Katha Ahura

කටු අනෝදා | ➡️ 04 ගෙඩිය ⬇️ | හොල්මන් කතා

4/5 - (2 votes)

කටු අනෝදා ➡️ 04 ගෙඩිය ⬇️

” අම්මෝ…….”

මට යටගිරියෙන් කෑගැස්ස්වුනේ අර කන්නාඩිය ඇතුලෙන් පෙනුන රුව මතක්වෙලා…

” ගීත් මොකෝ පුතේ…වුනේ….”

ඒ සමගම මට ඇහුනේ නාන කාමරය පැත්තට එන අම්මාගේ කලබල වූ හඩ.

” ක්‍රී……..ක් ”

ඊලග තප්පරයේ ඇහුනේ නාන කාමරයේ වැසුන දොරේ ඇරෙන හඩයි. තවත් තප්පර කීපයයි ගතවුනේ නානකාමරේ නිවුනු විදිලි බල්බයත් දැල්වෙන්න පටන්ගත්තේ නාන කාමරේම එලිය දෙමින්.

ඒ එලියෙන් මහේ ඇස් ඉස්සරවෙලාම ගියේ නානා කාමරේ තිබ්බ කණ්නාඩියටයි. ඒත් මම පුදුමයට පත් කරමින් අර කලින් මම දැක්ක ඒ රුව කන්නාඩිය තුලින් ඒ වෙලාවේ මම දැක්කේ නෑ. අම්මා ඉක්මනට නාන කාමරේ දොර ඇරන් මාවෙත ආවේ මම පුදුමෙන් බලන් ඉදිද්දී.

” මොකද පුතේ කෑගුවේ….”

අම්මා මගෙන් අහපු දේට කියන්නෙ මොකක්ද ,කන්නාඩිය ඇතුලින් බිහිසුණු රූපයක් දැක්කා කියලද. නෑ එහෙම කියන්න බෑ ,අම්මාත් බයවෙයි. මම හිතාගන්තා අම්මාට මම අත්විදපු දේ නොකියන්ඩ.

” ආ නෑ අම්මේ එකපාරටම මම ලිස්සල වැටෙන්ඩ ගියා. ඒකයි කෑගැස්සවුනේ.”

” ඒකටද කෑගැහුවේ, කෝ වැටුනේ නෑනේ…”

අම්මා ඇහුවේ මගේ හිසේ සිට පාදාන්තය දක්වා විමසිලි බැල්මක් හෙලමින්.

” නෑ අම්මේ වැටුනේ නෑ…….. අම්මා දැන් යන්ඩ ,මම නාගෙන එන්නම්….”

අම්මා නාන කාමරෙන් යන්න ගියා. මම යලිත් නාන කාමරේ තනිවුනේ අර බයහිතෙන දේට ආයෙම පාරක් මූන දෙන්න සිදුවේදෝ සිතමින්…

ඒත් මම නාල ඉවරවෙනකම් එහම දෙයක් ආයෙම වුනේ නෑ. මම දැක්කෙ මායාවක්ද… නැතිනම් සිතෙ එකපාරම ඇතිවූ දෙයක්ද….

මට සිතාගන්නත් බෑ…ඒත් මට සියට සීයක්ම කියන්න පුලුවන් මීට මොහොතකට කලින් නාන කාමරේ කණ්නාඩිය තුලින් කොන්ඩේ කඩාගත්ත ගැහනු කෙනෙක්ගේ ර්ව්ක් දැක්ක බව.
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡

රෑ කෑමත් කාල ඇදේ ඇලවු මම ෆෝන් එක ඔබන්න පටන්ගත්තා. මට එකපාරටම මතකෙට නැගුනේ ,අනිත් මිතුරන් එක්ක තැන් තැන්වල ගහපු පොටෝ ෆෝන් එකේ තියෙනවා කියලා.

නාන කාමරේ දුටු බිහිසුණු රුව අමතකවෙන්නත් එක්ක මම ඒ ෆෝන් එකේ තිබ්බ පොටො එකිනෙක බලමින් උන්නා. දැදුරු ඔය ඩෑම් එක ලගදී මිතුරන් එක්ක ගහපු ෆොටෝ, පරමා කන්ද අසලදී ගත්ත පොටෝ ගොඩක් ඒකේ සටහන් වෙලා තිබ්බා.

