Katha Ahura

උමතු | කෙටි කතා |‎04 කොටස| කතා අහුර රචක තරගය 2020

කතාව කොහොමද?

*උමතු* *( කෙටි කතාව )*
*‎04 කොටස* *( අවසාන කොටස )*

පොඩිවුනු ඒ කොළයෙ තිබුනෙ අගුරු කැටයකින් ඇදපු චිත්‍රයක්.චිත්‍ර කලාව තරමක් දුරට හදාරපු කෙනෙක් විදිහට අගුරු කැටයකින් නිර්මාණාත්මක දෙයක් කරන්න පුලුවන් බව මම දැනගෙන හිටියා.ඒත් මේ තරම් සජීවී චිත්‍රයක් මම දැකපු පලවෙනි වතාව තමයි මේ..

ඒ චිත්‍රයෙ හිටියෙ ලස්සන තරුණියක්.ඒත් හිතාගන්න බැරි විදිහට ඒ චිත්‍රය උඩින් ඒ අගුරුවලින්ම චිත්‍රය නොපෙනෙන විදිහට විකෘති කරලා තිබුනා.ඒ චිත්‍රය මම නවාගෙන අතේ ගුලිකරගත්තෙ මේ කෙනාව සනීපකරගන්න පුලුවන් හැම දෙයක්ම හොයාගන්න තිබුනු උවමනාව නිසාමයි…

******************************************

” මට තේරෙනවා වීනු..මම එයාව ඔයාගෙ භාරයට දෙන්නම්..”

” තැන්ක් යූ මැඩම්..”

” ඔයා දන්නවනෙ වීනු..අනිත් හොස්පිට්ල්වල වගේ මෙහෙ ඉන්න පේශන්ට්ස්ලා එකපාරම සනීපවෙන්නෙ නෑ.මෙහෙ ඉන්න කෙනෙක් එහෙම සනීපවෙනවා නම් අපිට ඊටවඩා සතුටක් තව නෑ.ඔයා ඒකට ගන්න උත්සාහය මම අගය කරනවා වීනු..දැන් මට තේරෙනවා ඔයාව මේ හොස්පිට්ල් එකට අරගෙන මම කලේ කොච්චර හරි දෙයක්ද කියලා…”

” එයා ඉන්නෙ ගොඩක් තනිවෙලා මැඩම්.එයාට ඕනෙ ආශ්‍රය කරන්න යාලුවෙක්..”

” ඒ යාලුවා තමයි ඔයා වීනු..වෙන අය එක්ක එයා ඔහොමවත් කතා කරන්නෙ නෑ ”

” එයා චිත්‍ර අදින්න කැමතියි මැඩම්..ඒකෙන්හරි මට එයාගෙ අතීතය මතක් කරවන්න පුලුවන්නම්…”

” ට්‍රයි කරල බලන්න වීනු..ඔයාට බැරි නෑ..”

දවස් දෙකකට පස්සෙ මැඩම් එක්ක කතා කරලා ඒ පේශන්ට්ව මගේ භාරයට ගන්න මට පුලුවන් වුනා.මානසික රෝගියෙක්ව සනීපකරන්න පුලුවන් වෙයි කියලා හිතේ තිබුනු ආසාව නිසාම මම ඒ දේ මේ පේශන්ට්ගෙන්ම පටන්ගන්න හිතුවා..

ගෙවුනු මේ දවස් දෙක පුරාවටම එයා මාත් එක්ක කතාකලේ වචන දෙකක් තුනක් විතරයි.ඒ වගේම මේල් නර්ස්ලා නැතුව මට එයාව මුනගැහෙන්න පුලුවන් තරමට එයා මාත් එක්ක ටිකක් යාලුවුනා.ඒත් ඒ මූනෙ කවදාවත් ලාවට හරි හිනාවක් තිබුනෙ නෑ.ගොඩක් වෙලාවට එයා හිටියෙ ” වෛර කරනවා ” කියන එක මුමුනන ගමන්.

එදා හවස මම ගියේ එයාට චිත්‍ර අදින්න ඕන කරන දේවල් අරගෙන.ජනේලෙ ලගින් මෑත්වෙලා මම ගෙනාපු දේවල් දිහා බලාගෙන මොහොතක් හිටපු එයා එක විනාඩියක් ඇතුලත ඒ තින්ත කුප්පි හැම එකක්ම වීසිකලේ තරහින්.එක තින්ත කුප්පියක් ඇවිත් මගේ නලලෙ වැදිලා මම නලල අල්ලගනිද්දි එයා දේවල් වීසිකරන එක නැවැත්තුවා.වෙනදා වගේම මම ඊටපස්සෙ එයාගෙ බෙහෙත් ටික දීලා එයාට නින්ද යනකන් ඉදලා කාමරේ දොර වහලා ආවා.

එදා හවස මම ක්වාටස් එකට ඇවිත් අයිස් කැටයකින් නලල තවාගත්තා.එතකොටම මට ඇහුනෙ ෆෝන් එක රින්ග්වෙන සද්දෙ..

” හෙලෝ..”

” හෙලෝව්..වීනු…දිස් ඉස් මමී…”

” ආ..අම්මා…කොහොමද ? ”

” ෆයින් ඩාලිං…”

” නංගියි මල්ලියි සනීපෙන්ද ? ”

” අහ්..ඔව්..කොහොමද ඔයාගෙ වැඩ එහෙම..? ”

” හොදයි අම්මා..වරදක් නෑ..”

” ට්‍රාන්සර් එකක් ලැබුනා කියලා ආරංචි වුනා..ඇයි ළමයො ඔයා මෙහේ එන්නෙ නැත්තෙ ? අනික ඔයා ඩොක්ටර් කෙනෙක්..”

” නුපුරුදු රටකට ඇවිත් ජීවත්වෙනවට වඩා මෙහේ ඉන්න එක හොදයි අම්මා..”

” ඕහ්..ඈස් යූ විශ්..එනිවේ..ඔයාට සල්ලි ඕනනම් කියන්න..”

” මට සල්ලි එපා අම්මා..”

” ඕකේ..හෑව් ටු ගෝ වීනු..ඉට්ස් ටයිම් ටු මයි ඇරොබික් ක්ලාස්..”

” හ්ම්ම්..බුදු සරණයි අම්මා..”

එහාපැත්තෙන් කෝල් එක කට්වෙලා කියලා ඇහෙන ටීක් ටීක් සද්දෙත් එක්කම මම අම්මට බුදු සරණයි කියල කිව්වා..

******************************************

ඊලඟ දවසෙ හවස මම පේශන්ට් ලගට යද්දි එයාට නින්ද ගිහිනුයි තිබුනෙ.එදා මුලු දවසම මට රාජකාරි බහුල දවසක් වුනු නිසාම මට එයාව බලන්න යන්න වුනේ ටිකක් හවස්වෙලා.මාව දැකලා එතන හිටපු අ’ටෙන්ඩන් කෙනෙක් මගේ ලගට ආවා.

” ආ ඩොක්ටර් ආවද..අනේ බලන්න ඩොක්ටර්..මෙයා අද දවසටම මුකුත් කෑවෙත් නෑ බෙහෙත් බිව්වෙත් නෑ..”

” මොනවා..”

” ඔව් ඩොක්ටර්..මං හිතන්නෙ ඩොක්ටර් ආපු නැති නිසා වෙන්න ඇති.”

” ඒත් මෙයා මම ආවම ඉන්නෙ හරියට මාව නොදැක්කා වගේනෙ..”

