Katha Ahura

මියදුනු අය සොයන් |16 කොටස| හොල්මන් කතා

5/5 - (1 vote)

මියදුන අය සොයන් Episode 16

මොහොතකින් අඩ අදුරේ මම දැක්කේ අපේ පැත්තට එන මිනිස්සු දෙන්නෙක්ගේ චායාවක්. එක මිනිහෙකුගේ කරේ ලොකු පෝර උරයක් එල්ලගෙන හිටියා. ඒකේ හැටියටනම් මොනව හරි ඒ පෝර උරේ ඇතුලේ තියෙන්ඩ ඕනා.

“ඉක්මන්ට වැව් තාවල්ලට යමු ,, මේ රෑ මොකෙක්වත් ඒ පැත්තටනම් එන්නේ නෑ…..”

එක මිනිහෙක් එහෙම කියද්දි ඒ දෙන්න අපි හැංගිලා හිටපු ගහත් පාස් කරලා ඉවරයි. මිනිස්සු දෙන්නම අඩි හයක් විතර උස කෙට්ටු දෙන්නෙක්.

“ගිහන්සා නංගී මේ දෙන්න හොල්මන් ද ”

මම ගිහන්සගෙන් අහද්දි ගිහන්සා හිටියෙත් අර යන මිනිස්සු දිහා බලාගෙන.

“නෑ මේ දෙන්න හොල්මන් වෙන්ඩ බෑ… මේ ජීවත්වෙලා ඉන්න මිනිස්සු දෙන්නෙක්”

“ඒ දෙන්න මිනිස්සුනම් මොනවද දන්නෙ නෑ , මේ මහ රෑ වැවට වෙලා කරන්නේ ”

“මට හිතෙන්නේ මොකක් හරි මේ දෙන්නා හොර වැඩක් කරලා වගේ”

“මටත් එහෙම හිතෙනවා ,,අපි දෙන්න පිටිපස්සේ ගිහින් බලමුද මුන් මොනවද කරන්නෙ කියලා”

“එතකොට හොල්මන් බලන එකට මොකද වෙන්නේ ”

“ඒකට වෙන දවසක එමු…..”

මට දැන් හොල්මන් බලන ආසාවටත් වඩා ආසාවක් තිබුනේ අර මිනිස්සු කරන්නේ මොනවගේ දෙයක්ද කියලා දැනගන්න එකයි.

“ඔච්චරම අයියා කියනවනම් අපි යමු”

ගිහන්සා මගේ අදහසට කැමති වුනා. ඊට පස්සේ අපි දෙන්නා කරේ අර මිනිස්සු පිටිපස්සෙන් ඔවුන්ට නොදැනෙන්ඩ යන එකයි.

වෑ කන්ද දිගේ ගිය අර මිනිස්සු එක පාරටන වෑ කන්දෙන් වැවට බැස්ස. ඒ පැත්තේ වතුර තිබ්බේ නෑ.. මමයි ගිහන්සාත් ඒ විදිහටම කෙරුවා.දෝතැල්ලේ වැවේ හැම තැනම වගේ විශාල ගස් තිබ්බ හින්දා , ඒ ගස්වලට මුවා වෙමින් අර දෙන්න පිටිපස්සේ යන්ඩ අපි දෙන්නට ලේසියෙන්ම හැකි වුනා.

මිනිස්සු දෙන්න ගියේ phone tourch ,එකක් ගහන් ඒ එලියෙන්. මමයි ගිහන්සයි ගියේ ඒ මොකුත් නැතිව අදුරේ. මොකක් හරි හේතුවකට මේ ලගකදි ඉදන් මහ කලුවරෙත් මට වෙනදට වඩා වටපිටාවේ දේවල් පේනවා.

