Katha Ahura

රන් තරු | 05 කොටස | නවකතාව

2/5 - (1 vote)

05 කොටස

ඇඳ විට්ටමට කොට්ටයක් හේත්තු කරලා මම උරහිස් වලින් අල්ලලා ඇයව වාඩි කෙරෙව්වා .කුසේ තුවාලෙ තියෙද්දි මේ විදියට ඉන්න අමාරුයි කියලා මම හොඳටම දන්නවා .

මොකද මෙහෙයුමකදි මගේ බඩට වැදුණු උණ්ඩයක් නිසා මම ඒ අත්දැකීම විඳලා තියෙනවා .ඇයව නැගිට්ටවන්න බැරි නිසාම මම භාජනයකට වතුර ටිකක් ගෙනෙත් ඇයට අත හෝද ගන්න දුන්නා .

” පින් අයියේ .. මේ කරන උදව් වලට….”

” පින් නම් මූ වැඩියෙන් එක්කම කරනවා නංගි …

ඒක නෙමෙයි …ඔයාගේ නම කියන්න දැන් වත් අපිට ….”

මනී එහෙම කිව්වම කලුත් ඒකට හවුල් වුණා .

” ඔව් නංගි …මට හිතෙන විදියට ඔයා අපි තුන් දෙනාගෙම නම් දන්නවනේ ….

ඔයාගේ නම තමයි අපි දන්නේ නැත්තේ….”

” මගේ නම රනුදි අයියේ ….රනුදි නිම්නාදි මාරගොඩ…”

” නංගි වගේම තමයි …නමත් ලස්සනයි හොඳේ …”

කෙල්ල අපේ දිහා බලලා හිනාවුණා .

” මනී අයියා ,කලු අයියා ,තරු අයියා … ඉතින් මම දන්නේ එහෙමනේ …ඇත්ත නම් දන්නේ නෑනේ අයියලාගේ ….”

” ආ..හ්.. මෙහෙම දැන ගත්තම ඇති නංගි …මොකද නිතරම කියවෙන්නේ මේ නම් විතරනේ….

මම මනීෂ ,මූ කළණ ,එතකොට ඔයාගේ තරහකාරයා තරූෂ …දැන් හරි නේද ….”

” අනේ තරහකාරයා කියන්න එපා….මම දැන් තරහා නෑනේ …”

” ආ…එහෙනම් කමක් නෑ නංගා ….දැන් ඔයාට අයියලා තුන් දෙනෙක්ම ඉන්නවා කියලා හිතා ගන්නකෝ….”

රනුදි කාලා ඉවර වුණාම මමම ගිහින් එයාට අත හෝද ගන්නත් උදව් කරලා බෙහෙත් ටිකත් බොන්න දුන්නා .

” නංගි ටිකක් ඔහොම ඉඳලම හාන්සි වෙන්න ….බෙහෙත් බීපු ගමන් නිසා හාන්සි වෙන්න එපා…”

මම කාමරේ තිබුණු පුටුවකින් වාඩි වුණා .

” නගෝ…දැන්වත් කියන්න අපිට ඔයාගේ කතාව …..”

මනීලත් කාලා ඉවර වෙලා ආවේ කතාව අහන්න .මට ඉක්මනට දැන ගන්න ඕන වෙලා තිබුණු ඇගේ කතාව කලූ ඇහුවා .

” මගේ කතාව නම් ලස්සන කතාවක් නෙමෙයි අයියේ ….ඒත් ඔයාලට කියන්නම් ඒක….

ඊට පස්සේ ඔයාලා තීරණය කරන්න මම මොකක්ද කරන්න ඕන කියලා ….”

” ” හරි නංගා ….බය වෙන්න එපා….ඕනම උදව්වකට අපි තුන් දෙනා ඉන්නවා ….”

ඒත් එක්කම තමයි මගේ ජංගම දුරකථනය නාද වුණේ .ඒක තිබුණේ රනුගේ ඇඳ උඩ.මම කලින් රනූගේ තුවාලේ බලපු වෙලාවේ තියපු ගමන්.

” මනී කවුද බලපන් ගන්නේ මේ වෙලාවේ …”

පුටුවෙන් නැගිටින්න කම්මැලි කමටම මම මනීට බලන්න කිව්වේ .

” මචන් …මල්ලි ගන්නේ …”

” දීපන් එහෙනම් …මගෙ රෝස මලට අවුලක්ද දන්නේ නෑ ….

