Katha Ahura

මරණයේ දොරටුව | නවවන දොරටුව | හොල්මන් කතා

4.8/5 - (19 votes)

මරණයේ දොරටුව

නවවන දොරටුව

සර් කොහොමද හරියටම කියන්නේ පුතාට මේ දේ වුණේ ඇක්සිඩන්ට් එකෙන් මැරුණ සුමනසිරි නිසා කියලා ? හාමුදුරුවෝ ඇහුවේ රණසිංහ සර්ගෙන්.

මාත් මුලින් විශ්වාස කරේ නෑ.. අපේ නෝනා අංජනම් බලන්න ගිය තැනකින් තමා ඕක කියලා තිබුණේ . පුතා මැරිලා හත් දවසේ දානෙත් ඉවර වුණාට පස්සේ නෝනා ගිහින් ඇවිත් කිව්වා .. මුලින් මං නෝනටත් බැන්නා. පස්සේ මං කල්පනා කරා.. මේ වෙච්ච දේවල් කවදාවත් මගේ දරුවා කරන්නේ නෑ කියලා . ඉතින් මාත් දවසක් ගියා නෝනා එක්ක. එතනට පුතා ආවා.. හරියටම පැහැදිලිව රූපේ නොපෙනුණත් චායාව පේන්න තිබුණා . කටහඩ නම් මගේ පුතාගෙමයි. පුතා ඒ වෙලාවේ අඩ අඩ කතා කරා.. සුමනසිරි පළිගන්න තමා මේ දේ කරලා තියෙන්නේ කියලා සුමනසිරිගේ ආත්මය මගේ පුතාට කියලා තියෙනවා . එත් පුතා පැහැදිලි කරලා මගේ සම්බන්ධයක් නෑ. ඇක්සිඩන්ට් එක අහම්බෙන් වුණ දෙයක් බව.ඒත් සුමනසිරි ඒක පිලිගන්න කැමති නෑ.. සුමනසිරි හිතන්නෙම එදා ඒක වුණේ මං බලෙන් යවපු නිසා කියලා . එක අතකට ඒකේ වැරැද්දක් නෑ හාමුදුරුවනේ .. මම තමා ඒ ළමයා බලෙන් පිටත් කරේ… කියලා රණසිංහ සර් ලොකු හුස්මක් ගත්තා..

රණසිංහ සර් වැරැද්දක් කරලා නෑ.. යමක් වෙන්න තියෙනවා නම් කර්මය අනූව ඒක සිද්ධ වෙනවා.. ඉතින් ඊට පස්සේ මොකද වුණේ ? කියලා හාමුදුරුවෝ ඇහුවා .

අපේ පුතා ගොඩක් දුක් වුණා එයා සියදිවි හානි කරගත්ත එකට. මොකද මව් කුසකට යන්න බැරි තරන් පාපයක් කරන් තියෙනවා කියලා පසුතැවෙනවා. ඉතින් අපිට පුලුවන් තරන් පින් අනුමෝදන් කරා .. ආයෙමත් පුතා බලන්න කියලා එතනට ගියේ නෑ. මොකද පුතාගේ ආත්මයට ඒක බාදාවක්ලු.. කියලා රණසිංහ සර් කිව්වා .

හාමුදුරුවෝ එකපාරටම මගේ මූණ දිහා බැලුවේ උදේනකයි මමයි හිතපු දේම හාමුදුරුවොත් හිතපු නිසාම වෙන්න ඇති.

කොහොම වුණත් හාමුදුරුවෝ රණසිංහ සර්ට ආයෙමත් කතා කරා..

සර්ට හිතෙන්නේ නැද්ද මේ පාරත් වෙච්චි දේට සුමනසිරිගේ සම්බන්ධයක් තියෙනවා කියලා ? හාමුදුරුවෝ ඇහුවේ මට හිතුන දේමයි..

ඉස්කෝලෙ බස් එක හැප්පිලා කිව්වම මාත් ගියා එතනට හාමුදුරුවනේ .. කලින් වුණා වගේම කට්ටිය මැරිලා හිටියේ .. බඩදරු මැඩම් කෙනෙක් ඔය වගේම මැරිලා හිටියා .. මට එකපාරටම හිතුණා මේත් ඒකමද කරා කියලා .. ඒත් මෙච්චර කාලයක් පළිගන්න එකක් නෑ කියලා හිතුණා .. රණසිංහ සර් කිව්වේ එහෙම .

හ්ම්ම්.. මේකත් සුමනසිරිගේ වැඩක් වගේ හාමුදුරුවනේ .. මට හිතෙනවා දැන් ඉස්කෝලෙ ලොකු සර්ගේ පුතා මිස්සකගේ ජීවිතය අනතුරේ කියලා .. හාමුදුරුවෝ කිව්වා .

