Katha Ahura

රන් තරු | 02 කොටස | නවකතා

5/5 - (1 vote)

02 කොටස

හිතුවේ බීපු මිනිහෙක් කෑ ගහනවා කියලා .නිකමට හඬ ආපු පැත්තට හැරිලා බැලුවේ .

වයස අවුරුදු විසි එකක විසි දෙකක තරුණියක් පස්සේ එළවන අවුරුදු පනහක වගේ මිනිහෙක් මම දැක්කේ .

කකුල් දෙක වැහෙන්නම දිගම දිග සායක් ඇඳලා හිටපු ඒ කෙල්ල වෙරළ දිගේ දුවගෙන ආවේ අඬ අඬම.

” කිව්වම අහලා නැවතියන් ….උඹට අද මගෙන් බේරෙන්න බෑ ….

පැනලා යන්නද හැදුවේ උඹ ….”

එහෙම කිය කිය කෑ ගසමින්ම ඒ මිනිහා අර කෙල්ල පස්සේ එළවන් ආවේ .

පැනලා යන කතාවක් ඇහුණු නිසාම මම හිතුවේ ඒකි කොල්ලෙක් එක්ක පැනලා යද්දී අහු වෙලා කියලා .

හැම කෙල්ලෙක් ගැනම මගේ හිතේ මේ වෙනකොට තිබුණේ තරහක්.ඒ නිසාම මම ඒකි දුවගෙන එන ඉස්සරහට ගිහින් ඒකිගේ අතකින් අල්ලගෙන දුවන්න බැරි වෙන්න නතර කර ගත්තා .

” අත ඇරපන් …අත ඇරපන් මාව….

යන්න දීපන් මට මේ නරුමයගෙන් බේරිලා ….”

ඒ කෙල්ල එහෙම කිය කියම මගෙන් අත මුදව ගන්න පොර බැදුවත් මම ග්‍රහණය පොඩ්ඩක් වත් ලිහිල් කරේ නෑ .වයසක මිනිහත් හති දම දම ඇවිත් මගේ ළඟින්ම නතර වුණා .

” ඇතිද උඹ දුවලා බේරෙන්න හැදුවා ….

දැන් පලයන්කෝ මගෙන් බේරිලා ….”

එහෙම කියලා ඒ කෙල්ලගේ කම්මුලකට වැරෙන් පහරක් දුන්නේ මටවත් හිතා ගන්න බැරි වෙන්න .

ඒ වැදුණු පාරට කෙල්ල වීසි වෙලා වගේ ගියත් වැටෙන්නේ නැතුව බේරුණේ මම ඒකිගේ අත් දෙකෙන්ම අල්ලන් හිටපු හින්දා .

” අත ඇරපන් මාව….මට මේ මිනිහත් එක්ක යන්න බෑ ….”

මගේ අතින් ඒ කෙල්ලගේ අත මුදව ගන්න උත්සාහ කරන ගමන්ම ඒ කෙල්ල අඬන්න පටන් ගත්තා .

” දැක්කා නේද දරුවෝ මේ කෙල්ල තමන්ගේ තාත්තාට කතා කරන විදිය …

ඉඳපන් අද මම උඹට …..”

එහෙම කියලා ආයෙමත් කම්මුල් පාරක් ගැහුවා .වැදුණු පාරවල් වලට කම්මුල් දෙකම රතු වෙලා ඉඳිමිලා තිබුණත් මට ඒ කෙල්ලව අත අරින්න හිතුණෙම නෑ .

” තාත්තා …..කවුද තාත්තා ….

උඹ ඒ වචනෙවත් කියන්න එපා මිනිහෝ….”

කොච්චර ගුටි කෑවත් කෙල්ලත් කට වහන පාටක් තිබුණෙම නෑ .එකට එකම කියාගෙන ගියා .

” යමන්කෝ අද ගෙදර .. . උඹට මම අද තාත්තා කවුද කියලා කියල දෙන්නම්….”

” තාත්තා ….මහ ලොකු තාත්තා ….

මගේ අම්මා කසාද බැන්ද පලියට උඹ හිතුවද යකෝ උඹට මගෙ තාත්තා වෙන්න පුළුවන් කියලා …..

නෑ…නෑ …නෑ ….

උඹ කවදාවත් මගෙ තාත්තා වෙන්නේ නෑ ….”

” කට වහපන් බැල්ලී….උඹගේ සද්දේ වැඩියි හොඳටම ….”

