Katha Ahura

ඔබ මට හිමි වේ නම් | 07 කොටස| නවකතාව

කතාව කොහොමද?

……………………….07 වෙනි කොටස ……………

“මචං සුමී.. අසිතයා නේද වාහනේ ආවෙ.. අපි මාරුවෙමු.. නැත්නම් දන්නවනේ ඉතිං..”

“තොට පිස්සුද යකෝ.. ඔන්න ඔහේ ඉදපං.. එක එකාට බයේ අපි යන්නෙ මොකටද..?”

මුට නම් තියෙන්නෙ පුදුම බයක්.. මුගේ ඔය බය නම් ගලේ ගහලවත් යවන්න බැරිවෙයි..

“ආ.. නිම්මි තමුසෙ මොකද මේ හැලපයොත් එක්ක මෙතන කරන්නෙ..? තොපිත් මොකද මෙතන කරන්නෙ.. කතා කරපන්…”

යකෝ මුගෙ ආච්චිගෙ කතාවක්නෙ මේක.. ඔන්න මට මල පැන්නා..

“අප්පටසිරි.. මම අදනේ බං දන්නෙ මේ පාර උඹලගෙ තාත්තගෙ කියලා..”

“ඔව් තාත්තගෙ වගේ තමයි යකෝ.. මට මේ කොහෙත් එකයි.. ගේම නම් ගේම.. උඹගෙ සෛල පොඩ්ඩක් වැඩියි කියලා මට පේනවා.. සුමී උඹට සුදු කොඩි, ගොක් කොල වගේ පේනවා ඇති හීනෙන් නේද..?”

“හික්ස්..! ඒවා මට කෙසේ වෙතත් උඹට නම් පේනවා ඇති.. උඹ ඔය සද්දෙ දාන්නෙ නිම්මි ඉන්න හන්දද ගොබිලයො.. උඹගෙ සයිස් උඹ තියාගනිං.. අපිටත් ඕන එකක්.. හොදින් නම් හොදින් නරකින් නම් නරකින්..”

“අනේ ඔයාලා ඕක නවත්තන්නකෝ….. පාරෙ ඉන්න මිනිස්සුත් බල බල යනවා..”

නිම්මි බයවෙලාද කොහෙද.. ඇස් දෙකත් රතු වෙලා.. මූනත් රෝස පාට වෙලා..

“නිම්මි.. තමුසෙ යන්න ගියපු ගමන යනවා.. තමුන්ට මේ කතාව අදාල නෑ.. හ්ම්.. මේ සුමියා මේකත් හොදට අහගනිං.. මාත් එක්ක ගේමට එන එවුන්ට මම යහතින් යන්න දුන්නෙ නෑ.. උඹත් පොඩ්ඩක් පරිස්සමින් ඉදපන් ආ..”

“ආ.. ඇයි උඹ මට ගහන්නද යකෝ…”

“ඔව් ඇයි….”

ඌ මට ගහන්න වගේ කෙලගෙන ආවා.. මාත් දන්න වැඩ කෑලි ටිකක් දාලා දුන්නා අසිතයට බිම ඇදගෙන වැටෙන්න.. කටිනුත් ලේ එනවා බුවාගේ..

“සුමී.. ඕයි.. ඕයි.. ඕකව අතෑරපන්.. කියන දේ අහපන්.. යකෝ ඕකා මැරෙයි.. මෙහෙ වරෙන් බං.. අපි යමු..”

වලියක් යනකොට ඇගේ එල්ලෙන එක තමයි මට පේන්න බැරි.. යකෝ වලියක් යනකොට ගහගන්න එවුන් දෙන්නගෙන් එකෙක්ගෙ ඇගේ ඇවිත් එල්ලුනාම අරූ ඇවිත් මට කෙලිනවනේ.. මේ ගස් බල්ලට තේරුම් ගන්න බෑ ඒකවත්..

“අතෑරපන් බං.. මූගෙ සෛල පොඩ්ඩක් අඩු කරන්න වෙනවා… මූ හිතන් ඉන්නෙ මුගේ අම්මගෙ තාත්තගෙ බූදලේ කියලා මේවා.. යකෝ අපිට පාරෙවත් යන්න බෑනේ.. උගේ සයිස් ඌට හොදයි.. අපිට ඕවා දාන්න එන්න ඕන නෑ..”

“හරි හරි බං.. මම දන්නවා.. දැන් උඹ ඌට නෙලුවනේ.. අපි යමං..”

මුගේ මගේ අතින් ඇදගෙනම භාගයක් දුර ගිහින් ඉවරයි.. ආයෙම හැරිලා යන්න හිතුනෙත් නැති නිසා මාත් ඌ එක්කම යන්න ආවා..

“අඩෝ සක්කිලියා.. අපි පස්සෙ බලාගමු ආ.. උඹ ක්ලාස් යනකොට පරිස්සමින් පලයන්..”

