Katha Ahura

කෘතිම බුද්ධිය (Artificial intelligence) | විද්‍යා ප්‍රබන්ධ

කතාව කොහොමද?

දුෂ්කර රෝහල්වල කාර්ය කරන වෙෙදය භානුක ලද හැම විවේකයකම තම මිතුරු දේවින්ද සමඟ වයිබර් සංවාදයේ යෙදීමට කවදත් ආශා කළේය. තම පාසල් මිතුරු දේවින්ද, එංගලන්තයේ උසස් විශ්ව විද්‍යාලයක ආචාර්ය වරයකු ලෙස කටයුතු කරන්නේ තම ප්‍රියතම විෂය ධාරාව වන කෘතිම බුද්ධිය හා සම්බන්ධ නොයෙක් පර්යේෂණ වල නිරන්තරයෙන් යෙදීමෙනි.
කාලයක් පුරා භානුකගේ හිතට වධ කළ කරුණක් වන රෝග නිවාරණ ක්‍රම පිළිබඳ තම අදහස් සම්බන්ධව දේවින්ද දැනුවත් කරන්නේ, තම මිතුරාද මවිත කරමින්ය. “මට අදහසක් තියෙනවා වෙෙරස් රෝග නිවාරණයට, ලෝකෙටම වධයක් වුනු ඒඩ්ස් හදන එච්.අයි. වී වෙෙරසය මුලින්ම නැති කරන්න. ඒක හරි ගියොත් ඕනෑම වෛරසයක් එක්ක සටන් කරන්න පුළුවන් විධියට වෙනස් කරන්න පුළුවන්”
“මං ආසයි ඒ අදහසට භානු, කියන්න…මං අහං ඉන්නේ”
“දේවි, වෙෙරස් ඇයි මේ තරම් ජය ගන්නේ? ඔවුන්ගේ ජාන ඉතා හොඳට සම්ප්රේෂණය කරන්න පුළුවන් නිසා. ඔවුන් ඕන ඕන විධියට ජාන විකෘති කර ගන්න හපන්නු. හැබැයි මේ හොරා හොරෙක් කියලා අඳුන ගන්න පුළුවන් විධියක් ගැන මට අදහසක් ආවා”
“ෂා භානු හරිම අපූරුයි…ඔයා කවදත් හිතන විධියට මං ආසයි..කියන්න..”
“ඔයා දන්නවානෙ එච්.අයි.වී. වෙෙරසයෙ හැසිරීම? අපේ ප්රතිශක්තිකරණයේ හොඳම සෙබලා, සී.ඩී.4(CD4) සෙෙල වල බිත්තියේ ප්රෝටීන් වලට බැඳිලා, තමුන්ගෙ ආර්.එන්.ඒ. ( RNA ) ජාන, සී.ඩී.4 බිත්තිය ඇතුලට රිංගනවා. මේ ආර්.එන්.ඒ , ඩී.එන් ඒ. (DNA) ජානයකට හැරිලා, න්යෂ්ටිය ඇතුලට රිංගලා, සී.ඩී.4 වල ඩී.එන්.ඒ ජානයට මුහු වෙලා, එච්.අයි.වී. වෙෙරසය හදන්න ඕන සියලුම අමු ද්‍රවය හදා ගන්නවා. ඒවා එළියට යවලා තව තව එච්.අයි.වී වෙෙරස හදා ගන්නවා. මේ සමහර තැන් වළක්වන්න බෙහෙත් තිබ්බත් ඉන් වෙෙරස් ප්රමාණය අඩු වෙනවා විතරයි, නැති කරන්න විධියක් නැ. ඔන්න ඔතනදී කෘතිම බුද්ධිය ඕනේ දේවින්ද..”
“මගේ අදහස, එච්. අයි.වී වෙෙරසය මොන විධියට වෙස් වලා ගත්තත්, එ් සතුරාව අදුනගෙන, ඒ වෙලාවෙම විනාශ කරන දක්ෂ සෙබළෙක් හදන එක. හැබැයි එයා ජෙෙවවිද්යානු (biological) ජීවියෙක් නෙවෙයි. එහෙම වුනොත්, එච්. අයි. වී වෙෙරසය ඒකෙන් බේරෙන්න තව විධි හොයා ගන්න පුළුවන් ජාන විකෘති මගින්. මේ සෙබලා ඉතාම පුංචි රොබෝ කෙනෙක්”
