Katha Ahura

ඇවිදින මරණය | දෙවන මරණය | හොල්මන් කතා

5/5 - (3 votes)

දෙවන මරණය….

——————————————————————————————————————-

සිද්ධ වෙන්නේ මොකක්ද කියල හිතා ගන්න බැරුව මාව මොහොතකට ගල් වුණා..

අපිත් එක්ක හිටපු පොලිස් නිළධාරියා අඩි සළකුණු බලන්න ගියා..

මාත් බිම වැටිච්ච නෝට් බුක් එක අරන් බෑග් එකට දාගෙන පොලිස් නිළධාරියා පස්සෙන්ම ගියා..

ලේ තැවරිච්ච අඩි පාරවල්..

“අපිට මෙතනට මීඩියා ඕන නෑ.. ඔයාලා යන්න..”

ඉස්සර තරම් තරහින් නොවුණත් පොලිස් නිළධාරියා අපි දිහාට හැරිලා කිව්වා..

අභිරහස් ගැන මගේ හිතේ තිබ්බ කුතුහලය නවත්තන්න ඒ වචන වලට කොහෙත්ම බෑ..

“ඩුමා.. උඹ මෙතන බලා ගනින්.. මං යන්නම්..”

මාත් පොලිසිය පස්සෙම ඇවිද ගියා..

අඩි සලකුණු පාරෙන් එහාට ගිහින් බෑවුමක් එක්ක තිබ්බ ඇළකට වැටිලා තිබ්බා.. හැබැයි ඇළෙන් එහා පැත්තේ අඩි සළකුණු තිබ්බේ නෑ..

ඒත් ඒ හරියේ තිබ්බේ ගල් වැටියක්..

අර දරුවා ඒ පැත්තට ගියා වෙන්න බෑ.. දරුවා බරින් අඩු හින්දා ඇළේ ගහන් ගියාද..??

තවත් වටේ පරීක්ශා කරපු නිළධාරින් ඔක්කොම එකතු වෙලා සකච්චා කරනවා..

එතන නිකන් හිටන් ඉද්දි මං බැලුවේ ගල් වැටියට එහායින් තිබ්බ ගස් හෙවණක් දිහා..

මොකක්දෝ මංදා දෙයක් එතන වැටිලා තිබ්බා..

“මේ අර බලන්න.. ගල් වැටිය උඩ, අර ගහ යට..”

පොලිස් කාරයෙක් එතනට ගියා.. ගල් වැටිය දිගේ…

ඇළ අයිනේ හදලා තිබ්බ ගල් වැටිය අඩි පහක් පහාමාරක් විතර උසයි..

අර සැර පාටට හිටිය පොලිස් නිළධාරියා හෙමීට ගල් වැටිය ගාවට ගියා..

එයා මොනවා හරි දෙයක් දිහා බලා ගෙනයි හිටියේ.. මාත් ගියා එයා ළඟට..

ගල් වැටියේ දැලේ පැටලිලා තිබ්බේ හම් කැබැල්ලක්.. ඔව්.. මිනිස් හම් කැබැල්ලක්.. ලේත් එක්ක..

මේක නම් ලේසි පහසු කතාවක් නෙවෙයි වගේ..

ඒ කියන්නේ අර මැරුන දරුවා මෙතනින් උඩට නැගලා තියෙනවා… එහෙම නගිද්දි හමේ කෑල්ලක් ගැලවිලා..

ඒත් එහෙම කොහොමද වෙන්නේ…???

“සර්… මේ බල්ලෙක් මැරිලා සර්… කවුරු හරි කාලා වගේ.. බෙල්ලේ කුට්ටියක් නෑ..”

ඕඕඕ ගෝඩ්..!! මොනවද මට මේ හිතෙන්නේ… අර දරුවද… මෙහෙම මස් කුට්ටි කඩන්නේ…??

අර පොලිස් නිළධාරියා විහාන්.. එයා තවත් පොලිස් කණ්ඩායමක් කැඳෙව්වා මේක ගැන පරීක්ශන කරන්න..

මොකක් නමුත් අත්භූත යමක් අපි වටා සිද්ද වෙනවා වගේ..

එතකොටමයි මගේ ෆෝන් එක රින් වුණේ.. අපේ මහසෝනා.. එඩිටර් මහත්තයා..

පළවෙනි පාර රින්ස් යන්න ඇරියා. දෙවෙනි පාර ගනිද්දි මං ආන්ස්වර් කරා…

“කොහෙද අයිසේ ඉන්නේ..?? අන්න අර ලෙඩෙන් තව ලෙඩ්ඩු දෙන්නෙක් මැරිලලු ඊයේ රෑ.. යනවා දැන්ම ගිහින් බලනවා..”

අපොයි… මහසෝනා උච්චම වෙලා වගේ..

මං විහාන් දිහා බැලුවා.. ඒ මූණ කල්පානාකාරියි.. ඒ කියන්නේ කාටවත් හිතා ගන්න බෑ මේ මොකක්ද වෙන්නේ කියලා..