ඒ මිනිහත් බැන බැනම පහර පිට පහර කම්මුල් පාරවල් දෙද්දිත් මට ඒ කෙල්ල ගැන අනුකම්පාවක් ඇති වුණේම නෑ .

” තරූ….මොකද බං මේ….මොකද මෙතන වෙන්නේ….”

කලූ මං ළඟට දුවගෙන ආවේ බය වෙලා වගේ.ඒත් එක්කම නාලා ඉවර වෙලා කොල්ලො සෙට් එකම මම ඉන්න තැනට ආවා .

” නැහැ බං…මගේ අවුලක් නෙමෙයි …

මෙන්න මේ මේකි කොල්ලෙක් එක්ක පැනලා යද්දී තාත්තාට අහු වෙලා….

ඒ මනුස්සයා අල්ලන්න පන්නගෙන එද්දි මම මේ අල්ල ගත්තේ ….”

” කොල්ලෙක් එක්ක .. ඇයි මිනිහෝ බොරු කියන්නේ…..

මම පැනලා ගියේ කොල්ලෙක් එක්ක නෙමෙයි …. මෙන්න මේ තාත්තා කිය කිය කෑ ගහන අසහනකාරයගෙන්….”

” කවුද යකෝ අසහනකාරයා…කටවහපන් බැල්ලි….”

” නෑ මම කට වහන්නේ නෑ ….පුළුවන් නම් උඹ අද මාව නතර කරපන්…..

මාව මරල දැම්මත් උඹේ ආසාව ඉෂ්ඨ කරගන්න බෑ මිනිහෝ….

උඹ තමයි මගේ තාත්තා මරා ගත්තු මිනීමරුවා…..”

කෙල්ල අඬ අඬම වුණත් ඒ මිනිහට බැන්නේ ගොඩක් තරහින් වගේ.

” තරූ.. .අත ඇරපන් ඔය කෙල්ලව….පව් බං. බලපන් ඒකි ගුටි කන හැටි….'”

මනී එහෙම කිව්වත් මට අත අරින්න හිතුණේ නෑ ඒකිව.

” ඔයාලගේ මහ ලොකු යාළුවට කියන්න මේ විදියට මාව අල්ලන් ඉඳලා කරන්නේ ලොකු වැරැද්දක් කියලා ….

පිරිමි ඔක්කොම එකයි…..කෙල්ලෙක් දැක්කම ඇඳකට අරන් යන්න දඟලන අසහනකාරයෝ තොපි….”

අඬ අඬම ඒ කෙල්ල මටත් බැන්නා .

” මොකක්ද උඹ කිව්වේ ….මමද එතකොට අසහනකාරයා ….”

මම ඒ කෙල්ලගේ අත් දෙකම අත ඇරලා හිතේ තිබුණු කේන්තියට අර මිනිහටත් වඩා වේගවත් කම්මුල් පාරක් ගැහුවා .

” තරූ…උඹට පිස්සුද …කෙල්ලෙක්ට අත උස්සන්න මේ විදියට ….

වරෙන් මෙහාට.. ”

යාළුවෝ මාව ඇදලා ගත්තේ නැත්නම් මම තවත් පාරක් දෙනවා ඒකි කියපු කතාවට.

” උඹ එකක් මතක තියා ගනින්….

අද මගේ ජීවිතේට මොකක්ම හරි වුණොත් ඒකට උඹයි වග කියන්න ඕන ….

මම මුගෙන් බේරිලා පැනලා යද්දී උඹනෙ වීරයා වෙලා මාව අල්ලලා දුන්නේ ….

උඹටත් ඕන මම මූත් එක්ක ඇඳක් උඩට යනවා බලන්න වෙන්න ඇතිනේ …..

සතුටු වෙයන් දැන්….උඹට ඒකනේ කරන්න ඕන වුණේ …..”

මගේ ශර්ට් එකෙන් ඇදගෙන ඒ කෙල්ල බැනගෙන බැනගෙන යද්දී මට හිතා ගන්න බැරි වුණා වැරදි මමද,අර මිනිහද, එහෙමත් නැත්නම් මේ කෙල්ල ද කියලා .

ලද අවසරයෙන් අපෙනුත් අර මිනිහගෙනුත් පැන ගත්තු කෙල්ල එක පාරටම දුවන්න ගත්තත් අර මිනිහත් ඒ පස්සෙන්ම දුවගෙන ගියා .

