Katha Ahura

රන් තරු | 08 කොටස | නවකතාව

5/5 - (1 vote)

08 කොටස

” මම අහලා තියෙනවා අයියේ සමහරු කියනවා හමුදාවෙ කොල්ලොන්ට තියෙන්නේ ගල් හිත් ලු….”

” ඉතින් ඔයත් හිතනවද ඒ කතාව ඇත්ත කියලා …..”

” නැහැ අයියේ ….මට හිතෙන්නේ එයාලා අපිටත් වඩා ගොඩක් සංවේදී අය කියලයි….”

” ඇයි ඔයා එහෙම කියන්නේ ….”

” ඔයාම හිතන්න අයියේ …

ගංවතුරක් ආවම කවුද අපේ පිහිටට ඉන්නේ කියලා …ඒ වගේ දරුණු අවස්ථා වල වුණත් පිහිටට හිටියේ ත්‍රිවිධ හමුදාවෙ අයියලා විතරයි …

සාමාන්‍ය මිනිස්සු ඒ දේවල් දිහා බල බල ෆේස් බුක් දාද්දි ගෙවල් වල ඉඳන් කයිවාරු ගහද්දි වතුරෙ බැහැලා දවස් ගනන් මිනිස්සුන්ට පිහිට වුණේ එයාලා….

ගං වතුරින් අනාත වුණු මිනිස්සුන්ට එයාලා කන්න බොන්න ගිහින් දීලා සලකද්දි හමුදාවෙ අයියලා කෑවද බිව්වද කියලා වත් අහන්න කෙනෙක් හිටියේ නෑ ….

එයාලා වෙනුවෙන් බත්මුලක් දෙන්න අපේ මිනිස්සුන්ට මතක් වුණේ නෑ …

දවස් ගණන් වතුරෙ බැහැගෙන මිනිස්සුන්ගේ ජීවිත බේර ගත්තා ඇරෙන්න එයාලගේ කුස ගින්න එයාලා පිටට පෙන්නුවේ නෑ…

මහලොකුවට ෆේස් බුක් එකේ පෝස්ට් දැම්මා කොල්ලො කෙල්ලෝ අපේ හමුදාවෙ අයියලටත් කන්න දෙයක් දෙන්න අමතක කරන්න එපා කියලා ….

ඒත් ඒ කවුරුත් ඇත්තටම හොයලා බැලුවේ නෑ හමුදාවෙ අයියලා කාලද බීලද වත් කියලා …

පෝස්ට් එකක් දාපු පළියට ඒ දේවල් එහෙම වුණා නම් අපේ හමුදාවෙ අයියලා මහ රෑට බස් ස්ටෑන්ඩ් ගානේ නිදා ගන්නේ නෑ නේද කාත් කවුරුත් නැති හිඟන්නෝ වගේ…

උදේ ඉඳන් මැරීගෙන වතුරත් එක්ක ඔට්ටු වෙලා මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න සටන් කරපු එයාලා තමන්ට තියෙන එකම නිළ ඇඳුමත් හෝදලා දාලා මහපාරෙ නිදාගෙන ඉද්දි කට්ටිය හරි ලොකුවට ෆේස් බුක් එකෙ පෝස්ට් දැම්මා ….

ලයික් නම් එන්න ඇත් දහස් ගනන්…

ඒත් ඒ කාටවත් බැරි වුණා අපේම හමුදාවෙ අයියලව පන්සලකට හරි එක්කන් ගිහිල්ලා පුංචි හරි තැනක් හදලා දෙන්න එයාලා වෙනුවෙන් ….

සිංහ ලේ කිය කිය ෆේස් බුක් එකේ උඩ පනින එක කොල්ලෙක් වත් ආවෙ නෑ ඒ දේවල් බලන්න ….

බත් මුලක් ගිහින් දීලා සෙල්ෆියක් ගහලා ඒක ෆේස් බුක් දාලා ජනප්‍රිය වුණා ඒ දවස් වල ඕන තරම් නලු නිලියෝ….

