Katha Ahura

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිහයවෙනි කොටස| නවකතා

3.5/5 - (2 votes)

විසි හය වෙනි කවිය…

————————————————————————————————————-

එහෙමම මං ඇස් පියා ගත්තා….

“නැඟිටින්න නංගියෝ… ඔහොම ඉන්න එපා… අනේ මගේ පුංචි හිතුවක්කාරි… ඔහොම ඉන්න එපා නංගි… මට ගොඩාක් බය හිතෙනවා…”

ලොකු සහෝදරයාගේ කටහඬ ඉකිබිඳුමක් වෙලා හීනෙන් වගේ ඇහුණා…

මං හෙමීට ඇස් ඇරියා..

ආලෝකයට හුරු වෙන්න මොහොතක් මට ගත වුණා…

මං හිටියේ ඇඳක.. ෆෑන් එකකුත් උඩ කැරකුණා…

අනේ මගේ ලොකු සහෝදරයා මගේ ඔලුව අත ගගා ඇස් වල ලොකූ කඳුලු බෝල දෙකක් පුරවන් බලන් හිටියා…

අපොයි.. මේ නාකි අයියා අඬන්නේ මං මැරිලා වගේනේ…

ඇත්තටම මොකද මට වුණේ…??

මං දිහා තම්බපු බිත්තරයක් වගේ බලන් ඉන්න අයියට අඬන්න එපා කියන්න ඕන වුණත් මට වචනයක් වත් කියන්න හිතුනේ නෑ…

“නංගි හොඳ ළමයා වගේ ඔහොම ඉන්න.. මං ඩොක්ටර්ට කියන්නම් ඔයාට සිහිය ආවා කියලා..”

මගේ ඔලුව අත ගාගෙනම අයියා රූම් එකෙන් එලියට ගියා…

මට සිහිය නැති වෙලාද තිබ්බේ… මං ඇස් පියන් මතක් කරන්න උත්සහ කරා…

එතකොටයි මට මතක් වුණේ උසාවි දවස, සර්ගේ ජයග්‍රාහි හිනාව, අම්මව අරගෙන හියපු හැටි… අන්තිමට මට අහසේ ඉඳන් අප්පච්චි කතා කරා…

ඒ කියන්නේ අප්පච්චි හැමදාමත් වගේ මාව තනි කරල ගිහිල්ලා…

ඇස් වල කඳුලු ආයෙම අලුත් වුණා…

ඇස් අගින් පටන් ගත්තු කඳුලු බිංදුව කන් පෙත්ත පටන් ගන්න තැන දක්වාම ගලා ගෙන ගියා…

රූම් එකේ දොර ඇරගෙන ඩොක්ටයි, නර්ස් කෙනෙකුයි, අයියයි ඇතුළට ආවා…

“මියැසි.. කොහොමද දැං..??”

කරුණාවන්ත මූණක් තිබ්බ ඩොක්ටර් මගෙන් ඇහුවා… මං කලේ එයා දිහා ඔහේ බලන් හිටපු එක…

“මියැසි.. ඔහොම කතා නොකර ඉන්න නම් බෑ.. ඔයාව ඉක්මනට හොඳ කරන්න නම් ඔයත් අපිට හෙල්ප් කරන්න ඕනි…”

මීට අවුරුදු දහයකට කලිනුත් ඔය කතාවම කියපු ඩොක්ටර්ව මට මතක් වුණා.. එයා දැං මැරිලත් ඇති.. ඒත් මං හොඳට හිට්යනේ…

“ඩොක්ටර්… කලින් ශොක් එක වෙච්ච වෙලාවෙත් මාස තුනක් යනකම් වචනයක් වත් නංගි කතා කරේ නෑ..”

“ඒ හින්දා මේ පාරත්… ”

අයියා එතනින් එහාට මුකුත් කිව්වේ නෑ.. ඒත් අයියගේ බැල්ම නම් ගොඩක් දේ කිව්වා…

“බය වෙන්න එපා.. ට්‍රීට්මන්ට් තියෙනවා.. අපි කරමු.. ඉක්මනට සනීප වෙයි…”

ඩොක්ටර්ගේ වචන අයියගේ හිතට සැනසීමක් වෙන්න ඇති…

ඩොක්ටර් ගියාම අයියා මං ගාවින් වාඩි වුණා.. මගේ සීතල වෙච්ච අතට අයියගේ අත ලොකූ උණුසුමක් ගෙනාවා…

ලොකූ සුසුමකුත් පිට කරලා මං දිහා බලපු තාලෙන් මට තේරුණා මෙයා මේ ලොකූ කතාවක් කියන්න ලෑස්ති වෙන බව…