” තරුවා….උඹ ඒ කරපු වැඩේ වැරදියි බං….මට හිතෙන්නේ ඒ අහිංසක කෙල්ලෙක් ….”

අපි හැමෝම බලාගෙන හිටියේ දුවන කෙල්ල දිහාම.

එක පාරටම දුවන එක නතර කරපු කෙල්ල බිම තිබුණු වීදුරු බෝතලයක් ඇහිදලා අරගෙන එතනම තිබුණු පොල් ගස් කඳකට ගහලා ඒක කඩා ගන්නවා දැක්කා .

ඊටත් පස්සේ බිඳුණු බෝතල් උල ඇයගේ පැත්තට හරවන් අර මිනිහට කෑ ගැහුවේ ළඟට එන්න එපා කියලා .

” මනියෝ….

අර බලපන් බං…..

මට හිතෙන්නෙම අර කෙල්ල ඇන ගනීවි කියලමයි….”

කලූ එහෙම කියනවත් එක්කම මාත් ගොඩක් කලබල වුණා .එහෙම දෙයක් වුණොත් කෙල්ල කියපු විදියට ඒ හැමදේකටම වග කියන්න වෙන්නේ මට.

මමයි ඒ කෙල්ලට යන්න නොදී අර මිනිහට අල්ලලා දුන්නේ .මගේ අතින් වුණේ ලොකු වරදක් කියන හැඟීමක් මගේ හිතට දැනුණා ඒ වෙලාවේ.

අපිට හිතන්න වත් වෙලාවක් ඉතිරි වුණේ නෑ .අර මිනිහා ළන් වෙනවත් එක්කම අතේ තිබුණු බිඳුණු බෝතල් කැබැල්ලෙන් ඇයම ඇගේ කුස ප්‍රදේශයට ඇන ගත්තා .

ඒකෙන් බය වුණු අර මිනිහා කෙල්ලව අත ඇරලා පැනලා දිව්වෙත් අපි හැමෝම කෙල්ල ළඟට දිව්වෙත් එකම මොහොතක වගේ.

කුස දිගේ ලේ බේරි බේරිම ඒ කෙල්ල දුවගෙන ගියේ මුහුද පැත්තට .

ඇයගේ ඉණ හරියටත් වඩා වතුර මට්ටමකට ඇය මුහුදට ගිහිල්ලයි හිටියේ .

ඇයගේ කුසින් ගලාගෙන ගියපු ලේ නිසා ඇය වටා තිබුණු මුහුදු දිය රත් පැහැ වෙලයො තිබුණේ .

” තරූ….කෙල්ලව අරගනින්….ඒකි මැරෙයි බං…”

මම වගේම කලූ මනී හැමෝම බය වෙලයි හිටියේ .අපි හදවතින්ම බැඳිලයි ඉන්නේ මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න .

මම මුහුදට පැනලා කෙල්ලව අල්ල ගත්තේ ඒකිට මං නිසා මැරෙන්න දෙන්න බැරි හින්දා .

” අත ඇරපන් මාව…..

පව්කාරයා උඹ ….පව්කාරයා…

මට මැරෙන්න වත් දීපන් නිදහසේ ….”

මගේ අත ගහලා දාලා අඬ අඬම කෑ ගහද්දි මම ඒකිට මුකුත්ම කිව්වේ නැත්තේ මේ වෙලාවේ මොනවා කිව්වත් ඒකි ඉන්න තත්වෙත් එක්ක වැඩක් නැති නිසා .

බලෙන්ම වගේ මං ඒකිව ගොඩට ඇදගෙන ආවත් ඇය සිහි සුන්ව ගියේ කුස ප්‍රදේශයෙන් වැඩියෙන් ලේ ගියපු නිසා .

මතු සම්බන්ධයි

40 thoughts on “රන් තරු | 02 කොටස | නවකතා”

  1. onna palaweni comment eka magen….kathawa lassanai ayya godaak…. digatama liyanna ayye.. balagena innawa …. aaa ada diga kotasak daala hamadama me wage digama diga kotas danna oni…..????

