Katha Ahura

කටු අනෝදා | ➡️ 08 ගෙඩිය ⬇️ | හොල්මන් කතා

5/5 - (1 vote)

කටු අනෝදා ➡️ 08 ගෙඩිය ⬇️

” කරන්න තියෙන්නේ මෙන්න මේකයි”

හොල්මන් ආත්මය මම දිහා මොහොතක් බලන් උන්නා.

” මොකක්ද මම කරන්න ඕනා ”

” ඉස්සරවෙලාම උබ යන්න ඕනා ,උබ අනෝදා කඩපු අර පාලුවත්තට ,උබට මතක්නේ ඒ පාලු වත්ත මැද තිබ්බ පාලු ගේ….”

හොල්මන් ආත්මය කියද්දී මට ඒක මැවී පෙනුනා. අනෝදය කඩද්දී ඒ ගේ ඇතුලේ ඉදම් මොනව හරි පෙරලෙනවාත් මට මතකයි. ඒ ගැන සිහිවෙලා මම තවත් බය වුනා.

” උබ බයවෙන්ඩ එපා… උබ ඒ අනෝදා කඩද්දි ගේ ඇතුලේ ඉදන් ශබ්ද කෙරුවේ මම තමා…….. ”

හොල්මන් ආත්මය මගේ හිතට දැනුන දේ කිව්වේ මාව පුදුමයට පත්කරමින්.

” මම ඉතින් මොකක්ද කරන්නේ එහෙට ගිහිල්ලා.

උබ ඒ ගේ ඇතුලට ගියාම උබට පෙනේ වහපු දොරක් තියෙන කාමරයක්. උබ ඒක ඇරපුවම පෙනේ… වහපු අල්මාරියක් වගේ ගඩොල් වලින් හදපු එකක්. ඒකට උලුවස්සක් එක්ක දොරකුත් තියෙනව… ඒ දොරේ යතුර තියෙන තැන මම උබට කියන්නම්…. එ වෙනුවෙන් ඒක හඩපු කෙනා දොරට යතුරු කීපයක් කපල තිබ්බා… මම ලග තියෙනවා ඒවායින් යතුරු තුනක්.

කලින් යතුරු එකොලහක් තිබ්බා…. ඒව උබල වගේ එවුන්ටම දීල ඉවරවෙලා. උන් ඒ වැඩෙ හරියට කෙරුවෙත් නෑ…. ඒ හින්දා මට තරහ ගිහිල්ලා උන්ව ඔක්කොම මරල දැම්මා.

උබත් මේ වැඩේ හරියට කෙරුවේ නැත්නම් උබට වෙන්නෙත් ඒ දේම තමා…..ඊය කලින් මම උබේ ඉස්සරහම උබේ කෙල්ලව මරන්නේ……”

” මම ඒ දොර ඇරල මොකක්ද කරන්නේ…’

” ඒ දොර යටින් ,ඒ කියන්නේ පහලින් යන්න උමගක් පොලවට හාරල තියෙන්නේ ,උබ ඒ උමග යටින් යන්න ඕනා…. ”

ඒත් හොල්මන් ආත්මය ට ඒ ටික කියල ඉවර කරන්න බැරිවුනා.

” කාත් එක්කද පුතේ මේ මහ රෑ කතාකරන්නේ…….”

මට ඇහුනේ අම්මාගේ හඩ…ඇයගේ අඩි හඩ මගේ කාමරේ පැත්තට එද්දී මම බැලුවේ අල්මාරියේ කණ්නාඩිය දිහා.

හොල්මන් ආත්මයත් වීදුරුව ඇතුලට වෙලා අම්මා එන පැත්ත අහන් වුන්නේ මූනේ තරහින් පුප්පගෙන.

” ඉට පස්සේ කරන දේ මම උබට ,හෙට රෑට කියන්නම්…. හෑබයි මේ ගැන උබ කාටව්ත් කිව්වොත් උබේ කෙල්ල ගැන මම බලාගන්නම්…… දැන් මම.ඒකි ලගට යන්න ඕනා… හහ් හහ් හා….”

