Katha Ahura

කටු අනෝදා | 03 ගෙඩිය | හොල්මන් කතා

5/5 - (1 vote)

කටු අනෝදා ➡️ 03 ගෙඩිය ⬇️

” මට ඒ දේ කියන්න බෑ බං ,ඒක එහෙම වුනේ අර ත්‍රීවීල් එක කැඩිලා ඒක හදාගෙන ඉස්සරහට එද්දී, ඊට කලින් එහෙම මොකුත් තිබ්බේ නෑ”

” චතුර වටේ යන්නේ නැතිව් කියපන් මොකක්ද වෙලා තියෙන්නේ”

මගේ කුතුහලය රතු කට්ටටම ඇවිස්සිලා තිබ්බා. ඊලගට මම පුදුමයට පත්වෙද්දී චතුර ත්‍රීවීල් එක උගේ ගෙදරට යන පාරට දැම්මේ මගේ ගෙවල් පැත්තට යන්න ත්‍රීවීල් එක දාන්නේ නැතිව.

” ඇයි උබ මාව බස්සන්නේ නැතුව උබේ ගෙවල් පැත්තට හැරෙව්වේ….”

මම ඇහුවේ ඒක මට ප්‍රෙහේලිකාවක් වුන නිසා

” ත්‍රීවීල් එක ගෙදරින් දාල ,මම මගෙ බයික් එකේ උබව උබේ ගෙදරට දාල එන්නම්…..”

” එත් ඇයි බං ඒ….උබ කවදාවත් එහෙම කරල නැනේ….. කියපන්කො මොකක්ද බං ප්‍රශ්නේ ඇයි උබ අද ඔහොම”

” ගීත් උබට ඒ ගැන පස්සෙ දවසක කියන්නම් ,ඒක මේ වෙලාවෙ කියන්ඩ බෑ”

මම කොතෙක් ඇහුවත් චතුර කිසි දෙයක් කිව්වේ නෑ….

➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

චතුර ත්‍රීවීල් එක උගෙ ගෙදරින් දාල ඌ කිව්ව විදිහටම උගෙ බයික් එකේ මාව එක්කගෙන ආවා. කටු අනෝදා ගෙඩිය මම මම අරගෙන ගිය කලු පෙට්ටි බෑග් එක ඇතුලට දාගෙන ඔක්කෙ ඔඩ ඒක තියාගෙන ඌත් එක්ක පිටි පස්සේ ශීට් එකේ ඉදගෙන ආවා….

මොකක්ද මන්දා හේතුවකට මට හැගෙනවා මම ඉදගෙන ඉන්න බයික් එකේ ශීට් එක පිටිපස්සෙන් තව කෙනෙක් ඉදගෙන එනවා වහේ හැගීමකුත්. සමහර වෙලාවට දැනෙනනවා එහෙම කෙනෙක් එක පාරටම මගේ ඇගට හේත්තු වෙනවා වගේ හැගීමකුත්. එහෙම වෙන්නේ චතුර එකපාරටම බ්‍රේක් ගහන අවස්තාව්ලදී.

” බ්‍රා……….ස්”

චතුර එකපාරම බයික් එකේ බ්‍රේක් ගැහුවේ මාවත් බයකරමින්. ඔව්. ඒ ඒක්කම අර පිටිපස්සේ ඉදන් කෙනෙක් මගේ ඇගේ වැඩුනා හෑගීම මට එකපාරටම දැනුනා.

චතුර බයික් එක නවත්‍තලා හෙල්මට් එක ගලවල වමතට අරන් දකුනු අතින් හිසකෙන් ඉහලට පිරිමදින්න ගත්තේ මොකක් හරි බැරෑරුම් දෙයක් ගැන හිතන බව ඉගිකරමින්.

” චතුර ඇයි බං…..”

මම ඇහුවා.

” අනේ මන්දා බං ,අද හරි අමුතුයි ,මේ ඔක්කොම වුනේ අර පාලු ගේ ලග ත්‍රීවීල් එක කැඩුන වෙලාවේ ඉදලා…..උබට එහෙම මොකුත්…..”

චතුර ඉතිරි දේ නොකිව්වත් මට ඌ කියන්න හදපු දේ තේරුනා.

“මට දැනනෙ අර අමුතු දේ චතුරට කියනවද නැද්ද” ඒත් මට හිතුනා නොකියන්ඩ.

” නෑ බං එහෙම මොකුත්….”

” හ්ම්ම්ම්ම්ම්ම්ම් ”

එච්චරම යි චතුර කිව්වේ ,අපි ආයෙම මගේ ගෙවල් පැත්‍තට යන්න පටන් ගත්තා.
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

චතුරයි මායි අපේ ගෙදරටම ආවා…….

