Katha Ahura

ඔබ මට හිමි වේ නම් |15 කොටස| නවකතාව

කතාව කොහොමද?

…………….15 වෙනි කොටස …………
නොදැනිම සති ගාණක් ගෙවිලා ගියා.. සංසලා මට දවසින් දවස ලං උනේ හිතාගන්නවත් බැරි විදියට.. ඒ හැම පැයක්ම.. හැම දවසක්ම ගෙවිලා ගියේ ගොඩක් සතුටින්.. ඇත්තටම හැම වෙලාවෙම මම හිටියෙ කියාගන්නවත් බැරි සංතෝසයකින්.. ඒ හැමදෙයක්ම මට හිමිඋනේ සංසලා නිසා.. අපිට හැමදාකම මීට් වෙන්න බැරි උනත් එයා පුළුවන් හැම වෙලාවකම මට කෝල් එකක් බැරි නම් මැසේජ් එකක් හරි එවනවා.. එයා කවදාවත් කැමති උනේ නැහැ මම දුකින් ඉන්නවා බලන්න.. ඇත්තටම මට හිතෙනවා ජීවිතේ සුන්දරද මෙතරම් කියලා.. ඇත්තටම මේ ජීවිතේ සුන්දරයි.. ඒ ඔයා නිසයි සංසලා.. ඔයා නිසයි..

මම ආදරේ කලාට මගේ ඉගෙනීම් කටයුතු අතපසු කරගත්තෙ නැහැ.. මම වගේම සංසලත් ආදරේට වගේම ඉගෙනීමටත් ජීවිතේ ලොකු තැනක් දීලා තිබුණා.. අපේ අනාගතය ගැන තීරණය වෙන්නෙ අපේ ඉගෙනීම මත කියලා මම හොඳින්ම දැන උන්න දෙයක්.. අපේ තාත්තත් හැම වෙලාවෙම කියන්නෙත් ඔය කතාවමනේ.. අනිත් දේ තමයි ඒ දෙන්නගෙත් බලාපොරොත්තුව මම හොඳ රස්සාවක් කරන එකනේ.. මම මොන කට්ට කාලා හරි ඒ හැමදෙයක්ම සඵල කරනවා.. ඒක මම මගේ තාත්තට උන පොරොන්දුවක්.. ඒ වගේම අම්මටත්.. විශේෂයෙන් සංසලාටත්.. එයාගෙ බලාපොරොත්තුවත් මම ලොකු මහත්තයෙක් කරන්නේ..

අපි දෙන්නගෙ ආදරේ නිසා කොල්ලො සෙට් එක මගෙන් ඈතට ගියාදෝ කියලා මට වෙලාවකට හිතෙනවා.. ඇත්තටම මට උන් එක්ක ආස්සරේ කරන්න වෙලාවක් නැති තරම්.. පාඩම් වැටත් වැඩි නිසා උන්ටත් මාව බලන්න එන්න විදියක් නැතුව ඇති.. කොහොම උනත් හැමදාම වගේ ක්ලාස් වලදි නම් බුවාලා ටිකත් එක්ක සෙට් වෙන්න අමතක කලේ නෑ..

හැමදෙයක් ගැනම කල්පනා කරලා කරලා මම ඇඳ උඩට පැන්නෙ සැපසේ නින්දක් දාන්න කියලා හිතාගෙන..

“පුතා….. පුතා…………”

අම්මා කෑගහන සද්දෙට නිදාගෙන හිටපු මම ගැස්සිලා ඇහැරුනා..

“ඇයි අම්මෙ..?”

“ඇයි කියන්නෙ.. අද උදේ පන්ති තියෙනවා කිව්වා නේද..? දැන් අටත් පහුයි…………….”

අටත් පහුයි කිව්ව නිසා මම මේස උඩ තිබිච්ච ඔරලෝසුව දිහා බැලුවා.. කිරි අප්පට විදුලි කොටන්න අටයි කාලයිනේ වෙලාව.. මම තවම නිදි.. දැන් සංසලත් එක්ක ගොඩක් රෑ වෙනකන් කතා කරන නිසා මට උදේ වෙනකන් නින්ද යනවා.. ඇයි ඉතින් එකත් පහුවෙනකන් කොල්ලා මල් කඩනවනේ.. දැන් නම් මටයි සංසලාටයි කතා කරන්න දෙයක් නැති තරම්.. ඒ තරමටම හැම මගුලම කතා කරලා ඉවරයි..

“ආ… ඒක අවුලක් කරගන්න එපා අම්මෙ..”

“මොකක්..? ඇයි අද පංති යන්නෙ නැද්ද.. දරුවො විභාගෙ අත ළඟ කියලා මතක තියාගන්න හොඳඳ..”

