Katha Ahura

ඔබ මට හිමි වේ නම් 12 කොටස

කතාව කොහොමද?

……………………12 වෙනි කොටස …………….

මම සංසලා ළඟට ගියේ හිතේ බයකුත් තියාගෙන.. ඇත්තම කිව්වොත් මම මෙච්චර කාලෙකට මගේ නංගියා ඇරෙන්න වෙන ගෑනු ළමයෙක් එක්ක කතා කරලම නෑ.. ඒක නිසා ලැජ්ජාවක් වගෙත් මගේ හිතේ ඇතිවුණා.. කොහොම උනත් මේ අවස්ථාව මඟහැර ගන්න බැරි නිසා මම හෙමින් සංසලා ළඟට කිට්ටු උනා..

“ස… සං.. සංසලා නංගි..”

මම එයාගෙ නම කිව්වෙත් ටිකක් බයෙන් වගේ.. ඒත් එයා මම කතා කරනකම්ම හිටියෙ වෙනම ලෝකෙක.. මගේ කටහඩ ඇහුණම එයා ගැස්සිලා වගේ මගේ දිහා බැලුවා..

“හ්ම්..”

එයා මාත් එක්ක හිත හොඳකින් නම් නෙමෙයි වගේ ඉන්නෙ.. අනේ මන්දා මම කලේ වරදක් තමයි.. ඒත් මම ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි..

“න.. නංගි මට සමාවෙන්න වරදක් උනා නම්.. මම ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි..”

එයා මගේ දිහා අමුතු බැල්මක් දාගෙන ඉන්නවා මිසක් වචනයක්වත් කතා කරන පාටක් නැහැ.. ඇත්තටම ගෑනු ළමයෙක් එක්ක මෙහෙම කතා කරන එක වැරදිද.. එයාට ඒකෙන් කරකක් වෙයිද.. මගේ හිත මගෙන්ම ප්‍රශ්න ගොඩකට උත්තර හෙව්වා.. ඒත් මම මේ වෙලාවෙදි උන්නෙ ගොඩක් අසරණ වෙලා.. මම එයාට ගොඩක් ආදරේ කරනවා කියලා සමහර විට එයා නොදන්නවා වෙන්න පුළුවන්.. ඒත් මම……… කොහොම උනත් එයා ඇයි අර යකා මට ගහන්න ගියාම වලිය මැද්දට පැනලා මාව බේරගත්තෙ..

“ස.. සංසලා නංගි මම යන්නම්.. අම්මා කඩේට ගිහින් එන්නයි කිව්වා.. ඒකයි මම ටවුන් එකට ආවෙ..”

මට ඇත්තටම ඒ වෙලාවෙ කියන්න දෙයක් තිබුණෙ නෑ.. අනික සංසලාට මාව වදයක් පාටයි.. එයා මගේ දිහා සැරෙන් සැරේ බල බල හිටියට වචනයක්වත් කතා කරන්නෙ නැත්තෙ ඒක නිසා වෙන්න ඇති..

“සුමිත් අ.. අයියෙ……..”

ඒ කටහඬට යන්න ගියපු මම එක තැන නතර උනා..

“ඇයි ඔයා මගෙන් සමාව ඉල්ලන්නෙ..”

“නෑ ඉතිං.. මං නිසා සංසලා නංගිත් වලි වලට පැටලුනානේ..”

“ආ.. ඒකට කමක් නැහැ.. මම එතනට ආවෙ නැත්නම් එයා ඔයාට ගහනවනේ..”

ආහ්.. හා.. ඒ කියන්නෙ සංසලා මම ගුටි කනවට කැමති නැහැ වගේ නේද.. හොඳයි හොඳයි.. අනේ මන්දා..

“හැබැයි ඔයාට හොඳ වැඩේ..”

“ඇ.. ඇයි ඒ…..?”

