Katha Ahura

ඔබ මට හිමි වේ නම් | 05 කොටස| නවකතාව

කතාව කොහොමද?

……………..05 වෙනි කොටස…………………

මාත් එළකිරි වගේ කාමරේ සුද්ද කරලා පොත් ඔක්කොම එළකිරි වගේ පිළිවෙලකට තියලා පොඩ්ඩක් හැඩවැඩ බැලුවා.. අම්මටසිරි.. යකෝ දැන් මගේ කාමරේ තරු පහේ හෝටලේක කාමරයක් වගේනේ.. තරු පහේ හොටෙල් එකක රූම් එකක් දැකලා නැති නිසා හරියටම කියන්න බෑ හැබැයි..

තාත්තා මගේ ළගට එනවා දැනුනෙවත් නෑ.. මොකද ඉතිං මම හිටියෙ සිහින ලෝකෙ අතරමං වෙලානේ..

“ෂා.. අද මගේ කොල්ලා කවදාවත් නැතුව කාමරේ සුද්ද කරලා පිළිවෙලක් කරලා තියෙන්නෙ.. බොහොම හොදයි..”

තාත්තා එහෙම කිව්වෙ ෆුල් කින්ඩියට කියලා මගේ හිත දන්නවා.. මාත් ඉතින් කීකරු පුතා නිසා ලාවට හිනාවෙලා තෑන්ක්ස් පාරක් දාලා එතනින් හිමීට කැපුනා..

“කොහේද ඔය දුවන්නෙ මං ආපු ගමන්..”

“කොහේවත් නෑ තාත්තෙ.. ටී.වී එක බලන්න යන්න හැදුවෙ.. නංගි කාටූන් බලනවා නේ”

“එයා කාටූන් බලපුදෙන්.. ඔයාට මේ කාලෙ කාටූන් බලලා හරියන්නෙ නෑ.. සුමී මේක අහන්නකො.. ඔයා මොන දේ කලත්.. මොන පිස්සුව නැටුවත් අපිට කමක් නෑ.. මොකද මේ කාලෙට කොල්ලෙක් එහෙම නැත්නම් ඒක ලෙඩක් කියලා මම දන්නවා.. ඒත් ඒ කොහොම වෙතත් ඔයා හොදට ඉගෙනගෙන විභාගෙ පාස් වෙන්න ඕන.. පාස්වෙලා කැම්පස් යන්නත් ඕන.. මට ඕන ඔයා මටත් වඩා උසස් කෙනෙක් කරන්නයි.. තේරුණාද..? ”

තාත්තා ඒ ටික මට කිව්වෙ මගේ ඔලුවත් අතගාන ගමන්.. ඒ වෙලාවෙ නම් මට මගේ තාත්තා ගැන ලොකු ආඩම්බරයක් ඇතිවුණා.. ඇත්ත.. අපේ තාත්තා බැංකුවක මැනේජ්ර් කෙනෙක්.. ඉතින් එයා හොදට ඉගෙනගෙන හොද රැකියාවක් කරනවා.. කාටවත් නැමෙන්න ඕන නෑ.. එයා කවමදාකවත් මටයි, අම්මටයි, නංගිටයි කිසිම දුකක් දීලා නෑ.. ඉල්ලපු දෙයක් අරන් නොදී ඉදලත් නෑ.. මාත් කොහොම හරි ගේමට බහින්න වෙනවා.. මේ මල මගුල් ඔක්කොම නවත්තලා.. මොකද මාත් කැමති මගේ දෙමව්පියො සතුටින් තියන්න.. අනිවා මම මගේ තාත්තගෙ බලාපොරොත්තුව ඉෂ්ඨ කරනවා.. මම මටම කියාගත්තා..

“තේරුණා තාත්තෙ.. අනිවා මම විභාගෙ පාස් වෙනවා.. ඒ ගැන ඔයා අවුලක් හිතන්න එපා..”

“කොලු භාෂාවෙන්ම තමා නේද මටත් දැන් කතා කරන්නෙ.. හොදා හොදා..”

“හි.. හි.. හි.. එහෙම නෑ තාත්තෙ..”

“හ්ම්.. හොදයි.. පුතා එහෙනම් මම යනවා.. මම කියපුවා අමතක කරන්න එපා හොදද..”

“හරි තාත්තේ.. ඒ ගැන බය වෙන්න එපා..”