“මියැසි.. ඔයා නොදන්නවා වුණාට අම්මයි මායි ඔයාට ගොඩක් ආදරෙයි… අප්පච්චි තරම් ඔයාට ආදරේ දෙන්න මටයි අම්මටයි බැරුව ඇති.. ඒත් මගේ පැටියෝ අපි දෙන්නගේ පණ ඔයා…”

“මං දන්නවා.. ප්‍රශ්න ගොඩක් වුණා.. ගොඩක් හිත රිදෙන්න ඇති.. ඒත් හැම ප්‍රශ්නයක්ම හොඳින් විසඳෙයි… අපේ අප්පච්චි හැමදාමත් අපි එක්ක ඉන්නවනේ..”

“අප්පච්චි නැති වුණාම අම්මයි මායි හැමවෙලේම බයෙන් හිටියේ මේ දඟකාරි අපිට නැති වෙයි කියලා.. ”

“ඉස්සරත් ඔයා ඔහොම කතා නොකර හිටියා.. අප්පච්චිගේ මරණෙන් පස්සේ වෙච්ච ශොක් එක හින්දා.. ”

“ඔයා මාස තුනක් අපි එක්කවත් කාත් එක්කවත් වචනයක් කතා කරේ නෑ.. අම්මයි, මායි නොගත්ත උත්සහයක් නෑ ඔයාගෙන් එක වචනයක් ගන්න.. ඒත් ඔයා කතා කරේ තාත්තගේ බණ දවසේ… බණට වැඩිය හාමුදුරුවොන්ගෙන් ඔයා ඇහුවේ අපෙ අප්පච්චි මං ළඟ ඉන්නවද කියලා… මතකද පැටියෝ…??”

කොහොම අමතක කරන්නද… ඒ දවස් වල මගේ ඔලුවේ තිබ්බේ අප්පච්චි විතරයි…

“අද ඔයාට මේ සිහිය ආවේ දවස් තුනකට පස්සේ… මේ පාරත් අම්මයි මායි බලන් හිටියේ ඔයා ඇස් අරිනකම්…හිනා වෙන්න එපා කමක් නෑ.. ඒත් මගේ පැටියෝ හිතේ තියෙන දුක වත් කියන්නකෝ.. හිතේ හිර කරන් ඉන්න එපා… ඒකෙන් ඔයාගේ මනස දුර්වල වෙනවා.. අයියා කියන දේ තේරෙනවා නේද…?”

දවස් තුනක්.. දෙයියනේ.. එච්චර දවසක් මං සිහිය නැතුව හිටියද…

අම්මට මොකද වුනේ…?? අම්මව හිර කූඩුවක දාලද…? අම්මගේ මූණ මතක් වෙද්දි කඳුලු ආයෙම අලුත් වුණා…

අයියා මගේ ඇස් පිස දාලා නලලට හාදුවක් තිබ්බා….

“නංගි, ගොඩක් ආදරෙයි මං”

“දවල් කෑම තව චුට්ටකින් ඒවි.. එතකම් ඇස් පියන් රෙස්ට් කරන්නකෝ…”

අයියා ආයෙම මගේ ඔලුව අත ගාල කිව්වා..

අයියා ගියා ඩොක්ටර් හම්බවෙන්න.. මං ඇස් පියන් කවලම් මැල්ලුමක් වෙලා තියෙන මගේ සිතුවිලි ගැලපුවා…

මට සිහි නැති වෙද්දි මං ළඟ උන්නේ සර්… ඒත් කෝ දැං එයා..

සමහරවිට එයා මනුස්සකමට මාව හොස්පිටල් ගෙනත් දාලා යන්න ඇති.. එයා ඉතින් මං ළඟ ඉන්න ඕන නෑනේ..

හිත රිදෙද්දි රිදෙද්දි මං කල්පනා කරා..

සර්ට ඉතින් ජයග්‍රහනය සමරන්නත් තියෙනවනේ..

මේක එයාගේ අවුරුදු ගාණක මහන්සියක ප්‍රතිපලනේ..

එදා මං දිහා සර් බලන් හිටපු විදිය හිතේ හැමතැනම ඇදුනා..

මේ දේවල් මේ විදියට වුණේ නැත්නම්… අපි කොච්චර වාසනාවන්තද සර්……

“මියැසි දැං කැම වෙලාව…”

නර්ස් අක්කගේ කටහඬට මං ඇස් ඇරියා..