ඒත් එයාලගේ කකුලක ඒ වතුර බිංදුවක්වත් ගෑවුණේ නම් නෑ…ඉතින් කොහොමද පිහිට වුණා කියන්නේ ….

මිනිස්සු විතරක් නෙමෙයි අයියේ ගංවතුරට අහු වුණු පූස් පැටියා පවා එයාලා බේරගත්තා …

අන්න ඒකයි අපිට නොපෙනෙන එයාලට පෙනෙන මනුස්සකම කියන්නේ …

ගංවතුරින් සුනාමියෙන් අවතැන් වුණ මිනිස්සුන්ට සුනාමි ගම්මාන දීලා ආණ්ඩුවෙන් ගෙවල් නම් හැදෙව්වා….

ඒත් ඒවා හදන්න මහන්සි වුණේ කවුද කියලා ඒ මිනිස්සු අදටත් දන්නේ නැතුව ඇති…

ආණ්ඩුවෙන් පඩි ගෙවලා වැඩ කරන්න බාස් ලා එක්කන් ආවෙ නෑ…ඒ ගෙවල් හැදුවේ අපේම හමුදාවෙ අයියලා…

අටපාස් ආමිකාරයෝ කියලා බැන බැන ඒ ගෙවල් වලම ඉන්න මිනිස්සු අදටත් දන්නේ නැතුව ඇති ඒ මිනිස්සුන්ගේ හිසට සෙවන දුන්නෙත් ඒ ආමිකාරයෝ තමයි කියලා ….

ලැජ්ජයි අයියේ අපේම මිනිස්සු ගැන…ගොඩක් ලැජ්ජයි …

හොඳයි හොඳයි කියන මහ ලොකු ආණ්ඩු වලින් මොකද කරේ…අපේ හමුදාවෙ අයියලව කුණු කාණු අදින්න පවා එක්කන් ගියා…

ඒත් කවදාවත් එයාලා බෑ කියලා රණ්ඩු උනාද…එහෙමත් නැත්නම් මහ පාරෙ පිකටින් කරාද…නෑ ..

එයාලා කුණු පවා ඇද්දා…මිනිස්සු ඒක තේරුම් ගත්තා වැරදියට ….අටපාස් ආමිකාරයට අයිති ඒක කිව්වා …

එයාලා එහෙම කරේ රට ගැන හිතලා මිසක් ආණ්ඩුවට බයේ නෙමෙයි …

අපේ මිනිස්සු හරි ගුණමකුයි අයියේ …යුද්ධය ඉවර කරේ කවුද කියලා උන්ට මතක නෑ …

අඩුම තරමේ මේ විදියට නිදහසේ උන් අද හුස්ම ගන්නේ කවුරු නිසාද කියලවත් අපේ සින්හලයට මතක නෑ…

ඉතිරි එහෙම මුල අමතක වුණ උන්ට හරියාවිද අයියේ ….නෑ …

අද හරියයි…ඒත් උන් කවද හරි මැරෙන්නේ මේ මහපොළොවට ණයකාරයෝ වෙලා අයියේ ….”

ඒ ටික කියනකොටත් රනුදිගේ හඬ බොඳ වෙලා කියලයි මට හිතුණේ .ඇය මේ වෙලාවේ අඬනවද කියලා මට හිතා ගන්න බැරි වුණා .

ඒ නිසාමයි මම පුටු ඇන්දෙන් නැගිටලා ඇය ළඟට ගියේ .

” නංගි ඇයි මේ…ඔයා අඬනවද ….”

ඇය ඇස් වල කඳුළු පිහි දැම්මේ මට පෙනෙයි කියලා .

” නැහැ අයියේ …ඒත් මට දුකයි….ඒ අයියලා මාත් එක්ක ඒ ගැන කියද්දී මම මීට වඩා ඇඬුවා ….