” එහෙනම් බං මම යනවා…. අද මෙහෙ නවතින්නත් හිතයි”

චතුර මාව දාල ආපහු යන්න ඔන්න මෙන්න වෙලාවේ කියපු දේට මාත් පොඩ්ඩක් පුදුම වුනා. චතුර කවදාවත් ඔහොම දෙයක් කියල නෑ….

” ඉතින් ඉදල පලයන්… උබ අපේ ගෙදර කවදාවත් ඉදල ගිහිල්ලත් නෑනේ……”

මම ඒක කිව්වෙ අර පුදුමය සගවාග්න.

” එක්කෝ බෑ බං , කොහොමහරි යනවා…..”

” උබ අද හරි අමුතුයි බං ,උබ මොකක් හරි ලොකු දෙයක් මගෙන් අද හංගනවා…..”

” නෑ බං ,එහෙම එකක් නෑ… එහෙනම් මම ගියා….”

කියපු චතුර වේගෙන් උගේ බයික් එක අපෙ වත්තෙන් පාරට දැම්මා. ඊට පස්සේ ඌ බයික් එකේ ගියා නෙමේ ඉගිල්ලුනා කිව්වොත් නිවරදියි.
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

පාලු වත්තෙන් කඩා ගත්තු කටු අනෝදා ගෙඩිය මම බැග් එකෙන් එලියට අරන් කුස්සියේ තිබ්බ ෆ්‍රිජ් එක උඩින් තිබ්බා. අනිවාර්යයෙන් හෙට අනිද්දා වෙද්දී ඒක ඉදේවී. ඒත් එක්කම ඇහුන ඒ හඩ මම හොදටම බය කෙරුවා.

” හහ් හහ් හහ් හා…..”

අර කටු අනෝදා ගස් තිබ්බ පාලු වත්තෙදිත් ඒ ගැහනු හිනා හඩ මට ඇහුනා මතකයි. මම ආයෙම ෆ්‍රිජ් එක උඩ තිබ්බ කටු අනෝදා ගෙඩිය දිහා බැලුවේ සිතට නැගුනු චකිතයකින්.

ඒත් කටු අනෝදා ගෙඩිය ගලක් වගේ නිසලව ෆ්‍රිජ් එක උඩ…….

” මගෙත් මනස් ගාත….”

මටම කියාගත් මම හැදුවෙ දාඩිය නිසා ඉක්මනට නාන කාමරේට වැදී නාගන්ඩ….. මම ගෙදර ආවා කියල රෑට කුස්සියෙ උය උයා හිටිය අම්මාට තේරිලා නෑ වගේ………

ඒත් එක්කම මම ලග තිබ්බ ෆෝන් එක නද දුන්නේ කෝල් එකක් ආවා පවසනින්. ඇමතුම චතුරගින්…

” කියපන් චතුර….උබ තව මග වෙන්ඩ ඇතී…”

මම ඇහුවා..

” මොන මගද ,මම මේ ගෙදරට ආව ගමන් උබට කෝල් එක ගත්තේ…..”

” ඈ… උබ ඔච්චරම ඉක්මනට ගෙදර ගියාද…”

අපේ ගෙදර ඉදල චතුරගේ ගෙදරට කිලෝමීටර් දෙකක් විතර තිබ්බා. මේ දැන් වගේ මාව දාල ගිය චතුර ඔච්චරම ඉක්මටට උගෙ ගෙදර ගියා කියල මට විශ්වාස කරන්නත් අමාරුයි….. සාමාන්‍යෙන් ඌ වේගෙන් බයික් පදින එකෙකුත් නෙමේ….”

” ඔව් බං බයික් එකේ උපරීමේටම වගේ ඇදල ආවා…. උබට කතා කෙරුවේ තකහනියෙන්ම දෙයක් අහන්ඩ…..”

” මොකක්ද ”

” උබට නිකම් අමුත්තක් වගේ නිකම් තේරෙන්නේ නැද්ද……”

මම ඇහුවේ කුතුහලයෙන්.

” ඒ කිව්වේ…. නිකම්….”

එච්චරමයි මට ෆෝන් එකෙන් ඇහුනේ,චතුරගේ ඇමතුම කට් වෙලා ගියා.

මම ආයෙම ඔහුට ඇමතුමක් ගන්න උත්සහ ගත්තද ඒක හරි ගියේ නෑ.. සමහරවිට චතුරගේ ෆෝන් එකේ බැට්‍රිය බහින්ඩ ඇතී…….
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

අම්මාත් එක්කත් ටික වෙලාවක් කතා කර හිටි මම නාන් කාමරයට වැදුනේ ඉක්මනට ඇගේ වතුර බිදක් ගාගන්න. පරමා කන්දට ගිහින් එන අතරමගදී හම්බවුන වැවකින් නා ගත්තද මේ වෙද්දී මගේ ඇගේ දාඩියෙන් තෙත්වෙලා තිබ්බා.