“අපෝ මොකද ඒවා මට අමතක.. මට හොඳට මතකයි.. අවුලක් කරගන්න එපා කිව්වෙ ක්ලාස් තියෙන්නෙ එකට නිසා..”

“හා.. ඒකෙන් කාරි නෑ මෙන්න මේ කිරි එක බීලා ඉන්න කට සෝදගෙන..”

අම්මා කාමරේට ඇවිත් කිරි එකත් දීලා යන්න ගියා.. මම කටත් සෝදගෙන කිරි කෝප්පෙත් අතට අරගෙන ෆෝන් එක දිහාවට ඇස් දෙක දැම්මෙ සංසලට කෝල් එකක් දෙන්න කියලා හිතාගෙන.. ඒත් සංසලා මට මැසේජ් එකක් එවලා තිබුණා.. යකෝ මට ඇහුනෙවත් නෑනේ.. ඒත් කොහෙ ඇහෙන්නද ෆෝන් එක සයිලන්ට් කරලනේ තිබුණෙ.. ෂිහ්..

“හායි.. ඔයාට සුබම සුබ උදෑසනක්.. ඒ වගේම සතුටින් පිරි ලස්සන දවසක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.. ඔයා නම් තාම නිදි ඇති.. ඇහැරුනාම කෝල් එකක් දෙන්න.. බුදුසරණයි!”

මැසේජ් එකේ තිබුණෙ ඒ විදියට.. මම කිරි එකත් උගුරට දෙකට කටට හලාගෙන සංසලාට කෝල් එකක් ගත්තා..

“හලෝ සුමී අයියා.. දැන්ද නැගිට්ටෙ..”

“හ්ම්.. ඔව් පැටියො.. මේ දැන්.. ඉතින් මොකද කරන්නෙ..?”

“මම ටවුන් එකට ආවා පොඩි බඩු වගයක් ගන්න..”

“අනේ ඉතින් මට කිව්වා නම් මමත් එනවනේ බබෝ..”

“ඔයා නිදියි කියලා හිතුනා.. ඒක නිසා කරදර කලේ නෑ අයියා..”

“හ්ම්.. මම දැන් එන්නද..?”

“එපා අයියෙ.. මම දැන් මේ ගෙදර යන ගමන්.. ඔයාට ගෙදර ගිහින් කෝල් එකක් දෙන්නම්කො..”

“හරි බබෝ.. පරිස්සමින් යන්න.. ගියපු ගමන් කෝල් එකක් දෙන්න.. බුදුසරණයි!”

“හරි අයියෙ.. ඔයාටත් බුදුසරණයි!!”

මම ෆෝන් එකත් මේස උඩින් තියලා නාන කාමරේ පැත්තට ගියේ පොඩ්ඩක් නා කියාගෙන කුමාරයට වගේම අනිත් එවුන් ටිකටත් පොඩි කෝල් පාරක් දාන්න.. කුමාරයා පොඩි කාලෙ ඉඳන්ම මගේ බොක්ක.. ඒත් ඌ දැන් වෙනදා වගේ වැඩිය අපේ ගෙදර එන්නෙ නැහැ.. සමහර විට විභාගෙ කිට්ටු නිසා පාඩම් කරනවා වෙන්න පුළුවන්.. ඒහෙමත් නැත්නම් සංසලා නිසා වෙන්නත් පුළුවන්.. පොර පාඩම් කරනවා නම් කියලා කියන්න බෑ.. ඕකා කරනවා කිව්වට කවදාවත් කරන්නෙ නැති එකම දේ ඕක කියලා මම එදා ඉඳන්ම දන්නවා.. ඒක නිසා එකම හේතුව සංසලාටයි මටයි කරදරයක් වෙයිද කියලා බයේ වෙන්න ඕන.. ඉතින් ඌ අපිට කරදරයක්යෑ.. මගුල තමා..

මම නාගෙන ටවල් එකත් ඇඳගෙනම සාලෙට ආවෙ ගෙදර ෆෝන් එකෙන්ම බුවාට කෝල් එකක් ගන්න කියලා.. සුටුස් ගාලා බුවා ෆෝන් එක එහා පැත්තෙන් ඉස්සුවා..

“අඩෝ…… මනමාල මහත්තයා.. උඹලටත් අපිව මතක්වෙනවා එහෙනම්..”

“අනේ පල යන්න සුරුට්ටුවා.. තොපිනේ යකෝ අපිව බලන්න එන්නෙ නැත්තෙ ආසාවටවත්..”

“අන්න අන්න ලොක්කා වැරදි ටෝක්ස් දෙන්න එන්න එපා.. ඔයා මෙච්චර කාලෙකට මාව බලන්න ඇවිත් තියෙනවද අපේ ගෙදර.. නෑනේ.. මම උඹව බලන්න කොච්චර නම් ඇවිත් තියෙද ඔය ගෙදරට.. අඩෝ අපි කොච්චර හොඳ යාළුවොද කියලා උඹට හිතාගන්න පුළුවන්නේ ඉතිං.. හා හා.. කියහං මොකෝ සීන් කෝන් එක කියලා..”