අරූ නැගිටලද කොහෙද.. මූට කොච්චර ගැහුවත් කට නම් අඩුවෙන පාටක් නෑ..

“ආ… හා.. මම දන්නවා උඹ පස්සවල් බලන්න ගොඩක් ආසයි කියලා.. අපි නම් ඔය සබ්ජෙක්ට් වලට නෑ.. උඹගෙ අම්මගෙ පාරෙ නෙමෙයිනේ බං අපි යන්නෙ.. ඒක නිසා මට ඕන වෙලාවක මම මේ පාරෙන් ක්ලාස් යනවා.. පුලුවන් නම් නවත්තපං.. යමං ධමියො අපි යන්න..”

“හරි.. හරි… අපි බලමුකෝ..”

“හරි.. හරි… බලමු..”

“මෙන්න මෙහෙ වරෙන් බූරුවො යන්න.. තොට නම් සුමී කියලා වැඩක් නෑ කිසි දෙයක්.. යකෝ දෙයියො අතපය දීලා තියෙන්නෙ එක එකා එක්ක කෙලගන්න නෙමෙයි බොල..”

“ඉතින් වස්සො මම ඒ වෙලාවෙ අරූට දුන්නෙ නැත්නම් ඌ මට කෙලිනවනේ..”

“හ්ම්.. ඒකත් ඇත්ත තමා.. හරි හරි.. අපි යමං දැන්..”

“යමං තමයි.. අපෝ තෝ.. මෙලෝ රහක් නෑ..”

“යකෝ මේ.. මම මෙලෝ රහක් නෑ කියන්නෙ.. අපිත් එක්ක ආපු අනිත් එවුන් දෙන්නා කෝ කියපං මට.. උන් දෙන්නා අපිත් එක්ක හිටියනේ නිම්මි එක්ක කතා කරකර ඉන්නකොට.. උන් දෙන්නා කොහෙටද අන්තරස්දාන වුණේ..”

සිරාවටම ධමියා කියන එක ඇත්ත නේන්නම් කෝ යකෝ කුමාරයයි, ජයන්තයයි.. මුන් දෙන්නා අසිතයට බයේ අනිවා පනින්න ඇති කොහෙටහරි..

“සිරාවටම කෝ බං මුන් දෙන්නා.. ගනින් බලන්න කෝල් එකක්.. ෂිහ්.. මම ෆෝන් එකත් ගෙදර දාලා ඇවිත්.. උඹගෙ එකෙන් ගනින් ධමියෝ..”

“ඉදපන්.. ආ.. මෙන්න රින්ග්ස් යනවා..”

“තොපි කොහෙද යකුනෙ ඉන්නෙ.. මොකෝ තොපිට වුණේ.. තුෂාරයා බලන්න යන්නෙ නැද්ද යකෝ අපි..”

“තුෂාරයා බලන්න යන්න තමා අපි තොපි දෙන්නා එනකන් ඉන්නෙ.. ඉක්මනට වරෙන් අපි දෙන්නා ඌට පිටි පැකට් එකකුයි තව මොනා හරියි ගන්න ගියා ෆුඩ් සිටි එකට.. අපි දැන් ඒකත් අරගෙන ඉන්නෙ උන්ගෙ ගෙදරට හැරෙන තැන.. ඉක්මනට වරෙල්ලා..”

“ආ.. හරි හරි.. ඔහොම්ම ඉදපං.. අපි විනාඩි දහයෙන් ඔතන..”

“මොකද උන් කියන්නෙ බං..?”

“උන් දෙන්නා අසියට බයේ තමා මචං මාරුවෙලා තියෙන්නෙ.. ඒ ගමන්ම ඌ ෆුඩ් සිටි එකට ගිහින් අරූට මොනා හරි ගන්න.. වරෙන් වරෙන් අපිත් යමන්.. උන් දෙන්නා ඉන්නවලු තුෂාරයලගෙ ගෙදරට හැරෙන තැන පාරෙ.. ”

අපිත් පය ඉක්මන් කරලා යන්න ඉස්සරහට ඇදුනා.. විනාඩි දොළහක් වගේ යනකොට අපිට කුමාරයලා ඉන්න තැනට යන්න පුලුවන් වුණා.. අපි යනකොට උන් දෙන්නා පත කොස් ගහකට හේත්තු වෙලා බර කයියක..

“විලි ලැජ්ජයි බොල… විලි ලැජ්ජයි…”

ධමියා ඈත ඉදන්ම මහා හයියෙන් කෑගහනවා..

“ඇයි ඇයි ඩෝ..”

“නෑ බං උඹලා අසිතයට බයේ මාරු වුණා නේද..? අනේ ඉතින් තොපි ආශ්‍රය කරන අපිට තමා ගහන්න ඕන.. කොල්ලෙක්ට කරදරයක් වුණාම මෙහෙමද බොල උදව් කරන්නෙ.. තූ තොපි..”