හාමුදුරුවනේ හාමුදුරුවන්ට එහෙම හිතෙනවා නම් ඒක නතර කරන්න මට මොකක්ද කරන්න පුලුවන් .. මට මගේ පුතා ගැන කියන්න බෑ.. ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා .. හාමුදුරුවෝ විශ්වාස කරාට වෙන අය විශ්වාස කරන්නෙ නෑ.. රණසිංහ සර් කිව්වේ පසුතැවිල්ලෙන් .

අපට සුමනසිරිගේ ආත්මය අල්ලාගෙන මේක විසදගන්න වෙනවා .. හාමුදුරුවෝ කිව්වේ බැරෑරුම් විදියට .

ඒකට අංජනම් බලන තැනට ගියා නම් හරි හාමුදුරුවනේ .. මීට අවුරුදු 15කට කලින් පුතා ගැන බලපු තැනින් කිව්වා සුමනසිරිගේ ආත්මය හිර කරමු කියලා . තවත් පාපයක් කරන්න ඕනි නැති නිසා මං වැඩේ අතෑරලා දැම්මා .. කියලා රණසිංහ සර් කිව්වා .

මේ වෙන දේවල් වළක්වගන්න අපට ඒක කරන්න වෙනවා රණසිංහ සර් . නැත්නම් අහිංසක ජීවිත ගොඩක් විනාශ වෙයි.. කොහෙද ඔය තැන… හාමුදුරුවෝ ඇහුවා ..

මේ ළග හාමුදුරුවෝ දන්නවත් ඇති.. බෝපිල්ල ඇල්ල පන්සලේ ලොකු හාමුදුරුවෝ .. රණසිංහ සර් කිව්වම හාමුදුරුවන්ගේ මූණ ජයග්‍රාහි විදියට වෙනස් වුණා .

ආ.. අපේ විමලජෝති හාමුදුරුවෝ .. උන්නාන්සේ ආවට ගියාට ඕවා කරන්නේ නෑ. වැදගත් නම් විතරක් අවශ්‍ය නම් විතරක් බුදු දහම පාවිච්චි කරලා කරන්නේ යහපත් විදියට .. මං අදම හාමුදුරුවෝ මුණගැහෙන්නම්.. කියලා හාමුදුරුවෝ කිව්වා.

රණසිංහ සර්ට ගොඩක් ස්තුති කරලා අපි එන්න පිටත් වෙද්දී හාමුදුරුවෝ ගියා බෝපිල්ල ඇල්ල පන්සලට… මායි උදේනකයි ගෙදර යන්න ආවා..

*******

මං රෑ 12 වෙනකල්ම පාඩම් කරලා නිදාගෙන ලෑස්ති වුණා … එකපාරටම හීනයක් දැකලා ඇහැරෙද්දි පාන්දර 2යි වෙලාව.. එල්ලිලා මැරුනේ මිස්සක තමා.. කරදර කරන්න හදන්නේ මගේ මිනුලිට.. මිනුලි ලජ්ජාව නිසා වැවට පනින්න යනවා දැකලා බය වෙලයි මං ඇහැරුනේ. මිනුලි හිටියේ ඉස්කෝලෙ ඇදුමෙන් .. අද වුණත් මේක වෙන්න පුලුවන් නිසා මට බය හිතුණා . කොච්චර නිදාගන්න ට්‍රයි කරත් මට නින්ද ගියේ නෑ…

සොරි යාලුවනේ. ගිය සතියේ කතාව දාන්න බැරි වුණා ..කලින් දැනුවත් කරන්න බැරි වුණා ඒක. .
ලබන සතියෙන් කතාව ඉවර කරනවා.. කතාව කියවන හැමෝටම ස්තුතියි ..

නයෝමී නදීරා ධීරසිංහ…

5 thoughts on “මරණයේ දොරටුව | නවවන දොරටුව | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    මාත් මේ පැත්තේ ආවේ නෑ සුද්දී සති දෙකක් විතර. මගෙ අප්පච්චිත් නැති වුණා. ඒ නිසයි මට එන්න බැරි වුණේ. ලස්සනයි කෙල්ලේ කතාව. අනේ ලබන සතියෙන් ඉවරද? එහෙනම් ආයෙම අලුත් කතාවක් අරන් එන්න අපි වෙනුවෙන් හොඳද? බුදු සරණයි! මැණික. සුබ රැයක් වේවා! සතුටින් පරිස්සමින් ඉන්න.

    1
  2. Ranmali subasinghe

    අයියෝ…. තව එක කොටසද ???

    ඉක්මනින්ම තව කතාවක් අරන් එන්න සුද්දී …

    බුදුසරණයි !!!!

  3. Sujith Wasantha

    මේකෙ 6 වෙනි කොටස නෑනෙ ?? සඳුන් කොහොමද එදා රෑ ආවෙ(ආවෙ කවුද කියල දාලා තිබුණෙ නෑනෙ) එයා මැරිලනෙ හිටියෙ.

    තෙරුවන් සරණයි !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.