තවත් විනාඩි විස්සකින් විතර දෙවෙනි පොලිස් කණ්ඩායමත් ආවා..

මේ ඒරියා එකම සර්ච් කරන්න මුළු කණ්ඩායමටම පැවරුවා..

ඒත් තාම කාටවත් කිසිම දෙයක් හොයා ගන්න බැරි වුණා..

පරීක්ශන මෙහෙම යද්දී පොලිස් නිළධාරියා විහාන් මං ළඟට ආවා..

“අර බොඩීස් තුන අරන් මං කරාපිටි යනවා..”

“මටත් කරාපිටියට යන්න ඕන..”

එයා මුකුත් නොකියම ඉස්සර වුණා..

මේක පිල්ලියක්ද..?? නැත්නම් මොකක්ද..?? හිතා ගන්න බෑ.. ඒත් එහෙම දේවල් වෙන්න පුළුවන්ද..??

මමයි , ඩූමයි පොලිස් ජිප් එකට නැග්ගා.. අර බොඩීස් තුන ඇම්බුයලන්ස් එකකින් කරාපිටියට අරන් ගියා..

ඔලුව නිකන් කම්මල වගේ.. හිතා ගන්න බෑ.. මෙහෙන් මැරිච්ච දරුවෙක්ට පණ ඇවිත්… මිනිස්සු මරනවා බෙල්ල හපා කාලා..

අරහෙන් අර ලෙඩේ හැදිලා තව දෙන්නෙක් මැරිලා..

වෙනදට මෙහෙම වාර්තාවකට ගියාම ඩූමටයි මටයි කතා කරන්න දේවල් ගොඩක් තිබ්බා..

ඒත් අද අපි දෙන්නා ගොළු වෙලා.. අපි දෙන්නා විතරක් නෙවෙයි.. පොලිසියත් ගොලු වෙලා..

අපි කරාපිටියට ගියා..

ඒත් අපිට ඇතුළට යන්න දුන්නේ නෑ.. පිළි ගැනීමේ පර්යන්තේ රැඳී ඉන්න වුණා..

ඒ අතරෙදි වටෙන් පිටෙන් මේ ලෙඩේ ගැන මෙතන වැඩ කරපු අයට ගාණක් දීලා අහගත්තා.. ඇටෙන්ඩන්ට්ලට නම් මේව පුරුදුයි..

ආරංචි වුණ විදියට මේක බෝ වෙන ලෙඩකුත් නෙවෙයි..

ටිකකින් විහාන් තව නිළධාරින් දෙන්නෙක් එක්ක ආවා..

අර නැති වුණ දෙන්නෙක්ගේ එක්කෙනෙක් කාත් කවුරුවත් නැති වයසක ආච්චි කෙනෙක්..

අනිත් කෙනා ඇන්ටි කෙනෙක්.. ඒ ඇන්ටිගේ දුවයි පුතයි නම් පොලවේ හැපි හැපි වැළපෙනවා..

ඊයේ දුක් වුණ දුක් විල්ලට අද ඇති වෙන්න බය වුණා.. තාමත් හිත අහන්නෙම අර දරුවා ගැන..

කිසින විස්තරයක් දැන ගන්න බැරි වුණා.. රස්තියාදුවක් විතරයි..

පෝස්මෝඩම් එකෙන් පස්සේ අර ගොල්ලෝ බොඩිය අරන් ගියා.. ඒත් අනිත් බොඩිය මෝචරියට අරන් ගියා..

අපි ඉඳියේ අපිට අච්චර උදව් කරපු පොලිස් නිළධාරියාට ස්තූති කරලා අර මැරිලා පණ ආපු දරුවා ගැන දැන ගන්න..

හවස ලෙඩ්ඩු බලන වෙලාවෙදි අපිත් හොස්පිටල් එක ඇතුළට ගියා..

අපි රෝහල් පොලීසිය වටේ කැරකි කැරකි..

ඒත් එකපාරටම රෝහල් පොලිසියේ හිටපු නිලදාරියෝ දෙන්නෙක් අපිවත් තල්ලු කරන් දුවන් ගියා..

මොකද වුණේ..?? මොකක් නමුත් අපි වාර්තාකාරයෝනේ.. හැමදේම වැදගත්..

මං ඩුමාවත් ඇදන් ඒ පස්සෙම ගියා..

එයාලා දුවන් ගියේ මෝචරිය පැත්තට..

දෙයියනේ… උඩට ගනිපු හුස්ම පහළ දාන්න අමතක වුණා..

මෝචරිය ඉස්සරහා කොරිඩෝවේ සුදු ඇඳ ගත්තු ඇටෙන්ඩන්ට් කෙනෙක් ලේ විලක් මැද වැටිලා හිටියා..

වට වෙලා හිටපු අය අස්සේන් ඉස්සරහට ගියාමයි දැක්කේ හරියටම.. මෙයාගෙත් බෙල්ල ගාවින් කොටසක් නෑ..

