Katha Ahura

කටු අනෝදා | ➡️ 09 ගෙඩිය ⬇️ | හොල්මන් කතා

5/5 - (1 vote)

කටු අනෝදා ➡️ 09 ගෙඩිය ⬇️

මම දිහා බලන් උන්නේ මම මීට් කලින් කිසිම දවසක දැකල තිබ්බේ නැතී විශාල ඇස් දෙකක් තිබ්බ මිනිහෙක්. ඔහුගේ ඇගේ සමෙ බායයට බාගයක්ම වගේ සුදු කබර කියන රෝගය අක්‍රමනය කරලා තිබ්බා. ඒ නිසාම ඔහු දිහා බලද්දී මට දැනුනේ පොඩ්ඩක් විතර හිත ගැස්සෙන සොබාවක්.

“උබ මොකක්ද මේ පාලු ගෙට වෙලා කරන්නේ.”

ඔහු ඇහුවේ තදින්..

” මම් මම්…ම…”

මට කිසිවක් කියාගන්න බැරිව ගොත ගැහුවා.

” උබ අර දොර අරින්න නේද ආවේ…”

ඔහු කිව්වේ අර වහල තියෙන දොරට අත දිගුකරලා.

” නෑ මම ඒක අරින්න නෙමේ ආවේ….”

” නෑ උබ ඒක අරින්ඩ තමා ඇවිල්ල තියෙන්නෙ… හොදට බලපන් දොරෙ ලියල තියෙන දේ…. ඔය කාමාරේ ඇතුලේ බිහිසුණු යක්ශයෙක් හිරකරල තියෙනවා….. උබ ඒ දොර ඇරියොත් ඒ යක්ශයා එතනින් ලේසියෙනම ගැලවිලා යයි… බලපන් හොදට දොර…”

ඔහු ආයේ පාරක් කියද්දී මම ඒ වහල් තිබ්බ දොරෙ ලියල තිබ්බ දෙ කියෙව්වා

” මේ දොර අරිනවා තියා අත තියන්ඩවත් එපා .මේ දොර ඇතුලට වෙන්න ඇති උමගක බිහිසුනු යක්ශයෙක් හිර කර ඇත. ඔබ ඒ යක්ශයාගේ ගොදුරක් වෙන්න ආසනම් දොර ඇරියාට කමක් නැත.”

ඒ විදිහට ඒ දොරේ ලියා තිබ්බේ බිහිසුනු යක්ශ මූනකුත් එක්ක.

” මේක ඇත්තක්ද”

මම ඒක අහද්දී මට් ම්තක් වුනා ඊයේ රෑ අර කණ්නාඩිය ඇතුලෙන් අපු අර හොල්මන් රුව ඒ කිව්ව දේ. ඒ ආත්මයට ඕනා වුනේ ඒ යක්ශයා මා ලවා නිදහස් කරගන්න නේද…

” ඔව් ඒක ඇත්ත… ඒත් උබ ඇයි… මේ පාලු ගෙට ආවේ….. ඇත්ත කියපන් උබ මොනව හරි දන්නවා කිය්පං”

එහෙම කියපු අර මිනිහා එකපාරම ඉනෙන් උල් පිහියක් අරන් මගේ ගෙලෙ තිබ්බේ මාව තිගස්සවමින්.

” ඇ…ඇයි මේ…. ”

” කියපං උබ මොනව හරි දන්නවා.. නැත්නම් මේ පාලු හෙට උබට එන්ඩ හිතෙන්නේ නෑ…. මට ඕන උබ මේ ගෙට ආවේඇයි කිය්ල දැනග්න්ඩ විතරයි. උබ අර යක්ශනීගේ බැල්මට අහුවෙලානම් ,මට ඕනා කොහොමද ඒ යක්ශනී උබල වගේ උන් ග්‍රහනයට අල්ල ගන්නේ කියල හොයාගන්න එක විතරයි.”

” යක්ශනී………. ”

මේ මිනිහා කියන ඒ යක්ශනී අර කන්නාඩියෙන් පේන හොල්මන් ආත්මයද.

