Katha Ahura

?උන්මන්තකයා?| 09 කොටස | හොල්මන් කතා

කතාව කොහොමද?

?උන්මත්තකයා?

09 කොටස

ලේ විදින ගෙල අල්ලාගෙන, දඟලමින් තමා අසලම කපා හෙළූ ගසක් මෙන් ඇද වැටී සිටින මයිකල් දෙස බැලූ ජේ.ඩීගේ මුවින් පිටවුනේ විලාපයක්. නමුත් ඔහුගේ හඬට ඇහුම්කන්දීමට තරම් කෙනෙක් ඒ අවට නැති බව ඊලඟ මොහොතේම ඔහුට වැටහුණේ මයිකල් කෑගැසුවද ආරක්ශකයන් කිසිවෙකු තමන් වෙතට නොආ නිසාය. ජේ.ඩීගේ වෙව්ලන දෑතින් දුරකථනය ගිලිහී ගිය අතර ඔහු නැවත හිස හරවා මයිකල් දෙස බැලුවේ වෙවුලමින්. මයිකල් තම සුරත ජේ.ඩී දෙසට දිගු කරමින් උදව් ඉල්ලුවද ජේ.ඩී තවමත් භීතියට හා කම්පනයට පත්ව වෙවුලමින් එතැනම සිටියේ දැනටමත් මිනීමරුවා තමා අසලම ඇතැයි කියා සිතාගෙනය. මීලඟට තමාගේ අවසානය උදා වෙනු ඇත. ඔහුගේ කෑගැසීමට මන්දිරයේ කිසිවෙක් ඒ දෙසට දිව ආවේද නැත. වෙනදා තමා අඬගැසූ සැණින් දිව එන කිසිවෙක් අද නැත. එසේනම් මිනීමරුවා….?

“ජ්…ග්..ල්…හ්..ග්..බ්..ල්…..” තවමත් ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටි මයිකල් යමක් කීමට හැදුවද උගුරු දණ්ඩ අසලින්ම කිඳා බැස තිබූ කිණිස්ස නිසාවෙන් උගුරෙන් වචන වෙනුවට පිටවූයේ වෙනත් යමකි.

“ටිං…ටිං…!” ජේ.ඩීගේ ලෙයින් නැහැවුණු දුරකථනයට නැවත කෙටි පණිවිඩයකි. දුවාගන්නටවත් කකුල් දෙකට ශක්තියක් නොවූ ඔහු වෙවුලන අතකින් එය අහුලා ගෙන පණිවිඩය විවෘත කලා.

“ඊලඟට උඹ…”

එහි සටහන් වී තිබුණේ එහෙම. භීතියටත් කෝපයටත් පත්වූ ජේ.ඩී උමතුවෙන් මෙන් කෑගසමින් දුරකථනය පොලවේ ගසා දැමුවා. ඊලඟට බිම දණගසාගෙන කෑගසා හඬමින් තම කෙස් අත්වලින් අදිමින් පොලොව බදාගත්තා. මේ වන විටත් මියගොස් සිටි මයිකල්ගේ මළ සිරුරෙන් ගලා ආ රුධිරය ජේ.ඩීගේ දෑත් වල තැවරෙන්නට වුනා. ඒත් සමඟම කාමරයේ දොර වේගයෙන් විවෘත වුනේත් භීතියට පත් ජේ.ඩී සිහි විකලෙන් මෙන් නැගිට කාමරයේ කොණට දිව්වේත් එකටමය.

විනාඩි පහකට පෙර…..

“අර කාලකන්නියා හිතන් ඉන්නෙ උගෙ තාත්තා මහ රැජිණිගෙ එකෙක් කියලා වෙන්නැති… වල් පරයා ලොක්කට කතා කරපු හැටි කිසිම අරු සරුවක් නැතුව…” මුමුණමින් පිටතට පැමිණි පොලිස් නිළධාරියා තමා කලින් සිටි තැන සිට ගත්තා. තම ඉහළ නිලධාරියාගේ අණ නොවන්නට තමන් මෙවැනි මිනිසුන්ට ආරක්ශාවට මෙතැන ඉන්නේ නැත. ඔහුත්, තවත් එක් පොලිස් නිළධාරියෙකුත් හැරුණු කොට එතැන සිටි අනිත් අය පෞද්ගලික ආරක්ශකයෝය. ඔවුන් සිටින්නේ මුදලට කෑදරකමටය.

