපිව අඩවන්න තරම් කතාව සමත් වුන එකට.
    ඒ කියන්නේ ඔයා මේ කතාවේදී ගොඩක් සාර්ථකයි කියන එක.
    මේ කතාවෙන් පස්සේ අපිට තවත් ලස්සනම ලස්සන කතවක් ඕනි.
    අපිත් එක්ක තරහ වෙන්න නම් එපා.
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .
    ??????????

  3. Hemanthi ruwan kumari

    අනෙ සුදු නංගියේ දුක් වෙන්න එපා.ආදරෙ වැඩි වුනාම, ආදරය කරන අය නැති වුනාම,අපි කැමති විදිහට, කැමති දෙයක් වුන්නැති වුනාම තරහා එනවා.කතාව කියවන්නෑ කියපු ඔක්කොම අද වෙනදටත් කලින් අද කියවන්න ඇති.don’t be sad.????????????you are the best.?????????l love u so much ???????????????

  4. ආකේශ්ව මරන්න අශ්කා අනේ…. සදෙව් කොහොමත් ආශාවරීගෙනෙ……ඒ ඇති….රුහාන් මැරුන එකට නං දුකයි ගොඩක්….කමක් නැ ඉතිං…wish u all the best ashka…love u…. ummmmmmmmmaaaa

  5. Thakshi Deepali Jayasuriya

    අනේ…ඔයා මේ තරම් හිත රිද්දගනී කියලා හිතුවේ නෑ…ඒත් අක්කි සතුටු වෙන්න…ඔයාගේ කතාවට පන වගේ ආදරේ කරන නිසා තමා රුහාන්ගෙ වෙන්වීම දරාගන්න බැරි උනේ අපිට…ඔයා එ් ගැන සතුටු වෙන්න අක්කි

  6. Ruvini Thakshila

    Akkiyo oya rates,comments hinda duk wenna epa.oywa oyge ktha apita issrhta digtma oni.mn gdk asawen kiywnne oyge kthwa vithrmai Akki.kta nethath mta oyge ktha digtma oni.hema kthwama ekma vidiyta geniynna bene.oyge wensta mn nm kemthi Akki awnkwma.kauruth kiyna wchna wlta oya hithin wetenna epa Akki.oya a wchna hithta arn shakthimth wenna.ethkota oyta thwth lssna ktha liynna puluwn.mn nm hemdma oyth ekka oyge ktha ekka innwa.all the best akke.kthwa eththtma gdk lssnai.mta oni une oyge hithta haiyk wenna.????onna oyge ktha mtanm digtma oni hlida akkiyooo????

  7. Anee ehema krannepa. Hemadama oyage kathawa api kiyawanwa. Eka godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak lassanai. Aneee digtm ktha dnn hodada.
    Good luck ????

  8. රුහාන් නම් මැරුව එකට දුකයි…. සදෙව් ව නම් මරන්න එපා… කතාව ශෝකාන්තයක් නම් කරන්නෙපා… හොඳින් ඔයාගෙ වැඩ ටික කරන්න. Good Luck!

  9. අයියෝ අක්කි අවුල් ගන්න එපා… bad rate කරන්නෙ එක්කෙනෙක් නම් ඊටත් වඩා ගොඩක් අක්කිට හොද rate ලැබිලා තියෙන්නේ… මං නම් අක්කිගෙ කතා වලට ගොඩාක් ආසයි… හිතට දැනෙන්නම ලියනවා…
    I wish you all the best!!!!!