“මොකක්..? වලියක් ගියා..? අපි දන්නෑනෙ බං.. අසිතයා එනවා නම් දැක්කා.. ඒත් අපි එතනින් ගියේ උඹලා කයිය ගගහා ඉන්න කොට අපිට තවත් වෙලාව පරක්කු වෙන නිසා තුෂාරයට මොනවා හරි අරගෙන එන්න..”

“ආ.. උඹලා දැක්කෙම නෑ මුන් දෙන්නා කෙලගන්නවා.. පලයන් බං යන්න..”

ධමියා ගේම අතාරින්නෙම නෑ වගේ.. මූව නතර කරන්න ඕන.. නැත්නම් අද තුෂාරයා බලන්න යන්න වෙන්නෙ නෑ..

“හරි හරි බං.. ඒක දැන් ඉවරයිනේ.. අපි යමල්ලා තුෂෘරයා බලන්න..”

අපි හතර දෙනා ඊට පස්සෙ උගේ ගෙවල් පැත්තට යන්න ගියා.. කෙල්ලො ටික තුෂාරයා බලලා ගිහිල්ලද කොහෙද.. තුෂාරයගෙ අම්මා දොරකඩට වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා අපි යනකොට..

“ආනේ පුතාලා.. එන්න එන්න.. වාඩිවෙන්න දරුවනේ..”

තුෂාරලගෙ අම්මා බොහොම සාදරයෙන් ආදරයෙන් අපි සෙට් එක පිළිගත්තා..

“කෝ ඇන්ටි තුෂාර ඉන්නවද..?”

“ඔව් පුතා.. අන්න කාමරේ ඉන්නවා.. ගිහින් කතා කරන්න..”

අපි සෙට් එකත් එක්ක කාමරේ අස්සට රිංගුවෙ මේකට දැන් කොහොමද කියලා බලන්න..

“අම්මටසිරි.. උඹලත් ආවද මාව බලන්න.. වරෙන් වරෙන් මචංලා.. වාඩිවෙයන්..”

“ඇයි උඹ හිතුවද අපිට උඹව අමතක වෙලා කියලා.. ඉතින් ඉතින් තුෂාරයා.. කොහොමද දැන් උඹට..?”

“දැන් නම් අවුලක් නෑ මචෝ.. ගොඩක් දුරට හොදයි.. කෙල්ලො ටිකත් ඇවිල්ලා ගියා දැන් පොඩ්ඩකට කලින්.. උඹලා මගදි හම්බවුනා කියලා කිව්වා..”

“ආ.. ඔව් ඔව් උන් ටික අපිට හම්බවුනා.. මේ උඹ හෙට අනිද්දා ඉදලවත් ක්ලාස් වරෙන්.. නැත්නම් විභාගෙ අනාගන්න වෙන්නෙ.. මම නෝට්ස් ටික ගෙනත් දෙන්නම් ෆොටෝ කොපි ටිකක් ගහලා..”

“තෑන්ක්ස් සුමියා.. අනිවා මම හෙට ඉදලා එනවා.. අද පොඩ්ඩක් ඇඳට වෙලා හිටියෙ ඇගට පොඩ්ඩක් පණ නෑ වගේ බං බෙහෙත් වලට.. බඩියත් ඇවිල්ලා ගියා ඊයෙ හැන්දෑවේ..”

“ඒකා තමයි බං අපිටත් කිව්වෙ උඹ ලෙඩවෙලා කියලා.. නැත්නම් අපි දන්නෙත් නෑ..”

අපි පැයක් විතර කතා කර කර ඉදලා ගෙදර යන්නත් පරක්කු වෙන නිසා තුෂාරයටයි ඇන්ටිටයි යනවා කියලා ගෙදරින් එළියට බැස්සා.. කළුවර වේගෙනත් එනවා.. කොහෙද අර හාල්පාරුවා සෙට් වුනේ නැත්නම් අපිට මීට කලින් ගෙවල් වල යන්න තිබුණා.. දැන් ඉතින් ඉක්මන් අඩියෙන් යන්න වෙනවා.. නැත්නම් අපේ තාත්තා අහන දේවල් වලට දෙන්න උත්තර නැති වෙනවා..

“මචංලා ටිකක් ඉක්මන් කරලා යමල්ලා.. නැත්නම් අපිට අද යන්න වෙන්නෙ නෑ..”

“හරි හරි බං.. යමු..”

අපි විනාඩි පහලොවක් විස්සක් විතර ඇතුලත ටවුන් එකට ලංවුනා.. තව කොච්චර කියලා දුරක් යන්න තියෙනවද.. අද නම් බැනුම් කෝටියක් අහන්න වෙනවා කියලා සුවර්.. මුන්ට නම් මොකෝ.. මාසයක් ගෙදර නොගිහින් හිටියත් එක වචනෙන් ෂේප් වෙන්න පුලුවන්.. මට එහෙම බෑනෙ.. ඒකත් කරුමයක් තමා ඉතිං..

