Katha Ahura

රන් තරු | 07 කොටස | නවකතාව

5/5 - (1 vote)

07 කොටස

” තර දුරටත් ගෙදර හිටියා නම් මගේ හීන ඔක්කොම නැති වෙන්න තිබුණා අයියේ …

ඒකයි මම පැනලා යන්න හැදුවේ …”

” කියන්න නංගි ඒ ටිකත් …අපි අහගෙන ඉන්නම්…”

” තාත්තගේ මරණෙ වෙලා මාස හයකට විතර පස්සේ අම්මා අර මනුස්සයව කසාද බැන්දා…

ඊට පස්සේ ඒ මනුස්සයත් අපේ ගෙදරමයි හිටියේ …

අම්මා ඉන්න වෙලාවට දුවේ කියලා හොඳට කතා කරපු මට අම්මා නැති වෙලාවට මට වැරදි විදියට සලකන්න ගත්තා ….”

” ඒ කියන්නේ නංගි ඔයාට ගැහුවද ඒ මිනිහා …”

” ඔව්…මම ගුටි කාලා තියෙනවා ඇති වෙන්න …ඒ මිනිහගේ යෝජනා වලට අකමැති වුණ හින්දා ….”

” යෝජනා කිව්වේ …අපිට තේරුණේ නෑ නංගි …”

” අනේ මටත් ඒක හරියටම කියන්න තේරෙන්නේ නෑ අයියේ …

ඒත් ඒ මිනිහට ඕන කරේ මට කරදර කරන්න කියලයි මට තේරුණේ …

අම්මා නැති වෙලාවල් බලලා ඒ මිනිහා මට අයුතු විදියට බලපෑම් කරන්න ගත්තේ …

ඒ නිසා අම්මා නැති හැම වෙලාවකම මම ආවේ නෑ කාමරෙන් එළියට වත්…”

” ඉතින් ඔයා අම්මට කිව්වේ නැද්ද නංගි …”

” නැහැ අයියේ ….මම අම්මට කිව්වේ නෑ ඒ ගැන…කිව්වත් අම්මා ඒ දේවල් පිළිගන්න තත්ත්වයක් පෙනුණේ නෑ ….

තාත්තා ඉන්න කාලෙ තරම් අම්මා මට ආදරෙන් සැලකුවේ නෑ …මට ඕන කොහොම හරි උපාධිය අරගෙන ඩොක්ට කෙනෙක් වෙන්න ….

ඩොක්ට කෙනෙක් වෙලා හමුදා රෝහලකටයි මට යන්න ඕන …

තාත්තා නිසා මට ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් කියලා මම දන්නවා …ඒත් ඊට කලින් මම ඩොක්ට කෙනෙක් වෙන්න ඕනනේ …

මට ඕන රට වෙනුවෙන් යුධ පෙරමුණට ගිහින් අපිව බේර ගත්තු හමුදාවෙ අයියලා අක්කලාව මට පුළුවන් විදියට ඉක්මනට සනීප කරන්න .

එයාලට අපි නිසා දැනෙන වේදනාව ටිකක් හරි අඩු කරන්න … එයාලට ශක්තියක් වෙන්නයි මට ඕන …”

හමුදාවෙ කොල්ලො කෙල්ලො වෙනුවෙන් මේ තරම් කැක්කුමක් තියෙන කෙල්ලෙක් මම මේ දැක්කමයි.

ඇත්තටම පුදුමයි අද කාලෙ මේ වගේ කෙල්ලෙක් අපිට මුණ ගැහුණු එකත්.

” රනුදි නංගි ….කියන්න වචන නැහැ ඔයා ගැන ….

අපේ රට ඊටත් වඩා අපේ හමුදාවෙ කොල්ලො ගැන මේ විදියට හිතන ඔයා වගේ කෙල්ලෙක් මට මේ මුණු ගැහුණමයි….

ගොඩක් ආඩම්බරයි ඔයා ගැන …

කියන්න නංගි …ඔයා වෙනුවෙන් මොකක්ද අපිට කරන්න පුළුවන් උදව්ව කියලා ….

ඔයාට ඕන උදව්වක් කරන්නම් අපි තුන් දෙනාම ….”

” මට එකම එක උදව්වයි අයියේ ඕන …තව අවුරුද්දයි තියෙන්නේ මගේ උපාධිය සම්පූර්ණ කරන්න ….

මට ආපහු මෙඩිකල් ෆැකල්ටි එකට යන්න ඕන …ඒත් මට නවතින්න තැනකුයි ඕන ආරක්ෂාවත් එක්ක ….”

