Katha Ahura

මියදුනු අය සොයන් |22 කොටස| හොල්මන් කතා

5/5 - (2 votes)

මියදුන අය සොයන් Episode 22

ගිහන්සා කියපු මගේ බයිසිකලේ පැදපු අපි මොහොතකින් ආවේ ප්රාදාන පාරකට වැටෙන තැනකට.

“මේක තමා ගල්වැවේ හන්දියනම්”

ගිහන්සා කියද්දි මම තව ටිකක් ගිහින් බයිසිකලේ නැවත්තුවා.

හතරමන් හන්දියක් වූ එතන බස් හෝල්ට් එකක් තිබුනා.. කලුවර කපා දමමින් ආලෝකයක් තිබුනේ අසල ලයිට් කනුවක් සවිකර තිබ්බ විදුලි පහනක් නිසා…

“මෙතන ටිකක් එලියයි වගේ ,,මොකද කරන්නේ…අපි දෙන්න මෙතන ඉන්නව පාරෙ යන මනුස්සයන්ට පේන්ඩ හොද නෑ…”

“මමකියන්ඩද අයියේ අපි අර බස් හෝල්ට් එක පිටිපස්සට ගිහිල්ලා හැංගෙමු,,ඒක පිටිපස්සේ ටිකක් කලුවරයි වගේ.”

ගිහන්සාගේ අදහස හොද කියල මටත් හිතුන නිසා ,,බයිසිකලෙත් කාටවත් පේන්නේ නැති තැනක හිටවල මමයි ගිහන්සයි ඒක පිටිපස්සට ගියා. අපි එතන ටික වෙලාවක් හිටියා. ඒ අතර තුර පාරෙ වාහන කිපයක් එහාට මෙහාට ගියත් කාටවත් අපි දෙන්න පේන්ඩ නැතිව ඇති.

“බ්රා………ස්”

මොහොතකින් බස් හෝල්ට එක ඉස්සරහින්ම නැවත්තුවේ විශාල බසයක්. නවත්තපු බස් එකෙන් යුවතියන් තුන් දෙනෙක් බැසිද්දි ඒ අතර ඉන්න ලසිකාව මට අදුනගන්ඩ අමාරු වුනේ නෑ. බස් එක ගියා.

“ලසිකා බන් එහෙනම් අපි යනවා….. උබේ මලය අදත් පරක්කුයි වගේ…..”

“ඒක තමා බන් හැමදාම කියනව එකොලහ වෙද්දි මෙතනට ඇවිල්ල හිටපන් කියලා…..”

“එහෙනම් ලසිකා කෝල් එකක්ව්ත් දීල එන්ඩ කියපන් ,,,අපි යනවා….”

ලසිකාට සමුදුන්න අනිත් යුවතියන් කඩිසර ගමනින් අපිට ඉස්සර දිවෙන පාරක ට ගොස් නොපෙනී ගියා.

“මල්ලි මොකද අදත් පරක්කු ,,,මම මෙතනට ඇවිත් සෑහෙන්ඩ වෙලා ,,උබ තවත් නෑ…”

මොහොතකින් අපිට ඇහුනේ ලසිකා තරහෙන් මල්ලිට phone ,එකෙන් කතා කරන හඩ. බස් හෝල්ට් එක ඉටිපස්සේ හැන්ගිලා හිටපු අපි මමයි ගිහන්සවයි ලසිකාට පෙනුනේ නෑ……

“මොකක් තවත් ගෙදරද,,,උබටනම් මම ගැන ගානක්වත් නෑ…….මම නැහිලා නැහිලා ගාමන්ට් එකෙන් එන්නේ…එහෙම ඇවිල්ල බස් එකෙන් බහින වෙලාවට උබ නෑ……ඉක්මනට වරෙන්… ”

මොහොතකින් ලසිකාගේ හඩ නැතිවෙලා ගියේ කතා කරලා ඉවර නිසා වෙන්ඩ ඇති. ඒත් යලිත් මොහොතකින් අපිට ඇහුනේ ලසිකා අයෙත් කාටහරි කතා කරන හඩක්. මමයි ගිහන්සයි ඒකටත් කන්දීගෙන හිටියා.

“නෑ ….අයියේ හෙට මලිලිට එන්ඩ හම්බවෙන්නෙ නෑ…..එයා යාලුවෙකුගේ ගෙදර යනවලු…….මට බයේ බෑ අර පාලු පාරෙ තනියම ගෙදර යන්ඩ . අරක වෙලත් තව මාසයක් වත් නෑනේ…….”

“එහෙන්ම් සුවර්නේ ,,බස් හෝල්ට් එක ලගට එන්ඩ එපා ,,හරි නෑනේ ,,තනිපොල්ගහ ලගට එන්ඩ ,,මට ඒ ටික එන්ඩ පුලුවන්…….අර පාලු වත්ත මැදින් තමා යන්ඩ බය.”

මටයි ගිහන්සටයි ඇහුනේ ලසිකා කියන ඒවා විතරයි.

