Katha Ahura

ඔබ මට හිමි වේ නම් | 04 කොටස| නවකතාව

3.3/5 - (3 votes)

………………………04 වෙනි කොටස ………..

පන්ති ඉවර වෙලා මම ගෙදර ආවෙ යකෙක් කන්න බඩගිනි වෙලා.. ඇළට ගිහින් නාගෙන ඇවිත් අම්මා බෙදපු රුවල් වැලිසෑය වගේ බත් පිගාන කාලා ආවා කාමරේට කෑම ටික දිරවන්නත් එක්ක.. පොඩි ඇලට් පාරකුත් දාන්න ඕන.. නැත්නම් හිතට හරිනෑ වගේ..

අද දවසෙ වෙච්ච දේවල් මතක් වෙනකොට පිස්සු ඩබල් වෙනවා.. කිසිම දේකට හිත දෙන්නෙ නෑ.. අඩුම ගානෙ නිදා ගන්නවත් හිතෙන්නෙ නෑ.. අනේ අම්මපා කවුද මගේ මේ නින්ද හොරකම් කරපු ඒ බෝනික්කි.. ඒ ගැන මතක් කර කර ඉන්නකොට නිකම්ම මට නින්ද ගිහිල්ලා..

“ඒයි නිදිකුම්බරයා.. නැගිටපං, නැගිටපං..”

අහස කඩාගෙන වැටුනා වගේ.. මොකෙක්ද යකෝ ඒ ඇගට පැනපු එකා.. මම උඩ ගිහින් ඇහැරුනා.. අපෝ මේ පකිස් බූරුවා..

“අරහෙට පලයන් බං.. තොගේ බර මගේ අහිංසක බොඩියට උහුලගන්න අමාරුයි.. බලපං තෝ මට නිදහසේ ඇලට් එකක් දාන්නවත් දෙන්නෙ නැති හැටි.. තූ තෝ..”

“ආ.. ඒකත් එහෙමද..? හරි හරි.. එහෙනම් මම කැපෙන්නම්.. මම මේ ආවෙ උඹට හොද නිව්ස් එකක් අරගෙන..”

වැඩේ දෙල් වෙන්න වගේ යන්නෙ…

“තොට ජෝක් තේරෙන්නෙ නැද්ද බං.. මම මේ ආතල් එකක් දුන්නෙ.. හරි හරි.. මොකෝ දැන් වෙලා තියෙන්නෙ.. මොකක්ද නිව්ස් එක..?”

“ආ.. මම තොගේ සංසලා ගැන පොඩ්ඩක් හොයලා බැලුවා අද..”

ඒක කිව්වා විතරයි මගේ පපුවට මාර කූල් එකක් ආවා..

“අම්මටසිරි.. උඹ මොනවද වස්තුවෙ හොයාගත්තෙ මගේ ප්‍රියම්බිකාව ගැන.. අනේ කියපියකො අගේ නොකර..”

“කියන්න කලින් මට මොනා හරි කන්න හරි බොන්න හරි දීපිය.. තොගේ වැඩ වලට ගිහින් මට පට්ට මහන්සියි.. තොපි නම් මෙලෝ වැඩක් නෑ..”

“හරි හරි ඉදහං.. අම්මේ… අම්මේ…”

ආ.. අපේ අම්මට සංග්‍රහ ගැන කියන්න ඕන නෑ.. අම්මේ ගානකොටම කූල් ඩ්‍රින්ක්ස් දෙකකුත් අරගෙන අම්මා දොර ළග..

“ඔන්න පුතාට මහන්සියි කියපු නිසා මම කූල් ඩ්‍රින්ක් එකක් හදාගෙන ආවා.. කො ඉතින් බත් කන්න බෑ කිව්වනේ..”

ආ.. මේකා අපේ අම්මව හොදට අන්දලා ඇවිත් තියෙන්නෙ.. මොනා වුනත් අපේ අම්මා මගේ යාලුවොත් එක්ක මාර ෆිට්.. මට වගේම එයාලටත් ආදරෙයි.. තාත්තා නම් එච්චර නෑ..
“හරි.. දැන්වත් කියපන්කො අර මැක්සා නිව්ස් එක මොකක්ද කියලා.. මගේ හදවත පාරන්නෙ නැතුව..”

“උඹගෙ හදවත පාරන්න මම උඹගෙ ගෑනිද.. පල පල කැත ටෝක් නොදී.. මෙන්න මේකයි සීන් එක.. උඹ දන්නවද නිම්මි..? අර බන් අපේ නහර කාරයා අසිත අන්න උගේ කෙල්ලගෙ හොදම යාලුවා තමා සංසලා.. පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි විතරලු.. ගම රත්නපුරේ.. ළගදි තමා බලපිටියට ඇවිත් තියෙන්නෙ.. එයාලා ඉන්නෙ නිම්මිලගෙ අල්ලපු ගෙදරලු.. නිම්මිගෙ මාර්ගයෙන් තමාලු අපේ විදුදයට ඇවිත් තියෙන්නෙ.. ඕක තමා මැක්සි පට පට නිව්ස් එක..”

