Katha Ahura

මියදුනු අය සොයන් |17 කොටස| හොල්මන් කතා

4.3/5 - (6 votes)

මියදුන අය සොයන් Episode 17

“කවුද උබ ”

මම ඇහුවේ ඒ පුදුමයත් සමගයි.

“මම කවුද කියල අහන්නේ ,ඇයි උබට තේරුම් ගන්ඩ බැයිද කවුද කියලා…”

අර තරුනයා එහෙම කියද්දී මම ගිහන්සා දිහා බැලුවා. ඇය හිටියේ හැගීම් විරහිත දෑසින්.

“කවුරු උනත් කමක් නෑ ඔය සල්ලි මට ඕනා ”

කියපු මම අර තරුණයා ලගට පැන්නේ ඒ සල්ලි ගන්ඩ හිතන්.

“උබ හිතන් ඇති මේ සල්ලී එහෙම ලේසියෙන් මගෙන් ගන්ඩ පුලුවන් වෙයි කියලා හහ් හහ්…..”

එහෙම කියපු ඔහු මම ඔහු ලගට යද්දිම පැනල දිව්වා. මොහොතකින් ඔහු වැව් කැලේ අතරින් නොපෙනී ගියා. මම ඔහු ගිය පැත්තට ඔහුව අල්ල ගන්ඩ කියක හිතක ලුහු බැන්දත් වැඩක් වුනේ නෑ. ඔහු අතුරුදහන් වෙලා.

“ගිහන්සා කවුද ඒ…….”

මම ආපහු ගිහන්සා ලගට ඇවිත් ඇහුවා. ඇය හිටියේ කලින් හිටපු තැනමයි. අර වගේ දෙයක් වුනා කියලා ඇයට ගානක්වත් නැ වගේ.

“එයා…… මනුස්සයෙක් නෙමේ…….”

“මනුස්සයෙක් නෙමේ එහෙනම්…”

ගිහන්සා අරහෙම කියද්දී මට යමක් තේරුම් ගියා.

“එයා මැරුන කෙනෙක් අයියේ ,, ඒ ඉන්නෙ එයාගේ හොල්මන,,, ඔයා මෙච්චර කල් ආසාවෙන් හිටියෙත් ඒ වගේ දෙයක් දකින්ඩනේ…”

“මට හිතාගන්ඩත් බෑ…..මම එහෙනම් හොල්මනක් දැකල විතරක් නෙමේ හොල්මනක් එක්ක කතාකරලත් තියෙනවා…. ගිහන්සා නංගි ඔය කියන්නේ බොරු නෙමේ නේද”

මට මේ ගැන හිතාගන්ඩවත් බෑ.

“මම මොකටද බොරු කියන්නේ,,මම හිතන්නේ අර මිනිස්සු කතා වුන විදිහට මීට මාසෙකට කලින් කපල කොටල මරුපු ඒ කොල්ලගේ හොල්මන තමා ඒ……..,, ඒකනෙ ඔය විදිහටම ඇගේ ලේ තිබ්බේ….. ඒත් මට හිතාගන්ඩ බෑ…. ඇයි ඒ හොල්මනට සල්ලි ඕනා කියලා……”

ගිහන්සා ඒක කියල ඉවර කරද්දී මට ඇහුනේ පිටිපස්සෙන් අඩි හඩක්. මම පිටිපස්ස හැරිලා බැලුවා…. මය අදහාගන්ඩත් බෑ මම ඉස්සරහා හිටියේ අර හොල්මන් තරුණයා.. ඒත් ඔහු ලග අර අපෙන් උදුරගත්ත සල්ලි උරයවත් , ලක්ශ තුනේ මුදල මිටිවත් තිබුනේ නෑ.

ඒත් ගිහන්සා ඒ ඉන්නෙ හොල්මනක් කියලා කලින් කියල තිබ්බත් මට බයක්නම් හිතුනේ නෑ.

“පුදුමයි නේ මම ආයෙත් උබලා ලගට ආපු එක ගැන ,, ආයේ පාරක් උබ හොයන් ආවේ මට උබෙන් ලොකුම ලොකු වැඩක් කර ගන්ඩ ඕනා හින්දා ”

හොල්මන් තරුනයා කතා කෙරුවේ මම දිහා බලන්.