හෙලෝ සුද්දා …ඇයි මේ වෙලාවේ ..

නිකන් බං අයියේ ගත්තේ ගෙදර එන්න පරක්කු නිසා …මොකද කරන්නේ රෝස මල ඔයාගේ කාමරෙන් තියන්නද….

එපා සුදු …තාත්තා ළඟින්ම තියන්න …මට දැන් ගෙදර එන්න වෙන්නේ නෑ ….කෝ නිදි ද දැන්…

පිස්සුද බං අයියේ මේක නිදියන්න දැන්ම…මේ ඉන්නේ කෝලම් කර කර…

තාත්තා කිරි එකක් හදලා දුන්නා ….

මං උදේම එන්නම් කොල්ලො …

හා හරි බං අයියේ ….”

මල්ලි කතා කරලා ඉවර වුණු ගමන් මනීලා බැලුවේ මං දිහා .

” අවුලක් නෑනේ බං.උඹේ රෝස මල නිදි ද….”

” නෑ බං මල්ලි අහනවා මං දැන් ගෙදර එන්නේ නැද්ද කියලා …නිදි නෑලු තාම…තාත්තා කිරි එකක් හදලා පොවන ගමන් ….”

” මට නම් පේන්නේ තරුවො උඹේ රෝස මලත් දැන් උඹේ තාලෙටම ඇවිත් වගේ ….”

” ඇයි බං….”

” නෑ ඉතින් උඹ වගේ ම රෑට නැගිටලනේ වැඩිපුර …දවල්ට නිදි හොඳ ට…”

මගේ පුංචි ආදරවන්තිය .මගේ රෝස මල.මගේ ජීවිතේට අළුත් බලාපොරොත්තුවක් ගෙනාපු පුංචි සුරංගනාවි තමයි ඒ.

====================================

රනුදි ගේ කතාව අහන්න කලින් මගේ කතාව කියලා ඉන්න එක හොඳයි වගේ .මොකද මේ රෝස මලේ කතාව සුන්දර කතාවක් නෙමෙයි .

ගොඩක් දුක හිතෙන කතාවක් .

සිත්මි විහාරා දෙව්දූ….

ඒ තමයි මගේ පුංචි රෝස මල.තාම වයස මාස හත සම්පූර්ණ වුණා විතරයි .පුංචි සුරංගනාවියක් වගේ සුදුම සුදු බෝලයක් .

ඒත් අවාසනාවකට ඒ සුරංගනාවිට අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම සෙනෙහස අහිමි වෙනවා .

මගේ හිත ආපස්සට අරන් යන්නේ කැමැත්තකින් නෙමෙයි .ඒත් පුංචි රෝස මලේ කතාව දැන ගන්නම ඕනනේ .

රෝස මලගේ තාත්තා මගේ හොඳම යාළුවෝ අතරින් කෙනෙක් .අනාත නිවාසෙක හැදිලා යුධ හමුදා සේවයට බැඳුණු එඩිතර කොල්ලෙක් .

රෝස මලගේ අම්මත් ඒ වගේම වීර චරිතයක් .ඇයත් හැදුණේ වැඩුණේ අනාත නිවාසෙක .වයස දහ අටෙන් පස්සේ ඇයත් එකතු වුණා රට වෙනුවෙන් යුධ පෙරමුණට යන්න .

කාත් කවුරුවත් ම නැති මේ දෙන්නා ආදරවන්තයෝ වෙන්නේ යුධ හමුදා සෙබළ රණවිරුවෝ හැමෝගෙම ආශිර්වාද මැද්දේ .

විවාහයකින් අවසන් වුණ ඒ ආදර කතාවට වාසනාව අරන් ආවේ පුංචි රෝස මල.ඒත් ඒ වාසනාව පුංචි රෝස මලට උරුම නෑ .

දරු ප්‍රසූතියේදී පුංචි රෝස මලගේ අම්මා රෝස මලට ජීවිතේ දීලා මේ ලෝකෙන් සමු ගන්නවා.

යුධ පෙරමුණේ දි එඩිතර සෙබළෙක් වුණත් රෝස මලගේ තාත්තා ආදරේ ළඟ ගොඩක් හැඟීම්බරයි.තම ආදරණීය බිරිඳගේ වෙන් වීම ඔහුට දරා ගන්න බැරි වෙනවා .