“මචං සුමී.. අර බලපං.. අපේ පැත්තට අසියගෙ කාර් එක එනවා.. මේ ඌ එන්නෙ හොදකට නම් නෙමෙයි.. කොහෙට හරි මාරුවෙමු බං..”

ඇත්තම තමා මූ කෙලගෙන මේ පැත්තට එනවා..

“ඌ විතරක් නෙමෙයි බං අර බලපං ජීප් එකේ තව සෙට් එක්ක එනවා.. මචෝ දැන් නම් කෑමක් තමා තියෙන්නෙ.. අපි කොහෙට කියලා මාරු වෙන්නද..?”

“බය නැතුව ඉදපල්ලා බං.. ගැහුවොත් ගහමු.. නැත්නම් ගුටි කමු.. දෙකෙන් එකක්..”

විනාඩියක් ගියේ නෑ අසියයි උගේ කටු කන බල්ලො ටිකයි වාහන දෙක නවත්තලා ඇවිත් අපිව වට කරගත්තා..

“ආ.. මස්සිනා.. කොහොමද.. මම මේ කොල්ලො ටිකත් එක්ක උඹට පොඩි සංග්‍රහයක් දෙන්න කියලා ආවෙ.. මොකෝ ඉතිං මේක අපේ අම්මගෙ පාරනේ.. ඒක නිසා මම මේ පාරෙන් යන සෛල වැඩි එවුන්ට ගොඩක් වෙලාවට සංග්‍රහ කරනවා..”

“මොකද උඹ උදේ කාපුවා මදිවෙලාද ආ..?”

“හරි හරි.. මේ උඹලා තුන්දෙනා මෙතනින් මුලින්ම මාරුවෙයල්ලා.. මට උඹලත් එක්ක අවුලක් නෑ.. මූත් එක්ක තමා ගේම තියෙන්නෙ..”

“අපි එහෙම බල්ලො නෙමෙයි ඩෝ මූව තනි කරලා යන්න.. ගහනවා නම් අපිටත් එක්කම ගහපන්.. මරනවා නම් හතර දෙනාම මරපන්..”

ධමියා ඉස්සරහට පැනලා කෑගැහුවා.. පොර නම් සිරා.. මට මාර ආදරේ හිතුනා මූ ගැන..

“ධමි උඹගෙ කට වැඩියි පොඩ්ඩක් අඩු කරන්න වෙයි වගේ.. දීපන් මූට..”

එහෙම කිව්වා විතරයි අරුන් සෙට් එකම ඇවිත් ධමියට බේස් බෝල් බැට් වලින් නෙලන්න ගත්තා.. මමත් අස්සට පැනලා උන් ටිකට නෙලාගෙන නෙලාගෙන ගියා.. කලින් වගේම තමා අරුන් දෙන්නා ආයෙම මිසින්..

“ඔන්න සුමී බලාගෙන……………………………………………..”

එක පාරටම මගේ ඇස් දෙක නිලංකාර වේගෙන ගියා….

“සුමි.. සුමී.. සුමී.. මචං නැගිටපං..”

“මචෝ ගෙදරට කෝල් එකක් දියන් මුගේ.. ගොඩක් ලේ යනවා.. ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් යමු..”

“මේ ජයන්තයා උඹ පලයන් ගෙදරටම ගිහින් කියපන්.. ෆෝන් එකෙන් කිව්වොත් බය වෙයි.. මේ ලොකු දෙයක් කියන්න එපා..”

“හරි.. හරි.. මම යන්නම්.. ඒ ඔය වීල් එකක් ඉක්මනට කතා කරන් වරෙන් කුමාරයෝ.. අනේ මචං ඉක්මනට.. ගොඩක් ලේ යනවා..”

“මචං සුමී.. මම ධමියා.. උඹට මාව ඇහෙනවද..? අනේ කතා කරපන්කො.. ප්ලීස් මචං.. සුමී…….”

