Katha Ahura

රන් තරු 19 කොටස

5/5 - (1 vote)

19 වෙනි කොටස

මල්ලි කැමැත්තෙන්ම ඩ්‍රයිව් කරන්න ඉල්ල ගත්තේ මාව රනූ ළඟින්ම වාඩි කරවන්න ඕන නිසා කියලා මං දන්නවා .ඒත් ඉතින් මනියයි කලුයි තාම සීන් එක දන්නේ නෑනේ .

” ඒ..ඒයි මලයෝ…උඹ මොකෝ අද ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණේ ……

වෙනදට උඹට කියල වත් කරගන්න බැරි වැඩක්නේ ඕක……”

මනීලට වෙනස තේරෙන්න ඇති .මොකද මල්ලි ආසම නැති වැඩක් තමයි ඩ්‍රයිව් කරන එක.

” ආ…උඹලා දන්නේ නෑනේ අයියේ සීන් එක…

රනූගේ අවුරුදු ගානක් ඔතාගෙන පතාගෙන ආපු සංසාර ලවු එක අපෙ අයියනේ බං…..”

” අප්පටසිරි ….ඒ කියන්නේ දැන් දෙන්නා සෙට්ද….

අපි නම් එදාම සීන් එක දන්නවා මලයෝ…..

වැඩේ වුණේ ඒක සෙට් කරන්න ගිහින් මූ අපිටත් බැනලයි නිකන් හිටියේ …..’

” උඹලා බය වෙන්න එපා අයියලා…..

මේකි දන්න මායම් ඔක්කොම දාලා අයියට ගුලිය කවලා ඉන්නේ අද උදේම…..”

” ඒ බං මලයෝ..එතකොට මූ එදා නැට්ටත් පාගගෙන අපිට බැන්නේ බොරුවටද ….”

” නෑ …නෑ …එදා නම් ඇත්තටම බනින්න ඇත්තේ…මොකද මේකි පොඩ්ඩ පොඩ්ඩනේ ඉනාව දුන්නේ අයියට….”

රනූගේ හ්ම්ම් සද්දයක් වත් නෑ .මූණත් රතු කරගෙන මල්ලි කියන ඒවා අහන් ඉන්නවා .

මනීලා හිටියේ නැත්නම් මෙලහටත් ලෝක යුද්ධය පටන් අරන් බෝම්බ ගහලත් ඉවරයි .ගිනි නිවන හමුදාවෙනුත් ගේන්නම වෙනවා මුන් දෙන්නා ඇවිළුනොත් එහෙම .

” හා…හා…එහෙනම් මනමාල ජෝඩුව එක ශීට් එකකට වරෙල්ලා….අපි මොකටද මුන්ට උදැල්ල දාන්නේ …..”

මනියයි කලුයි ඉදිරිපස අසුන් වලින් වාඩි වෙලා මටයි රනූටයි පිටිපස අසුනට යන්න ඉඩ දුන්නා .

” අයියලා දන්නේ නෑනේ හොඳම සීන් එක…”

” අපි නොදන්න තවත් සීන් තියෙද බං මල්ලි ….”

” ආයෙත් අහලා…මේකි තමයි මගෙ හොඳම බොක්ක ෆැකල්ටියේ ….

එතකොට ඉතින් තාත්තලගේ සීන් මේකි දන්නවා උනාට මමයි අයියයි දන්නේ නෑනේ ….

අඩුම ගානේ මේකි නමවත් කියලා තිබුණා නම්  මෙලහකට මුන් දෙන්නා කසාද බන්දලත් ඉවරයි ….”

” අඩෝ…බං මල්ලි …ඒ කියන්නේ උඹත් එක්ක මේ නංගි බබා කියලද තිබුණේ ඒක පාර්ශ්වික ලවු එක ගැන….”

” ආයෙත් අහලා…කොල්ලො මේකිට කීයක් නම් කියලා ලයින් කරාද …මේකි දෙස වත් බැලුවේ නෑනේ අයියේ ….

පොඩි කාලෙ දැක්කට පස්සේ දැකලා වත් නැතුව අවුරුදු ගානක සිතින් විතරක් පෙම් කරන්නම් ලවු එකක්නේ මේකිට තිබුණේ ….

ඒක ගැන ඉතින් මේකි මාත් එක්ක කියලා තිබුණේ ….”

” අපරාදෙනේ බං නංගි බබෝ…ඇයි නිකන් වත් නමක් ගමක් කිව්වේ නැත්තේ….