  2. Hashini Navanjana.

    ????????????????
    මට නම් මේ කොටසත් මදි වගේ අනේ…
    ???????
    දිගගටම කියවන්න තිබුනා නම් ෂෝයී…. ?????????
    හරීම හරීම ලස්සනයී…
    කියන්න වචන නෑ.. සුපර්බ් අයියේ… ??????
    මොකක්ද අප්පා තරූ ? ? ? ඒ කලේ.. ????
    පවු අනේ කෙල්ල.. ?????
    එයා තමයි නේ.. තරූ ගේ ගර්ල්????? ?????
    තවත් දිග කොටස් ඕනි හොදේ…….. ?????
    අයියා ගොඩක් බිසී නැති වෙලාවක පුලුවන් විදියට දිගගග කොටසක් දාන්න…. ☺️☺️☺️☺️ වැඩත් එක්ක බිසී නම් දිගගග කොටස් ටයිප් කරන්න බෑනේ.. ඔයා පවු නේ… ????
    ගොඩාක් ආසාවෙන් කියවන්නේ….. ????
    මේ වගේ ලස්සන කතාවක් ගෙනාවට ඔයාටයි නංගියටයි ගොඩාරියක් තෑන්ක්ස්… ???
    හෙටත් ලස්සනම ලස්සන කොටසක් අරන් එන්න හොදේ… ???????

    1. ඒ නෙ අපිත් තරූට බනිමු නේද අද නම් කොමෙන්ට් එක දිග මදි වගේ අනිවාර්යෙන්ම නංගියෝ පුළුවන් වෙලාවට දිග කොටසක් දෙන්නං ඒ කෙල්ල තරූගෙ වෙන්න පුළුවන්ද බෑ නේද ඔන්න ඒක නම් දැන්ම කියන්න බෑ හොදේ මේක මගේ අනිත් කතාවට වඩා ටිකක් දිගට යාවි සතුටින් ඉන්නකො ඔය වගේ කොමෙන්ට් දාල බුදු සරණයි නංගියේ බොහොමත්ම ස්තුතියි

      1. Hashini Navanjana.

        හී… ඒකනේ කිවුවේ කියන්න වචන නෑ.. කතාව ඒ තරම් ලස්සනයී.. ඒ වචන නැති නිසා වෙන්නැති නේ කමෙන්ට් එක දිග මදි උනේ.. හී.. හී.. ???

          1. Hashini Navanjana.

            ???????????
            ?????????????
            ??????
            ☺️☺️☺️☺️☺️☺️☺️

  3. අර මිනිහ මට අහු වුනොත් මන් දනී කරන දේ.
    කතාව ගොඩාක් ලස්සනයි.
    දෙන්නටම සුභ පතනවා ජීවිතේ සාර්ථක වෙන්න කියලා.
    ????????

    1. අම්මෝ දැන්ම නපුරු වෙන්න එපා හොඳේ කතාවෙ මැද හරියේදී නපුරු වෙමු බොහොමත්ම ස්තූතියි ඔයාලගෙ කොමෙන්ට් තමයි මට ලොකු ශක්තියක් වෙන්න

  4. Pau deiyanee ahinsaka kella…ane mata thuwakkuwak thibbanam ara nakiyatai tharutai dennatama wedi tynawa seeni daala kuubi kala marenna..mona karumayakda affa kellanta mehema wada denne…sry aiyee ehema qwata tharaha wennepa mata dan tharaha palane kara ganna baruwa inne????????????

    1. ඔන්න දැන් ම කේන්ති යන්න බැහැ මම මගෙ නංගි අපි දෙන්නා සාර්ථක ඔයාලා මේ වගේ කමෙන්ට් දාද්දි ඇත්තටම සතුටුයි nangiya මේ වගේ දේවල් අද ලංකාවේ ඕනතරම් වෙනවා නේද බොහොම ස්තූතියි බුදු සරණයි

      1. Ekanam aththa aiyee…eth mamanam hithanne ganu kenekta daruwo innawanam a aya thawath kasadayak kara ganna eka mama anumatha karanne na.mkda pirimi kenek nathuwa thaniyama jiwithe jayaththa ammala ada ona tharam innawa..me wage dewal nisa daruwo ammalatat waira karanna pelabenawa aiye eka lokuu pawak

  5. Tharuta e tharam waire mokadda ane… thawath diga kotasak dennako puluwan nm. Kathawa lassanai.. dan nm heta monawa weida kiyla balana km iwasillak naaaa… Good Luck!

  6. Kellekw adta perala gnna oni trm aya bln innwa, eth ehem nokra beragena kellekwa arksha kranna hugak ayta baa… kathawa lassanai aiye suba pathtnwa hadwtinm?? ?

