Katha Ahura

ඔබ මට හිමි වේ නම් | 09 කොටස| නවකතාව

කතාව කොහොමද?

…………….09 වෙනි කොටස ………….
සති ගාණක් හොස්පිට්ල් ඉඳලා ගෙදර ආවට පස්සෙ නම් දැනෙන්නෙ ලොකු සහනයක්.. හරියට හිර ගෙදරක ඉඳලා ආවා වගේ.. හීනියට හරි ආතල් එකක් තිබුණෙ අර පට්ට පට පට නර්ස් නෝනා හිටපු නිසා.. ගෙදරට ඇතුල් වෙච්ච වෙලාවෙම මගේ හිතට ලොකු වේදනාවක් දැනුණෙ අපේ ගෙදර දැකලා.. කවදාවත් අපේ ගෙදර ඒ තරම් අපිළිවෙලට තිබිලා නෑ.. හරියට එදා අපේ ගෙදර තිබුණෙ පිස්සගෙ මොකක්ද එක වගේ.. මට ඒ වෙලාවෙ තේරුම් ගියා අපේ අම්මයි තාත්තයි නංගියි මං නැතුව කොච්චර දුකින්ද ඉන්න ඇත්තෙ කියලා.. මම කරපු වැරැද්දෙ බරපතලකම තේරුණේ මට ඒ වෙලාවෙ තමයි.. ඒත් ඉතිං මම වැරැද්දක් කලේ නැහැනේ.. අර පකිස් බූරුවනේ මට කෙලින්න ආවෙ උදේ පාන්දරම..

“මොනවද පුතා කල්පනා කරන්නෙ.. තවත් මොකුත් ප්‍රශ්නයක්වත්ද..? නැත්නම් අර වසවර්තියත් එක්ක රණ්ඩුවට යන්න විදියක් කල්පනා කරනවද..?”

මම ඇඳ උඩ ඉඳගෙන කල්පනා කර කර ඉන්නකොට තාත්තා එනවා දැනුණෙම නෑ.. එයා මගේ ළඟින් වාඩිවෙලා පුංචි හිනාවක් දාලා දේශනාවක් පටන්ගන්න වගේ හදන්නෙ..

“මොකුත් නෑ තාත්තා.. මම මේ කල්පනා කලේ විභාගෙ ගැන..”

තාත්තා සතුටුවෙන එකම දේ මම දන්නවා.. ඒක නිසා විභාගෙ ගැන මොනවා කිව්වත් තාත්තා සතුටු වෙනවා..

“ආ.. ඒ වගේ දේවල් නම් කල්පනා කලාට කමක් නෑ.. වෙන මොකුත් කල්පනා කරන්නෙ නැතුව.. දැන් ඉතින් මගේ කොල්ලා කෙල්ලෙකුගෙ පස්සෙනුත් යනවලුනේ..”

මල වින්නැහියයි……. යකෝ… තාත්තා කොහොමද ඒක දැනගත්තෙ.. කවුද මේවා තාත්තට කිව්වෙ. ඒකි තාම මාත් එක්ක යාළුවෙන්න තියා හරියට වචනයක් කතා කරන්නවත් බැරි වුණා.. ඉතින් මේ වගේ දෙයක් කියන්න තරම් අපේ තාත්තට ඉන්න කුජීත යාලුවා කවුද..

“මොකක්…. තාත්තට පිස්සුද..? මට එහෙම මොකුත් නෑ..”

“මට බොරු කරන්න බැහැ පුතා.. මම ඔයාගෙ තාත්තා.. හරි හරි… දැන් ඕවා කතා කරන්න ඕන නෑ.. ඔයා දැන් රෙස්ට් කරන්න.. වැඩිය මහන්සි වෙන්න එපා..”

“තාත්තෙ……?”

තාත්තා ඇඳෙන් නැගිටලා යන්න හදනකොටම මම තාත්තට කතා කරලා නවත්තගත්තා.. යන්න දොර පැත්තට හැරිච්ච තාත්තා ආයෙම ඇඳ උඬින් වාඩිවෙලා මගේ අතින් අල්ලගත්තා..