ධමියගෙ ඇගෙනුත් හොදටම ලේ බේරෙනවා.. ඌත් ගොඩක් ගුටි කෑවා.. මට උන් කියන දේවල් නම් ඇහුනා.. ඒත් මට කතා කරන්න කට ඇරගන්න තරම් පණක් තිබුණෙ නෑ.. එන්න එන්නම මට ඇස් ඇරගන්නවත් බැරිවේගෙන ආවා.. මම එහෙම්ම ඇස් දෙක පියා ගත්තා..
……………..මතු සම්බන්දයි

35 thoughts on “ඔබ මට හිමි වේ නම් | 07 කොටස| නවකතාව”

  1. Vibushani madu

    Ohhhhh yaaaas onna ada kathawa kiyawala palaweni comment eka magen aiye. Ada waliyanm supiriytam giya eth ara denna hoda nane appa ehema ekata idala maru wena eka harida appa gahanawanm okkoma ekata gutikanawanm eth ekatam wenna neda aiyo. Kohoma hari kathawanm lassanai aiye e wagema oya hama comment ekakatama reply karana eka agaya karnna one aiye mokada eken api oyai godak sameepa wenawa anith godak aya ehema reply karnawa adui aiye oya hamotam reply karna nisama godak aya oyta comment danawa neda aiye. Ehenm digatam mn kathawath ekka innawa bs Good luck aiye ????

    1. Ammo athi yantham Ada banala na kathawa aduyi kiyala … Ada kathawa welasanama dala Mata watinakm dena ayata mama ita wada watinakamk denna one neda nangiya Ada nam loku comments ekak dala aiyya thank you so much nangiya Dan nagitte mama

  2. Hashini Navanjana.

    මුලින්ම මං විශ් කරනව අයියේ ඔයාට.. ?️Congratulations. ?️ ඔයාගෙ මේ ලස්සනම ලස්සන කතාව ටොප් රේට් ආවට.. ☺️☺️ අදත් ගොඩක් ගොඩක් ලස්සනයි කතාව. අපි බය වෙනවා අනේ මේක ඔයාගෙ ඇත්තම ජීවිතේ කතාවක් උණේ නැත්නම්.. සුමීට ලොකු ඩැමේජ් එකක් වත් වෙයී කියලා.. ඒත් එහෙම උණේ නෑ නේද අයියට.. ?? Vibushani කීව කතාව නම් ඇත්තම තමා අයියේ.. අපේ කමෙන්ට්ස් හැම එකකටම රිප්ලයි කරන්න තරම් ඔයා හරිම නිහතමානියි.. ඒ නිසා හැමෝම වගේ ආසාවෙන් කමෙන්ට්ස් කරනවා.. ඒකට අපි ගොඩක් ගරු කරනවා අයියේ.. ?? හැමදාම මේ වගේ ලස්සනට ලියන්න.. ඔයාගෙ මේ හැකියාවන් තව තවත් දියුණු වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.. ????
    Best of luck.. ??????

    1. මේ කොහොමද බලන්න පුළුවන් ටොප් රෙට් කියලා උදේ අර නංගිත් කිව්වා ඒත් මට ඔයා ගන්න බෑ ඇත්තටම මට ගොඩක් සතුටුයි නංගී ඔයාලා නිසයි මගේ කතාව ටොප් රෙට් ආවේ බොහොමත්ම ස්තූතියි නංගියා මේ හැමදේකටම ඔන්න අයියා අද කෙටිකතාවක් දුන්නා ඉක්මනටම ඒවි කියලා හිතෙනවා මට අද හරිම සතුටුයි බොහොම ස්තූතියි

      1. Hashini Navanjana.

        welcome ? අයියේ.. ඔයාගෙ ෆෝන් එකේ වර්ගෙ මොකක්ද.. මගෙ Huwawei. අනික් ෆෝන් වල පෙන්නන විදිය වෙනස් ද කියලා නම් දන්නෙ නෑ .. මගේ නම් කතා අහුර ඇප් එකේ වෝල් පේජ් එකේ යටට යනකොට April top rated කියලා තියනවා. මේ මාසෙ ටොප් රේට් ආව කතා ටික. ??

  3. Chathu indeewaree

    කොහොමද අයියේ ඉටිම්? අනේ සමාවෙන්න කමෙන්ට් කරන්න පමා වුණාට. දැන් තමයි දැක්කේ කතාව උදේම දාලා කියලා..මුලින්ම හදවතින්ම සුබ පතන්නම් අයියේ ඔයාගේ කතාව අප්‍රේල්වල ටොප් රේට් ආවට. ඒ වගේම ගොඩාක් ස්තූතියි ඇප් එකේ යාළුවෝ දාන කමෙන්ට්ස් වලට අයියා කිසිම අගයක් ආඩම්බරයක් නැතුව රිප්ලයි කරනවට. ඒ අතින් ඔයා ඉදිරියෙන්ම ඉන්නවා අයියා.. අපි කතා කියවලා හොඳම රේට් එක දීලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නේ ඔයාලා මහන්සිවෙලා කතා ලියන්නේ අපි වෙනුවෙන් නිසයි. ඊටත් අපෙන් ඔයාලට ලැබෙන ප්‍රතිචාර ඉදිරියේදී තවත් කතා ලියන්න ලොකු උත්තේජනයක් වෙනවා. ඒත් සමහර අයනම් රිප්ලයි කරන්නෑ කවදාවත්… ඒත් ඔයා හරිම ලස්සනට ඇප් එකේ යාළුවන්ට කමෙන්ට් කරනවා… මම හදවතින්ම ගරු කරනවා ඒ නිහතමානී කමට අයියගේ…