  10. Kinu ahassaya

    අක්කියෝ අනේ අපි ඔයාට බැන්නේ නෑනේ…..so ඔයා එහෙම හිතන්නවත් එපා…අපි ගොඩාක් ආසාවෙන් කතාව කියවනවා….කතාව කියවනකොට වුනත් මං හුගාක් අභියෝග වලට මූණ දුන්නා.මාව lecture hall එකෙන් එලියටත් දැම්මා ගිය සතියේ .?…අක්කිගේ කතාව හුගාක් ලස්සන හින්දයි අක්කියෝ කියවන්නේ….ඊයේ මගේ comment එකට අක්කිව රිද්දන්න ඕනි වුන් නෑ අක්කී….හුගාක් දුක හිතුනා අක්කී…අක්කී එක්ක තරහ නෑ අක්කී….ඒක ඒ මොහොතේ ආපු feeling එක විතරයි….මං මේ app එකෙන්,මේ දවස් ටිකේ කියවන එකම novel එක මේක අක්කියෝ….ඒ අක්කිගේ කතාව ඒ තරමට ලස්සන හින්දා….අක්කි එක්ක අපි තරහා නෑ….අක්කි එහෙම හිතපු එකටනම් ඇත්තටම දුකයි….හිත රිද්දන්න ඕනි වුනේ නෑ ඇත්තමයි සමාවෙන්න අක්කියෝ ?… තව කතා හුගාක් ඕනි…අපි අක්කි දාන හැම කතාවම හුගාක් ආසාවෙන් කියවාවි…හ්ම්ම් වෙනදා වගේම කතාවා අදත් හුගාක් ලස්සනයි …..all the best අක්කියෝ…ආදරෙයි…දුක් වෙන්න එපා plz……extremely so sry akki….api oywa wattanna hithuwe ne ?
    Congratulations akkiyoo..ආදරෙයි හැමදාම ?❤️
    අක්කිගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා…
    ?????????

  11. Hashini Navanjana.

    අනේ අපි හරිම ආසාවෙන් කියවන්නෙ. කතාව නම් නවත්තන්න එපා… ඔයාගෙ කතාව ඇත්ත ම ජීවිතේ වෙන දෙයක් කියලම දැනෙන නිසයී අඩන්නෙ, ඒ තරම් දුක හිතෙන්නෙ.. ඒ කියන ඒවට ඔයා දුක් වෙන්න නෙවෙයි සතුටු වෙන්නයී ඕනි ආක්ශා.. ඒ තරමට ඔයා සාර්ථකයී.. අපේ හිතට දැනෙන්න ම ලියනව. කතාව ආයෙ කියවන්නෙ නෑ කිව්ව අය හැමෝට ම කලින් කියවන්න ඇති.. ඔයා දුක් වෙන්න එපා.. සතුටු වෙන්න. හැමදාම අපි වෙනුවෙන් ලියන්න.
    Best of luck aksha..
    ?????????????????????????????

  12. Nirosha Lakmali

    ඔයාගේ හිත රිද්දන නම් හිතුවේ ගොඩක් දුකයි. කතාව කියවන්නෙ නැ කිව්වට ඔයාගේ කතාව කියවන්නෙ නැතුව ඉන්න බැ. ඔයාගේ ආකාශිගේ ආදරේ උන රුහාන්වත් ආකාශිට නැති කරපු නිසා තමයි ඒ වෙලාවේ තරහ ආවේ. මොකද මේක කතාවක් කියලා හිතලා කියවන්නෙ නැ. සැබෑවක් වගෙ මේ කතාව හදවතේම පුදුමාකාර විදිහට රැදිලා තියෙන්නේ. මාත් ආදරේ කරනවා. මේක කියවපුව ඇත්තටම දැනෙන හැගීම නිසයි ඔයාට බැන්නේ. ඒ කතාව ලස්සන නැති නිසා නෙමෙයි. ගොඩාක් දුක හිතුනු නිසයි. පණ වගේ කතාවට ආදරේ නිසා. කාගෙවත් ආදරයක් නැති වෙනවට අකමැති නිසා. ඔයාගේ කතාව අපි අපේ කතාව වගේ හැගීමකින් ඒක ඇතුලේ ජීවත් වෙන්නේ. ඔයා ගොඩක් සතුටු වෙන්න ඕනේ අපි ඔයා⁣ගේ කතාව එක්ක ජීවත් වෙනවට. ආයේ කතා දාන්නේ නැ කියන්න එපා. කතා දාන්න. දුකක් දෙන්න එපා අපි ආසාවෙන්නේ කතා කියවන්නේ ඔයාගේ. ඔයාගේ හිත මං කියපු දේවල් වලින් රිදුනා නම් ගොඩාක් සමාවෙන්න. මං මගේ කියන හැගීමෙන් කතා කලේ. ඒක වැරදි ඇති ප්ලීස් සමාවෙන්න කතා නොදා ඉන්න එපා. හදවතින්ම සුබ පතනවා. තරහක් නම් නැ හිතේ පොඩ්ඩක්වත්. කතාවටයි කමෙන්ට් කරේ ඔයාගේ හිතට දුකක් දෙන්න නෙමෙයි. සමාවෙන්න..

