Katha Ahura

ඔබ මට හිමි වේ නම් | 01 කොටස| නවකතාව

5/5 - (1 vote)

මගේ අතීත මතකයන් එකතු කරලා කතාවක් ඉදිරිපත් කරන මං ගැන යමක් කියන එක හොඳයි කියලා හිතුණා…මම සුමිත්….දකුණේ අම්බලන්ගොඩ ලස්සන,ආදරණීය Family එකක් තියෙන කෙනෙක්…කතාව කියවගෙන යනකොට ඒ ගැන ඔයගොල්ලොන්ට තේරුම් යාවී..මම දැන් මගේ මව් රටින් පිට ඉන්නෙ….මේ කතාව දිවෙන්නේ මගේ ප්‍රථම ආදරේ මූලික කර ගෙනයි…මම A/L කරපු කාලයේදී සිද්ධ වෙච්ච ඒ සිදුවීම් එකට කැටි කරලයි මේ කතාව මං ලිව්වෙ…ඔයගොල්ලොන් ගේ රසයට බාධාවක් නොවෙන්න මේ කතාවේ සමහරක් සිද්ධි සංස්කරණය කරලා ලිවීම හොඳයි කියලා මට දැණුනා…ඒ නිසා කතාවේ එන සමහර තැන් මනඃකල්පිත බව අනිවාර්‍යෙන් සඳහන් කරන්න ඕන……හැමදෙනාම ආසාවෙන් මම ලියපු කතාව රස විඳින බව විශ්වාසයි…..කතාව කොටස් 16කින් යුතුයි එහෙනම් මගේ ප්‍රථම ආදරේ කතාව කියවලා රසවිඳලා ඔයගොල්ලොන් ගේ අදහස් ඉදිරිපත් කරනකන් මම බලාගෙන ඉන්නවා…බුදු සරණයි හැමෝටම !
………….01 වෙනි කොටස ……….

A/L පන්ති නැති නිසා නින්ද යන්නේ නැති කමට උදෙන්ම නැගිටලා මුහුද පැත්තට ගියා.. මුහුදත් එක්කම පාලුවට ගිහිල්ලා.. කම්මැලි නිසා රැල්ල ටිකක් පාගන්න ගියා.. ඔන්න එතකොට කුමාරයා එනවා හතර වටේටම සිග්නල් දාගෙන..

“මොකද මල්ලි අද උදෙන්ම මුහුද පැත්තේ මාලුවෙක්වත් මරන්න ආවද..”

“මචන් උබ එද්දී තරූ එහෙම දැක්කේ නැද්ද?ඌ මගේ ලගට අවේ ප්‍රශ්නාර්ථයකුත් දාගෙන ..”

“ඇයි බන් මම තරූ දැක්කනම් මෙතනට වෙලා රැලි පාගනවද..මමත් තව ප්‍රශ්නයකින්ම උත්තර දුන්නා
හරි හරි බන් ඕකට ඉතින් තද වෙන්න ඕනද ..වරෙන් යන්..”

මු මාවත් ඇදගෙන පාර පැත්තට යන්න හැදුවා …මමත් මුව තල්ලු කරලා ජිවිතේට නොදැක්ක සතෙක් දැක්කා වගේ කුමාරයාගේ මුණ දිහා බැලුවා ..

“මොකද උබ හොද මස් කෑල්ලක් දැක්කා වගේ මගේ මුණ දිහා බලන්නේ ?වරෙන් යන්න…”

බලපල්ලකො මුගේ කතාව .හරියට මු මගේ තාත්තා වගේනේ.. ඒ මදිවට සද්දෙකුත් දාගෙන

“”උබ සේරටම කලින් කියපන් කුමාරයා . උබ කොහෙද මේ මාව උගුලකට තියන්න යන හාවෙක් වගේ ඇදගෙන යන්නේ .. ”

“මචන් මම දැන් එද්දී කඩේ මුදලාලි කතා කරලා කිව්වා උබවත් එක්කගෙන කඩේ පැත්තේ එන්න කියල.. ”

“ඒ මොකෝ බන්..?”