“ම්.. කියන්න පුතා..”

“මේ……. මම..”

“ඔව්.. මම..?”

“මම… මේ… ගෑනු ළමයෙක්ට ආදරේ කලොත් තාත්තා ඒකට අකමැති වෙනවද..?”

මටත් නොදැනිම මගේ කටින් ඒක පිටවුණා.. තාත්තා ඇස් දෙක ලොකු කරලා මගේ දිහා බලාගෙන හිටියා.. මට ලොකු උවමනාවක් තිබුණා තාත්තගෙන් ඒ ගැන අහන්න.. ඒත් දැන්ම නෙමෙයි.. විභාගෙ කරලා.. මගේ කට ඉස්සර වුණාද මන්දා.. ඒත් තාත්තා කැමති වුණා කියන්නෙ ගෙදර අනිත් අයත් කැමතියි කියන එක.. මම ගොඩක් බයේ හිටියෙ තාත්තා මොනවා කියයිද කියලා..

“හ්ම්… මේ කාලෙට ආදරේ කරන එක නම් හොඳ දෙයක් නෙමෙයි.. පුතා දන්නවනේ ඔය ඉස්කෝලෙ යන කාලෙට කෙල්ලො කොල්ලො යාළුවෙන්නෙ රැල්ලට.. එකෙක් දෙන්නෙක් තමයි කසාඳ බැඳලා සතුටින් ඉන්නෙ.. ඔය අඩු වයසින් පටන් ගන්න ගොඩක් ආදර කතා ඉක්මනින් අවසාන වෙනවා.. ගොඩක්ම විශ්ව විද්‍යාලෙ යනකොට තමා ඔය ප්‍රශ්නය එන්නෙ.. ඒත් ඒකෙන් අහිංසක කෙල්ලො කොල්ලො ජීවිතේ නැතිකරගන්නවා.. මම ඔයාට ආදරේ කරන්න එපා කියන්නෙ නැහැ.. ආදරේ කරන්න.. ඒකට කමක් නැහැ.. අපිට ජීවත් වෙන්න ආදරය අවශ්‍යයි.. අනික මම කැමති නැහැ ආදරේකට විරුද්ධ වෙලා අහිංසකයො දෙන්නෙක් දුක් විඳිනවා බලන් ඉන්න.. හැබැයි කොන්දේසි පිට තමා සුමීට ආදරේ කරන්න වෙන්නෙ ඉගෙනීම අහවර කරනකන්.. ආදරයයි ඉගෙනීමයි දෙකක්.. ඒ දෙක පටලවගන්න එපා.. ඉගෙනීම අහවර කරනකන් ආදරේ දෙක, අධ්‍යාපනය එක.. ඔයාලා මේ ඉන්නෙ දෙයක් ලොකුවට තේරුම් ගන්න පුළුවන් වයසක නෙමෙයි.. අනාගතේ ගැන ලොකුවට හිතන්න පුළුවන් වයසක නෙමෙයි.. මේ කාලෙට ගොඩක් අයගෙ හිත් ඉක්මනින් වෙනස් වෙනවා.. හැබැයි ඒ වගේ දෙයක් වුණොත් ඔයා ජීවිතේට කරදරයක් කරගන්න බැහැ.. තේරුණාද..? දැන් කියන්නකො කවුද කියලා ඔය ගෑනු ළමයා..”

තාත්තා ලොකු දේශනාවක් දීලා අන්තිමට අහපු දේ නම් ඇහුවෙ මූණෙ ලොකු හිනාවක් පුරවගෙන.. මට ලැජ්ජාවකුත් ඇතිවුණා.. මොකද ඉතිං කෙල්ල තාම දන්නෙ නෑනෙ මං එයාට ආදරේ කරනවා කියලා.. නයි කයිද ඩබල් බනිස් කිව්වලු.. දියන්කො ඉතින් දැන් උත්තර..

“තාත්තා කියන හැමදේම මට හොදට තේරෙනවා.. මම කවදාවත් ඉගෙනීමයි, ආදරයයි දෙක පටලවගන්නෙ නැහැ.. ගෑනු ළමයා ගැන කියන්න තාත්තා හිනාවෙයිද දන්නෑ..”