වියරුවෙන් හිනාවුන හොල්මන් රුව එකාපාරටම වීදුරුව ඇතුලෙන් සුදු දුමකට පරිවර්තනය වුනා.ඊට පස්සේ ඒ දුම විදුරුවේ ඉහල පැත්තෙන් පිටවෙලා පාවිලා ගිහින් මගේ ඇග වටේට කීප පාරක් පාවුනා.මොහොතකින් ඒ දුම වහලයත් බිත්ති බැම්මත් අතර තිබ්බ විවරයෙන් එලියටම යන්න ගියා.

මට මටත් වඩා බය හිතුනේ නෙතුශිකා ගැනයි…. හොල්මන් ආත්මය ගියේ නෙතුශිකා හොයාගෙන අව මට ඉර හද වගේ විශ්වාසයි…… මම නිසා නෙතුශිකා ත් අමාරුවේ වැටිලා….

මම මටම ශාප කරගනිද්දී මට මැවී පෙනුනා නෙතුශිකාගේ අහිංසක මූන.

කාමරේ ට ආවා අම්මාට බොරුව්ක් කියල මම ඇයව පිටත් කරල යැවුවා.

” නෙතුශිකා ට අර හොල්මන මොනවා කරයිද”

ඉතින් ඊට පස්සේ මහේ මුලු මනසේම රැව්දෙන්න පටන් ගත්තේ නෙතුශිකා ගැනමයි.

” හෙට මේ අනෝදා කඩපු අර පාලු වත්ත තියෙන දිහාට ගිහිල්ල ඒ පැත්තේ මිනිස්සුන්ගෙන් මේ ගැන අහල බැලුවොත් මොනව හරි හෝඩුවාවක් දැනගන්න පුලුවන් වෙයි…”

මම ඒ ගැනත් හිතුවා… ඒත් මට ඒ පාලු වත්තට යන පාර හරි හැටි මතකයක් නෑ…. සමහර විට චතුර දන්නව ඇතී… උන්ගේ නෑදෑයොත් ඒ හරියේ ඉන්නව කියල මට මතකයි එද කිව්වා…

එකපාරටම ආපු අදහසින් මම ෆෝන් එක අරන් චතුරට කෝල් එකක් ගත්ත.ඒ වෙද්දී වෙලාව මැදියම් රෑ පහුවෙලා පැයකුත් කිට්ටුවෙන්න වෙලා තිබ්බා.

” මොකද බං ,කවදාවත් නැතිව මේ මහ රෑ….මොකක් හරි අවුලක්ද”

චතුරගේ නිදිබර කටහඩ මගේ ෆෝන් එකෙන් ඇහුනා.

” ඔව් බං දැන් ඉතින් මම ඉන්නේ අවුලක නෙමේ ,අවුල් ගොඩක කියල උබ දන්නවනේ…. මම මේ මහ රෑ උබට හදිසියේ කතා කෙරුවේ උබෙන් දෙයක් අහගන්න”

” මොකක්ද ඒ…”

” උබ දන්නවද එදා මම අර අනෝදේ කඩපු වත්ත හම්බවෙන්නේ මොන පාරෙන් යද්දිද කියල….”

” දන්නවා ,ඒත් හදිසියෙම උබට ඒ වත්තට යන්න ඕනවුනේ…..මොකක්ද ප්‍රශ්නේ……”

චතුර ඇහුවේ ඉවසිල්ලක් නැති හඩින්.

” ප්‍රශ්න නෙමේ ප්‍රශ්න පත්තරයක්… ඒවගෙන් ගැලවෙන්න පුලුවන් ,ඒ වත්ත හොයාගත්තොත්… උබ ඒව අහන්න එපා.. මට කියපන් ඒ වත්තට යන පාර..”

” උබ ලොකු දෙයක් හංගනවා..හරි උබට ඒ ප්‍රශ්න වලින් ගැලවෙන්න පුලුවන් කියල හිතෙනවනම් මම ඒ පාර කියන්නම්”

එහෙම කියපු චතුර මට අර පාලු වත්තට යන පාර කිව්වා.

