Katha Ahura

රන් තරු |17 කොටස | නවකතාව

5/5 - (2 votes)

17 වෙනි කොටස

ඔයයි මනි අයියලයි වගේම තමයි අයියේ අපේ තාත්තයි වීරෙ අංකල් දෙන්නත්…..නිවාඩු එන්නේ එකටම……

වීරෙ අංකල් නිවාඩු ආපු හැම පාරම අපේ ගෙදර ආවා .ඉතින් අංකල් ඔයා ගැන කියනවා…

මං හැමදාම අංකල්ට කරදර කරා ඔයාව ඉල්ල ඉල්ල ….ඒත් එක දවසක් අංකල් කිව්වා ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා …”

” ඉතින් එදාවත් හිතුණේ නැද්ද රනූ මාව අමතක කරන්න ඕන කියලා ….”

” නෑ අයියේ ….මට ඒක කරන්න බැරි වුණා …”

” ඇයි නංගි …”

” අංකල් එහෙම කිව්වත් මගේ හිත පිළි ගන්න කැමති වුණේ නෑ ඔයා වෙන කෙනෙක්ට අයිතියි කියලා …..

නොලැබුණත් මම ආදරේ කරා ඔයාට ….”

” ඉතින් ඒ සම්බන්දේ නෑ කියලා දැන ගත්තම මොකද හිතුණේ ඔයාට …”

” මුලින්ම පොඩි සතුටක් දැනුනත් වැඩක් වුණේ නෑ අයියේ ….”

” ඒ ඇයි රනූ….”

” අංකල් කිව්වා ඔයා මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ කියලා ….

ඒ නිසා ආයෙත් වෙන කෙනෙක්ට ආදරේ කරන්නේ වත් ළන් වෙන්නේ වත් නැති වෙයි කියලා කිව්වා ….”

” මගේ රෝස මල ගැන දැනගෙන හිටියද…”

” නෑ අයියේ …..තාත්තගේ මරණින් පස්සේ මට අංකල් මුණ ගැහුණෙම නෑ …

මැරෙන්න කලින් තාත්තා අංකල්ව පොරොන්දු කරගත්තා මගේ වගකීම එයා බාර ගන්නවා කියලා ….

ඒත් අම්මා අංකල්ටත් හොරාම මාවත් අරගෙන ගමෙන් ආවා ….

මට අංකල් එක්ක කතා කරන්න වත් විදියක් තිබුණේ නෑ ….අම්මා අංකල්ගේ නම්බර් එකවත් මට දුන්නේ නෑ ….

මගේ ළඟ තිබුණු සිම් එකත් එයා අරගත්තා …ඉතින් මට අංකල් මග ඇරුණේ ඒ නිසා….”

” දැන් ඔයා ඉන්නේ අංකල් ළඟනේ….මොකද හිතෙන්නේ ඔයාට ….”

” මං ගොඩක් සතුටින් අයියේ ….අන්තිමට මං කොහොම හරි වීරෙ අංකල් ළඟටම ආවනේ…..”

” එච්චරයි ද….”

” ම්ම්හු..”

” එහෙනම් ….”

රනූගේ හිතේ තියෙන හැමදෙයක්ම කෑම්ප් එකට යන්න කලින් මට දැන ගන්න ඕන වුණා . ඒත් රනූගේ සද්දයක් නෑ .

මම රනූගේ පැත්තට හැරිලා බිම බලාගෙන ඉන්න එයාගේ මූණ මගේ පැත්තට හරව ගත්තා .

ඇස් වල පිරුණු කඳුළු ඔන්න මෙන්න තියාගෙන රනූ ඉකි ගහනවා .

” නංගි …ඇයි මේ…”

මම ඇහුවේ රනූගේ නිකටින් අතක් තියලා ඒ මූණ උඩට ඔසවන ගමන් .

” ඔයා මට ආදරේ නොකරත් මේ විදියට හරි ඔයා ළඟ ඉන්න පුළුවන් එක ගැන හිතලා මම සතුටු වෙනවා අයියේ ….”

රනූගේ ඉකිය ඇඬිල්ලක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ .ඇත්තටම ඇය පව්.

අවුරුදු ගානක් මං ගැනම හිත හිත තනියම ආදරේ කරපු කෙල්ල අද මගේම ඇස් ඉස්සරහ තියාගෙන මම තාමත් නිහඬවම බලන් ඉන්නවා .