අන්තිමේදී මගේ ඇස් නතරවුනේ අර පාලු වත්තේදී ,අනෝදා ගහ ගහපු පොටෝ එක ලග.

” මේ ගහෙත් කටු අනෝදා කඩන්ඩ එපා ,කැඩුවොත් ඔබ කරා මරනය පැමිනේවී”

ඒ ලැමිනේටන් කරපු වැකියත් එක්ක තිබ්බ අනෝදා ගහ ගහපු පොටෝ එක දිහා මම මොහොතක් බලම් හිටියා. පොටෝ එකේ අර වැකිය පේන්නේ නෑ. ඒත් ඒකෙ තිබ්බ දේනම් මට මතකයි.

මම ඒ පොටො එක අනිත් බලපු පොටෝවලටත් වඩා ගොඩක්ම ඕනෑකමින් බලන් උන්නා. එකපාරම පොටෝ එකෙන් දැකපු දෙයින් මම උඩ ගිහින් ඉන්දවුනා……..

ඒ සමගම පොටො එක අයින්කරමින් මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.

” නෙතුශිකා ”

පොන් තිරේ සටහන් වෙලා තිබ්බේ ඒ නම. දවස් දෙක තුන සැරයකට වරක්වත් ඇය මාත් එක්ක කතා කරනවා.

” හෙලෝ කියන්න නෙතූ නංගී…….”

අර පොටෝ එකේ දැකපු දසුනින් මම බයවෙලා මගේ හඩත් තිබ්බේ වෙව්ලමින්.

” සනීප නැද්ද…….”

නෙතුශිකාගේ හඩ පෝන් එකෙන් ඇදී ආවා. ඇයටත් මගෙ වෙනස තේරිලාද.

” න්….නෑ……….. ඇයි එහෙම ඇහුවේ……”

” නෑ නිකම් ,මට නිකම් වෙනසක් දැනුනා”

” නෑ එහෙම මොකුත් නෑ….”

මම අමාරුවෙන් කටහඩේ වෙනසක් නොදැන්න්න කිව්වා.

” ආ ගීත් අයියේ මම හෙට ඔයාලෑ දිහා එනවා……”

නෙතුශිකාගේ හඩේ තිබ්බේ ඇය හරියට හපන්කමක් කරන්න යන වා වගේ හඩක්.

” අපේ ගෙදර ,,,හෙ…හෙට”

” අනේ මොකද ,අනේ අද ඔයාට වෙලා තියෙන්නේ මම එනවට කැමති නෑ…. තනියම නෙමෙ එන්නේ… මලින්දිත් එක්ක ,මම එනවට කැමති නැද්ද. ගීත් අයියා දැන් ඉස්සරවගේ නෙමේ…. මාත් එක්ක හරියට ඉස්සර වගේ කතා කරන්නෙත් නෑ…..මලින්දි හෙට ඔයාලෑ දිහා එනව කිව්වා. මටත් කැමතිනම් තනියට එන්න කිව්වා… ඔයා කැමති නැත්නම් මම එන්නේ නෑ…”

නෙතුශිකාගේ හඩ පෝන් එකෙන් ඇහුනේ පරාජිත වෙලා වගේ.

” නෑ… එහෙම එකක් නෑ…එන්ඩ…….”

” හා එහෙනම් එන්නම්…….”

නෙතුශිකාගේ පාරජිත හඩ ප්‍රිතිමත් හඩකට පරිවර්තනය වෙන්න ඒ තරම් වෙලා නෑ.

නෙතුශිකා මගේ චූටි මාමාගේ දුවක් වන මලින්දිගේ හොදම යෙහෙලියක්.ඇයව මට අදුරගන්න ළැබුනේ චුටිමාමලාගේ ගෙදර ගිය මලින්දි නංගී උසස්පෙල විබාගය ලියන සමයෙයි. නෙතුශිකා මලින්දිත් එක්ක පාඩම් කරන්න චුටිමාමලාගේ ගෙදර නැවතිලා උන්නා.

