Katha Ahura

රන් තරු | 01 කොටස | නවකතාව

4.8/5 - (43 votes)

01 කොටස

” තරූ…දැන්වත් වරෙන් බං සෙල්ලම් කරන්න …. ඔය මදැයි හීන ලෝකේ හිටියා ….”

මගේ කල්පනා දැහැන බිඳුනේ කළණගේ සද්දෙට .

කළණ…

ඒ මගේ හොඳම යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් .මොන්ටිසෝරියේ ඉඳන්ම මගේ බොක්ක වුණේ කළණ.ඒත් අපි ආදරේට කතා කරේ කලූ කියලා.

” වරෙන් බං දැන්වත්….

උඹ මේ අහසයි මුහුදයි එකතු වෙනකම් කල්පනා කරත් ගිය එකී ආයෙත් එන්නේ නෑනේ ……”

ඔව්…පුරුදු විදියටම අනිත් එක්කෙනත් පටන් ගත්තා .ඒ මගේ අනිත් බොක්ක මනීෂ.ගැන්සියට එකතු වුණාම මනී.ඌත් මගේ ජීවිතේට එකතු වුණේ මොන්ටිසෝරියේ ඉඳන්ම.

එකම ගමේ අපි තුන්දෙනාම.ගම ඇතුලේ එක එක ජාතියේ ගැන්සි තිබුණත් අපේ තුන් කට්ටුව වෙන් කරන්න කාටවත්ම බැරි වුණා .

ගම පුරාම යාළුවෝ ආශ්‍රය කරත් පණ දෙන්න වුණත් හිටියේ උන් දෙන්නා තමයි හැමදාම .

අම්මලා කිව්වේ අපි තුන් දෙනත් හරියට කනප්පුවක් වගේ කියලා . කනප්පුවේ තියෙන කකුල් තුන වගේ අපි තුන් දෙනාටත් අපිව නැතිව බැහැ ඇත්තටම .

” හරි බං….උඹලා සෙල්ලම් කරපල්ලා ….මම තව ටිකකින් එන්නම් ….”

එහෙම කියලා උන්ට සෙල්ලම් කරන්න දීලා මම මගේ සුපුරුදු කල්පනා ලෝකෙට ආවා .අපි හිටියේ බීච් එකේ වොලි බෝල් ගහන ගමන්.

නිවාඩු ආවම ගමේම යාළුවෝ එකතු වෙන්නේ මෙතනට .

මේ මුහුද දිහා බලාගෙන මුළු දවසම වුණත් කල්පනා කරන්න මම ආසයි.නිවාඩු එන හැම දවසකම මම මෙතෙන්ට එන්නෙත් හිතේ තියෙන දුක ටිකක් හරි මග හැර ගන්න .

” තරූ…අදට විතරක් උඹට චාන්ස් එකක් දෙන්නම් …..

ඒත් හෙට ඉඳන් නම් උඹ දවල් හීන බලන එක නතර කරපන් පුතේ….”

මනියා කැමති නෑ මම ඩියානා ගැන හිත හිත දුක් වෙනවට.

‘ ඩියානා ‘

මගේ කුළුඳුල් ආදරේ.ඒකි මට කරපු දේ නිසා මට දැන් ගෑණු සංහතියම පිළිකුල් වෙලා මගේ රෝස මල ඇරෙන්න .

සුරංගනා ලෝක වල ජීවත් වෙන බොළඳ හැත්ත.ඒකිට බැරි වුණා මගේ අම්මා වගේ වෙන්න .

දකින දකින කොල්ලගේ කරේ එල්ලෙන සල්ලි වලට උන් එක්ක නිදා ගන්න යන ගණිකාවක් ඒකි.

යාළුවෙක්ගේ මාර්ගෙන් තමයි ඒකි ගැන දැන ගන්න ලැබුණේ .කෑම්ප් එකේ කොල්ලො ඒකි බඩුවක් ගානට දාලා කතා කරද්දී මටත් හිතුණා ඒකිව එක පාරක් බලන්න .

ඒත් වෙන උන් වගේ ඒකිත් අරන් ඇඳකට යන්න නෙමෙයි .ඒකි වැටිලා ඉන්න නරකාදියෙන් ගලව ගන්න .

” තරුවා….මේ වටේට වත් උඹ එනවද සෙල්ලම් කරන්න …”

” බෑ බං….අද විතරක් මට මෙහෙම ඉන්න දීපන්….”

” හරි හිටපන් පුතෝ… හැබැයි අද විතරයි ….”