“මම උබට තරූ සෙට් කරලා දුන්නා කියලා නඩුවක්වත් විබාග කරන්නද..? අපරාදේ අද සමපෝෂ ගුලියක් කාලා එන්න තිබ්බේ .. ”

“මම එහෙම කිව්වේ සමපෝෂ වලට බුද්දිය ආවර්ජනය වෙනවා කියලා අහලා තියෙන නිසා..”

“එහෙම වෙන එකක් නැ බන් අද මාමන්ඩියාගේ මුඩ් ඒක හොදයි වගේ..”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මාමන්ඩියා.. උබ දැන්ම තරූ බැදලා ඉවරද බන් උබ මාමන්ඩියා කියලා කියන්නේ..”

මු මට ඒ විදිහට කිව්වට මුගේ කුකුල් මුණ දැන්මම පැත්තකට ඇද වෙලා …

“සුමියා උබ ඉස්සර වෙයන් මචන් ..”

මු කඩේ ලගදි මාව ඉස්සරහට දැම්ම…ඌ තදයා වගේ ආවට කඩේ දැක්කම කකුල් දෙක හරියට තුන් මාසයක් කාල නැ වගේ වෙවූලනවා..

“මුදලාලි මාමේ කොහොමද..?”

අපි ඒක කිව්වේ බොක්ෂින් ක්‍රීඩකයෝ තරග ආරම්බ කරද්දී දෙකට නැමිලා කිව්වා වගේ ….

“ආ..පුතාලා හොදයි හොදයි…”

දියකිරටත් බළල්ලු සාක්කියි කිව්වා වගේ මෙන්න මුදලාලිය පිස්සු කියවනවා හොර කොල්ලෝ කියලා කතා කරන මුදලාලිය අද පුතාලාලු..

“එන පොට නම් හොද නෑ කුමාර මේකා අපිව කඩේ යවන්නද කොහෙද හදන්නෙ..”

“මම පුතාලට එන්න කිව්වෙ වැදගත් කාරණයක් ගැන කතා කරන්න.. මම හිතන් ඉන්නවා මගේ වියදමින් ඔයාලත් එකතු කරන් මේ පාර ගමේ වෙසක් කූඩුවක් හදන්න.. සුමිත් පුතා වගකීම බාරගන්නවා නම් හොදයි..”

ඔන්න ඔහොමනෙ තියෙන්න ඕන.. මුදලාලියා මේක මටම කිව්වෙ කාගෙත් හිත හොද වැඩක් හරියට කරන්න ගමේ වැදගත් තරුණයා මම නිසා වෙන්න ඇති.. නිව්ස් එක නම් පට්ට.. කනට මී පැණි දැම්මා වගේ.. කුමාරයත් හිනාවක් දැම්මා කට පුරවලා.. හැබැයි මම දැක්කා මුදලාලි මාමා එහෙම කියනකොට කුමාරයගෙ මූණ හරියට 100ට අරන් 10ට දුන්නා වගේ වෙනවා..

ඔය කොහොම උනත් ගමේ මොන ජරා වැඩේ කරත් අපිට වගකීමකින් වැඩක් බාර කලොත් එලටම කරනවා කියලා ගමේ අයත්, මුදලාලිත් හොදට දන්නවා.. ඒකයි අපිටම වැඩේ පංගාත්තු කලේ..

මුදලාලියගෙ පිත් අතේ වැඩේ අහලා අපි අපේ සොදුරු නවාතැනට ගියා.. ඒ වෙනකොට එතනට ගමේ කොල්ලො සෙට් එකම ඇවිල්ලා හිටියා.. හැමදාම වගේ කුමාරයා වැඩ්ඩා වගේ ගිහින් සභාව අමතන්න පටන්ගත්තා..

“ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ මචංලා.. අසව්! අසව්!..”

මූ යට ගිරියෙන් කෑ ගැහුවෙ සිරි මාමා මූට කොස්සක් අරන් පන්නගෙන එනවා වගේ.. අසව්! අසව්! කියද්දිම කොල්ලො සෙට් එක ඇවිත් කුමාරයව වටකර ගත්තා..

“මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කඩේ හොර මුදලාලියා විසින් කැරකෙන වෙසක් කූඩුවක් නිර්මාණය කිරීම සදහා මා හට බලතල පවරන ලදී.. ”

මේකා මේ හොර මුදලාලියා කිව්වෙ දැන් මුදලාලි මාමෙ කියලා කට ඇරලා කියපු මනුස්සයට නේද.. තූ තෝ.. ඒක පැත්තකින් තියමුකො.. බලපල්ලකො මූ කියපු බොරුව.. මූටලු සියලු බලතල පැවරුවෙ.. මගේ කට කන්න එපැයි ඉතිං.. කුමාරයට තේරුණා මට කේන්ති ගියා කියලා.. ඌ හෙමීට සද්දෙ පොඩ්ඩක් අඩු කලා..

“සමාවෙයල්ලා.. මට නෙමෙයි ඈ.. අපේ කොල්ලො සෙට් එකටම පවරන ලදී.. ”

එහෙම කියලා කටක් ගන්න ලැබුනෙ නෑ.. මෙන්න කොල්ලො ටික මෙතන දහඅට සන්නිය නටන්න පටන්ගත්තා..

එදා අපි ගෙවල් බලා සක්මන් කලේ දහසකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන.. මොකද අපි කරන්න යන පලවෙනිම හොද වැඩේනෙ.. මොන කරදර ආවත් අපේ සෙට් එක මේකට සෙට් වෙනවා කියලා මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවුණා.. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි හොද මාටිය පාරකුත් දෙන්න පුලුවන් නිසා.. කතා කරගත්තු විදියට අපි අපේ වැඩේට බැස්සා.. කුමාරයා, ජයන්ත, දමියා, බොක්කෙන්ම ගේමට බැහැලා වැඩේ ටොප් එකටම කරා.. අපි හිතුවටත් වඩා වෙසක් කූඩුව ලස්සනට නිර්මාණය කරන්න අපිට පුළුවන් වුණා..

දවස් ටික ගෙවිලා ගියේ ඇගටවත් නොදැනි A/l ක්ලාස් පටන් ගන්නත් දවස් ළග ළගම එනවා.. වෙසක් කූඩුව හැදුවට පස්සෙ ගමේ කට්ටියගෙන් බුදු සැලකිලි.. අනේ හැමදාම වෙසක් තියෙනවා නම් කියලා මට නිකමට වගේ හිතුනා.. වෙසක් කූඩුව හැදුවට පස්සෙ එළියටවත් බහින්න බැරිවුණා.. ඒ තරමටම ඇගට අමාරුයි.. කාපු කට්ට තාම මතක් වෙනවා..

“සුමියෝ… සුමියෝ.. සුමියෝ..”

සංසාරේ බවේ දුකා.. මේ කුමාරයා නේද යකෝ මොර දෙන්නෙ..? නිදහසේ ටිකක් ඇලට් එකක් දාන්න හදනකොටම මේකා කඩාපාත් වෙනවනෙ.. ෂික්..!

බල්ලා පනීවි තාප්පෙට උඩින් කිව්වලු.. මූ ආවෙ ඇයි කියලවත් අමතක වුණා මූව දැක්ක පාර මට.. රීබෝන් ටී-ෂර්ට් එකකුත් දාගෙන, බෙකම් වගේ කොන්ඩෙ පීරලා.. අඩිඩාස් ඩෙක්ෂුස් දෙකක් දාලා.. මූ පන්සලේ පින් කැටේවත් කැඩුවද කියලා මට ඒ වෙලාවෙ හිතුනා..