“හි.. හි.. හි.. පාරෙ යන ගෑනු ළමයි දිහා බලන් ඉන්නවට..”
සංසලා ඒක කිව්වෙ මගේ මූණ දිහා බලලා ආදරණිය හිනාවකුත් පෙන්නගෙන..

“හ්ම්…”

“මම හරි නේද..?”

“ඔව් නංගි ඔයා හරි… මම දැක්කා සංසලා නංගි තනියෙම කොහෙදෝ යනවා.. ඒක නිසයි මම නැවතිලා බලන් හිටියෙ.. මොකද නංගි තනියෙම වැඩිය ගමන් බිමන් යනවා මම දැකලා නැහැ..”

“හ්ම්.. අනිත් එක ඔයා රණ්ඩුවට යනවා වැඩියි.. වළි කාරයෙක් නේද ඔයා.. මේ ළඟදි නිම්මිගෙ බෝයි ෆ්‍රේන්ඩ්ටත් හොඳටෝම ගැහුවා කියලා මට ආරංචියක් ආවා.. ඒක ඇත්ත නේද..?”

“අනේ මම…?”

මම උඩ ගිහින් බිම වැටුණා.. රණ්ඩුවට ගිය එක නම් ඇත්ත.. ඒත් මම අසිතට ගැහුවද අසිතයා මට ගැහුවද.. කවුදෝ සංසලාට පට්ට බේගලයක් ඇද බාලා වගේ.. අනේ ඕක කියපු එකා හරි එකී හරි අහු වෙනවා නම්..

“ඇයි ඔයා අසිතට ගැහුවෙ නැද්ද ළඟදි..? නිම්මිත් ගොඩක් දුකින් හිටියෙ ඒ දවස්වල..”

“අනේ නැහැ සංසලා නංගි.. එයා තමයි මට ගැහුවෙ.. මේ බලන්න මගේ ඔලුව පැලෙන්න ගැහුවා.. මම සතියක් හොස්පිට්ල් ඉඳලයි ආවෙ.. නංගිට කවුදෝ ලොකු බොරුවක් කියලා.. අසිත තමා එදා මාත් එක්ක මුලින් වලියට ආවෙ..”

මම එහෙම කියලා අසිතයා මගේ ඔලුවට ගහපු පාර පෙන්නුවා.. ඒ හරියෙ කොණ්ඩෙ වැවිලා තිබුණෙ නැති නිසා ඒ පැල්ම පැහැදිලිව තිබුණා..

“අනේ…. ඔයාගෙ ඔලුව ගොඩක් තුවාල වෙලානේ..”

“හ්ම්…. අසිත් මට පොල්ලකින් ගැහුවා ඔලුවට.. මට දුක නෑ මම වරැද්දක් කරලා නම්.. ඒත් එයා මට හේතුවක් නැතුව ගැහුවනේ..”

“එ.. එතකොට එයා මට කිව්වෙ බොරුවක්ද..?”

“කවුද සංසලා නංගිට ඔය බොරුව කිව්වෙ..?”

මම එහෙම ඇහුවම සංසලා බිම බලාගත්තා.. ඒත් මට දැනගන්න ඕන උනේ මේ පට්ට කෙබ්බෙ ඇදබෑව එකා කවුද කියලා..

“මට කියන්න පුළුවන්.. ඒත් ඔයා එයාගෙන් ඇහුවොත් එයා මාත් එක්ක තරහා වෙයි.. එයා විතරයි මට යාළුවෙකුට ඉන්නෙ..”

“අනේ මම අහන්න යන්නෙ නෑ සංසලා නංගි..”

“මට ඒක කිව්වෙ නිම්මි.. එයා කිව්වෙ ඔයා අසිතට හොඳටම ගහලා කියලා.. ඒත් මම වැඩිය විහ්වාස කලේ නෑ.. ඔයත් ක්ලාස් ආවෙ නැති නිසා මම හිතුවා ඔය දෙන්නටම තුවාල වෙලා ඇති කියලා..”

