Katha Ahura

කටු අනෝදා | ➡️ 06 ගෙඩිය ⬇️ | හොල්මන් කතා

5/5 - (1 vote)

කටු අනෝදා ➡️ 06 ගෙඩිය ⬇️

” ඇයි අනේ ඔය ටිකට අමතක වුනාද ,ඔයා කිව්වේ ඊයේ රෑ මට තෑග්ගට කටු අනෝදා ගෙඩියක් දෙනවා කියල ඉ…..”

” කටු අනෝදා ,ඔයාට කොහෙන්ද ඒක හම්බවුනේ ”

නෙතුශිකා කියන්න ගිය කතාවවත් මම ඉවර කරන්න දුන්නේ නෑ. ඒ කිව්ව දේ අහල මගෙ මනස විකල් වුනා කිව්වොත් නිවරදී.

” ෆ්‍රිජ් එක උඩ තිබ්බේ. ඉතින් මම හිතුවේ ඒක මම වෙනුවෙන් ඔයා කඩල ගිය එකක් කියලනෙ…. මම ඒක කපල බෑවක් කෑවා…. ගීත් අයියේ ඇයි ඔයා එකපාරටම කලබල වුනේ.. ඇයි අනේ…..”

” ඒක වෙන්ඩ බෑ….. වෙන කවුද කටු අනෝදේ කෑවේ….”

මට ඒ ගැන දැනගන්නකම් ඉවසිල්ලක් නෑ…

” මම විතරයි කෑවේ… මලින්දි එපා කිව්වා…. අනේ මන්දා ගීත් අයියේ ඒක මම කද්දී අමුතු හඩක් ඇහුනා… මම බය වුනත් එක්ක…..”

” මොන වගේ හඩක්ද….. ”

මට අවිනිශ්චිත බියක් දැනුනා ,දැන් නෙතුශිකා ත් මගේ බෝට්ටුවටම වැටිලා කියලා.

” හරියට ගැහනු කෙනෙක් හිනාවෙනවා වගේ…මගෙ ඇගත් හිරිවැටිලා ගියා… මට හිතෙන්නේ ඒක මම මවාගත්ත එකක් කියල… ඒක ගානක් නෑ….”

නෙතුශිකා ඒක සැහල්ලුවෙන් කිව්වත් මට දැනුනේ මම හින්දා තව කෙනෙක් ගිනිගොඩට දාල කියලා.

” ගීත් අයියේ ඉක්මනට එනවා නේද.. එහෙනම් මම තියනවා…මගෙ ෆෝන් එකේ සල්ලිත් ඉවරයි………..”

නෙතුශිකා ෆෝන් එක තියද්දී මම කලබලෙන් බැලුවේ චතුරගේ මූන දිහ. ඔහු මගෙ මූන දිහා බලල “මොකක්ද වුනේ ” කියල ඉගියක් දුන්නා.

” අනේ මන්ද බං අර නැතිවුන කටු අනෝදේ ,මම නැති ටිකක ආයේ මතුවෙලා…. මතුවෙලා විතරක් නෙමේ අර මම උබට කිව්ව නෙතුශිකා ඒකීත් අද කරුමෙටම අපේ ගෙදර ඇවිල්ලා ,ඒකී ඒ කටුඅනෝදේ කපාගෙන බෑවක්ම කාලා….”

” නෑ……… ”

මම කියාපු දේ චතුර විශ්වාස කෙරුවෙත් නෑවගේ….

” නෑ… නෙමේ බං ඒක එහෙම තමා… මේ වගේ දේවල් කරල ඒ හොල්මන අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද”

ඒක කියද්දී මගේ ඇස් අහම්බෙන් වගේ ගියේ චතුර හෝද හෝද හිටිය ත්‍රීවීල් එකේ මම හිටපු පැත්තේ සයිඩ් කන්නාඩියට.

මගේ ෆෝන් එකත් එක්ක බිමට වැටුනා දුටු දසුනින්. අර හොල්මන ,කොන්ඩේ කඩාගත්තු ගැහනු රුව සයික් කන්නාඩියෙන් මම දිහා කෙලින්ම බලන් හිටියා.