“ මට තේරුම් ගියා ඔයාගෙ අදහස භානු, මතකද මම පී.එච්.ඩී එක කරන කාලේ හමුවුනු හොඳ යාළුවා, ටිරෝන්? එයා දැන් ජපානයේ රොබෝ නිෂ්පාදනය කරන ආයතනයක් එක්ක වැඩ කරන්නේ, විශ්ව විද්යාල වැඩ වලට අමතරව. මං හිතන්නෙ අපට එයාගෙ උදව් ගන්න වෙයි”
දෙදෙනාගේම එකගත්වය මත, අවශ්‍ය මූලික සිදුවීම් දාමය පෙළ ගැස්වීම ආරම්භ කරන්නට විය.
දේවින්ද ගේ අදහස වූයේ මහ මොළය වූ මතක මෘදුකාංගය (memory chip ) නිෂ්පාදනය කරන ආකාරය මුලින්ම ආරම්භ කිරීමයි.
මුල්ම පියවර ලෙස මතකයට අවශ්‍ය දත්ත ලෙස සියලුම හදුනාගත් එච්.අයි.වී වෙෙරස වල ජාන රටාවල් සිතියම්ගත (gene patterns mapping) කොට මෘදුකාංගයට ඇතුල් කිරීම ආරම්භ විය.
මේ සඳහා වෙෙරස් සම්බන්ධ වෙෙද්ය පර්යේෂණ ආයතන වල සහාය දෙදෙනාම ලබා ගන්නට විය. මීට අමතරව වෙෙරස කවර වල ප්රෝටීන් හා ලිපිඩ සංයුති ද මෘදුකාංගයට ඇතුල් කරන්නට විය. වෙෙරස වල සාමාන්‍ය ප්රමාණය, හැඩය, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ මගින් ගත් දත්ත ද මීට එකතු විය. වර්ෂයක පමණ කාලයක් මෘදුකාංගය සැදීමට ගත විය. ඒ අතර තුර තම මිතුරු ටිරෝන්ට දෙදෙනාගේ අදහස දන්වා සිටියේ , මෙම කාලය තුළ ඔහුගේ පර්යේෂණ ඉතා අවශ්‍ය වන බැවිනි.
“ දේවින්ද, භානුක අදහස ඉතා හොඳ එකක්, අපි ඉතා කුඩා රොබෝ වරැ සැදීම නිතර කරනවා. මේ රොබෝ ශරීරය තුළ යන්නේ කොහෙද?”
“ වෙෙරසය වැඩ කරන්නේ ලේ වල, ඒ නිසා ලේ වලට තමා යන්න ඕන, හැබැයි කිසිම ආසාත්මික (allergic ) බවක්, ප්රති ක්රියාවක් (reaction) වෙන්න බැ. ලේ තුළ නිෂ්ක්රීයව ඉන්න පුළුවන් මූල ද්‍රව්‍ය වලින් හැදිලා තියෙන්න ඕන. Memory chip එකේ data වලින් හදුනාගත් ගන්න මෘදුකාංගය ( sensor card) මගින් ලේ තුළ වෙෙරසය හදුනා ගෙන , ඔවුන් ගිල දැමීම කරන්න program වෙන්න ඕන. ගිල දැමීම, සුදු රැධිර සෙෙල වල phagocytosis ක්රියා වලිය විධියටම වුනොත් ලේසි. රොබෝ රුධිර නාල වල හිර නොවී , නාල වල රැඳිලා ඉන්න program වෙන්නත් ඕන. මොනවා ද මේවට දැනට තියෙන විසදුම් ටිරෝන්?”
“ භානුක අපට සෙලියුලෝස් ආශ්‍රිතව හදපු හොඳ material තියෙනවා. ඒකෙන් රොබෝව ආවරණය කරන්න පුළුවන්. Program කරන එක ලොකු දෙයක් නෙවෙයි, අවශ්‍ය කරන දත්ත, sensors, chip තියෙනවා නම්. හැබැයි නාල වල ඉන්න පුළුවන් තරම් කුඩා වීම, පර්යේෂණ වලින් ම කරන්න ඕන දෙයක්. හරි මං වැඩ පටන් ගන්නම්, ඔයාල ඉතිරි දේවල් ලැහැස්ති කර ගන්න.”