මාත් එහෙම කියලා නංගිත් එක්ක ටී.වී බලන්න සෙට් වුණා.. ඊට පස්සෙ කාමරේට ඇවිත් මූණ කට හොදගෙන රෑට කෑමත් කාලා නින්දට වැටුණා.. මගේ සුරංගනාවි ගැන කල්පනා කර කර ඉන්නකොටම මටත් නොදැනිම මගේ ඇස් දෙක පියවුණා..

දවස් ටික නම් ගෙවිලා ගියේ හයිවේ එකේ එක්ස්ප්‍රස් බස් එකක් ගියාටත් වඩා වේගෙන්.. අද පංති දවස කියලත් මට මතක් වුණේ අපේ නංගියා පංති යනවා දැකලා.. කොල්ලො සෙට් එක නම් අම්බලන්ගොඩ ටවුන් එකට වෙලා වල බහිනවා ඇති.. ඒක නිසා මාත් යන්න ඕන.. මගේ පුංචි සිහින කුමාරි බලන්න පුලුවන් වුණොත්.. මට ඒ ඇති.. චැහ්.. අදින්න ඇදුමක්වත් නෑනෙ.. හැම එකම ඩස්පින් පාටයි.. හ්ම්.. එදා එකම අදත් ඇදගෙන යනවා.. සෙන්ට් බෝතලේ තියෙනකම් මොකට බයවෙනවද.. ඩස්පි ගඳ කොහෙ ගියාද නෑ..

“අම්මේ.. මම යනෝ….”

“උදේට නොකාම දුවන්නෙ.. කාලා යන්න ඉන්න..”

“බෑ.. බෑ.. පරක්කු වුණා..”

“අනේ මන්දා..”

“මම යනවෝ..”

“හොදයි පුතේ බුදුසරණයි..!”

අම්මටත් වැඳලා පරණ කිටකුත් දාගෙන මම බස් හෝල්ට් එක පැත්තට ගියේ බස් එකක් අල්ලගන්න.. දෙනකොට දෙයියො දෙන්නෙ පැන පැනනේ.. හෝල්ට් එකට යන්න කලින් බස් එක මේ එන්නෙ.. ආ.. කුමාරයත් ඇතුලෙ ඉදගෙන මේ මළ අඩේ ගහන්නෙ.. මාත් ෆුට් බෝඩ් එකේ එල්ලුනා.. තව පොඩ්ඩෙන් පොත් මිටියත් බිම.. වැඩකරු නිසා හොදට ගියා..

අපි ටවුන් එක ළං වෙනකොට ඈතදිම දැක්කා ධමියයි, ජයන්තයි කෙල්ලො ගණන් කරනවා ටවුන් එකේ එහාට මෙහාට යන.. අපි දෙන්නත් උන් ළගට සෙට් වෙන්න යනකොටම බඩියා දුකෙන් වගේ ළගට ආවා.. මේකා මොකක් හරි අවුලක වගේ..

“බඩියා.. මොකෝ සීන් එක..? කවුරුහරි උඹට ගැහුවද බං.. මූණ නිකං ඇඹුල් දොඩම් ගෙඩියක් කාලා වගේ..”

“උඹ මේ මගුලක් කතා කරනවා.. උඹලා දන්නවද බං තුෂාරයා ලෙඩ වෙලාලු.. ලක්මි මට කිව්වෙ.. ”

මේකා කතාව දිගෑරියෙ තුෂාරයා උගේ අයියා වගේනේ.. කොහොම වුණත් බඩියා හැමෝගෙම ෆිට් එක.. හොද කොල්ලා කියලා කවුරුත් දන්නවා.. ඔය අතරෙදි තමයි මගේ ඇස් ගෙඩි දෙක ඔරලෝසුව පැත්තට ඇදිලා ගියේ.. අම්මටසිරි වෙලාව හොදටම පරක්කු වෙලා..

“මේ ඔය සීන් එක පන්තියට ගිහින් කතා කරමු.. දැන් වරෙල්ලා යන්න.. සර් කාරයා අනිවා දන්නවා අපි වල බැහැලා කියලා පරක්කු වෙලා ගියොත්.. මොකෝ සෙට් එකත් එක්කමනේ යන්නෙ.. වර වර ඉක්මනට යමල්ලා..”

මම කොල්ලො සෙට් එකත් ඇදගෙන පන්තිය පැත්තට ඇවිදගෙන ගියා..