මේ අර අක්ක ඇක්සිඩන්ට් වුණ වෙලාවේ එයාව බලා ගත්ත නර්ස්මනේ…

ලස්සන හිනාවක් එක්ක ගෙනාපු ට්‍රරේ එක මේස උඩින් තියලා පෑනකුයි කොලේකුයි සාක්කුවෙන් ගත්තා..

“නංගි දැං කොහොමද..?”

“ඇති යාන්තම් ඇස් ඇරලා..”

“වෙලාව නම් පරක්කුයි.. කමුනේ..”

කන්න පිරියක් නොවුණත් ඉක්මනට ගෙදර යන්න ඕනි නිසා මං ඇඳේ වාඩි වුණා..

එයා මං අතට ට්ර්‍රේ එකම දුන්නා..

අපෝ කෑම එක නම් මෙලෝ රහක් නෑ වගේ… අම්මගේ අතින් උයපු කෑම ළඟින් තියන්නවත් බෑ..

අම්මා අතින් උයපුවා ආයේ කවදා කන්නද..

හිත ආයෙම දුකින් පිරුනා.. ට්ර්‍රේ එක ආයේ එයාටම දෙන්න හදද්දියි දැක්කේ පිඟාන යටින් ට්ර්‍රේ එකට උඩින් පොඩි කොළයක් නවලා තියලා තියෙනවා..

මං නර්ස් අක්කා දිහාත් බලලා කොළේ අතට ගත්තා…

~~~අහිංසක කවිකාරි~~~~~

පංහිඳේ කවි මැවූ
පුංචි දඟකාරියේ අසන්..
වෙච්ච දේ කුම වුවත්
හිනහෙන්න ඇස් ඇරන්..

මං මුකුත් නොකියාම
මුණිවතම රකින්නම්..
එකම එක කවියකින්
මේ සිතම නිව්වොතින්…

කටකාර ඇස් වලට
කඳුලු දුන්නේ මමයි..
සඳ මඬල ගිනි තියා
වැළපුනේ මං තමයි…

සමාවක් නොඉල්ලා
පිටවෙමි නොකියාම
ඒත් මට බැරි නිසා
තව රැඳෙමි නුඹ ළඟම..

සැනසීමක් හොයන්
හිත හඬනවා හොරෙන්
හැමදේම විසදේවි
හිත කියනවා යළිත්…

ඉක්මනින් හොඳ වෙලා
හිතේ දුක නිවෙන තුරු
බනිනවා නම් මට ඔයා
මං ඉන්නවා මඟ බලන්..

~~~~කවි හොරා~~~~~

ඒ කවි හය මං විසි පාරක් විතර කියවන්න ඇති…

කවදා හරි කවි හොරාගෙන් අහිංසක කවිකාරිට කවියක් ලැබෙයි කියලා මගේ යටි හිත විශ්වාස කරා..

ඒත් මෙච්චර ඉක්මනටම කවියක් ඔයා එවයි කිය්ලා මගේ හිතේ කොණක වත් තිබ්බේ නෑ කවි හොරෝ…

————————————————————————————————————-

මොකද හිතෙන්නේ ළමායි…

කවි හොරාට අපේ මියැසියා කොහොම රිප්ලයි එකක් යවයිද…. කවියක් ලියෛද … කවි හොරාගේ හිත නිවෙන්න…

කියාගෙනම යන්නකෝ..

චූට්ටයි කියලා ඔයාලා බැන්නට මේ ඔයාලා කියවන්නේ මගේ පැය තුනක විතර මහන්සිය..

ආදරෙයි පැලෙන්න…

මගේ කතාවේ ඉන්න හැමකෙනා තුළම ඉන්න කලු, සුදු චරිත දකින්න…

ඊළඟ කවියෙන් හමුවෙමු..
බුදු සරණයි…!!

132 thoughts on “තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිහයවෙනි කොටස| නවකතා”

  1. ?සකලබුජං?(Dula2000)

    මාධි අක්කි කතාව ගොඩ ගොඩ ගොඩාාාාාාාරියක් ලස්සනයි… අක්කි කතාව ලියන විදියට කියවන්න ආස හිතෙනවා… හරිම ලස්සනයි.. මං කතාව ගැන මොකුත් කියන් නැ.. මං ම්ක කියවලා තියෙනවානේ… ඉස්සරහට තවත් ලස්සනයි නේද අක්කි…?? හරි අක්කි එහෙනම් පරෙස්සමින් ඉන්න… බුදුසරණයි අක්කි…❤️❤️❤️❤️

  2. උක්කූං පුතා(SuMi )

    කතාව නම් සුපිරි මාධවී නංගියා… ඔයා ඉතිං කොහොමත් වැඩිනෙ… ඒ ගැන කියන්නේ ඉතින් කතා දෙකක් නෑ…හැම කතාවෙම කොමෙන්ට් නැති උනත් කතාව ආදරෙන් ආසාවෙන් කියවනවා හොඳේ… අවුලකට තියෙන්නෙ කතාව වෙලාවට දැන් වැටෙන්නැති එකයි… සුපිරි සුපිරි මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි නංගි ඔයාට..

