Katha Ahura

ඔබ මට හිමි වේ නම් | 02 කොටස| නවකතාව

5/5 - (1 vote)

………………..02 වෙනි කොටස ………..

“මේ කුමාරයා.. උඹ මොකේද යන්න හදන්නෙ..?”

“ඇයි බං මේ තියෙන්නෙ රජ බාන්ඩයක්..”

“නෑ නෑ.. අපි කෝච්චියෙ යමං.. මේකෙ ගිහින් පිටගැස්ම හදාගන්නවට කෝච්චියෙ චාටර් කන එක මීට වඩාහොදයි..”

මම එහෙම කිව්වෙ මේකට මළ පන්නවන්නත් එක්ක..

“අනේ මේ.. උඹ නාපං.. මට කියපං එනවද නැද්ද කියලා විතරක්..”

මට හිතුනා මේකට මලේ මළ පැනලා.. කොහොම උනත් කුමාරයා කියන්නෙ හොද කොල්ලා.. මොන්ටිසෝරි කාලෙ ඉදලම තමා මේකා මගේ ෆිට් එක උනේ.. එදා ඉදලා මම මේකත් එක්ක තරහා වෙලා ඉදලා නෑ.. ඒක හැමදාටම එහෙමම තමා.. ඒකට තමා ඉතිං යාලු ෆිට් එක කියන්නෙ..

“හරි හරි.. යමං.. හිටහං මම ඇදුමක් දාගෙන එන්න..”

පන්තිය ළගින් බහිනකොටම කුමාරයගෙ මූණෙ තිබ්බෙ පැණි බේරෙන හිනාවක්..

“කුමාරයා උඹ ඔය කට පොඩ්ඩක් පිහදගනිං..”

“ඇයි ඇයි..?.. මොනවද තියෙන්නෙ..?”

මම එහෙම කියනකොටම මේකා සාක්කුවට අත දාලා ලේන්සුව ඇදලා කට වටේම පිහදනවා..

“නෑ බං.. තොගේ කට දෙපැත්තෙන් පැනි බේරෙනවා..”

මම ඒක කිව්වෙ පොඩ්ඩක් පස්සට ගිහිල්ලා.. මේකා මොලා කියලා මම දන්නවනෙ..

“අනේ මේ.. මම කිව්වා කියලා හිතාගනිං.. ”

“අම්මටසිරි.. මචං අපි මේ ඉන්දියාවෙද ඉන්නෙ.. අර බලපං.. ඒ එන්නෙ කාජල් නේද..? යකෝ හින්දි නිළියොත් එක්ක කම්බයින් එකක් තියෙනවද බං මේ ක්ලාස් එකට.. පට්ට ලස්සනක් බං තියෙන්නෙ..”

සිරාවටම මට එකපාරට WOOW කියලා කියවුණා.. කුමාරයා මගේ මූණ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා කියලා මම දැක්කෙ පස්සෙ..

“මොකෝ බං..? මගේ මූණෙ පෙරහැරක් යනවද..? ”

“නෑ බං.. මම මේ කල්පනා කලේ උඹ මේ අවුරුදු ගානටම කෙල්ලෙක් දැකලා නැති එක ගැන..”

මූ මට ඒපාර කින්ඩිය දානවා..

“ඇයි බං මේකි එන්නෙ මේ ක්ලාස් එකටනේ.. තෝ දන්නෙ නැද්ද..?”

මේ ගමේ කෙල්ලෙක් නෙ.. මම දැක්කෙ කාජල් වගේමයි.. අපි ළගින් යනකොටම කෙල්ල මම දිහා බලලා පොඩි හිනාවක් දැම්මා.. මොකද ඉතිං මමත් හැන්ඩි කොලු ගැටයනෙ.. මාත් ඉතිං රිප්ලයි එකට වගේ ඇගට නොදැනි හීනියට ලාවට හිනා පාරක් දැම්මා.. කෙල්ල මාත් එක්ක හිනාවෙනවා දැක්කම කුමාරයට ඉරිසියාව..

“ඒ මචං.. මේ දැන් මෙතනින් ගිය කෙල්ල නේද ආයෙම තරුත් එක්ක මේ පැත්තට එන්නෙ.. සිරාවටම බං මම දන්නෙ නෑනෙ තරූට මෙච්චර ලස්සන යාලුවො ඉන්නවා කියලා..”

ඒකට මම කියපු එක ඇහුවෙ නෑ.. මූට තරූව දැකලා කලිසමත් එක්ක තෙමිලද කොහෙද..