රනූගේ උරහිසින් අත් යවලා මම නිහඬවම ඇයව මගේ උරහිසට හේත්තු කර ගත්තා .

මට වාරු වෙලා ඉකි බිඳින ඇයව සනසන්න ඕන උනත් මේ වෙලාවේ මම ඇයගේ ඉකි බිඳුමට ඉඩ දීලා බලාන හිටියා .

” මං කොහොමද නංගි ඔයාගේ ඔය හිතට බලාපොරොත්තුවක් දෙන්නේ ….

මගේ ජීවිතේ මටවත් අයිති නෑ ….මේ රට වෙනුවෙන් මගේ මුළු ජීවිතේම මම කැප කරලා ඉවරයි …..

කවුරු නිසාවත් මට ආපහු හැරෙන්න බෑ නංගි …ඔයා නිසා විතරක් නෙමෙයි …

අඩුම තරමෙ මගෙ පණ ටික චූටි දෝණි වෙනුවෙන් වත් මට ආපහු හැරෙන්න බෑ …

මගේ ජීවිතේ පරදුවට තියලා තව කෙනෙක්ගේ ජීවිතයක් වෙනුවෙන් කැප වෙන්න මම බැඳිලයි ඉන්නේ නංගි …..”

” අහන්න අයියේ …..

ඔයාට මුළු රටක් වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්න පුළුවන් නම්, මට ඔයා වෙනුවෙන් ඉන්න බෑ කියලද ඔයා හිතන් ඉන්නේ අයියේ …..”

” තේරුම් ගන්න නංගි ….මම දන්නවා ඔයා දැනටමත් ඒ දේ කරනවා කියලා ….

මං වෙනුවෙන් බලාගෙන ඉන්නවා කියලත්…

ඒත් ඇයි දැන දැනම අමාරුවේ වැටෙන්න හදන්නේ ඔයා ……

ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා නංගා …ඇයි ඕන කමින් ඒ ලස්සන පාරවල් වහලා දාන්නේ ඔයා…..

” මම ඔයා නිසා අමාරුවෙ වැටුණේ නෑ අයියේ …මං ඔයාට ආදරේ කරනවා එච්චරයි …..

ඒක අමාරුවෙ වැටීමක් නෙමෙයි නේද අයියේ …”

” රණවිරුවෙක්ගේ බිරිඳක් වෙන එක ඔයා හිතන තරම් සරල දෙයක් නෙමෙයි රනූ….

ඔයාට අත් දැකීම් තිබුණා නේද ඔයාගේ අම්මා ගෙන්ම….ඉතින් ඇයි ඔයා තේරුම් නොගන්නේ ….

මම ගියාම මාස ගණන් ගෙදර නෑවිත් ඉඳීයි… කතා කරන්න වුණත් බැරි වෙයි නිතරම ….

මිශන් වලට ගියාම සමහර විට මගේ ජීවිතේ පවා නැති වෙයි ……

කසාද බැන්දම කෙල්ලෙක්ගේ හැඟීම් ගොඩක් වෙනස් වෙනවා නංගා…

තමන්ගේ මහත්තයා ගෙදර එන්නේ නැති වෙනකොට එයාලා ඒ අවශ්‍යතා වෙන කෙනෙක්ගෙන් සපුර ගන්න බලනවා….

ඔයා දැන් පොඩි ළමයෙක් නෙමෙයිනේ මේ දේවල් තේරුම් ගන්න බැරි තරම් ….

තේරෙනවා නේද රනූ ඔයාට ….

ඒ දේවල් දැන දැනත් ඔයාට පුළුවන්ද මේ හැම දෙයක්ම දරාගෙන ඉන්න රනූ …..”

” මේ අහන්න අයියේ ….ඔයාට මොනවා හරි වුණොත් මම අඬයි…දුක් වෙයි…

ඒත් මුළු රටක් වෙනුවෙන් ඔයාට ඔයාගේ ජීවිතේ පරදුවට තියන්න පුළුවන් නම් ඇයි මට බැරි ඔයා ගැන හිතලා හිත හයිය කර ගන්න ……

අමතක කරන්න එපා අයියේ මගේ තාත්තා නැති වුණෙත් රට වෙනුවෙන් ජීවිතේ පූජ කරලා කියලා ……

මගේ තාත්තා වෙනුවෙන් මට ඒ තරම් දුකක් දරාගන්න පුළුවන් උනා නම් ඇයි ඔයා වෙනුවෙන් බැරි අයියේ …..”