මේ වෙලාවේ ඇයව නතර කරන්න පුළුවන් ආරක්ෂිත තැනක් මගේ මතකයට ආවේ නැහැ .

” මනී කියපන් බන් එහෙම තැනක් මට මීටර් වෙන්නෙම නෑනේ …”

” හිටපන් බන්…මාත් මේ කල්පනා කරන්නේ ඒකම තමයි ….”

” අහන්න අයියේ …

එහෙම තැනකට සල්ලි යනවනම් ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා…. සල්ලි දෙන්නම් මම…..”

” අයියෝ නංගා …..සල්ලි ගැන හිතලා අපි උදව් කරන්නේ නෑ …

ඔයාගේ ආරක්ෂාව ගැන හිතලයි අපි ඔයාට ඉන්න තැනක් හොයන්න ඕන ….”

” රනූ නංගි ඒ කියන්නේ ඔයාට හරියටම තියෙන්නේ තව අවුරුද්දයි ද ඩිග්‍රි එක සම්පූර්ණ කරන්න ….”

” ම්ම්..ඔව් අයියේ …”

” කලූ ඒ කියන්නේ නංගිත් අපෙ සුදූගෙ වයසේ …”

” ඇත්තමයි තරුවො…සුදු මල්ලිත් එක්කම ලියන්න ඉන්න කෙනෙක් එහෙනම් රනූ නංගිත්…”

” බය වෙන්න එපා නංගා …ඔයාට නතර වෙන්න තැනක් හම්බ වුණා කියලා හිතා ගන්නකෝ….”

” ඇයි අයියේ ….”

” මට විනාඩි දෙකක් දෙන්නකෝ…”

මම එහෙම කියලා ෆෝන් එකත් අරන් රෝහල් කාමරෙන් එළියට ඇවිත් තාත්තාට කතා කරලා ඇත්තම විස්තරේ කිව්වා .

තාත්තා කැමති වුණා රනූව අපේ ගෙදර තියා ගන්න .

ගෑණු පරාණයක් නැති අපේ ගෙදරට රනූව ගොඩක් වටින කෙනෙක් වෙයි කියලයි මට හිතුණේ .

මගේ රෝස මලට වුණත් පාළු හිතෙන එකක් නැහැ රනූ අපේ ගෙදර ගියොත් .මගේ තාත්තත් රනූගේ තාත්තා වගේම හමුදා නිළධාරියෙක් .

ඉතින් එයාටත් මම වගේම උණු වෙන හදවතක් තියෙනවා .

අම්මත් නැතුව අවුරුදු අටක ඉඳන් අපිව බලා ගත්තේ මගේ තාත්තම තමයි .මම කාමරේට ආවේ කට්ටියටම මේ සුබ ආරංචිය ගැන කියන්න .

” රනූ නංගා ….ඔයාට නතර වෙන්න තැනක් හම්බ වුණා ….”

” ඈ බං තරුවො …උඹ කොහෙන්ද ඒ ඩිංගට තැනක් හොයා ගත්තේ …”

” තැනක් හෙව්වේ නෑ බන්….අපේ ගෙදර එක්කන් යන්න හදන්නේ මන්….”

” තරූ අයියා …ඇත්තමද ඔය කියන්නේ …”

” ඔව්..ඔව්…නංගා …අපේ තාත්තා කිව්වා ඔයාව එක්කන් එන්න කියලා ….

ඔයාට අපේ මල්ලිත් එක්කම පාඩම් කරන්නත් පුළුවන් ..ෆැකල්ටි යන්නත් පුළුවන් …

එයත් කරන්නේ ඔයාගෙම සබ්ජෙක්ට් තමයි ..එයත් ඔයාගෙම හීනෙ තියෙන කෙනෙක් තමයි ….

එයාටත් ඕන හමුදා රෝහලක වැඩ කරන්න ….

ඔයාට ඕන ආරක්ෂාව අපේ ගෙදර ඕනවටත් වැඩිය තියෙනවා …”

” ඇත්තමයි තරූ……

නංගිව උඹලයි ගෙදර නතර කර ගත්තා කියන්නේ අපිට පොඩ්ඩක් වත් නංගි ගැන බය වෙන්න දෙයක් නැහැ ….

සුද්දත් එක්කම නංගිට පාඩම් වැඩ ටික කරගන්න පුළුවන් ….”

” තරූ අයියේ ගොඩක් පින් ඔයාට …..මට මේ තරම් උදව් කරනවට ඔයාලා තුන් දෙනාම….”