මට එහෙම කියනකොට හිනා ගියා.. තාත්තත් මගේ මූණටම එබිලා ලොකු හිනාවක් දැම්මා..

“ඇයි ඒ..?”

“නෑ… මේකයි.. ඒ ගෑනු ළමයා දන්නෙ නෑ මම එයාට ආදරේ කරනවා කියලා.. අන්න ඒකයි අවුලකට තියෙන්නෙ..”

“හා.. හා.. හහ් හා… මම හිතුවා දැන් ඔය දෙන්නා යාලුවෙලත් ඇති කියලා.. හරි හරි කමක් නෑ.. මම ප්‍රාර්ථනා කරන්නම්කො සුමීට ඒ ආදරේ ඉක්මනටම ලැබෙන්න කියලා.. එහෙනම් සුමී මම යනවා.. මට වැඩ ගොඩක් තියෙනවා කරන්න..”

“හරි තාත්ති..”

තාත්තා යන්න ගියාට පස්සෙ මම කම්මැලිකමට නවල් එකක් අරගෙන කියවන්න පටන්ගත්තා.. මම ගොඩක් කැමතියි යොවුන් නවකතා කියවන්න.. යෞවන සමින්ද්‍ර රත්නායක අයියගෙ කතා නම් පට්ට.. ඒ හැම පොතක්ම මගේ ළඟ තියෙනවා..

“අයියේ…….”

දොර එහා පැත්තෙ ඉදන් නංගි මට කතා කරපු නිසා කතා පොත පැත්තකින් තියලා මම ඒ පැත්තට කන් දුන්නා..

“ආ.. ඇයි නංගි..? එන්න මම මේ පොතක් කියවන ගමන් ඉන්නෙ..”

“නෑ නෑ… මම ක්ලාස් යන්න හදන්නෙ.. ඔයාට කියලා යන්නයි ආවේ.. මම ගිහින් එන්නම් හොදේ.. බුදුසරණයි!”

“හරි පැටියො.. පරිස්සමින් ගිහින් එන්නකො.. ඔයාටත් බුදුසරණයි.. ටටා..”

දොර වහගෙන නංගි යන්න හදනකොටම අම්මා ආවා පට්ට සයිස් බීම වීදුරුවකුත් උස්සගෙන.. මගේ බඩත් නියගෙට අහුවෙලා තිබුණ නිසා බීම වීදුරු දැක්කම සැරට සතුටක් දැනුණා..

“අම්මේ… වෙලාවට ඈ.. පට්ට තිබහෙ හිටියේ..”

“මට ඒක හිතුණා.. ඒකයි මේ බීම එකක් හදන් ආවේ..”

“අන්න ඒකනේ අම්මට අම්මා කියන්නෙ..”

මම කියපු වචනෙ මටම තේරුණේ නෑ.. කමක් නෑ.. ඕවා අම්මා හොයන්න යන්නෙ නෑ..

“ආ… පුතා.. දැන් ඔයාට අඩුයි නේද ගොඩක් දුරට..?”

“ඔව් ඔව් අම්මා.. දැන් නම් අඩුයි.. ඒත් ටිකක් විතර රිදෙනවා අල්ලනකොට..”

“හ්ම්.. ඒකත් අඩුවෙලා යයි.. හොද වැඩේ ඉතින් තියෙන විසේට..”

“ඔව්.. අම්මා ඔහොම කියයි.. මම ඌට ගැහුවෙ නැත්නම් ඌ මට මීට වඩා ගහන්න ඉඩ තිබුණා..”

“හරි හරි.. දැන් ඔය කතාව නවත්තලා ටිකක් නිදාගන්න..”

“නෑ අම්මා.. මම මේ පොතක් කියවනවා..”

“එපා දරුවො.. දැන් ටිකක් නිදාගන්න.. ඩොක්ටර්ස්ලා කිව්වනේ තව දවස් හතරක්වත් රෙස්ට් කරන්න කියලා හොදට..”