    අද ගොඩාලියක් දුකයි අයියා.. ඇත්තටම ඇඬුණා ඔයාට අර නපුරු අසිතයා ගැහුවම වැටිලා ඉන්න විදිය ගැන කියද්දී… අසිතයාට එහෙම රිටන් එකක් සෙට් කරමුද අපි ළඟදිම.. අපි ෆුල් සප් එක දෙන්නම් ඔයාට…

    ඔයාට හොඳ ලේඛන හැකියාවක් තියෙනවා අයියා.. ඒක තව අප් කරගන්න.. කලාවට ලැදි අයගේ ❤ හොඳයි. ඔයාගේ හදවතත් ඒ වගේම ලස්සනයි කියලා ඔයා අපිට ඔප්පු කළා ඔයාගෙ කතා වලින් වගේම කමෙන්ට් වලින්.. ඉතින් ඔයාගේ කතා වලට වගේම ඔයාටත් ආදරය කරන දයාබර නැගැණියක් ලෙසින් පතන්නම් හදවතින්ම ලස්සන හෙට දිනකට ආසිරි .. බුදු සරණයි!

    1. හදවතින්ම ආදරේ ඒ මට මගෙම වගේ නංගිලා සෙට් එකක් මේකෙන් සෙට් වෙච්ච එකට ඇත්තටම මම සූපවේදියෙක් මගේ ශ්‍රී ලංකාවට ? පවා ගෙනාපු කොල්ලෙක් ඔහු මං මේකේ යන හැම කතාවක්ම බලනවා ඒ වගේ කොමෙන්ට් අඩුයි මට me wage rate අඩු වුනාට ඔයාලා දාන කොමෙන්ට් තමයි මට ගොඩක් වැදගත් මාව දිරි ගන්වන මම වෙනුවෙන් පෙනී සිටිනවා ට මගේ කතා ආදරෙන් බලනවා ඔයාට බොහෝමත්ම ස්තූතියි nangiya ඔයාලා වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම සාධාරණය මං අනිවාර්යෙන්ම කරනවා ඇත්තටම මට මේකෙ මගේ ලින්ක් එක දාන්න බෑ මං ගොඩක් ආසයි මගේ යූ ටියුබ් චැනල් එකට ඇවිල්ලා මම ලියපු සින්දු මම කරපු වීඩියෝ ඔයාලා බලනවානම් කතාව අන්තිම වෙනකම් බලන්න nandiya බලල අන්තිම කොටසට අනිවාර්යෙන්ම මට කොමෙන්ට් එකක් දෙන්නතෙරුවන් සරණයි බුදු සරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත්

      1. ඔන්න තව දෙයක් හඬන්නම් බෑ මොකද කතාවෙ අන්තිම මොනව වෙනවද කියල හිතාගන්න බැරුව නෙ මගේ සෙට් එකේ ඉන්නේ ඔහු තවමත් ගුටිකාපු පාරවල් තියෙනවා බලමු නේද මොකක්ද වෙන්නෙ කියලා ඔන්න මං තවත් ලස්සන කෙටි කතාවක් දැම්මා ඉක්මනටම පල කරයි මේකෙ අනිවාර්යෙන්ම ඒකත් බලන්න

  4. Chathu indeewaree

    අයියා හදවතින්ම කියන ඔය වචන වලටයි ඔයාගේ මේ සෙට් එක අයියාට ආදරේ කරන්නේ… අවසානය මොන වගේද කියලා නොදැන ඉන්නවා කියන්නේ කාජල් ඔයාගෙම වෙන්නැද්ද අයියා…??? ඔයා චෙෆ් කෙනෙක්ද? සෝයි ඈ.. අපිටත් සසට උයන්න පුළුවන් හොඳේ… අයියා ලංකාවට මෙඩ්ල් එහෙමත් ගෙනත් තියේනම් හදවතින්ම පතන්නම් අයියට ඉදිරියේදිත් මේ පුංචි දිවයිනේ නාමය ලෝකය ඉදිරියේ රනින් බබලවන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා හැකියාව නොඅඩුවම ලැබේවා කියලා…

    1. හෙහෙහෙ ඔන්න අපිනම් දන්නෙ නෑ අන්තිම වෙනකම්ම බලන්න වෙනවා ඕන්නං දෙයක් මම මේ රටේ හොඳ හොටෙල් එක වැඩ කරන්නේ මම තමයි මේ hotel එකේ ප්‍රධාන සූපවේදියා and manager ඔව් නම් ගියා Asian හොටෙල් exbition එකේ මම ශ්‍රී ලංකාවට madal ගත්තා අයියගෙ සින්දු පවා ජනප්‍රියයි හොඳේ බොහොම ස්තූතියි නංගී කොමෙන්ට් වලට රිප්ලයි කරනවටයි බුදු සරණයි