උදේට ටිකත් කපාගෙන ගෙදර ගිහින් ඔයාට ඕන දේවලුත් අරගෙන අපේ ගෙදර යමු….

අර මනුස්සයා උදේට අම්මත් එක්කම වැඩට යනවා ඇති නේද….”

” ඔව් අයියේ …ඒ දෙන්නා උදේ යනවා වැඩට…අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ ….

මගේ පොත් ටිකයි ඇඳුම් ටිකයි ගත්තම ඇති මට…”

” දැන් ටිකක් නිදා ගන්න නංගි …ඔයාට කතා කරලම මහන්සි ඇති …”

” ඔව් අයියේ …මහන්සි ටිකක් …”

එහෙම කියලා මම ඇඳෙන් බැස්සේ කකුල් දෙක දිග ඇරලා ඇයට නිදා ගන්න පහසු කරවන්න ඕන නිසා.

=====================================

මනී වාඩි වෙලා හිටපු පුටු ඇන්දෙන්ම වාඩි වෙලා මමත් ඇඳේ කොනකින් හිස තියා ගත්තේ පොඩ්ඩක් නිදා ගන්න .

ඒ වෙනකොටත් මනියි කලුයි දෙන්නා බාගෙට නිදි පුටුව උඩම.

මට මතක් වුණේ මගෙ රෝස මලව.මම ළඟ හිටියා නම් මේ වෙනකොටත් ඇය නිදා ගන්නේ මගෙ පපුව උඩ.

සති ගනන් මාව දකින්න නොලැබුණත් ගෙදර ආපු ගමන් ඇයට මාව තමයි ඕන වෙන්නේ.හරියට මම එයාගෙම තාත්තා වගේ.

ඇයට මාව මොන විදියට දැනෙනවාද කියලා මට තාමත් තේරෙන්නේ නෑ .තාත්තයි මල්ලියි ළඟ හැදුණත් මම නිවාඩු ආපු ගමන් මගේ ළඟ තමයි හුරතල් වෙන්න ඕන .

මම ඉන්න වෙලාවට ඇය ඇඳ උඩ ඉන්න කැමතිම නෑ .මගේ පපුව උඩ ගුලි වෙලා නිදා ගන්න තමයි ඇය ගොඩක් ආස වුණේ .

අම්මගෙ උණුසුමක් කවදාවත් විඳලා නැති මේ පුංචි සිඟිත්තිය මගේ උණුසුමේ ගුලි වෙලා නිදාගනිද්දි මගේ ඇස් වලට කඳුළු උනපු වාර ගණන අනන්තයි.

ඇය ටිකෙන් ටික ලොකු වෙද්දී අම්මා ගැන අහවි.එදාට මම ඇයට දෙන උත්තරය මොකක්ද කියලා මට තාමත් තේරෙන්නේ නෑ .

මට එක පාරම කල්පනාව බිඳුණේ මගේ හිසේ කුමක් හෝ ගැටුණු ස්පර්ශයක් එක්ක .

” අයියේ ….අනේ සොරි …ඔයාව නැගිට්ටවන්න හිතුවේ නෑ ……”

ඇයි ඇරලා බලද්දී රනුදි ගේ අත වැදිලා මගේ හිසේ.

” නංගි ඇයි …තුවාලෙ රිදෙනවද …”

” නෑ …නෑ ..අයියේ …තුවාලෙ නිසා නෙමෙයි නැගිට්ටේ …මට ඇඳෙන් බහින්නයි ඕන උනේ….”

” තුවාලෙ පෑරෙනවනේ නංගි…අමාරුවෙන් හරි හාන්සි වෙලාම ඉන්න ….”

” මට වොශ් රූම් යන්න ඕනනේ ….”

රනූ මූණත් බෙරි කරගෙන කියද්දි මට ඇය පව් කියලා හිතුණා .කොල්ලො තුන් දෙනෙක්ම කාමරේ ඉද්දි ඇත්තටම ඇය අපහසුතාවයට පත් වෙන්න ඇති .

ඒකයි අපිට නින්ද යනකම් ඉන්න ඇත්තේ.මනියි කලුයි නම් හොඳට නිදි.උන් දෙන්නා හවස සෙල්ලම් කර නිසා මහන්සි ඇති .

” ආ…දැන් හෙමීට බහින්න නංගා …”

මම ඇඳ ළඟින් ඉවත් වෙලා ඇයට ඉඩ දුන්නා .වොශ් රූම් ගිහින් ඇවිත් ඇය අපහසුවෙන් ඇඳට නගින්න සූදානම් වෙද්දී මම ඇයට උදව් වුණේ ඇත්තටම ඇය ගැන දැනුණු අනුකම්පාවෙන්.

