හතරවන මරණය….
——————————————————————————————————————————–
හදවත මොහොතක් නතර වුණා වගේ..
මේ තරම් පිලිකුල් දර්ශනයක් දකින්නට තරම් පව්කාර වෙලා අපි..
නොසිතූ මොහොතක විහාන් තුවක්කුව අමෝරාගෙන ඉස්සරහට ගියා…
ඊළඟ තප්පරේ මට ඇහුනේ කන් බීරි කරවන තරම් සද්දයක්.. විහාන් අර මළමිණියට වෙඩි තිබ්බා…
අපිට පිටුපස හැරිලා අර මනුස්සයාගේ බෙල්ලෙන් කුට්ටියක් කඩන් කාපු මළමිනියගේ පිට පසාරු කරන් උණ්ඩය වැදුනා.. ලේ බිංදු දහරාවක් උණ්ඩය වැදුන තැනින් ගලා ගෙන ගියා…
මුගේ කතාව මෙතනින් ඉවර නම් හිතට සැනසීමක්..
ඒත් ඊළඟ තප්පරේ වුණේ යටි හිත අනුමාන කරපු දෙයක්..
අර මළමිණිය අපේ දිහාවට හැරුණා.. කොළ පාට ඇස් වල වෙනස් නෑ.. භීතිය විතරමයි..
ඒ කියන්නේ අර සොම්බි කතාවල වගේ සොම්බියෙක්ද මේ…???? අපොයි දෙයියනේ….!!
කකුලක් අද්ද අද්ද අපි දිහාවට අර මළමිණිය ඇවිදන් එනවා..
විහාන් තවත් උණ්ඩ හතරක් ඒ මිණියට එල්ල කරා.. ඒත් ඒ උණ්ඩ වලට මළමිණිය නවත්තන්න පුළුවන් වුණේ නෑ..
මාත් බයටම ගල් වෙලා වගේ..
විහාන්ට අඩි දෙකක් දුරින් ඉද්දි විහාන් පිස්තෝලේ තිබ්බ අන්තිම උණ්ඩය මළමිණියේ ඔළුවටම ඒම් කරලා වෙඩි තිබ්බා..
මේක නම් හිතා ගන්න බැරි, කියවලා තියෙන, බලලා තියෙන, අහලා තියෙන සොම්බි හැම කෙනාටම වඩා වෙනස් එකෙක්..
ඔළුවටම වෙඩි තියලත් ඌ නැවතුණේ නෑ..
විහාන්ගේ අතින් පිස්තෝලය ගිලිහිලා බිමට වැටුණා.. මට දැනුනේ මගේ හිතට වෙඩි තිබ්බා වගේ.. එච්චරට බයක්…
ඊළග තප්පරේ මළමිණිය විහාන්ව අල්ලගත්තා.. විහාන් ඌත් එක්ක පොර බඳිනවා..
නෑ.. නෑ… ඊලඟ තප්පරේ ඌ විහාන්ගේ බෙල්ලෙන් කුට්ටියක් කඩන් කන්නයි හදන්නේ…
මං ඉස්සරහ තවත් මිනිහෙක් මරනවා බලන් ඉන්න බෑ..
මං වටපිට බැලුවා… රතු පට ගිනි නිවන්න ගන්න සිලින්ඩරයක් බිත්තියේ කොනේ තිබ්බා..
දෙවරක් නොහිතාම මං ඒ සිලින්ඩරේ අතට අරන් අඩි දෙකක් තුනක් ඉස්සරහට පැනලා මළමිණියේ හිසටම පහර එල්ලා කරා..
මං හිතන්නේ දෙපාරක් නැත්නම් තුන්පාරක් ගහන්න ඇති.. උගේ හිස්කබල දකුණු පැත්තෙන් බිඳිලා මොළයේ කෑලි විසිරිලා ගියා..
අන්තිමේ විහාන් ඌව කොරිඩෝවේ කෙටි තාප්පෙන් බිමට තල්ලු කරා..
මගේ අතින් සිලින්ඩරේ ගිලිහුණා..
මට දැණුනේ මගේ ඇඟ පණ නැති වුණා වගේ.. මං එහෙම්ම විහාන්ගේ උරහිසට හේත්තු වුණා..
