Katha Ahura

ඔබ මගේ ප්‍රාණයයි | 7 අවසන් කොටස | නවකතාව

4.2/5 - (5 votes)

Turn off for: Sinhala
??ඔබ මගේ ප්‍රාණයයි??
// අවසන් දිගහැරුම //

“හෙට දවසෙ මොනව වෙයි ද කියලා මන් දන්නෙ නෑ…. ඒත් මගේ ගෙදර කට්ටිය එක්ක ගතකරන අවසන් දවස විදියට සතුටින් ඉන්න මන් තීරණය කලා…”

“කාංචනයි එයාගෙ ගෙදර අයයි සමන් දේවාලේ ගිහින් පූජා වට්ටියක් දෙවියන්ට පූජා කරලා දේවාල භූමියේ නිදහස් තැනකට ගොස් කාලය ගත කලා..”

“ඒත් ඒ වෙලාවෙ මන් හිටියේ වෙනම් ලෝකෙක කියලා දැනුනේ… තාත්තගේ ෆෝන් එකට කෝල් එකක් එන හඩිනි…”

“නංගිලා හා මල්ලී එක්ක ගොඩාක් දගකාරකම් කරලා අපි ගෙදර එනකොට 9ට විතර ඇති…”

“ඇගේ තිබුනු මහන්සියටත් එක්ක හැමෝම නින්දට වැටුනත් නින්ද මගේ අහලකවත් නොවීය…”

“හෙට මොකක් නම් වේවිදයි කියලා බයකින් මම සිටියෙමි”
?????????????

_____________________________________

අම්මේ …අම්මේ… මම ගිහින් එන්නම් යැයි කියා උදැසනම අම්මට වැන්දෙමි …

ඉන් පසුව තාත්තටද වැන්ද මම මල්ලිව මෙන්ම නන්ගිලාද සිප ගනිමින් ගිහින් එන්නම් යැයි පැවසුවෙමි…

කිසිවෙකුට එහි අමුත්තක් නොවූයේ මන් හැමදාමත් එලෙසින් සිදු කරන බැවිනි…

නමුත් මගේ දෑස් වල හිරවී තිබූ කදුලු බිදු කිසිවෙකු හෝ දුටුවේ නැත….

?????????????

මගෙ බලපොරොත්තු , පුංචිකාලෙ ඉදන් තිබ්බ ලොකු ලොකු හීන හැමදේම අතෑරලා මන් මේ යන්නේ මගේ ජීවිතේ හොයාගෙන…..

_____________________________________
“හෙලෝ… කාංචනා ඉන්නවද….”

ආ… මේ රුවන් අය්යනේ…. එයා ආව ඔන්න පාර පැත්තට …

“හරි … හරී… thanks…
ආව කිව්වට කෝ තාම නෑනේ…මොකද කරන්නෙ…”

රුවන් ඇවිත් බොහෝ වේලවක් ගතවී තිබුනද කාංචනා තවම පැමිනියේ නැත….

තවත් ඉවසා සිටිය නොහැකි තැන රුවන් පන්තිය දෙසට යෑමට හැරුනේය…

නමුත් ඒ වන විටත් කාංචනා ඔහු ආසන්නයට පැමින සිටියා ය…

අනේ සොරි අය්යේ…. ටිකක් පරක්කු උනා ….මන් සීයා යනකන් හිටියා ඒකයි….

අපි යන්ද ඉක්මන් කරලා…ආ……

හරි නගින්න….

_____________________________________

⏭️⏭️⏭️⏭️⏭️මසකට පසු⏭️⏭️⏭️⏭️⏭️

චූටි දැන් හැමදාම ඔහොම ඉන්නද කල්පනාව …. ඔය කෙල්ලට කියහන් ගෙදර වැඩක් පලක් එහෙම කරන්න කියලා… මටම පුලුවනැ හැමදේම කරන්න…

(චූටි කියන්නෙ රුවන්ට ගෙදරට කියන නම… කොල්ලගෙ අම්මා ඒකියන්නේ කාන්චනාගෙ නැන්දම්මා තමන්ගේ ලේලිගේ අඩුපාඩු තම පුතා සමග පවසයි ..)

නංගි ගිහින් අම්මට ටිකක් උදවු වෙන්නකෝ…. නැත්නම් ඔයාට බනී සුදූ… ඔයා දන්නවනේ මන් කැමති නෑ ඔයාට බනිනවට… මන් වෙනුවෙන් කරන්න…. අපි ගෙයක් හදනකන් …

(කාංචනා රුවන්ගේ ගෙදර එන්න බෑ කිව්වද අවසානයේ පැමිනියේ ඔහුගේ නිවසටමය …. ඒ කොලඹ ගොස් සති 2ට පසුව ය…)

මන් දැන්නේ අය්යේ ගෙට ආවෙ වලන් ටික හෝදලා… ඇයි මට මෙහෙම කරන්නේ….

අනේ රත්තරං අඩන්න එපා…ඔය ඔහොම ඉන්න මන් ගිහින් බලන්නම්

(කාන්චනාගේ සියලු වැඩට රුවන් උදවු කරයි…. කාන්චනාගේ වයස 17වන බැවින් ඇයට නීත්‍යානුකූලව විවාහ වීමට නොහැකිය එම නිසා ඇගේ දේමාපියන් පොලිසියට ගොස් පැමිනිල්ලක් ගොනු කලා ය.

පොලීසිය විසින් ඇයට අවුරුදු 18 සපිරෙන තුරු ඇගේ බාරකාරිත්වය නැන්දම්මට පැවරීය….

