Katha Ahura

සූරියකන්දේ අභිරහස (04. කොටස)

5/5 - (1 vote)

සූරියකන්දේ අභිරහස ?️
(04. කොටස)

දෙදිනක් ගෙවී ගියේය.රත්නෙගේ මරණයත් සමඟ වතුයායේ ඇතැම් ජනයා භීතයට පත්ව සිටියාය. ඇතැමුන් සවස් කාලයෙන් පසු තම ගමන් බිමන්ද නතර කලේය. එය තුන්වන දින රාත්‍රීයයි . එදින අන්ධකාරයෙන් හා මීදුමෙන් පරිසරය වෙලා තිබුනි. පරිසරයේ එතෙක් පැවති නිහඬතාවය බිඳිමින් එකවරම නැඟී ආවේ වෙනදා ඇසෙන මූසල ශබ්දයයි. එය කඳුවල වදිමින් දෝංකාර දෙන හඬ මිනිසුන්ගේ භීතිය දෙගුණ තෙගුණ කලේය.

මාලනී තම සැමියා එනතුරු මඟ බලා සිටියේ නොඉවසිල්ලෙන්ය. වෙනදාට රාත්‍රී අටට පමණ රාජකාරි අවසන් වී පැමිණෙන ෆෙඩ්රික්ගේ ප්‍රමාදය මාලනීගේ සිතට රැගෙන ආවේ බියකරු සිතුවිල්ලකි. ඇයගේ සිත තවත් භීතයට පත් කලේ මොහොතකට පෙර ඇසුනු ඒ මූසල ශබ්දයයි. වේලාව රාත්‍රී දහයේ කණිසමට ළඟා විය. මෙතෙක් නිදිවර්ජිතව සිටි මාලනීට ඇසුනේ ⁣යමෙකු ඉදිරිපස දොරට තට්ටු කරන හඬකි.

” ක….කවුද..?”
ඇය දොර අගුළු විවර කිරීමට පෙර ඇසුවේය.
” දොර අරින්න මම ෆෙඩ්රික් ”
ඒ ඇසුනු පමණින් ඇය දොර විවර කලද සිදු වූයේ සිහිනෙන්වත් නොසිතූ දෙයකි. එකවරම නිවසට කඩා වැදුනේ මුහුණු ආවරණය කර ගත් පුද්ගලයින් සිව් දෙනෙකි . ඔවුන්ගෙන් එක් අයෙකු මාලනීට පැන යාමට නොදී ඇයව තදින් අල්ලා ගත්තාය.

