Katha Ahura

එකමත් එක දවසක | හත්වැනි දිගහැරුම | නවකතාව | කතා අහුර

4.7/5 - (3 votes)

හත්වැනි දිගහැරුම

සමීර් නීශාවත් රැගෙන ගියේ වෙරළ අද්දරට වෙන්න අතෑරලා දාපු දේවාලයකට.ගරා වැටුනු කාලි මෑනියන්ගෙ දේවාලයක් ඒක.අමුතු ලස්සනක් තියෙන ඒ දේවාලෙ හාස්කම් ඇති තැනක් බව සමීර් දන්නවා.මුහුදෙ රල බිදෙන සද්දය විතරයි ඇහෙන්නෙ.දේවාල බූමියට ඇතුල් වෙද්දිම වගේ ගණදෙව් කෝවිලේ සිදු වූවා සේ වහලේ එල්ලා තිබූ සීනු සුලගට පැද්දී පැද්දී මහ හඩින් ශබ්ද වෙන්න ගත්තා.ලොකු හුලගක් විත් දේවාලෙ බිම පුරා තිබුන කොල රොඩු ඒ මේ අත විසිරවමින් දේවාල බිම පිරිසිදු කලේ හරියට මේ දෙන්නට එන්න පාර සකසනවා වගේ.කාලි මෑණියන්ගේ පිලිමෙ ඉස්සරහට ඇවිත් දෙන්නම පලමුව වන්දනාමාන කලා.දෙන්නගෙම දෑස් විශ්මයෙන් ලොකු උනේ පිලිමෙ ඉස්සරහ කොන්ක්‍රීට් මේසෙ උඩ තිබ්බ සින්දූර් කුප්පිය දැකලා.ඊටත් වඩා පුදුම උනේ පිලිමෙ ඉදිරියේ තිබ්බ දර කෝටු එකතු කරලා තිබ්බ ගිනිඋදුන දැකලා.

“කවුරුහරි මෙතන කසාදයකට හදලා වගේ…ඒත් කවුරුවත් පේන්න නෑනෙ…”සමීර් වටපිට බලමින් කිව්වා.

“නෑ සමීර්…මේව තියෙන්නෙ අපි දෙන්නට…මේ හැමදේම දීලා තියෙන්නෙ අපේ කසාදෙට සමීර්….” නීශා කිව්වෙ උපේක්ෂාවෙන් .මේ හැමදෙයක්ම දෙවියන් ඔවුන් උදෙසා ඉටුකල යුතුකම් යැයි සිතා සමීර් තම ගිනිපෙට්ටියෙන් ගිනි දල්වා ගිනිඋදුන දැල් වූවා.
ස්ත්‍රෝත්‍ර කිසිවක් නැත්.මංගල ඇදුම් බෙර වායන් නෑදෑ හිතවතුන් කිසිවක් නැත.මෙතන ඔවුන්ගේ විවාහයේ සාක්ශිකාරයන් වන්නේ දෙවියන්,ගින්දර ,අවට සුලග සහ මුහුදේ ඝෝෂාව පමනයි .

සමීර් සින්දූර් කුඩු ටිකක් ගෙන නීශාගේ නලල මුල අතුල්ලා ඇයව ඔහුගේ පතිනිය ලෙස ස්තීර කලා.සින්දූර් පමණද…මංගල සුත්‍රය නැද්ද..ඔහු වට පිට බලද්දි ඔහුගේ දෑස් ගියේ කාලි මෑනියන්ගෙ ගෙලෙහි තිබූ රනින් කරවූ මංගල සූත්‍රය දෙසටයි.සෙමෙන් එදෙසට පියනැගූ සමීර් කාලි මෑනියන්ට වැන්දා.

“මට සමාවෙන්න මෑනියනි…මගේ බිරිදට සින්දූර් විතරක් මදි…එයාට මංගල සූත්‍රයක් නැහැ….මං ඔබේ මංගල සූත්‍රය ගන්නද?..මට වෙන විකල්පයක් නැහැ මෑනියනි …”සමීර් කාලි මෑනියන් ඉදිරියේ වැද වැටුනා.කොහේදෝ සිට පාවී ආ කහ මලක් සමීර්ගේ දෙපා මුල නැවතුනා.නැවතත් මහ හඩින් සීනු නාද වෙන්න ගත්තෙ මෑනියන්ගෙ අවසරේ ඔහුට හිමි වූවායැයි සංකේතවත් කරමින්.

