Katha Ahura

කටු අනෝදා | ➡️ 02 ගෙඩිය ⬇️ | හොල්මන් කතා

5/5 - (1 vote)

කටු අනෝදා ➡️ 02 ගෙඩිය ⬇️

” මේ ගහෙත් කටු අනෝදා ගෙඩි කඩන්න එපා. කැඩුවොත් ඔබ කරා මරණය සොයා ඒවී………..”

ඔව්. හැම කටු අනෝදා ගහකම ඒ වගේ වදන්වලින් ලැමිනේටින් කරපු දැන්වීම් ගහල තිබ්බ.

” ඒයි මෙහාට පොඩ්ඩක් වරෙල්ලකෝ උබලට මහ අමුතු දෙයක් පෙන්වන්ඩ තියෙනවා.. වරෙල්ලා…”

මම කෑ ගැහුවේ ඒ දෙ මගේ මිතුරන්ටත් පෙන්වන්න ඕනෑ වෙලා තිබ්බ නිසා.

” මොකක්ද බං…”

කාංචන ඇහුවා.

” වරෙල්ලකො පෙන්වන්ඩ ඉක්මනට ”

” අනුන්ගේ වතු වලට පැනල ඉන්නව කවුරු හරි දැක්කොත් හරි නෑ.අපි හොරු කියල හිතයි… ඔය මලදානයක් කඩාගෙන ඉක්මනට වරෙන් ගීත්…අපිට පරක්කු වෙනවා…”

කාංචන විතරක් නෙමේ අනිත් මිතුරන් තුන්දෙනත් මම කියපු දේට කැමති වුනේ නෑ.

” මොකෝ දන්නේ නෑ මෙහෙම දේවල් මේ ගස්වල ගහල තියෙන්නේ ,සමහර විට හොරු කඩනව කියල හිතලද දන්නේ නෑ……”

මම හිතුවා…. අනිත් මිතුරන්ට පෙන්වන්න සිතා මම අර දේ ගහපු දැන්වීමත් පේන්න එක්කම අනෝදා ගහ පොටෝ ගැහුවා. ඒ වෙලාවේ තිබ්බ් කලබලය නිසා ඒ පොටො එක දිහා ඕනෑකමින් මම බැලුවේ නෑ.
. ගහෙ තිබ්බ කටු අනෝදා දකිද්දී සිත කිව්වේ ගෙඩි දෙක තුනල් කඩාපගනින් කියලමයි.

පාතම අත්‍තක් තිබ්බ කටු අනෝදා ගෙඩියක් මම ඉක්මනටම කඩාගත්තා.

” දඩා…………………න්….”

ඒත් එක්කම මගෙ මුලු ඇගම ලොහු දැහගන්වමින් අර පාලු ගේ ඇතුලෙන් මොනවාද මන්දා දෙයක් පෙරලෙනවා ඇහුනා.

” හහ් හහ් හා…….”

ඒ සමගම වගේ මගේ වම් කන පැත්තෙන් ඇහුනේ කවුරු හරි ගැහනු කෙනෙක් හිනහෙන හඩ.

” ගීත් මොකක්ද බං ඒ සද්දෙ… අර ගේ ඇතුලේ කවුරු හරි ඇතී…ඉක්මනට වරෙන්. තෝ හින්දා අපිත් අමාරුවෙ වැටෙනවා.”

චතුර කෑ ගැහුවා.

අමුතු විදිහට ඇහුන හඩවල් නිසාම මාත් හිටියේ බයෙන්. ඉකමනිනම මම් එ ඉඩමෙන් පැන ගෙන අනිත් යලුවෝ ඉන්න දිහාට ගියා. ඒත් මම කඩපු අර කටු අනෝදා ගෙඩියත් මම අරගෙනම ආවා. ඉක්මනට ත්‍රීවීල් ඒකට නැගපු අපි ආයෙත් ඉස්සරහට යන්න පටන්ගත්තා.
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

” අනේ මන්දා බං ත්‍රීවීල් එකට මොනව හරි වෙලා වගේ ආයේ…..”

චතුර ඒක කිව්වේ ටික දුරක් ඉස්සරහට යද්දී.

” ඇයී…..”

කාංචන ඇහුවා.

” ත්‍රීවීල් එකේ පිටිපස්ස කලින්ට වඩා බරයි වගේ…මට එලවන්නත් අමාරුයි අත්දෙකත් රිදෙනවා”

” ඔව් බං මටත් ඕක දැනුනා. උබට ඒක කිව්වේ නැති වුනාට”

තුශාර කිව්වා.තුශාරට විතරක් නෙමේ ඒ හැගීම් මටත් දැනිලා තිබ්බ.

” මට හිතෙන්නේ ත්‍රීවීල් එකේ මොකක් හරි ලොකු ලෙඩක් තියෙනවා……හෙටම ගිහින් ආයේ සවිස් පාරක් දාල හදවගන්න ඕනා. ගොඩ දවසකින් සවීස් කෙරුවෙත් නෑ.