මම උඩ ගිහින් බිම වැටුණා.. ඇයි නිම්මි ඒ වගේ බොරුවක් කිව්වෙ.. සමහර විට අසිතයා ඒකිට බොරුවක් කිව්වද දන්නෙ නෑ.. ඕකා ලෝක අන්ඩපාලයනේ..

“අසිත සමහර විට නිම්මිට බොරුවක් කිව්වද දන්නෙ නැහැ නංගි.. අසිතයි මම දෙන්නම ගහගත්තා තමයි.. ඒත් එයාට වැඩි තුවාලයක් නැහැ.. මට තමා තුවාල උනේ..”

“හ්ම්… අනේ ඔයා එයාලත් එක්ක රණ්ඩුවට යන්න එපා.. එයා හොඳ කෙනෙක් නෙමෙයි.. ඔයා දන්නවනේ එයා ගැන..”

“ඔව් මම දන්නවා.. ඒත් අසිත තමා මාත් එක්ක වලියට ආවෙ.. මම කාත් එක්කවත් රණ්ඩු වෙන්න යන්නෙ නැහැ.. ඒක නෙමෙයි සංසලා නංගි කොහෙද මේ යන්නෙ..?”

මම ඒ කතාව යටපත් කරලා වෙනම කතාවක් ඇඳලා ගත්තා.. නැත්නම් අද ඔය කතාවටම වෙලාව යනවා මිසක් වෙන මොකුත් කතා කරන්න වෙන්නෙ නැහැ.. මට දැන් තමා තේරුම් ගියේ එදා සංසලා මගේ දිහා අමුතු විදියට බලාගෙන ගිය එකට හේතුව.. නිම්මි කියපු බොරුව එයා ඇත්තට පිළි නොගත්තත් යන්තම් හෝ සැකයක් ඇතිවෙන්න ඇති..

“මම කඩේට ආවා පොතක් ගන්න.. ඒ අරගෙන ගෙදර යන ගමන් තමා ඔයා අර ත්‍රීවිල් කාරයත් එක්ක රණ්ඩු වෙනවා දැක්කෙ..”

සංසලා ඒක කිව්වෙ මගේ දිහා බලලා පුංචි හිනාවකුත් දාගෙන.. ඒ වෙලාවෙදි නම් මටත් හිනා ගියා..

“ඇයි ඉතින් ඔයා හිනාවෙන්නෙ..?”

“නෑ මට හිනා ගියා..”

“ආනේ.. එහෙනම් ලෙඩක්.. නිකන් ඉන්න ගමන් හිනාවෙන්නෙ පිස්සොනේ..”

“අන්න ඔයාට තේරුණා සංසලා නංගි.. මට මේ දවස්වල පිස්සු තමයි..”

“ආහ්.. එතකොට මම මෙච්චර වෙලා කතා කරකර ඉඳලා තියෙන්නෙ පිස්සෙක් එක්කද..? ඉතින් මොකද හොඳට හිටිය ඔයා පිස්සු වැටෙන්න හේතුව..?”

“ඒක ඔයාට පස්සෙ දැනගන්න ලැබෙයි..”

“හ්ම්.. හ්ම්.. එහෙනම් අයියා මම ගිහින් එන්නම්.. ඔයා කිව්වා වගේම මම වැඩිය තනියෙම එළියට බහින්නෙ නෑ.. අම්මා බලාගෙන ඇති පරක්කු නිසා.. පරිස්සමින් ගෙදර යන්න..”

ඒක නම් එහෙම වෙන්න ඇති.. මම කවදාවත් දැකලා නෑ සංසලා තනියෙම කොහෙවත් යනවා.. ක්ලාස් යන්නෙත් නිම්මි එක්කනේ.. බේරෙන්න කියපු බොයිය උනත් ඇත්තක් කියලා මට තේරුණා..

“හරි නංගා.. එහෙනම් මාත් කඩේ පැත්තට යනවා.. අම්මා බඩු ලොට් එකක් දුන්නා ගේන්න කියලා.. ඔයත් පරිස්සමින් ගෙදර යන්න.. බුදු සරණයි!!”