” ඩොක්ටර් ගියාම මෙයා ඩොක්ටර්ව හොයනවා..දැන් නින්ද ගිහින්..මෙච්චරවෙලා හිටියෙ ගොඩක් තරහින්.ඉතින් අපිට මෙයාව ඇදට තියලා බදින්න වුනා..”

එයා එහෙම කියද්දියි මම කාමරේ ඇතුලට ගිහින් එයා දිහා බැලුවෙ.ඇදටම තියලා එයාගෙ අතුයි කකුලුයි බැදල දාලා තිබුනා.

” පිස්සුද මනුස්සයෝ..මෙහෙම බැදල තියන්න මෙයා සතෙක්ද..කෝල් කලානම් මම එනවනෙ..මොන එහෙකටද මෙහෙම දෙයක් කලේ..”

ආපු තරහටයි දුකටයි මම ඇස්වල කදුලු පුරවගෙන ගිහින් එයාගෙ අත් ගැටගහල තිබුනු බැමි ලිහුවා.

” සොරි ඩොක්ටර්..”

” සොරි…සොරි තමයි මම දැන් ආවෙ නැත්නම්..බලනවා මේ පටිවලට මෙයාගෙ අත් කැපිල තියෙන හැටි.ගිහින් ෆස්ට් ඒඩ් කිට් එක අරන් එනවා..”

බැමි නිසා තදවෙලා තිබුනු එයාගෙ අත්වල හැදුනු තුවාල දැක්කම මට ඇඩුනා.මම අඩ අඩම එයාගෙ කකුල්වල තියෙන පටිත් ලිහද්දි එයාට ඇහැරුනා.එයා එකපාරටම නැගිටලා බැලුවෙ ඒ ඉන්නෙ කවුද කියලා.මාව දකිද්දි එයාගෙ මූනෙ තිබුනු තරහ ගිහින් සාමාන්‍ය තත්වයට එද්දි එයා බලන් හිටියෙ මගේ මූන දිහා.

හිතුවෙ නැති විදිහට එයා මගේ කම්මුලක් දිගේ බේරුනු කදුලු ටිකක් එයාගෙ ගොරෝසු , තින්ත පිරුනු අතට ගනිද්දි මම පුදුමෙන් බලන් හිටියෙ එයා දිහා..

” මැඩම්…ෆස්ට් ඒඩ්..”

මං ලගට ආපු අ’ටෙන්ඩන්ගෙ කටහඩට මම කදුලු පිහදගෙන බොක්ස් එක ගන්න යද්දිම ඇදෙන් බිමට පැන්න එයා ෆස්ට් ඒඩ් බොක්ස් එක උදුරලා අරගෙන අ’ටෙන්ඩන්ගෙ මූනට දමලා ගැහුවා.

” ඔයා යන්න මෙතනින්..මම මෙයාට බෙහෙත් දාන්නම්..”

මම කෑගහද්දි අ’ටෙන්ඩන් බයවෙලා දිව්වෙ කාමරේ දොරත් වහගෙන.මම දුවල ගිහින් පේශන්ට්ව අල්ලගත්තා..

” හරි හරි…එයා ගියානෙ..එන්න මම බෙහෙත් දාන්නම්..”

මම එයාව අල්ලගෙන ඇවිත් ඇදෙන් වාඩිකරලා අත්වලටයි කකුල් වලටයි බෙහෙත් දැම්මා.එතකොටයි මම එයාගෙ තින්ත ගෑවුනු අත් දෙක හරියටම දැක්කෙ..

” ඔයා අද චිත්‍ර ඇන්දද ? අනේ…කෝ මට පෙන්නන්න…”

අතීතයෙන් මතක්වුනු පොඩි දෙයක් හරි එයා ඇදලා ඇති කියලා හිතලා මම එහෙම ඇහුවා.ඒත් එයා එකදිගටම ඔලුව වැනුවෙ එයා චිත්‍ර ඇන්දෙ නෑ කියන්න වගේ.

” එහෙනම් ඇයි මේ අත්වල තින්ත..? ”

මම අහද්දි එයා ඇදෙන් නැගිටලා ඇවිදගෙන ගියේ ජනේලෙ ලගට..

” ඔයාගෙ යාලුවා ඔයා එක්ක තරහයි..ඇයි ඔයා ඔහොම බලන්නෙ..ඔයා අද කෑම කෑවෙත් නෑලු..බෙහෙත් බිව්වෙත් නෑලු…ඉතින් මම තරහයි…”

මම එහෙම කියද්දි එයා ඒවා ඇහුනේ නෑ වගේ ජනේලෙන් එලිය බලාගෙන හිටියා.

” දැන් එහෙනම් කෑම කාලා බෙහෙත් බොනවද…? අනේ…”

එයා බෑ කියන්න වගේ ඔලුව වැනුවම මම ආයෙත් බොරු තරහක් මූනට ගත්තා.

” තරහයි මම…එහෙනම් මම යනවා…”

මම ආපහු යන්න හැරෙද්දි එයා තරහින් එයාගෙ ඔලුව යකඩ ග්‍රිල් එකේ එකදිගටම ගහගෙන යද්දි මම එයා ලගට දුවගෙන ගියා.

” නෑ නෑ…මම යන්නෙ නෑ…හැබැයි ඔයා කෑම කන්න ඕනෙ…හොදද..”

මම එහෙම කියද්දි එයා මගේ පැත්තට හැරුනෙ ඒකට කැමතියි කියන්න වගේ.නර්ස් කෙනෙක්ට ගේන්න කියපු එයාගෙ කෑම ටික ගෙනාවට පස්සෙ මම අත සෝදලා එයාට ඒ ටික කැව්වා.රැවුල පුරාම බත් ඇට රැදෙද්දි මම ඒවත් පිහදැම්මා.බත් කවලා ඉවරවෙලා එයාගෙ තින්ත ගෑවුනු අත් දෙකත් සෝදලා දැම්මා.ටිකවෙලාවකට පස්සෙ එයාට බෙහෙත් බිව්වම නින්ද ගියා.මම ශීට් එකත් එයාගෙ ඇගට දාලා දොර අරින්න යද්දි මම දැක්කෙ ඇද යටින් එලියට ආපු පොතක කොටසක්..

මම ඒ පොත අරන් බලද්දි දැක්කෙ ඒ පොත මම එදා එයාට චිත්‍ර අදින්න දීපු චිත්‍ර පොත නේද කියලා.එයාගෙ අතීතය බලාපොරොත්තුවෙන් මම ඒ පොතේ මුල් පිටුව පෙරලද්දි එයා ඇදපු දේ දැකලා මගේ අතින් පොත බිමට අතෑරුනා.මම ආයෙත් ඒක අහුලගෙන බලද්දි දැක්කෙ මගේ දිහා බලන් ඉන්න මාව..

එයා ඒ පොතේ පිටු පහක් පුරාවටම ඇදලා තිබුනෙ මගේ රූපයම විතරයි.ගොඩක් ලස්සනට , සජීවීව මගේ රූපය ඇදල තිබුනු එයා ගැන මට ඇතිවුනේ ලොකු පුදුමයක්.මම ඒ පොත ආයෙත් ඇද යටට තල්ලුකරලා කාමරේ දොර වහලා එලියට ආවෙ ඇස්වල කදුලු පුරවගෙන…

******************************************

” මට ගොඩක් සතුටුයි වීනු..එයාගෙ රිපෝර්ට්ස් එන්න එන්නම පොසිටිව් වෙනවා.මේ හැමදේටම ඉතින් ඔයාට තමයි තෑන්ක් කරන්න ඕන..”

” එහෙම කියන්න එපා ඩොක්ටර්…ඔයාලත් එයා ගැන බලනවනෙ..”