මේ කරුමේ මෙහෙම ඉවර වුණා නම්…
මගේ අතින් මිණියක් මැරුනද..?? නෑ නෑ.. ඌ මිනිහෙක් නෙවෙයි. යකෙක්. සොම්බියෙක්.. පණ පිටින් මිනිසුන්ව කන…
විහාන් හෙමීට මගේ ඔළුව අත ගෑවා..
එකපාරටම පහළින් මොනවාහරි ඇතිල්ලෙන සද්දයක් ඇහුණා..
අපි දෙන්නම එක පාරටමයි පහළ බැලුවේ…
දෙයියනේ… ඇමරිකන් ෆිල්ම්, ටීවී සීරීස් මදි වගේ මුන්ව මරන්න…
ඔළුව පැත්තකින් කුඩු වෙලා මොළයේ කෑලි තැන් තැන් වල කැඩිලා විසි වෙලා.. ඒත් ඇවිදින මිණිය ගොදුරක් හොයන් බඩ ගාගෙන යනවා…
බයටම මාව සීතල වුණා…
මෙතනින් එහාට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව මමයි, විහානුයි මූණට මූණ බලා ගත්තා…
විහාන්ට ලොකූ සුසුමක් පිට වුණේ මේ වෙච්ච දේවල් වල ගැළපීමක් හිතා ගන්න බැරි වුණ හින්දා වෙන්න ඇති..
තවත් ටිකකින් අපි දෙන්නා නිහඬවම පහළට ගියා..
හිත ගලක් කරන් අන්තිම පඩියත් බැස්සා.. අපි දෙන්නම ගියේ අර මිණිය ගාවට.. ඌ බඩ ගාගෙන පණ තියෙන මිනිස්සුන්ගේ ලේ හොය හොයාන් යනවා..
විහාන් අර මිණිය ගාවට ගිහින් බිම පෙරළිලා තිබ්බ මල් පොච්චියක් අරන් බෙල්ලටම තඩි බෑවා.. තුන් වෙනි පාර ගහද්දි හිස කඳින් වෙන් වෙලා ඔළුව චප්ප වුණා..
තවත් ඒ දිහා බලන් ඉන්න බැරි තැන මං ආපස්සට හැරුණා.. විහානුත් මගේ පස්සෙන් ආවා..
අපි ගියේ කරාපිටියේ පිළිගැනීමේ පර්යන්තය දිහාවට…
වෙනදා ඇවිස්සුන කඩි ගුලක් වගේ තිබ්බ කරාපිටිය රෝහල අද පාළු මූසල කනත්තක් වෙලා.. අපිට මිනී අටක් හමුවුණා..
දැනටමත් හිතා ගන්න බැරි විදියේ ඇවිදින මළමිණී තුනක් අපේ ඇස් ඉස්සරහම දඬයම් කරන්න පටන් අරන්..
තැනින් තැන ඇහෙන විලාප දරා ගන්න බැරුව මං පුටුවක් උඩින් වාඩි වුණා..
“මුංගේ අවසානයක් දකින්න ඕන..”
“ඒත් කොහොමද…??”
අපි දෙන්නම උත්තරයක් නැතිව හිර වෙන ප්‍රශ්නය ඒක..
තවත් පැය දෙක තුනකින් රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළට ආවා.. නිකන් නෙවේ.. පොලිස් බටයක් පනහක් විතර එක්ක..
ඔවුන් වාට්ටු එකින් එකින් පරීක්ශා කරා..
තවත් පැයකින් මේ වෙච්ච දේවල් ගැන හොයන්න ආණ්ඩුවෙන් විශේශ වෛද්‍යවරු කණ්ඩායමක් එවලා තිබුණා..
මං පැත්තකට වෙලා ඔළුව අත් දෙකෙන් බදන් ඊයේ රෑ ඉඳන් අද, මේ මොහොත වෙනකම් වෙච්ච සිද්දි මතක් කරා..
තවමත් හිරි ගඩු පිපෙනවා..
“මොනවද හොයා ගත්තේ..?”