  13. Nirosha Lakmali

    ඔයාගේ හිත රිද්දන නම් හිතුවේ නැ. ගොඩක් දුකයි. කතාව කියවන්නෙ නැ කිව්වට ඔයාගේ කතාව කියවන්නෙ නැතුව ඉන්න බැ. ඔයා ආකාශිගේ ආදරේ උන රුහාන්වත් ආකාශිට නැති කරපු නිසා තමයි ඒ වෙලාවේ තරහ ආවේ. මොකද මේක කතාවක් කියලා හිතලා කියවන්නෙ නැ. සැබෑවක් වගෙ මේ කතාව හදවතේම පුදුමාකාර විදිහට රැදිලා තියෙන්නේ. මාත් ආදරේ කරනවා. මේක කියවපුව ඇත්තටම දැනෙන හැගීම නිසයි ඔයාට බැන්නේ. ඒ කතාව ලස්සන නැති නිසා නෙමෙයි. ගොඩාක් දුක හිතුනු නිසයි. පණ වගේ කතාවට ආදරේ නිසා. කාගෙවත් ආදරයක් නැති වෙනවට අකමැති නිසා. ඔයාගේ කතාව අපි අපේ කතාව වගේ හැගීමකින් ඒක ඇතුලේ ජීවත් වෙන්නේ. ඔයා ගොඩක් සතුටු වෙන්න ඕනේ අපි ඔයා⁣ගේ කතාව එක්ක ජීවත් වෙනවට. ආයේ කතා දාන්නේ නැ කියන්න එපා. කතා දාන්න. දුකක් දෙන්න එපා අපි ආසාවෙන්නේ කතා කියවන්නේ ඔයාගේ. ඔයාගේ හිත මං කියපු දේවල් වලින් රිදුනා නම් ගොඩාක් සමාවෙන්න. මං මගේ කියන හැගීමෙන් කතා කලේ. ඒක වැරදි ඇති ප්ලීස් සමාවෙන්න කතා නොදා ඉන්න එපා. හදවතින්ම සුබ පතනවා. තරහක් නම් නැ හිතේ පොඩ්ඩක්වත්. කතාවටයි කමෙන්ට් කරේ ඔයාගේ හිතට දුකක් දෙන්න නෙමෙයි. සමාවෙන්න..

  14. Oyage hitha riddanna hithuwe na akkiyoo..oya gdk sathutu wenna one oyage kathawata api mechchara asa nisa thamai e charitha walata adare karana nisa thamai e charithawalata danena duka apitath ehemmama danenne.ehema balanakota oya kochchara talented da.hoda nirmanekata witharai e de karanna puluwn. Oyage kathawa e tharamayama superb.oyage mahansiya apathe gyena api hamoma oyage fansla wela iwarai..??all the best and love u akkiyoo…

  15. Ane ai akkiyo ruhantai akashitai ehema kale mama vadiyenma kamathi capal eka eyala plz akkiyo ashavari sadeui ven karannanam epa hodada ???
    Hitha riddaganna epa akkiyo hamoma ekavage nane mamanm kathava patangaththa davase idan kiyavanam ???
    Good luck akkiyooo???????

  16. Oyage hita ridunanam sry akkiyo. ????????Meka apita novel ekak wage newei danenne .Athtama siddiyak wage. Enisa dukatai ehema comment kre. Duka hitunanam sry. Oyage katawa godaaaak lassanai akkiyo. Hetath digaaaaaaaaaa kotasak danna.
    Good luck. ????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.