” කවුද උඹලා. අපි අහිංසක මිනිස්සු , අපිට පාඩුවේ ඉන්න දීපල්ලා”
ඇය කෑ ගසත්ම එක් අයෙකු ඇයගේ මුව මිරිකා තදින් අල්ලා ගත්තේය.
” කට වහගෙන හිටපන් බැල්ලි . නැත්නම් තොට මෙතනම වෙඩි තියනවා. ඒ ගෙනෙං අරූව”
මාලනීගෙ මුව මිරිකා සිටි පුද්ගලයා තවකෙකු ආමන්ත්‍රණය කල අතර ඔහු තවත් අයෙකු සමඟ නිවසින් පිටට ගොස් . නැවත පැමිණියේ මාලනීගේ සිත් කම්පා කරන දර්ශනයක් සහිතවයි.
අතපය බැඳ දමා මුව රෙදිකඩකින් ගැටගසා සිටියේ තම සැමියා වන ෆෙඩ්රික්වයි.
” දැන් සද්දෙ නැතුව හිටපන් එහෙම නැතිවුනොත් මූව මෙතනම මරනවා.”
ඔවුන් ⁣ෆෙඩ්රික්ව බිත්තියකට හේත්තු කල අතර ඔහු පියවි සිහියෙන් සිටි අතර හැකි තරම් උත්සහ කලද ඔහුට ඒ බැමිවලින් මිදීමට නොහැකි විය. පසුව ඔවුන් සුව නින්දේ පසු වූ කාමරයේ සිටි ඔවුන්ගේ දරුවාගේ මුවද රෙදිකඩකින් ගැටගසා කාමරයට දමා අගුළු දැමීය.
” උඹ එහෙනම් පොලිසීයට සපෝට් එක දෙන්න හිතාගෙන හිටියෙ නේද. දැන් බලාගනින් උඹට අපි දෙන සපෝට් එක”
ඔවුන්ගේ ප්‍රධානියා ෆෙඩ්රික්ගේ කනට වේගවත්ව පහරක් එල්ල කරමින් මාලනී අසලට ගොස් ඇයව නිරුවත් කලේ ඇය පැළඳ සිටි ඇඳුම් ඉරා දමමිනි. ඇය බේරි යාමට උත්සහ කලද එය පලක් නොවීය. අවසානයේ ඇයට සිදු වූයේ සමූහ දූෂණයකට ලක් වීමටයි. හෝරා දෙකකටත් වඩා ඔවුන් ඇයව වරින් වර අතවරයට ලක් කලේය. කිසි දෙයක් කර කියාගැනීමට නොහැකි වූ ෆෙඩ්රික් අසරණ වී බලා සිටියේය.
” දැන් පටන්ගනිල්ලා බිලි පූජාව”
හැකි උපරිම අයුරින් සතුටු වූ ඔවුන් ෆෙඩ්රික් , මාලනී හා ඔවුන්ගේ දරුවාව නිවසේ එකතැනකට කර ගැටගසා දැමීය. පසුව නිවස පුරාම ඩීසල් වත් කරමින් මුළුතැන්ගෙය තිබූ ගෑස් ටැංකිය නිවසින් ඉවතට ගෙන ඔවුන් පැමිණි වෑන් රථයට දා ගත්තේය.
එක් ගිනි දැල්ලකින් මුළු නිවසම දැවී යත්දී. තවත් ජීවිත තුනක් වතුයායෙන් සමු ගත්තේය.
?????????????⚡

යාන්තමට දැල්වෙමින් තිබුනු ගිනි පුපුරු ඒ වන විට මුළු නිවසම අළු බවට පත් කරමින් තිබුනි. අළුයම නිවස අසලින් ගමන් කල මිනිසුන් කිහිප දෙනෙක් ඒ පිළිබඳව විලී මහතාව දැනුවත් කල අතර ඔහු එම ස්ථානයට පැමිණියේ පොලිසියත් සමඟයි.මෙවර ⁣පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් පැමිණි අතර ඔවුන් අවට සියල්ල පිරික්සා බැලුවද කිසිදු සාක්ෂියක් නොවීය.

” මිස්ටර් විලී මොකද හිතන්නෙ මේ මර්ඩර් එක ගැන?”
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරියෙකු ඔහු සමීපයට ගොස් ඇසීය.
” අයි කාන්ට් ඉමෑජින්, මේක හරිම අපරාධයක් ඔෆිසර් . ෆෙඩ්රික් කියන්නෙ මේ වත්තෙ හිටිය හොඳම කන්ඩක්ටර් කෙනෙක්. කිසිම වගකීමක් පැහැර හරින්නෙ නැතුව අකුරටම වැඩ කරපු මනුස්සයා. මේ තිරිසන්නු මොන හිතකින් මෙහෙම කරාද මන්ද?”
විලී මහතා තරමක ආවේගයෙන් පැවසුවේය.
” මිස්ටර් විලී , දවස් දෙකකට කලින් එස්ටේට් එකේ රත්නෙ කියන මනුස්සයෙක් මරලා තිබුනා. ඒ මනුස්සයගෙ බොඩි එක මුලින්ම දැක්කෙ මේ ෆෙඩ්රික් නේද?”
” ඔව් ඔෆිසර් , ඒ ගැන රක්වාන පොලීස් ස්ටේෂන් එකට කටඋත්තරයක් දීලා තියෙන්නෙ”
” ඕ.කේ… අපිට මේ දැන්ම එස්ටේට් එකේ ඊයේ රෑ මුරට හිටපු හැමෝගෙන්ම ප්‍රශ්න කරන්න ඕන.මිස්ටර් විලීට පුළුවන් නේද අපිට ඒ අයව මුණගස්වන්න?”
” ඕ.කේ සර් අයි විල් ඩූ ඉට්”