ඒ නිසා තමයි ඔහු මේ ලෝකෙන් සමු ගන්න තීරණය කරන්නේ .ඒත් බයගුල්ලෙක් විදියට නම් නෙමෙයි .වීරෝධාර රණවිරුවෙක් විදියට .

මරාගෙන මැරෙන බෝම්බයක් සමඟින් ත්‍රස්තවාදීන්ගේ බංකරයක් විනාශ කරන්න ඔහු කැමැත්තෙන්ම බාර ගන්නේ බිරිඳගේ වියෝව දරාගත නොහැකිව .

ඒ හැමදේකටම කලින් රෝස මලගේ තාත්තා මගෙන් කරපු එකම ඉල්ලීම රෝස මලව බාර ගන්න එක.

ඩියානා නිසා අවුල් වෙලා තිබුණු මගේ ජීවිතේට රෝස මල අළුත් බලාපොරොත්තුවක් ගෙනාවා .

මිය යාමට පෙර ඔහු සතු සියළුම අයිතීන් ,දේපළ රෝස මලගෙ නමට හරවලයි තියෙන්නේ .

අදටත් රෝස මලගේ අම්මගේ වගේම තාත්තාගෙ වැටුපත් බැර වෙන්නේ රෝස මලගෙ ගිණුමට.ඒ හැම දෙයක්ම පරිස්සමට ඉතිරි වෙන්නේ රෝස මලගෙ අනාගතේ වෙනුවෙන් .

අම්මා කෙනෙක්ගේ උණුසුමක් මෙ වෙනකනුත් රෝස මලට ලැබිලා නැහැ .රෝස මලව බලාගන්නේ මගේ තාත්තා .චූටිම කාලෙ ගොඩක් අමාරු වුණත් දැන් රෝස මල අපිට හුරු වෙලා .

තාත්තා ,මම ,මල්ලි කියන තාත්තලා තුන් දෙනෙක්ගේ ආදරය මැද ඇය හරි අපූරුවට ලොකු වෙනවා .

” තරූ…තරුවෝ…”

මගේ කල්පනාව බිඳුණේ මනීගේ සද්දේ නිසා .

” ආ…ඇයි බං…”

” මොන ලෝකෙද බං හිටියේ ….උඹ හෙන දුරක වගේ ගිහින් හිටියේ ….”

” නෑ …නෑ …කියපන්කෝ….”

” බලපන් ඉතින් ….දැන් අපි මොකුත් කිව්වද….”

” හරි …හරි බං…මට රෝස මල මතක් වුණා ….”

” අනේ මන්දා උඹත්….දැන් මල්ලි කිව්වනේ අවුලක් නෑ කියලා …ඉතින් ඇයි බං….”

” හරි…හරි ..ඉතින් කියපන් ….”

” මට කියන්න දෙයක් නෑ තරුවා …

උඹ මේ ලෝකෙට එනකම් බලන් හිටියේ මේ කෙල්ලගේ කතාව අහන්න …..”

” රනූ…කියන්න නංගි ඔයාගේ කතාව ….”

මම කෙල්ලට එහෙම කිව්වේ මනීලා බලන් ඉන්න නිසා කතාව අහන්න .

” අප්පටසිරි තරුවෝ….උඹ නංගිගේ නමත් වෙනස් කරාද ඒ ඩිංගට ….”

” හරි ..හරි ..බං..රනුදි කියලා කියන්න ගියාම මගේ දිව පැටලෙනවා…ඒකයි එහෙම කිව්වේ …”

” ඔව් බ…ඒකත් ඇත්ත තමයි …මටත් බෑ බං ඒ නම එක දිගට කියන්න ….

කමක් නෑ ..රනූ කියලම කතා කරමු….”

” නංගි මුන් දෙන්නම රනූ කිව්වනේ…මම එහෙනම් ඔයාට රන් කියලා කතා කරන්නද……”

කලූ විහිළුවට වගේ එහෙම කිව්වා .

” අනේ මේ කලූ…උඹ ඕන නැති විහිළු කරලා මේ කෙල්ලගෙන් ගුටි කන්න ඔය හදන්නේ …”

එපාර මනියයි කලුවයි පැටලිලා .

” හරි…හරි ..දැන් ඔය දෙන්නා රණ්ඩු නොවී තරූ අයියා කිව්වා වගේ මට රනූ කියලම කතා කරන්නකෝ…

එතකොට හරිනේ..”