එයාලත් අපි වගේම හැඟීම් දැනීම් තියෙන මිනිස්සු අයියේ ….එයාලත් ආසයි පවුලක් විදියට ගෙවල් වල ඉන්න ….

තරුණ කොල්ලො විදියට විනෝද වෙන්න ….

අපේම අයියලා මල්ලිලා විනෝද ගමන් ගිහින් විනෝද වෙද්දී හමුදාවෙ අයියලා මහ කැලෑවල් ගානේ සති ගනන් මාස ගණන් රැකගෙන හිටියා ….

මඩ වගුරුවල බැහැලා ඉද්දි කූඩැල්ලෝ පොකුරු පිටින් කකුල් වල එල්ලිලා ලේ බොද්දි ඒ අයටත් වේදනාව දැණුනා….

තිබහට බොන්න වතුර ටිකක් නැති වෙද්දී කාණුවල තිබුණු මඩ වතුර බීලා එයාලා තිබහ නැති කරගත්තා ….

එකම බූට් දෙක සති ගණන් දාගෙන ඉද්දි කකුල් කුණුවෙලා ගඳගැහුවා…ඒත් අපේ මිනිස්සු ඒවා දැක්කේ නෑ …

එයාලා විඳපු දුක අපේ මිනිස්සුන්ට දැනුනේ නෑ අයියේ ….

ඒත් ඒ විදියට කැපකිරීම් කරලා එයාලගේ හීන අත ඇරලා රට වෙනුවෙන් විතරක් කියන එකම හීනෙකට එයාලා සටන් කරේ අපේ ජීවිත බේරගන්න …..

මට හිතෙන්නේ අපේ මිනිස්සු මේ වීරයන්ට සලකනවා මදි කියලා …..”

” ඔයා ඒ ටික තේරුම් ගත්තත් හැමෝම එහෙම හිතන්නේ නෑනේ නංගි ….”

” දන්නවද අයියේ ….ඉස්සර මට පිස්සුවක් තිබුණා එක එක්කෙනාගේ ආදර කතා අහන්න …

තාත්තා එක්කන් එන අයියලාගෙන් මම අහනවා එයාලගේ ආදර කතා ගැන…

අපේ සාමාන්‍ය මිනිස්සුන්ට තරම් ලස්සන ආදර කතා එයාලට නැහැ අයියේ …සමහර අය ආදරේ නිසා දුක් විඳපු අය….

එයාලට මාස ගණන් නිවාඩු එන්න බැරි වෙනකොට ,එයාලගේ ගෑණු ළමයට නිතරම කෝල් කරන්න බැරි වෙනකොට එයාලත් දන්නෙම නැතුව එයාලගේ ආදරේ එයාලව දාලා ගිහින් වෙන අයව කසාද බැඳලත් ඉවරයි ….

තවත් සමහරු මේ වෙනකම් ආදරයක් නොලබපු අය….එයාලා ආදරය කරන්න බයවෙලා….

යාළුවන්ගේ අත්දැකීම් එක්ක එයාලා හිතන්නේ එයාලගේ ආදරෙත් ඒ විදියටම දාලා යයි කියලා ….

තවත් අය ආදරේ කරත් අම්මලාගේ අකමැත්ත නිසා වෙන් වුණ අය….එයාලා බයයි තමන්ගේ දුවව හමුදාවෙ කොල්ලෙක් ට බන්දන්න ….

එයාලා හිතන්නේ දූගෙ පැත්තෙන් විතරයි ….එයාලා හිතන විදිය හරිද කියන්න මට බෑ…

ඒත් හමුදාවෙ අයියලත් තවත් අම්මා කෙනෙක්ගේ දරුවෙක් කියන එක එයාලාට මතක නෑ ….

එයාලා කියන්නේ හමුදාවෙ කොල්ලෙක් බැඳලා දුවව කණවැන්දුම් වෙනවා බලන්න බෑ කියලා ….