ඩියානා මට කරපු දේත් එක්ක කෙල්ලො ගැන මට තිබුණේ පුදුම තරහක්.

ඒත් අද මේ කෙල්ල අපේම හමුදාවෙ කොල්ලො ගැන මේ තරම් ආඩම්බරයෙන් කතා කරද්දී ඇය ගැන තරහක් ඇති වුණේ නෑ මට.

===================================

” අයියේ ….”

” ම්ම්..කියන්න නංගා …මොනවද ඕනේ…”

” නෑ …නෑ …මුකුත් ඕන නෑ …ඔයාට නිදිමතයි ද…”

” නැහැ නංගා ..කියන්න …අපිට ඉතින් දවස් ගනන් නිදි මරලා පුරුදුයි නේ….”

” එහෙනම් මට විස්තර කියන්නකෝ….”

” ම්.ම්ම්..මොනවා ගැනද ඔයාට මම දැන් කියන්න ඕන ……”

” හමුදාව ගැන..ඔයාලා ගැන….අනේ මට ආසයි දැන ගන්න …”

” අහන්නකෝ නංගා …මම සාමාන්‍යයෙන් කතා කරනවා අඩු කෙනෙක් …මම ආස අහන් ඉන්න …

ඒ නිසා ඔයා කියන්න ඔයා දන්න දේවල් ගැන….පස්සේ දවසක මම කියන්නම් ඔයාට අපේ විස්තර …”

” අනේ හොඳ නෑ අයියේ ඔයා….”

” ඇත්තමයි නංගා ….මම වැඩිය කතා කරන්න කැමති කෙනෙක් නෙමෙයි …ඔයා කියන්නකෝ විස්තර …”

” ම්ම්ම්…හාකො එහෙනම් …

ඉස්සර තාත්තා එක්කන් එන හමුදාවෙ අයියලගෙන් තමයි අයියේ මම ගොඩක් විස්තර අහ ගත්තේ …

තාත්තා ගොඩක් වෙලාවට එක්කන් එන්නේ කාත් කවුරුවත් නැති අය.තාත්තාට ඕන උනේ එයාලා තනි වෙලා නෑ කියලා පෙන්වන්න …

එතකොට මම පොඩියි.ඉතින් ඒ එන හැම අයියා කෙනෙක්ම එයාලගෙම නංගි කෙනෙක්ට වගේ මට සැලකුවේ ….

තාත්තා නිවාඩු ආපු දවසට මම කවදාවත් අතින් කෑවෙ නෑ …

රාජකාරි කරන වෙලාවෙදි තාත්තා මේ බැඳීම් වලින් ඈත් වෙලා හිටියට ගෙදර ආවම එයා ගොඩක් සංවේදී කෙනෙක් අයියේ .

අර අයියලත් එක්කම මාවත් වාඩි කරගෙන අපි හැමෝටම බත් කවන්නේ තාත්තා .අඬනවා එයාලා තාත්තා එහෙම කරද්දී .

ඒ හැමෝම මට ගොඩක් ආදරෙන් සැලකුවේ … එයාලා නිවාඩු ආවත් බීලා විනෝද වෙලා සල්ලි නාස්ති කරේ නෑ ….

ගොඩක් වෙලාවට යන්නේ අපේ ගෙවල ළඟ තියෙන වැඩිහිටි නිවාසෙට….

මුළු දවසෙම ඉන්නේ නිවාසෙ ඉන්න සීයලත් එක්ක .එදාට බඩු අරන් ඇවිත් නිවාසෙ ඇතුලේ ඉඳගෙන එයාලම තමයි උයන්නේ…..

දන්නවද අයියේ මට තාමත් තේරෙන්නේ නෑ ඇයි අපේ සමහර මිනිස්සු හමුදාවෙ අයියලට අට පාස් ආමිකාරයෝ කියලා එයාලව හෑල්ලුවට ලක් කරන්නේ කියලා ….

සමහරු හැදිලා තියෙන්නේ අනාථ නිවාස වල. තවත් සමහරු ආච්චිලා සීයලා ළඟ ….

ඒත් ඒ ගොඩක් අය අපි නොදන්නවා වුණාට හොඳට ඉගෙන ගත්තු අය අයියේ ….මට පුදුම හිතුණා එයාලගෙන් විස්තර අහද්දි …

අපේ සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ හමුදාවෙ කොල්ලො දුප්පත්කම නිසා හමුදාවට ගියා කියලා ….