මම ආහපු සුපිරි වෙලඳ සංකීරණය පැත්තට යන්න ගියා.. මගේ හිතේ තිබුණ බය නම් දැන් නැතිව ගිහින්.. ලැජ්ජාවත් පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙලා ගිහින් වගේ.. මගේ හිතට මාර ෆිට් එකක් ආවෙ අසියගෙයි මගෙයි වලියෙ ඇතත්ම තත්වය මොකක්ද කියලා සංසලා නංගි දැනගත්තු එක ගැන.. නැත්නම් එයා හැමදාමත් මගේ ගැන වැරදියට හිතාගෙන ඉදියි.. එහෙම උනොත් වැඩේ අල වෙලා යනවා එකෙන්ම..

“අයියෙ…..”

මම බයික් එකට නගිනවත් එකක්ම සංසලාගෙ කටහඩ ඇහුණ නිසා මම පිටිපස්ස හැරිලා බැලුවා.. සංසලා ආයෙම මම ඉන්න පැත්තට එනවා..

“ආ… ඇයි සංසලා නංගි..?”

“ඔ.. ඔයා දැන් රණ්ඩු උන අර ත්‍රීවිල් කාරයා..”

සංසලා කතාව මග නතර කලා..

“ඔව් නංගා කියන්න..”

“එ.. එයාලා ඒ තරම් හොඳ අය නෙමෙයි.. පුළුවන් නම් ගිහින් එයාලගෙන් සමාව ගන්න.. නැත්නම් එයාලා ඔයාට ආයෙ කරදරයක් කරයි අයියෙ..”

මගේ ගැන බයකුත් තියෙනවා එහෙනම් කෙල්ලට.. එල එල..

“අනිවා නංගා.. මම අද හවස නැත්නම් හෙට ක්ලාස් යනකොට එයාලගෙන් සමාව ගන්නම් ගිහින්.. ඇත්තටම වැරැද්ද මගේනේ..”

“හ්ම්.. එහෙනම් පරිස්සමින් යන්න හොදේ..”

“හරි නංගා..”

“ආ…. අයියෙ..”

“හ්ම්..? ඇයි නංගා..”

“මෙ.. මෙන්න මගේ ෆෝන් නම්බර් එක.. ඔයා අරයගෙන් සමාව අරගෙන මට කෝල් එකක් දෙන්න හොදෙ.. මට ඔයාව නම් කොහොමටවත් සුවර් නෑ අයියෙ.. හරියට කේන්ති යනවනේ.. ඔන්න ගහගන්න මුකුත් බෑ.. එයාගෙන් සමාව ගන්න ඕන හරිද..”

යකෝ දෙයියො දෙනකොට දෙන්නෙ ගස් පිටින්මනේ.. හත් දෙයියනේ කවුද හිතුවෙ සංසලාම මට ෆෝන් නම්බර් එක දෙයි කියලා.. අද නම් මට පට්ට දවසක් වගේ.. මගේ හිතේ තියෙන පුංචිම පුංචි සැකය දුරු කරගන්න දැන් තමා වෙලාව.. නැත්නම් ඒකත් මට පට්ට කරදරයක් වෙනවා..

“සංසලා නංගිට බෝයි ෆ්‍රේන්ඩ් එකනෙක් ඉන්නවද..?”

“අනේ නැහැ අයියෙ… ඇයි එහෙම ඇහුවෙ..”

“මේකයි නංගි.. ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් මම ඔයාගෙ නම්බර් එක ගන්න එක හරි නැහැනේ.. ඒකයි..”

“ආ.. බයවෙන්න එපා අයියෙ.. මට එහෙම කවුරුවත් නැහැ..”

