Katha Ahura

ගමන | 29 කොටස

4.5/5 - (2 votes)

ගමන 29 කොටස

වයසක මිනිසා කොතරම් උත්සාහ කරද දමිත් ත්රී වීල් එක එලවා ගෙන ඒ විශාල ගස පසුකර ගියේය.

“ටිකක් නවත්තපල්ලා මට උබලට තව එක දෙයක් කියන්ඩ තියෙනවා ,, උබ ඔය හොයනවයි කියන අයියලව කොටුකරගෙන ඉන්න යක්ශනියි යක්ශයයි නිතරම ගැවසෙන ඒ දිය ඇල්ල තියෙන ඉසව්ව මම දන්නවා, එතානට යන කෙටි පාරකුත් දන්නවා ”

වයසක මිනිසා පිටුපසින් දිව එමින් පැවසූ වදන් අසා දමිත් වාහනය නැවත්තුවේය.

” දන්නවා ,, එහෙනම් අපිට ඒ පාර කියනවද?”

කුසල් ත්රී වීල් එකෙන් යලිත් වතාවක් බැස වයසක මිනිසා දෙස බලමින් පැවසුවේය. ඔවුන් පිටුපස දිවගෙන ආපු නිසාදෝ වයසක මිනිසා හිටියේ හති දමමින. කුසල්ගේ වදනින් ඔහු පලමුව හිනා වුනේය.

” උබලට මේ පාලු වනාන්තරේ ඒ කෙටි පාර හොයා ගන්ඩ බෑ ,, අනික මේ කැලේ හැම තැනම මර උගුල්,මම උබලට මගේ ජීවීතේ අනතුරේ තියා ගෙන උබලට ඒ කෙටි පාරේ එක්ක ගෙන යන්නම්,,, හැබයි එකක්…”

වයසක මිනිස කතාව මදකට නැවත්තුවේය.

” මොකක්ද?”

“මේ වාහනේ අර ගහ එහා පැත්තෙන් නවත්තල වරෙල්ලා ,,නැත්තම් මේ කෙ කෑල්ලක්වත් ආයේ #උබලට දකින්ඩ හම්බවෙන්නෙ නෑ,, අපිට යන්ඩ වෙන්නෙත් මෙතන ඉදලා පයින් ,,දැනටමත් සමහරවිට අරුන් දෙන්නට ඉව වැටිලා ඇති උබල උන්ගෙ අඩවියට ඇතුල් වෙලා කියලා ”

ඔව් සමහර විට යක්ශයයි , යක්ශනියිටයි ඔවුන්ගේ අඩවියට කවුරුන් හෝ ඇවිති කියා මේ මොහොතේ දැනෙන්නට ඉඩ තිබිය හැක මේ වේලාවේ යක්ශයා සිටියේ තියුනු පොරව ඔසවා කවීශගේ බෙල්ලට මාරක පොරෝ පහරක් එල්ල කිරීමටයි.යක්ශයා උස් හඩක් නගමින් පොරව එසවුවේ එය කිරීමටය. තමාගේ අවසාන මොහොත ලගා වුනා සිතූ කවීශ තදින් දෑස් පියා ගත්තෙය. නමුත් ඔහු පුදුමයට පත් කරමින් තත්පර දහයක් පමන කාලයක් ගත වුවද , එවන් කිසි වක් සිදුවූනේ නැත. කවීශ ඇස් හැර බලද්දී දුටුවේ යක්ශායා ඔහුගෙන් පිටුපා යක්ශනිය දෙසට යන දසුනකි.

” අපේ අඩවියට කවුරු හරි ඇතුල් වෙලා කියල මට දැනෙනවා ”

යක්ශයාගෙ හඩ ගල් ගුහාව තුලින් ඇසේ

” ඔව් මටත් දැනෙනවා.”

යක්ශනියගේ හඩින් යක්ශයා පොරව ගල්ගුහාවේ සුපුරුදු තැනම තැබූවේය.

” අද කෑම වේල ගන්ඩ කලින් උන් කවුද කියල බලන්ඩ ඕනා ,, අපේ බන්දනයට අහුවෙලා අපූ එවුන්නම් මෙච්චරම ඉක්මනට එන්ඩ විදිහක් නෑ ##,, කවුද මුන්,,අපිට හරියන කෑමක් නම් හොදයි.බලමු ගිහිල්ලම..”

එදින ඔවුන්ගේ කෑම වේල ප්රමාද කරපු යක්ශනිය හා යක්ශනිය අර විශාල කලුගලෙන් ගුහාවට එන්ඩ තිබෙන මග අවහිර කොට ඔවුන්ගේ අඩවියට ඇතුල් වුනේ කවුරුන්ද සොයා බලන්නට ඉක්මනින්ම පිට විය. ඔවුන් දෙදෙනාගේ ඇසට ඉක්මනින්ම කුසල් අතුලු පිරිස දකින්නට ලැබේවි.

මේ කිසිවක් නොදත් කුසල් දමිත් හා කසුනි වයසක මිනිසා පිටුපසින් ඇදෙන්නට වුනේ ඔහුව විශ්වාස කරමින් ය.

” මට මොකක් හරි දෙයක් වුනොත් උබල මේ පාරෙම ඉස්සරහට පලයල්ල තව පොඩ්ඩ දුරක් ගියා ම විලාප ඔය හම්බ වෙනවා ඒක දිගේ ඉස්සරහටම ගියාම් විලාප ඇල්ල හම්බ වෙයි.මම නම් හිතන්නෙ නෑ අපිට එච්චර දුරක් උන්ගෙන් වහන් වෙලා යන්ඩ ,, උන් දෙන්න දැනමත් ක්රියාතමක වෙලාද දන්නෙ නෑ ”

එසේ යන අතර මගදි වයසක මිනිසා ඔවුන්ට පැවස්වේය.