” නෑ වීනු..එයා මගේ භාරයේ හිටියට වඩා ඔයාගෙ භාරයේ ඉන්නකොට එයාගෙ මානසික තත්වයෙ ලොකු වෙනසක් තියෙනවා.බලන්න මේ රිපෝර්ට්ස්ම..මං හිතන්නෙ එයාට ඉක්මන්ටම සනීපවෙයි..”

” එහෙම වෙනවනම් කොච්චර හොදද ඩොක්ටර්..එහෙනම් මම යන්නම්..මම ආවෙ ඩොක්ටර්ට මේ රිපෝර්ට්ස් ටික පෙන්නලා යන්න..වෝඩ් එකට යන වෙලාව හරි…”

” ඕකේ වීනු..සී යූ ලේටර්…”

ඩොක්ටර් ජගත්ගෙ වෝඩ් එකෙන් එලියට ඇවිත් මම මගේ වෝඩ් එකේ පේශන්ට්ස්ලව චෙක් කරන්න පටන්ගත්තා..

******************************************

” අම්මෝ…හරිම මහන්සියි දිලූ..මගෙ ඔලුවත් එක්ක රිදෙනවා..”

වෝඩ් එකේ පුටුවට බරවෙලා මම අතේ තිබුනු පෑන මේසෙ උඩින් තිබ්බා.

” ඩොක්ටර් අද පත්තරේ බැලුවද ? ”

” නෑ දිලූ..ඇයි ? ”

” මේ ටිකේම හෙඩ්ලයින් ගියේ අර බිස්නස්මන් ගැනනෙ..”

” කවුද දිලූ ? ”

” අර ශරුද් විජේමාන්න..අර අතුරුදහන් වෙලා කිව්වෙ..”

” ආ..ඉතින්…? ”

” එයාව හොයාගන්න පුලුවන් කෙනාට කෝටියක් දෙනව කියන්නෙ…”

” කෝටියක්..”

” ඔව් ඩොක්ටර්..මටනම් ඒ ශරුද්ව හම්බවුනොත් මමනම් දෙන්නෙ නෑ..”

” ඇයි ඒ ? ”

මම ඇහුවෙ හිනාවෙවී..

” ඇයි කියන්නෙ බලන්නකො එයාගෙ හැන්ඩ්සම් ලුක් එක..මේ…”

දිලුනි මට පත්තරේ දෙද්දි මම බැලුවෙ ඒකෙ තිබුනු ශරුද් විජේමාන්නගෙ ෆොටෝ එක දිහා.ඕනම කෙල්ලෙක් වශීවෙන තරමට කඩවසම් රූපයක් තිබුනු එයා හිටියෙ සම්පූර්ණයෙන්ම රැවුල මුඩු කරලා..

” ඇයි ඩොක්ටර් ඔහොම බලන් ඉන්නෙ..මට පේන විදිහට ඩොක්ටර්ත් එයාට වශීවෙලා වගේ..”

” නෑ දිලූ…මම මේ කල්පනා කලේ…ම්ම්ම්…මම මේ වගේ කෙනෙක්ව හොදට දැකල පුරුදුයි කියලා..අනේ මන්දා..ඇයි මට එහෙම හිතෙන්නෙ..”

මම එහෙම කියද්දි දිලුනි හිනාවෙවී පුටුවෙන් නැගිට්ටා.

” කියන්න බෑනෙ ඩොක්ටර්… *සසර පුරුද්දට* ද කියලා…”

දිලුනි එහෙම කියලා යද්දි මම නලලට අත තියන් කල්පනා කලේ මේ කෙනා කවුද කියලා.මම නිකමට අතේ තිබුනු පෑන අරගෙන ඒ පත්තරේ තිබුනු ශරුද් විජේමාන්නගේ ෆොටෝ එකේ දිග රැවුලක් එක්ක දිග කොන්ඩයක් ඇන්දා.

ඒත් එක්කම මගේ අතින් පෑන බිමට වැටුනෙ ඒ රූපෙට සමානම රූපයක් තිබුනු කෙනෙක්ව මතක්වෙලා..

” දෙයියනේ මේ……”

” ඩොක්ටර්…ඩොක්ටර්ගෙ පේශන්ට් රූම් එකේ නෑ….”

මගේ ලගට දුවගෙන ආපු අ’ටෙන්ඩන් කෙනෙක් එහෙම කියද්දි මට ඉබේටම පුටුවෙන් නැගිට්ටුනා.

” මොනවා…! ”

” ඔව් ඩොක්ටර්..අපි කාමරේට ගියේ එයාට බෙහෙත් දෙන්න හිතාගෙන..ඒත් අපි යද්දි කාමරේ දොර ඇරිලයි තිබුනෙ..කාමරේ එයා හිටියෙ නෑ..”

මම අතේ තිබුනු පත්තරෙත් විසිකරලා වෝඩ් එකෙන් එලියට දුවගෙන ගියේ පිස්සුවෙන් වගේ.ඒත් එක්කම ගොඩක් අය එලියෙ වටවෙලා ඉන්න බව දැකපු මමත් එතෙන්ට ගියා.මම දැක්කෙ උස තාප්පයක් උඩට නැගලා ඉන්න මගේ පේශන්ට්ව.අඩි ගානක් උස වුනු ඒ තාප්පෙට එයා නැග්ගෙ කෙසේවෙතත් ඒකෙන් වැටුනොත් එයාට ලොකු කරදරයක් වෙනවා කියලා බැලූ බැල්මට මට පෙනුනා.

ඒත් එක්කම ඩොක්ටර්ස්ලා එක්ක මැඩමුත් එතෙන්ට දුවගෙන ආවා.එයා කිසිම හැලහොල්මනක් නැතුව තාප්පෙ උඩ ඉදන් බිම බලාගෙන හිටියා.තව අඩියක් තිබ්බොත් එයා බිමට වැටෙයි කියන බයට මම තාප්පෙ ලගටම දුවගෙන ගිහින් එයාට කෑගැහුවා.

” එපා…ශරූද්…..! ”

මගේ කෑගැහිල්ලට තාප්පෙ උඩ ඉදන් මං දිහා බලපු එයා එකපාරටම අත්වලින් ඔලුව බදාගෙන කෑගහන්න පටන්ගත්තා.ඒත්එක්කම සිහිනැතිවුනු එයා බිමට වැටෙද්දි මම අත්දෙකෙන් මූන වහගෙන කෑගැහුවා.

” හරි අප්…එයාව අල්ලගන්න…”

කාගෙදෝ කටහඩක් එක්ක මම වහගත්තු ඇස් ආයෙත් ඇරල බලද්දි දැක්කෙ අ’ටෙන්ඩන්ලා ගොඩකගෙ අත් උඩ සිහි නැතුව ඉන්න ශරුද්ව..

******************************************

” ඔයාට විශ්වාසයිද වීනු මේ ඉන්නෙ එයාමයි කියලා ? ”

මැඩම් ඇද උඩින් වාඩිවෙලා සිහි නැතුව ඉන්න ශරුද් දිහා බලාගෙන ඉන්න මගේ උරහිසින් අත තියලා අහද්දි මම ඔලුව හෙලෙව්වා.

” එයාට මෙහෙමවුනේ මං නිසා මැඩම්..මට..ඒ නම නොකිය ඉන්නයි තිබුනෙ..”

මගේ උරහිසින් තිබුනු මැඩම්ගෙ අත අල්ලගෙන මම අඩ අඩ කියද්දි එයා මගේ ඔලුව අතගෑවා.

” ඒක ඔයාගෙ වරද නෙවේ දරුවො..මේ දෙයින් එයාට හොදවෙන්න වුනත් චාන්ස් එක තියෙනවා..”