අපි යනකොට පන්තියම ෆුල්.. බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේලි වලින් නිසා අපි සෙට් එක හැමදාමත් වගේ පස්සෙ පේලියට පියමැන්නා.. මේ මගුලෙ බංකුවෙ කොහොමද පස් දෙනෙක් ඉදගන්නෙ.. මොනා කරන්නද අනිත් එවුන් බිම ඉන්නෙයෑ.. පස් දෙනාම ගුලි වෙලා ඉදගත්තා..

විනාඩි පහක් දහයක් විතර යද්දි සර් කාරයත් ඇවිල්ලා පන්තිය පටන් ගත්තා.. වැඩි වෙලාවක් යන්න වුණේ නෑ අපි සෙට් එකම ගුලිවෙලා ඉදපු නිසා පට්ට දාඩියයි.. ඒ වගේම දාඩිය වල සුවද.. අම්මේ නහය කඩාගෙන යනවා..

“මචං මේ බලපංකො මගේ පිටෙන් දියලුම දිය ඇල්ල ගලා බහිනවා..”

මම දමියට කනට කරලා කිව්වෙ කුමාරයට එහෙම ඇහුනා නම් ඕකා මේ පංතිය කරන අස්සෙ දියලුම දිය ඇල්ල හොයන්න පටන්ගන්න නිසා..

“ඔව් බං සුමියො.. මේ මල මගුල හයියෙන් කරකැවෙන්නෙ නෑනෙ බං..”

මූ මේ මල මගුල කිව්වෙ ෆෑන් එකට.. ඒ නිසාම තමා මාත් උඩ බැලුවෙ.. අම්මපා ෆෑන් එක කරකැවෙන්නෙ නිකන් අපිට ඕනවට වගේනේ..

“මොකෝ කියන්නෙ..? දාමුද සර් කාරයට කම්ප්ලේන් එකක්..”

එහෙම කියලා ධමියා මොකක්ද මන්දා කොලයක් අරගෙන කුරුටු ගාලා අතින් අත පාස් කරලා යැව්වා සර්ට දෙන්න කියලා.. එහෙම එහෙම සර් කාරයගෙ අතට කොලේ ගියා..

“පිටුපස පේලියේ ෆෑන් එක ඉතා වේගයෙන් කරකැවේ.. වේගය වැඩිකමට එහි පෙති ගණන් කිරීමට පවා හැකිය..”

ඒක කියවද්දි කෙල්ලො සෙට් එකට බකස් ගාලා හිනාවක් ගියා.. සර් කාරයත් ඔන්න එනවා අපි ඉන්න පැත්තට..

“දැන් කියනවා බලන්න කවුද මේ පන්තියෙ ෆැන් එකේ පෙති ගණන් කරන්න හදන්නෙ කවුද කියලා..”

සර් කාරයා බෙලෙක් කටින් සද්දෙ දාලා අහනකොට ඔක්කොම කෙල්ලො කොල්ලො ටික අපේ ඩෙස්ක් එක දිහාට හැරුණා.. විලි ලැජ්ජාවෙ පණ යනවා.. ඔන්න ඒකා ආයෙම කියවන්න ගත්තා..

“තමුසෙලා මේ ආවෙ ඉගෙනගන්නද එහෙමත් නැත්නම් පන්තියෙ තියෙන ෆෑන් වල තටු ගණන් කරන්නද..? මේකෙ පෙති ගණන් කරන්න තමුසෙලා වද වෙන්න ඕන නෑ.. මේ හැම ෆෑන් එකේම පෙති තුනයි තියෙන්නෙ.. ”

එහෙම කිව්වා විතරයි එපාර නම් ක්ලාස් එකම හිනාවෙන්න ගත්තා.. චික්.. මේ ගොන් මැට්ටා නිසා කාපු නෝන්ඩියක්.. කුමාරයා කටත් ඇරගෙන බලන් ඉන්නවා මොකක්ද මේ වෙන්නෙ කියලා හිතාගන්න බැරුවද කොහෙද..

