Katha Ahura

මියදුනු අය සොයන් |30 කොටස| හොල්මන් කතා

5/5 - (1 vote)

මියදුන අය සොයන් episode 30

පොලිසිය ඒක ආරංචි වෙලා එතනට එනකොට අර ගෑනු කෙනාගේ මනුස්සයා හිමකරට පිහියකින් ඇනලා මරලා දාලත් ඉවරයි…………….”

“තිසංක උබ මේ ඇත්තමද කියන්නේ ”

” මම මොකටද බිම්සර බොරු කියන්නේ,,,,හිමකරගේ අවුරුද්දේ දානෙත් ලබන සතියේ,,,,,,මම බොරු කියනව කියලා මේ විදිහේ බොරු කියන්නේ නෑ ,කියලා උබල දන්නවනේ,, කොහොමත් හිමකරල වගේ,,,,, හොද වෙනස් විදිහේ අදහස් තියෙන අයගේ ආයුශ ගොඩක් අඩුයි.”

මට තිසංක කියන දේවල් තවත් අහන් ඉන්ඩතවත් හයියක් තිබ්බේ නෑ. “මම මැරිලා…. ඒ කියන්නේ මමත් දැන් හේමාල්ලා ගිහන්සලා,,නර්මදාලා වගේම හොල්මනක්ද?, මම මෙච්චරටම කලුවරට ආස ,,හිරු එලිය වැටෙන දවල්ට මම අකමැති,, පිරිත් නුල් අල්ලනකොට පිච්චෙනවා වගේ දැනෙන්නේ ,ඒ හින්දද ”

ලග තිබ්බ බොක්කු බැම්මක් ඉදගෙන අත්දෙක හිසේ ගසාගෙන මම මේවා ගැන හිතුවේ මා ගැනම පරාජිත හැගීමෙන්. මාව පහුකරන් වාහන දෙක තුනක් ගියත් “මම ඔහොම ඉන්නේ ඇයි කියලා ඒ වාහනවල ගිය කවුරුවත් ඇහුවේ නෑ.

“හිමකර අයියේ ”

සෑහෙන්ඩ වෙලාවක් එතන මම ඉන්ඩ ඇති,, මම පිටිපස්ස හැරිලා බලද්දි මම දැක්කේ මට පුරුදු ගිහංසාගේ රුව.

” හිමකර අයියේ ඇයි ඔහොම ඉන්නේ , මම ගනේගම මිනීපිටිය ට වෙලා ඔයා එනකම් කොච්චර වෙලා බලන් හිටියද, බැරිම තැනයි මම අමාරුවෙන් ඔයාව හොයාගෙන ආවේ.ඇයි මෙතන මෙහෙම ඉන්නෙ ”

” ගිහන්සා මම ඔක්කොම දැනගෙන ඉවරයි,,,මම දැන් දන්නවා ,ඔයා මම අපි ඔක්කොම මැරුන අය කියලා ,,අපි ඔක්කොම හොල්මන් කියල මම දැනගත්තා ගිහංසා,, ඔයා මුල ඉදන්ම දැනන් හිටියා නේද ගිහන්සා මම හොල්මනක් ජීවත්වෙනමනුස්සයෙක් නෙමේ කියාලා ,එහෙම නේද,, ඇයිඔයා ඒක මට කිව්වේ නැත්තේ , ”

” අයියේ කලබල වෙන්ඩ එපා……..මට ඔයාට කියන්ඩ ලොකුම ලොකු කතාවක් තියෙනවා ,,ඒත් ඒක මෙතන කියන්ඩ බෑ,, අපි යමුද අපේ පුරුදු ගනේගම මිනීපිටියටම”

මම ඒකට කැමති වුනා,,ගිහන්සා වත් නග්ගගෙන මම බයිසිකලේ පැදගෙන ගනේගම මිනීපිටිය ආවේ ඒ කතාව අහගන්න නොඉවසිල්ලෙන් .

** “ඔයා අයියේ මීට අවුරුද්ද කට විතර කලින් මැරිලා තියෙන්නේ ,ජීවත් වෙලා හිටපු අවසාන දවසේ ඔයා ගෙදරින් තරහවෙලා ඔයා වාහනේ එලවන් වේගෙන ඇවිත් තියෙනවා,,, ඒ වාහනේට පොඩි ළමයෙක් වඩා ගත්තු ගෑනු කෙනෙක් අහුවෙලා මැරිලා. ඒ ගමේ මිනිස්සු ඔයාට වටකරන් ගහද්දි අර හැප්පිලා මැරුනු ගෑනු කෙනාගේ මනුස්සයා ඇවිල්ලා ඔයාට පිහියකින් ඇනලා මරලා”

” ගිහංසා ඔයා කොහොමද ඔච්චරම දේවල් දන්නෙ , මම දන්නෙවත් නෑ මම මැරුනේ කොහොමද කියලා….”