” ඒත් ඩොක්ටර් එහෙම නොවුනොත් ? ”

” අපි බලමු වීනු…”

” ම්ම්ම්හ්…..ම්ම්…”

අපිට ඇහුනු ඒ සද්දෙත් එක්කම මම ඉක්මන්ට බැලුවෙ ඇදේ ඉන්න ශරුද් දිහා.මැඩම් ඉක්මන්ට එයාගෙ ලගට ගිහින් පල්ස් චෙක් කලා.හෙමින් හෙමින් ඇස් ඇරපු එයා එක අතකින් නලල අල්ලගත්තෙ වේදනාවක් දැනුනු නිසා වෙන්න ඇති.

” දරුවෝ…ඔයාට කොහොමද දැන් ? ”

මැඩම් අහද්දි එයා ඔලුව හැරෙව්වෙ මැඩම්ගෙ පැත්තට.

” ම්..මං..මේ…කො..හෙද ? ”

” සන්සුන්වෙන්න පුතා..ඔයාගෙ නම මොකක්ද ? ”

” මගේ…නම….ම්ම්හ්…ශරු..ශරුද්…විජේ..මාන්න…”

මැඩම් පුදුමෙන් මං දිහා බලද්දි මම ඉක්මන්ට ඇදෙන් නැගිට්ටා.

” කෝ..නිරූ..? එතකොට…නීල්..අංකල්…? ”

” හරි හරි..ඔයා ඉස්සෙල්ලා රෙස්ට් කරන්න පුතා..ඔයාට තවම සනීප මදි..වීනු අපි යමු..”

මැඩම් කියද්දි එයා අමාරුවෙන් ඔලුව හැරෙව්වෙ මගේ පැත්තට..

” වීනු..අහල පුරුදු නමක්..ම්ම්හ්..”

මම එයා දිහා බලන් ඉන්නකොට මැඩම් ඇවිත් මගේ අතින් අල්ලගත්තා.මම එයාගෙ පිටිපස්සෙන් දොර ලගට යද්දි ශරුද් මට අත දික්කලා.

” ඉන්න..වී..නු.. ඔයා…ඉන්න…”

මම මැඩම්ගෙ දිහා බැලුවම එයා ඔලුව හෙලෙව්වා.මැඩම් ගියාට පස්සෙ මම දොර වහලා එයාගෙ ඇද ලග තිබුනු පුටුවෙන් ඉදගත්තා.එතකොට ශරුද් ඇදෙන් නැගිටින්න හදනකොටම මම ඉක්මන්ට එයාව අල්ලගත්තා.

” අනේ…බලාගෙන….”

මම එයාගෙ අත්වලින් අල්ලගෙන ඉන්න බව දැකපු එයා මං දිහා බලාගෙන ඉන්නකොට මම ඉක්මන්ට එයාව අතෑරලා එයාට පහසු විදිහට කොට්ටය හැදුවා.

” මට..ඔයාව..මතකයි…ඔයා නේද මාව බලාගත්තෙ..? ”

” ඔයා රෙස්ට් කරන්න..මම පස්සෙ එන්නම්..”

” එපා..කියන්න මට..මම මේ කොහෙද කියලා..”

එයා මගේ අතකින් අල්ලගෙන කියද්දි මම ගැස්සිලා බැලුවෙ එයා දිහා.

******************************************

” මැඩම්..මට නිවාඩුවක් ඕනෙ..”

” ඇයි වීනු..මේ හදිස්සියෙම ? ”

” පොඩි දෙයක් කරන්න තියෙනවා මැඩම්..”

” ඕකේ..ඔයා එහෙනම් නිවාඩුවක් ගන්න..මතක ඇතුව ඔයාගෙ පේශන්ට්වත් බලන්න…”

” හරි මැඩම්…”

මැඩම්ගෙ කාමරෙන් එලියට ඇවිත් මම ආවෙ ශරුද් හිටපු කාමරේට.එයාගෙ තත්වය දැන් ටිකක් හොද අතට හැරිලා නිසා එයාව වෙනම රූම් එකකට මාරු කරලයි තිබුනෙ.

” දැන් කොහොමද මිස්ටර් ශරුද් ? ”

මම කාමරේට ඇතුල්වෙන ගමන් අහද්දි එයා පස්සට ගිහින් ඇද විට්ටමට හේත්තු වුනා.

” දැන්නම් ටිකක් හොදයි වගේ ඩොක්ටර්..මාව දැන්ම ඩිස්චාර්ජ් කරන්න පුලුවන් වෙයිද..? ”

” ඒකනම් කියන්න වෙන්නෙ මැඩම්ගෙන් අහල තමයි..ඔයාගෙ රිපෝර්ට්ස් නම් නෝමල්..”

” මට මගේ මල්ලිගෙ ෆියුනරල් එකටවත් යන්න බැරිවුනානෙ ඩොක්ටර්..ඒකයි..මේ..ඩොක්ටර්ට පුලුවන්නම් මගේ රැවුලයි කොන්ඩෙයි කපවන්න කෙනෙක්ව එවන්න පුලුවන්ද ? මම දැන් ඉන්නෙ *පිස්සෙක්* වගේනෙ..”

ශරුද් එහෙම කියද්දි මට හිනා ගියා.ඒක දැකපු එයා ,

” ඔහ්..මට අමතක වුනා..මම හිටියෙත් පිස්සෙක් වෙලානෙ..”

” නෑ නෑ ..අනේ…මම එහෙම දේකට නෙවෙයි හිනාවුනේ..”

” ඇත්තටම ඩොක්ටර්..මම ඩොක්ටර්ට කියපු දේවල් වෙන කාටවත් කියන්න එපා..ඒවා දැන් මං අමතක කරන්න උත්සාහ කරනවා…”

” හරි..මම මේ ඔයාට කියන්න ආවෙ..හෙට මම නිවාඩු කියල කියන්න..ඔයාව ඩොක්ටර් ජගත් චෙක් කරයි..”

” හෙට…නිවාඩුද ? ”

ශරුද් එයාගෙ තදනිල් පාට ඇස් දෙක මගේ පැත්තට හරවල අහපු විදිහෙන් මම මොහොතකට ගොලුවුනා.

” ඔව්…මිස්ටර් ශරුද්..ඇයි එහෙම ඇහුවෙ..?”

” ප්ලීස්..එහෙනම්…මට ඩ්‍රෝවින් පෙන්සිල් එකක් එක්ක කොළ ටිකක් දීල යනවද…”

ශරුද් අහපු විදිහට මට හිනාගියා.මම හා කියන්න වගේ ඔලුව වැනුවා.මම ආයෙ යන්න හැරෙද්දිම ශරුද් ආයෙ කතා කලා.

” ඩොක්ටර්…”

” ඇයි ශරුද් ? ”

” මගේ..පපුව රිදෙනවනෙ..”

එයා එහෙම කියද්දි මම ඉක්මන්ට ආයෙත් එයා ලගට ගියා.

” ඇයි ශරුද් ? කොයි හරියෙද රිදෙන්නෙ ? ”

මම බයවෙලා අහද්දි එයා මගේ අත අරගෙන හරියටම එයාගෙ හදවත තිබුනු තැනින් තිබ්බා.මේ වෙනකන්ම මට දැනුනු හෘද ස්පන්දන අතරින් එයාගෙ හදවත ගැහෙන විදිහ විතරක් මට විශේෂවෙලා දැනෙද්දි මම දිගටම මගෙ අත ඒ පපුවට තදකරගෙන හිටියා.

” ගොඩක් රිදෙනවා..වීනු….”