“මොකුත් සීන් කෝන් එකක් නෑ ඕයි..”

“එහෙනම් කතා කලේ..?”

“ඇයි බොට කතා කරන්න සීන් කෝන් එකක් තියෙන්න ඕනමද..?”

“අපෝ.. හරි හරි.. ඉතින් ඇයි කියහන්කො කතා කලේ..?”

“කතා කලේ තෝ අපේ ගෙදර කාලෙනික් නාව නිසා.. මොකෝ බොට වෙලා තියෙන්නෙ..? අපිව අමතක වෙලාද..?”

“අන්න අන්න.. ආයෙම කැත ටෝකක් දුන්නනේ.. අපි එහෙම කැත මිනිස්සු නෙමෙයි හරිය.. උඹට ඒ ගැන කියාදෙන්න අවශ්‍යද..?”

“නෑ නෑ.. ඕන නෑ.. මම ඒ ගැන දන්නවනේ..”

“අන්න හොඳයි.. සන්තෝසයි.. මම මේ ටිකේ පාඩම් කරනවා ඕයි.. ඒකයි ඔය පැත්තෙ නාවේ.. කොහොම හරි විභාගෙ ගොඩ දාගන්න එපෑය බං.. නැත්නම් ඉතින් අපිටත් MBBS කරන්න තමා වෙන්නෙ.. අන්න අනිත් ගෝලයො ටිකත් පණ දාගෙන පාඩම් කරනවා.. ඔය කොහොම උනත් සුමියා මම අද උඹලයි ගෙදර එන්න කියලා මේ ඇඳගත්තා විතරයි උඹ කෝල් කලේ..”

කුමාරයා කියවගෙන කියවගෙන ගියාට මම මේ කල්පනා කලේ MBBS ගැන ඔච්චර පහත් කරලා කතා කරන්නෙ ඇයි කියලා.. යකෝ මූට දෙක මාරු වෙලාවත්ද..?

“එලනේ ඩෝ.. වර වර.. එකටනේ පංති.. පංති යන්නත් එකක්ම ලෑස්ති වෙලා වරෙන්.. අපේ ගෙදරින් කන්නත් බැරියෑ..”

“එහෙම තමා ඉතින් කොහොමත් එන්නෙ.. අම්මට බුරියානි හදලා තියන්න කියපන් වැදගත් මනුස්සයෙක් ගෙදරට එනවා කියලා..”

“හරි හරි.. එහෙනම් ඉක්මනට වරෙන්..”

“හරි මචා..”

MBBS කතාව අහන්න ගියාට අහන්න උනේ නැත්තෙ මේ යකා ඒක අහන්න කලින් ෆෝන් එක තියපු නිසා.. දැන් ඉතින් ආවම තමා ඒක අහගන්න වෙන්නෙ..

සංසලා ගෙදර ගියාම මට කෝල් එකක් දෙනවා කිව්වට තාම කෝල් එකක් දුන්නෙ නෑ.. ඒක නිසා මම කාමරේට දුවගෙන ගියේ එයාට කෝල් එකක් දීලා ගෙදර ගියාද කියලා අහගන්න.. කෙල්ලට අමතක උනාවත්ද මට කෝල් එකක් දෙන්න.. දැන් ගෙදර යන්න නම් වෙලා.. මොකුත් කරදරයක්වත් ද මන්දා.. එහෙම කියලා මම ෆෝන් එක අතට ගන්නකොට ෆෝන් එකට මැසේජ් එකක් ඇවිල්ලා තිබුණා “මම ගෙදර ආවා අයියෙ.. බුදුසරණයි!!” කියලා.. යකෝ ඒකි කෝල් එකක් දෙනවා කියලා කිව්වනේ.. ඇයි මේ මැසේජ් එකක් එවලා තියෙන්නෙ.. මගේ හිතට අමුතුම විදියෙ බයක් දැනෙන්න ගත්තු නිසා සංසලාගෙ නම්බර් එකට ඉක්මනින්ම කෝල් එකක් ගත්තා..

