Katha Ahura

ඇවිදින මරණය 3වන කොටස

4.9/5 - (10 votes)

තුන් වෙනි මරණය..

——————————————————————————————————————-

“මේක නම් මහ කරුම ලෙඩක්..”

විහාන් හෙමීට මුමුණනවා මටත් ඇහුණා..

අගක් මුලක් ගලපගන්න බැරුව මාත් ඔහේ බලන් හිටියා..

“සර්.. මෝචරියේ බොඩීස් දෙකක් අඩුයි. දැං ගෙනාපු බොඩීස් දෙක..”

ඔව්.. අර ලෙඩෙන් මැරුන දෙන්නගේ..

මේ මිනීමැරූම් දෙකම කරලා තියෙන්නේ උන්ම තමයි.. කවුරු විශ්වාස කරත් නොකරත් ඒක මට නම් විශ්වාසයි..

“විහාන්… අර මීනී දෙක තාම හොස්පිටල් එකේ නම්…??”

ඕඕඕනෝ…. උන් තව මිනිස්සු මරලා දාවි.. නිදැල්ලේ හැසිරෙනවා නම් උන් තව ගොදුරු බිලි ගනීවී..

මට හිතුන දේම විහාන්ටත් හිතෙන්න ඇති..

“අපි උන්ව හොයා ගන්න ඕන..”

එයා තව දෙන්නෙකුත් එක්ක කොරිඩෝව දිගේ ඇවිදන් ගියා ඉස්සරහට.. පිස්තෝලෙත් අතට අරන්..

මං ඩුමාගේ මූණ දිහා බැලුවා.. බයෙන් සියුමැලි වෙලා..

මං ඩූමාව පැත්තකට ඇදන් ගියා..

“මේ අහපන්.. පුළුවන් ඉක්මනට මෙහෙන් කොළඹ පලයන්. මගේ පෙන් එකේ මෙච්චර වෙලා වෙච්ච හැමදේම ලියලා ඇති. ඒක මහසෝනට දීපන්.. අනිවා පත්තරේට දාන්න කියපන්.. ”

“මෙහේ තත්වය ඉක්මනටම භයානක වෙනවා.. මැරෙන මිනිස්සු නෙවෙයි මුන් ඇවිදින මරණ.. ”

“එතකොට උඹ..?”

“කියන දේ අහපන් බන්.. මේ වෙන කිසි දෙයක් පැහැදිලි නෑ.. උඹ ඉක්මනටම මෙහෙන් පලයන්. පලයන් බන්..”

මං දන්නවා ඩූමගේ හැටි.. මේකි යන්නේ නෑ.. මං මේකිව හොස්පිටල් එකෙන් එළියට ඇඳන් ඇවිත් තල්ලු කරා..

“උඹ එනවා නේද..?”

ඩූමා මෙන්න අඬන්නයි ලෑස්තිය..

“මං එනවා ඩුමා.. උඹ පරිස්සමින්..”

ඩූමා අඩි දෙකක් තුනක් ඉස්සරහට යනකම් ඉඳලා මාත් ඉක්මනටම හැරුණා..

කෑ ගහන විලාප හැමතැනින්ම ඇහෙන්න ගත්තා..

දෙවියනේ.. මේ මොන විනාශයක්ද…??

මං කොරිඩෝවේ ඉස්සරහට දුවන් ගියා..

එතකොටමයි මගේ එහා පැත්තෙන් උඩ තට්ටුවේ ඉදලා මිනිහෙක් පහළට වැටුනේ..

වැටුණ පාරට ඒ මනුස්සයගේ ඔලුව චප්ප වුණා… බාගෙට පණ ඇදලා මිනිහා මැරෙන්න ඇති..

මාවත් පහු කරන් මිනිස්සු නර්ස්ලා වේගයෙන් දුවනවා.. මං ඒ අතරින් ගිහින් අර මනුස්සයා ගාව පහත් වෙලා හුස්ම ගන්නවද බැලුවා..

නෑ.. මේ මනුස්සයා මැරුණා..

මං උඩ බැලුවේ එතකොට.. විහාන් මිනිස්සුන්ට කෑ ගගහ මිනිස්සුන්ව පහළට යවනවා..

ඒ කියන්නේ අර නොමළ මළමිණී ඇත්තේ උඩ තට්ටුවේ..