කෙල්ල එහෙම කියනකොට මට ලොකු සතුටක් දැනුනේ .මොනව වුණත් කෙල්ල මම දාපු නමට කැමතියි වගේ.

” හාකො හාකො නංගි එහෙනම් …තරුවා දාපු නම අපි රෙජිස්ට්‍රාර් කරමුකෝ…”

=====================================

” මම මගේ තාත්තා ගැන කියලම පටන් ගන්නද අයියේ මගේ කතාව …”

” ම්ම්…එහෙම හොඳයි නංගි….අපිට මුල ඉඳන්ම අහන්න ඕන .. ”

කතාව අහන්න ලේස්ති වෙලාම මම පුටුවෙන් නැගිට්ටේ වතුර ටිකක් බොන්න .ඒ අවසරයෙන් මනියා දඩබඩ ගාලා පුටුවෙන් වාඩි වුණා .කාමරය ඇතුලේ තිබුණේ පුටු දෙකක් විතරයි .

” මනී.. නැගිටපන්….”

” අනේ බන් තරුවෝ….අඬු දෙක රිදෙනවා බන් නැගිටලා ඉඳලා ….

උඹ මෙච්චර වෙලා වාඩි වෙලා හිටියනේ…..”

” ඉඩ මදි නේද අයියේ … එක්කෙනෙක් ඇවිත් මේ ඇඳ උඩින් වාඩි වෙන්නකෝ….

මම කකුල් දෙක එහාට ගන්නම් ….”

රනූ ඇඳ උඩින් කකුල් දෙක එහාට අරගෙන ඉඩ හදලා දුන්නා වාඩි වෙන්න .ඒත් එක පාරටම යන්නත් බෑ වගේ නිසා මං කලූට යන්න කිව්වේ .

” කලූ වරෙන් ඇඳ උඩට….මට පුටුව දීපන් …”

” අඩේ බන් තරුවො…..උඹ වාඩි වෙයන්කෝ ඇඳ උඩින් …උඹටනේ දැන් වාඩි වෙන්න තැනක් නැත්තේ……”

තුන් දෙනත් එක්ක රණ්ඩු වෙලා අන්තිමට මටම තමයි යන්න වුණේ ඇඳෙන් වාඩි වෙන්න .

45 thoughts on “රන් තරු | 05 කොටස | නවකතාව”

  1. Chathu indeewaree

    ඇයි අලේ අපිට මේම දුක් දෙන්නේ. අනේ සත්තලනේ මල් වගේ මේ සූටි හිත් වලට මේ තරම් දුක් උහුලන්න බැරියෝ… අද 3 වෙනකල් බලාන හිටියේ අර ගර්ල්ගෙ කතාව අහන්න. අනේ ප්ලීස් වැරද්ද හදන්නකෝ.. හතර වෙනි එපිසොඩ් එක දාන්නකෝ ආයෙම.

  2. කො අනෙ 4 වෙනි කොටස? මල්ලියෙ ඔයාගේ කතාව ගොඩක් ආශාවෙන් කියවනවා හරිම ලස්සන ආදරණීය වෙනස් ම කතාව ක්.
    තරූගෙ අම්මා නෑ.රනුදිගෙ තාත්තා නෑ.රොස මලගෙ ඒ දෙන්නා ම නෑ.රොස මලට අම්මෙකුයි,තාත්තෙකුයි ලැබෙයි නෙද ඉක්මනට.
    රොසමලගෙ තාත්තා කරා වගේ කිසිම තාත්තෙක් තමන්ගේ දරුවන් දාලා යන්න හොඳ නෑ.විශෙෂයෙන් ගැහැණු දරුවන්.කොයිතරම් තමන්ගේ බිරිඳ ට ආදරය කරත් දරුවා වෙන කාටවත් දිලා යන්න එපා. මොකද රනුදිට වුන දෙ අද සමාජයේ ඕනෑ තරම් දකින්න පුළුවන්.ගැහැණු ළමයෙකුට අම්මා තාත්තා හැර වෙන කෙනෙක් ලග තියන්න අද සමාජයේ හැටියට පුළුවන් ද?
    මං දන්නවා මල්ලි ඔයා මෙ කතාවෙන් කියන්න යන්නේ ක් දෙමාපියන් නැති දරුවන්ගේ ජිවත ගැන.බලාගෙන ඉන්නවා ගොඩක් හොඳ නිර්මාණයක් වෙයි කියලා.
    බුදු සරණයි ඔයාට.