තරූ ළගට එනකොටම මම කුමාරයට කලින් ටෝකක් දානන් පටන් ගත්තා..

“ආ.. තරූ නංගියා.. කොහොමද..?”

“ම්.. වරදක් නෑ අයියෙ හොදින් ඉන්නවා.. ඉතින්.. ගොඩක් වෙලාද ඇවිත්..?”

“අනේ නෑ නංගි මේ දැන් තමයි ආවෙ..”

කුමාරයා හූල්ලනවා මම මේ කියන බොරු වලට.. ඇයි ඉතින් අපි මෙතනට ඇවිල්ලා පැයකටත් වැඩියිනෙ..

“ආ.. මට අදුන්වලා දෙන්න බැරිවුණානෙ.. මේ තමයි අපේ ගණන් පන්තියට ආපු මගේ හොදම යාළුවා සංසලා.. සංසලා.. මේ තමයි කුමාර.. මගේ Boy Friend.. මේ තමයි සුමිත් අයියා.. කුමාරගෙ යාලුවෙක්.. ”

මාව අදුන්වලා දුන්න ගමන් හායි කියලා මම සන්සලාට අත දුන්නා.. අම්මෝ.. මෙයාගෙ අත මාර සොෆ්ට්නෙ.. කුමාරයට නම් දැන් මාර ජෙලස්..

“කුමාර අයියෙ.. මට අද එන්න වෙන්නෙ නෑ.. ක්ලාස් අද එක්ට්‍රා දාලා.. අපි හෙට කතා කරමු..”

ඒක කියද්දි නම් කුමාරයගෙ මූණ ඇකිලිලා ගියා.. ළග ලිදක් එහෙම තිබුණා නම් ෂුවර් එකටම බුවා ලිදේ පනිනවා..

අපි දෙන්නටම බායි කියලා දෙන්නම ක්ලාස් එක පැත්තට ගියා.. මට ඉවසුමක් නෑ අපේ පන්ති පටන් ගන්නකන්.. මොකද ඉස්කෝලෙ යනවට වඩා විදු දයා ක්ලාස් එකට එන්න මාර ආසයි.. අපේ ෆන් එක තියෙන්නෙ ඉතිං මෙතනනෙ.. දෙන්නම ගියාට පස්සෙ කුමාරයා උගේ වාචාල කට ඇරපු ගමන් කිව්වෙ සුමියා මාර පාර නේද බං කියලා.. ඌ ඒ නම් සුවර් එකටම ඇහුවෙ අර කෙල්ල ගැන කියලා මම තේරුණා..

“හ්ම්.. මොන මාරද බං.. බලපංකො වලවල් හැමතැනම.. කොච්චර හොදට පාරවල් හැදුවත් අපේ එවුන් පාවිච්චි කරන්න දන්නෙ නෑ බං..”

“උඹ මේ මගුලක් කතා කරනවා.. මම කිව්වෙ තොගේ කාජල් නංගි ගැන බං.. ඒ සුමියො.. හැමදාම පන්ති එන්න තියෙනවා නම් පට්ට නේ බං..”

“හ්ම්..”

ඒ දේට නම් මමත් එකෙන්ම කැමතියි.. මොකද ඉතින් අර සුරූපිණිය හැමදාම දකින්න පුළුවන්නෙ..

“මොකෝ උඹ බකමූණා වගේ හ්ම් කියන්නෙ..”

“හ්ම් කිව්වෙ ඔව් කියන එකට යකෝ..”

“හ්ම්..”

කුමාරයත් එක්ක හිටියම සමහර වෙලාවට මානසිකව වැටෙනවා.. ඌ එක්කම ඉන්න නිසා මම ඒක හොදටම දන්නවා..

දවල්ට කාපු කෑම එක ඇල්ලුවෙ නැති නිසා මට පට්ට බඩගින්නක් දැනුණා.. ඒක නිසා මම කුමාරයා එක්ක හන්දියෙ කඩේකට ගියා මොනවා හරි ආමාශ ගත කරගන්න..

“මේ.. අර දමියා බං අස්සෙ තියෙන ටේබල් එකේ ඉන්නෙ..”

මේකා ඒපාර බෙල්ල වටේ කරකවනවා..

“කෝ බං.. කොහෙද..?”

“අර ඉන්නෙ යකෝ.. තොගෙ ඇස් බීරි වෙලාද..?”