වැවේ අතුලට තවත් ගිය මට දැනුනේ මම කැලයක් මැදින් යනවා වගේ හැගීමක්. ඒ තරමට දෝතැල්ලේ වැවේ ගස් වැල් පදුරු තිබ්බා. වෙන කෙනෙකුටම් මේ වගේ රැයක මේ වගේ පැත්තක යන එක හිතෙනකොටත් බය හිතෙන දෙයක්. ඒත් මටනම් ඒ වගේ හැගීමක් දැනුනේ නෑ. මට පුදුමයි මට ගිහන්සාටත් ඒ වගේ හැගීමක් නැ වගේ. ගිහන්සා මාත් එක්ක ඒ වැව කැලේ මැද්දෙන් හරියට ගියේ එයා ජීවත් වෙන ගේ ඇතුලෙන් යනව වගේ.

** අර මිනිස්සු දෙන්න වතුර නැති වැවේ ඇතුලටම ගියා. අපි දෙන්නත් ඒ පස්සෙන්ම ගියා.

මොහොතකින් ඒ දෙන්නගේ ගමනාන්තයි ඉවරයි කියලා එක විශාල ගහක් ලග නතර වුනා…ඒ ගහ හිතුව්ටත් වඩා විශාක කදක් තිබ්බ ගහක්. කද බදා ගන්ඩනම් අඩුම ගානේ මිනිස්සු පස් හය දෙනෙක්වත් ඉන්ඩ ඕනා…. වැව් කැලේ මැද්දේ ඒ ගහ තිබ්බේ යෝදයෙක් වගේ.

“සුසිල් මම කියපු ගහ මේකයි, මේ ගහේ බෙනේ තමා මේක හංගන්ඩ හොදම තැන ”

එක මිනිහෙක් අර ගහ පෙන්නලා එහෙම කියද්දි මමයි ගිහන්සයි එතන වෙනදේවල් ලගම තිබ්බ ගහකට මුවා වෙලා බලන් හිටියා.

“උබට හොදටම ශුවර්ද ,කිත්සිරි ,, මේක මෙතන හංගලා මොකෙක්ට හරි අහු වෙන්නෙ නැති වෙයි කියලා…”

“මොන පිස්සුද බන් , මේ හරියට රෑට තියා දවල්ටවත් , මිනිහෙක් එනවා තියා හිතන්ඩවත් බයයි. මේ හරියේ , ගිය මාසේ කොල්ලෙක් කපලා කොටලා මරලා දාල තිබ්බා. මිනිය හම්බවෙනකොටත් දවස් තුනහතරක් පහු වෙලා. ඒ කොල්ල හොල්මන් කරනවා කීප දෙනෙක්ම දැකල තියෙනවා…ඒ බයට මොකෙක්වත් මේ පැත්තට එන්නෙ නෑ……”

“හරි කෝ.. දැන් ඔය කිව්ව බෙනේ ,, මට පේන්නෙ නෑනේ ”

“බිම නෙමේ ටිකක් උඩ බලපන් ”

කියපු කිත්සිරි phone tourch, එක ගහේ අඩි හයක් විතර උසකට එල්ල කෙරුවා. එතන තිබ්බා විශාල බෙනයක්.

“ඔතන මේක හංගන්ඩ කලින් කීය කියද ගන්නේ ”

“දැනට පනස් දාහ පනස් දාහ ගානේ ගමු…මේ කේ උනුහුම ගියාට පස්සේ ඉතුරු ඔක්කොම අරන් යමු…..”

ඒ දෙන්න එහෙම කතාවෙද්දියි මට තේරුනේ අර උරේ තියෙන්නෙ සල්ලි කියලා. මේ අය හොරු දෙන්නෙක් වෙන්ඩ ඕනා… මගේ හිත කිව්වා.

ඊට පස්සේ කිත්සිරියි සුසිලුයි අර පෝර උරේ ඇතුලෙන් මුදල් නෝට්ටු වගයක් ගත්තා. ඒවා ගනන් කරල බෙදා ගන්නව මමයි ගිහන්සයි බලන් හිටියා.

“කිත්සිරි මේක දන්නේ අපි දෙන්න විතරයි. මේ සල්ලියි රත්තරන් බඩුවලයි අඩුවක් වෙලා තියෙන්ඩ බෑ. එහෙම වුනොත්……”

සුසිල්ඉතුරු ටික කිව්වේ නෑ…..