    1. Chathu indeewaree

      යේඒඒඒඒඒඒ කියන්න තිබුණා ඇඩ්මින් අයියා අපිට හතර වෙනි එපිසොඩ් එක් අදම දුන්නොත්. නැත්නම් අපිට හුළං තමයි හංසියෝඕඕඕඕඕඕඕඕ…..

  3. මේ සූටි හිත් වලට ඔහොම දුක් දෙන්න එපා අයියෝ.
    මේ සූටි කෙලි පැටික්කියො ටික පව් නැද්ද.
    4වෙනි කොටසත් දාන්න.
    අපි පව් නේ.

  4. අනේ දෙවියනේ 4 කෝ….???????????ඇයි ඇඩ්මින් අයියා අපට මෙහෙම කරේ…….
    ඉක්මනටම 4 දාන්ඩෝ…….
    හිත හදාගෙන කෝමද ඉන්නේ…..
    අනේ අයියේ උදේ 10ට කතාව දාන්නකෝ….හොද….. අයියනී……..පට්ට ලස්සනයි අයියා කතාව…..අනේ ඉක්මනට ඉවර කරන්නයි චූටි කොටස් දාන්නයි ඔට්ටු නෑ හරිද……….?????

  5. admin අයියේ ඔන්න ඔයාට බාරයි මේ චූටි නංගිලාගේ comment වලට reply කරන්න පුලුවන්නං අද හතරවෙනි කොටසත් දාන්න

  6. මේ කොටස මන් ඊයේ කියෙව්වා අනේ.
    රනුදි චූටි කාලෙ ඉදන් හිතින් ආදරේ කරන කෙනා තරූ කියලා මට හිතෙනවා ඒක හරිද දන්නෙ ඔයාල දෙන්න තමයි .
    කතාව එක දිගට කියවන් යන්න තිබුනනම් කියලා හිතෙනවා.
    ඒ තරමටම කතාව ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි ආයෙ කතා දෙකක් නෑ.
    හැමදාම 3වෙනකන් බලන් ඉන්නෙ කතාව කියවන්න.
    All the very best.
    ????????

  7. Chathu indeewaree

    හතර නැතුව පහ කියවලා වැඩක් නැති නිසා මම ඊයේ මේ එපිසොඩ් එක කියෙව්වේ නෑ. ඔන්න දැන් ඇවිත් කියෙව්වා… ඔයා නම් මල්ටි ටැලන්ටඩ් සුදු මහත්තයෙක් අප්පා… මාරයි ඈ… ඇත්තටම ඔයාගේ නවකතා, කෙටි කතා, සිංදු මේ හැමදෙයක්ම මාරම ලස්සනක් අයියා.. කලින් කතාවට වඩා මේ කතාව මාරම interesting.. අපි වෙනුවෙන් හැමදාම කතා ලියලා ඔයා සතුටින් ඉන්නකෝ සුදු මහත්තයෝ… හොඳේ…..❤❤❤❤❤❤????????????????
    ආ ඉක්මණින්ම සනීප වෙන්න අයියේ.. බුදු සරණයි!!!!!

    1. Menna asama comment eka Ada dala hehe meme comment dala oya sathutin inna ko sudu none ane thank you so much nagiya meme liyanna asa hithenne oyala nisa wadenam thanks karanna one Sithmi nangita hode budusaranyi

  8. Chathu indeewaree

    අනේ මන්දා අදත් මේකට බෑඩ් රේට් දාලා. ඔයා දකින විදියට මේ කතාවේ තියෙන වැරද්ද මොකක්ද යාළුවේ. බෑඩ් රේට් දාන්න තරම් මේ කතාවේ අඩුපාඩුව මොකක්ද?හරි බෑඩ් රේට් කලාට කමක්නෑ. කතාවේ අඩුපාඩුව මොකක්ද කියලා කමෙන්ට් කරගෙනම යන්නකෝ ඒ ගමන්. කතාව ලියන කෙනාටවත් නැති කැක්කුමක් කතාව කියවන අපිට තියෙන්නේ කියලා හිතන්න එපා. මොකද මේ තරම් ලස්සන කතාවකට බෑඩ් රේට් වැටෙනකොට දුක හිතෙනවා කතාව කියවන අපිටත්. ඒනිසයි මේ තරම් කියන්නේ. කතාව කියවන අපිට මෙහෙම දුකයිනම් ලියන අයට ඊට වඩා දුකක් ඇති කියලා මට හිතෙනවා. බෑඩ් රේට් ගැන කතා කළා කියලා අපිව මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න එපා. මොකද කතාවට කමෙන්ට් කරන කිසිම කෙනෙක් කතාවේ අඩුපාඩුවක් නොදකිද්දී එක්කෙනෙක් විතරක් දකින අඩුපාඩුව මොකක්ද කියලා හිතාගන්න බෑ අපිට. ඒ නිසයි කීවේ.. බුදු සරණයි!!!!