මාත් මිනිස්සු අස්සේන් රිංගගෙන උඩ තට්ටුවට නගින පඩි පෙළ දිගේ උඩට ගියා..

මිනිස්සු බයෙන් විලාප ගගහා මාව පහු කරන් දුවනවා.. මුළු හොස්පිටල් එකම එකම කඩි ගුලක් වගේ ඇවිස්සිලා..

මං අමාරුවෙන් ඇවිදින ලෙඩ්ඩුන්ට, පුංචි දරුවොන්ට පහළ මාලයට යන්න උදව් කරා..

තවත් විනාඩි කිහිපයකින් ඉහළ මාලයම හිස් වුණා..

මං බයෙන් බයෙන් අඩියක් දෙකක් ඉස්සරහට තිබ්බා.. එතකොටම කවුද දරුවෙක් අඬන සද්දයක් ඇහුණා..

ඇඟ හිරි වැටිලා ගියත් මට ආපස්සට යන්න හිත දුන්නේ නෑ…

මං ඉක්මනටම ඒ ඇඬිල්ල ඇහෙන පැත්තට ගියා..

“ළමා වාට්ටුව…”

කාත් කවුරුවත් නැතුව අඬන දරුවෙක් වගේ.. මං අඩිය තවත් ඉක්මන් කරලා වාටුව ඇතුළටම ගියා..

අපොයි නෑ….

එතකොටම මං දැක්කේ ඇස් අදහ ගන්න බැරි තරම් අපහසු දර්ශනයක්..

මීට පැයකට කලින් මැරිලා උන්නු ඒ ගැහැණු කෙනා ඇවිදිනවා.. කකුලක් අද්ද අද්දා… මං එහෙමම බිත්තියට මුවා වුණා..

ලොකූ හුස්මක් අරන් ළය පුරවා ගත්තා.. නෑ මං බය වෙන්නේ නෑ.. ඔව්… මං බය වෙන්නේ නෑ..

ආයෙමත් ඒ දරුවා අඬනවා ඇහෙනවා..

දෙවියනේ… අර මිනිය හැරුනේ සද්දේ ඇහෙන පැත්තට… මොකක්ද මං කරන්නේ..??? දරුවාවත් බිල්ලක් වෙයි..

මගේ එහා පැත්තේ තිබ්බේ සේලයින් සවි කරන යකඩ කණු.. සමහරවිට…

ඔව්.. මං දෙපාරක් නොහිතාම සේලයින් සවි කරන යකඩ කණු ටිකට පයින් ගැහුවා.. මහා හඬක් නංවමින් ඔක්කොම ඒවා බිමට වැටුණා..

ඒ සද්දෙට අර ඇවිදින මිනිය අපේ පැත්තට හැරුණා..

මේක තමයි වෙලාව. මං වටෙන් දුවලා ගියා..

අඬන දරුවා හොයා ගන්නයි මට ඕන වුණේ..

සද්දයක් නෑහෙන ගාණට අඩි තිය තිය ඇඳවල් මැදින් ගිහින් ළමා ඇඳක් ගාව නතර වුණා..

වටෙන් වට කරලා තිබ්බ ඇඳට වෙලා මහ හයියෙන් අඬ අඬ ඉදලා තියෙන්නේ අවුරුද්දක විතර පුන්චි පුතෙක්..

හා.. හා… දැං අඬන්න එපා.. මං ඉන්නවනේ ඔයාට..

දරුවා අරන් පපුවට තුරුල් කරන් මං ආපහු හැරුනා..

මං ඉවරයි.. අරන ඇවිදින මිනිය අපි ඉන්න පැත්තටයි එන්නේ..

මං දරුවා පපුවට තවත් තද කර ගත්තා..

එතකොටම වාටුවේ එහා පැත්තෙන් තව සද්දයක් ආවා.. ලද අවස්තාවෙන් මං දරුවත් අරන් කොරිඩෝවට දිව්වා..

පඩිපෙළත් එක හුස්මට බැහැලා හති අරින්න ගත්තා..

පඩිපෙළ ගාව තිබ්බ ඩස්බින් එකක් යට හැංගිලා ඇටෙන්ඩර්න්ට් කෙනෙක් ඉකිබිඳිනවා..

“මේ අන්කල්.. ඉක්මනටම හොස්පිටල් එකෙන් එළියට යන්න..”

“බෑ බෑ.. අර ගෑණි.. ඒ ගෑණි ආවේ මගේ පස්සෙන්.. අනේ මාව බේර ගන්න.. බේර ගන්න..”