මම කිහිප සැරයක් කෝල් කලත් වැඩක් උනේ නැහැ.. සංසලාගෙ ෆෝන් එක ඕෆ් කරලා තිබුණා.. ඒත් ඇයි මේ හදිස්සියෙ ෆෝන් එක ඕෆ් කරගෙන.. අනේ එයාගෙ අම්මටවත් අපේ සම්බන්ධය ආරංචි වෙලාවත්ද.. මගේ හිතට ලොකු බයක් දැනුනා.. බයටම මගේ හදවත ගැහෙන වේගය පවා වැඩි වෙන්න ගත්තා.. සංසලා කවදාවත් මට මේ විදියට කරන්නෙ නෑ.. එයා දන්නවා මම පොඩ්ඩ ඇත්නම් බය වෙනවා කියලා.. ඒත් ඇයි එයා අද මෙහෙම දෙයක් කලේ.. මට හිතාගන්න බැරි උනා.. මට මේක කියන්න හිටියෙ කුමාරයා විතරයි.. ඉක්මනින් ආයෙම මම කුමාරයගෙ හෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ගත්තා..

“මොකෝ බං.. මම මේ එන ගමන්.. හිටපං..”

“අනේ ඉක්මනට වරෙන්කො බං.. මාර වැඩේනේ උනේ..”

“ඇයි බං..? මොකක්ද සීන් එක.. මේ දැන් උඹ හොඳට හිටියනේ.. හිටපං මම මේ බොලාගෙ ගෙදරට අඩි විස්සක් තිහක් එහායින් ඉන්නෙ.. සුටුස් ගාලා එනවා..”

“අනේ මචං ඉක්මනට වරෙන්..”

මම කුමාරයා එන මගට දුවගෙන ගියේ සංසලාට ආයෙම කෝල් එකක් ගන්න උත්සාහ කරන ගමන්.. ඒත් තාමත් එයාගෙ ෆෝන් එක ඕෆ් කරලා..

“මොකෝ බං මේ මෝහිනීට බයවෙලා වගේ ඇඟ පුරාම දාඩියත් දාගෙන.. ඇසුත් ලොකු කරගෙන.. මොකෝ උනේ..?”

“මාර සීන් එක බං.. සංසලා ෆෝන් එක ඕෆ් කරගෙනනේ..”

“හහ්.. හහ්.. හහ්.. හා……………….”

කුමාරයා මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.. ඒ වෙලාවෙ නම් මගේ හිතට තරහක් ආවට මම ඒක ඌට පෙන්නන්න ගියේ නෑ..

“උඹ හිනාවෙයන්.. උඹ හිනාවෙයන්..”

“හිනාවෙන්නෙ නැතුව වෙන මොනවා කරන්නද බං.. සංසලාගෙ ෆෝන් එකේ බැටරි බැහැලා වෙන්න බැරිද..? උඹ මහ පොල් බූරුවෙක්නේ ඩෝ..”

එහෙම වෙන්න පුළුවන්.. ඒත් එයා මැසේජ් එකේ හරි එවනවනේ එහෙමනම් බැටර් ලෝ කියලා..

“ඒක වෙන් විදිහක් නෑ බං.. අහපන්කො කතාව..”

“ඉතින් කියපං..”

මම උදේ සංසලා කියපු ටික ඒ විදියටම කුමාරයත් එක්ක කිව්වා.. ඒත් කුමාරයගෙ මූණෙ නම් වෙනසක් පෙනුනෙ නෑ.. අර කලින් තිබුන හිනාව යාන්තමට අඩුවෙලා තිබුණ එක විතරයි එකම වෙනසකට තිබුණෙ..

“ඕක මොකක්ද බං.. උඹ හැම දෙයක් ගැනම ලොකුවට හිතනවා වැඩියි සුමියා.. යකෝ ඒකි මැසේජ් එකක් හරි එවලා තිබුණනේ.. ඒ ගැන සතුටු වෙයන්.. එහෙම එව්වෙ නැත්නම්නේ බය වෙන්න ඕන.. අනිත් එක බං අද ක්ලාස් යනකොට කතා කරන්න බැරියෑ.. පිස්සු පූසෙක්නේ ඔයා.. චිකේ…………….. ඕනම දෙයක් ඕනවට වැඩිය හිතන්න යන්න එපා බං.. අන්තිමට අපේ මොලේ කචල් වෙලා වෙන වෙන විකාර හිතෙන්න ගන්නවා ඒකෙන්.. ෆිට් එකේ හිටිං..”

“ඒක ඇත්ත බං.. අද එයාව ක්ලාස් එකේදි බලන්න පුළුවන් නම් තමා.. ඒ කොහොම උනත් මට බයක් දැනෙනවා බං.. ඒකිට මුකුත් කරදරයක්ද දන්නෙ නෑනේ.. මම ඒකිට මගේ පණටත් වඩා ආදරෙයි කියලා උඹ දන්නවනේ කුමරයා.. ඒකි නැතුව මම මොහොතක් ජීවත් වෙන්නෙ නෑ.. මට එයා නැතුව මේ ලෝකෙ කිසිම දේකින් වැඩක් නෑ.. අඩුම තරමෙ එයා නැතුව මට මගෙන්වත් වැඩක් නෑ..”