තවත් එහාට වෙන්න තවත් මිනියක් වැටිලා තිබ්බා.. ඒකත් ඇටෙන්ඩර්න් කෙනෙක්ගේ…

හුස්ම නැවතුණා වගේ.. මේ තරම් බියකරු දර්ශනයක්..

ඩූමා මගේ අත් ගොබයක් තද කරලා අල්ලා ගත්තා..

“මේකත් අර වගේමයි…”

සෙනඟ අස්සෙන් අපි ගාවට ආපු විහාන් කිව්වා..

ඒ මූණත් කැළඹිලා..

සෙනඟ එහාට මෙහාට කරලා එතන සිද්දිය ක්ලියර් කර ගන්නකම් අපි ටිකක් එහාට වෙලා හිටියා..

බාගෙට පණ ගිහින් වගේ.. මට මැවිලා පෙනුනෙම ලේ… ලේ විතරමයි..

“සර්.. අරහේ දරුවා හොයා ගෙනද..?? ”

“මං දැං කතා කරා. ෆෝන් වැඩ කරේ නෑ..”

එහෙම කියලා එයා ආයෙම කෝල් එකක් ගත්තා..

“මොකක්..??”

“අයිසේ දැංද තමුසෙලා කියන්නේ…??”

තවත් මොනවදෝ කියලා එයා ෆෝන් එක කට් කරා..

“පොලිසියේ කෙනෙකුත් මරලා දාලා.. ඉන්වෙස්ටිගේශන් එකට ආපු… ”

මගේ ඇස් උඩ යන්න ඇති…

“මේ වගේම බෙල්ලෙන් කුට්ටියක් නෑලු.. ඩිපාර්ට්මන්ට් එකෙන්ම එනවලු..”

දෙවියනේ… !!! මේක මරණ වැලක්….

——————————————————————————————————————-

මරණය ඇවිදිද්දි ජීවීතය පලා යාවිද..??

නොහිතපු තරම් ප්‍රතිචාරයක් මේ කතාවට ලැබුනා.. ගොඩක් සතුටුයි ඔයාලගේ අදහස් ගැන..

මේක කොටස් දහයක කතාවක් කරන්නයි ඕන වුණේ.. ඒත් හිතේ තියෙන කතාව සම්පූර්නයෙන්ම ඉවර කරනවා..

ආදරෙයි පැලෙන්න… මාත් එක්කම ඉන්න..

ඊළඟ මරණයෙන් හමුවෙමු….
බුදු සරණයි..!!!

12 thoughts on “ඇවිදින මරණය | දෙවන මරණය | හොල්මන් කතා”

  1. Ashka Rashmi

    අනෙ අම්මෝ..කතාව මාර විදිහට බය හිතෙනවා දෙයියනේ….පුදුම ලස්සනයි කතාව…❤️❤️

  2. Priyadarshani

    Niyamai kathawa…mn hithanawa meka man jiwithe kiyawapu bihisunuma holman kathawa wei kiyala…kiyala wadak na patta….????????????????????????????????????????

  3. Ranmali subasinghe

    පුදුම විදිහට බය හිතෙන්නේ… අම්මෝ…????

    ඒත් මහ හුගක්ම ලස්සනයි කතාව… දිගටම ලියන්න… ??

    සුබපැතුම් !!!

  4. කතාව නම් සුපර්බ්.????
    භය, කුතුහලය පිරි ලස්සන කතාවක්.????
    All the best.?????

  5. Hashini Navanjana.

    හරිම බය හිතෙනවා අනේ කතාවට. ? ? ? ගොඩාක් හොඳ කතාවක් වෙයි මේක අනිවාර්යයෙන්ම… ඔයා නම් හරිම ෂෝයී අනේ… ගොඩාක් බය හිතෙන විදියට ඔයා ලියනවා. එක්සලන්ට් ????
    තවත් බය හිතෙන විදියට හොල්මන් ? ? ? ? අරන් එන්න්කෝ… අපි ආසාවෙන් බලන් ඉන්නවා.. ????
    දිගටම ලියන්න අක්කියෝ…
    ගුඩ් ලක්.. ❤❤❤❤
    බුදුසරණයි ඔයාට… ????

  6. අම්මෝ…පපුවත් නැවතුනා කතාවට.. zombie කතාවක් නේද..?‍♂️?‍♂️
    නියමයි කතාව..??

  7. Ammooooo baya hithenawa mn hithnwa meka mn kiywapu holman katha atharin baya hithenama holman kathawa wei kiyl. Kathawa hamadam denna barida apita kiywanna asai kathawa ekai. Ok ehenm mn digatam kathawat ekka innawa bs tc Good Luck

  8. කතාව නම් මාරම ලස්සනයි.. ❤️
    මේක තවත් ලස්සනට තියෙයි තව ඉස්සරහට යද්දි.. මටත් මේ හොල්මන් ගැන පොඩි අත්දැකීමක් තියෙනවා .. ඒත් හොල්මන්ම කියන්නත් අමාරුයි,, කතාවක් ලියන්නත් අාසයි… මේකෙන් අපිව තව බය කරන්න ? Best of Luck ❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.