“හරි අම්මෙ.. මම නින්දක් දාන්නම් එහෙනම්.. උයලා මට නැගිට්ටවන්න හොදේ.. ලාවට බඩගින්නකුත් එනවා..”

“තාම උයන්න හිතුවෙවත් නෑ පුතේ.. ඔයා උදේ කෑම කන්නකො.. ඒකෙත් භාගයයිනෙ කෑවේ.. ඉතින් බඩගිනි නැතුව තියේයැයි..”

“නෑ.. නෑ.. අවුලක් නෑ.. දවල්ටම කනවා.. එහෙනම් අම්මෙ බායි කිව්වා.. මම නිදි…”

එහෙම කියලා අම්මට බීම එක බීලා වීදුරුවත් දීලා මම ඇඳට පැන්නෙ එලකිරි ඇලට් එකක් දාන්න.. කොහෙද.. ඇස් දෙක පියාගන්න හම්බවෙන්නෙ නෑ.. මගේ පුංචි සුරංගනාවි මැවිලා පේන්න ගන්නවනේ.. එයා මේ සීන් එක අනිවා දැනගන්න ඇති.. මාත් එක්ක තරහින්ද දන්නෙත් නෑ.. අනේ මට එයාව බලන්න තිබුණා නම්.. තව දවස් දෙක තුනයිනේ.. ඕකත් ගෙවිලා යයි.. හ්ම්……………………………

දවස් දෙකක් ගෙවිලා ගියේ බොහොම අමාරුවෙන්.. කාමරේටම වෙලා ඉන්න නිසා වෙලාව හෙමින් යනවා වගේ ගතියක් දැනෙනවා.. මම කකා බිබී කාමරේටම වෙලා ඉඳලා ඒ දවස් ටිකට මහත් වෙලාද මන්දා.. මම අද ටිකක් පරක්කුවෙලා නැගිට්ට නිසා හීනියට හිතට සැහැල්ලුවක් දැනුනා.. මොකද ඉතිං දවසෙන් පැය කිහිපයක් ගෙවිලා ඉවරයිනේ.. උදේ හතට අටට නැගිට්ටා නම් පට්ට චා.. මේ මගුල් හරියන්නෑ.. මම හෙට ඉඳලා පංති යන්න ඕන.. ඉස්කෝලෙ යන්න ඕන.. නැත්නම් විභාගතේ ඉවරයි, මමත් ඉවරයි, මගේ ලවු එකත් ඉවරයි.. ඔය තුනෙන් දෙකක් මගේ ජීවිතේ ජීවත් කරවන්න අවශ්‍ය වෙන දෙයක්නේ.. එක එක විකාර කල්පනා කර කර ඉන්නකොට දොරට තට්ටුවක් නොදාම නංගි දොර ඇරගෙන ආවා..

“මෙන්න වැඩක්..”

“ඇයි අයියේ………….?”

“ඇයි තට්ටු කරලා එන්න අතපය කැඩිලද හලෝ…”

මම ගොඩක් අකමැති දෙයක් තමයි දොරට තට්ටු නොකර හෙන ගහන්න වගේ කාමරේට කෙලගෙන එන එක.. ඒ නිසාම නංගි එක්ක මට තරහා ගියා.. ඒත් ඒ පුංචි ඇස් දෙකට කඳුළු පිරෙනවා දැකලා මට දුක හිතුනා.. එයා මට කොච්චර ආදරේ කරනවද කියලා මම දන්නවා.. ඒක නිසා පුංචි පානියක් දාන්න ඕන කියලා මගේ හිතට හිතුණා..

“පුහ්…… වැඩක් නෑ.. වැඩක් නෑ………………… දෙවියනේ මේ දෙස බලනු මැන.. මගේ නංගිට මාව සැකයි දෙවියනේ.. මගේ නංගි හිතන්නෙ මම එයාට ඇත්තටම බැන්නා කියලා.. බලන්න එයා අඩනවා.. මගේ නැගණියගේ දෑසින් කඳුලු කැටයක් බිමට වැට්ටූ වරදට අනේ දෙවියනි මේ පරගැත්තාට දඬුවම් කරන්න.. මාව මරලා දාන්න දෙවියනී..”