තිසංක කිව්ව දෙවල් අකුරක් වත් වැරදෙන්නේ නැතිව ඇය කියද්දී මම ඇහුවෙ පුදුමෙන්.

“මට කෙනෙක් කිව්වා අයියේ”

“කවුද එයා…..”

“ඔයාට ඔය වගේ ශක්තියක් දුන්න කෙනා තමා,, එයා කිව්වා මට ඔයාට උදව් කරන්ඩ කියලා…..ඔයාගේ අරමුන ඉටුකරගන්ඩ ඔයාට උදව් කරන්ඩ කියලත්”

“ඒත් මොකක්ද මගේ ශක්තිය ,,මොකක්ද මගේ අරමුණ,, ඇයි මේවා මම දන්නේ නැත්තේ ”

“ඔයාගේ ශක්තිය තමා ,,ඔයා අපි වගේ හොල්මන් ආත්ම නෙමේ ,අපිට වඩා ගොඩක් ශක්තිවමත්,, ඔයාට සාමාන්ය මනුස්සයෝ කරන ඕනැම දෙයක් කරන්ඩ පුලුවන්, හොල්මන්ක් කියල නොදැනෙන්ඩ එයාල එක්ක කත කරන්ඩ,, එයාල වගේ හැසිරෙන්ඩ,, ඒ හැම දේවල්ම. අපිට එහෙම දේවල් බෑ………”

” ඒත් ගිහන්සා මොකක්ද මගේ අරමුන ”

” ඔයාට තවම ඒ ගැනහිතාගන්ඩ බැයිද”

” බෑනේ…….”

” ඔයාගේ අරමුන තමා ,,ඔයා මැරෙන්ඩ කලින් ,ඔයා ගේ වැරැද්දෙන් මැරුණ අර ගෑනු කෙනාගෙයි ,,ළමයගෙයි ජීවිත දෙකට හරියන්ඩ මැරෙන්ඩ යන ඒ වගේම ගෑනු කෙනෙකුගෙයි පොඩි ළමයෙකුගෙයි ජීවිත දෙකක් බේරගන්න එක,,හරියට අපි ණයක් අරගෙන ඒක ගෙවනවා වගේ…..ඒ දේ ඔයට තව මාස තුනක් ඇතුලත කරගන්ඩ වෙනවා………එහෙම නැති වුනොත් ඔයාට තව අවුරුදු දහස් ගානක් යනකම් මනුස්ස ආත්මයක් හම්බවෙන්නේ නෑ…….ඔයාට වෙන්නේ ඔය දැන් තියෙන ශක්තියත් නැති වෙලා තවත් පහත් ආත්මයක් බවට පත් වෙන්ඩයි.”

” මට දැන් තේරෙනව ගිහංසා ඔක්කොම දේවල්,, ඒත් මට එක දෙයක් හිතාගන්ඩ බෑ… ඇයි මට මාව මැරිලා කියලා තේරුනේ නැත්තේ…,ඇයි අර අරමුන ගැන මට අමතක වුනේ…….”

” ඔයාට ඔය වගේ ශක්තියක් දුන්න කෙනා ඒක ඔයාට අමතක කරවල…………..එයා දුන්න මාස 07ඇතුලත ආයේ මතකේ එන්ඩත් පුලුවන් නොඑන්ඩත් පුලුවන් ,,ඒත් ඔයා හිටියේ මතකේ නොඑන තැන. ඒ හින්දා ඔයා හිටියේ ඒ අරමුණ ඉටුකරගන්න තැන නෙමේ…….පස්සේ ඔයා ගැන දුක හිතිලා ඒ ශක්තිය දුන්න කෙනා මට කිව්වා ඔයාට ඔයාගේ අරමුන ඉටුකරගන්ඩ උදව් කරන්ඩ කියලා……..ඔයාට මතකද දවසක් රෑක බිස්ටල් බෝඩ් එකක ලෙයින් ලියපු පනිවිඩයක් ඔයාට හම්බවුනා ,, ඒකේ ලියලා තිබ්බා එයාගේ උදව්ව තමා මම……..ඔයා ගොඩක් පිංකරපු කෙනෙක් ඒකයි ඔයාට මේ වගේ චාන්ස් එකක් ආයෙත් හම්බවුනේ…..

මම ඔයාගේ පස්සෙන් ඉදලා ඒ අරමුනට යන්ඩ උදව් කෙරුවා… එදා දෝතැල්ලේ මිනීපිටියෙදි අර සල්ලී අර ගෑනු කෙනාගේ අතට හම්බවුනාම් ඔයාගේ අරමුන ඉටුකර ගන්ඩ තිබ්බා… ඒත් නර්මදා මැදට පැනපු හින්දා ඒක හරි ගියේ නෑ…..”