“ඒයි ඊතන්, පඩිපෙල දිගේ කවුරුහරි කලබලෙන් වගේ එනවා පොඩ්ඩක් බලනවා… මිස්ටර් ඩ්‍රේක්ට කිසිම කෙනෙක් හම්බවෙන්න දෙන්නෙපා කියලයි තියෙන්නෙ…”

එතැන සිටි පෞද්ගලික ආරක්ශක ප්‍රධානියා තවකෙක්ට අණ කලා. ඒ අනුව ඊතන් නමැති නිලධාරියා තම ඉණ රැඳි පිස්තෝලයට අත තියාගෙනම පඩිපෙල දිහාවට ගියේ උඩට එන්නෙ කවුදැයි දැනගැනීමට. ඩ්‍රේක් මන්දිරයේ සේවකයෙකු වේගයෙන් පඩිපෙල නගිමින් සිටියේ යමකට බියවී බව ඔහුට වැටහුණ අතර පිස්තෝලය දෑතට ගත් ඔහු සූදානම් වුනේ කිසියම් අනතුරක් ඉව වැටීමෙන්. ඉතාමත් දක්ශ ආරක්ශක නිළධාරීන් වූ ඔවුන්ට මිනිසෙකුගේ මුහුණේ රැඳි සිතුවිලි හඳුනාගැනීමට හොඳින්ම පුලුවන් වුනා.

“ස්..ස…ර්…. අර.. අර… හහ්… අරූ… ඇ…” සේවකයාට කියාගත හැකිවූයේ එපමණයි. වේගයෙන් පැමිණි අත් පොරොවක් ඔහුගේ හිසේ වැදී ඔහුව පඩිපෙල මතට ඇද වැටුණා. ඒත් සමඟම නැවත වේගයෙන් ඇදී ආ කුඩා උල් පිහියක් ආරක්ශක නිළධාරියාගේ උගුරු දණ්ඩ පසාරු කරමින් ඔහුටද මරණය ලබා දුන්නේ මුවින් කිසිදු ශබ්දයක් නොනගාම ඔහුව බිම දමමින්.

පඩිපෙල දෙසින් ඇසුණු ශබ්දය නිසා කලබලයට පත්වූ ආරක්ශක නිළධාරීන් පිරිස ජේ.ඩී සිටි කාමරයේ දොර ආවරණය කරමින් හා ඒ අසලම කණු වලට මුවා වෙමින් බලා සිටියේ එන්නේ කවුරුන්දැයි බලාගැනීමටය.

“ඊතන්… ඔතන මොකද වෙන්නේ…? ඊතන් උත්තර දෙනවා මට…!” ප්‍රධාන ආරක්ශක නිලධාරියා කතා කලද ඔහුගෙන් උත්තරයක් ලැබුණේ නෑ. ඒ වෙනුවට ඔවුන් දෙසට එන කිසිවෙකුගේ අඩි ශබ්දයක් ඇසුණු අතර ප්‍රධානියාගේ සංඥාවට අනුව ඔවුන් සියලු දෙනා තම ආයුධ සූදානමින් තබාගෙන බලා සිටියා.

“වට්…?” ප්‍රධාන ආරක්ශක නිළධාරියාගේ මුවින් පිටවුනා.

ඔවුන් දෙසට එමින් සිටියේ වෙන කිසිවෙකුත් නොව කළු කබාකරුය. වේගවත් ගමනින් ඉදිරියට පැමිණෙමින් සිටි කළු කබාකරුව ආරක්ශක නිළධාරීන් විසින් වට කල අතර සියල්ලෝම තම තුවක්කු ඔහු දෙසට මානාගෙන සිටින්නට වූයෙන් එතැනම නතරවූ කළු කබාකරු උමතුවෙන් මෙන් සිණාසෙන්නට පටන් ගත්තා.