ඒත් හැමෝම නොදන්න ඇත්ත කතාව ඒක නෙමෙයි අයියේ ……

ඒ කවුරුත් දුප්පත්කම නිසාවත් රස්සාවක් නැති කම නිසාවත් හමුදාවට බැඳුණු අය නෙමෙයි …

අපේ රට වෙනුවෙන් හමුදාවට බැඳුණු අය…..

සමහර අයියලා කැම්පස් පවා ගියපු අය… තවත් සමහරු උසස් පෙළ කරලා හමුදාවට ගියපු අය…

මම එයාලගෙන් හැමදාම ඇහුවේ ඇයි හමුදාවට බැඳුණේ කියලා …..

ඒ අයියලා කියන දේවල් නිසා හැමදාම එයාලා ඉස්සරහ මම අඬනවා …

එයාලා මාව අඬවන්න හිතාගෙන කිව්වේ නැති වුණත් අපිට නොතේරෙන ,අපිට නොපෙනෙන තරම් එයාලා හිත් වලින් දුක් විඳිනවා අයියේ ….”

” ඇයි නංගා ඔයා එහෙම කියන්නේ …”

34 thoughts on “රන් තරු | 07 කොටස | නවකතාව”

  1. Monada ayya oya hari narakai ane…. me kathawa kiyawaddi apita adenawane … ane mnda oya kohoma liyanawada kiyala meka kiyawaddi godak duka hithenawa ayya aththamai… oyage kathawa gana nm aye katha karanna deyak naa puduma tharam lassanai

    1. Hamdam sobana katha kiyawanna Bari nisa wenama vidiyata liyala thiyenne aththatama sathutuyi oyata Dan comment budusaranyi thank you so much

      1. Eka nm hodai thama… tikak තාත්වික wenna ona එතකොට thama eke rasa niyametama danenne… ජීවිතේටම wenne nathi katha kiyawaddi e niyama raha enne naa …

  2. Monawa kiyannada deiyane… kathawa kiyawaddi maarama feeling ekk hithata enne. Ape rate ape kollo gana… Good Luck! Kawruthma hithuwe nathi paththak gana lassana adaraniya kathawak oya apita denne.

  3. කතාව ගොඩක් ලස්සනට ලියලා තියෙනවා…හදවතට දැනෙන්නම ලියලා තියෙනවා…. දුක හිතෙනවා කතාව කියවද්දි…. හිතට දැනෙන්න කතාවක් ලියනවා කියන්නේ ඉතිං ගොඩක් සාර්ථකයි… තවත් මේ වගේම ලස්සන කොටසක් අරගෙන හෙට එන්න…. මං අයියා නගෝ දෙන්නටම සුභපතනවා….

  4. Dunasha Gamage

    wowww wowww niymai hodada yalu adath kthaw.
    Superb……..
    Meeta wada loku episode dnna brid yalu oyt?digata digata digata digata digata kiyawann asai halo.?

    1. Aththatama nangita pluwan hamwelawama digata liyanwa math godak busy aiyya knek nangith a wagemayi ithin pluwan Hama welawema sadaranayk karanna podi ewa dana dawasata samawenna .. thank you so much budusaranyi

