Katha Ahura

රන් තරු | 15 කොටස | නවකතා

5/5 - (1 vote)

15 කොටස

” බලපන් හැලයෝ ඒකෙත් හැටි…..

උඹේ අයියා හමුදාවෙ කිව්වට උඹ මට කිව්වේ නෑනේ නිකන් වත් උඹේ තාත්තා වීරෙ අංකල් කියලා ….”

” ඇයි කිව්වා නම් උඹ මොනවා කරන්නද වල් ඊරියේ ….”

” වැඩිය මුකුත් කරන්නේ නෑ බං….උඹව දරු කමෙන් අයින් කරලා මාව අරන් හදා ගන්න කියනවා….”

” කියන්න දෙයක් නෑ ඉතින් …..උඹ නිසා දැනටම ඒක වෙලානේ….

කොහෙවත් ඉඳලා ආපු උඹව ලොකු වෙලා උඹෙ වීරෙ අංකල්ට ….

මේ අහිංසක කොල්ලො දෙන්නව අමතක වෙලා…..”

” අනේ උඹේ මම නොදන්න අහිංසක ….පලයන් යන්න ගල් ආඳා උඹ මහ….”

” කට වහපන් හිකනලී….

උඹගේ බඩට නෙමෙයි මැහුම් දාන්න තිබුණේ….ඔය ටකරන් කටට….

බලපන් පන්සලක් වගේ තිබුණු අපේ ගෙදර උඹ ආවා විතරයි යකඩ තලන කම්මලක් වෙලා ….”

” අනේ පලයන් හැලයෝ ….උඹ ආස ඇති නේ මගේ කට වැහිලා තියෙනවට ….”

” නැතුව බං…දැන් ඉතින් මටයි අයියටයි ඉන්න වෙන්නේ කනේ ඇබ ගහගෙන ….”

” ඉතින් හිටපන්කෝ ඇබේ ගහගෙන…”

” තොගෙ හැකර කටට ගහන්න ඕන චීන පටස් එකක්…වැහිලම යන්න ….”

” ඔව්..ඔව්…කවුද දන්නේ නෑ අර චීන පටස් එකක් පස්සේ ඇඹලයෙක් වගේ කාලයක් බඩ ගෑවේ….”

” ටික්කි…අනේ බං උඹත් එක්ක නම් කතා කරලා දිනන්න බෑ ….

තොගෙ ඔය තුවාලෙ තිබුණේ නැත්නම් මෙලහටත් උඹ ඇඳෙන් බිම කියලා හිතා ගනින්කෝ ….”

” හරි හරි උඹයි මායි දෙන්නම දිනුම්…දැන් හරිනේ….චතුවෝ…උදව්වක් කරපන් බං මට…..”

රනූ තාමත් දන්නේ නෑ මමයි චූටි දෝණියි ඉන්නවා කියලා .චතූ කියලා කතා කරේ මගෙ මල්ලිට.

මල්ලිගෙ නම චතුර උනත් හැමෝම කිව්වේ චතු කියලා .රනූ උනත් ෆැකල්ටි එකේදී මල්ලිට කතා කරනවා ඇත්තේ ඒ විදියට වෙන්න ඇති.

” කියපන් මොකක්ද ….උඹ මටත් දිනුමෙන් බාගයක් බෙදලා දුන්නේ හොඳකට නම් නෙමෙයි වගේ….”

” තරූ අයියට හොරා පොඩි වැඩක් කරලා දීපන් …”

” ඒපාර මොකක්ද …මාව පොලීසියට යවන කේස් එකක් නෙමෙයිනේ ….”

” නෑ බං ගොන් හරකෝ….තරූ අයියට හොරා මට අර රෝස කැටේ ටිකක් ගෙනෙත් දියන් වඩා ගන්න ….”

” මොකෝ උඹ අපේ කෙල්ලව තරූ අයියට හොරා ඉල්ලන්නේ ….”

” ඉස්සෙල්ලා ඉල්ලුව්වාම දුන්නේ නෑ බං වඩා ගන්න ….අනේ ගෙනෙත් දියන්කෝ…”

” දැන් මොකෝ අයියා ඉස්සෙල්ලා උඹට දුන්නේ නැත්තේ අපෙ රෝස මලීව වඩා ගන්න …

හේතුවක් ඇතිනේ මොකක් හරි….”