කාලි මෑනියන්ගෙ මංගල සූත්‍රය සමීර් නීශාට පලන්දා ඈව තමන්ගෙ පතිනිය කරගත්තා.ගිනි මැලයෙන් නගින ගින්දර වටේ වට හතක් යමින් ඔහුත් ඇයත් පොරොන්දු උනේ ආත්ම හතක් පමනක් නොව ලබන හැම ආත්මයකම ඔවුනොවුන් එක් වේවා යැයි ප්‍රාර්ථනා කරමින්. සියලු දේ හමාර වෙද්දි දසතින්ම කලුවර ගලා ආවා.දේවාලෙන් දෙදෙනා නික්මුනේ අඹුසැමියන් විලසින්.සමීර් නීශාගෙ කරට අත දමා ඇයව තෙරපාගෙන වැල්ලේ ඇවිද්දා.

“අපි කොහෙටද යන්නේ….” ඇය ඇසුවෙ සැබැවින්ම ඇය කලුවරට බිය නිසාය.

“මාත් කල්පනා කලේ ඔයාව අරං යන්නෙ කොහෙද කියලා තමා කෙල්ලෙ…ඔයාව තැන් තැන් වල අරගෙන ගිහින් බැහැ.මොකද දැන් ඔයා මගේ wife.මගේ බෝඩිමේ එච්චර ඉඩ නෑ.ඔයාට දෙන්න සැප මං කොහෙන් හොයන්නද කියලා මට හිතාගන්න බෑ නීශා…”ඔහු ඇගේ හිස සිපගනිමින් පැවසුවා.

“මගේ සැප භෞතික දේවල් වලින් දෙන්න හදන්න එපා සමීර්.ඔයා ලග ඉන්නකං මට වෙන සැප ඔන්නෑ.ඔයා තමයි මගේ එකම සැපත…..ඔයා ඉන්නෙ කොහෙද..මං එතන ඉන්නම්…ඔයාගෙයි මගෙයි ආදරය ඇති අපිට එකට ජීවත් වෙන්න…” දැන් දැන් නම් කෙල්ලට ලෝබයි ඔහුව දමා යන්න.දැන් ඇය මරනයට බියයි.ඇයට අවශ්‍ය හැමදාම ඔහු අසලින් රැදෙන්නයි.

සමීර් ඇගේ මුහුනට පාත් වුනේ උනේ මෙතෙක් ඔහු නොලද ඇගේ උනුසුම් දෙතොල් වල පහස ලැබගන්නයි.නමුත් අවට පරිසරය ඊට අවස්ථාව ලබා දුන්නෑ.එක පාරටම මහ වැස්සක් කඩන් පාත් උනේ දෙන්නවම නහවමින්.සමීර් නීශාවත් අල්ලන් වැල්ල දිගේ දිව්වෙ වැස්සෙන් බේරෙන්න පැලක් හෝ හොයාගෙන.අඩ අදුරෙම ඔහු දුටුවෙ අතෑරලා වගේ දාලා තිබ්බ වැල්ලෙ හදලා තිබ්බ පරන ගෙයක්.ලෑලි කෑලි වලින් අටවලා තිබ්බ ඒ පරන ගේ දිහාට නීශාවත් ඇදගෙන දිව්ව සමීර් ගෙයි දොර ඇරගෙන ඊට ඇතුලු උනා .දෙන්නම හොද හැටි තෙමිලා හිටියෙ.නීශා නම් සීතලට ගැහෙනවා.අඩ අදුරෙ සමීර් දැක්කෙ ගෙයි තිබ්බ තරමක කුඩා යහනාවක්.ඔය සීතල තව ටික වෙලාවයි.ඔහු සිතින් සිතමින් හිනා උනා.

දෙන්නට පුලුවන් වේවිද සුන්දර මංගල රාත්‍රියක් ගත කරන්න.නීශාට කුමක් වෙයිද.ඇය සිතන පරිදි ඇය මිය යාවිද.කාලි මෑනියන්ගෙ පිහිටෙන් ඈට හැකි වේවිද මරනය ජය ගන්න.හෙට අවසන් කොටස.

M.A.Rashmi

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.