දැන් නම් මට සංසලා ලැබුණා වගේ තමා.. ඒ සැකෙත් හරි.. දැන් තමා හිතට සැනසීමක් දැනෙන්නෙ.. ඒ අතරෙදි මම ෆෝන් එක එළියට අරගෙන නිකමට වෙලාව බැලුවා.. අම්මටසිරි වෙනවා.. පැය එකහමාරකටත් ලං වෙන්න ඇවිල්ලනේ.. මෙච්චර වෙලා අපි මොනවද කතා කලේ.. සංසලාටත් හොඳටම පරක්කු වෙලා ඇති..

“නංගා එහෙනම් යන්න.. දැන් නම් ගොඩක් පරක්කු වෙලා.. මාත් යනවා.. අම්මා බලනවා ඇති මම කොහෙ ගියාද කියලා..”

“හරි අයියෙ.. මේ.. ඔන්න මට අනිවාර්යෙන්ම කෝල් කරන්න හොදෙ..”

දැන් නම් ඔයා නොකිව්වත් මම ඔයාට කෝල් කරනවා.. ඒකෙ ආයෙ දෙකක් නෑ.. මටත් ඔයාගෙ නම්බර් එක ඉල්ලගන්න බැරිව තමා මෙච්චර කල් ලත උනේ.. අනික අදනේ දන්නෙ පැටියො ඔයා මේ තරම් හොඳයි කියලා.. පට්ට පට පට..

“හරි නංගා මම කෝල් කරන්නම්.. ඔයාගෙ ගෙදරින් බනියිද මම කෝල් කලොත්..”

“හි.. හි.. හි.. අපෝ ඔයා මාර බයෙන්නේ අයියෙ ජීවත් වෙන්නෙ.. නෑ නෑ.. එහෙම ප්‍රශ්නයක් නෑ.. ඔයා ඕනම වෙලාවක කෝල් කරන්න.. අර ප්‍රශ්නෙ විසඳගත්තු ගමන්ම මට කෝල් කරන්න ඕන හොඳද..?”

“අනිවාර්යෙන්ම නංගි.. එහෙනම් දැන් පරිස්සමින් ගෙදර යන්න.. බුදුසරණයි! ආ.. ඔයාට බොහොම ස්තුතියි.. මාව විශ්වාස කලාටත්, නම්බර් එක දුන්නටත්..”

“ඒකට ස්තුතියි එපා අයියෙ.. කෙනෙක්ගෙ මූණ බැලුවාම කියන්න පුළුවන් එයා මොන වගේ කෙනෙක්ද කියලා.. මට මිනිස්සු මොන වගේද කියලා අඳුනගන්න වැඩි වෙලාවක් යන්නෙ නැහැ.. එහෙනම්……… මම ගිහින් එන්නම්.. ටටා..”

යකෝ මේකි මන්තරකාරියක්වත්ද..? පුදුම වැඩක්නේ ඒක.. මූණ බලලා මිනිස්සුන්ගෙ හැටි කියන්න පුළුවන් කිව්වෙ..

“හරි නංගා.. ටටා..”

මම සංසලා යන මඟ දිහා බලාගෙන ඉඳලා කෙලින්ම ගියේ කඩේට අම්මා කියපු බඩු ලොට් එක අරගෙන එන්න.. යකෝ මෙච්චර බඩු ගොඩක් කොහොම මේ හුටු හුටු යන්තරේ අරන් යන්නද මන්දා.. ඔයිට කලින් දන්නවා නම් ත්‍රීවිල් එකක හරි එනවා.. කොහෙද ඉතින් මමත් කලබලෙ කෙලගෙන ආවනේ..

අමාරුවෙන් මම බඩු මල්ලත් උස්සගෙන බයික් එකට නැගලා කල්පනා කලේ අර ගස් ගෙම්බගෙන් සමාව ගන්නවද නැද්ද කියලා.. මට සංසලාට බොරුවක් කරන්න බෑ.. එයා කිව්වෙ උගෙන් සමාව අරගනෙම එයාට කෝල් එකක් දෙන්න කියලා.. බොරුවක් කලොත් වැඩේ පටන් ගත්තු තැනම අල වෙලා යනවා.. කමක් නෑ.. මගේනේ වැරැද්ද අද හවස බැරි නම් හෙට උදේ හරි යනවා උගෙන් සමාව ගන්න..