මුලදී නැන්දම්මාගෙන් කන පිරෙන තුරු බැනුම් ඇසූවද පසුව හොදනම දිනා ගැනීමට ඇයට හැකි විය…

_____________________________________
⏭️⏭️2018 මාර්තු මස 08වන දින⏭️⏭️

විශේෂ පුවත් …!

” ****සාමාන්‍ය පෙල ප්‍රතිඵල අඩ මද්‍යම රාත්‍රියේ දී නිකුත් වේ.”

“එය ඇසීමෙන් මගෙ හදවත් වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා… මගෙ අවුරුදු ගානක මහන්සියේ ප්‍රතිඵල දැන් නිකුත් වෙලා තියෙන්නේ….”

මන් විදුලි වේගයෙන් දිව ගියේ මගෙ අය්යාව හොයා ගෙන….

“අ…. අයියේ …. ”

“ම්ම්ම්ම්ම්ම්….. ඇයි සුදූ….”

“අද රෑට results එනවලු….”

“ම්ම්ම්… අම්මපා… ඒනම් මගෙ සුරන්ගනාවිගෙ වැඩ බලා ගන්න පුලුවන්…..”

“හ්ම්ම්ම්…. බලාගන්නකෝ මගේ වැඩ….”

“හ්ම්ම්ම්…. එතකොට ඔයාට මගෙන් මොනාද ඕනි …”

“ම්ම් … ලැප් එකක් හොදේ……”

“හා ඉතින් … බෑ කිව්වෙ නෑනෙ…”

“පිස්සා….”

“ආ… මන් විතරද…. පිස්සි…”

_____________________________________

“නංගි…. නංගි…. මැට්ටියේ….”

“ම්ම්ම්ම්…. නැගිටපිය….”

“ඇයි…”

“දැන් 12.15 වෙලාව…. බලන්නැද්ද…”

“ආ… බලමු…. බලමු….”

“මේ මොකක්ද ඔයාගෙ විභාග අන්කෙ සුදූ… ”

“71992782… හරිද…”

“හ්ම්ම්…”

“මේ… ඔයා කියන්න මගෙ රිසාට් හොද නැති උනොත් මට මොනාද දෙන්නේ….”

“ගුටි… ”

“හම්මෝ…..”

“මේ … මේ පෙන්නනවා…”

“වාව්… A 7….B 2
හී… කෝමද කෙල්ලගෙ වැඩ…”
????????????

“අපරදෙ සුදූ….”

“ඇයි…”

“මේ වගේ රිසාට් එකක් තියාගෙන ඔයා මාත් එක්ක ආවනේ….”

“දැන් මොනා කරන්නද අය්යේ …”

“මොනා කරන්නද නෙමෙඉ මැට්ටි….
දැන් මන් ඉන්නවනේ .
ඒක හින්දා ඔයා clz ගිහින් A/L කරන්න ඕනි…”

“ඔ…ඔයා කියන්නෙ ඔය ඇත්තමද අය්යේ.. ම්ම්ම්ම්ම්..”

“ඔව් රත්තරං…. ඔයාගෙ ගෙදර කට්ටියටත් ඕනි ඔයා ඉගෙන ගන්නවා බලන්න…
ඔයා දැන් විභාගෙ කරන්න හදන්නේ කියලා දැන් ගත්තොත් හැමෝම සතුටු වෙයි…”

“ඔව් … ඔව් … මගෙ අය්යේ…
මන් A/Lකරලා මේ වගේ හොද RESULT එක්ක ගන්නම්..
දැන් මට ඔයත් ඉන්නවනේ…”

“හ්ම්ම්ම්… මගෙ හොද මැනික…”

“ඔයා තමයි අය්යේ මගේ පන…
ඔයා කියන ඔනි දෙයක්…මන් කරනවා … ආදරෙයි හැමදාමත්..”?????????????

(කාන්චනාත්… රුවනුත් … දැන් ඉන්නේ ගොඩාක් සතුටින් … කාන්චනා ප්‍රයිවට් විභාගෙ කරන්න දැන් පන්ති වලට යනවා …
ගෙවල් වලිනුත් දැන් කතා කරනවා…)

_____________________________________
මේ කතාවෙ ඉන්න කාංචනා තමයි මම… මේ කතාව ලිවුවේ මන් පන වගේ ආදරේ කරන මගෙ සුදු අයියට…

ඇත්තටම …මන් මගෙ වැරැද්ද තේරුම් ගන්නකොට පරක්කු වැඩි … ඒත් මට මගේ ජීවිතේ වැරදුනේ නෑ…. මොකද මට පන වෆේ ආදරය කරන කෙනෙක් මාව බලා ගන්න නිසා…
?????????????

හැබැයි හැමෝටම ඒ වගේ ආදරයක් හම්බ වෙන්නෑ…. ඒම උනාන්ම්ම් මේ ලෝකෙ ගොඩාක් ලස්සන වෙයි…
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

මන් ඔයාලගෙන් ඉල්ලන්නෙ ආදරයට ගොඩාක් ආදරය කරන්න…. හබැයි ඒ ආදරේ කවම දාකවත් විහිලුවකට ගන්න එපා…

මෙච්චර දවසක් කතා අහුර එක්ක එකතු වෙලා මගේ කතාව කියෙව්ව යාලුවෝ හැමෝටම ගොදාලියක් ස්තූතියි..
?‍??‍??‍??‍??‍??‍??‍??‍??‍??‍??‍??‍??‍?

ඒ වගේම ඔයාලටත් සුභ අනාගතයක් මන් ප්‍රාර්ථනා කරනවා..!!!

?????????????
?????????????

මේ මැට්ටි අලුත් කතාවකින් ඔයාලව හම්බවෙන්න එන්නම්කො එහෙනම්… බායී …
?????????????

????ME…

??kanchana??

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.