මම ගැස්සිලා ගිහින් ඉක්මන්ට මගෙ අත අරගෙන කාමරෙන් එලියට දිව්වෙ දිලුනිගෙ ඇගේ හැප්පිලා.

” ඇයි මට අමුතු හැගීමක් දැනෙන්නෙ..ඇයි මට එයාව විශේෂයි වගේ දැනෙන්නෙ..මුකුත් තේරෙන්නෙ නෑ…”

” ඩොක්ටර්…! ”

මම හිත හිත යද්දි එකපාරටම මගේ පිටිපස්සෙන් ඇහුනු කටහඩ දිලුනිගෙ කියලා මම අදුනගත්තා.

” ඇයි දිලුනි ? ”

” මොකද වුනේ ඩොක්ටර් ? ඇයි කලබලෙන් දුවගෙන ආවෙ ? ”

******************************************

” ආදරේ කියන්නෙ හරි පුදුම දෙයක් ඩොක්ටර්..ඒක අපිට තිබිලත් බෑ නැතුවත් බෑ..කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන වෙලාවක් කියන්නත් බෑ..”

” ඔයා කියන්නෙ මම ශරුද්ට….”

” ගොඩක් වෙලාවට..”

” නෑ දිලුනි…එහෙම දෙයක් නෑ..”

*” කාට බොරු කලත් හිතට බොරු කරන්න බෑ ඩොක්ටර්..”*

දිලුනි කියපු දේවල් මට දෝංකාර දෙද්දි මම ගැස්සුනේ වාහනයක් හෝන් කරන හඩින්.කලර් ලයිට් එකේ මම වාහනය නවත්තගෙන හිටියෙ මගෙ මුලු ඔලුවම හොල්මන් වෙලා තිබුනු නිසා.මම ඉක්මන්ට ආයෙත් කාර් එක ස්ටාර්ට් කරලා ටිකක් දුර යද්දි මම දැක්කෙ පාරෙ ගහල තිබුනු කොළ පාට බෝඩ් එකක්..

*බදුල්ල – 01 km*

ඒත් එක්කම මම බැලුවෙ එහා ශීට් එකේ තිබුනු පරණ ඩයරි එක දිහා..

******************************************
” ඩොක්ටර්..මේක ගන්න..මං මෙච්චර දවසක් මේක හංගගෙන හිටියෙ.දැන් මට මේක වැඩක් නෑ..”

” මේ මොකක්ද ශරුද් ? ”

” කියවල බලන්න..ඒකට කමක් නෑ..”

ශරුද් එදා දීපු එයාගෙ ඩයරි එක මම ෆ්‍රී වෙලාවක කියෙව්වා.ඩයරි එක පුරාම තිබ්බෙ එයාගෙ කුලුදුල් ආදර කතාව.ඩයරි එකේ මුල් පිටුවෙ තිබුනෙ එදා එයා අගුරුවලින් ඇදපු කෙනාගෙ ෆොටෝ එකක්.ඒ යටින්ම ලියල තිබුනෙ බදුල්ලෙ ලිපිනයක්.ඒ ලිපිනය ෆොටෝ එකේ හිටපු ගර්ල්ගෙ කියලා මට හිතුනා.

******************************************
” අයියෙ..මේ එඩ්‍රස් එක….”

” ආ..ඔය ඉස්සරහින් තියෙන පාරෙන් වමට හරවන්නකො..දෙවෙනි ගේ…”

” ගොඩක් ස්තූතියි..”

මම ආයෙමත් වීදුරුව උඩට අරගෙන කාර් එක පාරට දැම්මෙ ඒ කෙනා කියපු පාර මතක් කරන ගමන්..

විනාඩි ගානකට පස්සෙ මට ඒ එඩ්‍රස් එකට අදාල ගෙදර හොයාගන්න පුලුවන් වුනා.මම කාර් එක තාප්පෙ ලගින් නවත්තලා එලියට බැස්සෙ ඩයරි එකත් අරගෙන.ඇරල තිබුනු ගේට්ටුවෙන් ඇතුලට ආපු මම ගෙදර බෙල් එක ගහලා විනාඩි ගානකට පස්සෙ දැක්කෙ ගේ ඇතුලෙන් ඇවිදගෙන එන ගෑනු ළමයෙක්.එයා කවුද කියලා මට අදුරගන්න පුලුවන් වුනා.

” මේ…තුරුලිද ? ”

” ඔව්..ඔයා කවුද ? ”

” මම අවේනා..මෙන්ටල් හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක්..මට ඔයත් එක්ක ටිකක් කතාකරන්න පුලුවන්ද..? ”

******************************************
*” ඒක එයාගෙ වැරැද්ද..එයාට එහෙම වුන එක ගැන මම පුදුම වෙන්නෙ නෑ..අනික එයාට තව කෙල්ලෙක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්නෙ..”*

තුරුලි ටිකවෙලාවකට කලින් කියපු දේවල් මගේ ඔලුව ඇතුලෙන් දෝංකාර දෙද්දි මම කාර් එක පාරෙ අයිනකට කරලා නවත්තලා සුක්කානමට ඔලුව ගහගත්තා.

” ශරුද් එයාට ආදරේ කරල තියෙන්නෙ අවංකව..ඒත් තුරුලි…එයා කොහොමද එහෙම කතා කරන්නෙ..පිස්සු වැටෙන්න තරම් ශරුද් තුරුලිට ආදරේ කරලත් තුරුලිට ඕනවුනේ ශරුද්ගෙ සල්ලි විතරද..ඇයි දෙවියනේ සමහර මිනිස්සු තමන්ගෙ ඕනඑපාකම් කරගන්නකන් විතරක් අපි එක්ක ඉන්නෙ..”

මම ඇස් පියාගෙන ඉන්නකොට මට ඇහුනෙ ෆෝන් එක රින්ග්වෙන සද්දය.

” හෙලෝ..කියන්න මැඩම්..”

” අද ඔයා නිවාඩු කියලා දන්නවා වීනු..ඒත් මට මේක ඔයාට කියන්න ඕනෙ..”

” කියන්න මැඩම්..”

” අද විජේමාන්න ෆැමිලි එකේ ලෝයර් මිස්ටර් නීල්ට මම කෝල් කලා.ශරුද්ට දැන් සනීප නිසා මම හිතුවා එයාව ඩිස්චාර්ජ් කරන්න.මිස්ටර් නීල් නම් කැමති වුනේ අදම ඩිස්චාර්ජ් කරනවට.ඒත් ඔයා නෑනෙ.ඉතින් මං කිව්වා එයාට හෙට එන්න කියලා..අපි ශරුද්ව හෙට ඩිස්චාර්ජ් කරමු නේද වීනු..”

” හ්..හෙට…? ”

” ඔව් වීනු..එයාගෙ රිපෝර්ට්ස් ඔක්කොම දැන් නෝමල්නෙ..මම අද ඒ ඔක්කොම ආයෙ චෙක් කලා..”

ඇයි මගේ හිතට කියාගන්න බැරි විදිහෙ දෙයක් දැනෙන්නෙ..ඇයි මම ශරුද්ව යවන්න අකමැති..මොකක්ද මට මේ වෙන්නෙ..

” හෙලෝ..වීනු..ඔයා අහගෙනද ඉන්නෙ..? ”

” ය’ස් මැඩම්…කියන්න..”

” එහෙනම් හෙට උදේ ඔයා ආවම අනිත් විස්තර මම කියන්නම්..”

” හරි මැඩම්..”

කෝල් එක කට් කරලා මම කාර් එක ස්ටාර්ට් කලා.