තිදෙනාගේම නිරන්තර සංවාද සමඟ, මතක මෘදුකාංගය වසර එක හමාරක් තුළ සාර්ථක විය. එය ටිරෝන් ලබා දෙන්නට විය. මේ වන විට මහ රුධිර නාල තුළ යාමට හැකි රොබෝවරුන් සදා නිම වී තිබිණි. මතක මෘදුකාංගය, හදුනා ගන්නා මෘදුකාංගය හා සම්බන්ධ program කිරීම ටිරෝන් හට ලැබුණු මී ලග අභියෝගය විය. ඒ සදහා තවත් වර්ෂ දෙකක පමණ කාලයක් ගත විය.
“ භානුක, දේවින්ද මට අද කියන්න බැරි තරම් සතුටින් ඉන්නේ, පිළිගන්න, අත් පොලොසන් දෙන්න, මෙන්න HIV terminator, කිල්-හයිව් 2040 ( Kill-HIVe 2040) !!!” ලෙස වයිබර් පණිවිඩයක් කුඩා රොබෝගේ ඡායාරූපයක් සමඟ ටිරෝන් යැවීය.
මේ දුටු දේවින්ද ඊට ප්රතිචාර දැක් වුවද, දින තුනක භානුකගේ නිහඬ බව කාටත් ප්රහේලිකාවක් විය. ලංකාවට වහා පෙරළා පැමිණි දේවින්දට දක්නට ලැබුණේ, හදිසි මාර්ග අනතුරකින් තම මිතුරා බරපතල ලෙස තුවාල ලබා, දැඩි සත්කාරයෙ සිටින බවයි.
“ professor , ඔයාගෙ යාළුවාට ICU එකේ කාලයක් ඉන්න වෙයි. බර පතල accident එකක්. මේ doctor oncall duty එකකට යන වෙලේ ලොරියක වැදිලා තියෙන්නෙ. ඒ driverට නින්ද ගිහින්. Doctor ට ගොඩක් ලේ ගිහින් තිබුණා, සැහෙන ලේ දුන්නා. කකුල් ඇටය ඔපරේෂන් කලා, වාසනාවට ඔළුවට හානි නැ. ගොඩක් ලේ ගිය නිසා, මොළයට කොහෙම බලපෑමක් වෙලාද බලන්න ඕන සිහිය ආවොත් තමා. Doctor ගැන ලොකු බලාපොරොත්තුවක් නම් අපට දෙන්න බැ”
භානුක පිළිබඳ දැනගත් දේවින්ද, කාලයක් ලංකාවේ ගත කිරීමට සිතා ගත්තේ, තම කළකිරැනු ස්වභාවය තුනී විමත්, තම මිතුරා නිතර දැකීමත් තමුන්ට අවශ්‍ය බව වැටහුණු හෙයිනි. සතියක් තුළ ටිරෝන් ද දේවින්ද ට එකතු වූයේ තම පර්යේෂණ හරහා ගොඩ නගා ගත් දැඩි මිතුරුකම නිසාය.
සති දෙකක් වන විට භානුක ගේ සිහිය නැවත දියුණු වන බව සැළ වුවත්, අලුතින් පටන් ගත් උණ කාටත් හිතට වධ දුනි.
“ අපි කරපු cultures ඔක්කොම negative, බලමු අපි තව blood test වගයක් කළා”
තම මිතුරාගේ වෛද්‍යවරයාගේ වචන ඇසූ මිතුරන්, තම මිතුරා බැලීමට ගිය විට , ඔහුගේ ප්රතිචාර පෙරට වඩා දියුණු බව දුටුවේ සතුටක් එක් කරමින්ය.
දින කිහිපයක් තුළ තම මිතුරාගේ සිහිය යතා තත්ත්වයට පැමිණියත්ම, තම පර්යේෂණ නිම වූ පුවත සැළ කිරීමට මිතුරන් අමතක නොකළේ, එහි මූලික අදහස් නිර්මාතෘ ඔහු බැවිනි.