මට ගෙවල් ගාවට යන්න හරියටම විනාඩි පහළොවක් වගේ වෙලාවක් ගියා.. යකෝ එතකොට පැය දෙකක් විතර ගිහින්නේ දන්නෙම නැතුව.. දැන් දීපියකො උත්තර අම්මා අහන ප්‍රශ්න වලට..

“අනේ දරුවො කොහෙද ඔයා මෙච්චර වෙලා ගියේ.. මම මේ පණ බයේ හිටියෙ මොකුත් කරදරයක්වත්ද කියලා..”

“මල වින්නැහියක්නේ අම්මෙ උනේ..”

“ඇයි.. ඇයි මොකද උනේ..?”

“කලබල වෙන්න දෙයක් නෙමෙයි.. බයික් එකේ පැච් එකක් ගියානේ.. මල මගුල ඒපාර තල්ලු කරගෙන ගියා ගරාජ් එකකට.. එතන හිටපු නිසා පරක්කු උනා..”

“හ්ම්… නංගිත් බලන් ඉඳලා ඉඳලා අන්න දැනුයි ගෙට ගියේ.. කෙල්ලත් හොඳටම බය වෙලා උඹ කරන වැඩ වලින්…. යං යං ගෙට..”

මම අම්මටත් බොරුවක් කියලා කෙලින්ම ගියේ නංගිගෙ කාමරේ පැත්තට.. නංගි චොක්ලට් කන්න ආස නිසා මම අතිනුත් සල්ලි දාලා තඩි චොක්ලට් එකක් ගත්තා එයාට..

“නංගී…? තාම මල් කඩනවදෝ..”

“අනේ අයියෙ මේ……. මම කලිනුත් කිව්වා හොඳද.. මට එහෙම කෙනෙක් නෑ.. ඔයා තමා දැන් මල් කඩලා ආවෙ..”

මේකි කොහොමද ඒක දන්නෙ..? සංසලා වගේ මන්තරකාරියක්වත්ද..?

“මගුලක් කතා කරනවා.. මගේ මේ බයික් එකේ පැච් එකක් ගිහින් අතිනුත් කයිට් වෙලා ඉන්නෙ.. ආ මෙන්න තමුසෙට චොක්ලට් එකක් ගෙනවා..”

“අම්මෝ…… මෙච්චර ලොකු එකක්..”

ඒක දැකපු ගමන් නංගිගෙ ඇස් දෙක උඩ ගියා.. නංගිගෙ මූණ දැකලා මට හිනාගියේ මටත් නොදැනිම..

“හික්ස්..! මොකක්ද හලෝ ඔය මූණෙ හැටි.. මහසෝනා ගහලා වගේ..”

“මෙච්චර ලොකු චොක්ලට් එකක් ගෙනාවෙ අපරාධෙනේ අයියෙ සල්ලි..”

“හරි හරි හලෝ.. සල්ලි මගේනේ.. ඒක නිසා ඔයා දුක් වෙන්න එපා.. මේ මම යනවා පහළට.. මට අද හැපි දවසක් හරිය.. දැන් තමුසෙ ගිහින් චොක්ලට් කනවා.. යනවා..”

“මට හිතාගන්න පුළුවන් මොකද ඔයාට හැපි කියලා..”

“හා.. එහෙනම් හිතාගන්නවා.. මම පස්සෙ අහන්නම්කො.. දැන් මට වැඩක් තියෙනවා මම යනවා.. බායි..”

මම එහෙම කියලා කෙලින්ම මගේ කාමරේට ගිහින් ෆෝන් එක අතට ගත්තෙ සංසලාට කෝල් එකක් ගන්න.. යකෝ සංසලා කිව්වෙ අරූගෙන් සමාව අරගෙන කෝල් කරන්න කියලා නේද..? නෑ නෑ.. එයා කිව්වා ඕන වෙලාවක කතා කරන්න කියලා.. මම දැන් ගන්නෙ එයා ගෙදර ගියාද කියලා දැනගන්න.. එහෙම හිතලා මම කෙලින්ම සංසලාගෙ නම්බර් එක ඩයල් කලා..