මම මේකා හරකෙක් කියලා හිතන් හිටියට මේකට යමක් කමක් තේරෙනවනේ.. වැඩේ නම් එලට කරලා තියෙනවා..

“ඒ කියන්නෙ කොටෝ.. සොරි සොරි වස්තුවෙ.. නිම්මියි, සංසලයි ඉන්නෙ එකම ක්ලාස් එකේ..?”

“නෑ නෑ.. බොරු පානි ඕන නෑ.. කොටා කියලම කියපන්.. ඔව් උන් දෙන්නම ඉන්නෙ එකම පංතියෙ තමා.. හැබැයි පොඩි අවුලක් තියෙනවා.. අපේ පරන තරහ කාරයෙක්නෙ බං අසිත කියන්නෙ.. ඒකගෙ කෙල්ලගෙන් නිව්ස් ගන්න ගිහින් අපිට හම්බානෙක කන්න වෙයිද දන්නෑ..”

“උඹට පිස්සුද බං.. ඌ කවදද අපිට ගැහුවෙ.. අපිමනේ උඹ ගහපු තරමක් ගැහුවෙ.. ඉතින් මොකද තෝ මේ බයවෙලා.. මම ඉන්නකන් ඒවට ඉඩ නෑ හරී.. උඹ බය නැතුව හිටපං.. සුමී ගැන උඹ හොදට දන්නවනේ.. උන්නත් එකයි මලත් එකයි ඈ..”

මේකා යකෝ පට්ට බයක්නෙ තියෙන්නෙ අසිතයට.. නොදකින්.. ගැහුවොත් ගහන එකනෙ තියෙන්නෙ ලොවෙත් නැතිවෙන්න.. අපිටත් දෙයියො කකුල් දෙකයි අත් දෙකයි දීලා තියෙන්නෙ ඒකනේ.. ගහන්න බැරි වුනොත් දුවන්න තමා කකුල් දෙක දීලා ඇත්තෙ මට හිතෙන්නෙ..

“හරි.. හරි බං.. අපි ඒ ගැන පස්සෙ බලමුකො..”

“හ්ම්.. ඒක නෙමේ කුමාරයා.. මම මේ කල්පනා කරේ සර් කියපු දේ බන්.. අපි පිස්සු කෙලියා ඇති වගේ කියලා මට හිතෙනවා.. මොකෝ අපි පාඩම් කලේ නැත්නම් අපිටම තමා හෙනහුරා කෙලින්නෙ.. කරගන්න දෙයක් දැන්ම කරගන්න ඕන බං.. අපි අනාගතේ ගැන හිතනවා මදි කියලා මට හිතෙනවා.. ඉගෙනීම ගැන මීට වඩා හිත යොමු කරන්න ඕන බං.. විභාගෙ කොහොම හරි ගොඩ දාගත්තෙ නැත්නම් ලයිෆ් එකම සෙත්තපෝච්චි..”

“මගුල තමා.. උඹ හැමදාම ඔය බනේ කියනවනේ.. අපි කවදද කියපං ඔය වැඩේ ක්‍රියාත්ම කළේ..?”

“ඒක තමා පුත්තලම් බූරුවො මේ කියන්නෙ.. අපි දැන්වත් වැඩේට බහිමු කියලා..”

“ආ.. එහෙනම් උඹ මේ බූරුවො එක්ක පාඩම් කරන්න එපා.. මම යනවා..”

මේකට ජෝක් තේරෙන්නෙ නැති එකට නම් දෙන්න වෙනවා හෙට අනිද්දටම දෙක තුනක්..

“අපෝ ආයෙ තොට ජෝක් කරන්නෙ නෑ.. උඹලට ජෝක් තේරෙන්නෙ නෑ බං.. වැඩක් නෑ..”

“හි.. හි.. හි.. මාත් ජෝක් එකක් තමා බං කලේ.. අපි ජෝක් හොදට දන්නවා යකෝ.. මේ මචං.. මම යනවා.. අම්මා කඩේට යන්න එන්න කිව්වා හැන්දෑ නොවී.. නැත්නම් රෑට බඩගින්නෙ අපේ අහිංසක පවුලම..”

“හරි මචෝ.. බුදුසරණයි.. ගිහින් වරෙන්..”

