Katha Ahura

කටු අනෝදා | හොල්මන් කතා

3.9/5 - (13 votes)

කටු අනෝදා ➡️ 01 ගෙඩිය⬇️

නිවාඩු දවසක් හම්බවුනොත් මම කරන්නේ මගෙ හොදම යාලුවො එක්ක කොහෙහරි ඇවිදින්න යන එක තමා. මගෙ හොදම යාලුවො තුන්දෙනා වුන චතුර කාන්චන හා තුෂාරත් මේ ගමන් යන්න මාර ආසාවල් දැක්වුයේ.

මේ ගමන් වලට අපි පාවිච්චි කෙරුවේ ලොකු වාහනයක් නම් නෙමේ. චතුරගේ තිබ්බ දුප්පතාගේ හිතවතා වන ත්‍රීවිල් එකක තමා අපි මේ හැම ගමනක්ම යන්නේ.

වැල්ලෑගල ,පරමා කදු, රත්මුලු කන්ද ,යාපහුව. පඩුවස්නුවර ඔය වගේ වයබ පලාතේ නම් ගිය ස්තාන තමා අපි ගොඩක් වෙලාවට යන්න තෝරගත්තේ.අපි අද ගියේ දැදුරු ඔය ඩෑම් එකත් බලල ,පරමා කන්ද බලන්න යන එක.

ඉතින් ඔය වගේ ගමනක් යනකොට අඩියක් ගහල ඇග රත්කරගන්න එකනම් අපි අතින් අනිවාර්යයෙන් ම සිද්දවෙනවා.

එදා දැදුරු ඔය ඩෑම් එකත් බලල, පරාමා කන්දත් වැදපුදාගෙන එනකොට පොඩ්ඩක් හවස්වුනා.

ලග පාරක් තියෙනවා කියල එදා හවස චතුර ත්‍රිවීල් එක එලවහෙන ආවේ මම කවදාවත් ගිහිල්ලා නැති පාරක. චතුරනම් කිව්වේ ඒ පාරෙන් ගියාම එයාලගේ නෑදෑයො ඉන්න ගෙවල් කීපයකුත් හම්බවෙනව කියලා. ඒක එච්චරම මිනිස්වාසයක් නොවූ පැත්තක් බවයි මට හැගුනේ. කජු ගස් හිටවපු ගෙවල් දොරවල් නැතී විශාල වතු අපිට මග දෙපසින්ම දැකගන්න ලැබුනා.

” බලපන් මේකේ තියෙන හැටියට මම කසාද බදිනකොට අවුරුදු තිහත් පහුවෙනවලූ”

තීවීල් එකේ පිටිපස්ස්සෙ ශීට් එකේ මම ලගම වාඩිවෙලා හිටපු කාන්චන කිව්වා. පරමා කන්දට ගිය වෙලාවේ පරිගනක් මගින් පලාපල කියන තැන් ඕනේතරම්. අත තියන්න විතරයි තියෙන්නේ ,පරිගනකෙන් ඒ අතට ගැලපෙන පනිවිඩ එනවා.

කාන්චනත් ඔහුගේ අත තියල එහෙම බැලුවා. ඒ කොලේ දිහා බලාගෙන තමා එයා ඒ කියන්නෙ.

” අනේ ඕවා බොරු බං………. උන් මිනිස්සු රවට්ටනවා ,උබත් ඕවට අහුවුනානේ”

තුෂාර කිව්වා.

” ඒක ඇත්ත වුනොත් මේකගෙන් වෙඩින් කේක් කෑල්ලක් කන්ද අපිට තව අවුරුදු හතක් අටක් බලන් ඉන්ඩවෙයි.”

මම කිව්වා.

” හැබයි ඉතින් අපිට ගෑනු ගත්තොත්නම් මේ වගෙ ෆන් එකක් ගන්න හිතන්ඩවත් එපා පුතෝ…..හහ් හහ්…

තුෂාර කිව්වේ හිනාවෙලා…

” උන් ගත්තම උන් එක්ක රණ්ඩුවෙලාම කාලේ ගෙවෙයි…. එක අතකට හොදා තිහ පහුවෙලාම බදින එක…….”

මම ඒක කියද්දීම අපි ගමන් කරපු ත්‍රීවීල් එක නතරවුනා.

” මොකෝ බං අවුල……”

තූශාර අහද්දී මම බලාගෙන චතුර දකුනු අතින් ඔහුගේ හිසකෙස් අත ගාන විදිහ.

” ඇයි බං ත්‍රී වීල් එක හිට්ටේ……..”

මාත් ඇහුවා.

” මම හිතන්නේ ෆිල්ටර් බ්ලොක් එකක්…..බලමු සාවිස් කරන්නත් ඕන වෙලා තිබ්බේ………”

එහෙම කියපු චතුර ත්‍රීවීල් එකෙන් බැස්සා……අපිත් ඔහු අනුගමනය කලා….ත්‍රීවීල් එකට ලොකු ලෙඩක්නම් ගරාජ් එකක්වත් ලග පාත නැති ඉසව්වක අපි උන්නේ…… ඒ මදිවට ඒ පැත්‍ත මට හැගුනේ මිනිස් වාසයක් නැති පැත්තක් බව….