“හඃ හඃ හඃ හා….!!”

“කවුද උඹ…? හෙල්ලෙන්නවත් විකාර කරන්නවත් හදන්නෙපා… අත්දෙක පිටිපස්සට කරගෙන දණගහපං… වැඩිය දැඟලුවොත් තියනවා ඔලුව කුඩුවෙන්න…” ප්‍රධාන ආරක්ශක නිළධාරියා වේගවත් හඬින් කීවේ පිස්තෝලය කළු කබාකරුගේ හිසට තබා තද කරමින්. නමුත් කළු කබාකරු නිහඬවම එහෙමම සිටියේ ඔවුන්ව තවත් කෝපයට පත් කරමින්. “හේයි රැල්ෆ් ගලෝපන් මුගෙ ඔය වෙස්මූණ මූ කවුද කියලා බලාගන්න… මූ දන්නෑ අපිත් එක්ක සෙල්ලම් ලේසි නෑ කියලා… හ්ම් ගලෝපං…!” නැවත ප්‍රධාන ආරක්ශක නිලධාරියා අණ කලේ ඔහුගේ සගයෙක්ට.

මේ අතර පොලිස් නිළධාරීන් දෙදෙනා පොලිස් මූලස්ථානය අමතමින් සිටියේ මිනිමරුවා අත් අඩංගුවට ගත්තා කියා ඔවුන්ව දැනුවත් කිරීමට.

‍රැල්ෆ් කළු කබාකරුගේ හිස් ආවරණයට දෙසට අත දිගු කලේ එය ඉවත් කිරීමටය. නමුත් ඊලඟ තත්පරයේ විලාප දෙමින් ඔහු පිටුපසට පැන්නේ ලේ විදින අත අල්ලාගනිමිනි. වේගවත් කිණිසි පහරවල් හතර අතටම විදුලි වේගයෙන් එල්ල කල උමතු කළු කබාකරු පොලිස් නිළදාරීන් දෙදෙනා බලා සිටියදීම පෞද්ගලික ආරක්ශකයන් සියලු දෙනාවම අමු අමුවේම කපා කොටා මස් ගොඩක් බවට පත් කලේ විනාඩියකටත් අඩු කාලයකදීය. ඊලඟට ඔවුන් ඉදිරියට වේගයෙන් පීනූ කළු කබාකරු එක නිළධාරියෙකුගේ උගුරු දණ්ඩ කපා දැමුවේත් අනෙකාගේ හිසට අත් පොරොවකින් කෙටුවේත් එකටමය. ප්‍රාණය නිරුද්ධ මළ සිරුරු හතර අතම වැටී තිබුනේ සත්ත්ව ඝාතකාගාරයක් මෙනි. සිරුරු වලින් ගලා යන ලේ මතින් ඇවිදිමින් කාමරයේ දොර විවෘත කල කළු කබාකරු තම අතරැඳි කිණිස්ස ඉලක්කය සොයා යැව්වේත් උමතුවෙන් සිණාසුනේත් එකටමය.
*******************************************************************

“වේඩ්…? ඇයි ඔයා මහ අමුතුවට හිනාවෙන්නෙ…?” ජූලියානා ඇහුවෙ බයෙන් වගේ.

“ජූලී… ජූලී… ජූලී…. ඔයා ජේ.ඩීගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්නෙ… මං හිතන්නෙ ඔයාව ඌ පාවිච්චි කරන්න ඇති හොඳට… එහෙම නේද…?” වේඩ් ඇහුවෙ කුරිරු හිනාවක් මුවගට නගා ගනිමින්.

“මො…මොකක්…? වේඩ්… දෙයියනේ මේ ඔයාමද…? ඔයා කොහොමද ඔහොම දෙයක් හිතන්නෙවත්…? ම..මං හිතුවෙ නෑ ඔයා…..” ජූලියානා හැඬුම්බරව ගොත ගැහුවා.