******************************************
” දිලූ..ශරුද් රූම් එකේද ? ”

” ඔව් ඩොක්ටර්..ඇයි මේ…? ”

” ඇයි දිලූ ? ”

” මේ ඇස්වල කදුලු..? ”

” ආහ්…මේ…එනගමන් දූවිලි ගිය නිසා වෙන්න ඇති…”

මම දිලුනිව මගඇරලා ශරුද් ඉන්න රූම් එකට ගියේ ඇස්වල තිබුනු කදුලු පිහදදා.මම දොර අරිද්දි දැක්කෙ නිදාගෙන ඉන්න ශරුද්ව.ඒත් එයා ගොඩක් වෙනස්වෙලා හිටියේ.රැවුලයි කොන්ඩෙයි කපලා කලින් තිබුනු පෙනුමෙන් සම්පූර්ණයෙන්ම වෙනස් රූපයකට ඇවිත් තිබුනු ශරුද්ගෙ කහ පාටට හුරු මූන දිහා මම බලන් හිටියා.

ඒත් එක්කම මම දැක්කෙ මම උදේ යන්න කලින් එයාට දීපු සුදුපාට කොළ ටික.ඒ ටික එයා පපුව උඩින් තියාගෙනයි හිටියෙ.පැන්සල නම් බිම වැටිලා.මම හෙමින් එයා ලගට ගිහින් එයාට නොදැනෙන්න එයාගෙ පපුව උඩින් තිබුනු කොල ටික අරගත්තා.

සුදු පසුබිමේ කලු පාටින් එයා සිතුවම් කරල තිබුනෙ මගේ රූපය.හැම කොළයකම එයා ඇදල තිබුනෙ මගේ චිත්‍ර.ගොඩාක් ලස්සනට , සජීවීව ඒ සිතුවම්වල ඉන්න මම ඇත්ත මම දිහා බලන් ඉන්නවා කියලයි මට හිතුනෙ.මම ඒ ටික ආයෙත් එයාගෙ පපුව උඩින් තියලා එයාගෙ ඇද ලගින් වාඩිවුනා.

” දන්නෑ ශරුද්..ඔයා ලගට ආවම මට දැනෙන්නෙ මොනවගේ හැගීමක්ද කියලා..ඒත් මට මීටකලින් මෙහෙම…දැනිල නෑ..ඔයා හෙට මෙහෙන් යයි..මං දන්නෑ…ඇයි මම ඒකට මෙහෙම දුක්වෙන්නෙ කියලා..ඒත් මට දුකයි..ගොඩක්..මං හිතන්නෙ..මං හිතන්නෙ මං…ඔයාට…ආදරේ කරනවා ඇති ශරුද්..ඒත් ඔයාගෙ හිතේ එහෙම දෙයක් නැතුව ඇති..සමහරවිට…ඒ කොහොමවුනත් මට ඔයාව සනීප කරගන්න ඕනවුනේ ඔයා ශරුද් බව නොදැන..දන්නෑ මට ඔයාව පුරුදුයි වගේ දැනෙන්නෙ ඇයි කියලා..මගේ බොලදකම වෙන්න ඇති..ඒත් මට ඕනෙ හැමදාම ඔයාව මගේ ලග තියාගෙන ඉස්සර වගේම ඔයාව බලාගන්න…මට එහෙම කරන්න පිනක් නැතුව ඇති..කමක් නෑ ශරුද්..හෙට ඉදලා ඔයා ඔයාගෙ ජීවිතේ මුල ඉදන් පටන්ගන්න..සතුටින් ඉන්න..හැමදාම..”

කදුලු බේරි බේරි මම තනියම කියෙව්වෙ නිදියගෙන ඉන්න ශරුද්ගෙ දිහා බලාගෙන..

” මටත් පිස්සු ශරුද්..මමත් මේ තනියම කියවනවා..මට ආසයි ආයෙත් ඔයාගෙන් පාරක් කාලා මෙහේ ඔයත් එක්ක නවතින්න..ඇත්තමයි..මට පිස්සු නේද…මට හිනයි ශරුද්..ඔයා ඔහොම හිටියට මගේ ඔලුවට හොද පාරක් දුන්නා නේද..නරකයි..ගොඩක් නරකයි..මගෙ හිතත් හොරාට අරගෙන..ඔයා නරකයි ශරුද්…”

මම අතින් කටවහගෙන ඉකිගහගහ කාමරෙන් එලියට දිව්වෙ එලියෙ ඉන්න අය ගැනවත් නොබලා.අඩ අඩම ක්වාටස් එකට දුවල ගියපු මම දොර වහගෙන ඇදට වැටුනා…
******************************************
” එහෙනම් මිස්ටර් නීල්..මෙයාව හොදට බලාගන්න..ශරුද්…පරිස්සමින් ඉන්න ඕන..හොදද..බෙහෙත් වෙලාවට බොන්න..”

” තැන්ක් යූ වෙරි මච් මැඩම්..එහෙනම් අපි ගිහින් එන්නම්..”

” වීනු..ඔයාගෙ පේශන්ට් යන්නයි හදන්නෙ..ආ යූ ඕකේ..? ”

ශරුද්ගෙ රූම් එකේ මුල්ලක ගල්වෙලා ඉදපු මම උඩගියේ මැඩම්ගෙ කටහඩට..

” හ්..හරි..ගිහින් එන්න..න්..නෑ..පරිස්සමින් යන්න..”

අමාරුවෙන් ගොතගහපු මම එහෙම කියද්දි ශරුද් මගේ ඉස්සරහට ආවා.මම ඒ තදනිල් ඇස් මගඅරිද්දි එයාගෙ කටහඩ මට ඇහුනා.

” ඩොක්ටර් වීනු..හැමදේටම තෑන්ක්ස්..මාව බලාගත්තට..හැමදේටම..මේ ටික..මම තියාගත්තෙ ඔයාට දෙන්න..ආ..”

එයා එහෙම කියලා කෝට් එකේ ඇතුලෙ සාක්කුවකින් ගත්තු කොළ ගොඩක් මගේ අතේ තියද්දි මම අමාරුවෙන් හිනාවුනා.

” මම යනවා..මැඩම්…අපි යනවා..තෑන්ක්ස් ෆො එව්රිතින්ග්…”

” ඕල්මෝස්ට් වෙල්කම් ඩියර්..”

මැඩම් එක්ක එයාලා කාමරෙන් එලියට යද්දි මම මේ වෙනකන් අමාරුවෙන් හංගගෙන ඉදපු කදුලු ටික එලියට දැම්මා.ශරුද් මගේ අතේ තියලා ගිහිපු කොළ ටික මම දිගඇරියා.ඒ හැම එකකම තිබුනෙ මගේ චිත්‍ර.මම ඒ දිහා බලාගෙන අඩ අඩම ශරුද්ගෙ ඇදෙන් වාඩිවෙලා එයාගෙ කොට්ටෙ මූන හංගගත්තා.ශරුද්ගෙ සුවද මගේ මූනම ස්පර්ශ කරද්දි මම එතනින් නැගිටලා දුවගෙන ගියේ ශරුද් ඉස්සෙල්ලම ඉදපු කාමරේට..

වෙව්ලන අතින් මම ඒ කාමරේ දොර ඇරලා හෙමින් ඇතුලට ඇවිදගෙන ගියා.ශරුද් කලින් හිටපු යකඩ ග්‍රිල් එක ගහපු ජනේලෙ ග්‍රිල් එක අල්ලගෙන මම හොදටම ඇඩුවා.මුලු කාමරේ පුරාම ඇස් යවපු මට මතක්වුනේ ශරුද් කලින් ඉදපු විදිහ.බොදවුනු ඇස්වලින් මම ගිහින් ඒ ඇදේ වාඩිවෙලා ඇස් පියාගත්තා.