** මට කතා කරගන්ඩ කටට වචන ආවේ නෑ.

“උබ ඒ වැඩේ කෙරුවොත් , මම උබට අර සල්ලි ඔක්කොම දෙනවා.. උබ කැමති නෑනේ ,උබ හින්දා කවුරුවත් මැරෙනවට , එහෙම නේද……මේ සල්ලි තිබ්බ තැන නැතිවුනාම අරුන් දෙන්නත් නිකන් ඉදි කියලද හිතන්නේ ,,,උන් දෙන්න මරා ගනී. තව අර උබ කියපු ගෑනු කෙනාගෙයි, ඒ ළමයගේ ජිවිතෙත් තියෙන්නේ උබේ අතේ…..”

“උබට මොනවද මම ලවා කරව ගන්ඩ ඕනා….”

මෙච්චර වෙලා අගුල් වැටිලා තිබ්බ මගේ මුව ඇරුනා.

“පලි ගන්ඩ”

“කාගෙන්ද”

“මට මෙහෙම කරපු උන්ගෙන්,, මාව මෙහෙම කපලා කොටලා මරල දාපු උන්ගෙන්”

“ඒත් ඒ වැඩේ ඔයාටත් කරන්ඩ පුලුවන්නේ ,, ඇයි ඒකට මෙයාව යොදාගන්ඩ හදන්නේ.”

මේ පාර කතා කෙරුවේ මම නෙමේ ගිහන්සා. ඇයත් මම වගේමයි කියල මට හිතුනේ, හොල්මනක් දැක්ක කියලා එයාටත් ගානක්වත් නෑ. සාමාන්ය මනුස්සයෙකුට කතා කරනව වගෙයි ගිහන්සා අර හොල්මන් තරුණයා එක්ක කතා කෙරුවේ.

“මගේ ශක්තිය තියෙන්නේ මම මරපු තැන ඉදන් පොඩ්ඩ දුරකට විතරයි. ඒ දුරින් එහාට ගියාම මට කිසිම දෙයක් කරන්ඩ බෑ…මට ඕනේ මම මරපු උන් දෙන්නව මගේ ශක්තිය තියෙන මේ වැව් කැලේට කොහොම හරි ගෙන්ව ගන්ඩයි. ඒ වැඩේ උබට කරන්ඩ පුලුවන්ද ”

හොල්මන් තරුණයා මම දිහා බලන් ඇහුවා.

“මම කොහොමද ඒක කරන්නේ ,, කොහොමවත් මට බෑ…..උබ හදන්නේ ඒ දෙන්නව මේ වැව් කැලේට ගෙනල්ල මරලා දාන්ඩනේ”

මම ඒකට කැමති වුනේ නෑ…

“නෑ මම උන් දෙන්නව මරන්නේ නෑ……මට ඕනේ උන් දෙන්නට මැරෙනක්ම්ම විදව විදව ඉන්ඩ පාඩමක් උගන්නන්ඩ විතරයි. උබට පුලුවන්ද ඒ දේ කරන්ඩ, ඒ දේ කෙරුවොත් මම ආයේ අර සල්ලි උබට දෙනවා,,”

“මට බෑ ඔය වැඩේ කරන්ඩ , උබට ඕන දෙයක් කරපන්”

“මම උබට කිසිම දෙයක් කරන්නෙ නෑ,, ටිකක් කල්පනා කරලා බලපන් , අදහස වෙනස් වුනොත් මාව ඉක්මනට ආයේ හම්බවෙන්ඩ වරෙන්, මම හිතෙනවා උබේ අදහස වෙනස් වෙයි කියලා.”

කියපු හොල්මන් තරුණයා මම දිහා සෑහෙන්ඩ වෙලාවක් බලන් හිටියා.

“අයියේ අපි යමු දැන්…..”

ගිහන්සා මගේ අත අල්ල ගත්තේ එහෙම කියමින්.