ඒ කියන්නේ මෙ ඇටෙන්ඩන්ට් අන්කල් පස්සෙයි ඌ මේ පැත්තට ඇවිත් තියෙන්නේ..

“අන්කල් මේ අහන්න… මේ දරුවගේ අම්මා පාරේ ඇති.. අම්මව හොයලා දෙන්න.. ”

“අර ගැණි ඇත්තේ උඩ.. දුවලා යන්න..”

මං ඒ ඇටෙන්ඩර්න්ට්ට දරුවා දීලා ආයෙම දිව්වේ උඩට.

මොකක්දෝ හේතුවක් නිසා මට මෙතනින් හැරිලා යන්න බෑ..

මං කොරිඩෝව දිගේ ඇවිදන් ගියේ සද්දයක් නෑහෙන විදියට.. අර මළ යක්ශණීට සද්දෙට ප්‍රතිචාර දක්වනවා..

එකපාරටම කවුද මාව ඇදලා ගත්තා.. ඉබේටම කෑ ගහන්න හදද්දී මගේ කට තද කරලා අල්ලා ගත්තා..

ඔළුව හරවලා බලද්ද්යි දැක්කේ.. විහාන්..

මං සද්දයක් නොකරම එයා ඇස් වලින් පෙන්නපු පැත්ත බැලුවා..

අර ඇවිදින මළ මිනිය අපි ඉන්න වාටුවට එහා වට්ටුවේ ඇවිදගෙන යනවා..

ඇඳක බයෙන් කෑගහන ලෙඩෙක් ගාවටයි ඌ යන්නේ… මොනවා කරන්නදා..?? කිසිම දෙයක් කරන්න වෙලාවක් තිබ්බේ නෑ අපිට..

අපි ගල් වෙලා බලන් උන්නා..

ඇවිදින මළ මිණිය අර ලෙඩාගේ බෙල්ලෙක් කුට්ටියක් කඩන් කෑවා.. ලේ බේරි බේරී.. ඒ මනුස්සයා වේදනාවෙන් විලාප දෙද්දි ඇවිදින මළ මිණිය දෙවෙනි පාරටත් කුට්ටියක් කඩන් කෑවා..

ඇස් වලින් දකින්නත් අප්‍රිය දර්ශනයක් ඒක.. ලේ විලක් උඩ විලාප ගහපු මනුස්සයා නිහඬ වුණා..

මේක නම් ‘ඇවිදින මරණය’ක්ම තමයි…

——————————————————————————————————————

ඔන්න මාත් ආවා ඇවිදින මරණය අරන්..

මේ කතාවට තියෙන ඔයාලගේ ආදරය දැක්කම මටත් ලෝභ හිතෙනවා..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් ඉන්න මාත් එක්කම… චුක්කී රෑට..

ඊළඟ මරණයෙන් හමුවෙමු..!!
බුදු සරණයි..!!

6 thoughts on “ඇවිදින මරණය 3වන කොටස”

  1. Priyadarshani

    Ammohh age mail kelin una meka kiyawal ??
    Oyanam marai appa meka dila thiyenawa adennama kiyala wdak na supper ????
    Dhigatama liyann …Good luck

  2. Hashini Navanjana.

    අද නම් නින්ද යනකන් නෑ.. ඒක ෂුවර්… ???
    Zombie ???? හීනෙනුත් පෙනෙයි දැන්.. ඒ තරම් බය හිතෙනවා අප්පා. ?????? සුපිරියටම ඔයා ලියලා අක්කි.. ????
    අනේ… දිගටම අපිට ඔයාගෙන් කතා ඕනි හොඳද…. ☺️☺️☺️☺️
    අපිත් ආදරෙයි ගොඩාක්ක්ක්…………❤❤❤❤
    ?????

  3. කතාව ගොඩාක් ලස්සනයි… අම්මෝ… zombie ම තමා… ඉතුරුටික දැනගන්න අනින්දා වෙනකන් ඉන්න ඕනිනෙ… හයියෝ… මොනා කරන්නද ඉවසන්න වෙනෝනේ නේද…

  4. Ammbooooo baye ba meka zombie kathawak neda math asai ewata baya hithunata kathawanm superb oya niyameta baya hithenna liynawa ok ehenm mn hamadam kathawa kiyawanawa bs pi Good Luck ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.