එහෙනම් ඉතින් මෙලහට වෙඩින් කේක් කෑල්ලක් කාලනේ බං…”

මනියලගේ කතා ආතරෙම රනූ මගෙ අත කොනිත්තනවා.මම කනට කරලා ඇහුවේ ඇයි කියලා .රනූට ලැජ්ජ හිතිලා මල්ලි කට්ටියත් එක්ක එකතු වෙලා විහිළු කරන නිසා .

” ඇති …ඇති  බං…නතර කරපන්කෝ … බලපන් මගේ අතේ කෑලි ඉවරයි මේකි කොනිත්තලාම…”

” ඇයි නංගිට ලැජ්ජ හිතිලද.. හරි හරි අපි මුකුත් කියන්නේ නෑ ඉතින් ….

ඒත් ඉතින්  අපි ආසයි ඔය කටහඬ පොඩ්ඩක් අහන්න …..වෑන් එකට නැගපු වෙලේ ඉඳන් ගොළු වෙලානේ…..”

” ආ අයියලා හිතන් ඉන්නේ මේකි අහිංසකයි කියලද…..අන්න වැරදුණු තැන…..

මේකිත් නිකන් අර පස්සට ගිනි තියාගෙන උඩ යන රොකට් එක වගේ තමයි ඈ…..”

රනූ දැන් නම් කට වහගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් කියලා මට තේරුණා .මල්ලි කියන දේවල් වලට මෙච්චර වෙලා කට වහගෙන හිටපු එකත් පුදුමයි .

” අනේ.. මෝඩ හැලයා …අහ ගන්න තමයි ඉතින් මගෙන්…”

හරියටම හරි.හිතුවා වගේම රනූගේ රත් කට්ට පැනලා .

” තරුවෝ …උඹට ලේසි වෙන්නේ නම් නෑ පුතෝ රනූ නංගි එක්ක ….

ක්ලේමෝ බෝම්බ වත් නෑ බං මේ තරම් සද්දෙට පුපුරන්නේ….”

” ආන්න…දැක්කනේ කලු අයියේ ..බොරු නෙමෙයිනේ මං කිව්වේ ……”

හැමෝටම දැන් ඒක විහිළුවක් වෙලා.කාලෙකින් මම මේ විදියට සතුටින් හිටියේ .මේ හැම දේටම වඩා ලොකුම සතුට තමයි මගෙ රෝස මල.

” ඔව්…බං…දැනටමත් මට නාස් ලණුව වැටිලා වගේ…..

බලපන් එපැයි කියද්දිත් දෙයියෝ ටොකු ඇන ඇන බලෙන්ම දෙනවනේ….”

” දැන් ඇති බං අයියලා…පව් මගේ බොක්ක මේකි…හරි හොඳයි කට පොඩ්ඩක් වැඩි වුණාට ….”

” ඔව්..ඔව්…දැන් ඉතින් බොරුවට මගේ පැත්තට කතා කරන්නේ එයාගේ මුළු ස්ටෝරියම මගේ කටින් පිටවෙන බව දැනගෙන වෙන්න ඇති මෝඩයා …”

” රනු නංගි …අපේ සුද්දගෙත් තියෙද අපි නොදන්න හොර…”

” ඔව්…මනි අයියේ …මූ ඇඹලයා වගේ මගේ යාළුවට ලයින් දානවා…”

” ආ …ඒවා මේ වයසට කරන්න ඕන හොඳ වැඩ නංගි …ඉතින් සෙට් කරලා දෙන්නකෝ මූට….පව්නේ මූ….

” සෙට් කරලා දෙන්න තිබුණා ඒකි මේ බූරු පැටියට ගැලපුනා නම්…වැඩක් නෑ අයියේ ….”

” කලු අයියේ ….මේකිගේ ඊරිසියාව තියෙන්නේ බං මට කෑල්ලක් සෙට් වෙනවට ….

ඒකයි මේකි නිකන්වත් මට සපෝර්ට් එකක් දුන්නේ නැත්තේ….”

” අනේ පලයන්…උඹ දන්න ඉටිගෙඩිය….ඒකි මගෙව් යාළුවා බව ඇත්ත….

ඒත් ඒකි ෆේස් බුක් එකේ කොල්ලො එක්ක චැට් කරනවා අයියේ ….මූට හරියන්නේ නෑ ඒකිව….

ඒකයි මං උදව් නොකරේ….”

” බලපන් මල්ලි ….උඹ මේ කෙල්ලට බැන්නට මේකි උඹ ගැන හිතලනේ බං උදව් කරලා නැත්තේ….”

” ම්ම්….මාත් පස්සේ දැන ගත්තා ….මං ඉතින් මේකිට කියන්න ගියේ නෑ …

මේකි මට කරේ හොඳක් කියලා මං දන්නවා …. නොකියා හිටියේ මේකි තව ටිකක් උඩ යන නිසා…..”