ඒ දිහා බලද්දී ඒ රුව මම දිහා බලල වියරු හිනාවක් මූනට නගාගත්තේ මම තව තව බයකරමින්.

” ඇයි ඇයි ගීත් මොකක්ද වුනේ….”

මම පියවි සිහියට ආවේ චතුරගේ කලබල වූ හඩින්. මම ඌට සයිඩ් කණ්නාඩියට අත දික්කරලා බලන්න කියල ඉගියක් දුන්නා.

පුදුමයි. දැන් ඒ රුව කන්නාඩියෙන් අතුරුදහන් වෙලා.

” ඇයි මොකක්ද උබ පෙන්නුවේ ගීත්”

චතුර කිව්වේ සයිඩ් කණ්නාඩිය දිහා වරක් බලා ඊට පස්සේ මගෙ මූන දිහා බලලා.

” අර මූන ආයේ පාරක් මතුවෙලා තිබ්බා ,ඒත් දැන් ඒක නෑ……… මම දැන් යන්ඩ ඕනා බං ,නෙතුශිකාට අර අනෝදෙ කෑවට පස්සේ මොනවා වෙලාද දන්නේ නෑ…..”

කියපු මම බිම වැටුන ෆෝන් එක අහුලගෙන ඉක්මනින්ම මගේ බයික් එක ලගටදිව්වා.

” හිටින් මාත් එන්නම් ,කමිසයක් දාගෙන ටාර් ගාල එනකම් ඔහොම හිටින්…”

චතුර පිටිපස්සෙන් කෑගහන හඩ මට ඇහුනා.
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

මම මගේ බයික් එකේ යද්දී ඌ උගේ බයික් එකේ ආවා. මම ගෙදර ඉස්තෝප්පුවෙන් බයික් එක නවතද්දී මට ඇහුනා නෙතුශිකා හයියෙන් හිනා වෙන හඩ. ඒ හිනා හඩ එක්ක මට ඉස්සරවෙලාම හැගුනේ නෙතුශිකා උමතුවෙන් හිනාවෙනාවා කියලා.

” නෙතූ ඔයාට මොකක්ද උනේ….”

මම බයික් එකෙන් පැනලා ඒ පැත්තට දුවන් ගියේ එහෙම කියාහෙන. බයට මගේ මූනෙන් දාඩියත් දල තිබ්බා. නෙතුශිකා ,මලින්දි ,අම්මා කුස්සියට වෙලා මම එන දිහා බලන් උන්නේ පුදුමෙන්.

” ඇ….ඇයි ගීත් අයියේ මට මොකුත් වෙලා නෑ.. ඇයි ඔය විදිහට කෑ ගහන් ආවෙ…”

නෙතුශිකා ඇහුවේ ඇස් නලලේ තියන්. ඒත් එක්කම මට චතුරගෙ බයික් එක අපු හඩත් ඇහුනා.

” එහෙනම් ඔයා අමුතු විදිහට හිනාවුනේ…. මම හොදටම බයවුනා….”

” අයියේ ඔයාට අද මොකක්ද වෙලා තියෙන්නේ ,එහෙම හිනාවුනා කියල ඔච්චරම බය වෙන්ඩ තරම්…”

ඒක කිව්වේ මලින්දී.

” ඒකනේ මම හිනාවුනේ අම්මා කියපු කතාවක් අහලනේ… ඕකට ඇයි ඔච්චරම බය…….”

නෙතුශිකා කිව්වා.

ඒ කියන්නේ නෙතුශිකා අරවිදිහට හිනාවෙලා තියෙන්නේ ,අර අනොදේ කාපු හින්දා නෙමේ….. ඒ ගැන සිතෙද්දී මට දැනුනේ මාරම මාර ලැජ්ජාවක්.

” චතුරයියත් ආවද….”

මලින්දි කියද්දී මම දැක්කා චතුරත් අපේ කුස්සිය පැත්තට එන හැටි….

” හ්ම්ම්ම් අද වගේ දවසක එන්නේ නැත්නම් ආයේ කවද මෙහෙ එන්ඩද, නංගි. මු අපිත් එක්ක සෙට් වුන හැම වෙලාවෙම එක කෙල්ලක් ගැන කියවවනවා.. ඒ කෙල්ල කවුද කියල දැනගන්න ආවේ….”