“අයියේ.. මේ මොකෝ මේ..?”

“ඔයා ඇඬුවෙ මොකෝ ඉතින්..?”

“ඔයා මට බැන්නනේ.. ඔයා කලින් වගේ මේ නංගිට ආදරේ නෑ නේද අයියේ.. දැන් ඉතින් අක්කා කෙනෙකුත් ඉන්නවනේ.. එතකොට මටයි අම්මටයි තාත්තටයි තියෙන ආදරේ අඩුවෙයි නේද..?”

“මොකක්..? මොන අක්කද..? ඔයාට පිස්සුද බබෝ…”

“අනේ බොරු නොකිය ඉන්න අයියෙ.. මට එක්කෙනෙක් කිව්වා අපේ අයියා ආදරේ කරන්න පටන් අරගෙන කියලා..”

මම දන්නවා කියපු කෙනා.. ඒ ඉතින් මගේ තාත්තා ඇර වෙන කවුද.. අනිවා අපෙ අම්මගෙ කනටත් වත්කරලා ඇති ගින්න..

“හ්ම්.. එයා තාම සෙට් නැහැ හලෝ.. මේ……….. තමුසෙ හිතන්න එපා මම කෙල්ලෙකුට ආදරේ කලා කියලා තමුසෙලට තියෙන ආදරේ අඩුවෙයි කියලා හරිද..?”

“හ්ම්.. හ්ම්…”

“මොකෝ හ්ම්.. හ්ම්.. ගාන්නෙ.. බකමූණි වගේ..?”

“හා… හා.. ඉතිං.. මේ.. කොහේ අක්කා කෙනෙක්ද..? අක්කා ලස්සනද..? නම මොකක්ද..?”

ඔය පටන්ගත්තෙ.. මුන් හැම එකාම එකයිනේ බලාගෙන ගියාම.. ඉපදෙනකොටම මේ අසික්කිත පුරුදු හැම එකක්ම මහබබා මුන්ගෙ මොල වලට දානවද කොහෙද.. චිහ්.. අප්පිරියයි බොල..

“කෙල්ල ලස්සනයි.. පිස්සු හැදෙනවා.. කන්න හිතෙනවා.. ඉතුරුවා පසුවට.. මොකෝ තාම සෙට් නැහැනේ.. ඔය ලස්සන ලස්සන මල් පස්සෙ බඹරු එකසිය ගානට කැරකෙනවා.. ඒක නිසා මට කෙලවෙයිද දන්නෑ හලෝ..”

“අපෝ නෑ.. එහෙම වෙන්නෙ නෑ අයියේ.. ඒ අක්කට ඔයා තරම් හොද කොල්ලෙක් තවත් ලැබෙන්නෙ නෑ.. ඒක නිසා ඒ අක්කා ඔයාටම තමා ලැබෙන්නෙ..”

“හ්ම්..”

“හ්ම්.. නෙමෙයි.. මේ… ඔයා දැන් කවදා ඉඳන්ද ක්ලාස් යන්නෙ..”

“හෙට ඉදන් යන්න ඕන නංගා.. මෙහෙම ඉඳලා වැඩක් නැහැ.. අනික දැන් මට හොදයිනේ..”

“ඕකේ අයියා.. මම මේ ආවෙ අර අක්කා ගැන අහගන්න.. පස්සෙ කියනවානේ.. එහෙනම් දැනට ගිහින් එන්නම්..”

“හි.. හි.. හි.. යනවා යනවා… සෙට් වුණාම ගෙදරටම ගෙනැල්ලා පෙන්නන්නම්කෝ..”

“නියමයි… මම යන්නම් අයියා..”

“නංගි.. නංගි.. පොඩ්ඩක් ඉන්නවා..”

මම යන්න ගියපු නංගිව නැවැත්තුවේ අම්මටත් තාත්තා සීන් එක කියලද කියලා දැනගන්න.. මොකද නංගි අනිවා දන්නවා එහෙම නම්.. අම්මා නංගිත් එක්ක කියන්නෙ නැති මගුලක් නෑනේ..