” බලපන්කෝ තරුවෝ …අපිට වඩා ආතල් තිබිලා තියෙන්නේ මුන්ටනේ ෆැකල්ටියේ ඇතුලේ ….”

විහිළු කතා මැද්දෙම අපි හොස්පිට්ල් එකට ආවා .අපි තුන්දෙනාම හිටපු නිසා රනූට වත් මල්ලිට වත් කිසිම බලපෑමක් වුණේ නෑ .

අපිට නම් තුවාල වෙච්ච කොල්ලො දැකලා පුරුදුයි .ගොඩක්ම ඉන්නේ අපිත් එක්කම එකට හිටපු කොල්ලො තමයි .

වාට්ටුවෙන් වාට්ටුවට අපි මල්ලියි රනූවයි එක්කන් ගියා .මල්ලියි රනුයි දෙන්නම අපිටත් වඩා ගොඩක් සමාජශීලියි.

කැම්පස් ජීවිතයෙන් එයාලට ඒක අඩුවක් නැතුව හුරු වෙලා තිබුණා .තුවාල වෙලා ඉන්න කොල්ලො එක්ක මල්ලිටත් වඩා සුහදව කතා කරේ රනූ.

” කොල්ලනේ ඔන්න බලා ගනිල්ලා මේ දෙන්නව හොඳට.. ….

තව අවුරුද්දකින් මේ දෙන්නම එනවා අපේ කොල්ලො වෙනුවෙන් සේවය කරන්න ….”

මනී වාට්ටු වල හිටපු කොල්ලොන්ට රනූවත් මල්ලිවත් අඳුන්වලා දුන්නා .හැමෝම ගොඩක් ආදරෙන් දෙන්නත් එක්කම කතා කරේ.

මොකද මේ වනතුරු පත්වීමක් ලැබෙන්න කලින්ම කිසිම දොස්තර කෙනෙක් ඇවිත් අපේ කොල්ලො ගැන මේ විදියට හොයා බැලුවේ නෑ .

උන් එක්ක කවුරුත් ආදරෙන් කතා කරලා සැප දුක් හෙව්වේ නෑ .කකුල් අත පය පූජ කරලා රට වෙනුවෙන් කරපු කැපකිරීම් කාටවත් පෙනුණේ නෑ .

මැති ඇමතිවරු ලොකු ලොකු පුටු වල , කැරකෙන ආසනවල සැපට වාඩි වෙලා ඉද්දි අපේම රණවිරු කොල්ලො මේ විදියට ඇඳන් උඩ අසරණ වෙලා ඉන්නවා සාමාන්‍ය ජනතාව දැක්කේ නෑ .

මේ විදියට අසරණ වෙලා ඉන්න කොල්ලො මාධ්‍ය තුලින් වත් සාමාන්‍ය මිනිස්සුන්ට දකින්න සැලැස්සුවේ නෑ .

කවුරුත් නොදන්න මේ තිත්ත ඇත්ත ලෝකෙටම පේන්න කෑ ගහලා කියන්න කෙනෙක් හිටියේ නෑ .

හිටියත් මැති ඇමතිලගේ බල පුළුවන් කාරකම් නිසා ඒව යට ගැහිලා යනවා නිකන්ම.

අපේ කොල්ලො වෙනුවෙන් කතා කරොත් ලොකු ලොක්කො කියන්නේ අපි ජාතිවාදය අවුස්සනවා කියලා .අන්න ඒකයි ඇත්ත තත්ත්වය .

16 thoughts on “රන් තරු 19 කොටස”

  1. අද කතාව දාන්න පරක්කු වුනා නේද.
    කතාව ගොඩාක් ලස්සනයි.❤️❤️❤️
    කතාව කොච්චර කියෙව්වත් මදි වගේ.
    එක දිගට කියවන්න තිබුනනම් කියලා හිතෙනවා.
    ඒ තරමටම කතාව නියමයි.????
    ඔයාටයි ඔයාගෙ නංගියටයි දෙන්නටම සුභ පතනවා කරන කියන සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.
    All the best ?????

  2. හැමදාමත් වගේ අදත් කතාව ලස්සනයි…. ඇත්තටම හමුදාවෙ අයට මිනිස්සු සලකන විදිහ හරිම වැරදි… එයාලව මතක් වෙන්නනම් මොක්කම හරි දෙයක් වෙන්නම ඕනි… නැත්තන් මතක නෑ… ඒ ගැනනම් ඇත්තටම දුකයි…

    හෙටත් මේ වගේම ලස්සන කොටසක් අරන් එන්න…
    බුදු සරණයි!!!