කලූ මගේ දිහාට එවපු බෝලෙ අල්ලාගෙන මම ආපහු ඌටම පාස් කරා.ආපහු ආවෙ සුපුරුදු අතීතෙට.

අදින් පස්සේ මේ කඳුළු කතාව ආයෙත් මතක් කරන්නේ නෑ මං.

” ඒකි ගියා බං….”

යාළුවෝ හැමදාමත් කියපු ඇත්ත ඒක.ආයිත් මේ හිතේ ඒකි වෙනුවෙන් ඉඩක් නැහැ .මං මටම පොරොන්දු වුණා .

යාළුවෙක් මාර්ගෙන් ඒකිව බලන්න ගියා මම.ඒත් පාර්ක් එකේදී විතරයි .

අනිත් උන් වගේ ඒකිව රූම් ගානේ අරන් යන්න තරම් ඌමනාවක් තිබුණේ නෑ මට.

ඒකිව හරි පාරට ගන්න ඕන උනා මට.රස්සාවකට දාලා ඉන්න තැනක් හොයලා දුන්නා .

ඒත් ඒකි මම රස්සාවට ගියාම වෙන උන් එක්ක නිදා ගන්න ගියා .මං නොදන්න ඇත්ත මගේ යාළුවෝ මගේ ඇස් ඉදිරිපිටම පෙන්වලා දුන්නා .

ඔව්…එදා ඉඳන් මේ හිතේ මගේ අම්මා ඇරෙන්න වෙන කිසිම ගෑණියෙක් ගැන විශ්වාසයක් නෑ මට.

” තරූ …දැන්ම ගෙදර යනවද උඹ …..අපි නාන්න කියලා හැදුවේ ….”

” නෑ බං…උඹලා නාපල්ලා…අද මූඩ් එකක් නෑ මට නාන්න තරම්….”

මම සේවය කරේ ශ්‍රී ලංකා යුධ හමුදාවෙ.

එතකොට මනීෂ …ඌ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ ..

කලූ..එහෙමත් නැත්නම් කළණ.ඌ වැඩ කරේ නාවික හමුදාවෙ .

අපේ අම්මලා අපි ගැන ගොඩක් ආඩම්බරයෙන් හිටියේ .අපි නිවාඩු එන්නේ තුන් දෙනාම කතා වෙලා.

අම්මලා අපි එන දවසට කියන්නේ ත්‍රිවිධ හමුදාවම ඉන්නේ අපේ ගම ඇතුලේ කියලා .

ගමේ පොඩි එකාගෙ ඉඳන් වැඩිහිටි පරම්පරාව වෙනකම් අපි තුන් දෙනාව හොඳට දන්නවා .

ඒ හැමෝගෙම ආදරේ මැදයි අපි හැදුණේ.හරිම සමගියෙන් ඉන්න ගමක් ඒක.

අපේම වචනයෙන් කිව්වොත් හරියට රණවිරු ගම්මානයක් වගේ.ගමේ හැම කොල්ලෙක්ම වගේ හිටියේ හමුදා සේවයට බැඳිලා.

මත්පැන් දුම්වැටි ගමේ තරුණ පරම්පරාවෙන් ඈත් වුණු ආදර්ශමත් එකමුතු ගමක් මේක.

යාළුවෝ ටික තාමත් නානවා.වෙලාව හවස හයට විතර වෙන්න ඇති .

” මනියා…ඇති නෑවා….යමන් බං…”

මම කෑ ගැහුවේ උන් ටික අද වතුරෙන් ගොඩට ගන්න බැරි නිසා.

” හරි බං…හිටපන් මේ එනවා….”

” ඔව්…ඔව්…උඹ මෙච්චර වෙලා මනෝ ගහගෙන ඉඳලා දැන් වෙන්න ඇති ඇහැරුණේ නේද බං කලූ…”

මට බැන බැනම උන් ටික ගොඩට ආවෙ ගෙවල් වල යන්න හිතාගෙන.

උන් ටික ඇඳුම් මාරු කරගෙන එනකම් මම මම වැල්ලේ වාඩි වෙලාම හිටියේ උන් ආවම නැගිටින්න බලාගෙන .

” නැවතියන් ඔහොම ….උඹ පැනලා යන්නද හැදුවේ .. ”

මගේ කල්පනා ලෝකෙ ආපහු බිඳුණේ ළඟින්ම වගේ ඇහුණු පිරිමි කටහඬට.