ඒත් එයාලා එක මොහොතකට වත් හිතන්නේ නෑ ඒ හැම කොල්ලෙක්ම දුක් විඳින්නේ රට වෙනුවෙන් කියලා ….

අඩුම තරමේ එයාලා මේ විදියට නිදහසේ ජීවත් වෙලා ඉන්නේ හමුදාවෙ අයියලා නිසා කියලා හිතන්න බැරි තරමටම මිනිස්සු හරි ආත්මාර්ථකාමී වෙලා අයියේ …..”

” ඇත්තටම මට හරි පුදුමයි නංගි ඔයා ගැන…..

මම හිතන්නේ නැහැ අපේ ගෙදර කෙනෙක් වත් හමුදාවෙ කොල්ලො ගැන මේ තරම් ආඩම්බරයෙන් කතා කරාවි කියලා …..”

” හැමෝටම නොපෙනෙන ඇත්ත ගැනයි අයියේ මම මේ කතා කරේ….

එයාලගේ ජීවිතේ දුක්බර පැත්ත ගැන කවුරුත් කතා කරන්නේ නැහැ …

එයාලා කොයි තරම් නම් රට වෙනුවෙන් කැප වෙනවද කියලා අපේ මිනිස්සුන්ට දැනෙන්නේ නෑ අයියේ …..

එයාලත් ආසයි සාමාන්‍ය මිනිස්සු වගේ විනෝද වෙන්න ….සතුටු වෙන්න ….පවුලෙ අයත් එක්ක එකට ඉන්න …..

ඒත් ඒ හැම දේකින්ම ඈත් වෙලා එයාලා මේ තරම් දුක් විඳින්නේ රට වෙනුවෙන් කියන හැඟීම වත් අපේ ගොඩක් මිනිස්සුන්ගේ හිත් වලට දැනිලා නෑ අයියේ ……”

” ඔයා කියන දේවල් ඇත්ත නංගි …මට ඇත්තටම සතුටුයි ඔයා ගැන…..”

” අපේ තාත්තා කිව්වේ කවදහරි මගේ මහත්තයා අතක් පයක් නැතුව ආවත් දුක් වෙලා අඬලා එයා රට වෙනුවෙන් කරපු සේවයට අවමන් කරන්න එපා කියලා …..

මගේ මහත්තයා මැරුණත් ඒ රට වෙනුවෙන් කියලා හිත හදා ගන්න තරම් මම දැන් ශක්තිමත් අයියේ …..

රණවිරුවෙක් විදියට මගේ තාත්තා ජීවිතේ දකින්න මට පුරුදු කරා….මගේ කියන හැඟීමෙන් නෙමෙයි අපේ කියන හැඟීමෙන් වැඩ කරන්න කියලයි කිව්වේ …..”

” ඔයාගේ තාත්තා උගන්නපු දේවල් එක්ක රණවිරුවා කියන්නේ කවුද් කියලා ඔයා ගොඩක් හොඳට තේරුම් කරා නංගි ….

සමහර විට අපි වත් ඒ විදියට අපි ගැන හිතලා නැතුව ඇති……”

” අයියේ …..”

” ම්ම්ම්ම්…..”

” දෙයක් අහන්නද……”

” අහන්න නංගි …..”

” ඔයාට නැද්ද එහෙම ආදර කතාවක් ….”

” තිබුණා නංගි …ඒත් ඒ ආදරේ මං ළඟ ඉන්න බැරි වුණා …”

” මාත් එක්ක කියනවද……”

” ම්ම්ම්….කියන්නම් නංගි….”

” ඔයාට ඒක දුකක් ද…..”

” නැහැ නංගි…..මම දැන් එයාව අමතක කරලයි ඉන්නේ …..

ඊට වඩා ලස්සන බලාපොරොත්තුවක් මගේ ජීවිතේට ඇවිත් තියෙන්නේ …..”