ඒත් මම දැක්කා අපේ ත්‍රීවීල් එක නැවතුන තැනම පරනම කාලයට අයත් ගෙයක්. ඒත් මට හිතුනේ ඒ හෙදර මේ වෙද්දී කිසිම කෙනෙක් ජීවත් නොවෙන බවයි.

චතුර ත්‍රීවීල් එකේ පිටිපස්ස ඇරල ඒ ගැන හොයාබලද්දී මම පොඩ්ඩක් ඈතට ගියේ දැනෙමින් තිබ්බ අදික මුත්‍රා බරින් නිදහස් වෙන්න සිතා.

පාලු නිවසේ වත්තට ඕනාකමින් ඇස යොමද්දියි මගේ ඇස් බැබලෙන්න ගත්තේ….. ඔව් මම ආසම පලතුරක් වන කටු අනෝදා ගස් රොත්තක් පාලු වත්තේ තිබ්බා. කටු අනෝදා ගස් විතරක් නෙමේ ඒ හැම ගහකම කටු අනෝදා ගෙඩි පිරිලා තිබ්බා. හරියට කිසිම මිනිස් අතක් නොලැබිලා වගේ.මම කවදාවත් ඒ තරම් කටු අනෝදා පිරිච්ච ගස් දැකල නෑ…

” මේ වරෙල්ලකෝ බඩුවක් පෙන්නන්ඩ….”

මට ඕන වුනේ මම දැකපු දේවල අනිත් මිතුරන්ට ත් පෙන්නන්ඩ .

” ඇයී මොනවද”

තුශාර මම දිහාට ආවා….

” අර වත්ත පොඩ්ඩක් බලපන්….”

” ඇයි මොනවද”

” බලපන්කෝ……”

කුතුහලෙන් මා දිහා ඉස්සරවෙලාම බලන් හිටිය තුශාර වත්ත දිහා බැලුවා.

” මොනවද ඒ වත්තේ තියෙන්නේ , අර පාලු ගේද ”

” තොගෙ ඇස් පේන්නේ නෑ…මම කිව්වෙ වත්තෙ තියෙන කටු අනෝදා ගස් ගොඩ.. ඒ මදිවට ගෙඩි”

” ඕ උබත් මාර මනුස්සයෙක්නේ…. ඕකද ඔය පෙන්නන්ඩ කියල තිබ්බ මහ ලොකු දේ…….”

” මම ආසම පලතුරක් බං කටු අනෝදා…. කවුරුවත් පේන්ඩ නෑ…..හෙඩි ටිකක් කඩන් යමුද ”

” පිස්සුද බං කවුරුවත් නැතිවුනාට අනුන්ගෙ වතුවලට පැනල ඕව කරන්න මම ආස නෑ…..”

තුශාර ගත්කටටම ඒක කිව්වා.

” ඒ උබනේ….මේ මම….කවුරුවත් නැති එකේ මම ගෙඩි පහ හයක් කඩන් එනවා…..උබත් වරෙන්කො බං ”

මම එහම කියල අඩුම ගානේ වැටක්වත් නැති ඒ ඉඩමට පැන්නා.

” මූට කටු අනෝදා පිස්සුව ,අර ත්‍රීවීල් එකට මොකක් වෙලාද හදාගන්ඩ බැරිවෙයිද ඒවා ගානාක් නෑ….”

හොදටම වල් බිහිවෙලා තිබ්බ වත්‍ත මැදින් යද්දී මට ඇහුනේ තූශාරගේ අප්‍රසාද හඩ.

මට ඒවා ගානක් නෑ.. කටු අනෝදා කන්න තිබ්බ පෙරේත කම නිසාම මම ඉක්මනට ඒ ගස් හොයන් ගියා.

ඒ පාලු වත්‍ත පුරාම තැනින් තැන සෑහෙන්න කටු අනෝදා ගස් තිබ්බා. මෙච්චර කටු අනෝදා ගස් තියෙන්න හේතුව මට හිතෙම හැටියට මේවා කවුරු හරි හදපු ගස් වෙන්න ඕනා. ඒත් අතු ඉති බර කරමින් හැදිලා තිබ්බ ඒ කටු අනෝදා ගස් වලට මිනිස් අතක් කාලෙකින් ලැබිලා නෑ වගේ.

” ඇත්තටම මොකද මේ කටු අනෝදා කවුරුවත් කඩන්නේ නැත්තේ…ඇයි ඒ………”

මගෙ ඇස් එකපාරටම නැවතුනේ අර පාලු ගේ ලග. දුර්වර්න වූ පාලුම පාලු ගෙයක් ඒක…. ඒත් දොරවල් ජනෙල් ඔක්කොම ඒ පාලු නිවසේ වහල තිබ්බා.මට හැගුනේ ඒ ගේ හොල්මන් බංගලාවක් වගේ.

” ගීත් ඉක්මනට කඩන මගුලක් කඩාගෙන වරෙන්…. මෙතන අපිට තෝ හින්දා ඉන්ඩ බෑ……..”