  5. Hashini Navanjana.

    අද කොටසත් පුදුම තරම් හදවතට දැනුනා අයියේ…. ❤❤❤ රණවිරුවො ගැන කියනකොටත් හිතට දැනෙන්නේ අමුතුම හැගීමක්.. ඒක අභිමානයක් කිවුවොත් හරි…. ගොඩාක් ලස්සනට ඒ දේවල් ඔයා අකුරු කරලා තියනවා…. හරිම ලස්සනයී… ????
    රණවිරුවො ගැන ලියවුනු කතාවක් නම් මීට කලින් කියවලා නෑ මං.. ඒත් ලිපි කියවලා තියනවා.. ඒ එකක් වත් මේ තරම් හිතට දැනිලා නෑ… ඒ ලිපි ලියලා තියෙන්නේ වෘත්තීය වශයෙන්ම කතුවරු වෙන අය. ඒත් එයාලත් නොකරපු තරම් ලස්සනට සංවේදීව ඔයා ලියලා තියනවා…
    You are the best… ????
    දැන් නම් ෂෝයී නේද…. ???? ඇයි ඉතිම් රනූත් තරූගේ ගෙදරටම නේ නවතින්න යන්නේ… ???
    ඒ නිසා එයාලා ඉක්මනින් යාලු වෙයි නේද… ???
    ඇත්තටම අම්මා තාත්තා කවුරුවත්ම නැතිව අසරණ වෙලා ත්‍රිවිධ හමුදාවට ගියපු අය කොච්චර නම් ඉන්නවා ඇතිද…. ඒ අතරේ හොඳට ඉගෙන ගත්ත ලොකු පවුල් වල ළමයි පවා හමුදාවට බැදෙන්නේ සල්ලි ? ? වෙනුවෙන් නෙවෙයි රටට තියන ආදරේ නිසා… ඒත් නූගත් මිනිස්සු කියන්නේ ත්‍රිවිධ හමුදාවෙ ඉන්නේ අට පාස් ආමි කාරයෝ කියලා… කොච්චර නම් කැතද ඒ වචනේ පවා… රට වෙනුවෙන්ම කැපවෙන ඒ රණවිරුවන්ට ලැබෙන්න ඕනි වටිනාකම අද නැති වෙලා තියෙන්නේ ඒ වගේ පහත් විදියට හිතන නූගත් මිනිස්සු නිසා.. නැතුව ඒ කොල්ලෝ කෙල්ලෝ නෙවෙයි නූගත්… හොඳ උගත් බුද්ධිමත් පිරිසක් තමයි ත්‍රිවිධ හමුදාවෙ ඉන්නේ. මේ මිනිස්සුන්ගේ මෝඩ අදහස් නැති කරන්න ඔයාගේ කතාව ලොකු පිටුවහලක් වෙනවා අයියේ… අනිවාර්යයෙන්ම… ඔයාගේ මේ ලස්සනම ලස්සන කතාවෙන් ලොකු පණිවිඩයක් වගේම ආදර්ශ ගොඩාක් ගන්න පුලුවන් හැම කෙනෙක්මට. . ඔයාටයි නංගියටයි මේ වගේ ලස්සන වටිනා කතා තව තවත් ලියන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා… ?????
    Best of luck…. ????

    1. Meme comment daddi mama monawa liyannada kiyala matama hitha ganna ba nangiya e thatam adaraniya comment patta sathutak danenne me wage loku comment eddi pattama sathutak oyala wage loku reply comment Danna aiyyata time Madi ekata Mata samawa denna ha da … Oyala adaren kathawa kiyawanna nisayi oyala mechchara kathawa danenne nangiya thank you so much budusaranyi heta anidaa lassan keti kathwak dennam ko

      1. Hashini Navanjana.

        Don’t vorry aiyaaa…. ??? අයියෝ… අපි තරහා වෙන්නේ නෑ අනේ… ?? ඔයා කොච්චර බිසී උනත් පොඩි හරි රිප්ලයි එකක් දෙනවනේ අනිවාර්යයෙන්ම… ඒකත් හොඳටම ඇති.. ඒ නිහතමානී කමට අපි ගොඩක් ගරු කරනවා අයියේ… ඉතිම් මේ පුංචි රිප්ලයි එකත් ලොකු සතුටක් අපිටත්… ?? හා.. හා… කෙටි කතාව ඉක්මනට දෙන්නකෝ… මට නම් ලගදි කතාවක් ටයිප් කරන්න බැරි උනා… මං ලියන්නේ නැතිවනේ කතාව ටයිප් කරන්නේ..

  6. කතාව ගොඩාරියක් ලස්සනයි.
    සමාජයේ අපි නොහිතන පැත්තක් ගැන හරි ලස්සනට හිතලා තියෙනවා.
    ඒ ගැන කියන්න වචන නැති තරම්.
    කතාව නම් මාරම මාරයි.???
    සමාජයේ මේ වගේ දේවල් සිද්ද වෙනවා නේද කියලා හිතෙද්දී හරිම දුකයි.??
    අයියටයි නංගිටයි දෙන්නටම සුභ පතනවා හිතන පතන සියල්ලම සාර්ථක වෙන්න කියලා.

    1. Mata sithmi nangita one wensama Katha liyanna kenkuata deyak ganna pluwan dewal mamakathawe magdi deyak liyanwa eka aniwa oyalage comment balaporothu wenawa hode budusaranyi .. thank you so much

  7. Kathava athule hama චරිතයක් hama pasubimakma godanagala thiyenne ape ආදරණීය army ekata gauravayak upaharayak vena vidiyata.e hageema me kathava kiyavan yaddi le valatama rata gana adarayak e vagema army sahodara sahodariyan gana gauravayak athivenava.
    Oyage nirmanaya athi sarthakai.good luck

    1. ඒ ගෞරවය ත්‍රිවිධ හමුදාවට අපි හැමදාම දෙන්න ඕනේ sathutuyi oyalage comment dakkama budusaranyi thank you so much