“අපි දන්නවා බං ඒක.. අපි දන්නවා.. ඒත් දැන් මෙතන උඹට ඔය තරම් බයවෙන්න දෙයක් නෑනේ යකෝ.. මෙන්න මෙහෙ වරෙන් යන්න ගෙදරට.. මට පට්ට වතුර තිබහයි.. අද ක්ලාස් එක ගාවදි කතා කරන්න බැරියෑ යකෝ.. වර වර යන්න..”

“හ්ම්.. යමං..”

අපි දොළහට විතර කෑමත් කාලා ඉවරවෙලා ඇඳගෙන කියාගෙන ක්ලාස් යන්න සූදානම් උනා.. අද පන්ති එකට තිබුණත් දොළහට විතර ගෙදරින් පිටත්වෙන්න ලෑස්ති උනේ සංසලා බලන්න ඕන නිසාමයි.. හදිසියෙ හරි එයා වේලාසනින් පංති ආවොත් කියලා මට සැකයක් ඇති උනා.. තවමත් සංසලාගෙ ෆෝන් එක ඕෆ් කරලා තිබුණ නිසා මගේ හිතේ තිබුණ බය නම් පොඩ්ඩක්වත් අඩු උනේ නෑ.. ඒත් කුමාරයා හිටපු නිසා මගේ හිතට යන්තම් හරි ෆිට් එකක් ආවා..

“මේ අපි යමුද..? උඹ ඔය බිත්තිය දිහා බලාගෙන මොනවද කරන්නෙ.. මෙන්න මෙහෙ වරෙන්..”

කුමාරයා හිනාවෙන ගමන් පිටට තට්ටුවක් දාලා මගේ අතින් ඇදගෙන එලියට ආවා..

“සුමී.. මම කලිනුත් කිව්වනේ බං.. ඕනම දෙයක් ගැන වැඩිය හිතන්න යන්න එපා කියලා.. දැන් ක්ලාස් එකට යමං.. සංසලා එනවනේ ක්ලාස් එකට.. එයාගෙන් අහපන් මොකද සීන් එක කියලා ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්න..”

“හරි හරි යමං..”

අපි විදුදයා පංතිය ගාවට යනකොට දොළහයි විස්සට කිට්ටු කරලා තිබුණා.. ඒ වෙනකොට අපේ සෙට් එකේ කවුරුවත් ඇවිල්ලා තිබුණෙ නෑ.. අපි ආවා වේලාසන වැඩියිදෝ කියලත් මට හිතුණා.. ඒත් සංසලා කලින් ආවොත් කියන සැකය මගේ හිතේ තිබුන නිසා මට ඒ දේ කරන්න වුණා..

“යකෝ අපි ආවා වේලාසන වැඩියි බං.. සංසලා ආවත් එන්නෙ ක්ලාස් පටන් ගන්න ඔන්න මෙන්න කියලා..”

“දැන් ඉතින් මොනවා කරන්නද.. ඔහොම ඉඳිමු බං..”

විනාඩියෙන් විනාඩිය හෙමින් සීරුවෙ ගෙවිලා ගියා.. ගෙවෙන හැම තත්පරයකම මගේ ඇස් දෙක නතර වෙලා තිබුණෙ එහා පැත්තෙ තියෙන බස් හෝල්ට් එක ගාව.. මම ඇසිපිය ගහන්නෙවත් නැතුව බලන් හිටියෙ මගේ සංසලා එනකන්.. ඒත්…..

“මචං කුමාරයා.. සංසලා තාමත් නෑනේ බං..”

“හිටපං බං.. තව වෙලා තියෙනවනේ.. අඩුම තරමෙ අපේ කොල්ලො සෙට් එකවත් ඇවිත් නෑනේ..”

“උන් නම් එන්නෙ එක එක දවස්වලට එක එක වෙලාවටනේ..”

“අපි තව ටිකක් බලමු.. තව චුට්ටකින් එයි..”

තවත් විනාඩි කිහිපයක් ගත උනා.. ඔරලෝසුව බලද්දි ඒකෙ වෙලාව සටහන් වෙලා තිබුණෙ හරියටම දොළහයි හතලිස් නවයයි කියලා.. ඔරලෝසුව බලලා මම පාර දිහා බලද්දි ක්ලාස් එක ගාවින්ම ත්‍රීවිල් එකක් ඇවිත් නතර කළා.. මම ඒ දිහාට ඇස් යොමු කරනකොටම මම දැක්කෙ මගේ දෑසට සතුට ගෙන දෙන දෙයක්..

“මචං සංසලා එනවා..”

“ඒකනේ මං කිව්වෙ.. බොරුවට උඹ දඟලනවා පස්ස ගැඩිච්ච කඩියෙක් වගේ..”