    පාවෙනා සිහිනෙක
    දැවටිලා ඔය තුරුලක
    සිපගනිමි නුඹෙ කොපුලක්
    සදා ආදේරනම් මට
    වස්සානයේ එක දවසක
    හමුවෙලා අපි ආයෙම
    කියන්නට හැකිනම්
    නුඹ හට
    ආදරේ බව මට තව වරක්
    සංසාරයේ දුර ඈතක
    වෙන්නෙමුයි
    අපි අපගෙම
    පතමු දවසක අපිත්
    ආදරෙන් එක පැතුමක් 

      1. උක්කූං පුතා(SuMi )

        සඳු නංගි draft එකේ තියෙන ඒවා පෙන්ඩින් ලිස්ට් එකට දාන්නේ නැහැ.. ඔයා එඩිට් ගිහිල්ලා ඒක pendin lest එකට දාන්න.. එතකොට තමයි ඇඩ්මින් කතාව seddule කරන්නේ

      1. උක්කූං පුතා(SuMi )

        රශි නංගියා බොහොම ස්තූතියි මං ගොඩක් හොඳින් නංගියා.. ඔයාට කොහොමද

        1. උක්කූං පුතා(SuMi )

          ඒ නම් ළමයි මම ගියා තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම

          1. ?රශී ?

            මාත් හොදින් අයියේ….හෑයියා අනේ ආව ගමන්ම යනවද ඔහොමත ඇ….පරිස්සමින් ඉන්න අයියේ බුදු සරණයි …..

          2. ? නවෝද්‍යා දිසානායක ?

            නිසදෙස ලස්සනයි අයියේ… පරිස්සමින් ඉන්න.. බුදු සරණයි

    1. Fire ball ? බූබූ

      ලොක්කෝ නිසදැස සුපිරි යි ,නියමයි …
      කලින් කිව්ව වගේ ඇප් එකේ නිසදැස් රජ්ජුරුවෝ ඔයානේ…..????

  3. Sahan Pathum

    සුභම සුභ උපන්දිනයක් දිල් අක්කියෝ…හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න….????

    කතාව ලස්සනයි ❤️❤️❤️

  4. ?Sleeping beauty ?

    ඇස් වසා කවි ලීව..
    කවිහොරෝ මේ අසන්
    මගෙ ලොවම අදුරේ ඇත
    හිනැහෙන්නෙ කෙලෙස මං..

    නුබ කිසිත් නොකියාම
    මුනිවතම රැක්කමුත්..
    කවි ලියන්නේ කෙලෙස
    මගෙ හිතම හිස්නෙ දැන්..

    ඇස් දෙකේ කදුලු කැට
    හැමදාම මට හුරුයි..
    හදමඩලෙ නවතින්න
    නුබට බැරි උනු හැඩයි..

    සමා ඉල්ලන්නෙ ඇයි
    නුබත් දුක් විදින්නැති..
    කිමද බැරි හැරයන්න
    මං නුබගෙ කවුරුන්ද..

    සැනසීම සෙවුව මුත්
    ජීවිතේ අදුරෙමයි..
    හැමදේම විසදෙන්නේ
    කෙලෙසදෝ මට කියන්..

    අසනීප හොද උනත්
    මුලු සිතම ලෙඩවෙලා..
    බනින්නේ කෝම මං
    වැරදි නෑ කලෙ ඔයා..??

    ~~~~~~~අහිංසක කවිකාරි~~~~~~

    මාධි අක්කී..කතාව ගොඩ ගොඩාක් ලස්සනයි මගෙ අක්කී..සුපිරී..ගොඩාක් ආසයි කියවන්න..අනේ අර මගඇරුනු කොටස දාන්නකෝ අක්කී..ප්ලීස් ප්ලීස් ප්ලීස්..???

  5. ?රශී ?

