Katha Ahura

කටු අනෝදා | ➡️ 05 කොටස ⬇️ | හොල්මන් කතා

5/5 - (2 votes)

කටු අනෝදා ➡️ 05 කොටස ⬇️

” කවුද උබ ”

මම කැගැහුවා….

” හහ් හහ් හා ,දැන්ම ඒක කියන්න වෙලාව් නෙමේ”

අර හඩ ආයෙම මගේ කන ලගින් ඇහුනා.

” පුතේ කාත් එක්කද ඔය කතා කරන්නේ…..”

ඒ ඒක්කම මට ඇහුනේ අම්මා මගෙ පැත්තට එන අඩි හඩ.

” මම ආයෙම එනවා…….. දැන් උබට මගෙන් ගැලවීමක් නෑ….හහ් හහ හහ් හා…”

අර හඩ ආයේ රහසින් කියද්දී මම දැක්කා අම්මා අතේ ලාම්පුවකුත් අරන් කුස්සිය ඇතුලට එන හැටී.

” කාත් එක්කද පුතේ මේ කට්ට කරුවලේ කතා කරන්නේ…….”

අම්මා ඇහුවේ ලාම්පු එලිය මගේ මූනට අල්ලලා කුතුහලයෙන්.

” ආ නෑ අම්මේ මේ කවුද අදුරන්නේ නැති කෙනෙක් ෆොන් එකෙන් හැමතිස්සෙම කතා කරලා විකාර දේවල් කියනවා….ඌට මම කතා කෙරුවේ…”

” ඒකද… මාත් බයවුනා මේ රෑ කෑගහනකොට.”

මම අර ගැන කිසිම දෙයක් කියන්නේ නැතිව කිව්ව බොරුව අම්මා විශ්වාස කරපු බවයි පෙනුනේ. ෆෝන් එක මම ලග නැතත් අම්මා හිතන්න ඇති ෆෝන් එක මම ඇදන් ඉන්න සාක්කුවේ හරි ඇති කියලා.
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

එදා රෑ නමය වෙනකනුත් විදිලිය ආවේ නෑ. නිදා ගන්න කියල ඇදට ගියත් මගේ නින්ද පේන තෙක් මානෙකවත් තිබ්බේ නෑ.

අනෝද ගහ පොටො ගහපු මහේ ෆෝන් එක මම ලග තියාගන්නත් මට බය හිතුනා. ඒ ෆොටෝ එකේ තිබ්බා කෙලවරකින් කොන්ඩේ මූනට වැටිච්ච ගෑනු කෙනෙක්ගේ රූපයක්. අද මම නාන්දී නාන කාමරේ කණ්නාඩියෙන් දැක්කේ ඒ රුවමයි.

ඉතින් ඒ බිහිසුනු පොටෝ එක තිබ්බ ෆෝන් එක මා ලග තියාගන්නත් මම බයවුනා. ඉස්සරහට ඒ පොටෝ එක ඕනෑවෙයි කියල හිත කිව්ව නිසා මම ඒ පොටො එක මකා දැම්මෙත් නෑ. ෆෝන් එක ඕෆ් කරපු මම ඒක එහා කාමරේ මේසේ උඩ තියල ඇවිත් මගෙ ඇදේ ඈලවුනා.

මට දැනෙන්නේම අර කොන්ඩේ මූනට වැටුනු අර බිහිසුණු ගැහනු රූපයමයි. හිතෙන්නේම ඒ කෙනා මම දිහා බලන් ඉන්න කියලමයි.

ඒත් අද දවල් පරමා කන්ද වගෙ කන්දක් නැගල මහන්සිය නිසාම ඉක්මනට මට නින්ද ගියා. ඒත් මට එකපාරටම නින්දෙන් වගේ දැනුනා මගේ යටි පතුල් කවුරුහරි කෙනෙක් පිරිමදිනවා වගේ… හැගීමක්..