” වෛර කරනවා..වෛර කරනවා…”

ශරුද් කලින් මුමුනපු දේ මගේ කන්වලට ඇහෙද්දි මම අත්වලින් කන් දෙක වහගත්තා.

” ඇයි මේ..මට මොනාද මේ වෙන්නෙ..දැන් ඇඩුවට වැඩක් නෑ වීනු..එයා ගියා..ඔයා පරක්කුයි…යන්න කලින් ඔයාගෙ හිතේ තියෙන දේ එයාට කියන්න බැරිවුනා ඔයාට..දැන් ඇඩුවට වැඩක් නෑ…”

මම ආයෙත් ජනේලෙ ලගට ගිහින් ඈත පේන අහස දිහා බලන් හිටියා..

” වෛර කරනවා…වෛර…කරනවා…”

ආයෙත් මට ශරුද් කලින් මුමුනපු දේ ඇහෙද්දි මම අත්වලින් කන් වහගත්තා.

” මටත් පිස්සු හැදීගෙන එනවද කොහෙද..ශරූද්..බලන්න..ඔයා ගියේ මාව පිස්සු වට්ටවලා..මෝඩයා..හොදක් වෙන්න එපා..මාත් වෛර කරනවා ඔයාට…”

මම අඩ අඩම කෑගහලා ජනේලෙට ඔලුව තියාගත්තා.

” වෛර කරනවා..වෛර කරනවා…ඒත් ඇයි මට වෛර කරන්නෙ වීනු…? ”

මට ශරුද්ගෙ කටහඩ ඇහෙද්දි මම ඔලුව උස්සලා කදුලු පිහදගත්තා.

” ශරුද්…! ”

මම දොර පැත්තට හැරෙද්දි මම දැක්කෙ හිනාවෙවී මං දිහා බලාගෙන ඉන්න ශරුද්ව..එයා අත්දෙක දෙපැත්තට විහිදගෙන හිටියෙ මට ඒ පපුවට එන්න කියන්න වගේ.මම දුවගෙන ගිහින් ඒ අත්වලට මැදිවෙලා ඒ පපුවට අඩ අඩම හයියෙන් ගහගෙන ගහගෙන ගියා.

” මෝඩයා..ඇයි මාව… දාලා ගියේ..ඇයි මගේ හැගීම් ඔ…යාට නොතේ..රුනේ..”

මම සෑහෙන තරම් වෙලාවක් එයාව බදාගෙන අඩන්න ඇති.ඒත් අන්තිමට එයා මාව ඒ පපුවෙන් ඈත්කලේ මගේ මූන අත් දෙකෙන්ම අල්ලගෙන..

” ඔයාව තේරුනු නිසයි ආයෙ ආවෙ වීනු..ඔයාට කලිනුයි මම ඔයාට ආදරේ කලේ..එදා ඔයා නිවාඩු ගත්ත දවසෙ හවස මගෙ ලගට ඇවිත් කියපු දේවල් මම අහගෙන හිටියෙ.මම ඒ වෙලාවෙ නිදියගෙන නෙවෙයි හිටියෙ.මම දැනගත්තා ඔයාට නිවාඩු වුනත් ඔයා මාව බලන්න එනවා කියලා..ආයෙ යන්නෙ නෑ ඔයාව දාලා..ඔයාට දෙයක් පෙන්නන්න තියෙනවා..”

එයා එහෙම කියලා එයාගෙ සාක්කුවෙන් ෆෝන් එකක් අරගෙන ඒක මගේ පැත්තට හැරෙව්වා.ඒකෙ තිබුනු ෆොටෝ එකේ හිටියෙ මගේ රූපයට ගොඩක් සමානම රූපයක් තිබුනු ගෑනු කෙනෙක්.මගේ වගේම එයාගෙත් නිකටෙ තිබුනෙ උපන් ලපයක්..

” මගෙ නැතිවුන අම්මා..එයත් ඩොක්ටර් කෙනෙක්..ඔයාමයි වීනු..”

” එහෙනම් ඒ නිසාද මට ඔයත් එක්ක ඉන්න දුන්නෙ..? මට කරදර නොකලෙ..? ”

මම කදුලු පිහදගෙන අහද්දි එයා එයාගෙ උරහිස් හැකිලුවෙ දන්නෑ කියන්න වගේ.

” දන්නෑ වීනු..මට ඒ දවස් එච්චරම මතක නෑ..ඒත් වෙන්න ඇති..මට හිතුනෙ මගෙ අම්මා ආයෙත් මගේ ලගට ඇවිත් කියලා..ඒ නැතත් ඔයා මාව මම අසරණ වෙලා ඉන්නකොට අම්මෙක් වගේ බලාගත්තා.ඒ පිනම ඔයාට ඇති..කොටින්ම මම සනීපවුනේ ඔයා නිසා.කෙල්ලෙක් නිසා පිස්සු හැදුනු මම ඔයා නිසා..නෑ..මගෙ අනිත් අම්මා නිසා සනීප වුනා..තුරුලි කියන්නෙ මගෙ වැලලුනු අතීතයක්.අවේනා කියන්නෙ මගෙ වර්තමානය වගේම අනාගතය..එහෙනම්..වීනු…”

එයා එහෙම කියලා මගේ ඉස්සරහින් දනගහගෙන සාක්කුවකින් ගත්තු පොඩි වීදුරු බොක්ස් එකක් ඇරියා.ඒකෙ ඇතුලෙ තිබුනෙ දියමන්ති වගේ ගලක් තිබුනු ලස්සන මුද්දක්..

” වීනු…ශරුද් විජේමාන්නගේ වයිෆ් වෙන්න කැමතිද..? මාව බදිනවද මැණික…? ”

ආයෙත් අලුත්වුනු කදුලු එක්ක මම ඔලුව හොලවද්දි එයා ඒ මුද්ද අරගෙන මගේ ඇගිල්ලකට දාලා පරිස්සමින් මගේ නලලෙ එයාගෙ තොල් තදකලා..

නොහිතපු මොහොතක , #උමතු හෝරාවක , #උමතු විදිහට පටන්ගත්තු මගේ ආදරේ හිමිකාරයා වුනු ශරුද්ගෙ තුරුලට වෙලා මම යකඩ ග්‍රිල් එකෙන් පේන ඈත අහස දිහා බලාගෙන ඇස් පියාගත්තෙ ශරුද්ගෙ සුවද හීනෙන් වගේ විදින ගමන්…

******************************************

වසර දෙකකට පසු ….

*විජේමාන්න පවුලට උරුමකරුවන් තිදෙනෙක්…*

*කෝටිපති ව්‍යාපාරික ශරුද් විජේමාන්න සහ වෛද්‍ය අවේනා විජේමාන්න යුවලට ඊයේ (11) තුන් නිවුන් දරුවන් උපත ලබා තිබේ.පෞද්ගලික රෝහලකදී මෙම උපත සිදුවූ බවත් මෙම සිදුවීම ඔවුන් දෙදෙනාගේ දෙවැනි විවාහ සංවත්සර දිනම සිදු වීම සුවිශේෂත්වයකි.පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැනු දරුවෙකු නිවුන් දරුවන් අතර වන බව සහ බිලිදුන් හා ඔවුන්ගේ මව යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බව විශේෂඥ වෛද්‍යවරුන් පවසයි.විජේමාන්න පවුලේ අතිවිශාල ධනස්කන්ධයට උරුමකම් කියන මොවුන් ඉතා වාසනාවන්ත යැයි අමුතුවෙන් කිව යුතු නැත.කෙසේවෙතත් මෙම දරුවන්ගේ ඡායාරූප මෙතෙක් මාධ්‍යයට නිකුත්කර නැත….*

*සමාප්තයි*

???????????????