” ඔව් යක්ශනී…උබ ඒ යක්ශනීගේ ග්‍රහනයට අහුවෙන්න මොකක්ක්ඩ් කෙරුවේ…..”

ඔව් මට දැන් විශ්වාසයි ,මේ මිනිහා හිතන යක්ශනී තමා මම ඒ දැක්ක හොල්මන් රුව. සමහර විට මම දන්න දෙවල් මේ මිනිහට කිව්වොත් මට එ යක්ශනීගෙන් ගැලවෙන්න පොටක් පාදාගන්න පුලුවන් වෙයි.

” මම මේ වත්තේ කටු අනෝදා ගෙඩියක් කැඩුවා ,ඊට පස්සේ තමා මේ ඔක්කොම වුනේ…. ඊට පස්සෙයි මේ ඔක්කොම දේවල් වුනේ….”

” ආ ඒකයි එහෙන්ම් මේ යක්ශනීගේ වැඩෙ…. ඒත් අපි කොහොමවත් හිතුවේ නෑ.. මේ වැඩෙව්ට කටු අනෝදා ගස්වල් සම්බන්දයක් තියෙනව කියල….”

කියපු මිනිහා පිහිය ආපහු මගෙ ගෙලෙන් අරන් ඔහුගේ ඉනේ ගසාගත්තා.

” එහෙනම් ඒ කටු අනෝදා හස්වල ගහල තියෙන්නේ ,ඒ අනෝදා කඩන්ඩ එපා කිය්ලා…”

” ආ ඒක දිගම දිග කතාවක්…ඒක උබට කියන්ඩ වෙලාවක් නෑ.. ඊට කලින් මේ වැඩෙන් නිදහස් වෙන්ඩ ඕනා…. උබ දන්නවද ඔය යක්ශනීගෙ හ්‍රහනයට් අහුවෙලා මේ දොර අරින්න මීට කලින් උබල වගේ මිනිස්සු අට දෙනෙක් ආවා….අර පේනවා නේද අර සීනුව”

එහම කියපු ඔහු තවම නොනවත්වා නද දෙන සීනුවට අත දික්කෙරුවා.

” ඒ සීනුව නොවෙන්න මේ වෙද්දී ඒ යක්ශයා එතනින් නිදහස්වෙන්නත් තිබ්බා. මමයි ඕක හයිකෙරුවෙ… ඔය දොර ලගට කවුරුහරි කිට්ටු වෙද්දී ඔය සීනුව නාදවෙනවා… එතකොට ඒක මට දැනෙනවා…”

” ඒ කොහොමද ඒ…”

මම පුදුමෙන් අහද්දී ඔහු සරමේ එක කොනකින් උස්සලා මට ඔහුගේ ඉන පෙන්නුවා. ඉනේ යන්තරයක් බැදල තිබ්බා.

” පේනවා නේද මේ ඉනේ තියෙන යන්තරේ ,ඔය සීනුව නාදවෙද්දී මගෙ මේ ඉනේ බැදල තියෙන යන්තරය රත්වෙනවා… එතකොටයි මම දැනගෙන්නේ ඔය සීනුව නාදවෙනවා.. ඒ කියන්නේ මේ දොර ලගට කවුරුහරි කෙනෙක් ඇවිල්ලා කියල .

ඉතින් මේ දොර ලගට මීට කලින් ඔහොම අටදෙනෙක් ඇවිල්ල තිබ්බා. අර යක්ශනීගේ ග්‍රහනයට අහුවෙලා… ඒත් උන් එකෙක්වත් කිව්වේ නෑ. උබ ඔය කිව්ව අනෝදා කඩපු කතාව. උබේ කටින් ඒක කියවුනේ ඇයි කියලත් මට ප්‍රශ්නයක්…. ඒත් උන් අටදෙනාම මේ වත්තේ ඊට පස්සෙ දවසේ බෙල්ල මිර්කල මරල දාල තිබ්බා. ඒක අර යක්ශනීගේ වැඩක්…..”