    1. Ekanam aththa affa….ai yakuu apata me kathawa thawa kiyawana kotasa madi wela tyeddith api duk wenne thawa kiyawanna thibunanam kyla..
      Eth me ayata meka bad wena vidiyani hitha ganna bari….ikmanatama bad rate karana aya hoya ganna trick ekak hoya ganna admin aiyee…
      Matanam hithenne me bad rate set eka ita sakwala kattiyakda danne neda? Ekani waradak tyenawanam comment ekakin eka nokiya me wage adrushyamana weda karanneeee

      1. Oyala me wage comment daddi bad ret ekata mama watenne na nangiya mage vitharayi newe Mama dakka anith ewageth danwa me kena kawuru Hari kadakappal karyek eka nisa hithanna epa wasiya sathitiyi meme comment karaddi aththatama thank you so much budusaranyi oyala dennamatama

  9. Dunasha Gamage

    Halo sumith boy???? oya nam mara napurui harida..ko ane ara kellage kathawa.eyata mokada wela tiyenne kiyala denaganna apith asai…….oyata aka terenne nedda ane.??????????

    1. Ammo menna Mata Sara danawooo aniwarenma eka gana kiyanwa hode laga kotaskin kiyanwa paseth kiyannam hode thank you so much budusaranyi

  10. Hashini Navanjana.

    හෑ…. මේ එතකොට හතරවෙනි කොටස නෑ කියන්නෙ මොකක්ද..
    ????
    මට නම් කතාවෙ කොටසක් අඩුයි කියලා තේරෙන්නේ නෑනේ.. ඊයේ කියවපු කොටසට පස්සේ වෙන්න ඕනි ටිකමනේ මේ තියෙන්නේ…
    ????? මට නම් තේරෙන්නේ නෑ අප්පා.. කොහොම උනත් කමක් නෑ.. අද තව කොටසක් දෙනවා නම් ෂෝයී ඈ…. ?????
    ආහ්හ්හ්හ්… මං කිවුවා හරි නේ… මේ තරූගේ ? ? ? ගර්ල් ? කියලා… ????????
    දැන් නේ තේරුනේ මේ රෝස මල ? ? ? ? කවුද කියලා.. චූටි පැංචියෙක් නේ ඒ…… ? ? ?
    ඒ ටික කියවනකොට නම් ඇඩුනා අයියේ… පවු චූටි පැටියා.. මටත් ඉන්නවානේ රෝස මලක්.. ???? සුදුම සුදු කෙලි පැට්ටෙක්.. මාස දෙකයි තවම.. ඒ නිසාම වෙන්නැති ඒ තරම් දුකක් දැනුනේ මට…. අම්මෙක් නැතිව කෙලි පැටියෙක් හදන එක කොච්චර නම් අමාරුද කියලා ඒ නිසාම තේරෙනවා මට. මේ චූටික්කිත් තියාගෙනම තමයි මං කතා ලියන්නෙත් කියවන්නෙත්… ???? ඒ කතා අහුරට ඒ තරම් කැමති නිසා… ????
    පැටියා දොයි ගත්තම තමයී ඉතිම් කතා ලියන්නත් කියවන්නත් වෙන්නේ… ????
    කොහොම උනත් අයියගේ කතාව නම් අනිවා කියවනවා.. ඒ වගේම ලොකු කමෙන්ට් එකකුත් වරද්දන්නේ නැතිව දෙනවා… ????
    කතාව නම් මාරම ලස්සනයී… කියන්න වචන නෑ.. කිසිම අඩුවක් නෑ අයියේ…????
    ඒත් අනේ මන්දා මේ බෑඩ් රේට් කරන කෙනා මොන තරහකට ? ?? කරනවද කියලා…. ඒකෙන් එයා සතුටක් ලබනවා ඇති නේහ්… පවු ඉතිම්… ?????
    ඔයා සැලෙන්නේ නෑ කිවුවනේ අයියේ… මෙච්චර මේ ටොප් රේට්, කමෙන්ට්ස් අතරේ එන එකම එක බෑඩ් රේට් එකකට මොනාට දුක් වෙන්නද නේ අයියේ… ????
    ඔයා නම් කලින් කතාවටත් වඩා මේ කතාවෙදි ගොඩාක් ගොඩාක් සාර්ථකයී… ඔයාගේ නංගියටත් ඒ දේවල්ම තමයි කියන්න තියෙන්නේ… එයත් ඔයා වගේම ටැලන්ටඩ්… දිගටම ඔයාලාගෙන් කතා ඕනි අපිට… ☺️☺️☺️☺️
    Best of luckkkk…. ?????