“ කියන්න කනගාටුයි, doctor HIV positive, අපි ගොඩක් ලේ දුන්නා, ඒවා එක්ක හැදිල තියෙනවා. මොකද මේක ලගදි ඇවිත් තියෙන්නේ, අපි මුලින් කරපු test negative. Treatment පටන් ගන්න වෙයි, හැබැයි මේක පාවිච්චිය හරිම අමාරුයි.”
තම මිතුරාගේ මේ තත්ත්වය පිළිබඳ, වෙෙද්යවරැ මිතුරාටද පවසා ඇති බව දෙදෙනාට දැන්වීය.
“ දේවින්ද, ටිරෝන් මට ඒඩ්ස්, ඉතින් තව මොනවද, ගේන්න , මට දෙන්න ඒ kill-HIVe 2040”
භානුකගෙ යෝජනාව මිතුරන් දෙදෙනාට විස්මයක් ම විය.
“ භානු අපි test tube වල blood එක්ක පර්යේෂණ කළා, සාර්ථකයි, මීයන්ගෙ කරගන්නන බැරි වුනා,අපි ලංකාවට ආවා, මිනිස්සු ගැන.. හිතන්නවත් බැ, එහෙම අත් නොහදා කොහොම ද?…”
“නැ නැ ටිරෝන්, දේවින්ද, මට මේ treatment සැර වැඩි, කොහොමත් මම කාලයක් එක්ක ඒඩ්ස් වලින් මැරෙනව, ඉතින් ඕක අත්හදා බැලුවා කියලා මුකුත් වෙන්න දෙයක් නැ”
තවත් සතියක් ගෙවූ කල්හි, ඒඩ්ස් ප්රතිකාර සමග රෝහලේන් පිටවූ භානුක, තම අදහස ඉටුකර ගැනීමට මිතුරන් හා එක් විය.
මේ වන විටත් ඔවුන් 15ක් පමණ වූ තම පර්යේෂණ කණ්ඩායම සියලුම රොබෝ ක්‍රියාවලින් නිරීක්ෂණය සදහා සූදානම් කරන ලද්දේ තම මිතුරාගේ අවසන් ඉල්ලීම අහක දැමීමට අකමැති වූ නිසා වෙනි.
පර්යේෂණ ඇඳ මත දිගා වූ භානුක ඉතා සතුටින් තම මිතුරන් දැතින් අල්ලා ගත් විට, තම තමුන්ගෙ ආගම් සිහි කරමින් දේවින්ද හා ටිරෝන් “ ඔබ අපට සදා අමරණීයයි, ආදරණීය මිත්‍රයා “ පවසා සිටියේ තම දෙනෙත් කදුළු තද කරමින්ය.
එ සැනින් kill-HIVe 2040 රොබෝ රැගත් එන්නත රුධිරයට ඇතුළු විය.
මාස 6ක් ගෙවූ කල්හි…….
“ දේවින්ද තව පොඩ්ඩකින් යන්න වෙනවා, ඔය බොත්තම දා ගන්න “
“ ටිරෝන් මගේ ටයි එක හරි නේද?”
“ හරි හරි අපි යමු”
ඇමරිකානු එක්සත් ජනපදයේ, නිව්යෝර්ක් නුවර, අති දැවැන්ත උත්සව ශාලාවේ වේදිකාව පිටුපස සිට අත් පොලොසන් මැඳ වේදිකාවට යැමට සැරසී සිටින මිතුරන් දෙපළගේ පිටට අත තබා නවත්වයි.
“ ඉන්න මේ ශ්‍රී ලංකාවේ badge එක ගහගන්න” ශ්‍රී ලංකා ලාංඡනය කබායෙ ඇමුනු ඔහුව මිතුරන් දෙදෙනා ඉතා ආදරයෙන් ඉදරියට ගෙන ආවේ නිවේදිකාවගේ ආරාධනාවත් සමඟ ය..
“ පිළිගන්න වසරේ නොබෙල් ත්‍යාග ලාභීන්, කඩවසම් ශ්‍රී ලාංකිකයන් ත්‍රිත්වය, ලොවටම වෙෙද්ය විද්‍යා විශ්ව කර්ම පෙරැළියක් කරමින්, HIV වෙෙරසය දින 6 න් මුලින් උපුටා දමන පුංචි රොබෝ සමගින් , professor දේවින්ද, professor ටිරෝන් සමඟ වෙෙද්ය භානුක…. “
අත්පොළසන් මැද මිතුරන් තිදෙනා වේදිකාවට ගොඩ විය.
~ සමාප්තයි~
රෙජිනා