” එහෙනම් අනෝදා ගස් නිසා ඕවා ගැන දන්නේ නැත්නම් ඇයි ඒ ගස්වල ,අනෝදා කඩන්න එපා කියල ගහල තිබ්බේ.”

” ඒව මමය් ගැහුවෙ..සීයට සීයක්ම විශ්වාසයක් තිබ්බේ නැතත් ,මට පොඩි සැකයක් තිබ්බ යක්ශනීගේ බැල්ම ඔය අනෝද ගස්වලට වැටිලද කියල. අර මැරුනු අටදෙනාගෙන් දෙන්නෙක් මේ වත්තේ අනෝදා කඩනවා පාරේ යන කෙනෙක් දැකල මට කිව්වා. අනිත් හය දෙන්ත් කවුරුවත් දැක්කෙ නැතිවුනත් මේ වත්තේ අනෝදා කඩන්ඩ ඇතී. ඉතින් ඒ සැකය හින්දා තම මම් අනෝදා ගස්වල ඔය් දේ ගැහුවේ… ඒත් උබේ කටින් ඒ ගැන කියනකම් අර කලින් එකෙක්වත් මට ඒ ගැන කෙල බිදක් හෙලුවෙ නෑ…

හරි දැන් උබ කිව්වනේ… දැන් ඉතින් තියෙන එකම දේ මේ වත්තේ තියෙන අනෝදා ගස් ඔක්කොම ගලවල දාන එක විතරයි.”

කියපු අර මිනිහා ඔහුගේ කමිසෙ උඩ සාක්කුවෙ තිබ්බ ෆෝන් එක අරන් කාටද කෝල් එකක් ගත්තා.

” ආ ජයේ ගුරුන්නාන්සේ ,අපි මෙච්චර කල් අහුවුනේ නැති අර යක්ශනීගේ හේතුව හොයාගත්තා…. ඒ අර කටු අනෝදා. ඉක්මනට වත්තට එන්ඩ…මම හදන්නේ බැකෝ එකක් දාල මුලු වත්තෙම කටු අනෝදා ගස් ගලවන්ඩ…”

ඔහු තව්ත් බොහෝ දේවල් ෆෝන් එකෙන් කතාකරල් ඉවරවෙලා මා දිහා බැලුවා.

” හ්ම්ම්ම් දැන් කොල්ලෝ උබ යමන්….”

” ඒත් ඒ යක්ශනී නෙතුශිකායි මාවයි මරල දායී…අපි දෙන්න ඒ යක්ශනීගෙන් බේරෙන්නෙ කොහොමද….. අපිටත් අර අය වගේ මේ පාලු වත්තේ මරල දායී…..”

” හ්ම්ම්ම්ම් හිටින් ගුරුන්නාන්සේ ඒකට උබලට පිලියමක් දෙයි….”

මම අහපු දේට ඒ වගේ පිලිතුරක් ඔහු දෙද්දී මගේ හිතට දැනුනේ සැනසුමක්…
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

බැකෝ කාරයෙක් ඇවිට් මුලු වත්තේම කටු අනෝදා ගස් එකින් එක ගලවන්න පටන්ගත්තා. තව ටිකවෙලාවකින් වෑන් එකක රියදුරෙක් එක්ක අවුරුදු පනහක විතර මිනිහෙක් ආවා.

” ඔන්න ජයේ ගුරුන්නාන්සේ ,ගුරුන්නාන්සේ ටත් හොයාගන්න බැරිවුන දේ මේ සරා හොයාගත්තා….ඕකට හේතුව අපිට අඩුම ගානේ අංජනම් දේවිවත් පෙන්නුවේ නෑනේ….”

” ඔව් ඒ යක්ශනී කපටි යක්ශනියක් , දන්නවනේ උබ ඒකී ජීවත්වෙලා ඉන්නකොටත් කරපු දේවල්….. දැන් තියෙන්නෙ කොහොමහරි ඕකිවත් අල්ලල හිරකරන එක….. මේ කටු අනෝදා රහස අපි දැනගත්තට පස්සේ දැන් ඇති වියරු වැටිලා වගේ… හහ් හහ් හා….”