එවන් දවසක අහම්බෙන් මම චූටිමාමාලගේ ගෙදර ගිය දවසක නෙතුශිකා එක්ක කතා කරන්න හැකිවුනේ. පෝන් නම්බරේ පවා හුවමාරුකරගන්න තරමට අපි දෙන්නා මිතුරු වුනා.

එකවෙලාවකට හිතෙන්නේ නෙතුශිකාගෙයි මගෙයි සබදකම මිතු දමටත් වඩා එහා ගිය සබදකමක්දෝ කියා… ඒත් මට නෙතුශිකා ගැනතිබ්බ පැහදීම මීට මාස දෙකකට විතර කලියෙන් සම්පූර්ණයෙන් ම වගේ හිතෙන් අයින්වෙලා ගියා. ඒකට හේතුව වුනේ දවසක් මම ටවුමක් මැදින් බයික් එකේ යද්දී දැක්කා නෙතුශිකා තව කොල්ලෙක්ගේ අතකින් අල්ලගෙන හිනාවෙමින් පාරේ ඇවිදන් යන හැටී.. ඉතින් එදායින් පස්සේ මට නෙතුශිකා ගැන තිබ්බ පැහදීම හොදටම අඩුවුනා.

” ඉතින් ගීත් අයියේ මම ඔයලා ගෙදර එද්දි මම මොනවද අරන් එන්න ඕනා… මොනවද ඔයා ආසම කෑම , මට පුලුවන් හදන් එන්න… මෙහම හිටියට මම සූප වේදිනියක්”

නෙතුශිකා අද ඔනෑවටත් වඩා කතා කරන බවක් පේන්නේ. ඒත් මට ඕනෑවුනේ ඉක්මනිනින් මේ කතාව ඉවට කරන්න…. අර පොටෝ එකේ දැක්කට පස්සේ මට නිකම් පිස්සු හැදිලා වගෙ.

” මට මොකුත් ඕනේ නෑ….නෙතූ නංගී…”

” අනේ එහෙම කොහොමද ,කියන්නකෝ ඉතින්…. ”

නෙතුශිකා තොදොල් හඩින් කියද්දී මට හැගුනේ මොනව හරි කෑමක් ගැන නොකිව්වොත් ඇයගෙන් බේරෙන්න බැරිවෙයි කියා.

” එහෙනම් වෙල්ලවැහුම් හදන් එන්ඩ………”

” ආ වෙල්ලවැහුම්ද, සිම්පල්නේ මම හදන් එන්නම්කෝ….මාත් ආසයි වෙල්ලවැහුම්වලට…. ඒක නෙමේ ගීත් අයියා මට මොනවද දෙන්නේ…..”

නෙතුශිකා බඩ වැල වගේ එක දිගට ඒවා මේවා අහනවා. ඇය පෝන් එක තියෙන බවක්නම් පේන්නේ නෑ….මෙහෙම ගියොද් ඇය හෙට එලිවෙනකම් වුනත් කතා කරාවී…………

” ඉතින් කියන්නකෝ මට මොනවද දෙන්නේ…”

මගේ නිහඩබව නිසාමදෝ ඇය ආයෙම ඇහුවා.

” මම දෙන්ඩ දෙයක් නෑ….මම ඔයාට කටු අනෝදා ගෙඩියක් දෙන්නම්”

මට එකපාරම මතක්වුනේ අර කඩන් අපූ කටු අනෝදා ගෙඩිය. ඒත් ඒ සමගම මගේ සිත පුරා අමුතුම හැගීම් වලින් තෙරපෙන්න පටන් ගත්තා.

“ඔව් මේ ඔක්කොම අද්භූත දේව්ල් වෙන්නේ මම අර කටු අනෝදේ පාලු වත්තෙන් කඩන් ආවට පස්සේ නේද…… කටු අනෝදා හෙඩිය හින්දයි මේ ඔක්කොම වෙන්නේ….”

මගේ හිත් මොරදීල කිව්වේ කටු අනෝදා හෙඩියට ඉක්මනට මොකක් හරි කරපන් කියලා.

” ශා… දෙන්ඩ දෙයක් නෑ කිව්වට ඔය තියෙන්නේ මරු කෑමක්….මම ආසම පලතුරක් තමා කටු අනෝදා….. ගීත් අයියා දෙන හින්දා ඒක තවත් රහ එයි….”