  7. එයා වෙන්නැති තරූගේ කෙල්ල වෙන්නේ නේද.. මරු මරු.. අදත් කතාව ලස්සනයි ඊයේ වගේම… හෙටත් දිග කොටසක් අරන් එන්න… මං අයියා නගෝ දෙන්නටම සුභපතනවා…
    බුදු සරණයි!!!

  8. Adanam tikak parakku una aiya kathawa kiyawanna wada wagayak thibba.adath lassanai honde kathawa. Ane e kella paw ane.eya marena ekak nene. Bs oyata….

  9. Ammo aga seetjala una ane e kotasatanam.?.kellata mokuthma karanna epa hodada onna.aththatama tharu varadi hode.ege vradda therum karavanna ilaga kotasen.
    Kathava adath lassanai aiyee.kathav kochchara diga unath kamak na api asavenma kiyavanavanre?
    Oytai oyage nangoyatai hadavathinma subapathanava???????

  10. Chathu indeewaree

    අයියේ… සමාවෙන්න ඕන මම අද එන්න පමා වුණා. අද අප්පච්චිගෙ බණ..හෙට හත් දවසෙ දානේ.. ඒ නිසයි එන්න පමා වුණේ.

    කතාව ගොඩාක් ලස්සනයි.. ඒත් දුක හිතුණා අර ගර්ල්ට වුණ දේට. ඇත්තටම අද සමාජයේ ඔය වගේ දේවල් අනන්තවත් සිදු වෙනවා අයියා. ඕන තරම් උදාහරණ තියෙනවා වර්තමාන සමාජය තුළ.. තම මව දැනුවත්ව හෝ නොදැනුවත්ව අහිංසක දරුවන් තම සුළු පියාගේ ගොදුරක් බවට පත් වෙනවා. මේක ගැහැණු ළමයින්ම පමණක් සිදුවන දෙයක්නෙවේ. පිරිමි ළමයින්ටත් සිදු වෙනවා මේ සමාජය තුළ. අයියා හරි අපුරුවට කතාව තුළ ඒ ගැන කතා කරයි කියලා හිතනවා මම.

    අයියගේ කතාවට වැටිලා තියෙන කමෙන්ට්ස්, රේට්ස් දැක්කම මටත් හරි සතුටුයි අයියා. ඔයාගේ පළමු කතාවට වඩා මේ කතාව සක්සස් කියලා මට හිතෙනවා.මේ කතාව මේ තරම්ම ෆේමස් වුණේ අනිත් අය කතා නොකළ , ඒත් අපි කතා කරන්න ආස පැතිකඩක් විවරණය කරන නිසා වෙන්නත් පුළුවන්.. හැමදාම ආදර කතා, හොල්මන්කතා කියවන අපිට මේක වෙනස්ම අත්දැකීමක් වේවි ඉදිරියේදී . නේද සුදු මහත්තයෝ…?????????????

    කතා අහුර ඇප් එක හරහා දක්ෂ , නිර්මාණශීලී ලේඛකයින් පිරිසක් සමාජයට දායාද කරනවා වගේම උසස් රසවින්දනයක් සහිත බුද්ධිමත් පාඨක පිරිසකුත් බිහි කරනවා කියලා මට හිතෙනවා. කතා අහුර ඇප් එකේ ඇඩ්මින් අයියට වගේම ඇප් එකට කතා එකතු කරන ඔයාලටත් ගොඩාක් ස්තූතියි අයියේ..

    ඉතින් ආදරෙන් ඉල්ලනවා අයියේ ලස්සන අවසානයක් සහිත කතාවක් විදියට මේ කතාව ඉවර කරන්න කියලා ඔයාට ආදරේ කරන, ඔයාව අගය කරන ඇප් එකේ අපි වෙනුවෙන්. බුදු සරණයි!!!

    1. පමාවෙලා ආවත් මේ වගේ දිග කොමෙන්ට් එකක් ඔයාගෙන් ලැබෙනවා කියන මං හොඳටම දන්නවා ඔයාට තාත්තට අනිවාර්යෙන්ම පින් ලැබෙන්නේ හොඳ තැනක ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාගේ වැඩ ටික හොඳට කරගන්න නංගියා අනිවාර්යයෙන්ම මගේ අනිත් කතාවට වැඩිය ගොඩක් අලුත් අයගේ comin මේකෙ තියෙනවා ඒක මට ලොකු සතුටක් මේ ඔක්කොම මට ලැබෙන්නේ කතා අහුර ඇප් එක නිසා app eke admin ta recspet කරන wa මේ වගේ දෙයක් කරාට ඇත්තටම මාර සතුටක් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාට ජයෙන් ජය මේ වගේ කොමෙන්ට් එකක් දාන්න බොහෝමත්ම ස්තූතියි ඔයාට