“ජූලී මං දන්නවා හැමදේම… ජේ.ඩී ඔයාව මගෙන් උදුරගත්තා විතරක් නෙමෙයි ඌ ඔයා එක්ක කරපු හැමදේම මට වීඩියෝ කරලා එව්වා… මාත් එක්ක අවුරුදු ගාණක් හිතින් විතරක් ආදරේ කරලා හැමදේම ඌට නියමෙට දෙනවා උඹ… කොහොමද එහෙම දෙයක් මට කලේ ආ….?” වේඩ් කෝපයෙන් පවසමින් ජූලියානාගේ කෙස් වැටියෙන් තදින් අල්ලාගත්තා.

“අනේ වේඩ් ප්ලීස්… අනේ දෙයියනේ ඔයා මට රිද්දනවා වේඩ් අතාරින්නකෝ… මං එහෙම කලේ නෑ දෙයියනේ මාව තේරුම්ගන්න… ප්ලීස්… ආ…ව්….!” වේදනාවෙන් ඇඹරෙමින් වේඩ්ගේ දැඩි ග්‍රහණයෙන් ගැලවීමට උත්සාහ ගත් ජූලියානා කිව්වෙ හඬමින්. වේඩ්ගේ මේ අමුතුම වෙනස ඇයට දරාගත නොහැකි වුනා.

“හිටපං මං උඹට පෙන්නන්නම් උඹේ වැඩ…” එසේ කියූ වේඩ් ඇයව අත් නොහැරම තම කලිසම් සාක්කුවට අත යවා ඔහුගේ ජංගම දුරකථනය අතට ගත්තා.

ඒත් සමඟම ඔවුන් සිටි පංති කාමරයේ දොරට කවුරුන් හෝ වේගයෙන් පහර දෙන හඬ ඇසුණ අතර ‘දඩාස්’ හඬින් එය විවර වුනා. එයින් ඇතුලට ආ රුව හඳුනාගැනීමට වේඩ්ට අපහසු වුනේ නෑ.

“ඒඩ්න් උඹ…?”

වේඩ්ට ඇසීමට හැකිවූයේ එපමණයි. තවත් යමක් කීමට කලින් ඔහු වෙත පැන්න ඒඩ්න් තියුණු ආයුධයකින් ඔහුගේ පපුව මැදටම ඇන්නා.

“ආ…හ්…!!!” විලාප දුන් වේඩ් වේගයෙන් තල්ලු වී ගොස් ඩෙස්ක‍යක් පෙරලාගෙන බිම ඇද වැටුණේ දෑතින්ම පපුව බදාගනිමින්. ඒ දුටු ජූලියානා කෑගැසීමට මුව විවර කලද ඒඩ්න් වහාම ඇගේ මුව ඔහුගේ අතින් වසා දැමුවා.

“ජූලියානා මෙතනින් දුවන්න… තේරුම් කර කර ඉන්න වෙලාවක් නෑ මූ තමා මිනීමරුවා…!!!” යි කෑගැසූ ඒඩ්න් ජූලියානාගේ අතින් ඇදගෙන එතනින් පිටතට දුවන්නට පටන් ගත්තා.

“හඃ හඃ හඃ හඃ හඃ හා….!!!”

වේදනාව අතරින්ම වේඩ් උමතු වූවෙකු සේ සිනාසෙන්නට පටන් ගත්තා.

***********************************************************************
ඊලඟ කොටසට….

සැබෑ මිනීමරුවා වේඩ්ද…? පොලීසිය ඔහුව කොටුකර ගනියිද…? පලිගැනීම සම්පූර්ණ කරගැනීමට හැකිවේද…?

?Lone Wolf?

6 thoughts on “?උන්මන්තකයා?| 09 කොටස | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    අනේ කතාව ලස්සනයි. ඒත් ගිය සතියේ දාලා තිබුණෙත් මේ එපිසොඩ් එකමයි lone wolf….

  2. Hashini Navanjana.

    අන්නේ…. මේ කලින් සතියෙ කොටසමනේ… අපිට ආයේ ඊළඟ කොටසත් දෙන්නකෝ… ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.