Katha Ahura

මියදුනු අය සොයන් |26 කොටස| හොල්මන් කතා

4.6/5 - (5 votes)

මියදුනඅයසොයන් Episode 26

කැතම කැත හිනාවක් නගාගෙන එතැන හිටියේ නර්මදා.

“නර්මදා උබ,,,”

මම එහෙම කියාගෙන කලබලෙන් එතනට දුවගෙන ගියේ ඇය මෙතෙන්ට ආවේ එච්චර හොද දෙයකට නෙමෙයි කියල හිතුන නිසා. මට ඕනා වුනා අර සල්ලි උරය මගෙ අතට ගන්ඩ.

ඒත් මම කොච්චර පරක්කු ද කිව්වොත් මම ගහ ලගින් පනිද්දිම නර්මදා සල්ලි උරයත් අරන් දිව ගියා. මොහොතකින් ඇය මිනි පිටියේ තිබ්බ ගස් පදුරු අතරින් සැගවී ගියේ අපිට කිසිම දෙයක් කරගන්ඩ බැරි විදිහටයි.නර්මදා සොයන්ඩ අපි කොච්කර උත්සාහ ගත්තත් වැඩක් වුනේ නෑ.

“මෙයා කොහොමද මෙතනට ආවේ , ,අයිය එයාව අදුරනවද”

“හ්ම්ම්ම්ම් ,එයා තමා නර්මදා ,ඔය නර්මදා තමා ,මම දැන් ඉන්න ගෙදරට රෑට රෑට ඇවිල්ලා මාව ඒ ගෙදරින් පන්නන්ඩ හැදුවේ,,,එයා කියන්නෙ ඒ ගේ එයා කියලා ,මම ඒ ගෙදර එයාට ඉන්ඩ දුන්නෙ නැති හින්දා මාත් එක්ක ඉන්නේ තරහින් ,මගෙන් පලි ගන්නවා කියල එදා ගියේ”

“එහෙනම් ඒකා තමා ,එයා ඒසල්ලි අරන් පැනලා දිව්වේ…මම නම් හිතන්නෙ නෑ ඒ සල්ලි නර්මදා ආපහු අපිට දෙයි කියල ”

“හ්ම්ම්ම්ම්ම් ”

ගිහන්සා හිතපු දේමයි මටත්හිතුනෙ.

නර්මදා ගැන තරහින් හිත හිතා මිනීපිටිය මැදින් ආපහු ආපු අපි ට ඇහුනේ අර ගෑනු කෙනා සුසන්ත ගේ මිනී ගොඩැල්ල ලගට වෙලා කලින් දවසේ වගේ අඩන හැටි.

ඇය ගැන දුක් වුන අපි ඇයට හොරෙන් මිනීපිටියෙන් ආපහු ආවේ ඊට පස්සේ මොකක්ද කරන්නේ කියල හිත හිතා.

“මම කියන්ඩද ගිහන්සා ,අපි ආපහු යමු දෝතැල්ලේ වැවට ,අර බෙනෙන් ආපහු ලක්ශ තුනක් ගමුද ,මට අර ගෑනු කෙනයි ලමයයි ගැන මාර විදිහට දුකයි.”

මගේ අදහසට කැමති වුන ගිහන්සා එක්ක මම ආයේ පාරක් දෝතැල්ලේ වැවේ අර බෙනේ තිබ්බ විශාල ගහ හොයන් ගියත් දොතැල්ලේ වෑකන්ද දිගේ යන කොට අපි දැක්කෙ හීනෙන්වත් හිතපු නැති දෙයක්.

වෑකන්දේ තැනක තිබෙනේ පොලිස් ජීප් එකක් නවත්තලා. ඒ දිහා බලන් ඉද්දිමයි අපි දැක්කේ වැව ඇතුලේ ඉදන් වෑ කන්දට නගින මිනිස්සු කීප දෙනෙක්. ඕනාකමින් බලද්දියි දැක්කේ පොලිස් කාරයින් අතරට මැදිව අතේ මාංචු පිටින් ජිප් එක පැත්තට එන අර හොරු දෙන්නා ,කිත්සිරියි සුසිලුයි. එක පොලිස් කාරයෙකුගේ අතේ අර ගස් බෙනේ තිබ්බ සල්ලි දාපු පෝර උරෙත් තිබ්බා.

“ගිහන්සා අරුන් දෙන්න පොලිසියට අහුවෙලා වගේ,, ”

“ඔව් ,ඒ කියන්නේ අපෙත් වැඩේ හරියන්නෙ නෑ වගේ”

** සුසිල්වයි කිත්සිරිවයි ජිප් එකට නග්ග ගත්ත ජිප් එක මමයි ගිහන්සයි හැංගිලා හිටපු ගහ පහු කරන් ගියා.

“අපේ වෙලාව හොද ම නෑ ,,අපි තව පැයක්වත් ඉස්සර වුනානම්”

“මම කියන්ඩද අයියේ ,අපි කෝකටත් අර ගහ ලගට ගිහින් බලමු ,,අපිට හේමාල්ගෙනුත් මොනව හරි දැනගන්ඩ පුළුවන් වෙයිනේ ”

මොන දෙයක් හරි වෙයන් කියල හිතපු මම ගිහන්සගේ අදහසට කැමති වෙලා ,අර විශාල ගහ ලගට ගියේහේමාල් ව හමුවෙන්ඩ හිතන්.