“මොකෝ බොල මහසෝනා දැක්කා වගේ මගේ දිහා බලන්නෙ.. මං නිකන් රිතික් රෝෂන් වගේ නේද සුමියො..”

මේකා කටු බොඩිය පොඩ්ඩක් එහාට මෙහාට කරලා කිව්වා.. අනේ මුගේ බොඩිය..

“ආයෙ පිස්සුවක් ඇතෑ.. එකෙන්ම උඹ රිතික් රෝෂන්ගෙ.. නෑ නෑ ඒවා ඕන නෑ.. මුලින්ම කියපන් මොකෝ උඹ කිට මරලා මේ පැත්තට බැස්සෙ කියලා..?”

“නෑ බං සුමියා.. අද මට හිතුනා තරූ බලන්න උමත් එක්ක මගේ හයිබ්‍රිඩ් එකෙන් යන්න..”

මේකා මේ හයිබ්‍රිඩ් එක කියලා කිව්වෙ මුගේ මේ කුටු කුටු යන්තරේට.. නැත්නම් මේකට කොහෙද හයිබ්‍රිඩ්..

“අර මොකටෙයි උඹ මාවත් ඇදගෙන යන්නෙ..? යකෝ තමන්ගෙ කෙල්ල බලන්න එක එකා එක්ක එහෙම යනවද..?”

“පිස්සුද සුමියො.. උඹ මගේ හොදම ෆිට් එක.. ඒකි දන්නවා උඹ ගැන.. මම උඹ මොන වගේ එකෙක්ද කියලා ඒකිට කියලා තියෙන්නෙ.. වරෙන් වරෙන් ඇදුමක් දාගෙන..”

අම්මද බොල.. මේකා මගේ ගැන මොනවා කියලද දන්නෑ ඒකිට.. මොකෝ ඉතින් මම මේ ජීවිත කාලෙටම හොද වැඩකට කියලා කලේ අර වෙසක් කූඩුව හැදුව එක විතරනෙ.. ඒකෙනුත් මාටිය පාරක් ගැහුවානෙ..
………………මතු සම්බන්දයි …………….

24 thoughts on “ඔබ මට හිමි වේ නම් | 01 කොටස| නවකතාව”

  1. ?සිහින සිත්තරාවී°°KKD?

    ????අයියෙ කතාව නම් සුපිරියි .. ඔන්න කතාව දැම්ම ගමන් ඉස්සෙල්ලම රේට් කලේ මන්…? තාම නම් කතාවෙ ඉදිරිය ගැන අනුමාන් කරන්න අමාරුයි ..??හැබැයි ඔන්න ඊලග කොටස දානකම් මග බලන් ඉන්නවා හොදේ …

    මගෙන් ඔයාට සුභ පැතුම් .. බුදු සරණයි … සුමන සමන් දෙවි පිහිටයි ….

    1. බොහොමත්ම ස්තූතියි nangiya ඇත්තටම මේ මගේ ආදර කථාව මේ සත්‍යය කතාවක් මගේ භාෂාවෙන් ලිව්ව ඕගොල්ලන්ට කියවන්න ලේසි වෙයි බොහොමත්ම ස්තූතියි නංගි ඔයා නිසයි මගේ කතා වලට වටිනාකමක් ලැබුණේ

  2. ඇත්තටම කතා අහුර ට බොහොමත්ම ස්තුතියි පැත්තකට වෙලා තිබුණු අපේ හැකියාවන් ට තැනක් හදලා දුන්නු එක ගැන බොහොමත්ම ස්තූතියි කරන කියන සියලුම දේවල් සාර්ථක වෙන්න කෙල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම මේ කතාව ලිව්වේ මගේ භාෂාවෙන් වැරදි ගොඩක් තියෙන්න පුලුවන් ඒකට ගොඩක් සමාවෙන්න

