Katha Ahura

ලේ | 05 කොටස | හොල්මන් කතා

4.5/5 - (22 votes)

05 කොටස

මොහොතකින් අපි ආවේ විශාල නිවසක් ඉස්සරහට. මට විශ්වාස කරන්නත් නොහැකි වුනා. මේ කැලේ මැදේ මේ තරම් විශාල නිවසක්. ඒක නිවසක් නෙමේ. විශාල බංගලාවක්.

” මේක තමා ඉතින් මගේ පුංචි නිවහන…….මගෙ නිවහනට දිලංක ව සාදරයෙන් පිලිගන්නවා…..”

කියපු නිශා මම ඒ නිවසට එක්කගෙන ගියා. මාකස් ලන්තැරුමක් එල්ල ගෙන අපි පිටිපස්සෙන් ආවා….

” ඒත් මේ වගේ විශාල ගෙයක් මේ කැලේ………මට විශ්වාස කරන්නත් බෑ……”

“එහෙමනම් දැන් විශ්වාස කරන්නකෝ….”

“මෙහෙ වෙන කවුද ඉන්නේ……””

“මමයි මාකසුයි විතරයි……”

නිශා කිව්වේ මාව ඒ නිවසේ විශාල සාලයට එක්කගෙන යමින්. මම කොරගහ ගහ වගේ ඇය පස්සේ වැටුනා.

” ඒත් බය නැද්ද……මේ වගේ කැලේ මැද මේ වගේ ගෙදරක තනියම ඉන්න…..”

“මොකටද බය වෙන්නේ ,,මම නම් පොඩ්ඩක්ව්ත් බය නෑ..”

කියපු නිශා මාකස් දිහා බලන්

” මාකස් මේ මහත්තයට මූන අතපය හෝදාගන්න ලිදලගට එක්කගෙන යමන් ,ඊට පස්සේ කාමරේ පෙන්නලා දීපන්…..”

කියලා අපි පිටිපස්සේ හිටපු මාකස්ට අන කෙරුවා.

මාකස් මාව ළිද ලගටඑක්කගෙන ගියා. මූන අතපය හෝදගත්තට පස්සේ මාකස් මාව ඒ විශාල නිවසේ කාමාරේකට එක්කගෙන ගියා.

” මේක තමා කාමරේ ,මම මහත්තයට ඇද ගන්න වෙන ඇදුමකුයි බොන්න මොනව හරියි හදාගෙන එන්නම්……,මෙහේ කර්න්ට් එක නම් නෑ….ඉතින්….”

කියපු මාක්ස් කාමරේ තිබ්බ මේසයක් උඩ ඉටිපන්දමක් පත්තු කෙරුවා….

ලන්තෑරුම් අරගෙන ගිය මාකස් ආපහු ආවේ මට අදින්න සරමකුයි බොන්න කෝපි එකකුයි හදාගෙන……

” මේ සරම ඇදගෙන ,මේ කෝපි එක බොන්න මහත්තයා……..මේ සීතල ගතියට මේ උනු උනු කෝපි එක බිව්වම ඔය ඇගේ තියෙන සීතල ගතියත් ඇරිලා යාවි….”

“ඔතනින් තියලා යන්න මාකස් ,මේ කරන දේවල් වලට ගොඩක් ස්තූතියි………..”

මම ඔහුට ස්තූතී කෙරුවා…..

“ආයේ ඕක මොකක්ද ,මේ ගෙදරට එන ඕනම අමුත්තෙකුට සලකන්නේ ඔහොම තමයි…මගේ නෙමේ නෝනයි මෙහෙම දේවල් කරන්න කියන්නේ…..නැතිනම් නෝනගෙන් විසුමක් වෙන්නේ නෑ…….එහෙනම් මහත්තයා කෝපි එක බීලා නිදා ගන්න…..හෙට උදේ හම්බ වෙමුකෝ…..”

මාකස් යන්න ගියා. මම කාමරේ දොර වහලා ඇදේ ඉදගත්තා…මට අද උන දේවල් හීනයක් වගේ……

** මාකස් ගෙනත් දුන්න සරම ඇදගත්ත මම ඊට පස්සෙ හැදුවේ ඔහු ගෙනත් දුන්න කෝපි එක බීල ඉන්න.

ඉටිපන්දන් එලියෙන් ආලෝක වෙලා තිබුන කාමරේ මේසයක් උඩ තිබ්බ කෝපි කෝප්පය මම ගන්න හැදුවේ ඒ අදහසින්….

ඒත් අදික සීතල නිසාමද මන්ද කෝපී කෝප්පය ගනිද්දී ම මගේ අතින් එක ගිලිහුනා….

“සලා….ම්”

හඩින් කෝපි කෝප්පය බිම වැටෙද්දී එය කැලී කීපයකට බිදී ඒකේ තිබ්බ කෝපි විසිරී ගියා.

“ශික් වුන දේ……..”

මම මටම දොස් පවර ගත්තා ,,සීතලට බොන්න තිබ්බ කෝපි එක.

“දැන් ඒ ගැන හිතල වැඩක් නෑ……”

ඒ දේ අමතක කරපු මම මම ලග තිබ්බ phone එකෙන් වෙලාව බැලුවා……

හරියටම ඒ වෙද්දී වෙලාව රෑ එකොලහයි විස්සයි…..එකදු සිග්නල් කනුවක් phone එකේ තිබ්බේ නෑ……හැමදාම රෑට අම්මාට ,phone එකෙන් ඇමතුමක් දෙන පුරුද්දක් තිබුනත් අද මට ඒ දේ කරගන්නත් බැරි වුනා….

“අම්මා බය වෙලත් ඇති ,මම කතා කරපු නැති හින්දා……හෙටවත් කතා කරනවා…..”

සිතපු මම ඇදේ දිගාවුනා…..අදික අමාරුව නිසාම මට ඉක්මනටම නින්ද යන්න ඇති……ඒත් ඒ නින්ද වැඩිවෙලා තිබ්බේ නෑ…..

මම එකපාරටම ඇහරුනේ කාගේ හරි බිවිසුනු විලාප හඩක් ඇහිලා…….

“එපා………………… ”

ආයේ පාරක් ඒ විලාප හඩ ඇහුනා………මට විශ්වාසයෙන්ම කියන්න පුලුවන් ඒ විලාප හඩ අනිවාර්යයෙන් ම පිරිමි කෙනෙක්ගේ හඩක් කියලා……

මගේ ඇග ගල් කරන්න තරම් බයකට පත් කරපු ඒ විලාප හඩ අහුනේ මේ ගේ තිබ්බ ඉස්සව්වෙන්මයි….ඒත් ඒ හඩ ඇහුනේ පොලව යටින් වගේ…..මම ආයෙත් පාරක් වෙලාව බැලුවා. වෙලාව හරියටම රෑ දොලහයි තිස් එක වෙලා තිබ්බා…

“එපා……..මාව අත ඇරපන්………..”

යලිත් අර විලාප හඩ ඇහෙද්දී මම ඇදෙන් නැගිට්ටේ දුන්නෙන් ඊතලයක් මිදිල යන තරම් වේගෙන්…………..තවත් කොටසකට

කතාව කියවල ලයික් කමෙන්ට්ස් දාන මාව දිරිමත් කරවන ඔක්කොටම ගොඩාක් ස්තූතීයී.

✍️රාස්

සියල්ල කතෘ සතුය…
උපුටා ගන්නා ලදී.

1 thought on “ලේ | 05 කොටස | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.