මම මංසලා ළඟට දුවගෙන ගියේ එයත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න හිතාගෙන.. එතනින් විශේෂම කාරණය උනේ සංසලා ෆෝන් එක ඕෆ් කරගෙන හිටියෙ ඇයි කියන එක..

“සංසලා නංගි…………… සං……”

දෙයියනේ…….. මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද..? මගේ ඇස් දෙක මටම අදහාගන්න බැරිව ගියා.. මං පණ වගේ ආදරේ කරන මගේ කෙල්ලද මේ.. මම සංසලාට කතා කරන්න යනවත් එක්කම කටින් අතත් වහගෙන ඇස් වල කඳුලුත් පුරවගෙන වේගෙන් එයා ක්ලාස් එක පැත්තට දුවගෙන ගියා.. එහෙම වෙන්න මගේ අතින් වෙච්ච වරද මොකක්ද..? අනේ……. මටත් නොදැනිම මගේ ඇස් දෙකට කඳුලු පිරුණා..

“සුමි…….. ඇයි බං අර සංසලා අඬාගෙන දිව්වෙ..?”

“මටත් හිතාගන්න බැහැ බං.. මගේ අතින් එයාට වරදක්වත් උනාද මන්දා.. මචං යමංකො එයා ඉන්න තැනට.. මට කොහොම හරි කතා කරන්න ඕනි.. ප්ලීස් මචෝ..”

“උඹට පිස්සුද බං.. කෙල්ලව ක්ලාස් එකෙන් අයින් කරවන්නද උඹ හදන්නෙ..? සර් කාරයා ඇවිත් ඉන්නෙ.. අනිත් එක ඒකිට කතා හදයි ලොවෙත් නැතිවෙන්න.. මේක ලංකාව කියලා උඹ දන්නවනේ..”

“මට ඔය වැදි බන අහන්න ඕන නෑ කුමාරයා.. උඹට බැරි නම් මම යනවා.. මගේ පණ මට අර විදියට සලකයිද.. එයාට මොකක් හරි ප්‍රශ්නයක් මචං.. එහෙම වෙන්නෙ කොහොමද නැත්නම්..”

“මෙන්න මෙහෙ හිටපං බං.. හදිස්සි වෙන්න එපා..”

“මට යන්න දීපන් කුමාරයා.. මට එයා එක්ක කතා කරන්න ඕන..”

මගේ හිතේ තිබුණ වේදනාවට මට හයියෙන් කෑගැහුනා.. මම කෑගහනවා ක්ලාස් එකට ඇහුනෙ නැතත් පාරෙ යන මිනිස්සු කිහිපදෙනෙක්ම මගේ දිහා හැරිලා බැලුවා.. මගේ ඇස් දෙකෙන් දුම් පිටවෙද්දි මං අත මිට මොළළුලා එතන තිබුණ බිත්තියට හයියෙන් ඇන්නෙ කුමාරයා මාව අල්ලගෙන හිටපු තරහටත්.. සංසලා මාව මගහැරලා යන්න ගියපු වේදනාවටත්..

“පිස්සුද යකෝ……… කූල් ඩවුන් වෙයන්..”

මගේ ඇඟිලිකරු අතරින් ලේ විසි වෙද්දි කුමාරයා මගේ අත තදකරගත්තෙ මම ආයෙම අත තුවාල කරගනියි කියලා හිතලා වෙන්න ඕන.. මට හිතුනෙ මගේ ජීවිතේ නැතිකරගන්න ඇත්නම් කියලා.. මට මගේ සංසලා නැතුව කොහොම ජීවත් වෙන්නද..? එයා මට මෙහෙම කරන්න මම කරපු වරද මොකක්ද.. ඇයි එයා මගේ දිහා බලලා අඬාගෙන ගියේ.. මගේ ඔලුව යකාගෙ කම්මල වගේ උනා..

“යකෝ මේ මොකද මේ..? මුගේ අතට මොකක්ද උනේ..?”

කොල්ලො සෙට් එක දුවගෙන ඇවිත් මාවයි කුමාරයවයි වටකරගෙන ප්‍රශ්න අහන්න ගත්තා..

“ලොකු සීන් එකක් උනා බං.. බලහන් මූ යකාගෙ වේගෙන් අත ඇනගත්තනේ තාප්පෙ.. ගල් කුට්ටියට වැඳුන නිසා අත හොඳටම තුවාල වෙලා බං.. මචං මූව අරන් යමු ඩොකෙක් ගාවට..”

“එපා එපා කුමාරයා.. මට මොකෙක් ගාවටවත් යන්න ඕන නෑ.. මට සංසලා ගාවට යන්න දියන්කො.. ප්ලීස් මචං.. මට ඒකිව ඕන බං..”