තුශාර කෑගැහුවා.

” හිටින් බං මේ ඉක්මනට එනවා… උබල ත්‍රී වීල් එක හැදුවද ”

” ඔව් බං ඉක්මනට වරෙන්…”

තුශාර කෑගද්දී මම ඉක්මනට පය ඉක්මන් කරල ලගම තිබ්බ කටු අනෝද ගහ ලගට කිට්ටු කෙරුවේ….කලබලෙන් පැහිච්ච කටු අනෝදා ගෙඩියකට අත තියද්දී දැකපු දෙයින් මගේ ඇස් නලලට ගියේ පුදුමෙන්.

කටු අනෝදා ගහේ තැනක ලැමිනේටින් කරපු යමක් ලියපු කොලයල් ගහල තිබ්බා. ඒත් ඒකේ තිබ්බ වදන් පෙල හරිම අමුතුයි ගුප්තයි. අමුතු හැගීම් හිතට තෙරපෙද්දී මම බැලුවෙ ලගම තිබ්බ අනිත් කටු අනෝදා ගහ.

මට විශ්වාස කරන්නත් බැරිවුනා. ඒ කටු අනෝදා ගහෙත් මේ වගේම ලැමිනේටින් කරපු කොලයක් ගහල තිබ්බා. ඔව්…ඒ ගස් දෙකේ විතරක් නෙමේ . වත්‍ත පුරාම තිබ්බ හැම කටු අනෝදා ගහකම ඒ හරිම අමුතු වදම් පෙල තිබ්බ ලැමිනේටින් කරපු කොල ගහල තිබ්බා……………………………..➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️තවත් කටු අනෝදා ගෙඩියක් අරන් මම ඉක්මනට්ම එන්නම්…….

පලමු කටු අනෝදා ගෙඩිය කාපු අය ඒ ගෙඩිය රහයිද කියල යමුද…මම ආසයි ඒ ගැන දැනගන්න……..

ඒත් මේ පසින්ගල් මැනික් මුද්දටනම් ඒ තරම් හොදට හොල්මන් කතා අකුරුකරන්න බෑ ,මේවා ඉතින් අස්කොන් හොල්මන් කතා ,සුපිරි නෑ. ඒ හින්දා අනිත් අයවගේ සුපිරි බය හිතෙන හොල්මන් කතාවක්නම් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා.
,ඉතින් ,තරගෙට දාපු අක්කා දීපු තෑග්ග කනා ශොටක් වැදිලා තමා උඩ ගියේ……..

ඒත් ඉතින් කටු අනෝදා එක ගෙඩියක් පාටියට දුන්නොත් ඔයාල හිතයි මේ පසින්ගලය කුනු ලෝබයෙක් කියල. ඒ හින්දා කටු අනෝදා ගෙඩි තුනක් හතර දෙන්නම්…ආසයිනේ…. මං ආස නෑ මම ලෝබ වුනාට මට අනිත් අය ලෝබයා කියනවට.

මම මේ දෙන කටු අනෝදා අඩුම 100ක් වත් කාලා අඩුම 40ක්වත් මේ කටු අනෝදා රහයි කියල කමෙන්ට්ස් එකක් දැම්මොත් තමා ඉතින් මේ පසින්ගල් මැනික් මුද්ද මනාප….

රාස් ( සාගර සම්පත් )

11 thoughts on “කටු අනෝදා | හොල්මන් කතා”

  1. Mnnm asawen kiyeuwa raaz mn oyage hama kathawakm kiyawala thiynawa e wagema ewa lassanai, baya hithenawa raaz diga kotas denna apita harida mn hamdam kathawa kiyawanawa oyage bs Good luck ???

    2
  2. Oya ayemath ikmananinma apita kathavak aragena ava eka gana godakma sathutui RAAS….
    Adanam katuanodha godak rasai.??
    Issarahatath hodata pahunu idunu katu අනෝදා ගෙඩි api venuvenma aran enakan magabalagena innavaaaa??
    Good luck ????

  3. අම්මෝ කටු අනෝද කන්නත් බය හිතෙයි වගේ… මොනා උනත් පලවෙනි කෑල්ලට හිත ගියා. Good Luck RAZ!!!

  4. Hashini Navanjana.

    පළවෙනි කටු අනෝදා ගෙඩිය රසට තියෙනවා. ?????
    අනිත් ගෙඩිත් ඒ වගේම තියනවා ඇති අනිවාර්යයෙන්ම… ආසාවෙන් කියවන්නේ ඔයාගෙ හැම කතාවක්ම. මේ පොඩි ප්‍රශ්නයක් තියේ… මාරයා කතාවත් ලිවුවේ ඔයාද රාස්…???
    ??????? අනේ ඒක බාගෙට ලියලා නැවැත්තුවෙ ඇයි.. ෂෝයී…… අනේ ඒ කතාව. ගොඩාක් බය හිතෙනවත් එක්ක. ? ? ?
    අනේ….. .. පුලුවන් නම් ඒ කතාවෙ ඉතුරු ටිකත් දාන්නකෝ….
    ප්ලීස්ස්ස්ස්ස්….. ? ? ? ?
    ???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.