  3. Hashini Navanjana.

    පළවෙනි කොටසෙන්ම හිතෙනව කතාව ගොඩක් ලස්සන වෙයි කියලා. මාත් දකුණේ ගාල්ලෙ නිසා ඒ පරිසරයට ගොඩක් ආදරෙයි ? මං. කොහොමත් ඔයා කතා ලියනව ගොඩක් ලස්සනයී නේ.. මං ඔයාගෙ කෙටි කතා කියෙව්වා. හරිම ලස්සනයී.. කමෙන්ට් කරන්න බැරි උනත් රේට් කරා.. බෙස්ට් රේට් ම. ??? ගොඩක් ලස්සනයී ඒ කතා.. ඉතිම් මේ කතාවත් ඒ වගේම…. නෑ.. ඊටත් වඩා ලස්සන වෙයි අනිවාර්යයෙන්ම. දිගටම ලියන්න.
    Best of luck. ????

    1. ඇත්තටම ගොඩක් ස්තූතියි යාළුවා දකුණේ gamma තියන එක ගොඩක් ගොඩක් සතුටුයි මේක මගේ සත්‍ය කතාවක් කියවල බලන්නකො බොහෝමත්ම ස්තූතියි ආසාවෙන් කතාව බලනවට

  4. අම්මෝ නියමයි කතාව නම්…අද ඉතාං පලවෙනි කොටසනෙ.ඒ හිංදා අනුමාන කරන්නම බැ මොනා වෙයිද කියලා…කොහොමහරි කමක්නැ ලස්සනයි කතාව

    1. ආදර කතාවක් අනිවාර්යෙන්ම ලස්සන වෙවී බලන්නකෝ ගොඩාක් ස්තුතියි ආසාවෙන් කතාව බලනවට

      1
  5. Vibushani madu

    Palweni kotasenma penawa kathawanam shoi kiyla meka oyage frist love eka gana kiuwa neda ane awasanaya duka hithen na neda ane ehemanm karnna epa aiye hada math oyage kathawa kiywanna hamadam enawa hode bs thawath lassanat liynna oyata shakthiya dairya labewa kiyl prarthna karnawa mn oyta jayashri maha bo samidu pihitai

    1. Kathawa balanna ko nangiya mulinma mama kiuwa kathawe samarak ewa mama මනක්කල්පිත karanwa kiyala mage vidiyata liuwa nisa asawen balanna ko godak thanks kathawa balanna enawa kiuwata budusaranyi

  6. Vena nava katha valata vada venas ආරම්භයක්.suba pathanava me venasath ekka idiriyatama yanna vasanava labenna kiyala???
    All the best dear????????

  7. Kathawa godak lassanai aiya. Thama hitha ganna be issarahata monawa wewida kiyala. Hetath hugakma lassana kotasak aran ennako. Good luck. Bs oyata.

    1. ? මහිංසා ?

      මේ තියෙන්නේ ලොකු මගේ කමෙන්ට් බොක්ස් එක …ආ මං මේක කියවලා තියෙන්නේ ඔයා මට කිවුවට පස්සේ …ඒ කාලේ කොච්චර හොඳ ද …නේද ….කතාව නම් පට්ටම සුපිරියි …ඔයා වෙසක් කූඩු හදලා ඇත්තටම ඒකෙන් මාටියා ගැහුව ද අනේ….මට හිතාගන්න පුළුවන් …ඉස්කෝලේ කාලේ පන්තියේ හිටියා ඔය වගේ සෙට් එකක් ….අනේ ඉතින් කුමාරයා තමා යසට හිටපු සුමී කොල්ලා කාලා තියෙන්නේ ….????? හරි ආසයි ලොකු …ආයෙත් ඒ ලෙවල් කාලෙකට නෙමෙයි ඕ ලෙවල් කාලෙට යන්න ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.