” ඒ කිව්වේ අයියේ …..”

33 thoughts on “රන් තරු | 08 කොටස | නවකතාව”

  1. Chathu indeewaree

    මාරම හැඟීමක් දැණුනා අයියේ ඒ වචන ටිකටනම්.. කියන්න වචන නෑ අයියා….ඔයාලා දෙන්නානම් මාරම මාරයි..ඇගේ හීගඩුත් පිපුණා… මේ තරම් හිතට වදින විදියේ වචන ටිකක් මගෙ මේ අවුරුදු 27ට මම ඇහුවමයි අයියා… සම්, මස් , නහර , ඇට සිඳ, ඇටමිඳුළු වලටම කිඳා බහිනවා ඒ හැඟීම… මගෙත් අයියලා තුන් දෙනාමත් වීර සෙබළු. ඒ අය ගැන මගෙ හිතේ තියෙන ගෞරවය , අභිමානය, ආඩම්බරය තවත් වැඩි වුණා අයියේ ඔයාගේ මේ වචන ටිකට.

    ඉස්සර මට මතකයි අයියලා නිවාඩු ආවම අම්මා අප්පච්චිට නොකියපු දේවල් පවා මායි අක්කලා දෙන්නයි එක්ක කීවා. මොකද ඒ අය විඳින දුක ගැන අම්මලා එක්ක කියන්න අයියලා කැමැති වුණේ නෑ.. අපි අඬනවා වෙලාවකට ඒ අය කියන දේවල් අහලා.
    නගර අලංකරණ වැඩසටහන යටතේ කොළඹ නගරය හා අවට පිරිසිදු කරන්න නේවි එකෙන් අය දැම්මම අපේ පොඩි අයියත් එතන ඉඳල තිබුණා. කුණු ජරාව පිරිච්ච බේරේ වැවේ ඒ ජරාව සේරම අයින් කරලා තිබුණේ එයාල. ඔයා කීවා හරි අයියා. යුද්දේ ඉවර වුණාට පස්සේ අපේ සිංහ පැටවු ටිකට කරන්න වුණේ මේ කුණු ජරාව අදින එකයි, ගෙවල් හදන එකයි තමයි.. රටට විපතක් වුණ හැම අවස්ථාවකම ඉදිරියෙන්ම හිටියේ අපේ සිංහ පැටව්.. ඒත් අද ඒ අයට හිමි අභිමානය ඒ අයගෙන් උදුරගෙන මේ සමාජය. ඒත් ඒ අයට හිමිවිය යුතු තැන ගැනනම් ඔයා කියලා දුන්නා ලස්සනට අයියේ ආයේ කාටවත් මොනාත්ම කියන්න ඉතිරි නොකරම..
    දිගටම මේ විදියට ලියන්න අයියා. අපි හරි අපේ සිංහ පැටවුන්ට අපේ හදවතේ පළමු තැන ලබා දෙමු. ඔයාටයි නංගිටයි බුදු සරණයි! අයියේ….

    තල් වැටේ මායිමේ අවිදරා රකින සඳ
    සඳ එළිය ගගන ගැබ එකළු කරනා කලට
    සිහිවුණිද දිවිමගම එළිය කළ සඳවතිය…

    රුදුරු අව්කැන් වැදී ගත දවන අතර තුර
    රට රකින සොයුරනේ ගම්මානේ සිහිවුණිද..