“හෙලෝ….”

“ආ.. සුමිත් අයියා නේද..?”

“කොහොමද එකපාර අඳුන ගත්තෙ..”

“එහෙම තමා අයියෙ.. මට පිරිමි යාලුවො නෑනෙ.. ඔයා විතරයි එහෙම කෙනෙක්ට ඉන්නෙ.. ඒ අඳුනගත්තෙත් අදනේ.. ඔයාට විතරයි නම්බර් එක දුන්නෙත්..”

“පට්ටයි….. එල එල..”

“මොකක්..?”

“ආ…. මේ.. නිකන් කියවුනා නංගි.. මම අර මනුස්සයගෙන් සමාවගන්න හෙට යනවා නංගි.. අද මට ටිකක් මහන්සි පාටයි.. මම මේ කෝල් එකක් ගත්තෙ නංගි ගෙදර ගියාද බලන්න.. දැන් ගෙදර නේද ඉන්නෙ..?”

“ආ.. ඔව් අයියෙ මම ගෙදර ඇවිත් දැන් ටිකක් වෙලා.. ඔන්න හැබැයි හෙට කොහොම හරි ගිහින් එයාව මුණගැහෙන්න ඕන හොඳද.. දන්නවනේ අයියෙ එයාලගෙ හැටි.. හරිම නපුරුයි එයාලා.. කොහොම හරි බලන්නෙ රණ්ඩුවක් දාගන්න.. ඒ එයාලගෙ හැටි..”

“හරි නංගි අනිවා.. අනිවා.. එහෙනම් මම තියන්නම්.. ඔයාට බුදුසරණයි! පරිස්සමින් ඉන්න!”

“හරි අයියෙ.. ඔයත් පරිස්සමින් ඉන්න! බුදුසරණයි!”

මම සංසලත් එක්ක කතාව ඉවර කරලා බාත් රූම් එකට ගියේ මූණ කට පොඩ්ඩක් සෝඳගන්න.. පාරෙ දූවිල්ල නිසා ඇස් දෙක අරින්න බැරි තරමට රිදෙනවා.. ඇත්තටම මේ ජීවිත කාලෙ වැඩිපුරම සතුටු වෙච්ච දවස තමයි අද.. මීට කලින් මම එක කෙල්ලෙක් දිහාවත් බලලාවත් නෑ.. මුල්ම ආදරේ මල්ඵල ගැන්වෙන්න යන එක ගැන මගේ හිත ලොකු සතුටකින් පිරිලා ගියා.. මම හිතුවටත් වඩා සංසලා නංගි හැම අතකින්ම ගොඩක් ඉහළින් තියෙනවා.. අද කාලෙ කෙල්ලෙක්ගෙ හොයාගන්න බැරි තරම් මනුස්සකම, ලස්සන, හැඳියාව හැම දේකින්ම සංසලා සම්පූර්ණයි.. ඒ වගේ කෙනෙක් ලබන්න තරම් පින් කරපු මම පට්ට වාසනාවන්තයෙක් කියලා මට හිතුණා.. මගේ හිතේ දැන් කිසිම සැකයක් නෑ.. මම දන්නවා සංසලා මට ආදරේ බව.. ඒ සතුටත් හිතේ තියාගෙන මම මම මූණකටත් සෝඳගෙන ඇඳ උඩට පැන්නෙ පොඩි නින්දක් දාන්න කියලා හිතාගෙන..‍
……………..මතු සම්බන්දයි …………….

14 thoughts on “ඔබ මට හිමි වේ නම් 12 කොටස”

  1. කතාව ගොඩාක් ලස්සනයි අයියේ.
    සුභ ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.