තවත් දවසකට එළි වෙලා. මං විහාන්ගෙන් ඇහුවා.. එයා හිටියේ අර හැමෝමත් එක්ක…
“තාම මුකුත් හොයා ගෙන නෑ. අර මිනිය පරීක්ශා කරනවාලු. අර ළමයා ගැනත් ආරංචියක් නෑ. ළමයා හොයන්න යවපු අපේ කණ්ඩායම ගැනත් කිසි තොරතුරක් නෑ..”
ඔව්.. බලාපොරොත්තු බිඳුනු හඬකින් විහාන් අහක බලාගෙන කිව්වා..
මං ෆෝන් එක අතට අරන් ඩේටා ඔන් කරලා නිවුස් ලයින් බැලුවා..
හබරාදුව හොස්පිටල් එකෙත් මෙහෙමම මළමීණී තුනකට පණ ඇවිත් මිනිස්සු දඩයම් කරන්න පටන් අරන් ඊයේ රෑ..
මොනවද මේ වෙන්නේ…?? අයියෝ.. මගේ ඔලුව පැලෙන්න රිදෙනවා..
මුංව මරන්න.. නෑ විනාශ කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්දා…??
මං ඔළුව බිත්තියට තියන් බිම වාඩි වෙලා කල්පනා කරා…
දවස් දෙකක් නින්දක් නැති කම නිසාද, දැනුන තෙහෙට්ටුව නිසාමද මංදා මට එහෙමම නින්ද ගිහින්…
මට හීනෙන් පෙනුනේ මං අර මිනියට ගහන්න සිලින්ඩරේ අතට තද කරලා අල්ල ගත්තු හැටි.. ඒක උස්සලා උගේ ඔළුවට ගහපු හැටි… දෙවෙනි පාර ගහද්දි මං දැක්කා උගේ බෙල්ලේ සළකුණක්…
ඔව්.. ඒක සළකුණක්….
මං නින්දෙන්ම ඇස් ඇරියා.. මට හොඳටම විශ්වාසයි ඒක මොකක් හරි සළකුණක්.. ටැටූ එකක් වගේ…
මොකක්ද ඒ…???
——————————————————————————————————————
..
ආදරෙයි පැලෙන්න…
ඊළඟ මරණයෙන් හමුවෙමු…!
බුදු සරණයි..!!!
Ane kathawa kiyawanna dawas 2k balan inna una mn asawen hitiye kathawa kiyawanna chuttaine dala thiyenne ilaga dawase tikak diagta dnnkooo
Ammo baya hithenava ane????
E unata mama ekata godaak kamathi.kathava thava baya hithena vidiyata liyanna….
Good luck dear????
නියමයි යාලු කතාව නම් කියල වැඩක නෑ…දිගටම ලියන්න …ඇයි කතාව හැමදාම දාන්නෙ නැත්තෙ ඉතිරි කොටස කියවන්න තව දවස් 2ක් බලාගෙන ඉන්න එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් ??
හපොයි…. මං බලපු සොම්බි ඉන්න film ටිකත් මේ කතාව අස්සෙන් මට මැවිලා පේනවා… කතාව මරු… හයියෝ… ඊළග කොටස බලන්න අනිද්දා වෙනකන් ඉන්න ඕනිනෙ.. ඊළග දවසේ දිගම දිග කොටසක් ඕනි හොදේ…
Kathawa nam niyamai…dawas 2k kathawa kiywanna balan inna wena eka thama aula ?
Kathawa niyamai baya hithenawa good luck oyata… thawa kotasak ikmanata ona….???
Kathawanam godak lassanai. Digatama liyanna.
පට්ට කතාව අක්කියෝ…. සුපර්බ්…. ????
බලන අපිත් ෆුල් හොල්මන් ? ? ? ? වෙනවා… බයේ ? ? ? බෑ අප්පා… ඒ තරම් සුපිරියටම ලියලා ඔයා… කියලා වැඩක් නෑ… ගොඩක් ආසාවෙන් කියවන්නේ මං… මේක නම් ෆිල්ම් වල සොම්බියස්ලට වඩා භයානකයි වගේ… බය කියන දේ හිතට වැදෙන්නම ලියලා… දිගටම මේ වගේ හොල්මන් කතා ඕනි ඔයාගෙන්….
Best of luck… ?????
❤❤❤❤❤
Ane kthawa daily danna barida appa.lssnai kthawa.bye ba.adarei apith palenna