මතු සම්බන්ධයි

36 thoughts on “රන් තරු | 01 කොටස | නවකතාව”

  1. Kathawanam mara lassanai. Ane chuti kotasakne dala thiyenne ada.eka digata kiyawagena ynna thibbanm kiyala hithuna mara lassanai. Kmk ne chuti kotasak dala sathutin innko honde aiye. Theruwan saranai.

    1. Mulin tikak dala kathawa balanna asa karala ita passe diga ewa dannam hode .. oyath sathutin inna ko nangiya hode ? thank you so much nangiya

  2. Chathu indeewaree

    කොහොමද අයියේ ඉතින්.? ගොඩාක් කාලෙකට පස්සේ මම ආවා අද ඔන්න ඔයාව බලලා යන්න. පහුගිය ටිකේ එන්න බැරි වුණාට සමාවෙන්න මට. මගෙ ලෝකේ වීරයා ඒ කියන්නේ මගෙ අප්පච්චි මාව දාලා යන්නම ගියා. ඒනිසයි ආවේ නැත්තේ. මගෙ අප්පච්චි වෙනුවෙන් නිවන්සුව පැතුව ඔයාටත් ඇප් එකේ අනිත් යහළු යෙහෙළියෝ හැමෝටමත් ගොඩාක්ම ස්තූතියි. හිමිවීම් අහිමිවීම් මැද්දේ ගෙවන මේ ජීවිතේ මගෙ අප්පච්චි නැති වුණ එක මට ගොඩාක් දැනෙනවා. පැරලයිස් වෙලා හරි අප්පච්චි මගේ ළඟින් හිටියනම් ඒක මට කොයිතරම් හයියක්ද කියලා හිතෙනවා. ඒත් මගෙ අප්පච්චි නෑ කියලා මට වැටෙන්න බෑ. මගෙ ජීවිතේ මම ඉස්සරහට යන්න ඕන මගෙ අම්මයි අප්පච්චියි වෙනුවෙන්. මට ඒකට හයිය තියෙනවා. මම දිනනවා අයියා. සත්තකින්ම..

    දැන් මම අයියගෙ කතාව ගැන කියන්නම්. කතාවනම් ගොඩාක් ලස්සනයි අයියේ. කවුරුත් වැඩිය කතා නොකරන පැත්තක් ගැන අයියයි නංගියි කතා කරන්නේ. ඒකට ඔයාට වගේම ඔයාගෙ නංගිටත් ගොඩාක් ස්තූතියි.මගෙ අයියලා තුන් දෙනාම හමුදාවේ ඉන්නේ. අම්මගෙ අප්පච්චිගෙ පැත්තෙ ගොඩාක් අය ඉන්නෙත් හමුදාවේ. ඒ නිසා මේ කතාව ගොඩාක් දැනෙයි මට. අපි අද නිදහසේ හුස්ම ගන්නේ අපේ මේ වීරෝදාර රණවිරු දූ පුතුන් නිසයි. ඒ අයට ලැබෙන්න ඕන වටිනාකම හිතාමතාම නුදුන් මේ කාලයේ, මේ ඇතිවුණ විනාශකාරී සිදුවීමත් එක්ක ආයෙම මිනිස්සුන්ට මරණ බය වගේම අපේ ත්‍රිවිධ හමුදාවේ අගේ දැනෙන්න පටන් අරන්.අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ අරන් දුන්නු අපේ රටේ වීරවරුන්ට අපි මල් තියලා වැන්දත් පවු නෑ කියලයි මට හිතෙන්නේ. අපි ආයෙම හැරිලා බැලුවොත් අපේ රණවිරුවන්ට අපි නිසි ගෞරවය දුන්නද කියලා, ජාතියක් විදියට අපි ඒ ගැන ලැජ්ජ විය යුතුයි අයියේ. මොකද ඇත්තටම අපි ඒ අයට ඒ තැන දීලා නෑ අද වෙනකලුත්. යුද්දේ ඉවර වෙලා අවුරුදු 10ක් ගෙවෙද්දි වුණ සිදුවීමත් එක්ක ඔවුන්ගෙ අගේ අපිට ආයෙමත් දැණුනත් ඒ වෙනකල් අපේ මිනිස්සුන්ට යුද්දයක් තිබුණා කියන එකත් අමතක වෙලා තිබුණේ. යුද්දේ කාලේ වගේම යුද්දෙන් දිනපු කාල වල අපේ හදවතේ මුල් තැන රණවිරුවන්ට කීවත්, ඔවුන් වෙනුවෙන් කවි ගී ලියවුණත් , විද්‍යුත් මාධ්‍ය හරහා නිතර නිතර රණවිරුවෙනුවෙන් දේශාභිමානී ගීත ප්‍රචාරය වුණත් අද වෙනකොට හැමෝටම ඒ හැමදේම අමතක වෙලා. යුද්දේ කාලේ වීරෝදාර රණවිරුවන් කියලා ඒ අය අමතපු අපේ මිනිස්සුම අන්තිමේ කීවේ අට පාස් ආමි කාරයෝ කියලා. අන්න ඒ විදියටයි අපේ මිනිස්සු කළගුණ සැලකුවේ ඒ උතුම් දූ පුතුන්ට… ඉතින් මේ වගේ යුගයක අයියේ ඔයත් ඔයාගේ නංගිත් මේ කරන කාර්‍යය ප්‍රශංසනීයයි. ඉතින් අද වගේම හෙටත් , හෙට වගේම මතුවටත් මෙවන් හරවත් වටිනා නිර්මාණ හරහා අපි සමඟම ඉන්න කියලා අයියාගෙන් මම ගොඩාක් ආදරෙන් ඉල්ලනවා.