“උබට පිස්සුද සුසිල අපි දෙන්න මේ සෙල්ල ම කරන්නෙ කවද ඉදලද , මම කවද්ද උබට එහෙම දෙයක් කෙරුවේ…..උබට මාව අවිශ්වාසයි නේද”

“නෑ බන් මට උබව අවිශ්වාස නෑ,, වෙනද පුරුද්දට ඒක කියවුනා…..හරි මෙතන තවත් ඉන්ඩ ඕන නෑ , ඕක හංගලා අපි යමු…..”

* ඊට පස්සේ කිත්සිරි අර විශාල ගහට බඩ ගාල අර පෝර උරය ඒ ගහේ බෙනයට දැම්මා. එයාල හිනෙන්වත් හිතන්නෙ නැතිව ඇති මේ ඒ අය කරන මේ දේවල් දෙන්නෙක් හැංගිලා බලන් ඉන්නවා කියාලා. ඒත් මම කොච්චර වැරද්දිද මේ දේවල් දිහා මමයි ගිහන්සයි විතරක් නෙමේ බලන් ඉදලා තියෙන්නේ තව කෙනෙක් මේ දිහා බලන් ඉදලා තියෙනවා.

ගස් බෙනේ අර උරය සගවපු කිත්සිරියි සුසිලුයි එතනින් යන්ඩ ගියා.

“අයියේ මොකද දැන් අපි කරන්නේ , ”

ගිහන්සා කිව්වේ ඒ අය එතනින් යනවාත් සමගයි.

“ගිහන්සා මට අදහසක් ආවා……”

“මොකක්ද ”

ගිහන්සාට මම මගේ අදහස කිව්වේ නෑ , මම අර බෙනේ තියෙන විශාල ගහ ලගට ගියා. ගිහන්සත් මගේ පිටිපස්සෙන් ආවා. මට ඕන වුනේ අර බෙනේ ඇතුලට අත දාලා අර හංගපු සල්ලි උරය ගන්ඩ.

“මොනවද අයියේ ඔය කරන්නේ ,, ඔයා හදන්නේ ,, ඔය සල්ලි ගන්ඩද, ඕවා අනුන්ගේ සල්ලි ”

ගිහන්සා එහෙම කියද්දී මම ඒ සල්ලි දාපු පෝර උරේ අරගෙනත් ඉවරයි. මම උරෙ ලෙහල බැලුවා,, මට හිතාගන්ඩත් බෑ එච්චර සල්ලි ගොඩක් ,, ඒ විතරක් නෙමේ ඒ අතර රත්තරන් බඩුත් තිබ්බා. සල්ලි නෝට්ටු තිබ්බේ මිටි පිටින් රබර පටි දාල , මම එක මිටියක් අතට ගත්තා……. ඒ මිටියේ සම්පූර්නෙන්ම තිබ්බේ පාන්දාහේ කොල.

“අයියෙ ඔයා කරන්නෙ වැරදි වැඩක්,, ඔයා ඔය සල්ලි ගන්ඩද හදන්නේ ”

“ඔව්,,,,,ඔක්කොම නෙමේ ලක්ශ තුනක් විතර,, මම හිතන්නේ මෙතන ලක්ශ දහයකටත් වඩා තියෙනවා,, වගේ…”

“ඒත් මොකටද ලක්ශ තුනක් , එච්චර ගානක්. එච්චර ගානක් මොකටද ”

“මට නෙමේ……”

“එහෙනම් කාටද?”

“අර ඊයේ රෑ දෝතැල්ලේ මිනීපිටියට අඩ අඩා ආපු ගෑනු කෙනාට දෙන්ඩ , එයා මේ සල්ලි අරගෙන ගිහින් එයාගේ දරුවව සනීප කර ගනීවී ”

මම කිව්වේ අතේ තියෙන මුදල් නෝට්ටු පිටිය දිහා බලාගෙන.