    1. Ane ehemda shoyi ekata athi a rise Patti neda eya adare mathak karanna budusaranyi a pattita aniwarenma nangiya mama salen ne moko Mama dakka deyak thamyi anith Katha walata wada mage Katha walata godak comment danwa a wagema oyala wage Aya Dan loku comment ewata Nam hitha hadila yanwa a thatama sathutiyi oyala nisayi meme mama liyanne aththatama sathutuyi nnagiya bad rt eka gana hithanna epa eyata a vidiyata yanna kiyala api ape gamana yamu patta happy budusaranyi good night hetath enno aluth keti kathawa Mama heta upload karanwa

      1. Chathu indeewaree

        අපෝයි සුදු මහත්තයාට මේකේ පැටික්කියෝ ටික ( මාත් එක්ක) දාන කමෙනෙට් ටිකයි ඔයා ඒවට දාන රිප්ලයි ටිකයි කියවන්න මම ? කාර් එකෙන් ගියේ පහළට. අම්මෝ සෑහෙන්න වියදම් වුණා තෙල් ගහන්න වාහනේට.. ඇයි අප්පා ලේසි පාසු දුරක්ද ආවේ.. පහළට යනවා යනවා යනවා ඉවරයක් නෑ.. අනන්තයට යන පාර දිගේ වගේ මාත් ගියා ඉටිම්..

        ගණන් ගන්නෙපා සුදූ.. විහිළුවක් කළේ අනේ. අනිත් අයගේ කතාවලට වඩා ඔයාගේ කතා වලට කමෙන්ට්ස් වැඩි ඇයි දන්නවද අයියා.ඔයා මොනතරම් කාර්‍යබහුල කෙනෙක් වුණත් ඔයාගේ කතාවට කමෙන්ට් කරන හැමෝටම ඔයා රිප්ලයි කරනවා අයියේ කිසිම ආඩම්බර කමක් නැතිව හරිම නිහතමානී විදියට. ඔයාගේ ඒ ගුණයට මම ගොඩාක් ගරුකරනවා අයියේ.ගොඩාක් අයට හැමදාම කමෙන්ට් දැම්මත් කවදාවත් රිප්ලයි නෑ. ඒ අතින් ඔයා ග්‍රේට් සුදු අයියා.. කමෙන්ට් කීයක් තිබුණත් ඔයා ඒ එකක්වත් මඟහරින්නෑ.. ඔයා හැමෝටම හරිම සුහද විදියට කමෙන්ට් කරනවා..ඔයාලා කතාවක් දැම්මම ඒකට වැටෙන කමෙන්ට් , රේට් නිසා ඔයාලා සතුටු වෙනවා වගේම අපි දාන කමෙන්ට් එකකට ඔයාලා රිප්ලයි කළාම අපිටත් ඒ වෙලාවට කියාගන්න බැරි සතුටක් දැනෙනවා. ඔයා අපි හැමෝටම ඒ අහිංසක සතුට දෙනවා අයියේ. මේ ඇප් එකේ කෙලි පැටික්කියෝ ටික ඔයාගේ කතාවට මේ විදියට කමෙන්ට් කරන්න ඒක ලොකුම ලොකු හේතුවක්.