  11. Chathu indeewaree

    ඔබ
    අර්ථයෙන් ගඹුරු වූ
    දැකීමෙන් සරල වූ
    නිමක් නැති පද වැලකි,
    ගැයීමට නැති පද වැලකි,
    ගැයීමට එය
    දරමි වෙර මම..
    අනේ….
    තවම මම
    පැතූ කිසිවක් හිමි නොවූ
    හිමිවූ දෙයත් සැණින් අහිමිව ගිය
    තටු සිඳුණු කිරිල්ලියකි..
    එවන් මා ළඟින් හිඳ
    විටෙක හසරැලි මුවඟ රඳවා
    විටෙක කඳුළැලි දෙනෙත රඳවා
    ඔබ
    කියාදෙන ගීතයේ
    තනුව
    අපූරුය….

    1. අති විශිෂ්ටයි හරිම ලස්සනට ගලපලා මං එක යෝජනාවක් කරනවා ඔයාගේ පන්හිදෙන් ලස්සන කතාවක් ලියන්නකෝ

  12. Thakshi Deepali Jayasuriya

    කලින් කතාවටත් වඩා මේක හරිම ලස්සනයි අයියේ….මං හරි ආසාවෙන් කියවන්නේ…සතුටුයි ත්‍රිවිධ හමුදාව ගැනත් මේක ඇතුලෙ කියවෙන නිසා….පොඩි කාලේ මගෙ හීනයක් තිබ්බා නේවි එකට බැඳෙන්න…අපි පහ වසරෙදි යුද්ධෙ ඉවර උනේ…අම්මා විතරයි මට ඉන්නේ එයා කැමති නෑ මං නේවි එකට යනවට….ඒ හීනෙ එහෙමම අත ඇරුනා…පස්සේ මං කේඩීයූ යන්න ඇප්ලිකේෂන් දැම්මත් මගෙ අම්මයි අාදරේ කරන කෙනයි දෙන්නම විරුද්ධ උන නිසා ඒකෙත් ඉන්ටවීව් ගියේ නෑ…. දැන් හිතෙනවා ආයෙමත් නේවි එකට යන හීනෙ හැබෑ කරගන්න රට යන තත්වෙ බැලුවම…කොල්ලෙක් වෙලා ඉපදුනානම් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි….
    මගෙ අම්මයි තාත්තයි වෙන් වෙලා ඉන්නේ….. තාත්තා STF ස්පෙෂල් ට්‍රේනින්…තාත්තා යුද්ධෙ මිනී ගොඩවල් අස්සෙ ඉඳලා ජීවිතේ බේරගත්තු කෙනෙක්…ඒකම එයාට පස්සේ අම්මට වද දෙන්න හේතුවක් වෙලා…අම්මා ඒකයි බය…ඒත් තාත්තා දැන් සාමාන්‍ය විදිහට ඉන්නවලු අවුරුදු ගානක් අයින් වෙලා ඉඳපු නිසා STF එකෙන්….එ්ත් ආයෙ එයාලව බඳෝගෙන…මේ ටිකේ තාත්තා මෙහෙයුම් වල…අම්මට වගේම මටයි අක්කටයි අමිහිරි අතීතයක් දුන්නා උනත් ඒ මගේ තාත්තා…එයා වගේම මේ දවස් වල විශේෂ මෙහෙයුම් වල යෙදිලා ඉන්න පොලිසිය, STF, SF, NSF, AFSF, Navy, Army, Air force හැමෝටම දලදා හාමුදුරුවන්ගෙ පිහිට අාරක්ෂාව ලැබෙන්න කියලා කතා අහුරේ අපි ප්‍රාර්ථනා කරමු…
    සොරි මෙච්චර දිග කමෙන්ට් එකක් දැම්මට.
    එ්ත් ඔයාගෙ කතාව මාව සංවේදී කරා ගොඩක්…ඔයා අති සාර්ථකයි අයියේ..හදවතින්ම ඔයාගෙ ඉදිරි ගමනට සුබ පතනවා මං…

    1. Adaraniya comment ekak aththatama sathutuyi pama well reply karata samawenna Jaya wewa budusaranyi godak thanks me wage comment danwata

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.