” තමන්ගේ මහත්තයා ගෙදර එනකම් හැම රණවිරු බිරිඳක්ම මග බලාගෙන ඉන්නේ හිතේ බයකුත් එක්කමයි රනූ ….

මොකද එයාලගේ ජීවිත ඒ තරමටම විශ්වාස කරන්න බෑ ….

කොයි වෙලාවේ පෙට්ටියකින් ගෙදර එයිද කියන බය එයාලට තියෙනවා ….ඒ වගේම දැනෙනවා ….”

” ඔයා හිතන විදියට ගෑණු වෙච්ච අපි බය ඇති අයියේ ….

ඒත් කෙල්ලෙක් රණවිරුවෙකුට ආදරය කරන්නේ එයාව කසාද බඳින්නේ ඒ හැමදේකටම මූණ දෙන්න තරම් ඒ කෙල්ලගේ හිත හයිය නිසයි….”

” ඔයාම තව ටිකක් හොඳට හිතලා බලන්න නංගි …මං දැන් කොල්ලෙක් නෙමෙයි ….

දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ….”

” ඔයාට ඒ නොදරුවා වෙනුවෙන් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් නම් මට බැරිද අයියේ ඒ දරුවගේ අම්මා වෙන්න ….

ඔයාට බැරිද මට ඒ තැන දෙන්න ….

ඇයි ඔයා දෝණිගෙන් ඒ අයිතිය උදුර ගන්න හදන්නේ අයියේ …..”

” මං දෝණිගෙන් ඒ අයිතිය උදුර ගන්නේ නෑ නංගි …මාත් ආසයි මගෙ කෙල්ලට අම්මා කෙනෙක් ලැබෙනවා නම්….

ඒත් මගේ පැටියට මුළු ජීවිත කාලෙම අම්මා කෙනෙක්ගේ ආදරේ අඩුවක් නැතුව දෙන්න ඔයාට පුළුවන් වෙයිද නංගා ….”

” ඔයා හිතන්නේ මම දෝණිට ආදරේ නැති වෙයි කියලද අයියේ ….”

” ආදරෙයි කියලා මං දන්නවා නංගා …..

ඒත් බැඳලා කවදහරි ඔයත් අම්මා කෙනෙක් වුණ කාලෙක මගේ දෝණි තනි වෙයි…

මගේ දරුවට පුංචිම හරි වෙනස් කමක් වෙනවා මට බලන් ඉන්න බෑ නංගි ….

එයාට කුඩම්මා කෙනෙක්ගේ ආදරේ ලැබෙනවට මං කැමති නෑ නංගා …..”

අඬ අඬම රනූ මගේ එක අතක් අරගෙන එයාගේ පපුවට තුරුල් කර ගත්තා .එයාගේ පපුව වේගයෙන් ගැහෙන හැටි මගේ අතට දැනෙනවා .

” අනේ මං කොහොමද අයියේ ඔයාට ඔප්පු කරලා කියන්නේ මං ඔයාට තරමටම ඔයාගේ රෝස මලටත් ආදරෙයි කියලා …..

මේ පපුව ඇතුලේ ඒ පුංචි කෙල්ල වෙනුවෙන් කිරි එරෙන්නේ නෑ තමයි ….

ඒත් ඒ දරුවා වෙනුවෙන් ඔයාට තියෙන ආදරේ තරමටම මේ පපුව ගැහෙනවා අයියේ ….”

” අනේ ඇති මැණික ….නාඩා ඉන්න දැන් ….”

හිතුවේ වත් නැති විදියට ඒ වදන් පෙල මගේ මුවින් ගිලිහුණා.

මේ වෙනකොට හිත ඇතුලේ රනු වෙනුවෙන් ආදරේ පිරිලා තිබුණත් මට ඕන උනේ නෑ රනූට ඒ බව දැනෙන්න දෙන්න .

රනූ පුදුම වෙලා වගේ මගේ මූණ දිහා බැලුවේ .

” ඔයාට මාව විශ්වාස නැත්නම් ,මං දෝණිට වෙනස් කමක් කරයි කියලා හිතෙනවා නම් අපි බබෙක් හදන්නේ නැතුව ඉමු අයියේ …

අපිට මේ චූටි කෙල්ල විතරක් හිටියම ඇතිනේ ….