” මේ හැලයෝ …උඹ නම් අනේ මං දන්නෑ….

ඔහොම බූරුවෙක් වගේ හරක් ප්‍රශ්න අහද්දි මට උඹව පොලවේ ගහන්නමයි හිතෙන්නේ …”

” තොගේ මොලේ තරම පේනවා ටික්කි…බූරුවෝ කොහොමද බං හරක් ප්‍රශ්න අහන්නේ …”

” මේ හැලයෝ දෙයක් කිව්වම ජාතකේ හොයන්නේ නැතුව කරන්න පුරුදු වෙයන්කෝ …

උඹත් අහන්නේ මහ ගොන් ප්‍රශ්නමයි…”

” හරි මං දැන් නොකරොත් …”

” නොකරොත් ඉතින් මං උඹට වැඩිය මුකුත් කරන්නේ නෑ බං…

උඹ කැකුළිට ලයින් දානවා කියලා මං තරු අයියට කියන්නෑ නෑමයි…උඹේ මේස් දෙක  පල්ලා….”

” ටික්කි…මරනෝ මං තෝව….

උඹ එහෙනම් අවුරුදු ගානක් තිස්සේ අපෙ අයියට ලව් කරන්නේ ….”

” මේ මේ….උඹ වැරදි දාර්ශන දෙන්න එපා මචන් …

උඹගේ අයියා කියලා දැනගෙන නෙමෙයිනේ මං උඹගෙ අයියට ලව් කරේ….

ඒක මගේ කුළුඳුල් ප්‍රේමය …උඹ හිටපන් බාල්දි නොදා….”

” යකෝ බාල්දියක් නොදා කොහොමද …. නැත්නම් උඹනේ මගේ නෑනා වෙන්නේ …”

” අනේ පලයන් චතූ….උඹ හෙන ඊරිසියාකාරයා….නරක් වෙලා තියෙයි මං වගේ හුරුබුහුටි කෙල්ලෙක් උඹෙ නෑනා උනාම…”

” අනේ උඹේ හුරුබුහුටි …උඹ කට ඇරියම බලා ගන්න පුළුවන් උඹෙ බුහුටි කම…. කෙරවක්කී…”

” මගේ ලාස්ට් ලව් එකත් උඹගෙ අයියම තමයි …උඹ මැරුණත් ඒක වෙනස් වෙන්නේ නෑ …”

” නොදකින් තෝ…මේ හොඳට ඉන්න මාව මරනවනේ….

ඇති …ඇති …උඹගෙ සැලමුතු ප්‍රේමේ තියා ගනින් …අයියත් උඹම ගනින් ….

හැබැයි කෙල්ලව දෙන්නේ නෑ උඹට …..”

” චතු ….අනේ ගෙනෙත් දියන් අර සුදු බෝලේ මට ….හොඳ මල්ලිනේ….”

” අප්පටසිරි ….මෙන්න මේකි මට මල්ලිලු….”

” ඇයි යකූ බොරුද….උඹ පැයකට හරි මල්ලිනේ….”

” අයියා කෙල්ලව නාවනවා බං…..හිටපන් ටිකක් ….”

” හැබැයි ඔන්න ඕන හොඳේ ….”

” හරි බං ඉඳපන් කෙල්ලව නාවන් එනකම්…..

ටික්කි ඇත්තමයි බං….විශ්වාස කරන්නත් බෑ ….

මං හිතුවේ නෑ මේ උඹ කියලා තාත්තා කියන කොටත් සීන් එක….

අනික ෆැකල්ටියේ කොල්ලො අච්චර උඹට ලයින් කරද්දී උඹේ හිත වෙනස් වුණේ වත් නෑනේ …..

අපේ අයියව දැක්කෙත් නැතුව කොහොමද බං ලව් කරේ…”

” එහෙම තමයි බං….සංසාරෙ පතාගෙන ඔතාගෙන ආපු ආදරේ …

ඒත් වැඩක් නැති වෙයි චතු …..අයියා කැමති නෑ තව කෙල්ලෙක්ට ළන් වෙන්න ….

අංකල් කියපු දේවල් වලින් මට එහෙම හිතුණා ….”

” උඹ පව් බං……

අවුරුදු ගානක් හිතින් ලව් කරලා දැන් ළඟටම ඇවිල්ලත් කොහොමද බං හිතේ හිර කරගෙන ඉන්නේ …..”