        ඊටත් මේ කාලේට උචිතම තේමාවක් තමයි ඔයා තෝරාගෙන තියෙන්නේ. හැමදාම එකම විදියේ තේමාවන් වලට ලියවුණු කතා කියවපු අපේ හිත් , අපේ රසවින්දනය වෙනත්ම මානයකට යොමු කරන්න ඔයාටයි නංගිටයි හැකි වුණා අයියේ. ඔයාලගේ සාර්ථකත්වය තියෙන්නෙත් එතනයි. සුන්දරත්වය , ලස්සන තියෙන්නේ ඒකාකාරිත්වය තුළ නෙවේ, විවිධත්වය තුළ. ඉතින් ඒකාකාරි කතාවලින් අපි මුදවලා ඔයයි නංගියි එකතුවෙලා අපිව වෙනම පැත්තකට අරන් ගියා කීවොත් මම හරි නේද අයියා.ඔයාගේ කතා රසවිඳින අතර තුර අපේ ජීවිත හැඩගස්වා ගන්න ගොඩාක් වටින පාඩම් ඔයා අපිට කියලා දෙනවා අයියේ මේ කතාවලින්..ඇත්තටම මේ වෙනසට මම හරිම ආදරෙයි අයියා. ඔයාටත් නංගිටත් මම හදවතින්ම සුබ පතනවා අයියේ. ඔයාලා දෙන්නාගේ combine වීම හරහා ගොඩාක් ලස්සන , වටිනා ඒ වගේම හරවත් නිර්මාණ තව තවත් බිහිවේවා!යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ. බුදු සරණයි… සුන්දර රැයක් වේවා!!!

        1. Ammo comment eka kiyawanna mama kochchiyak Genna una a tharam digayi me wage adaraniya comment dala sathutin inna ko halida nangiya aththatama Mata marama sathutak nangiya godak oyala nisayi meme comment dakinne mama ekata mama oyala okkomatama respect karanwa aniwa nangiya mage kathawata watina kamak denawa Nam oyala Dana comment ekata Mata watinakamak denna one e mage vidiya nagiya hithata danena sathuta kohomada mama comment ekakin Danna a tharam Mata happy thank you so much nangiya good night budusaranyi api harila Inna kota oyala sathutin nida ganna ko

  11. Ammoooo aiye cooment ekak danna mn apu dura sahenna comments dala neda aiye matanm mara sathuitui ane. Mn asawen kiyawana kathawak aiye me kathawa shok aiye mn dn na army eke kenekge hadawathe thiyna adare gana eyage hadawatha kohomad kiyla me kathawen apita ape rata araksha karana ranawiruwange hadawatha gana igena gnna labena eka gannm mt godak sathutui aiye mn digatam kathawath ekka innawa Good Luck aiye bs

    1. Ithin Mata thawa monawada nnagiya me wage comment dakiddi thawath liyanna hithenne aththatama patta happy Mata eka ne ayyage kathawakata comment wadi ne ithin sathutuyi nangiya budusaranyi oyata

  12. Mn iyei peredai comment damme na aiye e kathawa hoda nathi nisa newei aiye. Mage registration eke mokak hari aulak thiynawa aiye theren na mokadda aula kiyla register wela pahuwadata registration ain wenawa apahu register wennath ba aiyen. Me sare mn aluthen e maill ekakuth hadala thama aya register une aiye. Mn dn na meka kawda wenkn thiyeida kiyl aiye mt aya conments danna bari unath mn kathawa hamadam kiyawanawa aiye rate karan ynawa math ekka tharha wenna epa aiye bs aiye ehenm

    1. Ehemda nnagiya password mathak thiya ganna username ekath ekka ethakota Hari ne note ekaka Dan thiyanna parisemn hode budusaranyi good night

    2. Matath ohoma una vibhuu…mamath me 3 weni parata rejister une meke….kalin email eken aluthen rejister wennath ba.parana password weda kareth na mage nam

  13. Thakshi Deepali Jayasuriya

    ඔන්න අද තමයි මේ දීපාලියා කතා අහුර පැත්තේ ආවේ…අදනම් ඔයා මාව ඇඬෙව්වා අයියේ… ????? හරිම දුකයි මට….කතාව හරිම ලස්සනයි සංවේදියි….හිතට මාරම වේදනාවක් දැනෙන්නේ…ඔයා කතාව ඇතුලෙ අපිව ජීවත් කරවනවා…හිතාගන්න බෑ ඇයි කියලා…. අද රෑට තව කොටසක් දානවා නේද ඔයා….බලන් ඉන්නවා මං…අනේ අපිව රනුදිගෙ කතාව නිසා අඬවන්න නම් එපා ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.