මේ දාඩිය එක්ක ඇගේ වතුර ගෑවුනේ නැතනම් රෑට පොඩ්ඩක්වත් ඇහ පිය වෙන්නෙ නැති වෙයි.

නාන කාමරයට වැදුන මම දොර අඩවල් කර උඩු ඇදුම් උනා දමා යට කලිසම පිටින් ශවර් එක ඇරියා.

” ශ්……ශෝ………..ශ්……..ශෝ……….”

ශවර් එකේ සීතල දිය බිදු ඒ හඩින් පහලට මල් වැස්සක් සේ වෑස්සී මාව ඉක්මනිනින්ම තෙතබරියම් කෙරුවා……

” ක්‍රී…………ක්.”

ඒ සමගම වගෙ ඒ හඩින් , මම නාන කාමරේ අඩවල් කරපු දොර ඇරෙන්න පටන් ගත්තේ සීතල සුලගකුත් කාමරයට එක්කරමින්.

” සුලගට වෙන්න ඇතී…”

සිතූ මම ආයෙම දොර ලගට ගිහින් නාන කාමරේ දොර සම්පූර්ණයෙන් ම වහල දැම්මා.

ආපහු ශවර් එක ලගට යද්දී මම නාන කාමරේ තිබ්බ කන්නාඩිය දිහා බැලුවේ නිකමට වගේ….

මගේ මුලු ඇගම හිරිවැටෙන්න ගියේ එක්තරා නිමේශයක් පමණයි. කණ්නාඩිය තුලින් දැකපු දේ මම විශ්වාස කරන්නේ කෙසේද…….

ඒ දසුන තවත් බලන් ඉන්න බැරි තැන මට ඕනෑ වුනේ හැකි ඉක්මනට තුවායත් ඇගලාගෙන නාන කාමරෙන් පිටවෙන්නයි. ඒත් ඊට කලියෙන් නාන කාමරේ දැල්වෙමින් තිබ්බ විදිලි බල්බය නිවී දැල්වෙන්නත් නිවී දැල්වෙන්නත් පටන් ගත්තා….

තප්පර කීපයක් ඒ විදිහට නිවී දැල්වුන විදිලි බල්පය ඊලග මොහොතේ සම්පූර්ණයෙන් ම නිවී ගියේ මුලු නාන කාමරයම කට්ට කරුවලක් බවට පත් කරමින්…..

” ශ්…….ශෝ…..ශ්……ශෝ……………”

බයටම මගේ කටින් කිසිදු වචනයක් පිටකරගන්න නොහැකි වුන මට ඇහුනා. මම ඇරපු ශවර් එකේ දිය බිදු වැක්කෙරෙන ඒ හඩනම්…….➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️ තවත් කටු අනෝදා ගෙඩියක් අරගෙන මම හැකි ඉක්මනට එන්නම්… හෙටනම් ඉතින් එන්න බැරිවෙයි මට….

ඒකට සමාවෙන්න මට……

තව දෙයක් රෑට නාන කාමරවලට ගිහිල්ලා තනියම නාන්නනම් එපා ඉතින්… කවුද දන්නේ ඔයාල දිහා බලාගෙන කණ්ණාඩි ඇතුලින් මොනුන් මතුවෙයිද කියලා……

මම සාගර සම්පත් ( රාස්)

8 thoughts on “කටු අනෝදා | 03 ගෙඩිය | හොල්මන් කතා”

  1. Ammooo razzz eka nm patta. Supirima supiiiiiri… ලොමු දැහැගැන්වෙන තවත් ගෙඩියක් ඉක්මනටම දෙන්නෝඕඕඕඕඕ….Good Luck!

  2. ඔහොම බය කරන්න එපා මල්ලියෙ රෑට තියා දවල්ට නාන්නත් බය හිතෙනවා.එපා කියද්දී හොල්මන බලෙන් ම ගෙදර ගෙනාවනෙ දැන් ඉතින් sorry තාමා.
    Best of luck dear.

  3. Thakshi Deepali Jayasuriya

    බුදු අම්මෝ….රාස් අයියේ ඒකටනම් ඇඟත් එක්ක සීතල වෙලා ගියා ???????
    මාත් අනෝදා කන්න හරිම පෙරේතයි…ඒත් කටු අනෝදා වලටනම් ආස නෑ….සීනි අනෝදා වැලි අනෝදා පාරේ තිබ්බම කඩන් එනවා…දැන් නම් බයේ බෑ එහෙම කඩන් එන්නත් ????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.