” හරි බං මට මතකයි පාර….”

මම චතුරට කිව්වේ ස්තුතිවන්ත හඩින්….

” මට උබත් එක්ක යන්න විදිහක් තිබ්බනම්,ඒත් බං මට හෙට පනාගොඩ කෑම්ප් එකට එන්න කියල ලොක්කා හදිසියේම පනිවිඩයක් එවුවා. හෙට පාන්දරින්ම එහාට යන්න ඕනා.. උබ තනියම යන්ඩ එපා… කාංචන හරි තුශාර හරි අඩගහන් යමන්……”

චතුර කිව්වේ අන කරල වගෙ.

” හරි අං මම උන්ගෙන් එකෙක් එක්ක යන්න බලන්නම්……”

මම චතුර්ට කිව්වේ බොරුවක්. මේ ගමන මම යන්නේ තනියම කියල මේ වෙද්දීත් මම හිතල ඉවරයි. අනික චතුර වගේ ,කාංචාවත් ,තුශාරවත් මේ හොල්මන් කේස් එක දැනගෙන උන්නෙත් නෑ……………….

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

ඊලග උදයේ මම චතුර කිව්ව මග ඔස්සේ අර පාලු වත්ත හොයාගෙන ගියා. බයික් එක කාටවත් පේන්නේ නැති තැනක හිටවලා මම ඉක්මනට ඒ වත්තට පැන්න.

කටු අනෝදාදලින් පිරී ගිය ඒ ගස් අදත් එදාවගේමයි. ඒත් එදා කටු අනෝදා ගස් දිහා අසාවින් බලපු මම අද ඒ ගස් දිහා බැලුවේ ඉමහත් භීතියෙන්. කටු අනෝදා හෙඩි මට පෙනුනේ මාව මරාගන්න බලන් ඉන්න බිහිසුණු යක්ශයින්ගේ මූනු වගේ.

ඉක්මනට මම ඒ පාලු ගෙයි දොර ලගට ගියා…..ඒක යතුරු දාල වහල තිබ්බේ නෑ….

“ක්‍රී…………..ක්”

අගුලු දාල නොතිබ්බ දොර ඇරුනෙ එහෙම අඩක් නගමින්…

“ක්‍රී……ස් ක්‍රී……ස්”

ඇරුනු දොර ඇතුලේ ඉදල වවුලන් පොදි පොදී මහේ ඇගේ වදිමින් එලියට පියබගෙන ගියා. වවුල් බෙටිවලට නාසය හැකිලෙද්දී මම ඕනෑකමින් ඒ පාලු ගේ ඇතුල බැලුවා…..

පරනම පරන තාලයට හදපු ඒ ගෙයි. තැනින් තැන අපිලිවෙලට පුටු මේස වගේ ගෘහ බාන්ඩ තැනින් තැන තිබ්බා. මුලු නිවසේම සිමෙන්ති පොලව පුරා වවුල් බෙටිවලින් නැහවී තිබ්බා විතරක් නෙමේ ඒ බෙටි අර ගෘහ බාන්ඩ උඩත් තිබ්බා.

නිවසේ කාමර කීපයක් තිබ්බත් එක කාමරයක දොරක් ඇර අනිත් ඔක්කොම කාමරවල දොරවල් තිබ්බේ ඇරිලා…

” මම හිතන්නේ… ඒ කාමරේ ගැන තමා අර හොල්මන් ආත්මය කිව්වේ….”

හිතපු මම හෙමින් හෙමින් අඩිය තිය තිය ඒ වහල තියෙන දොර පැත්තට කිට්ටු කරද්දී මම දැක්කා දෙරේ මොනවද මන්දා අකුරු වගයකින් වදන් පෙලක් ලියල තියෙන හැටී.

ඒ ලියල තියෙන්නෙ මොනවද කියල දැනගන්න කුතුහලෙන් මම ඒ දොර දිහාට තවත් අඩි කීපයක් කිට්ටු කලා විතරයි.