    ඒ වගේම තව දෙයක් කිවයුතුමයි. කලා නිර්මාණයක් හරහා විය යුත්තේ එය රස විඳින පාඨකයා හෝ ශ්‍රාවකයා ආනන්දයෙන් ප්‍රඥාව කරා යොමුකරවීමයි. අයියගේ ” ඔබ මට හිමිවේනම්” කතාව හරහා හිතුවටත් වඩා ගොඩාක් ලස්සනට ඔයා ඒ දේ කරලා තිබුණා. ඉතින් අයියේ මම බලාපොරොත්තු වෙනවා ඔයාගේ මේ කතාවත් ඒ වගේම ලස්සන අවසානයක් සහිත කතාවක් වේවි කියලා. එය එසේම වේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා… ඔයාටත් නංගිටත් බුදු සරණයි!!!

    (මගෙ අදහස් දැක්වීම ගොඩාක් දීර්ඝ වුණාට සමාවෙන්න මට. )

    1. මුලින්ම තාත්තට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එයා හොඳ තැනකින් ද ඔයා දිහා බලාගෙන ඇති නංගි.. ඇත්තටම මගෙත් කතා වලට ඔයා දාන කොමෙන්ට් මට ගොඩක් වැදගත් මොකද කියන දේ කෙලින්ම කියන නිසා ඇත්තටම මට මගේ කතාවලට කොමෙන්ට් දාන නංගිල ටිකක් ඉන්නවා එයාලා මගේ කතාවට වටිනාකමක් දෙනවා වගේම ඔයත් ලොකු වටිනාකමක් දෙනවා ඒකට ගොඩක්ම ගොඩාක්ම ස්තුතියි මං මේ කොමෙන්ට් ඔක්කොමගේ නංගිට පෙන්නනවා ඔයා ගොඩක් සතුටු වෙනවා ඒකට ඕගොල්ලන්ට ඔක්කොටම ගොඩාක් පින් මොකද මගේ නංගිට සතුටක් දෙන්න පුළුවන් නිසා කොමෙන්ට් එක දිග උනාට ඒකේ මට ගන්න ගොඩාක් දේවල් තියෙනවා ඒකට ගොඩාක් පින් බොහෝමත්ම ස්තූතියි nangiya ඔයා දුකෙන් ඉන්නවා කියලා දන්නවා ඒත් මිනිස්සුන්ට වෙන දේවල් තමයි මේ ජීවිතය අපි බලාපොරොත්තු වෙන දේවල් ඔයා වැටෙන්නේ නැතුව ඔයා හිටිය තැනට වඩා හොඳ තැනක ඉන්න නංගියා

  3. Chathu indeewaree

    චූටි චූටි එපිසොඩ් අපිට දීලා ඔයා සතුටින් ඉන්නකෝ සුදු මහත්තයෝ හොඳේ…???????????

  4. කතාව ලස්සනයි… ආරම්භයම මරු…. මං සුභ පතන්වා… හෙට දිග කොටසක් අරගෙන එන්න..

    1. බොහෝමත්ම ස්තූතියි අනිවාර්යයෙන්ම උපරිම ට්‍රයි කරනවා හරිද පුළුවන් හැම වෙලාවෙම දිග කොටසක් දෙන්න

  5. කතාව ගොඩක් ලස්සනයි අයියේ… නංගිටත් අයියටත් සුභ පතනවා කතාව දිගටම ලස්සනට ලියන්න හැකියාව ලැබේවා කියලා… බුදු සරණයි !!!