චතුර සම්ච්චලේට හිනාවෙලා කියද්දී මගේ මූන ලැජ්ජාවට රතු වෙන්ඩ ඇතී. මම මේ හොල්මනකට අහුවෙලා ඒකෙන් ගැලවෙන්ඩ හදනවා.. මූ කෙල්ලෝ ගැන කියල ජෝක් කරනවා… චතුරයාගේ මූන සමතලා වෙන්න පාරක් ගහන්න තරම් ආවෙගයක් මට ඒ වෙලාවේ ආවේ.

” මොනවද බං තෝ කියවන්නේ අර අම්ම්ටත් ඇහුනා. මම මේ රැවුල ගිනි අරන් ඉන්න්නවා. තෝ එනවා මෙතන සුරුට්ටු පත්තුකටන්ඩ..”

මම ඒක චතුරට කිව්වේ රහසින් ,ඒත් උපරිම තරහින්. නෙතුශික දිහා හොරැහින් බලද්දී මම දැක්කේ ඇය බිමට ඇස් යොමාගෙන හිනහෙන හැටී.

” නෙතූ නංගී කෝ ඔයා කාපු කටු අනෝදේ ,ඔයාට ඒක හම්බවුනේ ෆ්‍රිජ් එක ලගින් කියල නේද අරවෙලාවේ කිව්වේ….. ඒත් ඒ ගෙඩිය උදේ ෆ්‍රිජ් එක උඩ තිබ්බේ නෑනේ…………. අම්මත් එක්ක දැක්කනේ…….”

මම අම්මා දිහා බැලුවා.

” අනේ මොකක්ද අප්පා… ඔයාලට වෙන කතාකරන්න දෙයක් ඇත්තම නැද්ද.. මේ කොහෙවත් නැති කටු අනෝදයක් බදාගෙන කියවන්නේ. හරියට අරුම පුදුම ගෙඩියක් වගේනේ කතා කරන්නේ…. කටු අනෝදා ,මම නම් ආසම නෑ……….”

මලින්දි කිව්වේ මුහුන එල්ලගෙන වගේ…….

” ඒත් මට ඒක හොයාගන්ඩ ඕනා… උදේ ෆ්‍රිජ් එක උඩ තිබ්බේ නැති කටු අනෝදේ කොහොමද ,නෙතුශිකාට ෆ්‍රිජ් එක උඩ තිබිලා හම්බවුනේ……..”

මම අම්මා දිහාම බලාගෙන ඒක ඇහුවේ… අම්මාගේ දෑස් වල උදේ ෆ්‍රිජ් එක උඩ තිබ්බ කටු අනෝදේ ආපහු මතුවීම ගැන ඒ තරම්ම ගානක් තිබ්බෙත් නෑ….

” ආ පුතේ උබ චතුර පුතාලගේ ගෙදර ගියාට පස්සේ අපේ ගෙදරට ගෑනු කෙනෙක් ආවනේ…… එතකොට මේ දුවලවත් ඇවිල්ලා උන්නේ නෑ.”

අම්මා ඒක කියද්දී අපි ඔක්කොගෙම දෑස් තිබ්බේ අම්මාගේ මූන ලග.

” ගෑනු කෙනෙක් ,ඒ කවුද…”

මම ඇහුවෙ කුතුහලයෙන්.

” දන්නේ නෑ.. මීට කලින් මම දැකල උන්නෙත් නෑ… එයා ඇවිල්ලා මගෙන් ඉල්ලුවා………….➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️ තවත් කටු අනෝදා ගෙඩියකට.

05 වෙනි කටු අනෝදා ගෙඩියනම් මම ඔයාලට කන්න ගෙනාවේ ගොඩාක් දුකින්. මොකද දැන් මගෙ කටු අනෝදා එච්චර කන්නේ නෑ කට්ටිය. කලින් ගෙඩිය කාල තිබ්බේ සෑහෙන්න අඩුවෙන් කට්ටිය.

මම හිතන්නේ දැන් කටු අනෝදා කන්න කට්ටියට එපාවෙලා ඇති… කමක් නෑ.. මම ඔයාලට කටු අනෝදා තව ගෙඩි දෙකක් තුනක් දීලා කටු අනෝදා ගහ ඉවරකරලම දානවා……

කටු අනෝදා කන්න කට්ටියට ආස නැත්නම් මම මොනා කරන්නද….?????????