” මගේ හිත හදන්න සහෝදරයෙක් තරම් ළන් වෙච්ච උඹ වගේ යාළුවෙක් ඉද්දි ඒ ගැන නොහිතා ඉන්න පුළුවන්නේ මට….”

“අයියට ටික කාලයක් දීපන් රනූ….හිත වෙනස් වෙයි බං…..

උඹ ගැන මීට කලින් දැනගෙන හිටියා නම් අයියා ඔය තරම් විඳවන්නෙ නෑ බං…..”

රනූ ආදරේ කරේ මාව දැකලා වත් නැතුව .පොඩි කාලෙ දැක්කට ලොකු වෙනකොට ඒ තරම් ආදරයක් හිතේ තියගෙන ඉන්න පුළුවන් ද.

තාත්තා රනූට මම ගැන කියන්න ඇත්තේ මං ඩියානා එක්ක සම්බන්දයක් ඇති කර ගත්තු කාලෙ වෙන්න ඇති .

ඩියානා නිසා මම මොන තරම් මානසිකව වැටුණද කියලා තාත්තා හොඳටම දන්නවා .රනූත් අනිවාර්යයෙන් ඒ ගැන දන්නවා ඇති .

ඒත් දැන් ඒ හැමදෙයක්ම මගේ රෝස මල නිසාම මම අමතක කරලයි ඉන්නේ .

එහෙම වුණ පලියටම ආදරයක් ගැන හිතන්න මට ඉක්මන් වෙන්න බෑ .මම ගන්න හැම තීරණයක්ම රෝස මල ගැන හිතලයි ගන්න ඕන .

මම රෝස මල නාවලා ඉවර වෙලා පැනල් රෙද්දක ඔතාගෙන කාමරේට ආවේ ටවල් එකකින් පිහි දාන්න තරම් ඒ හම හුරු නැති නිසා .

සිනිදු හම නිසා මගෙ කෙල්ලට රිදෙයි කියලා මට බයයි තාමත් .නෑවට පස්සේ මගෙ කෙල්ල ආයෙත් ටික වෙලාවක් නිදාගන්න එක එයාගේ පුරුද්දක් .

මම රෝස මලත් අරගෙන එනකොට රනුයි මල්ලියි හොඳ බර කතාවක් .රනූ තාමත් දන්නේ නෑ එයා කියපු හැමදෙයක්ම මම අහගෙන හිටියේ කියලා .

පව්…ආස ඇති මගෙ පැටියව හුරතල් කරන්න .මේ පුංචි සුරංගනාවි දැක්කම කාටද පුළුවන් අහක බලන් ඉන්න .

ඒත් මම රනූට වඩා ගන්න දුන්නේ නැත්තේ එයාගෙම හොඳටනේ .මොකද තුවාලෙ පෑරුණොත් රනූටම තමයි විඳවන්න වෙන්නේ .

” මල්ලි …කෙල්ලට ඇඳුමක් අන්දවපන් කොල්ලො ….මං ඇඳුමක් මාරු කරන් එන්නම්….

මාව තෙම්මුවා මේ හුරතලේ අද….”

” මෙහෙ වර හා පැටියා …තාත්තා ආවම මේකිට මාව මතක නෑනේ ….

දන්න මල කෝලම් ඔක්කොම ටික තාත්තාට දානවා….මායම්කාරි මේකි….”

මල්ලි මගේ රෝස මලව රනූ ළඟින්ම තියලා ඇඳුමක් අන්දන්න ගත්තේ .

” අයියේ ….බලපන් පැයකට හරි මගෙ අක්කා වෙලා තියෙන්නේ ෆැකල්ටියේ මගේ හොඳම බොක්කනේ…..

ඒකෙත් හැටි නේ…”

” අවුලක් නෑනේ බං එහෙනම් …..රනූටත් උඹත් එක්කම යන්න පුළුවන්නේ කොල්ලො …..

මෙයාව පරිස්සම් කරන්න බොඩිගාඩ් කෙනෙක් ගන්න ඕන නෑ අමුතුවෙන් ……”

රනූගේ කට දැන් නම් වැහිලා .සද්දයක් නැතුව ඉන්නවා හොරා වගේ.

” අයියේ ….මෙන්න මෙයාට රෝස මලව ඉල්ලනවා ටිකක් ….”