* හොල්මන් තරුණයාව තනි කරපු මමයි ගිහන්සයි එතනින් ආවා. පුදුමයි. හොල්මන් තරුනයාගෙන් මටයි ගිහන්සාටයි කිසිම කරදරයක් වුනේ නෑ. එකවෙලාවකට මට සැකයි ගිහන්සා කිව්ව විදිහට ඒ හොල්මනක්මද කියලා.ඒ ගැන මම ගිහන්සාගෙන් ඇහුවා. එතකොට අපි දෙන්න හිටියේ දෝතැල්ලේ වැව් ඉසව්වෙන් සෑහෙන්ඩ දුරක් ගිහින්. හීනෙන් වගේ බයිසිකලේ පැද්දත් මගේ හිත තිබ්බේ ම අර තරුණයා ලග.

“ඒ හොල්මන අපිට කරදර කෙරුවේ නැත්තේ ඇයි කියල මටත් හිතාගන්ඩ බෑ….ඒත් එයා හොල්මනක්ම තමා..”

ගිහන්සා ඒකට දුන්නේ ඒ වගේ පිලිතුරක්.

“දැන් මම මොකද මේකට කරන්නේ,, ”

“කෝකටත් තව කාගෙන් හරි අහල බලන්ඩ , කවුද මේ මරල දාපු කෙනා,, එයා ජීවත් වෙලා ඉද්දි මොනවගේ චරිතයක් තියෙන කෙනෙක්ද කියලා. මමත් ටිකක් හොයලා බලන්නම්”
**************************************

මම ගිහන්සාව ගනේගම මිනිපිටිය ආසන්නයෙන් බැස්සෙව්වා.

“ආයේ ගිහන්සා නංගිව හම්බවෙන්නෙ කොහොමද”

මම ඇහුවා.

“රෑට ගනේගම මිනීපිටියට ආවොත් මාව හම්බවෙන්ඩ පුලුවන්,, ”

එහෙම කියල ඇය යන්ඩ ගියා.

එක වෙලාවකට මට ගිහන්සාත් ගැනත් පුදුමයි. ඇය අනිත් යුවතියන් වගේ නෙමේ,, හොල්මන් වලට කරුවලට බය නැති ගිහන්සා ගැන එක වෙලාවකට මට හිතුනේ හරි ගුප්ත බවක්.
**************************************

මේ ගැන අහන්ඩ හොදම කෙනා විදිහට මට එකපාරටම ඔලුවට ආවේ නිම්නාදිගේ මල්ලී පවන්ව. වැවේ හම්බවුන තරුණයා හින්දා,, එදා මගේ ගෙට රිංගපු ,නර්මදා ,නිලන්ත,වත්සලාට වඩා දැන් මට දැනගන්ඩ ඕන වෙලා තිබ්බේ ඒ ගැන. නිම්නාදිලාගේ ගෙදර අයත් මගෙන් ඒ ගැන ඇහුවේ නෑ.

“පවන් මල්ලී මීට මාසයකට විතර කලින් , දෝතැල්ලේ වැවේ ,,,,මගේ වයසේ වගේ කොල්ලෙක්ව කපල කොටල මරලා දාල තිබ්බද”

ඊලග දවසේ රෑ නිම්නාදිලාගේ ගෙදර ගිහින් බත් කාල ඉවර වෙලා පවන් එක්ක කැරම් ගහද්දියි මම ඒක ඇහුවේ. ඒක ඇහෙද්දි පවන්…………හිමකරටයි ගිහන්සටයි වැවේදී හම්බවුන තරුණයා හොල්මනක්ද කියලා දැනගන්ඩත් එක්ක මම තව කොටසක් අරන් ඉක්මනටම එන්නම්………

කතාව කියවල ලයික් එකක් දීල අදහසකුත් එකතු කරන්ම යන්ඩ.

4 thoughts on “මියදුනු අය සොයන් |17 කොටස| හොල්මන් කතා”

  1. Chathu indeewaree

    යේ. ජය වේවා! ෆස්ට් කමෙන්ට්, ෆස්ට් රේට් මගෙ ගානේ ෆ්‍රී දෙනවා රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් අද ඔයාට.. කතාව ලස්සනයි. හෙටත් එන්න එහෙනම් ලස්සනම ලස්සන එපියක් අරගෙන. හොඳේ…..

  2. Matanam hithenne me kollai gihansai holman kiyala??ane manda issarahata monava veida kiyala kiyannanm amarui?
    Kathava venada vagema adath superb???
    Jayen jayama veva.all the best???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.