මූ දමියා දැක්ක ගමන් කෑගැහුවෙ නැද්ද කඩේ දෙවනත් වෙන්න.. මූට නම් කිසිම චාරයක් නෑ.. කඩේ ඉදපු හැමෝම එකසැරේ අපි දිහා බැලුවා හරියට මිනීමරුමක් කරලා කඩේට පැනලා වගේදමියටත් මලපැනලා වගේ මේ පැත්තට දුවගෙන ආවා..

“මොකෝ බං කෑගහන්නෙ..?”

දමියා කුමාරයට දෝස්මුරේ දාන්න ගත්තා..

“තොගේ කන පොට්ට නිසා බං හයියෙන් කතා කලේ..”

“ආ.. මට අමතක වුණා බං.. ඉතින් උඹලා මොකෝ මේ පැත්තෙ කරන්නෙ..?”

මේකත් අහන්නෙ මාර ප්‍රශ්නනෙ.. යකෝ කඩේකට එන්නෙ දෙයක් ගන්න හරි කන්න හරි මිසක් වෙන මක්කා කරන්නද..?

“අපි මේ ඇගපත පොඩ්ඩක් හොදගන්න ආවා බං.. තොට මෝල්ද යකෝ.. කඩේකට එන්නෙ මොකද කියලා අහන්නෙ..”

මම කියපු එකට අල්ලපු ටේබල් එකේ හිටපු අක්කා කෙනෙකුටත් බකස් ගාලා හිනාවක් ගියා..

“මම දන්නවා බං.. මම ඇහුවෙ ටවුන් එක පැත්තෙ මොකෝ කියලා..”

“ආ.. අපි මේ විදු දයා ක්ලාස් එකට ආවා බං සර් කෙනෙක්ව හම්බවෙන්න..”

“හ්ම්..”

පොරට අපි දෙසාබෑවෙ හම්බ බොරුවක් කියලා තේරුනාද කොහෙද..

“ඒක නෙමෙයි බං සුමියො.. ඒ ක්ලාස් එකේ පට්ට කෑලි ටික්ක ඉන්නෙ බං..”

“හ්ම්.. මාත් දැක්කා..”
මට හිතුනා මේකත් මේ ක්ලාස් එක වටේ ඇහැ දාලා ඇවිත් තියෙන්නෙ කියලා..

කුමාරයට තරූ ආපු නැති දුකටද කොහෙද දැනට මාලු පාන් තුනක්ම කාලා ඉවරයි.. යකෝ මේකා දුකට මෙච්චර කනවා නම් සතුටට කොච්චර කයිද.. මම පිටිපස්සෙ සාක්කුවට අත දාලා පර්ස් එක එලියට අරන් බැලුවෙ කීයක් පර්ස් එකේ තියෙද කියලා.. නැත්තං ඉතිං මේ කන කෑමට මට පිගන් හෝදන්න තමා වෙන්නෙ.. අවුලක් නෑ තාත්තගෙන් උස්සපු මොණර කොළයක් තියෙනවා..

අපි තුන්දෙනාම කාලා ඉවර වෙලා ගෙදර යනකොටයි දැක්කෙ ජයන්ත කාටද හොරගල් අහුලනවා.. බලන් යනකොට යකෝ අපේ එවුන් සෙට් එකම විදු දයා ක්ලාස් එක වටේම ඉන්නවනේ.. අපි ෂේප් එකේ බුවා ළගට ගියා..

“ඕයි.. මොකෝ බං කරන්නෙ.. හොර පූසෙක් වගේ..”

පොර එකපාර ගල් ගැහුනා අපිව දැකලා..

“න්නෑ… න්නෑ බං.. මේ අපේ නැන්දා කෙනෙක් එනකං ඉන්නවා..”

මේකා පැන්න ගමන් දුන්නෙ ඔය ටෝක් එක.. අනේ අපි නොදන්න මුගේ නැන්දා..

“පල පල බොරු නොකිය.. කියහං සිරාවටම.. උඹ මෙතන මොකෝ කරන්නෙ..?”

“ඇත්තම කියනවා නම් මේකයි සීන් එක.. රානි මුකර්ජී වගේ කෑල්ලක් දැක්කා බං මම.. ඒකිව දැක්කම ඇගපත මෙව්වා වෙලා යනවා..”

“යකෝ බලාගෙන ගියාම බොලිවුඩ් නිලියො භාගයක්ම ලංකාවට ඇවිල්ලනේ..”

කුමාරයා ඒක කිව්වෙ මගේ දිහා බලලා කින්ඩි හිනාවක් දාලා..