  8. Aththatam aiye me kathawa oyla denna hawdawathtam danenna liyla thiyanawa aiye. Army eke ayta 8 pass army karayo kiyana ayatadn e 8 pass army karayongenma araksha labagnna wela kiyla hithankota hinath ynawa aiye sinhala godak minissunge hatiyklune aiye onama deyak mathaka thiyenne sathiyai kiyna eka e wage ltt eken ape rata beragaththa ape ranwiruwonwa 8 pass army karayo kiyla hallu karla katha karnna tharam ape minissu pahalat watila aiye e wage hithana minissunta me kathawa godak dewal kiyla denawa aiye. Ape rata araksha karnna divi piduwa ranwiruwo wagema udde nisa dn abaditha widiht jiwath wena apema sahodara ranawiruwonta karana garuwayak widihatai mnnm me kathawa dakinne aiye. Oyala dennat thawa duratath ape ranawiruwo gana ape minissunge hawdawathat kawaddanna thawa thawath hodata me kathawa liynna puluwan wenna shakthiya dairya labenna kiyla mn prarthana karnawa aiye jayasri mahabo samidu pihitai aiye & nangi

    1. Oyalage comment kiyavwaddi danena sathutata kadukuth enawa aththatama api sarthakayi kiyala hithenawa thank you so much loku reply Danna time ekak na eka nisa samawenna budusaranyi wadath ekka me okoma karanne

  9. Aiye kathawa hadawathata godak danuna maara lassanata oya kathawa liyala thiyenawa.hithe thiyena hama prashnayakma amathaka wenawa mata kathawa kiyawaddi e tharam oyage kathawa hithata danuna. Oyatai nangitai dennatama suba pathanawa thawa katha api wenuwen liyanna shakthiya dairiya labenna kiyala. Oyage keti kathawath ikmaninma enakal balan innawa.theruwan saranai.

  10. ලස්සනට ලියල තියෙනව .ඒත් මං වැඩිය කැමතියි අර හමුදාවේ අයියල අඩනවයි කියලා නොලිය ඉන්නවනම් .මගේ තාත්තත් හමුදාවේ යුද්ධය කාලෙ සේවය කරපු කෙනෙක්. මං මගේ රටේ රණවිරුවන් ගැන ගොඩක් ආඩම්බරයි . ඒ නිසා මං කැමති නෑ උසස් හමුදා නිලධාරියෙක් එයාගෙ යටතෙ ඉන්න අයට කෑම කවන scene එකට. මට මතකයි ඉස්සර මගේ තාත්තත් එයා යටතෙ හිටපු තරුණ අයියල අක්කල එක්ක එනව අපේ ගෙදර කෑම කන්න. එයාල ගෙදරට ඇවිත් උනත් තාත්තට සැලකුවෙ පුදුමාකාර ගෞරවයක් ඇතුව .ඉතින් මට සැකයි එහෙම කෑම කවා ගනියි කියලා .
    හිත රිදුනනම් සමාවෙන්න . මං ඉදිරිපත් කලේ මගේ අත්දැකීම් එක්ක comment එක විතරයි . හැබැයි බොලද love story වලට වඩා ආසාවෙන් කියවන්න පුලුවන් කතාවක් .

    1. ඔයා කියන කතාවට මං අනිවාර්යයෙන් ම එකඟයි ඒත් අපිට ඕන වුණේ හමුදාව කියන්නේ කවුරු වගේ කියන කට්ටියක්ද කියලයි පෙන්වන්න මොකද හමුදාවේ කොල්ලෝ ලස්සන හදවත් තියෙන කට්ටියත් ඒක කවුරුත් දකින්න නෑ අපට ඕන වුණේ ඒ හදවත් ගැන කියල දෙන්නයි ඒකයි අපි ඒ විදියට ලියන්න අපසු තාවයකට පත්වුනා නම් වැරදි දෙයක් කියවුණා නම් සමාවෙන්න බොහෝමත්ම ස්තූතියි ඔයාට තෙරුවන් සරණයි