    අවදි වූ කවි සිතෙන්
    කවි මැවූ අරුම නම්
    හිනැහෙන්නේ කෙලෙස දෝ
    දුන් වරම ඔබ අරන්

    සිත නිවන සිත දවන
    එකම දෙය කවිය නම්
    කෙලෙස සිත නිවන්නද මං
    මගේ සිතද ගිනි අරං

    දුන් කදුලු නිමක් නැත
    උල්පතව ගලනවා
    ආයේ හිනැහෙන්න මගේ
    නෙතු සිහින දකිනවා

    පිටව ගිය වුව දුරක
    හිත පුරා හිදින කොට
    ගතින් වෙන්වී ගියද
    හිතින් ඔබ ළග නේද

    කාලයට හැකි වේද
    හැමදේම විසදන්න
    හිත කියනවා තවම
    උන් දෙය අදහනු බැරිව

    සුව උනත් මා දිනෙක
    නැත විවර වන්නේ මුව
    හිතම ගත් ඔබට මම
    කෙලෙස බැන වදින්නද ….

    ?? අහිංසක කවිකාරි ??

      1. ?රශී ?

        ගොඩාරියක් ස්තූතියි ජයශානියෝ….(අක්කියෙක්ද නන්ගියෙක්ද දන්නැතෝ…)

  6. Fire ball ? බූබූ

    ඔන්න මමත් දැන් මැජික් එකකින් අතුරුදහන් වෙනව….???
    බායියියියියියියියි ???
    වෙන්ගාඩියම් ලෙවියෝසා….?✨?‍♂️?‍♂️?‍♂️

  7. ? නවෝද්‍යා දිසානායක ?

    මං නම් නිසදෙස්,කවි ලියන්න දන්නෙ නැතෝ….?කතාව නම් ලස්සනයි ගොඩක්…කොහොම කවි සිතුවිලි පහල වෙනවද මන්දා…. මියැසියේ.. මක්කැයි ඔයා දොඩන් නැත්තේ… දුකයි ඒකට නම්…සර් නම් කෙල්ල දාලා ගිහින් නෑනේ…ඒක ගොඩක් හොදයි.. නැත්නම් ආය හොයන්න වෙනවනෙ…?

      1. ? නවෝද්‍යා දිසානායක ?

        පිත්තුද සුදූ..ඔය අපෙ අක්කගෙ බබා…. මාත් ඉතින් ඒ කාලෙ ඔය වගේ තමයි?

  8. ? නවෝද්‍යා දිසානායක ?

    දිල් අක්කා… සුභ උපන් දිනක් වේවා….විශ් කරන්න පරක්කු උනාට සොරි හොසේ…උම්මා…?????????????????????????????????????

    1. ? නවෝද්‍යා දිසානායක ?

      පිත්තුද සුදූ..ඔය අපෙ අක්කගෙ බබා…. මාත් ඉතින් ඒ කාලෙ ඔය වගේ තමයි?

  9. ? නවෝද්‍යා දිසානායක ?

    ….?‍??‍??‍??‍??‍??‍?මෙන්න දැන් ලැබුණු පුවතක්…..
    නවෝද්‍යා දිසානායක හෙවත් දිසා නාළිකාවෙ වත්මන් හිමිකාරියට හෙට දිනයේ පැවතෙන විභාගය නිසා දග පවුලට අද රාත්‍රියේ සිට හෙට දහවල් කාලය දක්වා පැමිණීමට නොහැකි බව දන්වා කණගාටුවෙන් දන්වා සිටිමි.. පුවත් ගෙන ආ මා කහානා..?‍?

  10. දිල් මැණික සුබම සුබ උපන්දිනයක් වේවා !!!!!! හැමදාම සතුටින් ඉන්න ….????????????❤❤❤❤❤❤?????????????????????????

    දිල් නංගා තරහා නෑ නේද.විශ් කරන්න පරක්කු උනාට …සොරි මැණික ….

    1. තෑන්ක්ස් මගෙ යේෂා අක්කී. ආදරෙයි මං ගොඩාක්.??????? කමක් නැ අක්කී මං තලා නෑ

  11. Sandu 1995 thanamalwila

    Maadi oya ekka api tharahai..
    අපිට එක රිප්ලයි එකක් වත් නෑනේ..

    මියැසි පව්.. එයාගෙ අම්මට කවුරුහරි බලපෑම් කරන්න ඇති එහෙම ලිවුමක් ලියන්න..

    නැත්තන් වෙන මොකක් හරි හේතුවකට ලියන්න වුනා වෙන්න ඇති නේද මාදියෝ..

    එලකිරි හොදේ.. ඔයාගෙ මහන්සියට ස්තූතී.. අපි ආසාවෙන් කියවනවා.. ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.