මගේ අත කොච්චර තුවාල වෙලාද කියනවා නම් ටැප් එකකින් වතුර එන සමානටම අතින් ලේ බේරෙන්න ගත්තා.. ඒත් ඒ වේදනාවට වඩා වේදනාවක් මගේ හදවතේ තිබුණ නිසා මට තුවාලෙ වේදනාව දැනුණෙ නෑ.. මම මහ හයියෙන් විලාප දෙන්න ගත්තා.. ධමියා, බඩියා, ජයන්තයා මගේ දිහා බලාගෙන හිටියෙ බයවෙලා වගේ..

“ඇයි බං සංසලාට මොකද උනේ..?”

“ඒක තමා බං මමත් මේ කල්පනා කරන්නෙ.. ඒකි අද දවසෙම ෆෝන් එකත් ඕෆ් කරගෙන.. ඒ විතරක් නම් කමක් නෑ.. දැන් ක්ලාස් එකට ආවෙ ආටා එකක.. මූ ගියා ඒකි එක්ක කතා කරන්න කියලා.. ඒකි අතින් කටත් වහගෙන ක්ලාස් එකට දුවගෙන ගියානේ.. මටත් පිස්සු වගේ බං..”

“අම්මටසිරි..”

කොල්ලන්ගෙ ඇස් දෙක උඩ ගියේ මම බලාගෙන ඉද්දිමයි.. උන්ටත් විශ්වාස කරන්න බැරි උනා සංසලා එහෙම දෙයක් කරයි කියලා.. අපි දෙන්නා මොන තරම් ආදරෙන්ද හිටියෙ කියලා උන් ටික හොදින්ම දන්නවා.. ඒත් අද වෙච්ච දේ නිසා මම වගේම කොල්ලො ටිකත් ගොඩක් අවුල් වෙලා..

“මචං කතා කරකර ඉඳලා හරියන්නෙ නෑ.. මූව ඩොකෙක් ගාවට ගෙනියමු.. බලපං ලේ ගොඩක් ගිහිල්ලා..”

“මචං අර වීල් එක නවත්තපන්..”

බඩියා ජයන්තයට එහෙම කිව්වාම ජයන්තයා විසිල් එකක් ගහලා වීල් එක නතර කෙරෙව්වා..

“යමං සුමියා.. අපි බෙහෙත් ටිකක් දාගෙන එමු..”

අපි දොස්තර ගාවට යනකොට එක විතර වෙලා.. එතනත් ගොඩක් සෙනග පිරිලා හිටියත් අතින් ගොඩක් ලේ ගියපු නිසා එතන හිටපු හෙද සේවිකාවක් අපිව ඉක්මනින් දොස්තර මහත්තයා ගාවට යැව්වා.. මම මගේ අත දිහා හොදට බැලුවාමයි දැක්කෙ අතේ ඇට කිහිපයක් පේන තරමටම අත තුවාල වෙලා කියලා..

“මොකක් වෙලාද මෙච්චර තුවාල උනේ..?”

“මේ…. මේ.. මෙයා බයික් එකෙන් වැටුණා ඩොක්ටර්..”

“ඕහ් මයි ගෝඩ්! පරිස්සමින් වැඩ කරන්න එපෑය.. බලන්න ගොඩක් තුවාල වෙලානේ දරුවො.. ඉන්න මම බෙහෙත් දානකන්..”

එහෙම කියලා දොස්තර මහත්තයා තුවාලෙ සුද්ද කරන්න පටන් ගත්තාම නම් මට අහසෙ තරු පේන්න ගත්තා.. ඒ වෙලාවෙ නම් මට ලොකු වේදනාවක් දැනුනා.. ඒත් ඒ වේදනාවට වඩා මගේ හිතේ වේදනාව වැඩියි කියලා මම හොඳටම දැනගෙන හිටියා.. මට ඕනකම තිබුණෙ කොහොම හරි අද දවස ඇතුළත මගේ සංසලාව මුණගැහෙන්න..

අපි බෙහෙත් දාගෙන එළියට එනකොට එකයි පහළොව විතර වෙලා.. පංතියත් දැන් පටන් අරගෙන.. මම නිසා කොල්ලන්ගෙ පන්ති ගමනත් නැති උන එක ගැන මට ගොඩක් දුක හිතුනා.. මේ විබාගෙ කට ළඟ තියාගෙන මුන් පන්ති නොයා ඉඳලා විභාගෙ අනාගත්තොත් මටත් එක්ක පව් සිද්ධ වෙයි..

“මචං උඹලා පලයල්ලා.. මට පන්ති යන්න මූඩ් එකක් නෑ බං.. මම ගෙදර ගිහින් ක්ලාස් ඇරෙන වෙලාවට එනවා සංසලාව බලන්න..”

“ආයෙ පිස්සුවක් ඇතෑ බං.. මොන ක්ලාස්ද.. උඹ මෙහෙම වැටිලා ඉන්නකොට අපි කොහොමද ක්ලාස් එකට ගිහින් ඉගෙනගන්නෙ.. මෙන්න මෙහෙ ගෙදර යමන්.. වරෙන් වරෙන්..”