    මවුබිමට වින කරන රුදුරු සතුරන් සමඟ – සටන් වදිනා කලට
    සිහිකරනු මැනවි අප සිතින් ඔබ අසල බව…

    1. Mata Hari sathutuyi nangiya mokada me wage comment danne ape kathawa oyata wadunu nisa eka Mata sathutak Mata Hari hadambaryi oyage shidarayan gana oya jiwamana diwarunge nangi kenk respect nangiya Loki reply nathuwa kiyanna one de mama awanakwma kiuwe hode godak sathutuyi nangi me comment balanwa eya oyala hamotama pin denawa thank you so much nagiya budusaranyi

  2. Dunasha Gamage

    yalu me adath ithin oyge kathwa mare mru hdada.dannawda mm oyge me kthwa kywann klin best ma rate aka denawa.mokada echcharatama sure kthwa hemdm niymai kyl.?onna onna dn oya adi deka thunk udinnd dnne ne inne??mm whiluwk kle hdada.
    ethtama meka kathawak kiyannama be hbei mokad…. meka thmai ape rate tiyna samaje ethtam thathwe.aka gena hithenkot nm lejjai.
    Kohoma unath mhema oyge friendsla adawan aka hri ne ned?☹️
    Mata hithena widiyata oyath harima sensitive boy kenek.
    All the best yalu.

    1. Kawadawath udin inna kenk newe nangiya mama noramal kollek ow Mata ekmanata onema dekata duka danena kenk eka Nam hariyatama Hari sathutuyi comment dakiddi thank you so much nangiya

      1. Dunasha Gamage

        Mm whiluwak kle yalu oyt.aka gen hithn epa echchrma.mm hithnne oya mge yluwek kyl akai chutty whiluwak kle.mm khomth hemwelema heena wela inna kemthi knek.

  3. ම්ම්ම්ම්ම්ම්…
    ..ඒ රෝස මලද……රනූ……..ද??නැත්තන් …….යේ..හේ….දෙන්නම…
    ඇත්තටම අයියේ ඔයාටයි නන්ගිටයි දෙන්නටම ගොඩක් පින් අපේ හමුදාවේ අයියලගෙ වටිනා කම මේ තරම් හදවතට දැනෙන්න ඉදිරිපත් කරනවට….ඇත්තටම ඇස්
    වල කදුලු පිරෙනව අයියේ…
    ????…මම හිතන්නේ හමුදාවේ අයියලා තරම් ලස්සනට ආදරේ කරන්න වෙන කාටවත් බැරිව ඇති….
    ඒ වගේම ඒ ආදරේ ආරක්ශා කරන්නත්….මාසයකට පාරක් ආවත් ඒ ආදරේ අඩු
    නැතිව හැමදාම වැඩි වෙනවා……???
    මේ රටේ මිනිස්සුන්ට හමුදාවේ අගේ තේරෙන්නේ කරදරයක් උනාම විතරයි….ඊට පස්සේ ඒ අය ගැන කිසිම තැකීමක් නෑ…ඒක අපේ මිනිසුන්ගෙ කැතම පුරුද්දක්….කතා අහුරේ යාලූ…..අපි හැමෝම ජාතියේ මුර දේවතාවන්ට ආදරේ ගෞරවය ලබා දෙමු……

    1. Danenawa oyalage comment hadawathtama a tharan adaraniya viditata liyanne comment ekata godak thanks nangiya and Manda ka ganda kiyana hadanne kiyala anith kotasin balamu ha da budusaranyi

  4. මං ඔයාගෙ කලින් දාපු comment එකට වදින්න වගේ කතාව පටන් අරන් තියෙන්නෙ ??????
    අන්තිම හරියෙන් තමයි ඔයා ඔයාගෙ කතාවට ඇවිත් තියෙන්නෙ .ඒක එහෙමයි නේද ? ගල් හිත් ගැන කීවෙ මං හමුදාවේ අයියල අඩනවයි කියලා තියෙන scene එකට කැමති නෑ කියපු නිසාද මංද. Sorry . මට කනගාටුයි ඒ ගැන . ඔයා කතාව ලියල තියෙන්නෙ හුගක් ආවේගශීලි ව. ඒක කියවද්දි තේරෙනවා . සමහරවිට මං වැරැදි වැටහීමකින් ඉන්නව වෙන්න ඇති. ඒත් ඒක කියවද්දි දැනෙන්නෙ එහෙම තමයි .සමාවෙන්න හොදේ.