මම එකපාරටම උඩ ගිහිල්ලා නැගිට්ටා. ෆෝන් එකත් අද ලග නැති නිසා හදිසියක් වුනොත් ගන්න කියල මම ලග තියාගත්ත ටෝච් එක පත්තු කරල කාමරය පුරාම මම ගැහුවේ කාමරේ ඇතුලේ කවුරුහරි ඉන්න්නවද කියල බලන්න.

ඒත් එහෙම කිසි කෙනෙක් නෑ. මම නිදාගන්න කොට මගේ කාමරේ තිබ්බ අල්මාරියේ කණ්නාඩියෙන් මගේ රුව පේනවා.නාන කාමරේ කන්නාඩියෙන් වගේ කාමරේ අල්මාරියේ කන්නාඩියෙනුත් කුමක් හෝ පෙනෙයි කියල හිතල මම ඒකට ටෝච් එලිය එල්ල කෙරුවා.

ඒත් අල්මාරියේ කණ්නාඩියෙන් පෙනුනේ මාවම විතරයි. කෝකටත් කියල මම ආයේ ඇදේ ඇලවුනේ කවදාවත් නැතිව පන්සිල් අරගනමයි.

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

උදේ පාන්දරම නැගිට්ට මම කෙලින්ම ගියේ කුස්සියේ ෆ්‍රිජ් එක උඩ තිබ්බ කටු අනෝදා ගෙඩිය ආයේ මතුවෙලාද කියල දැකගන්න. ඒත් කටු අනෝදේ එතන නෑ.

” අම්මේ ,මම ඊයේ මේ ෆ්‍රිජ් එක උඩ කටු අනෝදා ගෙඩියක් තිබ්බා ,අම්මා ඒක අරන් කොහෙන් හරි තිබ්බද?????”

කුස්සියේ හිටිය අම්මාගෙන් මම ඇහුවා.

” නෑ මම ගත්තේ නෑ….”

අම්මා කිව්වෙ මගේ හිත හැදෙන පිලිතුරක් නෙමේ.

” එහෙනම් ඒ කටු අනෝදා ගෙඩියට මොකක්ද වුනේ…. ඊයේ කවුරුවත් අපේ ගෙදර ආවෙත් නෑනේ…..”

” උබ වෙන කොහොන් හරි තියන්ඩ ඇතී… හොදටම විශ්වාස ද ෆ්‍රිජ් එක උඩමයි තිබ්බේ කියලා ,මම නම් උබ කියනකම් එහම දෙයක් මේ ෆ්‍රිජ් එක උඩ තිබ්බ කියලවත් දන්නේ නෑ..”

අම්මාත් එහම කියමින් ඇවිත් ෆ්‍රිජ් එක උඩ බැලුවා.

” අනේ මන්දා මම මේක උඩම තමා ඊයේ රෑ තිබ්බේ….”

” එහෙනම් ඉතින් මෙතනත් තියලා දැන් නැත්නම් හොල්මනක් තමා ඕක අරන් යන්ඩ ඇත්තේ ,වෙන් කවුරු ගන්ඩද… ඊයේ රෑ මෙහේ කවුරු ආවා කියලද”

අම්මා දැන හෝ නොදැන කිව්වෙ ඇත්ත දෙයක් කියල මට දැන් එකවෙලාවකට හිතෙනව. අර කන්නාඩියෙන් පෙනෙනෙ,මගෙ කනට කරල හිනාවෙන ,කතාකරන ඒ ගෑනු කෙනා මේක අරන් වෙන කොහෙන් හරි තිබ්බද…..

මට හැගේද්දී මම ආයෙම වතාවක් තේරුම් ගත්තා මම කටු අනොදා ගෙඩිය කැඩුව ඒකේ බරපතල කම.

ඒත් දැන් මොකක්ද මම කරන්නේ. මම කොහොමද දැන් අර ඒ බිහිසුණු ආත්මෙන් බේරෙන්නේ…..