  3. Nirosha Lakmali

    Harima lassanai kathawa. Thawa tikak digata dannako. Kiyawanna puduma asawak thiyenne. Dennatama hadawathinma suba pathanawa. Wish your all the best…

  4. Tharu nawodya

    අනේ සුමිත් අයියේ………….අද ටිකයිනේ අප්පා……….ඒත් ලා………………ස්සනයි කතාව ?

  5. Hashini Navanjana.

    අයියෝ….. අද සුට්ටයි නේ කතාව.. ???
    ඒකට නම් දුකයි අප්පා…. ඒත් අද කොටසත් හරීම හරීම ලස්සනයියියි….. ????
    පවු අනේ කෙල්ල. එයාට ලැජ්ජ හිතෙනවානී ? ?? මනී අයියලා එහෙම නෝන්ඩි කරනකොට…. ? ??
    කොහොමත් තමන් ආදරේ ? කරන කොල්ලයි යාලුවෝ සෙට් එකකුයි එක්ක කෙල්ල තනි උනොත් මේ ටිකම තමයි වෙන්නේ…. කෙල්ලට නෝන්ඩි දෙනවා ඇති වෙනකන්…. ???
    පවු අනේ හමුදාවෙ අයියලා තවමත් යුද්ධෙන් තුවාල වෙලා ආබාධිත උන රණවිරුවො කොච්චර නම් ඉන්නවද… ඒ අදුරු යුද්ධයෙ මතක සටහන් කවදාවත් එයාලගේ ජීවිතෙන් මැකිලා යන්නේ නෑ… ඒත් ඒ හැම රණවිරුවෙක් ගැනම අද වෙනකොට අමතක වෙලාම ගිහින්…. දැන් ආයෙත් මතක් වෙන්න අරන් තියෙන්නේ අන්තවාදී ප්‍රහාර නිසා.. ඒත් ඒ කලබල නැතිවෙලා සතියකින් දෙකකින් ආයෙත් ඒ කොල්ලෝ ටික අමතක වෙලාම යයි. අනිත් රටවල් වල ත්‍රිවිධ හමුදාවට දෙවියන්ට වගේ සලකද්දි අපේ රටේ විතරක් මේ වගේ පහත් තත්වයක් එයාලට ලැබිලා තියෙන්නෙ ඇයි කියලා හිතා ගන්න බෑ… ගොඩක් දුකයි ඒ ගැන. අනිත් රට වල ත්‍රිවිධ හමුදාවට ලැබෙන වැටුපත් එක්ක බලනකොට මෙහේ ත්‍රිවිධ හමුදාවට ලැබෙන්නේ සොච්චම් පඩියක් විතරයි… ඒ උනාට ඒ අය කරන සේවයේ නම් කිසිම අඩුවක් නෑ… රාජ්‍ය සේවකයෝ ගත්තම ඉහලම සේවයක් කරන්නේ රණවිරුවො උනත් අනිත් රාජ්‍ය සේවකයොන්ට ලැබෙන තත්වයෙන් භාගයක් වත් ලැබෙන්නේ නෑ ඒ අයට. එහෙම සමාජයක් අද වෙනකොට ඇති වෙලා තියෙන්නේ… අනේ මංදා ආයේ කවදා මිනිස්සුන්ට ඒ මුර දේවතාවුන්ගේ අගය දැනෙයිද කියලා… මේ වගේ තත්වයක් තියෙන කාලෙක ඔයා ඔයාගේ නංගියත් එක්ක එකතුවෙලා ලස්සන කතාවකින් මේ ගැන මේ තරම් හොඳට පෙන්නලා දෙන එක ගොඩක් වටිනවා අයියේ….
    මේ වගේ වටිනා දේවල් ඉස්සරහටත් අරන් එන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං. ඒ වගේම ඔයාලගේ හැම කටයුත්තක්ම අති සාර්ථක වෙන්න කියලා හදවතින්ම ❤❤❤ ප්‍රාර්ථනා කරනවා….. ????
    බුදු සරණයි ????
    ?????

    1. Ammo hadawathata wadunu comments ekak patta nangiya sathutuyi oya gana me vidiyata hithana eka gana onna Ada wadak kiyannam ko kathawa damama harida thank you so much nangiya budusaranyi

  6. Kathawa mula idalama kiyeuwa.eth ada thmai mulinm cmnt kre.hugak lassana kathawak. 3 wenkl bln inne oyalge kathawa kiywanna. Oyala dennatama suba pathnawa. ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.