    1. බොහොමත්ම ස්තූතියි නංගී මේ ඔයාලා දාන්නකො comment ඔක්කොම මගෙ නංගිට මම පෙන්නනව එයාට ගොඩක් සතුටුයි ඔයාලා ඔක්කොටම ස්තුතියි කරන්න කිව්වා.. බොහොම ස්තූතියි බුදුසරණයි නංගි

  6. Hithuva vagema kathave arambaya harima lassanai.ada venakota army සහෝදර සහෝදරියන් amathaka unu sama denatama mathak venna aragena.ithin oyage me නිර්මාණය magin adaraniya රණවිරු සහෝදර සහෝදරියන් ta nisi ගෞරවය අභිමානය labadei kiyala mama vishvasa karanava.????
    Oyage vagema oyage nangiyage siyalu pathum itu venna mama hadavathinma prarthana karanava aiyee……..
    Budhusaranai……jeesu pihitai???

    1. අනිවාර්යෙන්ම නංගියා මම හිතන ඔයා කියපු දේ වේවි කියලා මේ කතාව බලද්දි ඔයාලා දාන කොමෙන්ට් මට ලොකු ශක්තියක් බොහොමත්ම ස්තූතියි නංගියා බුදු සරණයි

  7. Hashini Navanjana.

    මුලින්ම චතූ අක්කිගෙ තාත්තට නිවන් සුව පතනවා. . . ඒ වගේම චතූ අක්කිට ජීවිතේ වැටෙන්නේ නැතිව ඒ දුක් වේදනා තවත් ශක්තියක් කරගෙන ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    1. Chathu indeewaree

      ගොඩාක්ම ස්තූතියි මැණික. මගෙ අම්මා අප්පච්චි නෑ කියලා මට වැටෙන්න බෑ තමයි. මගෙ ළඟ මගෙ අම්මයි අප්පච්චියි නැති වුණත් ඒ අය අද හොඳ තැනක ඉඳන් මට ආශිර්වාද කරන බව මම දන්නවා සුද්දී. ඒ අය මම ගැන දැකපු හැම හීනයක්ම හැබෑ කරන්න මම හිත හයිය කරගන්න ඕන..ඒත් මට ඒකට ටිකක් කල් ඕන වෙයි නංගා.

  8. Hashini Navanjana.

    සුමී අයියේ… සොරි හොදේ… අද ටිකක් පරක්කු උනා කතාව කියවන්න.. ? ? ?
    ඒත් මේ දොයියන්න කලින් කතාව කියෙවුවේ… නැත්නම් නින්ද යන්නෙ නෑ නෑ වගේ… ???
    කතාව ගොඩාක්ක්ක්ක් ලස්සනයී අයියේ.. ????
    පළවෙනි කොටසෙන්ම ඒක හරියටම කියන්න පුලුවන්…
    ????
    ඒත් ප්‍රශ්නයක් තියේ… ????
    කවුද එයාගේ රෝස මල??? ? ? ? ?
    අනේ…. දිගගග …… කොටස් ඕනි හොඳද… ආසාව අමුතුවෙන් ඇති වෙන්න දෙයක් නෑ අයියෝ… ??? පෙරවදනින්ම ඒ ආසාව ඇති වෙලා ඉවරයි.. ?????
    ඒ නිසා ඉක්මනින් අපිට දිගගග කොටස් ඕනිමයි… ????
    ඔයාටයි ඔයාගෙ නංගියටයි ගොඩාක් තෑන්ක්ස් මේ වගේ ලස්සනම ලස්සන කතාවක් අපිට ගෙනාවට.. ☺️☺️☺️☺️☺️
    දිගටම ලියන්න අයියේ…
    නංගියටත් කියන්න අපි වෙනුවෙන් තව කතා ලියන්න කියලා…
    All the best… ?????
    ඔයාලා දෙන්නටම…

  9. මම මේ බැලුවා මොකද අපේ දඟ කෙල්ලගේ කොමෙන්ට් එක තවම නැත්තෙ කියලා .. රෝස මල ගැන බලන්න පුළුවන් කතාවක් කියවන් යද්දී ටික කොටස් දෙන්න මං උපරිම ට්‍රයි කරන්නම් දෙන්නෙක් එක්ක කරන වැඩක් නෙ ඇත්තටම සතුටුයි ඔයාලගෙ කොමෙන්ට් බලද්දි නංගි මාර ශක්තියක් ලැබෙන්නේ මට කොහොමද ස්තුති කරන්න කියලා මම දන්නෑ … කියන හැම වචනයක් ගහන ටම බොහොමත්ම ස්තූතියි නංගී තෙරුවන් සරණයි සුභ රාත්‍රියක්