“මේ…. මගේ කෙල්ලගෙ සීන් එක අම්මට කියන්න එපා හොදේ..”

“අපෝ………… අම්මට කියන්න ඕන නෑ.. අම්මා ඔය හැමදේම දන්නවා.. අම්මා තමයි මටත් කිව්වෙ..”

මලලසේකරයි.. එහෙනම් හිතුවා වගේ ඒකත් හරි.. මට ඉතින් පට්ට ජොලි හිනාවක් ගියා.. නංගිත් මගේ මූණටම එබිලා ආදර හිනාවක් පාලා කාමරේ දොරත් දඩාං.. ගාලා වහගෙන යන්න ගියා.. හිතේ තිබ්බ සතුටටමද කොහෙද ඇඳ උඩට පැන්න ගමන් මට ලොකු නිදිමතක් ආවා..

මතු සම්බන්දයි ……

13 thoughts on “ඔබ මට හිමි වේ නම් | 09 කොටස| නවකතාව”

  1. කතා අහුරෙ ඇඩ්මින් මඩුල්ල ටත් කතා අහුර සාමාජික සාමාජිකයන්ටත් ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සාමයෙන් සතුටින් සමගියෙන් සිටින ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අලුත් අවුරුද්දේ bonus කොටසක් දුන්නට බොහොමත්ම ස්තුතියි බුදු සරණයි

  2. Aluth auruddata apita dunna gift ekata thanks hodadaa.
    Siyaluma denata samaya sthuta sapiri wasanavantha aluth aurudu mangalyak vevaaaa???????

  3. දයාබර මල්ලියෙ, ලැබුවා වු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි,කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන,ආනාගතයෙ දියුණු වෙන් දියුණු වට පත්වෙන සුබ ම සුබ අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    කොටස් දෙකම ලස්සනයි.ඒ වගේම කතාව තුළ ඔයා දෙන්න හදන අවවාද අනුශාසනා ටිකනම් සුපිරිම සුපිරි.තව තව ලියන්න ඔයාට පුළුවන් මෙම පැත්තේ නුත් ?ගන්න.best of luck

    1. Subama suba aluth ahuruddak wewa akke oyata aniwarenma akke mama lankwata ? gaththa akke hotel Asian tharaga walin budusaranyi akke siyaluma pathum hitu wewa akke oyata

  4. Suba aluth auruddak wewa.thnkx bonus kotasak dunnta. me kthawe oyage thaththa dena avvada tika dan thiyna smajeta marma vdiyta galapenwa.oya nknma kthawa lynwta wda ewge kotas athulath krpu eka gana mn oyta ayema park thnx krnwa.thwa oya aiya kenek ha nngi kenek athra athithiyna bandeema hndta penwla thiynwa.mtth aiya knek inna nsa mta eka danenwa.ela bro kathawa

    1. Suba aluth ahuruddak wewa nangiya oyata aniwarenma mage thatha Mata bosath kenk eya Ada apiwa hoda thanata genella pawadi divuyata giya .. thank you so much nangiya budusaranyi oyata hamdma balanna

  5. Kiriyen paniyen ithirena subaaaama suba aluth auruddak wewa aiyee????….ane kotas 3k vithara kiyawala excellent rate kara comment karanna beri una aiyoooo….thalaha na nedaaa????..kathawa ithinn….pattani hemadama kohomath…suba pathanawa aiyeee

        1. YouTube eke D.Sumith kiyala ganna nathi nam Google Chrome eke mage Nama ganna D. Sumith Thabrew kiyala eke thiye song
          01. Pera Kala
          02. Bidunu sitha laga
          03. Pem Sithata Wiramayak
          Thawa thiye nangiya balanna ko

  6. එකනම් ඇත්ත මදු අක්කි…
    ලොකුත් මෙහෙම හිටියට හෙන පැනියනේ..
    තාමනම් දුක හිතෙන දෙයක් වුනේ නෑ.. අපි බලමුකෝ ඉස්සරහට…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.