” ඒත් ගිහන්සා ඔයා,,,ඔයා මැරිලත් දැන් අවුරුදු දෙකක් විතරනෙ ,, ඇයි ඔයාට බැරි වුනේ තවම ඔය පහත් තැනින් මිදිලා මනුස්ස ආත්මටකට යන්ඩ… ඔයාටත් තවම ඔයාගේ අරමුන ඉටුකර ගන්ඩ බැරි වුනාද”

” මට අයියේ තව කල්පයක් යනකම් ,,ආයේ මනුස්ස ආත්මයකට යන්ඩ හම්බවෙන්නේ නෑ…”

ගිහන්සා ඒක කිව්වේ ලොකුම ලොකු දුකකින්.

“ඇයි ගිහන්සා ඒ ”

” මම අයියේ මගේ ජීවිතේ නැතිකරගත්තේ මගේ අතින්මයි. අවුරුදු ගානක් පෙරුම් පුරල පෙරුම් පුරලා අමාරුවෙන් හම්බවුන මනුස්ස ආත්මේ මම මම මැහිතෙල් බීල එක මොහොතකින් නැතිකර ගත්තා..මම මැරුනට පස්සෙයි මම ඒ කරගත්ත මෝඩ වැඩේ ගැන තේරුනේ….මට දැන් ඒ කරගත්ත මෝඩ වැඩේ විදවන්ඩ කල්පයක්ම ඉන්ඩ ඕනා….”

” කල්පයක් ,,එච්චර කාලයක්”

මම දන්න හැටියටම් කල්පයක් කියන්නේ හිතාගන්ඩත් බැරි තරම් කාලයක්. යොදුනක් උස ,යොදුනක් පලල ,යොදුනක් දිග යකඩ පවුරකින් වටවෙච්ච නගරයක් සම්පූර්නයෙන්ම පුංචි අබ ඇටවලින් පුරවල තියෙනවා. අවුරුදු සීයකට සැරයක් මනුස්සයෙක් ඇවිත් එතනින් අබ ඇටය බැගින් අරගෙන ගිහිල්ලා ඒක දවසක හිස් කෙරුවත් ඒ ගතවෙන කාලයකටත් වඩා දිගයිලු කල්පයක් කියන කාලය. සියදීවි නසාගන්න කෙනෙකුට ආයේ මනුස්ස ආත්මයක් ලබා ගන්ඩ එච්කර කාලයක් ගත වෙනවා කියන්නේ එහෙම බලද්දි කොච්චර කාලයක්ද????

” ඔව් කල්පයක් ,කල්පයකින් හතරෙන් එකක් ලන්වෙන්ඩ ලන්වෙන්ඩ මට පනුවෝ,,ගැඩවිල්ලෝ ,හැකරැල්ලො වගේ පහත් සත්ව ආත්ම වල ඉපදෙන්ඩ පුලුවන්. කල්පයෙන් බාගයක් කිට්ටුවෙද්දි ගෙම්බෝ කටුස්සෝ,, සර්පයෝ වගේ ආත්ම වල ඉපදිලා… බල්ලො බලල්ලු , වගේ සත්තු විදිහට ඉපඩෙන්ඩ පුලුවන්ලු කල්පෙන් තුන් කාලක් විතර ගෙවුනට පස්සේ. එහෙම පහත් ආත්මවල ඉපදි ඉපදී ගිහිල්ලා මනුස්ස ආත්මයක් ලබන්ඩ කල්පයක්ම ඉන්ඩ ඕනා…තමාගේ ජීවිතේ තමාගේ අතින්ම නැති කර ගත්ත අයට හම්බවෙන දඩුවම තමා ඒක අයියේ..

ඒත් අයියේ ඔයාට එහෙම ප්රශ්නය ක් නෑ, ඔයා මැරුනේ ඔයාගේ අතින් නෙමේ..ඒ හින්දා අර අරමුන ඉටුකර ගත්තට පස්සේ ඔයාට ලේසියෙන්ම ආයේ මනුස්ස ආත්මයකට යන්ඩ පුලුවන්.”

” මට දුකයි ගිහන්සා ඒ ගැන ඒවගේ දේකට ඒවගේ ලොකු දඩුවමක් හම්බවෙනව කියලා මම හිතුවේ නෑ…..”

“මම ගැන හිතන්ඩ එපා අයියේ ,මට නැතත් ඔයාටවත් මනුස්ස ආත්මයක් හම්බවුනොත් ඒ කත් මට සතුටක්. මොනව කරන්ඩත් ඉස්සරවෙලාම නර්මදා අර සල්ලි කොහෙද හැංගුවේ කියල හොයාගන්ඩ ඕනා…අර ළමයගේ ඔපරේශන් එකට තව තියෙන්නේ දවස් 05 ක් විතරයි.”