“ඔව් අපි ගිහින් ක්ලාස් ඇරෙන වෙලාවට එමු සුමියො.. සංසලා එක්ක ඒ වෙලාවට කතා කරන්න බැරියෑ.. කූල් ඩවුන් වෙයන් මචෝ.. කලබල වෙන්න එපා.. අපි මේක විසඳගමු..”

හැමෝම මගේ ඔළුව අතගාන ගමන් එහෙම කියනකොට මට මේ කොල්ලො සෙට් එක ගැන ලොකු ආදරයක් දැනුණා.. මුන් ටික නැත්නම් අද වෙච්ච දේට මම මෙලහකටත් මැරිලා.. මට තාම මගේ හිත හදාගන්න බැරි උනේ සංසලා ඇයි මට එහෙම කලේ කියලා.. එහෙම කරන්න මගේ අතින් වෙච්ච වරද මොකක්ද කියලා.. ඇයි එයා අඩාගෙන ගියේ කියලා.. මම එතන තිබුන පඩිය උඩින් වාඩිවෙලා ඔළුව ගහ ගත්තෙ මගේ ඔලුව තදින් රිදෙන්න ගත්තු නිසා..

“මචං මෙතන මොකක් හරි ලොකු සීන් එකක් තියෙන පාටයි.. බලමුකො අපි ක්ලාස් ඇරුනාමවත් සංසලා මිට් වෙලා කතා කරලා..”

“සුමියා.. අපි යමු ගෙදර..”

එහෙම කියලා ආපු ත්‍රීවිල් එකේම නැගලා මමයි කොල්ලො ටිකයි අපේ ගෙදර යන්න පිටත් උනා..
………….මතු සම්බන්දයි ……………

9 thoughts on “ඔබ මට හිමි වේ නම් |15 කොටස| නවකතාව”

  1. Chathu indeewaree

    අයියෝ…මාර සීන් කෝන් එකක්නේ අයියේ ඔයාට වෙලා තියෙන්නේ. කියන්නත් සෑස්, වෙරි බෑඩ් අප්පා.. අයි අලේ සංසලා නංගි ඒම කළේ ඔයාට?ඉදිරියේදී ඒ හැමදේටම උත්තර ලැබේවී නේද අපිට. සංසලාගේ ගෙදරට ඔයාගෙයි සංසලාගෙයි එෆෙයාර් එක ගැන දැනගන්න ලැබිලා වගේ.. පව් අලේ සංසලා නංගා..ඔයත් පවු අෆ්ෆා….

    ඇත්තටම අද දුක හිතුණා කතාවට. හෙටනම් දුක හිතෙන එපිසොඩ් එකක් දාන්න එපා අනේ. එහෙම වුණොත් අපි පව්..අපිට බෑ අනේ හැමදාම ටිෂූ ළඟ තියාගෙ කතාව කියවන්න..ඔන්න ආයේ අපිව අඬදන්න ඔට්ටු නෑ හලිද?

    1. Amme Ada mulinma comments karala patta happy hode hetin kathawa ewaryi nangiya heta dukada sathutada balanna ko hode thank you so much sathututin Inna ko sudu none

      1
  2. අනේ මොකක්ද ඒ උනේ.
    ගෙදරටවත් මාට්ටු වුනාද.
    කතාව සතුටින් කියවන්න ගත්ත ඒත් ඔයා අපිව අඩවන්නද හදන්නෙ.
    හෙට නම් මේ අවුල විසදෙයි නේද.
    කතාව හැමදාම හරිම ආසාවෙන් කියවනවා.
    සුභ පතනවා ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.
    ?????????

    1. Onna heta thamyi eka balana wenne hode heta anithima kotasa heta balala aniwarenma lassan comments ekak denna one hode budusaranyi thank you so much

  3. හෑ… oya kathava ivara kravada??
    Ai ehema karanne.adanam tikak duka hithuna.sansalage gedarata sambande gana ahuvenna athi.
    Hetin kathava ivara karanavanam ayema kathavak aran enna api venuven hodada?
    All the best????????

    1. Ow hetin kathawa ewaryi balanna ko heta mokada wenne kiyala heta loku ekak danam ko halida aniwa aluth ekak dennam mamayi mage nangi ekathu wela liyana ekak meka ewara unu gaman dennam thank you so much heatath lassan comments ekak denna anithima kotasata

      1
  4. හෑ… oya kathava ivara kranavada??
    Ai ehema karanne.adanam tikak duka hithuna.sansalage gedarata sambande gana ahuvenna athi.
    Hetin kathava ivara karanavanam ayema kathavak aran enna api venuven hodada?
    All the best????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.