      1. Chathu indeewaree

        තෙරුවන් සරණයි! සුන්දර උදෑසනක් වේවා!! සුදු මහත්තයෝ….හේ හේ… ගණන් ගන්න එපා අයියා හොඳේ…මේ සූටි මැට්ටිට අයියලා තුන් දෙනෙක් ඉන්නවා. ඒත් දැන් ඔයත් මගෙ අයියා කෙනෙක්.. ඒකයි ඒම කීවේ ආදරේට. පරිසමින් සතුටින් වැඩ කරන්න අයියා.. සුබ දවසක්වේවා!!!!

        1. සුභ උදෑසනක් සුදු නෝනේ හම්මෝ කවදාවත් නෑ මට නංගිලා එකයි නේ ඉන්නේ ඉතින් දැන් මට තවත් නංගිලා ඉන්නවනේ මාත ආදරෙයි ඕගොල්ලන් මට ගොඩක් ලොකු ශක්තියක් කතාව ඒ උනාට පස්සේ ඉතින් ආයෙත් ඕගොල්ලන් මගින් යයි මේක ලොකු දුකක් දැනේ මට මම පුලුවන් විදිහට අනිවාර්යෙන්ම ඕගොල්ලන් එක්ක ඉන්නවා තෙරුවන් සරණයි nangiya සුභ අලුත් අවුරුද්දක් වේවා

          1. Chathu indeewaree

            අපිට අවුරුදු නෑ සුදු අයියා.. මගෙ අම්මා නැතිවෙලා දැනට අවුරුදු එක හමාරයි. ඉතින් අම්මා නැති වුණත් හරි අපි අවුරුදු සමරන්නෑ අයියා. ඊටත් මේ දවස් වල මගෙ අප්පච්චියි මල්ලියි අසනීපෙන් ඉන්නේ… ඒ නිසා අවුරුදු සමරන්නෑ.. බය වෙන්නෙපා අනේ. අපි ඔයාව මගින් අතාරින්නෑ.. හැමදාමත් ඉන්නවා මේ සොඳුරු මිතුදම, සහෝදර බැඳීම ඒ විදියටම තියාගෙන. බුදු සරණයි!

          2. අනේ මට සමාවෙන්න nangiya මම එච්චර දුර හිතුවේ නෑ ඒක ඔයාගේ අම්මා වෙනුවෙන් පින් දෙන දෙයක් කරමු මම අනිවාර්යෙන්ම කරනවා අනිවාර්යෙන්ම ඔයා මගේ සහෝදරියක් මම මගේ මේල් ඇඩ්‍රස් එක දෙන්නම් මට මේල් එකක් දාන්න [email protected] තෙරුවන් සරණයි මගේ නංගියා පරිස්සමෙන් ඉන්න තාත්තටයි මල්ලිටයි ඉක්මනටම හොඳ වේවි මං අනිවාර්යෙන්ම ප්‍රාර්ථනා කරනවා

  5. ඉතින් මල්ලියෙ දෙයක් අහන්නම් කැමති නම් reply කරන්න.පාසල් යන කාලේ අපි හරි දඩබ්බර යි.ගැහුවොත් ගැහුවා, බැන්නොත් බැන්නා.දුර දිග බලන්නෑ.ඔයාගෙ වචනවලින් කියනවා නම් සමහර වෙලාවට ඇදගෙන නානවා නැත්තම්,වලින් වලි. ෂෙප්නම් ඒ ත් වලිනෙ.ඉතිං දැන් ඔයාට හිතෙන් නැද්ද ඒ කාලේ ඔයාලා දුර දිග නොබලා කරපුවාම වැරදි කියලා.

    ගුටි කාලා හරි අද ඔයා හොද තැනක් ඉන්නවා.එත් ඔය වගේ රණ්ඩු වලදි ජිවිතේ ට වුනත් හානි සිදු වෙනවා.ඒ නිසා තමන්ගේ ආදරණීය න් කොයිතරම් විදවනවා?