” රනූ…තුවාලෙ හොඳ කරගන්න ආසාවක් එහෙම නැද්ද….”

” අනේ තරූ අයියේ ….චුට්ට වෙලාවයි නේ…. මට ටිකක් දෙන්නකෝ එයාව….”

” තුවාලෙ පාර ගන්නේ එහෙම නෑ හොඳ ද පොඩි එකත් එක්ක නටලා…..

මල්ලි දියන් ටිකක් කෙල්ලව මෙයාට …. උඹත් ළඟින් හිටපන් පොඩ්ඩක් ……

කෙල්ලගේ කකුලක් වත් වැදුණොත් මෙයාට රිදේවි…..”

මට ඇත්තටම බය හිතුණා .මගේ රෝස මල හුරතලේට දඟලනකොට කකුලක් වත් වැදුණොත් රනූගේ තුවාලෙ ආයෙත් පෑරෙයි කියලා .

මම බාත්රූම් එකට ගියේ ඇඳුමක් මාරු කරගන්න .කෙල්ලගේ කෝලම් නිසා මාත් බාගෙට බාගයක් තෙමිලයි හිටියේ .

මට ඇහුණා මල්ලියි රනුයි ආයෙත් කතා කරනවා .

” ටික්කි…බලපන් අයියා උඹේ හොඳටනේ කෙල්ලව ගන්න එපා කියලා තියෙන්නේ ……”

” හරි බං….උඹ කියන්නේ මේ රෝස පැංචිව දැක දැකත් අහක බලන් ඉන්න කියලද….”

” හරි ….හරි ..හුරතල් කරපන්කෝ….හැබැයි තුවාලෙ පාරගෙන අයියා බැන්නොත් මම නෑ …..”

” හරි බං….උඹට බනින්නේ නෑ ….බැන්නොත් මටනේ….

චතු …මට නැගිටින්න ඕන බං…හෙල්ප් එකක් දීපන් ….”

පව්….රනූට අත් දෙක වාරු කරන් එක සැරේටම නැගිටින්න බැරුව ඇති .මොකද මමත් ඒ දවස් වල මල්ලිගේ හරි තාත්තගේ හරි උදව්වෙන් තමයි නැගිට්ටේ .

එක සැරේට හාන්සි වෙලා ඉඳලා නැගිටින්න යද්දී කුසට දැනෙන වේදනාව වැඩියි .

මම ඇඳුමත් මාරු කරන් ඉක්මනට ආවේ රනූව නැගිට්ටවන්න හිතාගෙන .රනූ මල්ලිගෙන් උදව් ඉල්ලද්දි මගේ හිතට දැනුණු හැඟීම මොකක්ද කියලා මටම තේරුණේ නෑ .

මල්ලි මගේ කෙල්ලව පව්ඩර් වලින් නාවලා . කෙල්ලත් ආසයි පුළුන් වලින් හදපු පව්ඩර් මල මල්ලි ඇඟ පුරා අරන් යනවට.

මල්ලි එහෙම කරන වෙලාවට කෙල්ල හිනා වෙන්නේ කිති කැවෙන් නිසා .

” අයියේ …මං කෙල්ලට ඇඳුමක් දානකම් හෙල්ප් එකක් දීපන් බං මේ වදකාරිට නැගිටින්න …..”

රනූ මල්ලිත් එක්ක කටර් එකක් වගේ කියෙව්වට මාත් එක්ක ඒ තරමටම කියවන්නේ නෑ .පොඩ්ඩක් හරි බය ඇති මං බනීවි කියලා .

උරහිස් වලින් අල්ලලා පරිස්සමට මම රනූව ඇඳෙන් බැස්සෙව්වා.

” ගිහින් මූණත් පොඩ්ඩක් හෝදගෙනම එන්න රනූ….තාත්තා උයලා තියෙන්නේ ….

අපි කට්ටියත් එක්කම කමු අද….”

” හැලයෝ ….ගිහින් බත් බෙදපිය මටත් එක්ක ….ඔහොමද සලකන්නේ ලෙඩ්ඩුන්ට ….”