අම්මාට ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැතිව මම ඉක්මනින්ම ගිහින් චතුරට කෝල් එකක් ගත්තා. ඊයේ ඌ හැසිරුන විදිහෙන් මට හිතෙනවා ඌත් මොනව හරි දෙයක් දන්නවා කියලා.

මට මතකයි ඌ ත්‍රීවීල් ඒකේ කණ්නාඩිය ගැන මොනව හරි දෙයක් මාත් එක්ක කියන්න හැදුවා. සමහරවිට ඌත් ත්‍රීවීල් එකේ කණ්නාඩිය ඇතුලෙන් දැක්කද අර බිහිසුණු ගැහනු රූපය.

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

” කියපන් ගීත් ”

ෆෝන් එක තුලින් මට චතුරගේ හඩ ඇහුනා.

” මට උබෙන් ලොකු දෙයක් අහගන්ඩ තියෙනවා…”

” මොකක් ගැනද”

චතුරගේ හඩේ තිබ්බේ උනන්දුබවක්.

” ඒක ෆෝන් එකෙන් කියන්ඩ බෑ බං ,කියපන් උබ දැන් ඉන්නේ ගෙදරද”

” ඔව් ගෙදර….”

” එහෙනම් මම දැන් ඔහේ එනවා…….”

චතුරගෙන් කිසිවක් නොඅසාම මම ඇමතුම කට් කෙරුවා. හැකි ඉක්මනට ඇද පැලදගෙන බයික් එකේ චතුරගෙ ගෙදර ගියා. එතකොට වෙලාව යන්තම් නමය පහුවුන විතරයි.

මම එහෙ යනකොට චතුර හිටියේ උගේ ත්‍රීවීල් එක හෝද හොදා.

” ඉතින් කියපන් උදෙම ඇයි මාව හොයාගෙන ආවේ ,මම හිතන දේ හරිද”

චතුර ඇහුවේ මගේ හිතට ප්‍රශ්නාර්ථයක් එක්කකරන ප්‍රශ්නයක්.

” හිත්න දේ කිව්වේ…”

” උබ කියපන්කෝ…”

” උබ විශ්වාස කරයිද දන්නේ නැ බං, මම ලොකු අමාරුව්ක වැටිලා වගේ තේරෙන්නේ…….. මට දැන් පිස්සු වගේ බං…”

මම ඒක් කිව්වේ මගේ හිසකෙස් හයියෙන් මිරිකමින් ,චතුර ඒකට මොකුත් කියන්නේ නැතිව නිහඩවම ත්‍රීවීල් එක හේදුවා.

” ඒ ඔක්කොම වුනේ අර පාලු වත්තෙන් අනෝදා ගෙඩිය කැඩුවට පස්සේ…..”

මම ඒක කිව්වා විතරයි චතුර මම දිහා බැලුවේ එකපාරටමයි. ඔහුගේ අතේ තිබ්බ වතුර බටේ වතුර ඔහේ නිකම් වැල්ලට වැටුනා.

” ඒත් උබ විශ්වාස කරන්නේ නැතිවෙයි…..”

” නෑ මම උබ කියන දේ විශ්වාස කර්නවා බං….”

මෙතෙක් වෙලා නිහඩව හිටිය චතුර කිව්වා.

” විශ්වාස කරනවා….. ඒ…..”

මම ඇහුවේ පුදුමෙන්…

” මොකද ඊයේ ,අර මගේ ත්‍රීවීල් එක පාලු වත්ත ලගින් කැඩිලා හදන් එද්දී හරි අමුතු දේවල් මට විදින්න උනා…. ත්‍රීවීල් එක පිටිපස්ස වෙනදට වැඩිය බරවුනා. ඒ විතරක් නෙමේ ගීත් මගෙ ත්‍රීවීල් එකේ සයික් කණ්නාඩියෙන් පේන්න පටන් ගත්තා කොන්ඩේ කඩාගත්ත ගෑනු කෙනෙක්ගේ රූපයක්…
ඒක මම ඊයේ කියන්න හැදුවේ ,ඒත් උබ බයවෙයි කියල මම කිව්වේ නෑ.