    කොලු කමට කරාට එක වැරද්දක් නෙද කියලා තෙරෙද්දි සමහර විට අපි පරක්කුයි.මෙ දෙවල් ඔයාගේ කතාවත් එක්ක සමාජයට පෙන්වන්න.
    සතුටින් ඉන්න.ඔයා කරන හැමදෙම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    1. ඔව් අක්කේ අනිවාර්යයෙන්ම වැරදි වෙන්න පුළුවන් ඒක අනිවාර්යෙන් මම දන්නවා මම නිසා මගේ දෙමව්පියෝට පුංචි හරි දුකක් දීලා තියෙනවා මම ඒත් අද මම ඒ දුක ලොකු සතුටක් කරලා තියෙනවා එයාල වෙනුවෙන් ඒ ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා අක්කේ ඔයාලගෙ කොමෙන්ට් මට ලොකු ශක්තියක් අක්කෙ තෙරුවන් සරණයි බුදු සරණයි ඔයාට

  6. Onna dn thmi kathawa kiyewwe.sry aaa.aththtma mn eda kiwwa wgema oya ape hma comment ektma rpl krnwa.aththtma mn blagna inne oya rpl krnkn.aththtma oyage jeewithenm hrima sundarai.mtth ekale htynm kyla hithnwa.oyage kthawa chithrapatiyk vdiyta gahwnm elaaaaa.mtth comment ekk kotanda.sumee aiye apinm dn gwl wla kokis ehma hdnwa.oyta aurudu nadda ane.oya inne mna rteda.

    1. Oyala adaren Dana comments walata reply nokara komada nangiya e tharama adaraniya sakathiyak ena comments ne mama new Zealand inne nangiya apita ahurudu na nangiya oyala aiyyata ekka ahurudu samaranna ko ethakota godak sathutuyi Mata thank you so much nangiya karamu karamu oyawa ganna main actor ekata ha da budusaranyi nangiya

      1. Budu srnai.onna oyawth mthk krgena mn me aurudda smrnnm.Main actress kynne oyage kajalda.mn e thrm lssna na ane.kathaawa ikmnta ikmnta danna.mta blnna one awsane mkda wenne kyla.oya kajalwa bndinwada.?oyage yluwnta mkda une? Ane deyyne mewa hthla apita mnwa weida danne na.

        1. Lassan newe wadagath nangiya hadawathe pirisidu kama hitha vidiya .. katahwa damma heta 3pm balanan pluwan meke godak Katha Yana nisa mage ekata time dila thiyenen lankawe welawen 3pm nangiya balanna ko mokadda wenne kiyala oya hamdekatana reply mama anithima kotase comments ekata dannam halida elama mathaka karala samaruwata kamak na onna godak sweet kanna epa aliyek wawe hehehe budusaranyi good morning nangiya

    1. Eka nam mama danne kathawa ewara wenakam balanna wenawa kajalage hitha lasaanda kiyala ha aththada nangiya ehenam aliyek wage athi neda hehe

  7. Hashini Navanjana.

    අයියේ..කතා අහුර ට කතාවක් දාන්නෙ කොහොමද.. ඇඩ්මින් අයියා කියලා තියන විදියට උඩ තියෙන ධන ලකුන ක්ලික් කරල ඊට පස්සෙ පෝස්ට් ක්ලික් කරලා ටෙස්ට් කියන එක දීලා ඊලගට කතාව පේස්ට් කරලා සබ්මිට් කලාම විතරක් ඇතිද.? ඊලග කොටස් ටිකත් ඒ වෙලාවෙම උනත් සබ්මිට් කලාට අව්ලක් නැද්ද? ???

      1. Admin laara sir Ada mage kotasa awe na notification nam awa Eth kathawa na mama mail ekakuth damma samawnen karadara Kara nam thanks hamdekatama

        1. අද මම පොඩ්ඩක බිසී උනා. හෙට අපි බෝනස් දෙමු අවුරුද්දට කොටස 2ක්ම

  8. Hashini Navanjana.

    හරි අයියා.. good morning. ?? ඒ වගේම ලබන්නා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ????
    Happy new year. ❤❤❤❤

    1. Good morning nangiya සුභ අලුත් අවුරුද්දක්වේවා ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි බුදු සරණයි නංගි හැමදාම සතුටින් ඉන්න

  9. Thakshi Deepali Jayasuriya

    අනේ අයියේ සොරි..මට හැමදාම වගේ කමෙනිට් කරනින නමි බෑ මොකද ගෙදර ඔක්කොම වැඩ ටාක කරන්නේ මං…..වෙලාවක් නෑ අයියේ කතා ටික දවස ගානේ
    කියවන්නවත්…ඒත් වෙලාවක් ලැබුනම එක දිගට කියෝලා බෙස්ට්ම ර්ට් එක දීලා තමයි මං යන්නේ….හරිම ලස්සනයි කතාව….අදත් කොටසක් දෙන්න ප්‍රළුවන්නම්…..ඔයාට සුබ පතනවා…බුදුසරණයි

    1. අද නම් ඔයාලට bonus කතාවකුත් දෙනවා අද කතා දෙකක් බලන්න පුළුවන් සුභ අලුත් අවුරුද්දක් වේවා nangiya අනිවාර්යෙන්ම ඔයාට පුලුවන් වෙලාවට ඇවිල්ලා බලන්න ඔයාලගෙ කොමෙන්ට් තමයි මට ගොඩක් වැදගත් වන්නේ බුදු සරණයි තෙරුවන් සරණයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.