    1. Ane me aiyya ehema kenk newe mama kathawe kotas deka thunak upload karala thiyenne nathi Nam welawata kathawa denna Bari nisa eka nisa oya hithana vidiya wardi mama ehema reply karanne na oya liyanne oyata hithena dewal mama eka bara ganne hadawathinam me wage comment walin Mata igena ganan dewal thiyenawa respect karanwa mama oyata samawa ganna one na oya wardak karala na thank you so much budusaranyi

  5. අම්මෝ ඒක…හදවතටම දැනුනා… කියන්න වචනත් නෑ…එච්චරටම සුපිරී…

  6. Hashini Navanjana.

    පුදුම සතුටක් දැනෙන්නේ අයියේ මේ වගේ දේවල් ඔයාගේ කතාවෙන් කියවන්න පුලුවන් උන එක ගැන. ඔයා ඒ කියලා තියන හැම දෙයක්ම හරිම වටිනවා. ඒ වගේම ලොකු ආඩම්බරයක් දැනෙන්නේ අපේ රණවිරුවන්ට ගැන. ඔයා කිවුවා වගේම ගං වතුරක් එහෙම ආවම නේවි එකේ, ආමි එකේ අයියලා කොච්චර නම් ඒ කුණු අදිනවද එයාලගේ අත් වලින් කිසිම කැතක් නැතිව එයාලා ඒ දේවල් කරන්නේ රටට වගේම ජාතියට තියෙන ආදරේ නිසාමයි. ඒ මොනවා කරත් එයාලට ලැබෙන්නේ සොච්චම් පඩිය විතරමයි. වෙන කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ.. එහෙම උනා කියලා එයාලා අනිත් රජයේ සේවකයෝ වගේ කවදාවත් ස්ට්‍රයික් කරන්නෙත් නෑ..
    ඒ වගේ රටට ලොකු මෙහෙයක් කරන මේ අභීත රණවිරුවන්ට ලොකු උපහාරයක් ඔයාගේ මේ කතාව…
    ඔයාගේ කතාවෙන් ලොකු ආදර්ශයක් ගේනවා වගේම හිතට දැනෙන විදියට ලස්සනට ලියලත් තියනවා. ආදරේ, වීරත්වය වගේ ඒ හැම පැත්තක්ම බැලන්ස් වෙන විදියට ඔයා කතාව ලියලා තියන විදියෙන්ම තේරෙනවා ඔයා කොච්චර නම් සාර්ථකද කියලා… ???? සොරි සොරි.. ඔයා විතරක් නෙවෙයි.. ඔයයි නංගියයි දෙන්නම. හදවතින්ම ❤❤❤ සුභ පතනවා ඔයාලා දෙන්නට… ??????
    Best of luck… ????

    1. Sathutuyi nangiya me wage loku comment dakiddi eth dukayi aiyyata oya wage loku reply Danna Bari wena ekata samawenna ekata hadawathta wadina comment nangiya thank you so much budusaranyi oyage rose mala mathak karanna eyata Meka ??

  7. අම්මෝ comment එක දාන්න එන්න උන දුර අයියා. ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් comment කියන්නෙ කතාව හිතට අල්ලපු පිරිස වැඩි කියන එකනේ. ඔයයි නංගි ගොඩක් සාර්තකයි අයියේ කතාව හිතට දැනෙන්න ලියලා. ඇත්තටම අද සමාජේ අපේ මිනිස්සු හමුදාවට දෙන වටිනාකම අඩුයි එයාලට අමතක වෙලා හමුදාව රට වෙනුවෙන් කල කැපවීම.. ඔයා ඒ දේවල් මිනිස්සුන්ට හරි ලස්සනට මේ කතාවෙන් කියල දෙනවා. තව දෙයක් කියන්න ඕන අයියා ඔයා ගොඩක් නිහතමානී චරිතයක්.ඔයා කොච්චර busy උනත් අපි දාන comment වලට පොඩි හරි reply එකක් දෙනවා ඒ නිහතමානී කමට මන් ගොඩක් ගරු කරනවා. ඔයාගෙයි නංගිගෙයි ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියල මන් හදවතින්ම සුබ පතනවා. බුදු සරනයි නංගිටයි අයියටයි දෙන්නටම.සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත්…???