එදින සවස් යාමයේ පොතක් කියවමින් සිටි විලී මහතාට ඇසුනේ තරමක ඝෝෂාකාරී හඬකි. සුළු වේලාවකින් පසු එයතම බංගලාව අසලින්ම ඇසෙන්නට වූ බැවින් ඔහු දොර අසලට විත් බැලූ අතර තම බිරිඳ , දියණිය හා බාල සහෝදරයාද පැමිණියේය.

” ඒ දොරේ ඇංගිලා ඉන්න මිනි මරුවා එළියට ආවොත් ඔදයි”
ඒ වතුයායේ දමිළ ජනයාගේ ප්‍රධානියා යැයි කියා සිටි තලෙයිවාය. උපන් දා පටන් වතුයායේ හැදී වැඩුනු තලෙයිවාගේ බසට කවුරුත් අවනත විය.
” කාටද අප්පච්චි ඒ මනුස්සයා මිනීමරුවා කියන්නෙ?”
ඉදිරිපස වීදුරු දොරෙන් ඒ දෙස බලා සිටි විලී මහතාගේ දියණිය පූජා ඇසුවේය. ඔහු එයට නිරුත්තර වූවත් විලීගේ සොහොයුරා වූ ඩන්කන් කුපිතයට පත් විය.
” හිටපිය මං ඕකුන්ට හොඳ වැඩක් කරන්න”
ඩන්කන් දොර විවර කරමින් ඔවුන් සමීපයට ගිය අතර විලී ද ඔහු පසුපසින් වැටුනි. තලෙයිවා සමීපයටම ගොස් නතර වූ ඩන්කන් ඔහුගේ කොලරයෙන් අල්ලා ගත්තේය.
” කාටද පර බල්ලො උඹ මිනී මරුවා කිව්වෙ?”
” මේ අයිෂෙ තමුසෙ ඉතන් ඉන්නෙ අපි තමුසෙට බය වෙලා කියලද. තමුෂෙලා ඉතන්න එපා මේ වෙන දේවල් අපි දන්නෙ නේ කියලා”
තලෙයිවා තම කොලරයෙන් අල්ලා සි⁣ටි ඩන්කන්ගේ අත ගසා දමමින් පැවසුවේය.
” උඹලා ගාල පිටින් ආවේ ⁣අපිට මොනවා කරන්නද?”
” ඩන්කන් මේක කෑ ගහලා විසඳන්න පුළුවන් දෙයන් නෙවෙයි.තලෙයිවා මං කියන දේ අහනවකො”
ඩන්කන්ව මඳක් නවතමින් විලී ඔවුන්ව හසුරවන්නට සැරසුනේය.
” මේ දොරේ අපිට ඕහෙලගෙ මුකුත් අහන්න ඕන නෑ. මතක තියා ගන්නවා අපි ⁣අදම ඉස්ට්‍රයිස් කරනවා..මේ දෙන්ම”
තලෙයිවා තමා දෙස කෝපයෙන් බලා සිටින ඩන්කන් දෙසට ඇඟිල්ලක් දිගු කර පවසා යන්නට ගියේ තම කණ්ඩායමද සමඟයි. නමුත් තලෙයිවාගේ අවසන් කතාවෙන් විලී මහතා තරමක් කලබලයට පත් විය.
⚡ ⚡ ⚡ ⚡