එතකොට ඔයාට හිතේ බයකුත් නෑ නේද මං දෝණිට වෙනස් කම් කරයි කියලා …

මට මගේම දරුවෙකුට අම්මා කෙනෙක් වෙන්න ඕන නෑ අයියේ ….”

” රනූ…මොනවද මේ කියවන්නේ ….පිස්සුද නංගි ඔයාට …..

හොඳට හිතලද ඔයා ඔහොම කියන්නේ ….දන්නවද ඒ වගේ තීරණේක බරපතල කමවත් ඔයා ….”

වචනයෙන් නොකිව්වත් හැම කෙල්ලෙක්ගෙම හිතේ ලස්සන හීනයක් තියෙනවා නංගා කවදම හරි දවසක අම්මා කෙනෙක් වෙන්න ….

ඒ පැටියව කුසේ තියාගෙන ඉන්න …

මේ පපුවේ ඒ පැටියා වෙනුවෙන් එරෙන කිරි ආදරෙන් පැටියට දෙන්න …

ඔයා හදන්නේ මං වෙනුවෙන් මගෙ පැටියා වෙනුවෙන් ඒ ලස්සන හීනෙ නැති කර ගන්නද මගෙ නංගි ….”

” ඔයාව මට ලැබෙනවා නම් ඊට වඩා වැඩි කැප කිරීමක් වුණත් මට කරන්න පුළුවන් අයියේ ……

මට අම්මා කෙනෙක් වෙන්න ඕන නැහැ.එහෙම හීනයක් මට ඕන නෑ අයියේ …..

මට ඕන  ඔයාගේ වෙන්න …ඔයාගේ රෝස මලට හොඳ අම්මා කෙනෙක් වෙන්න විතරයි අයියේ ….

මට ඉඩ දෙන්න ඔයා ළඟ ඉන්න …..ඔයා මට ආදරේ නොකරත් මං තරහා නෑ …

ඒත් මට ඔයාව ඕන අයියේ ….”

මගේ ආදරේ ඉල්ල ඉල්ල මුළු ජීවිතේම මගෙ චූටි දෝණි වෙනුවෙන් කැප කරන්න පෙරුම් පුරන මේ කෙල්ලව තව දුරටත් අසරණ කරන්න මට ඕන උනේ නෑ .

ඇය වෙනුවෙන් මගේ හිතේ උපන් ආදරේ මට තවත් හිර කරගෙන ඉන්න බැරි වුණා .

” රනූ….”

23 thoughts on “රන් තරු |17 කොටස | නවකතාව”

  1. Hashini Navanjana.

    හුරේ… ඔන්න පළවෙනි රේට් එකයි කමෙන්ට් එකයි මගෙන් අද.. ☺️☺️☺️☺️

  2. Hashini Navanjana.

    ගුඩ් මෝර්නින්ග් ? ?? අයියේ…. අනේ වෙනදා වගේම ගොඩාක් ලස්සනයී.. ???? පවු අනේ රනූ… උදෙන්ම මාව ඇඩෙව්වා ඒ වචන ටික… ???
    රනූ කියලා තියෙන දේ හරියටම හරි අයියේ… රණවිරුවෙක් එක්ක කෙල්ලෙක් යාලු වෙන්නෙම යතාර්ථය හැම දෙයක්ම තේරුම් අරගෙන. එහෙම කෙල්ලෙක් මොන දේ උනත් හිත ශක්තිමත් කර ගන්න ඕනි. ? ???
    තමන් ආදරේ කරන කෙනා නිවාඩු ඇවිත් ආයෙත් ගියාම ආයේ ඊළග නිවාඩුවට ගෙදර එනකන් කොච්චර බයෙන්ද ඉන්නේ කියන ඒ හැගීම හොඳටම තේරෙන්නේ රණවිරුවෙක්ට ආදරේ කරන කෙල්ලෙක් විතරයි… ඉස්සර යුද්ධෙ කාලේ වගේ බයක් මේ වෙනකොට නොතිබුනත් දැන් ඇති වෙලා තියන අන්තවාදීන්ගෙ ප්‍රහාරත් එක්ක ඒ බය ටික ටික ආයෙත් හිතේ ඇති වෙන්න අරන්. ඔයාගේ මේ කතාවෙන් රණවිරුවෙක්ගෙ හිතේ ඇතිවන හැගීම් වගේම රණවිරු බිරිදකගෙ හිතේ ඇතිවන හැගීම් ලස්සනට පෙන්නලා දීලා තියනවා අයියේ… මේ වගේ ලස්සන කොටසක් අද හවසටත් ඕනි හොඳද… ???
    දෙනවා නේද ඇඩ්මින් අයියේ…………. ☺️☺️☺️☺️
    බුදු සරණයි ඔයාලට…. ????
    ?????