  2. Mmmm matath hithenne sansalath kollata kemathi wage nedaaaaaa????hemadama wage patta aiye kathawa..me dennage lv ekata baldi peralala ahu wennepa halida???sansala passe wenas karala ehema harida….
    All the best aiyeee…..budu saranai…

  3. Chathu indeewaree

    මුලින්ම ප්‍රාර්ථනා කරන්නම් අයියේ ඔයාටත් කතා අහුර ඇප් එකේ ඇඩ්මින් අයියා ඇතුලු යහළු යෙහෙළියෝ හැමෝටමත් සුබමසුබ අලුත් අවුරුද්දක් වේවා කියලා..

    ඉතින් අයියා කොහොමද ඉතින්. සමාවෙන්න මට කලින් එපිසොඩ් වලට කමෙන්ට් කරන්න බැරි වුණාට. මගෙ අප්පච්චි අසනීප වෙලා ආයෙම හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නේ. ඉතින් මට කතා කියවන්න එන්න තරම් නිදහස් මානසිකත්වයක් නෑ මේ දවස්වල. ඒකයි මේ පැත්තේ ආවේ නැත්තේ.

    හරිම ලස්සනයි අයියා කතාව..ඇයි දන්නෑ දැන් දැන්‍ රේට් & කමෙන්ට් අඩු වෙන්නේ. මටනම් ලස්සනයි කතාව ගොඩාක්. ඔයා භාෂාව හසුරුවන විදිය ලස්සනයි කොලුකම ඉස්මතු වෙන විදියට. ඔයාගේ පළමු ආදරේ වගේම අවසාන ආදරෙත් මේකම වෙන්න ඇති නේද? ඒක දැනගන්නනම් අවසානය වෙනකල්ම ඉන්න වෙනවා නේ අපිට. ඔයාගෙයි සංසලාගෙයි ආදර කතාව ලස්සන අවසානයක් සහිත ආදර කතාවක් වේවා කියල හදවතින්ම පතනවා අයියේ . මම ෆ්‍රී වෙලාවට ඇවිත් කමෙන්ට් කරන්නම්. එන්න බැරි වෙන අවස්ථා වෙනුවෙන් සමාව ඉල්ලනවා. බුදු සරණයි අයියේ. සතුටින් පරිස්සමින් ඉන්න..සුන්දර රාත්‍රියක් වේවා!!!

    1. සුභ අලුත් අවුරුද්දක් වේවා නංගියෝ ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් ඇත්තටම මං ඔයාව එව්ව මොකද මගේ කතාවට comments නැති නිසා ඔයාගේ තාත්තාට ඉක්මනටම හොඳ වෙන්නෙ කියලා අපි සියලුම දෙනා ම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ වගෙ ලස්සන එන දිග කමෙන්ට් එකක් ලැබෙන්නෙ ඔයාගෙ විතරයි ඒ ගැන මං ගොඩක් සතුටුයි ඔව් නංගි මඹමම නෑ ඇයි කියලා අඩු වෙන්නෙත් හැමදාම ආදරෙන් බලනකො සෙට් එකක් ඉන්න කට්ටිය බලනවා කියලා මම දන්නවා තෙරුවන් සරණින් තාත්තට ඉක්මන් ඩොට් වෙයි ඔයත් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි පුළුවන් වෙලා ඇවිල්ල කොමෙන්ට් එකක් දාන්න සුබ රාත්‍රියක් nangiya

  4. Chathuu akkage thaththta ikmnta hndawenna kyla mn prathna krnwa.kthawa gana kynna wchna na ithin.ayye oyage sindu bluwa.pera kala kyla ekk.lssnai.oyata dgtma me wge ktha saha lssna sindu lynna hakiwewa kyla mn suba pthnwa

      1. Chathu indeewaree

        ගොඩාක් ස්තූතියි මැණික අප්පච්චි වෙනුවෙන් ප්‍රාර්ථනා කළාට. බුදු සරණයි!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.