    1. Math asayi oyala wage loku reply Danna eth Mama godak busy kenk mage hotel eke wada mage sindu Wala wada okoma kalawam wela eka nisa samawenna podi comment ekak danwata athathatama sathutuyi godak comment dakkama thank you so much budusaranyi

        1. Sindu kiyanne na sindu liyanwa hiru TV hiru fm dearan oya okomagema yanwa danata 16k liyala thiye
          Pema sithata wiramayak
          Bidunu sitha laga
          Raja maduru woman
          Pera kala oya wage godak thiye mage YouTube channel eke Hari Google eke mage nama ganna ethakota okoma evi

  8. රෝස මලද රනූද දෙන්නගෙන් එක්කෙනෙක් තමා.
    ගොඩක් දෙනෙක් රණවිරුවන් ගැන මේ විදිහට නොහිතන නිසා තමයි අට පාස් ආමිකාරයා කියන්නෙ.
    හැමෝටම මේ විදිහට හිතන්න පුලුවන් නම් ගොඩාක් හොදවෙයි.
    මේ වචන කියවද්දි මාරම හැගීමක් හිතට දැනෙනවා.
    ඒකෙන් නම් මට හිතෙන්නෙ ඔයයි නංගියි දෙන්නම සාර්ථකයි කියලා.
    All the best ?????

  9. Thakshi Deepali Jayasuriya

    දුරු කතර ගෙවාගෙන මං පහලටම ආවෙ හිතට මෙච්චර වැදුනු කතාවකට කමෙන්ට් එකක් නොදා යන්න මට හිතෙන්නැති හින්දා….මං හිතන දේම ඔයා අකුරු කරලා ලියලා තියනවා….මේ වගේ හිතන අය ගොඩක් අඩුයි…සත්තයි…අපි හැමෝම මෙහෙම හිතනවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද….

  10. Matath dn thamai therenne aiye ape ranawiruwontath ahinsaka widihata adare karnna puluwan sanwedi hith thiyenne kiyla mn hithuwe eyalage rajakari nisa bahutharayak hari ralu hadawath thiyana ayai kiyla eth oyagei nangigei kathawa kiywaddi ehema na kiyla hithenawa aiye godak thnx aiye oyala dennata ape ranwiruwonge jiwitha wala api nodakina nobalana pathi gana apita kiyla denawat. Mn digatam kathawath ekka innawa aiye oyal dennatm bs pi ehenm lassanata thawa thawath katha liynna oya dennatam mn suba pathanawa aiye, nangi Good Luck. ???

  11. Nirosha Lakmali

    ඔයා නම් බලන් හිටියා වගේ ඇත්තම ලියලා තියෙනවා. මාත් අත්දැකීමෙන් මේ දේවල් දන්නවා. මගේ අයියල දෙන්නම හමුදාවේ. එයාලා යුද්දේ කාලේ දුක් විදපු හැටි. ගෙදර අය එයාල ගැන බයේ හිටපු හැටි මං හොදට දන්නවා. ඔයා කියපු දේවල් අද සමාජේ ගොඩක් අය හිතන්නෙ නැ. අපි අද ජීවත් වෙන්නේ ත්‍රිවිධ හමුදාව නිසා. හැමදාමත් අපි එයාලට ගෞරව කරන්න ඕනේ. ඇත්තටම ඔයා හැමදේම හරිම ලස්සනට ලියලා තියෙනවා. හදවතින්ම සුබ පතනවා දෙන්නටම. හැමෝටම බුදු සරණයි!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.