එදා දවසෙත් පන්තිය ආතල් අස්සෙ, දාඩිය මැද්දෙ මෙලෝ රහක් නැතුව ඉවරවුණා.. අපිත් ඉතින් හෙමින් හෙමින් ඇවිදගෙන ගියා.. මොකද දන්නෑ හැම එකාම අපේ මූණ දිහා කින්ඩියට වගේ බලන්නෙ.. උන්ට හොද නම් අපිට මොකෝ.. අපිත් නොදන්න ගානට ඇවිදගෙන පාර පැත්තට ගියා..
මතු සම්බන්ධයි

23 thoughts on “ඔබ මට හිමි වේ නම් | 05 කොටස| නවකතාව”

  1. Chathu indeewaree

    අනේ ඇයි අද එපිසොඩ් එක චූටි. අපි දිග එපිසොඩ් ඉල්ලුවම වෙනදටත් වඩා පොඩි එපිසොඩ් එකක් දාලා.. ඇයි අලේ අපිට ඒම කරන්නේ…? අදත් ලස්සනයි අයියා කතාව. හරි ආස හිතෙනවා කියවන්න. හෙටවත් දිගගගගගගගගග එපිසොඩ් එකක් ඕන හොඳේ…?

    1. Aniwarenma denawa wada asse okoma karanne nangiya ehen song wagayak avilla mehen job eka okoma kalawam Pala wela hehe thank you so much nangiya budusaranyi

      1. Chathu indeewaree

        අපොයි දෙවියනේ..අපේ මේ සූටි හිත් අඬවන්නද ලෑස්ති අයියේ ඔයා හෙට??????? ඇයි අලේ ඔයා ඒම? හෙට ඒනම් අපිට ටිෂූ ටිකක් ළඟ තියාගෙනම කතාව කියවන්න වෙයි නේද? අපිව අඬවලා හෙට ඔයා සතුටින් ඉන්නකෝ අයියේ හොඳේ…

        බුදු සරණයි! අයියේ.සුන්දර රැයක් වේවා!!! සතුටින් පරිසමින් වැඩ කරන්න.

  2. Hashini Navanjana.

    අදත් ලස්සනම ලස්සනයි අයියා.. ?? කියවන්න කියවන්න ? ? ආස හිතෙනවා නේ අනේ… හරිම ෂෝයී.. ඔයා කතාව ලියන ටයිප් එක නිසා තමා මේ තරම් ආස හිතෙන්නෙ කියවන්න. ? ? හිතට දැනෙන්න ලියනවා ඔයා.. හෙට දිගගග. . . . එපිසොඩ් එකක් ඕනි හොඳද… ☺️☺️☺️
    ???????

  3. Ada chuttaine dala tyenne aiyee.kathawa wenada wagema patta..oyage language ekath pattaa..owa ithin aththatama kolu bhashawani nedaa..mata mathakai ape clz wala kolloth oya wage chit yawanawa sirta.clz eke nidi matha enakota kollo oya wage ewa yawala kattiya aheranawa neda aiye????….katha patta diga kotas oni naththan guti????

    1. Heta aniwa danwa diga ekak waliyak ekkama ha da hehhe thank you so much nangiya wadath ekkama me me okoma karanne me patta sithalyi me dawas wala nangiya

      1. Godak weda asse api wenuwen sithale gahi gahi kathawa liyanawata oyata pin ithim….api lankawe patta rasneta wela balan inne ithin aiyage kathawa kiyola hithawath cool karagannane affaaa

        1. Eka ne mama nam lankawe newe ne Inna Ada damma loku ekak hode kathawa balala hitha cool wenawa nam Mata godak sathutuyi budusaranyi good morning nnagiya

  4. Thakshi Deepali Jayasuriya

    කතාව නම් සුපිරියි අයියේ…ආසාවෙන් කියවන්නේ..G+ එකෙත් මං ඔයාගෙ කතා කියවලා තියනවා…අනේ දිග එපිසෝඩ් දෙන්නකො….ප්ලීස්…

  5. Vibushani madu

    Aleee ada kathawa chuttainee appa. Digata dannako ane. Lassana hinda eka husmata kiyawan yddi iwara unama nikan husmath nawathun wagene ithin aiyo. Heta diga episod ekak dnna aiya apita kiyawala hinawenna ada wage kathawa lassanai aiya bs.

  6. Kthwa nm maruuuu.apith ithin cls ekedi oyawge dewl thma krnne.apinm habai mada peliyka indagena pitipssen ewwa sirta denna kyla chit ywnwa.kauda ewwe kyla sir ahddi ookoma pitipssa blnwa.heeeeeee heee.eknm kohediwth gnna bari pttma ptta aathl ekk

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.