මම රාස් ( සාගර සම්පත් )

9 thoughts on “කටු අනෝදා | ➡️ 06 ගෙඩිය ⬇️ | හොල්මන් කතා”

  1. Ai ane ehema kiyanne.mama me app eka download karagththe ghost story kiyavanna thiyana asavatama thamai.e asava nisama me kathava anivaren kiyavanava.eth hamadama comment ekak dannanam venne na mokada oya kathava danne 10 pahu velane.godak velavata kthava udeta kiyavana nisa comment karanna bari venava.eth hamadama excellent rate karanava ras.oyage katha harima interesting.ithin kathava kiyavana kihipadena venuven hari oya kathava asaven denna hodada.
    Good luck ???????

  2. හෑ…….ඒව ඔට්ටු නෑ…. රාස් හරිද…….පට්ට රහයිනෙ හලෝ කාලා වැඩි වෙලා උන හැදෙයි වගේ බයට…..
    මේකිගෙ පෙරේත කම අෆ්ෆා අර ගීත් කොල්ලට මොනා වෙයිද මන්දා……

    2
  3. Ai ane ehema kiynne api hamadam oyage katu anoda aswen kala rasaida kiyalath kiyanawane ithin. Heta apita loku katu anoda gediyak one harida raaz api enawa hamadam katu anoda kanna oyage Good Luck bs ehenm gn

    1
  4. Hashini Navanjana.

    මේ… කතාව නවත්තනවා කියලද කිවුවේ ඔයා… ආහ්… දෙන්නේ එහෙම උනොත්… ?????
    අපි මෙච්චර ආසාවෙන් කියවනවා… ඔයා මේ පිස්සු කතා කරනවා.. ? ? ??
    මේ වගේ බය ? ? ? හිතෙන ලස්සන කතාවක් මගදි නවත්තලා ඔයා අපිව පිස්සු වට්ටන්නද හදන්නේ රාස්ස්ස්…
    ? ? ??? ? ??
    ශ්‍යාමලී කීව කතාව හරි.. ඔයා කතාව ගොඩක් රෑ වෙලානේ දාන්නේ… එතකොට අපි දොයි ? ??
    ඒ නිසා උදේට තමයි කියවන්නේ… ? ? ? ඉතිම් ඒ වෙලාවට අපි බිසීනේ… ඒකයි කමෙන්ට් කරන්න වෙන්නේ නැත්තේ.. ඒත් කියවලා එක්සලන්ට් ???? රේට් ම දෙනවා… එහෙම එකේ කතාව නවත්තන්න එපා රාස්… අපි පවු නේ… ?????
    කියවන අපි වෙනුවෙන් වත් ලියන්නකෝ… ? ? ? ? ඔයාගේ කටු අනෝදා ගොඩාක් රසයි… ඒ නිසා අපිට හැමදාම ඕනි..??? අනේ මාරයා කතාවෙ ඉතුරු ටිකත් දෙන්නකෝ.. ඒක හරිම ලස්සනයී අනේ… ප්ලීස්ස්ස්ස්ස්….. ????????

    1. Thakshi Deepali Jayasuriya

      මාරයා රාස්ගෙ නෙමේ අක්කියො ලෝන් වුල්ෆ්ගෙ…එයා නම් G+ හිටියා….මාරයා අායේ ලියන්නෑ කිව්වා එයා…මොකද දන්නෑ

      1. Hashini Navanjana.

        අයියෝ….. මං හිතුවෙ රාස් ගෙ කියලා… එතකොට මාරයා කතාවෙ කොටස් ඔක්කොම කියවන්න විදියක් නැද්ද… ????
        ඇයි දන්නෙ නෑ නේද එයා කතාව නැවැත්තුවේ… ??
        ඒක ගොඩක් ලස්සනයි අනේ….

  5. Apoi api kanawane katu anoda… anee nawaththanna nm epa .. katu anoda nathi saaginna kawda niwanne eta passe???
    Kathawa niyamai raz.
    Good Luck!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.