64 thoughts on “කෘතිම බුද්ධිය (Artificial intelligence) | විද්‍යා ප්‍රබන්ධ”

  1. ?Sleeping beauty ?

    අනේ කියන්න වචන නෑ..පට්ට,සුපිරි,,එලකිරි..අනේ මං හරි ආසයි..දෙපාරක්ම කියෙවුවා…නියමයි..රෙජිනා..ඔයා කවුරු උනත් කතාව නම් පට්ටම පට්ට…???????

  2. Sandu 1995 thanamalwila

    Lassanai රෙජී කතාව නම්..අපි ඔයාව දන්නේ නම් නෑ..මන් හරිම ආසයි විද්‍යා ප්‍රබන්ධ වලට…

    තව දෙයක් මන් මේක කලින් කියවලා තියේ..
    මන් හිතන්නේ ඔයාට වැරදීමක් වෙලා කතාව මාතෘකාව දාන්න ඕනි තැන දාලා නිසා කියලා ඒ.. මන් හ්‍රිද මන්දා.

    1. Sandu 1995 thanamalwila

      . .හ්‍රී නෙවේ.. හරි ද කියලා එන්න ඕනි එතනට.. අනේ ඔයා තව මේ වගේ කතා ගොඩක් දාන්නකො.. ප්ලීස් ප්ලීස් ප්ලීස් …?????????

  3. Fire ball ? බූබූ

    කතාව සුපිරියි රෙජී….???
    ගොඩක් මහන්සි වෙන්නෙත් ඇති තොරතුරු හොයාගන්න ….
    මගේ සුභ පැතුම් ඔයාට ….???

  4. ? නවෝද්‍යා දිසානායක ?

    හ්ම්…ඒක ඇත්ත නේද හැලයො… තොරතුරු හොයන්න මහන්සි වෙන්නත් ඇති…කෝම උනත් කතාව ලස්සනයි.. මට නම් ඕම කතාවක් ලියනවා තියා හිතන්නත් බෑ.. සුභ පතනවා ඔයාට රෙජී

  5. ? නවෝද්‍යා දිසානායක ?

    ලොකු අයියා…කොහොමද ඔයාට… අමතක නම් නෑ හරිද….??

  6. ? නවෝද්‍යා දිසානායක ?

    කවුරුත් නැද්දෝ.. මං එන වෙලාවට කවුරුත් නෑ…ස්ලීපී අක්කා,මදූ අක්කා,හැලයා,සහන්, ලොකු අයියා,සදූ අක්කා,සකලබුජං,…කෝ අනේ…?????????

    1. ?Sleeping beauty ?

      මේ ඉන්නෝ නවෝ..කෝද මෙච්චර කල් හැංගිලා හිටියේ..ඔයාව හෙවුවා ගොඩාක්..නිවුස් නැතුව..??

      1. ? නවෝද්‍යා දිසානායක ?

        මගෙ ෆෝන් එක කැඩුනා..ඒක හදන්න මාර කට්ටක් කෑවා… වැඩක් නෑ ඒක…අද ආයෙම ගත්තා එකක් අක්කී

      1. ? නවෝද්‍යා දිසානායක ?

        ඒ මං නෙවෙයි…???? දාන්න එකක් තිබ්බෙ නැහැ…ඒකයි ඕක දැම්මෙ…

  7. මදූ_දිල්ශා

    කතාව ලස්සනයි ❤️❤️❤️ විද්‍යා ප්‍රබන්ධ කියවන්න ආසයි.සමහර තැන් මට තේරුම් ගන්න අමාරුයි.එක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි.මගෙ විද්‍යා දැනුම් මට්ටමේ අඩුව නිසා උන දෙයක් …
    මගෙන් සුබ පැතුම් …
    තවත් කතා ලියන්න

    1. ? නවෝද්‍යා දිසානායක ?

      මටත් ඒමයි මදූ අක්කා…තාම මේ චූටි හිතට ඕවා තේරෙන්නේ නෑ..?

      1. මදූ_දිල්ශා

        ඒකනෙ සුද්දා…මන් හිතන්නෙ මගෙ හිතත් සූටි වැඩි ඇති??

  8. Very nice regi.. Proud of you.. Wish you can actually create that robot. I think it’s possible given the fact that that you already have the blueprint

  9. කතාව ලස්සනයි… ???????

    ඒත් දෙයක් කියන්නම්.. මං මේක අද දාන්න කලින් කියෙව්වා.. මේ සම්පූර්ණ කතාවම තිබ්බා pending වල හරි draft වල හරි.. ඒ නිසා අනිත් දවසේ කතාව ලියද්දි topic එක තැන ලියන්න එපා.. එතන නම විතරක් ලියලා පහල කතාව ලියන්න.. නැත්තං හැමෝටම පේනවා කතාව… මං දන්නෙ නෑ තේරුනාද කියලා කිව්ව දේ … ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.