” හිටපන් හිටපන් ….උඹට මං අද සලකන්නම් අමතක නොවෙන්නම…”

24 thoughts on “රන් තරු | 15 කොටස | නවකතා”

  1. කතාව අදත් ලස්සනයි… මං 3 ඉදන් බල බල හිටියෙ කතාව කෝ කියලා… ඒත් අද පරක්කුවෙලානෙ දාලා තින්බේ…

    තරූගෙ හිත දැන්න්ම් හැදීගෙන එනවා නේද…ඉක්මනින් තරූ රනූට ආදරේ කරයි වගේ…

  2. හැලපයyi tikki maru ane.
    Onna goda davasakin comment ekak damme .vada nisa comment ekk danna bari unath hamadama kathava kiyavala excellent rate kala.
    Oyage kathava aththatama godakma lassanai.roce mala gana kiyanakota aththatama harima adare hithenava???
    Good luck aiye

  3. තරූ ආදරේ කරයි රනූට ඉක්මනින්ම… රෝස මලත් බලාගෙන ඒ දෙන්නා ලස්සනට ඉඳී ආදරෙන් සතුටින් …. කතාව නම් ගොඩක් ලස්සනයි…

  4. Hashini Navanjana.

    ඔන්න දැන් තමයි වෙලාවක් ආවේ කතාව කියවන්න. ? ? ?
    අදත් ගොඩාක්ම ගොඩාක් ලස්සනයී අයියේ… ???? ෂෝයී අනේ රනූ චතූ දෙන්නගේ වලි. මටත් ඉදියා ඒ වගේම යාලුවෙක්. රටේ නැති නම් කියනවා ඉතිං… එහෙම නම් ගොඩාක් හදලා තිබුනා මට. ????
    ඒ කාලේ මතක් උනා මේ කතාව නිසා… හරිම සුන්දරයි ඒ මතකයන්..☺️☺️☺️☺️
    දැන් නම් හොඳටම ෂුවර් තරූ කෙල්ලට ආදරේ කරන්න පටන් අරන් කියලා. ඒකනේ රනූ නැගිටින්න මල්ලිගෙන් උදවු ගන්න හදනකොට තරූ දුවගෙන් ආවේ… ? ? ? ?
    පැහැදිලි ඉරිසියාව තමයි ඉතිම්…….. ????
    ආදරේ මුල්ම හැගීමක් තමයි ඉරිසියාව. ඒ කිවුවේ තමන් ආදරේ කර්න කෙනාට වෙන කෙනෙක් යාලුවෙක් විදියට වත් ලං වෙන එක වෙලාවකට එයාලට බලන් ඉන්න බෑ… අතකින් වත් අල්ලනවට කැමති නෑ… (අත්ද්කීමෙන් කියන්නේ හොදේ……. ????) ඉතිම් දැන් රනූටත් වෙලා තියෙන්නේ ඒකම තමයි.. ???? ඉස්සරහට තවත් ලස්සන සිදුවීම් ගොඩක් වෙයි නේද…. ????
    ආසාවෙන් බලන් ඉන්නවා ඉස්සරහට වෙන දේ දැන ගන්න..
    ????
    බුදු සරණයි… ????
    ?❤?❤?❤?❤

    1. Onna aiyya Ada awe sorry hode comments walata reply nathi unata eka ne eka ne ko oyage rose bole mathak karanna budusaranyi nangiya thank you so much

  5. Ranmali subasinghe

    මල්ලියෝ ඔයා මැයි 7 දාපු කොටසට මට ලයික් 20 තියනවා.. ඒත් අනේ ඇඩ්මින් අයියා මැයි ටොප් කමෙන්ට් වලට මගෙ කමෙන්ට් එක දාලා නෑ අනේ… ලයික් 17 තියන ඒවත් දාලා තියනවා… ???

    මන් තරහයි අප්පා ඇඩ්මින් අයියේ.. ????

    ඔයා කියන්න මල්ලියෝ ඇඩ්මින් අයියට…

    කතාව ලස්සනයි අදත් ❤️?❤️?❤️?❤️?

    1. Admin aiyya kathawe comments wala ahulak gilla comments okoma ahin Kara ekeda danne na akke admin aiyya me comments dakinawa aniwa balayi akke me app eka pliwalata wadak karana app ekak ne akke eka nisa wardak wenne na thank you so much budusaranyi

  6. Nirosha Lakmali

    කෝ මේ රන් තරු අද තාම නැත්තේ. ඉක්මනට දාන්න. අපි පව් නෙ.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.