නෙතුශිකා ගේ හඩ පෝන් එකෙන් ඇහෙද්දී මම ඊට මොකුත් නොකිය ෆෝන් එක ඇද උඩින් තියල ඉක්මනට කුස්සියට දිව්වා. දුවල ගිහින් බැලුවේ මම ෆ්‍රිජ් එක උඩින් තිබ්බ කටුඅනොදා ගෙඩිය.

ඒත් මම පුදුමයට පත්කරමින් ෆ්‍රිජ් එක උඩ කටු අනෝදා ගෙඩියේ අංශූමාත්‍රයක්වත් පේන්න තිබ්බේ නෑ…..

” කෝ මේක උඩ මම තිබ්බ කටු අනෝදේ……”

මම මුලු කුස්සිය පුරාම කලබෙලෙන් නෙත් යැව්වේ ඒක හොයාගන්ඩ .ඒත් ඒක නෑ…

” අම්මවත් ඒක අරන් වෙන කොහෙන් හරි තිබ්බද……”

මගේ හිස යකාගේ කම්මල වගේ වෙද්දී මට ආයෙම අර සිනාහඩ ඇහුනා……

” හහ්…හහ්….හා……….”

මාව හොදටම බය කරමින් වම් කන ලගින් ඒ ගැහනු හිනාහඩ ඇහෙද්දී ,මුලු නිවාසේම දැල්වෙමින් තිබ්බ බලුප් නිමී ගියා.

” මගෙන් උබට ගැලවෙන්ඩ බෑ……..”

ආයෙම මට වම්කන ලගින් ඒ ගැහනු හඩ ඇහුනා.

මෙතෙක් කල් මට ඇහුනේ හිනා හඩ විතරයි.ඒත් දැන්??????? ➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️තවත් කටු අනෝදා ගෙඩියක් අරන් ඉක්මනට එන්නම් හොදේ…..

හතරවෙනි කටු අනෝදා ගෙඩියත් රසද කියල කොටාගෙනම යන්නකෝ…….ඉතින්… ප්‍රතිචාර නම් මදි අනේ…… කටු අනෝදා දීලත් ඔයගොල්ලො මට සලකන විදිහනම් අන්තිමයී

මම රාස් (සාගර සම්පත්)

????????????????

7 thoughts on “කටු අනෝදා | ➡️ 04 ගෙඩිය ⬇️ | හොල්මන් කතා”

  1. Patta elama kawuda appi me lassan Katha walata bad rt Dana kena kathawe adu padu thiye Nam comment ekka nonda oya wage dewal karanne patta bro elama

  2. ada gediyath rasama rasai.eth ගෙඩිය diha baluvama baya hithenava.me vage thava rasama rasa gedi godak aran ennako api balagena innavaaaaa????

  3. Katu anoda gediyata mkda une? Amma visikaralada? Naththm nethuta denna giya hinda athurudan welada? Kathawa supiiiiriiii…. thawath katu anodawak ikmntama dendooo

  4. Kauda ane me hama kathawatama bad rats dana kena. Kathawanam niyamai raas … hetath rasama rasa katu anoda gediyak aran enna. Theruwan saranai oyata.

  5. Chathu indeewaree

    Good morning razzzzzzzzzzzzzzzzzzz… ඔන්න කාලෙකට පස්සේ මම ආවා ඔයා දෙන කටු අනෝදා කාලා යන්න. සොරි පහුගිය ටිකේ එන්න බැරි වුණාට. මගෙ අප්පච්චි නැතිවුණා. ඒනිසයි එන්න බැරි වුණේ. මට මගහැරුණූ එපිසොඩ් හැම එකටම මම රේට් කරන්නම් ඉදිරියේදී.

    ගොඩාක් රසයි කටු අනෝදා ගෙඩියනම්. ඔයා ගේන කටු අනෝදා ගෙඩියට බය හිතෙනවා අනේ ගොඩාක් කලින් ඒවට වඩා… මේ කටු අනෝදේ කන්න ගොඩාක් අය බලන් ඉන්න නිසා කටු ගොඩාක් තියෙන ලොකුම ලොකු ගෙඩියක් අරන් අදත් එන්න හොඳේ අපිව බලන්න..

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.