  10. Ammooo aiye comment ekak dnna mt sahenna pallehata enna unane appa e tharamt comments shoi ane kathawa lassanai kiyla wena shakshi on nane ithin neda aiye kathawa patanganmemma mahegenm hithatm waduna aiye mn enawa oylage kathawa kiywanna hamadam Good luck dennatam bs ??

    1. Mata danena sathuta Mata danena sakathiya me comments nangiya renting dakkama danena sathuta kiyala Nima karanna ba nangiya ithin godak sathutuin aniwarenm kathawa balala comments ekka denna hode

  11. අදනම් කතාව කියවන්න පරක්කු වුනා අයියේ.
    කතාව පටන් ගැන්ම ලස්සනයි.
    ඔයා කතාව ටිකක් දාලා අපේ කුතුහලය අවුස්සනවා නේද.
    කතාවෙ දිග කොටසක් ඕනේ.
    අයියයි නංගියි ලස්සන වැඩක් කරයි කියලා හිතනවා.
    කවුරුත් රණවිරුවන් ගැන කතා නොකරන කාලෙක ඔය දෙන්න එකතු වෙලා රණවිරුවන් ගැන කතා කිරීම හරිම වටින දෙයක්.
    ඒකට ඔය දෙන්නටම ස්තූතියි.
    අයියෙ ඔයාටයි ඔයාගෙ නංගිටයි දෙන්නටම සුභ පතනවා කරන කියන සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා.
    ????????

    1. අනිවාර්යයෙන්ම පුළුවන් හැම වෙලාවෙම දිග කොටස් දෙන්නම් කුතුහලයක් දුන්නොත් මේ වගේ කට්ටිය ගොඩක් බලන්නේ බලනවා වගේ නෙමේ අයියට කොමෙන්ට් එකකුත් දීලා යන්න.. කියවන්න පරක්කු උනාට ඕගොල්ලන් දාන කොමෙන්ට්ස් තමයි මට ගොඩක් වැදගත් ගොඩක් ආදරණීය බොහොමත්ම ස්තූතියි ඉතින් අද 03:00 ට ඇවිල්ල කතාව බලන්න බුදු සරණයි නංගියා

  12. godak lassanai kathawa …. mm oyage katha walata rate karanawa hamadama… eth ada thhama mulinma comment ekak damme…. oyala hamoma godak aduranawane…. eth mm oyalawa danne naane ai ane e…? hari hari kohoma unath oyage kathawa nm mara lassanai ane perawadaninma mt hithuna godak lassana wei kiyala…. ewagema me kathawa thathwikai…. mm e wage katha walata kamathi… mokada e wage katha ape jiwitheta godak sameepai…

    1. Ithin nangiya haduna ganna me wage comments Danna ko aththatama sathutuyi Ada nam comments godayi 1st kotasata comments godayi thank you so much nnagiya hamdma Enna hode

  13. අද තමයි කතාව කියවන්න පටන් ගත්තේ.දුක හිතෙන තැනකින් පටන් අරන් සතුට වැඩි දුක් නැති ආදරණීය කතාවක් ගෙන්න.මල්ලියෙ නංගියේ බුදු සරණයි ඔයාලට. කතාව ගොඩක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  14. Thakshi Deepali Jayasuriya

    කතාව හරිම ලස්සනයි අයියේ…කතා අහුරේ ක්‍රියාකාරී සාමාජිකාවක් වෙලා හිටපු මට ඇත්තමයි පහුගිය ටිකේ කතා අහුර මග ඇරුනා…අායෙ එහෙම වෙන්නෙ නෑ…අනිවාර්යෙන් කමෙන්ට් කරන්න කතා කියවන්න ආයෙම එනවා…මට ඔයාගෙ කලින් කතාවෙ මැදකින් මග ඇරුනා කතාව…ඒත් දැන් ආයෙ මුල ඉඳලා කියවන්න යන්නේ…කතාව හරිම ලස්සනයි…ඔයාගෙ යූ ටියුබ් එකේ සිංදු තියනවද…තියනවනම් නම කියන්නකො අහන්න…ආසයි

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.