එදින රාත්‍රීයේ හුදෙකලා නිවසට පැමිණි නාදුනන පුද්ගලයා තම කණ්ඩායම ආමන්ත්‍රණය කලේය.
” උඹලා ඒ වැඩෙත් නියමෙටම කරා . ගුඩ්. අපිට හෙට අනිද්දම බලාගන්න පුළුවන් මිස්ටර් විලී ආරියවංශ මහ උළුගෙදර යන හැ⁣ටි”
බොස් යැයි හඳුනන පුද්ගලයා විශාල සිනහවකින් ඒ වදන් පෙල අවසන් කලේය.
” බොස්, අපේ ටාගට් එකට ඉක්මනට යන්න පුළුවන් ඒ කියන්නෙ?”
” නෑ . අපිට තව කරන්න වැඩ ගොඩක් තියෙනවා. මං කිව්වනෙ මේ පටන්ගැන්මක් විතරයි”
” මොකක්ද බොස් අපේ ඊළඟ ප්ලෑන් එක”
කණ්ඩායමේ ප්‍රධානියා ඔහුගෙන් ප්‍රශ්න කලේය.
” අපේ ඊළඟ ප්ලෑන් එක නේද?” ඔහු මුවඟට සිනහවක් නංවා ගත්තේය. ” අපේ ඊළඟ ප්ලෑන් එක තමයි රත්නෙගේ හොර ගෑනි”
” අර රමණි කියන ගිණි කිකිළි වගේ ඉන්න ගෑනි නේද. බොස්ට කියන්න දැක්කෙ එක පාරයි. පිස්සු හැදෙනවා”
” හොඳට මතක තියා ගනින් . උඹලා රහත් වෙච්ච එවුන් නෙවෙයිනෙ. උඹලට ඕන තරම් සැප ගනින් . හැබැයි වැඩේ ගැස්සෙන්න බෑ. පාන්දර වෙන්න කලින් ගෑනිවයි, කෙල්ලවයි . ඉවරයක් කරලා දොළට ගිහින් දාපන්”
බොස් තම සහචරයන්ට සියල්ල පැහැදිලි කලේය.
” දැන් කවදද බොස් අපි වැඩේට බහින්න ඕන . අද හෙටම”
” නෑ.දැන්ම නෙවෙයි.උඹලා තව සතියකින් විතර වැඩේට බහින්න ඕන . දැන් මේ රස්නෙ යනකන් උඹලා ෂේප් එකේ ඩිස්මිස් වෙයන්. මෙන්න ඊයේ වැඩේ ගාන,පොරොන්දු වුන විදිහට මෙතන සල්ලි තියෙනවා”
ඔහු බ්‍රීෆ් කේසයක් මේසය මත තැබුවේය.
***************………………………………………………..**********************

?️ නිම්නාද ලියනගේ නිර්මාණ වෑයමක් ?️ ???????????????

16 thoughts on “සූරියකන්දේ අභිරහස (04. කොටස)”

  1. අනෙ අම්ම්මෝ……. කතාව කියවද්දි හිරිගඩුත් පිපෙනවා… සුභ පතනවා මල්ලියෝ ඔයාටත් ඔයාගෙ යාලුවටත්… කරන කියන හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න දෙන්නම.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි..!!! ආහ්…… මල්ලියේ…….. නිම්නාද…….. හරිම ලස්සන නමක්………

  2. සෙසඳි

    රශ්…. ඔයා මෙච්චර දරුණු උනේ ඇයි අප්ප… නිම්නාද මාරයිනේ… හොඳට පලපුරුද්ද තියෙනවා වගේ මේ වගේ මගෝඩි වැඩ කරලා… කතාව නම් එළකිරි සුපිරි කිරි අනේ…. ටොපේ ටොප්… සුම්මා… ??????????

  3. අම්මෝ රශ් මල්ලි ගොඩක් දරුනු වෙලානේ අනේ .???
    කතාව නම් සුපිරි හොදේ .හිතාගන්න බෑ ඉදිරිය හැන නම්.ඒක ඉතින් දන්නේ රශ් , නිම්නාද දෙන්නම තමා ඉතින් .දෙන්නටම සුබ පතනවා .???

  4. Chamodya Madusanki

    ??? පව් අර මාලනී ඒ පවුලේ අයයි..
    බයත් හිතේනෝ කියවන්කොට..
    කතාවනම් සුපිරී, මල් හතයි…????

    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.