*ප.ලි.:-* මානසික රෝගීන් කියල කියන්නෙ අපි වගේම තවත් මිනිස්සු කොට්ටාශයකට.මානසිකත්වය විතරයි එයාලගෙ වෙනස්.එයාලව සමාජයෙන් කොන් කරන්න එපා කවමදාවකවත්.එයාලටත් අපිට වගේම ආදරය ඕන..

තව දෙයක්..ආදරයක් ඇතිවෙන්න තරාතිරම් බලපාන්නෙ නෑ.මේ කතාවෙ ඩොක්ටර් වීනු නිකන්ම පිස්සෙක්ට ආදරේ කලා කියලා හිතන්න එපා.ඩොක්ටර් කෙනෙක්ට මේසන් බාස් කෙනෙක්ට වුනත් ආදරේ කරන්න පුලුවන්.තරාතිරම හැදෙන්නෙ මිනිස්සුන්ගෙ සිතුවිලි නිසා.එයා පොඩි කෙනෙක් මම වැදගත් ජොබ් එකක් කරන කෙනෙක් කියලා හිතන්නෙ ඒ සිතුවිලි.ඇත්තම ඇත්ත ආදරේකට ඇත්තම කිව්වොත් කිසිම දෙයක් බලපාන්නෙ නෑ.මම දන්නම විදුහල්පතියකගෙ සැමියා වෙන්නෙ ඒ විදුහලේම වැඩ කරන පියන් කෙනෙක්.හිතන්න..

ඒ වගේම හොද යාලුකමකටත් තරාතිරම් අදාල නෑ.ඒත් ඉගෙනගන්න කාලෙ කෙසේවෙතත් ජොබ් එකක් කරනකොට බොහෝදුරට යාලුකම් ඇතිවෙන්නෙ එකම තරාතිරමක අය එක්ක විතරයි.හිතන්න..වෙනස් කරගන්න ඕනෙ අපි හිතන විදිහ විතරයි..

මට මේ කතාවෙන් කියන්න ඕන වුනේ කිසිම කෙනෙක් *බොරුවට ආදරේ කරන්න එපා , ආදරේට බොරු කරන්නත් එපා* කියන දේ.කෙනෙක්ගෙ හැගීම් එක්ක කවදාවත් සෙල්ලම් කරන්න එපා..ඒක ලොකු පවක්…

හැමදාම ජීවත්වෙන අය නෙවෙයි අපි..පුහු ආඩම්බරකම් , මානය මොනාටද..අපි මැරෙද්දි ඒවා අරන් යනවද..වෙනස් වෙන්න..හොද දේ විතරක් කරන්න..ඒ වගේම ආගමානුකූලව ජීවත්වෙන්න..අන්න එතකොට වරදින්නෙ නෑ..දවසක් වැරදුනත් ඊලඟ දවස් ඔක්කොම හරියයි…සතුටින් ඉන්න…බුදු සරණයි…

☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸

20 thoughts on “උමතු | කෙටි කතා |‎04 කොටස| කතා අහුර රචක තරගය 2020”

    1. Congratulations පැංචී… හැබැයි තරහයි… මතකද ඔයා අපේ සෙකට්‍රි පැංචී.. ඇයි මේම…. එකම වචනයක්වත් නැතුව…..

        1. Ane mage patiyo… oyaa ohoma inna epa.. Dannawada oya app ekata apu dawase idan mage nangiyata man hari adarei. Oya magema nangiyek wage. Man dan na ai oya mehema kiyala. Eth dukin. Ehemane? Nangiyo jeewithedi hithaganna bari hethuwak nathi dewal wagema dukath madi nokiyanna labenawa. E than waladi oya watila hariyan nane manika. Mona de unath oya shakthimath wennai oni. Oya thama punchi. Jeewithe patan gaththeth na ithin danma mehema wela komada kella…? Monade kohoma unath mage nangiyo oya oyama wenna. Prashna lagadi hangenna epa wisheshayenma hethuwak nathi prashna lagadi. Mage nangiya harima hoda lassana hitha hoda dagakara kellakne.. oyata me sad mood galapen na komatawath. Kalin wage waliyak dagena sathutinma inna manika.. sathutedi nathath dukedi akkiyek widihata oya laga innam panchiyoo….

  1. උක්කූං පුතා(SuMi )

    කතාව නං ඇත්තටම ආදර්ශමත් ඒ වගේම පසු වදන සුපිරිම සුපිරි.. තවත් කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️

  2. කතාව ලස්සනයි කියනවට වඩා ගොඩක් වටින කතාවක් කියලා කියන එක ගැලපේවි…. ආදරේ කරන හැමෝටම ගොඩක් වටින කතාවක්.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි…!!!

  3. ..Sandashen..

    ඔයා පසු වදනින් කියලා තියෙන දේ නම් සහතික ඇත්ත …. ආදරේදී ඔය කිසිම දෙයක් බලපාන්නේ නැහැ …..????????? තවත් මෙ වගේ ලස්සන කතවක් අරන් ඉක්මනට එන්න …. චොකෝ මැණික.බුදු සරනයි.???????????

  4. ,කතාව නම් හරිම ලස්සනයි මං කියවපු ලස්සනම ලස්සන කතාවක් ❤️❤️❤️

  5. කතාව හරීම ලස්සනයි චොකෝ ????????…පසුවදනත් ගොඩක් ආදර්ශමත් ?????….තවත් ලස්සනම ලස්සන කතාවක් අරං එන්න …????????????????????????????????????

  6. නයෝ මධූ

    කතාව මාර ලස්සනයි නංගියෝ. හරිම වෙනස් මාතෘකාවක් එක්ක ලියවුනු හරිම ලස්සන කතාවක්. මොනවා කියන්නද කියලා මටනම් හිතාගන්න බෑ. තවත් මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  7. අනේ මම දැනුයි කතාව කියෙව්වේ.මම කියපු දෙයක් හරි ගියාමයි අප්පා .ඒකනේ මම මුල ඉදන්ම කිව්වේ මේ ඉන්නේ ශරුද් විජේමාන්න කිය්ලා.කතාව පට්ට ලස්සනයි .
    හදවතටම දැනෙන්න ලියලා ඔයා.
    අනේ ඉතින් මෙහෙම ඩොක්ටලා ඉන්නවනම් හැමදාම ලෙඩ වෙන්න හිතෙනෝනේ.????

  8. කතාව ගොඩක් ලස්සනයි . වෙනස් කතාවක් වගේම මේකතාව ගොඩක් වටින කතාවක්. අද තමයි එක ද්ගටම කියෙව්වේ. ඇත්තටම ගොඩාරියක් ලස්සනයි.ලස්සන අවසානයක් .

    ඇත්තටම කෙනෙක් මානසිකව වැටෙන්න තවත් කෙනෙක් හරි ගොඩදෙනෙක් හරි බලපානවා.ඔයා ගොඩක් දක්ෂයි. මේ හැකියාවන් තව තවත් දියුණු කරගන්න හදවතින්ම සුභ පතනවා.

  9. nayomi nadeera

    ගොඩක් ලස්සනයි choco fairy … මං අශාවෙන් කියෙව්වා කොටස් ඔක්කොම .. ආයේ කතාවක් ලියන්න ❤️❤️

  10. ගොඩක් ලස්සනයි ??? ආසාවෙන් කියෙව්වා…තවත් මේ වගේ ලස්සන කතා ලියන්න all the best ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.