” ඒත් අපි කොහොමද ඒක හොයාගන්නේ ,,,නර්මදා ඒ සල්ලි වලට මොනව හරි කරලවත් එහෙම තිබුනොත්……”

” එහෙම වුනොත්නම් ලොකු ප්ර්ශ්නයක් වෙන්නේ , එහෙම වෙන්ඩ එපා කියල හිතමු, යමුකො අපිට තැනක් තියෙනවා ,නර්මදා ඒ සල්ලි හැගුවේ කොහෙද කියල දැනගන්ඩ ”

කලින් දවස්වලම වගේ ගිහන්සාව බයිසිකලේ තියන් මම ඒක පැද්දේ ගිහන්සා කියපු අර තැන හොයාගන්ඩයි.

මියදුන අය සොයන් ගිය මමත් අවසානේ මියදුන කෙනෙක් නේද කියා ඒ තිත්ත ඇත්ත මේ වෙද්දිත් මම තේරුම් අරන් තිබ්බා.

** ගනේගම මිනීපිටියෙන් ගිහන්සාගේ මග අනුව ගිය අපි මේ වෙද්දී හිටියේ පාලුව පාලු පාරකයි. එක පැත්තකින් පුරන් වුන වෙල් යායක් තියෙද්දී අනිත් පැත්තේ පාලුවත්තක් තිබ්බා.

වලවල් ගොඩේ අමාරුවෙන් බයිසිකලේ පැදපු මම තව ටිකක් ඉස්සරහට යද්දී දැක්කේ වත්තක් මැද තිබ්බ පාලු පරණ කාලේ ගෙයක්.

” අයියේ ඔන්න ඔය ගේ තමා තැනනම්,, එතනින් අපිට නර්මදා අර සල්ලි හංගපු තැන ගැන මොකක් හරි හෝඩුවාවක් හොයාගන්ඩ පුලුවන් වෙයි.”

“නර්මදා අපි පිටිපස්සෙන් ඇවිත් අපි කරන දේවල් බලන් ඉන්නවද දන්නෙ නෑ….”

“ඒකත් අපිට දැනගන්ඩ පුලුවන් වෙයි එහෙන්ම”

ගිහන්සා ඒක කියද්දි මම අර ගෙදරට යන්ඩ පාරෙන් හැරෙව්වා,, ඒ පාලු ගෙදරට ඉස්සරනම් මිදුලක් තියෙන්ඩ ඇති ,,ඒත් දැන්නම් තනකොල ,වැල් පදුරු ඒ මිදුල ආක්රමනය කරලා තිබ්බා. අනිවාර්යයෙන් ම මේ ගෙදරනම් අපි වගේ අය ඉන්නව මිසක් කොහොමවත් මනුස්සයොනම් ඉන්ඩ විදිහක් නෑ…

” ඒයි ඒයි… තොපි දෙන්න කවුද,, මොනවද මගේ ගෙදර කරන්නේ ,, බෑ බෑ උබල දෙන්නට බෑ මෙහෙ නවතින්ඩ දෙන්ඩ ,, ආපු දිහාකට තොලොංචි වෙලා පලයල්ලා”

ගේ වටේ සෝදිසි කර කර හිටපු මම උඩ ගියා අපේ පිටිපස්සෙන් තරහෙන් කෑ ගහපු ඒ හඩට.

මම පිටිපස්ස හැරිල බලද්දී දැක්කේ………………දැක්කේ කවුද කියල බලමු ඊලග කොටසින්. මම තව කොටසක් අරන් හනික එන්නම්කෝ

ඔන්න ඉතින මේ කතාව කියවන අය අතරත් ඉන්ඩ පුලුවන් හිමකර වගෙ මැරිලා ඒ ගැන දන්නෙ නැතිව ඉන්න අය. මට එහෙම කීප දෙනෙක් හම්බවෙලත් තියෙනවා,, නම් කියන්ඩනම් බෑ… ඉක්මනට ඒ අයට ලැබිලා තියෙන කාලේ ඉවර වෙන්ඩ කලින් කරන්ඩ තියෙන අරමුන ඉටුකරගන්ඩ බැලුවොත් හොදා. පස්සේ මම නොකිව්වයි එහෙම කියන්ඩ එපා.

2 thoughts on “මියදුනු අය සොයන් |30 කොටස| හොල්මන් කතා”

  1. කතාව අමුතුම විදිහක වෙනස් කතාවක්.
    කතාව කියවද්දි ආස හිතෙනවා.
    හැමදාම කතාව කියවනවා.
    All the best.
    ????????

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.