ජයේ ගුරුන්නාන්සේ කිව්වෙ සරා දිහා බලමින්.

” ගුරුන්නාන්සේ මෙන්න මේ කොල්ල නොවෙන්ඩ අපිට මේ කිසිම දෙයක් හොයාගන්ඩ බැ… ඒත් ඒ යක්ශනී මෙ කොල්ලට මොනව කරාවිද දන්නේ නෑ……කොල්ලට මොකක් හරි අරක්ශාවක් කරන්න වෙයි නේ….”

සරා කියද්දී ගුරුන්නාන්සේ මම දිහා බැලුවේ විනිවිද හෙලන බැල්මක්.

” හ්ම්ම්ම් යමං කොල්ලෝ එහෙනම් මාත් එක්ක දේවාලෙට ආයේ ඒ මල යක්ශනී උබ දිහා බලන්නෙවත් නැතිවෙන්න වැඩේ මම කරන්නම්, මේ ජයේ ඉදිරියේ උබ එදත් පරාදයි…අදත් පරාදයි…හහ් හහ් හා…..”

ගුරුන්නාන්සේ හිනාවුනා…

” අනේ පින්සිද්දවෙයි ගුරුන්නාන්සේ අපිව ඒ යක්ශනීගෙන් බේරලා දෙන්ඩ…..”

මම පිංසෙනඩු වුනා. මේ වෙද්දී වත්තේ තිබ්බ කටු අනෝදා ගසුත් බාගෙට බාගයක් ගලවල අවසන්…. කටු අනෝද ගෙඩියක් කඩපු අර යක්ශනී මම පස්සේ ආවානම් ඒ ගස් ගලවන බැකෝකාරයා පස්සේ යක්ශනී එන්නෙ නැතිවෙයිද. ම්ට එහෙමත් හිතුනා

” හරි වරෙන් කොල්ලෝ මාත් එක්ක…”

ගුරුන්නාන්සේ කියද්දී මම ඔහු පස්සේ අර වෑන් එක පැත්තට සරාත් එක්කම කිට්ටුවුනා. ඒත් වෑන් එක ලගටම යද්දී වැන් එක ලග වැටිලා තිබ්බ දේ දැකල මට ඇතිවුනේ දැඩි කම්පනයක්.

රතු ලේවලින් නැහවුනු අත් ඔරලෝසුවක් එතන බිම වැටිලා තිබ්බා. ඒ ඔරලෝසුව කාගෙද කියල මට අදුරගන්න අමාරුවුනේ නෑ………..➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️ තවත් අනෝදා ගෙඩියකට…

ඔරලෝසුව කාගෙද… ඕන ඔට්ටුවක් කාටවත් අනුමාන කරන්න බෑ ඉතින්?????????

කට්ටිය මේ අනෝදෙ අඩුවෙන් කයිද කියල.

එහෙම නෑනේ… ඔයාල කලින් වගෙම 9 අනෝදෙත් කනවනෙ…නේ

මම Raaz

9 thoughts on “කටු අනෝදා | ➡️ 09 ගෙඩිය ⬇️ | හොල්මන් කතා”

  1. Ane eka nethushige neda eyawa marlada ara yakshani. Aiyo mini marannanm epa raaz ewa aparada wada hariiii. Adath kathawa sipiri raaz mn ithin oyage holman katha kiyawanna godak kamathi. Ehenm hetath lokuma loku katu anoda gediyak dennko apita bs ehenm

  2. Hashini Navanjana.

    අපොයි… ???
    නෙතූගේ ද වොච් එක.. එහෙමත් නැත්නම් නෙතූගේ යාලුවාගෙ ද….????
    ඒ කියන්නේ ගීත්ගේ නංගි කෙනෙක් වෙන කෙනා.. ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.