“අනේ මන්දා අයියේ ඔයාගේ අදහස් , මේ කෙ සල්ලි අඩුයි කියලා දැනගත්තොත් , අරුන් දෙන්න මරා ගනීවී ”

“එහෙම දෙයක් නොවෙන්ඩ අපි මොකක් හරි ෆ්ලෑන් එකක් ගහමු,, මම හින්දා කවුරුවත් මැරෙන්ඩ දෙන්ඩ මම ඉඩ තියන්නෙ නෑ….”

මම ඒ සල්ලි ගොඩින් හරියටම ලක්ශ තුනක් ගනන් කරල ගත්තා. , අර දරුවාගේ ඔපරේශන් එකට ඕන වෙලා තිබ්බේ ලක්ශ දෙකයි. ඒත් මට හිතුනා අර ගෑනු කෙනාට ලක්ශ තුනක්ම දෙන්ඩ.

උරේ ආයෙත් කලින් විදිහටම ගස් බෙනේට දාන්ඩ හිතන් මම ලක්ශ තුන ගිහන්සාට දුන්නා.

ඒත් ඊට පස්සේ උනේ මම හීනෙන්වත් හිතපු නැති දෙයක් , මගේ අතේ තිබ්බ උරය කවුදෝ කෙනෙක් හයියෙන් උදුරල ගත්තා. ඊට පස්සේ මට ඇහුනේ ගිහන්සාත් කෑ ගහන හඩ.

මම පිටිපස්ස හැරිලා බලද්දි දැක්කේ , මගෙන් උදුර ගත්තු පෝර උරය එක අතක එල්ලන් ඉන්න මගේ වයසේම වගේ තරුනයෙක්. ගිහන්සාට දුන්න ලක්ශ තුනේ මුදල් නෝට්ටු මිටිත් ඒ තරුනයාගේ එක අතක තිබ්බා. මම දිහා ඔහු බලන් හිටියේ එයා ලොකු හපන්කමක් කෙරුවා වගේ.

ඒත් ඔහු දිහා තවත් ඕනාකමින් බලද්දියි මගේ ඇස් පුදුමයෙන් මහත් වුනේ. ඒ තරුනයාගේ මුලු ඇගම තිබුනේ ලේ වලින් නෑවිලා….

“කවුද උබ,”

මම ඇහුවේ ඒ පුදුමයත් සමගමයි……….ඒ කවුද කියලා දැනගන්ඩත් එක්ක මම තව කොටසක් අරන් ඉක්මනින්ම එන්න්ම් , අනුමාන කරන අය අනුමාන කරන්ඩකෝ……

මේ කතාව හොල්මන් කතාවක් වුනත් , කතාවේ තේමාවේ හැටියට මට ගොඩක් බය හිතෙන විදිහටනම් ලියන්ඩ අමාරුයි. මේක වෙනස් විදිහේ හොල්මන් කතාවක්.

කට්ටිය බලන් ඉන්න හින්දා පව් කියලා අදත් තව කොටසක් දැම්මා. මටත් rate එකක් දිලා කොමෙට් එකක් දීලා සලකන්ඩ ඕනා හරිද?

5 thoughts on “මියදුනු අය සොයන් |16 කොටස| හොල්මන් කතා”

  1. Aththa meka wenasma kathawak.loku kithuhalayak dan thiyenne aththatama mokadda meke wenne kiyala.anith Holman kathawalata wadiya meka godak hodai.mokada wenasma deyak hinda.all the best.

  2. අර කපල කොටල මරල දාපු කොල්ල වෙන්න ඇති…
    හිතාගන්න බෑ මොනව වෙන්න යනවද කියල..
    කතාව සුපිරි..??

  3. Chathu indeewaree

    ගොඩක් ලස්සනයි කතාව. දැන් තමයි කියෙව්වේ මම. ඒ හිමකර වෙන්න බැරිද? මට හිතෙනවා හිමකර මැරුණ කෙනෙක් වෙන්න ඇති එයා මැරුණ කෙනෙක් බව එයාවත් දන්නැතුව ඇති..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.