**මට තේරුන විදිහටනම් හෙට ලසිකගේ මල්ලී එන්නේ නැති හින්දා ලසිකා තනියට මෙතන ඉදන් ගෙදරට යන්ඩ කෙනෙකුට කතා කෙරුවා කියලයි.

“එහෙනම් නිම්සර අයියේ මම තියනවා,,,මල්ලි එනව වගේ…… බුදු සරනයි.”

ලසිකාගේ හඩ කලබල වුනේ අපි ආපු පාරෙම බයික් එකක් එන හඩ ඇහිලයි. එතකොටයි අපිට වැටහුනේ ,, ලසිකා කතා කෙරුවේ නිම්සර එකක කියලා..

“උබනම් මාර මලයෙක් තමා,,,ඊලග දවසෙවත් කලින් වරෙන්,,බයෙත් බෑ මෙතන තනියම ඉන්ඩ ,උබට ගානක්වත් නෑ.”

ලසිකගේ මල්ලි එලවන් ආපු බයික් එකට ඇය නැගුනේ තරහින් එහෙම කියාගෙන. මොහොතකින් ඔහු ලසිකාවත් තියාගෙන එතනින් ඉගිල්ලිලා ගියා…..

“ඔන්න අපිට ලසිකවයි,,නිම්සරවයි දෙන්නම කොටුකරගන්ඩ මගක් පෑදුනා….දැන් තියෙන්නෙ ඊට පස්සේ කරන්ඩ තියෙන ප්ලෑන් එක ගහන එක.”

ගිහන්සා කිව්වා.,

“යන ගමන් කතා කර කර යමු,,අපිට හොද අයිඩියා එකක් පෑදෙයි,,,,,”

මම ගිහන්සවත් තියාගෙන බයිසිකලේ පැදන් ආපහු ගියේ ලසිකවයි ,නිම්සරවයි දෝතැල්ලේ වැවට එක්ක ගෙන යන්ඩ ක්‍රමයක් හිත හිතා..

“ගිහන්සා මට ,,අර දෙන්නව කොටුකරගන්ඩ අදහසක් නම් ආවා හොදද මන්දා……ඒක”

මට එකපාරටම එහෙම අදහසක් අවේ සෑහෙන්ඩ වෙලාවක් යනකම් ගෙයක් දොරක් නොතිබුන පාලු වත්තක් මැදින් අපි යද්දියි..

“මොකක්ද ඒ……..”

“හැබැයි ඒක කරන්ඩ මට ගිහන්සගෙන් ලොකුම ලොකු සපෝට් එකක් ඕනා විතරක් නෙමේ ,,ඔයා හැමදාම අදින ඔය සුදු ඇදුමත් වෙනස් කරන්ඩ ඕනා…..”අපි බලමු ,මොන විදිහේ අදහසක් හිමකරට තියෙනද ,,,,ඒ විදිහෙන් ලසිකයි ,නිම්සරවයි කොටුකරගන්ඩ පුලුවන් වෙයිද කියලත්,,, දැනගන්ඩ එක්ක මමතව කොටසක් අරන් ඉක්මනින් එන්නම්.

ලයික් ,,කොමෙට් ,,ඕන හරිද,,,නැත්නම් ?????????????????????? ඕන දෙයක් හිතාගන්ඩ.

3 thoughts on “මියදුනු අය සොයන් |22 කොටස| හොල්මන් කතා”

  1. Hashini Navanjana.

    අයියෝ … අද සූටිම සූටි කොටසක් නේ දාලා තියෙන්නෙ ඔයා.. ඇයි අනේ ඒම.. කමක් නෑ අපිට චූටි කොටසක් දීලා ඔයා සතුටින් ? ඉන්නකෝ.. හොඳද. . ලයික් කමෙන්ට්ස් නැත්නම් මොකද කරන්නෙ.. ඕනි එකක් හිතා ගන්න කීවනේ.. එහෙනම් අපි මෙහෙම හිතා ගන්නම්.ලයික් කමෙන්ට්ස් නැති උනත් ඔයා දිගටම කතාව දෙනවා කියලා. ??හැමදාම කමෙන්ට් කරන්න බැරි උනත් එක්සලන්ට් රේට් නම් දෙනවා හොඳද.. ඒ නිසා අපිට දිගටම කතාව ඕනි. ගොඩක් ආසාවෙන් නේ කියවන්නෙ… අනේ තව ටිකක් දිගගග එපිසොඩ් දාන්නකෝ රාස්ස්ස්ස්ස්… අපි පව් නේ අලේ…. ☺️☺️☺️☺️
    කතාව හරිම ෂෝයී හොදේ…
    ???????

    1
  2. ඔන්න මං Like එකකුයි comment එකතුවයි දැම්මා.මං හිතන්නේ ගිහාන්සා ලසිකා වගෙයි,හිමිකර නිම්සර වගේ යි රගපාලා දෙන්නාව වැව් ගාවට එක්ක යාවි.
    Best of luck

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.