    1. Onna adanna ottu na rose malage amme hode .. anithima sathutak wawe aniwarenma lagadima lassan kathawak balanna pluwan ane lankawe Inna oyala parisemn hode hamdekatma thank you so much nangiya budusaranyi

  3. Hashini Navanjana.

    මං දිග කමෙන්ට් එක ටයිප් කරන අතරේ තව කමෙන්ට් වෙන කෙනෙක් දාවි කියලා තමයි මුලින් චූටි කමෙන්ට් එකක් දැම්මේ… නැත්නම් ඉතිම් පළවෙනි රේට් එක මගෙන් උනාට කමෙන්ට් එක මගෙන් වෙනකන් නෑනේ…. ඒ තරම් ප්‍රතිචාර තියනවනේ අයියේ මේ කතාවට. ඒ ගැන නම් ගොඩාක් සතුටුයි… මේ කතාවට පළවෙනි කමෙන්ට් එක දාන එකත් ලොකු තරගයක් වෙලා ඒ නිසා…. ඔන්න ඉදලා ඉදලා අද නම් මට ඒක කරන්න පුලුවන් උනා…. ☺️☺️☺️☺️
    හී… හී…?????

  4. කතාව මාරම මාරම මාරම ලස්සනයි.❤️❤️❤️
    අද කතාව ගොඩාක් හැගීම් බරයි.
    මට ඇඩුනත් එක්ක.????

  5. Kathawa godakma godak lassanai. Habei dukath hithuna.. mn me kathawa hamadama asawen kiyawanawa godak hithata danena kathawak. Sithmi akka thank you lassana kathawak apita kiywanna akuru karata.. oyage idiri wada katayuthu sarthaka wenna kiyala mn hadawathinma suba pathanawa. Ada hawasatath apita kiywanna kotasak denawa neda admin aiye. Aniwaren denna..

    1. Aniwarenma Sithmi Akka me comments dakiddi godak sathutu wenawa eya oyala weneuwn thawa ekak liyala dunna meka ewara unu gaman danawa eka hode thank you so much budusaranyi

  6. Nirosha Lakmali

    ඔන්න ඊයේ කතාව දාලා තිබුණේ නැහැනේ. දැන් තමයි කියවන්න පුළුවන් වුණේ. හරිම හැඟීම් බරයි. හරිම ආදරෙයි මේ කතාවට. බෝනස් කොටසක් දුන්නේ නැහැනේ. ඒ නිසා දුකයි. හදවතින්ම සුභ පතනවා.

  7. යේ…. තරූ රනූට ආදරෙයි කියන්න නේද යන්නේ….

    කතාවනම් සුපිරියටම ලියලා තියෙනවා… ඒ වචන හදවතටම දැනෙනවා… ඇත්ටම රණවිරුවෙක්ගේ බිරිදක් වෙනවනම් ඒ හිත ගොඩක් ශක්තිමත් වෙන්න ඕනි… රණවිරුවෙක්ගෙ ජීවිතේ ගැන ඇත්තටම විශ්වාස කරන්න අම්මාරුයිනෙ… ඒක නිසාම ගොඩක් කෙල්ලෝ එයාලට ආදරේ කරන්න බයයි… මොකද ඒ අහිමීව දරාගන්න අමාරු උනා… ඒත් හැමෝම එහෙම නෑ… සමහර කෙල්ලෝ ආසයි රණවිරුවෙක්ගෙ බිරිදක් වෙන්න… ඒක කොච්චරනම් ආඩම්බරයක්ද…

    අද හවසට කොටසක් ඕනිමයි… ඊයෙ දුන්නෙත් නැති නිසා….

  8. අම්මියෝ ඇති යන්තම් තරූ ඩියානාව අම්තක කරල රනූ ගැන හිතන්න ගත්තා…….දැන්නම් සැනසීමේ ඉන්න පුලුවන් අෆ්ෆා…..මේ තරූ ට කරදරයක් කරල අහු වෙන්න එපා හොදද…..??????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.