මම හිතුවේ මේ දේවල් වෙන්නේ ත්‍රීවීල් එක ඇතුලෙන් විතරයි කියල, ඒකයි ඊයේ රැ උබව මම මගෙ බයික් එකෙන් උබේ ගෙදරට දාන්න හිතුවේ. ඒත් මම බය කරලා ඒ රූපේ බයික් එකේ කන්නාඩියෙන් ,ඒකෙනුත් පේන්න පටන් ගත්තා.

ඒත් උබ ගෙදරින් බස්සල ආවට පස්සේ ආයේ ඒ රූපේ මට දකින්ඩ හම්බවුනේ නෑ….”

” ගීත් ඒ රූපේ දැන් මම ඉස්සරහට එනවා බං……”

එහම කියපු මම ඊයේ මම අත්විදින්න වුන දේවල් ඔක්කොම චතුර්ස්ට විස්ටර කෙරුවා.

” උබ ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ ගීත් ,මට හිතෙන්නේ අර කටු අනෝදා ගෙඩිය එක්ක තමා අය කියන ආත්මේ ඇව්ල්ල තියෙන්නේ ,සමහර විට එයා ජීවත්වෙලා ඉන්දැද්දී හදපු අනෝදා ගස් වෙන්න ඇතී,ඒ ගස්වලින් අනෝදා කඩනවට කැමති නැතිව ඉන්න ඇතී. පස්සේ මැරුනට පස්සෙත් එයා ඒ අනෝදා වලට බැල්ම හෙලාගෙන ඉන්න ඇතී….. මම අර දේ දැක්කේ නැත්නම් මම උබේ ඔය කතාව විශ්වාස කරන්නෙත් නෑ බං. කටු අනෝදා ගෙඩියක් පස්සේ එන හොල්මනක් ,විශ්වාස කරන්නත් පුලුවන්ද”

” දැන් මම මොකක්ද බං කරන්නේ… ඒ හොල්මන මාව මරයි , මට අර වගේ දෙයක් ගහේ ගහල තියෙද්දිත් ඒ ගැන හිතන්නේ නැතිව් කටු අනෝදේ කැඩුවනේ…. ශික්”

මම මටම දොස්පවර ගත්තා.

” ඇයි මොකක්ද ගහල තිබ්බේ…..”

චතුර ඇහුවේ කුතුහලයෙන්.

” මේ ගහෙත් අනෝදා ගෙඩි කඩන්න එපා. කැඩුවොත් ඔබ කරා මරණය පැමිනේවී….. අන්න එහෙම දෙයක් බං තිබ්බේ. ඒ අනෝදා කඩපුවාම වෙන දේවල් ඒ ගමේ අය දන්නව ඇතී.. එහෙම හිතල හැම ගහකම එහෙම ගහන්න ඇතී. මම ඒ ගැන හිතුවේ නෑ….”

මට නිකම් ඇඩෙන්න වගේ…

” හරි හරි ගීත් කලබල වෙන්ඩ එපා.. ඕකට මොකක් හරි විසදුමක් ඇති බං… දැන් කෝ උබ කැඩුව කියන ඔය කටු අනොදේ….”

” ඒක මම ඊයේ අපේ ෆ්‍රිජ් එක උඩින් තිබ්බේ බං ,ඒත් ඒක නෑ බං… ”

” නෑ කියන්නේ…….”

චතුරගේ ඇස් පුදුමයෙන්.

” ඒක නෑ බං ,මම හැමතැනම හෙව්වා.අම්මාත් අරන් නෑ… මට හිත්න්නෙම අර හොල්මන ඒ කටු අනෝදේ කොහෙහරි හංගලා….”