මේ මොහොතේ ඇති භයානකබව වටහගත් දමිත් කුසල් දුන් පිහිය අතට ගත්තේය.කුසල් ඔහුගේ පිහිය කසුනිට දී ඇයගේ අත තරයේ අල්ලා ගත්තේය .වයසක මිනිසා ඉස්සරහින්ම ගියේය.

” උබලට යන පාර අමතකවෙයි කියල හිතෙනවනම් ඔය ගස්වල තියෙන කොල අතු යන ###පාරේ කඩාගෙන වරෙල්ලා ”

වයසක මිනිසා එසේ පවසනකම් ඔවුන්ට ඒ ගැන වැටහීමක් තිබුනේ නැත.

” මම ඔය කියන යක්ශනියි යක්ශයයි හුගක්ම කපටි,, උන්ට ඕනම වේශයක් අරගෙන එන්ඩ පුලුවන්,, ඒ හින්ද උබල් මේ කැලේදී හම්බවෙන කිසිම කෙනෙක් විශ්වාසනම් කරන්ඩ එපා ,, ”

වයසක මිනිසා අනතුරු අගවන ලද්දේ කුසල්ට නාලකගේ දේවාලයේදී නාලක විසින් අනතුරු අගවපු ආකාරයටමය.

” ඔය කියන යක්ශයයි යක්ශනියි ඉන්න ගුහාව තියෙන්නෙ කොහෙද ?? ඒ ගුහාව ඇතුලට යන පාර හොයා ගන්ඩ විදිහක් නැද්ද?? ඔයා දන්නැද්ද ඒකට යන පාර ”

කුසල් වයසක මිනිසා ගෙන් ඇසුවේය. සමහර විට අයියලා කොටුකර.ඇති ගුහාවත් ඒ ගුහාවම විය යුතුබව කුසල් අනුමාන කලේය.

” ඔව් මම දන්නව , එතනට යන්ඩ පාරවල් දෙකක්ම තියෙනවා ”

ඔහුගේ වදන් සමග තම අයියලාව බේර ගැනීමේ බලාපොරොත්තුව ටිකෙන් ටික වැඩි වේ.

” මොකක්ද ඒ පාර වල් දෙක , කොහෙනද ඒවා තියෙන්නේ ”

කුසල්ට පමනක් නොව අනිත් දෙදෙනාටත් එය දැන ගන්නට තිබුනේ බලවත් උනන්දුවකි. ####

” ඒව උමන් පාරවල් දෙකක් , ඒ දෙකෙනුත් එක පාරකින් විතරයි අපිට ඇතුල් වෙලා ඒ ගුහාවට යන්ඩ පුලුවන් වෙන්නේ , අනිත් උමන් පාරෙ යන්ඩ පුලුවන් ඒ යක්ශනියටයි, යක්ශයටයි විතරයි , උන් ඒ පාර වීශල කලුගලකින් වහල ඒ උමන් පාර වහලයි තියෙන්නේ , ඒ කලු ගල් මනුශ්ශයො වන අපිට හොලවල අයින් කරනව කියලා හිතන්ඩවත් බෑ ”

” එතකොට අනිත් පාර ,, අපිට ඒකෙන් ඇතුල් වෙන්ඩ පුලුවන්ද?”

කුසල් ඇසුවේය. වයසක මිනිසා එයට පුලුවන් කියා අංග චලනයෙන් හිස ඉහලටත් පහලත් වැනුවේය.

” කොහොමද ඒ ,,කොතනින්ද ඒ උමන් පාර පටන් ගන්නේ , ඉක්මනට අපිට කියන්ඩකෝ ”

තුන්දෙනාටම එය දැන ගැනීමට තිබුනෙ බලවත් කුතුහලයකි.මේ වේලාවේ වයසක මිනිසා සිටියේ ඔවුන් තිදෙනාට වඩා මදක් දුරකින් ය.

” හරි මම කියන්නම් ,, ඒ උමන් පාර පටන් ගන්නේ විලාප දි………..”

වයසක මිනිසාට කතාකර ගත හැකි වුනේ ඒ වදන් පෙල පමනයි.කොහෙන්දෝ මන්දා සුලග කපාගෙන ආ කැරකි කැරකි වේගයෙන් ආ පොරවක් අර වයසක මිනිසාගේ ගෙලේ වැදින.කෙතරම් ඒ පොරවේ තලේ තියුනුද යත් ඒ පොරෝ පහරින් වයසක මිනිසාගේ ගෙල සම්පූර්නයෙන්ම කැපී #####වෙන්වී ගියහ. වයසක මිනිසාගේ හිස සුන් මලකද කපා හෙලූ ගසක් මෙන් බිමට වැටෙද්දී කුසල් හා දමිත් භීතීයෙන් ඒ දෙස බලා සිටි අතර කසුනි තම අතකින් ඇගේ කට වසාගත්තේ මේ සිදු වූ දෙය අදහගන්නත් බැරිවය. නමුත් මෙය ආරම්භයක පමනයි. ඉදිරියේ ඔවුන්ට මීටත් වඩා බිවුසුනු දේවල් වලට මුහුන දීමට සිදුවේවි.**************************ඊලග කොටසට gamana

4 thoughts on “ගමන | 29 කොටස”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.