චතුර ආයෙම් කිව්ව.

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

කාන්චනත් ,තුශාරත් උන්ගේ ගෙවල් ලගින් බැස්සුවට පස්සේ ත්‍රීවිල් එකේ ඉතිරි වුනේ මායි චතුරයි විතරයි. අර පාලු වත්තෙන් කඩා ගත්‍තු කටු අනෝදා ගෙඩියත් දැන් නිදහසේ මම ලගම ශීට් එක උඩ මම තිබ්බා.

දැන් හවස හයේ හෝරාව්ල් පහුවෙලා දසතින් ටිකෙන් ටික අදුරත් ගලන් එන්න පටන් ගෙන. තූශරයි ,කාන්චන යි දෙන්න බැස්සුවට පස්සේ මම චතුරගෙන් එක එක දේවල් ඇහුවා. ඒත් මොකක්ද මන්දා හේතුවකට චතුර ඒ හැම දේකටම වගේ පිලිතුරු දුන්නේ කලබලෙන්. හරියට යමකට බයවෙලා වගේ.

” චතුර උබ මොකක් හරි අවුලකින්ද බං ඉන්නේ….උබ හරිම අමුතුයි…”

මම ඒක උගෙන් ඇහුවෙ තවත් ඒ ඔහුගේ හැසිරීම බලාගෙන ඉන්න බැරි තැන.

” අනේ මන්දා ගීත් අද මේ ත්‍රීවිල් එක ඇතුලෙන් මට හරි අමුත්තක් දැනෙනවා… මේක අරගෙන මම අවුරුදු ගානක් ,ඒත් එලවද්දී කව්දාවත් මේ වගේ ෆීල් එකක් දැනිලා නෑ……”

” ඇයි මොකක්ද අද ත්‍රීවීක් එකට වෙලා තියෙන්නේ……..”

” වෙනදට වඩා පිටිපස්ස පැත්ත බරයි… අත් දෙකත් මාර විදිහට රිදෙන්නේ……. ඒ මදිවට මට කණ්නාඩියෙන්………….”

චතුර ඒක එච්චරයි කිව්වේ…. හරියට එතනින් එහාට කියන්න බෑ වගේ….

” ඔව් කියපන් ඒ මදිවට කණ්නාඩියෙන්..මොනවද”

මට ඒ ගැන දැන ගන්න තිබ්බේ මාර කුතුහලයක්….➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️තවත් කටු අනෝදා ගෙඩියකට.

ඔන්න දෙවන කටු අනෝදා හෙඩියත් දුන්න. හැබයි අද චුට්ටක් අනෝදා ගෙඩිය පොඩියි. ලොකු කටු අනෝදා ගෙඩියක් හොයාගන්න බැරිවුනා. හෙට දෙන්නම් ඉතින් ලොකු කටු අනෝදා ගෙඩියක්. කමක් නෑනේ…….. එහෙනම් කටු අනෝදා කාල රසයි කියාගෙනම යන්න හොදේ…… පලමු ගෙඩියනම් රසයි කියල ගොඩක් අය කියල තිබ්බා……..

11 thoughts on “කටු අනෝදා | ➡️ 02 ගෙඩිය ⬇️ | හොල්මන් කතා”

  1. මේක නම් රසම රසයි වගේ… කාලා හිරිවැටෙන විදියෙ කටු අනෝද ගෙඩියක් ඕනේඒඒඒඒඒඒ…..Good Luck razzz

  2. අම්මෝ අපේ ගෙදර තියෙන කටු අනෝදා ගා කපලා දාන්න ඕන ඒකෙ ලියලා තිබ්බ එක දාල නෑනෙ මේකනම් කුතුහලයක් මට පට්ට හොඳේ සුපිරියටම ලියල

  3. දැන් කටු අනෝදා කන්නත් දෙපාරක් හිතන්න වෙනවා.
    හෙට ලොකු කටු අනෝදා ගෙඩියක් දාන්න ඕනා.
    හැබැයි ලොකු කටු අනෝදා ගෙඩියක් හොයාගන්න බැරිවුණා කියන්න එපා.
    අද අනෝදා ගෙඩියත් හරිම රසයි.
    ????????

  4. අදත් කටු අනෝදා ගෙඩිය රසයි. රස වැඩි කමට මදි උනා.. හෙටවත් ලොකු කටු අනෝදා ගෙඩියක් දෙන්න රාස්….

  5. Hashini Navanjana.

    චූටි උනාට පළවෙනි ගෙඩියටත් වඩා ගොඩාක් රසයි මේක.. ?️
    අපිවත් හොල්මන් ? ? ? වෙලා යන සයිස් එකේ ලොකූකූකූ….. කටු අනෝදයක් හෙට ඕනි හොඳද…
    ඔන්න ගහේ තිබුනේ නෑ කියන්න බෑ හොදේ…. ???????
    හෙට නම් දිගගග….ට ඕනිමයී……….. ??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.