එක පාරම ” ටිලින් ටිලින් “හඩින් නොනවත්වාම වහලේ පැත්තෙන් සීනු හඩක් ඇහෙන්න පටන් ගත්තේ මාව හොදටම තිගස්වමින්. ඒ හඩට මුලු නිවසේම වවුලන් පිස්සු හැදිලා වගේ එහෙ මෙහෙ පියඹද්දී මම ඒ අඩ ආව පැත්‍ත බැලුවා.

අර වහල තියල තියෙන දොරට කෙලින්ම ඉහල වාල්වෙ මුදුන් යටලීයලක සීනුවක් එල්ලල තිබ්බා. ඒ සීනුවේ රතු පාට පටියකුත් ගැට ගහල තිබ්බා.

නොනවත්වාම නද දෙන ඒ සීනු හඩ දිහා පුදුමෙන් බලන් ඉද්දී මට ලාවට වගේ ඇහුනා මගෙ පිටුපසින් කවුරුන් හරි එන බව අගවමින් අඩි හඩවල් කීපයක්.

හොදටම කලබල වු මම එකපාරම පිටිපස්ස හැරිලා බලද්දී දුටු දසුනින් බයට මගේ ඇස් දෙකත් උඩ ගියේ මුලු ඇගම හිරිවට්ටවමින්.➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️තවත් කටු අනෝදා ගෙඩියකට

හිතුවෙවත් නැති විදිහට ඔයාලට අනෝදා ගෙඩි දුන්නනේ. මේ වෙද්දි ගෙඩි අටක් දැන්නම් ඔයාලට අනෝදා කාලත් එපාවෙලා ඇති. ඉන්නකො මම කොහොම හරි තව අනෝදා ගෙඩි උපරිම තුනක් ඔයාලට කන්න දෙන්න වෙයි.. අප්සෙට් නෑනේ….

කතාවේ දෙබස් එහෙම වැඩියි වගේ හිතෙනවනම් ඒ ගැන දන්වන්න. ඔයාල කැමති නැද්ද දන්නෙත් නෑනේ කතාවට ඕනෑවට වඩා දෙබස් දැම්මමත්.

තරහ නැතිව කටු අනෝදා රසද කියලත් කියාගෙන යමූ☺️☺️☺️☺️☺️☺️☺️☺️

මම Raaz

6 thoughts on “කටු අනෝදා | ➡️ 08 ගෙඩිය ⬇️ | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    අද කටු අනෝදා දෙන්නෑ කීවට අදත් දුන්නා නේද සසම සස කටු අනෝදා ගෙඩියක්.. But අද පොඩි ගෙඩියක් දීලා ගිහින් තියෙන්නේ රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්z ඔයා. මම දැන් තමයි ආවේ කටු අනෝදා කාලා යන්න.. ටැංකූ හොඳේ බෑ බෑ කිය කියා අදත් දුන්නට… මේ දවස්වල හැටියට හොඳයි ඔයා දෙන කටු අනෝදා කාලා හොඳට බෙඩ් සීට් එක පොරවගෙන දොයියන්න පුළුවන් සෝයි එකට..එතකොටනම් ඉටිම් හොල්මන් ඇවිත් කන්ණාඩියෙන් මතුවෙනවා තියා ගේ අරන් ගිහින් වෙන තැනක සෙට් කරත් දන්නෑ දෙයියන්නේ පිහිටයි කියලා. හෙටත් එන්න ඉටිම් සසම සස කටු අනෝදයක් අරන්..හාද???

    1
  2. Mm hithnne pitipassen awe kalin marunu aya wenna athi. Matanm katu anoda godak rasai raaz ekane ithin mn hamadam enne oyage katu anoda kala bayawenna Good Luck raaz thawath hodat liynna bs. ????

  3. Mmm oyage kathawa lassanai…. aaa me debas thiyena tharamata hodai ne anith aya kohomada danne naa eth mm nm kamathi ekata…. katu anodath narakama naane …. ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.