” ඒ කියන්නේ හිතනවට වඩා ඔය හොල්මන බලවත් කියන එකයි. නැත්නම් අනෝදා ගෙඩියක් හංගන්න තරම් බලවත් උනේ කොහොමද ”

චතුර ඒක කියල කට ගන්න ලැබුනේ නෑ ,මහේ ෆෝන් එකට ඇමතුමක් ආවා.

” නෙතුශිකා ”

ෆෝන් තිරයේ ඒනම ,මම හෙලෝ කියල අන්සර් කෙරුවා.

” මොකක්ද ගීත් අයියේ ,මම මේ ආසාවින් ඔයා බලන්න ආවා…. ඔයා නෑ.. ඇයි එහෙම කරන්නේ…….”

නෙතුශිකා ගේ හඩ ඇඩිලා වගේ.

” මෙච්චරම උදෙන් ඔයාල ආවද”

මම හිතුවෙත් නෑ නෙතුශිකා ලා මෙච්චර ඉකමනටම ඒවී කියලා.

” නැතුව දැන් පැය කාලකට වැඩී… බැරි තැනමයි කෝල් එකක් ගත්තේ… මම ඔයා කන්න ආසයි කිව්ව වෙල්ල වැහුනුත් ඔන්න හදන් ආවා…ඉක්මනට එන්න ගීත් අයියේ.. ඔන්න් ඔයා මට දෙන්නම් කිව්ව තෑග්ගේ බාගයක්ම මම කෑවා…………….

නෙතුශිකා ගේ හඩේ තිබ්බේ හපන්කමක් කෙරුව වගේ.

” තෑග්ග කෑවයි කිව්වේ.. මට තේරුනේ නෑ…..”

මම වටා වෙන අමුතු සිදුවීම් නිසා දැන් මට කිව්වේ මොනාද කෙරුවේ මොනාද කියලවත් මතක නෑ……. ඉතින් මම නෙතුශිකා ට දෙනවා කිව්වා තැග්ගවත් එකපාරටම මතකෙට ආවේ නෑ…………….➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️තවත් කටු අනෝදා ගෙඩියකට….

ඇත්තටම මොකක්ද මේ තෑග්ග.. ඔයාලටත් මතක නැතුව ඇති ඉතින්…

කටු අනෝදා කාල රසද කියලම යන්න ඉතින්…හරි අමාරුවෙන් මේ කටු අනෝදා හොයාගන්නේ ඉතින්???????????

12 thoughts on “කටු අනෝදා | ➡️ 05 කොටස ⬇️ | හොල්මන් කතා”

  1. Aneeeeeee nethushika kollawa amaruwe demma wagee.
    Ammooo kisima dekata peretha wenna hoda naaa.
    Maluwa nahinne kata handa kiyala kathawakuth tyenawaniiiiii…
    Baya hithunath patta kathawa broooooo…

  2. Hashini Navanjana.

    Katu anoda gediya neda kala thiyenne…??? Hapoiii… ??? dn nm galaweemak nathi wei. Ada nm godaaak rasai.. bayaa hithuna.
    Best of luck raazzzz….. ???

  3. Chathu indeewaree

    සාආආආආආආආආ.. අදත් රසම රසයි රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් ගෙනාව කටු අනෝදා ගෙඩිය..බය හිතෙනවා අනේ මේ කතාවටනම්… තනියම ගෙයින් එළියට යන්නත් බෑ අනේ මේ කතාව කියෙව්වම. අපේ ගෙදරත් කටු අනෝදා ගස් තුනක් තියේ… අනේ ඒවා දැක්කමත් මට මතක් වෙයි මේ හොල්මන… අනේ……. එපා අලේ අපිව මෙච්චර බය කරන්න…

  4. Ranmali subasinghe

    තෑග්ග කටු අනෝදා ගෙඩිය… අදත් ලොකුම ලොකු කටු අනෝදා ගෙඩියක් දෙන්න….

    සුභ පතනවා !!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.