අපි සෙට් එක එතන විනාඩි දහයක් විතර ඉදලා ගෙදර යන්න සෙට් වුණා.. නැත්නම් ඉතිං මෙතන තමා දවසෙම ඉන්න වෙන්නෙ.. මොනවා මුන් එක්ක කතා කර කර ගියත් මගේ හිතේ තිබුණෙ අර ලස්සන කාජල් නංගිගෙ ලස්සන මූණමයි..
……………………….මතු සම්බන්දයි…………………

18 thoughts on “ඔබ මට හිමි වේ නම් | 02 කොටස| නවකතාව”

  1. ඇත්තටම මාර සතුටක්
    දැනෙන්නෙ කතා අහුර ට බොහෝමත්ම ස්තුතියි බුදු සරණයි යාළුවොනේ කතාව බලලා කොමෙන්ට් එකක දන්න

  2. ලස්සනයි කතාව අනේ…ආස හිතෙනවා කියවද්දි…ඉස්කෝල ගිය කාලෙ මතක් වෙනවා යාලුවො එක්ක කරපු පිස්සුම පිස්සු වැඩ ….සභ පකනවා හදවතින්ම තව ඉස්සරහට මීටත් වඩා හොඳට ලියන්න ලැබෙන්න කියලා…බුදු සරනයි…

  3. Chathu indeewaree

    ඇත්තටම මාරම ලස්සනයි අයියා කතාව. හිනාවෙවී කියවන්න පුළුවන්. අයියට කාජල් සෙට් වුණා නේද?… සෝයි සෝයි ඈ…හැමදාම දාන්න අයියා කතාව. මරු අප්පා ඔයාගෙ ශබ්ද කෝෂයේ තියෙන වචන ටික….

  4. Vibushani madu

    Onna ithin math kathawa asawen kiyeuwa hodeee. Oya liyana widihata mnnm hari asai aiye welawakat hina kala marenawa appaa ?. Digatam me wage lassanat liynna aiye good luck hodeee

  5. Hashini Navanjana.

    ඔන්න දැන් තමයී කතාව කියවන්න ? වෙලාවක් ⏰ ආවෙ මට.. අනේ. . . කතාව නම් හරිම ලස්සනයී අයියේ..??? කියවන්න කියවන්න ආස හිතෙනවා. අපිත් ක්ලාස් යනකොට කරපු පිස්සු වැඩ මතක් වෙනවා.. ??? ඔයාගෙ නේද කාජල්…??? ??
    හී….. ඔයා හොඳට ලියනවා.. ඔයාගෙ අනාගතේට සුභ පතනවා ??? .
    Best of luck.. ?️?️?️?️?️?️?️

    1. Kajal kageda kiyala balanna kathawa ewara wenakam balanna one halida aniwa nangiya a kale ayth enawa nam patta ne thank you so much nangiya budusaranyi

  6. A a kajal neda oyage girl friend ?.aththatama oya kathava liyana vidiyata kiyavanna godak asa hithenava.ithin idiriyatath mevage lassa,venas ratavakin katha api venuven
    Aragena enna oyata siyalu shakthiya prarthana karanavaaa????
    All the best ?????

    1. Balanna ko Kajal kageda kiyala anithima wenakam heheh aniwarenma thank you so much mama ithin song writer kenk mage sindu Hiru eke ehema yanwa mage YouTube channel eke athi D.sumith kiyala

        1. Google eke gana me nam walin
          01. Pem Sithata Wiramayak
          02. Bidinu sith laga
          03. Duras wena bawa
          04. Pem sihina Mal
          05. Pera Kala
          06. Raja maduru wiman
          07. Sada ma sith
          08. Oba ma kisida
          09. Widawanna baa Aaye
          10. Me tharam adare
          11. Aduru wee thibu

          Thawa thiye Dana oyata tika ahanna ko

  7. ? මහිංසා ?

    අම්මෝ …පට්ටම සුපිරියි ඔයාගේ වචන නම්…ඈ ලොකු …කොහොමද ඇස් ? බීරි වෙන්නේ ….එතකොට කන් පොට්ට වෙනවාද…ලොකු ඔය කෙල්ලෝ සෙට් කරගෙන එග්සෑම් අනාගත්තොත් දෙනවා ගුටි හරිද …???? අනේ ඇත්තටම …කවුද මේ සුමී කොල්ලගේ කෙල්ල …????? ඇත්තටම කාජල් ද… ඉක්මනින්ම හොඳ සහකාරියක් ලැබෙන්න කියලා හදවතින් ම පතනවා ….ලොකු ….සතුටින් ඉන්න හැමදාම ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.