  11. අයියේ මුලින්ම කියන්නෝන කතාව පට්ට…එන්න එන්නම ගොඩාක් ලස්සනයි….ඇත්තටම මට නම් චිත්ත රූප මැවෙනවා අයියේ…රනූ, තරූ , කලූ, අනිත් හැමෝමත් මගේ හිතේ සිතුවම් වෙලා ඉන්නේ…එහෙම සටහන් වෙන්න තරම් ඔයා එයාලගේ අනන්‍යතාව සුපිරියටම ඉස්මතු කරල තියෙනවා හලෝ….කතාවක් කියන්නේ මම හිතන විදියට සැබෑ ජීවිතය ඒ විදියට පෙන්වා දෙන එක නෙවෙයි…පාඨකයාට රසයක් ලබාදීම..ඒකට අලංකාර , අතිශයෝක්ති, වගේ ඒව එකතු කරන්නෝන රසවත් වෙන්න…ඔයා හොද…..ට ඒ දේවල් ඇඩ් කරල නිසා තමයි ඔයාගෙ කතා වලට මේ තරම් අපි බැදිලා ඉන්නේ ……
    ඒක තමයි අයියේ ඔයා සාර්ථකයි කියන්න හොදම උදාහරණය……
    සුභ පැතුම් අයියටයි නන්ගියටයි දෙන්නටම…….

    1. Sithmi nangita thmayi godak hodayi kiyanna one hode aniwarenma nangiya kathawak denna one ekama vidiyata newe API waddo newe eth balanna asavidiyata ape basawen liyanwa oyalage comment thamyi ithin mechchara sakthimath thank you so much budusaranyi

  12. Chathu indeewaree

    සමාවෙන්න අයියේ කමෙන්ට් කරන්න ලේට් වුණාට. දැන් තමයි ෆ්‍රී වුණේ මම.. කියන්න වචන නෑ අයියේ. ඒ තරම්ම ලස්සනයි කතාව. මටම හිතාගන්න බෑ කොහොම වචන ගලපන්නද කියලා කමෙන්ට් එකක් දාන්න..හදවත ගොළු වුණා වගේම නෙත් කෙවෙනි තෙත් වුණා අයියේ අපේ කොල්ලෝ ගැන ඔයා කියලා තියෙන දේවල් වලට.

    ඇත්තටම මේ කතාව කියවද්දී හිත පුදුම විදියට සංවේදී වෙනවා අයියේ . ඔයා ඒ තරම්ම තාත්ත්විකව ඒ පරිසරය, චරිත අපේ ඇස් ඉදිරිපිට ජීවමාන කරනවා. ඒ අතින් ඔයයි නංගියි දෙන්නම අතිසාර්ථකයි අයියේ…

    අපේ කොල්ලෝ ගැන අද ගොඩාක් අය නොදන්න ඇත්ත ඔයා කිසිම ආයාසයක් ගන්නැතුවම අපේ හිත්වලට ,අපේ ලේ වලට කාවද්දනවා. මේ කතාව කියවද්දි අපේ කොල්ලෝ ගැන පුදුම විදියේ ආඩම්බරයක් දැනෙනවා අයියේ. ඒ වෙලාවට හිතට එන ගැම්ම ගැන කියන්න මට වචන නෑ මට.

    ඉතින් ඔයාටත් නංගිටත් ගොඩාක් පින් අයියේ අපේ වීරෝදාර රණ විරුවන්ට අහිමි වුණ අභිමානය, ගෞරවය මේ කතාවෙන් හෝ ලබාදෙන්න උත්සාහ ගත්තට. රැල්ලට යන හරසුන් නිර්මාණ බිහිවන , වර්තමාන තාරුණ්‍යයද ඒ පසුපසම හැල්මේ දුවන මෙවන් යුගයක මෙවන් හරවත් නිර්මාණ සමාජගත කිරීම හරියට උඩුගං බලායාමක් වගෙයි. විවිධ බාධක අවහිරතා මැද වුවද ඔබ යා යුත්තේ ගඟ ගලන දිශාවට නොව ඊට විරුද්ධ දිශාවටයි..ඒ සඳහා ඇවැසි ශක්තිය ධෛර්යය ඔබටත් නැගැණියටත් නොඅඩුවම ලැබේවායි ❤ ම පතමි. ඒ වගේම ඔබේ සුරතින් , ඔබේ පන්හිඳෙන් මෙවැනි හරවත් නිර්මාණයන් තව තවත් බිහිකරලීමට හැකිවේවායි!! ආදරයෙන් ප්‍රාර්ථනා කරමි.. ඔයාටත් නංගිටත් බුදු සරණයි!!! අයියේ…

    1. Mama eth baluwa moko comment eka parakku kiyala loku reply Danna tharam time ekak Na Nangiya eth pluwan viditata comment ekata watinakamak denawa mama moko comment eke thiyena sakathiya Mata loku sathutak hadawathinam kiyanne eka aniwarenma nangiya API wenasak karanna one hamdma Hama wachnaketama thank you so much budusaranyi good night nangiya

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.