කුමාරයා ගියත් හරි මට පට්ට පාලුවක් දැනුනා.. ඉන්න කොට මොකක් හරි ආතල් එකක් දෙනවනේ.. නැත්නම් පචයක් හරි හදලා කියනවනේ.. රෙදි ලොට් එකකුත් ගොඩ ගැහිලා.. ඒ ටිකත් හෝදලා කාමරේ ටිකක් සුද්ද කරලා දාන්න හිතුනා.. රෙදි ටිකත් බේසමට දාලා කාමරේ ඔක්කොම අස් කරලා කුණු ගොඩත් පුච්චලා ටීවී එක බලන්න සෙට් වුණා..

“ශා.. අද අවුරුදු වගේ.. මොකක්ද මේ සැබෑ වෙනස..?”

නංගි එහෙම අහන්න හේතුව මම දන්නවා.. මොකද මම අවුරුද්දකට සැරයයිනේ කාමරේ සුද්ද කරන්නෙ..

“මොකද දෙන්නද හෙල්ප් එකක්..? මොනවා උනත් ඔයා මගේ ස්විට් අයියනේ..”

මේකි මොකටද මේ එන්න හදන්නෙ..

“යනවා යන්න.. දැන් අස් කරලා ඉවර බව දැන දැන අහනවා..”

“අපෝ අයියා නිසා උදව්වක් කරන්න හැදුවෙ.. එහෙනම් මම යනවා.. බායි..”

අම්මට සිරි රෙදි ටික…

“නංගි.. නංගි..”

“ඇයි..?”

“මේ.. මේ…. මගේ රෙදි ටික පොඩ්ඩක් හොදලා දානවකෝ.. දන්නවනේ ඔයාගෙ අයියන්ඩියට රෙදි හෝදන්න බෑ කියලා..”

“දෙන්න දෙන්න.. කරදරකාරයා..”

“එල එල.. මගේ හොද නංගියා..”

මතු සම්බන්දයි ………….

12 thoughts on “ඔබ මට හිමි වේ නම් | 04 කොටස| නවකතාව”

  1. Adath ithin kathawa supiriiiii sumith boy….aiyada mallida kiyanne danne nani ekai ema qwe halidaaa….oyage kathawa jeewamanai aneee athishayokthiyanam kotinma na..a/l wayase sarala daga karakama ehem pitinma tyenawa aththa life eke wagema..ithin oya dakshai hodeeeeeeeee…..

    1. Aththatama me mage aththa kathawa mage adare gana Dan nam mama lankawe newe inne mama song writer kenk Mata 28y meka ahurudu ganaka kathawak Katha ahura wenuwne liyanna hithuna balanna ko anith ewath thank you so much

  2. Vibushani madu

    Onna mn adath oyage kathawa kiyeuwa aiyeee harima shok ane hina yanawa. Aiya mt kalin dawase aiyage sindu wagayak ahanna kiyla thibba monada aiye e sindu. Kathawa lassanat digatam liynna aiye bs oyata all the best

    1. Mama oya Apu eke damma kathawe anith kotas wala chuttak balanna 2nd eke Hari 3rd eke Hari mama comments Kara a song bagayak thank you so much nangiya

  3. Chathu indeewaree

    සා……නියමයි ඈ…..ගොඩාක් ලස්සනයි අයියා කතාව. මම දැන් තමා කතාව කියෙව්වේ . ඇත්තම කියනවානම් කතාව කොලු භාෂාවෙන්ම ලියලා තියෙනවා හිතට දැනෙන විදියට.හරිම සරලයි.. අපිව ආයෙමත් ඔයා ඒ සුන්දර අතීතයට එක්ක ගිහින් එහි ජීවත් කරවනවා.. ඉතින් පතන්නම් අයියේ හදවතින්ම මෙවන් කතා ලිවීමට හැකියාව නොඅඩුවම ලැබේවා!!! කියලා…

    1. හදවතට දැනෙන කොමෙන්ට් එකක් බොහොම ස්තූතියි ඔව් ඔය මං කතා කරන භාෂාවෙන් ලිව්වෙ මොකද ඔය මගේ ඇත්ත කතාවක් නිසා බුදු සරණයි අනිවාර්යෙන්ම ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් මං කරනවා ඒ වගේම මම ලියන සින්දු බලන්න අහන්න ඕනේ

      1. Chathu indeewaree

        හලි හලි ඉටිම් අපි අහන්නම්කො පුළුවන් හැම වෙලාවකම.මම ඔයාව සබ්ස්ක්‍රයිබ් කළා. ලස්සනයි අයියා ඒ නිර්මාණ හැම එකක්ම. අයියගේ කලා කටයුතු හැම එකක්ම ගොඩාක් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම.බුදු සරණයි!

  4. Nawoda Sadamini

    Hri lassnai aiye kathawa liyla tiyna widiya…. yluwo lga ennawa wge danenawa…. aiya asanipen ned enne…. ekmanin sanipa wela ayemth kathaahurata enna ape loku aiye….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.