“උබල දෙන්න පරක්කුයි,,මම එහෙම දෙයක් දැනන් හිටියනම් ,කලින් ලක්ශ තුනක් අතනින් අර ගන්නවනේ”

අපිට හම්බවුන හේමල් එහෙම දෙයක් කිව්වෙ අපේ කතාව අහල ඉවර වෙලා.

ඔහුගේ කතාවේ හැටියටනම් සුසිලුයි ,කිත්සිරියි ,අර බෙනේට අත දාල අර සල්ලි උරේ ගන්නකොටම ,පොලිසිය පිටිපස්සෙන් හොරෙන් ඇවිල්ලා ඒ දෙන්නව අල්ල ගෙන.

“දැන් අපිට අර ගෑනු කෙනාට සල්ලි දෙනවනම් ,නර්මදා ලග තියෙන සල්ලි කොහොම හරි හොයාගන්ඩ වෙනවා,නැත්නම් නර්මදාගෙන් කොහොම හරි ඉල්ල ගන්ඩ වෙනවා.”

ගිහන්සා කිව්වා.

සියලු බලාපොරොත්තු කඩවුන මම ගිහන්සා තියාගෙන ආපහු ගනේගම මිනීපිටිය පැත්තට එද්දි මම දැක්කේ පාර මැදහිටගෙන කොන්ඩෙ කඩාගෙන අපිට පිටුපා ඉන්න ගෑනු කෙනෙක්.

“කවුද ගිහන්සා මේ……….හොල්මනක්වත්ද ,,මේ රෑ මෙහෙම.”

සිතේ ටිකක් තිගැස්මක් තිබ්බත් මම ඒ දෙසට කිට්ටුකෙරුවා. ඒ දෙසට ලන්වෙද්දිම අපි දිහාට හැරුන ඒ රුව අදුර ගන්ඩ මට අමාරු වුනේ නෑ.

එතන හිටියේ නර්මදා ,,ඒත් මේ වෙලාවේ මිනිපිටියේ ඉදන් හොරෙන් අරන් ගිය අර සල්ලි උරය ඇය ලග තිබ්බෙ නෑ. මම බයිසිකලේ ඇය ලගින් නැවත්තුවා.

“වැවට ගියාට ,උබලට වැඩක් වුනේ නෑ නේ ”

නර්මදා සමච්චලයට කිව්වෙ අපි කරපු දේවල් බලන් හිටියා වගේ.

“උබට ,මොනවද ඕනේ ,අපිට අර සල්ලි දීපන්”

“සල්ලි ගත්තෙ ආපහු දෙන්ඩ නෙමේ, මම කිව්වනේ එදා මේ නර්ම්දා පරද්දන්ඩ කාටවත් බෑ කියලා ,, උබ එදා මට කරපු දේට පලි ගන්ඩ මීට වැඩිය හොද ක්රමය ක් නෑ…..”

“ඔය සල්ලි ගත්ත කියලා ,,කොහොමද උබ මහෙන් පලිගන්නේ ,, මටනම් මොකුත් ප්ර්ශ්නයක් නෑ ඔය සල්ලි උබ ගත්ත කියලා ,මට දුක අර අහිංසක ගෑනු කෙනයි ළමයයි ගැන ,උබත් ගෑනියක් නේද ,උබට දුක නැද්ද. උබ ආසද ,ඒ අහිංසක ගෑනු කෙනයි ළමයයි මැරෙනවට”

“මට කිසිම දුකක් නෑ,මොකද මම මැරෙන්ඩ ලන් වෙලා ඉන්න කාලේ ,,මාව මැරෙන එකෙන් බේරගන්ඩ මගේ පැත්ත ගන්ඩ කිසිම එකෙක් මට ලන්වුනේ නෑ ,හැම එකාම හැදුවේ මාව තව තවත් අසරණ කරපු එක ,, මට මනුස්ස සංහතිය එක්ක ම තියෙන්නෙ වෛරයක්.”

“මොකක් ,,මොනවද උබ මේ දොඩවන්නේ ”

**නර්මදා කියපු අරුම පුදුම කතව අහල මම හිටියේ අන්දුන් කුන්දුන් වෙලා.

“ගිහන්සා මොනවද මේ නර්මදා කියන්නේ , එයා බොරු නේද මේ කියන්නේ ,,,,නර්මදා කියන්නෙත් හේමාල්වගේම…………….

මම ඒක කියල ඉවර කෙරුවෙත් නෑ….ගිහන්සා ඒකට පිලිතුරක් දුන්නෙත් නෑ. ගිහන්සා හිටියෙ බිම බලාගෙන.

“තව දෙයක් මම දැන ගත්තා උබට ඔය අමුතු ශක්තිය කොහොමද ඇවිල්ලා කියලත්,,උබෙ අරමුන මොකක්ද කියලත්, උබේ අරමුන ඉටුකරගන්ඩනම් උබට අර……නර්මදා දැනගත්ත ඒ හිමකරගේ අරමුණ මොකක්ද කියලා දැන්ගන්ඩත් එක්ක මම තවත් කොටසක් අරන් මම ඉක්මනටම එන්නම්…….මොකක් වෙන්ඩ පුලුවන්ද ඒ අරමුන?????????

කතව කොහොම හරි තව කොටස් 04 කින් මම ඉවර කරන්ඩ බලන්නම් ,දික් වුනා හොදටම වැඩී,,,,,,,,,ඒ හින්දම ප්‍රචිචාරත් දැන් නෑ

3 thoughts on “මියදුනු අය සොයන් |26 කොටස| හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.