Katha Ahura

ගමන | 24 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

ගමන 24 කොටස

” ඇත්තටම මේකයි,,ඔයාලගේ අයියා දානයකට කියල අපේ සුරංග අයියා එක්ක ආවේ අපේ ගෙදර,,අද හවස එයාල ආපහු එන්ඩ පිටත් වුනා ,,, ඒත් ඒ ගොල්ලො ගෙන් කිසිම තොරතුරක් නෑ,, සුරංග අයියගේ අම්ම හොදටම කලබල වෙලා ඉන්නේ,,,මම සුරංග අයියගේ phone එකට කීප සැරයක්ම ගත්තා ඒත් ඒක වැඩ කරන්නේ නෑ,,, ඔයගේ අයිය ඔයාට කතා කෙරුවද, කියල අහන්ඩයි මම මේ ඔයාට ගත්තේ ,, සුරංග අයියගෙ අම්ම තමා මේ ඔයාගේphone numbr එක දීල ඔයාට කතා කරල අහන්ඩ කියල කිව්වේ ,, අයියා කතා කෙරුවද?????”

දමිත් පැවසූ ඒ දේවල් වලට කුසල්ට ගොඩක් දේවල් වටහා ගන්නට හැකිවිය. එහෙත් තමා දන්නා දේවල් ඔහුට පවසන්නෙ කෙසේ?,, සමහර විට ඔහු අයියල ගිය දිය ඇල්ල ගැන තොරතුරක් දන්නවා ඇත්ද???

” දමිත් අයියල ආපහු එනකොට වෙන කොහෙ හරි යනවා කියල එහෙම කිව්වෙ නැද්ද”

කුසල් එහෙම ඇසුවේ ඒ නිසාය.

” පොඩ්ඩක් ඉන්නකෝ”

දමිත් මදක් කල්පනා කරන බවක් කුසල්ට හැගිනි.

” ආ ඔව් මට මතක් වුනා ,,,, අයියලා එන ගමන් නෙලුම් ඇල්ලත් බලන්ඩ යනව කිව්වා ,, අර #අක්කලා තුන් දෙනාට තමයි ,, ඒක බලන්ඩ යන්ඩ ගොඩක් ආශාවෙන් හිටියේ ”

එය ඇසීමත් සමග කුසල්ගේ හිතේ තිබූ බර ගොඩක්ම අඩු වී ගියේය. එහෙනම් අයියලා ගිහිල්ලා ඇත්තෙව් නෙලුම් ඇල්ල කියලා දිය ඇල්ලක් බලන්ඩයි.ඒත් කවුද මේ අක්කලා ,, ”

කුසල් එය දමිත් ගෙන් ඇසීය.

” ආ එයාලද ඒ සුරංග අයියගෙ නංගි සුපුනි අක්කයි එයාගේ යාලුවෝ දෙන්නෙකුයි”

මෙයට යුවතියන්ද සම්බන්දව ඇත්නම් තත්වය තවත් බරපතලය,, නමුත් මේ අහබු විදිහට ආ දුරකතන ඇමතුමෙන් කුසල්ට ගොඩක් දේවල් තේරුම් ගන්නට හැකියාව ලැබින.

” දමිත් ඔයා ඔය කියන නෙලුම් ඇල්ල තියෙන තැන දන්නවද??”

” ඔව් මම දන්නවා ,, ඒත් ඔයා හිතන්නේ සුරංග අයියලා නෙලුම් ඇල්ල බලන්ඩ ගිහිල්ලා මොකක් හරි කරදරයක්වත…..”

දමිත් ඉතුරු ටික කීවෙ නැතත් කුසල් ඔහු කියන්ඩ ගිය දේ වටහා ගැනීය. ඒත් දමිත්ට කියන්නේ කොහොමද අයියලා එහෙ ගියාට පස්සෙ දරුනු යක්ශනියෙකුටයි ,,යක්ශයෙකුටයි කොටු වෙලා ඉන්නේ කියලා ,,, සමහර විට ඔහු තමාට මොළේ හොද නෑ කියා සිතාවී,, කුසල් සිතන්නට විය. ඒත් දමිත් ඉන්පසු කියූ දේ අසා කුසල්ට එය අදහාගන්නත් අසීරු විය. නමුත් ඒ දේවල්වලින් ##ඔහුගේ හිතට මදක් සැහල්ලුවක් දැනින.

“කුසල් ඔයා නම් මේ ගැන එච්චර විශ්වාසාකරන්නෙ නැතිව ඇති,,”

දමිත් මොහොතක් නිහඩව සිටියේ කියන්ඩ යන ඒ දිග කතාව කුසල්ට පවසන්නේ කෙසෙද කියමින් සිතමින් .

” මොකක්ද???”

” මේකයි ඊයේ අපේ ගෙදර බණට වැඩිය ඛේමානන්ද හාමුදුරුවො ,, බණ කියලා ආපහු යද්දී සුරංග අයියා අලුතෙන් ගත්ත වෑන් එක දිහා අමුතු විදිහට බලල තියෙනවා ,,ඒ හාමුදුරුවෝ යන්තර මන්තර කරන අපේ පැත්තේ නම ගිය හාමුදුරුකෙනෙක්,, ඉතින් ඔය කියන වෙලාවේ අපේ තාත්තත් එතන ඉදලා තියෙනවා,, හාමුදුරුවො තාත්තට කියලා තියෙනවා මේ වාහනේ අයිතිකාර මහත්තයට පොඩ්ඩක් එන්ඩ කියන්ඩ මට පනිවිඩයක් දෙයක් කියන්ඩ තියෙනව කියලා ,,, ඒත් අපේ තාත්තා සුරංග අයිය එක්කගෙන එද්දී හාමුදුරුවො පන්සලේ පොඩිකරදරයක් වෙලා කියලා පන්සලට හදිසියෙම වැඩලා ,, අද දවල් දානෙට ඛේමානන්ද හාමුදුරුවො වැඩියම හාමුදුරුවො සුරංග අයියගෙ වාහනේ බලලා කියන්ඩ ගියේ මොකක්ද කියල දැන ගන්ඩ සුරංග අයියයි ,තාත්තයි බලන් හිටියට ඒ හාමුදුරුවො අද දවල් දානෙට වැඩියේ ,, නෑ ,, ඒ හින්දා හාමුදුරුවො කියන්ඩ හිතාගෙන හිටපු ###දේ සුරංග අයියට දැන ගන්ඩ ලැබුනෙ නෑ,, ඒත් අද හවස ඒ හාමුදුරුවො කෝල් කරල අපේ තාත්තට කියපු දෙයක් හින්දා අපිට ඒ ගැන අදහගන්ඩවත් බැරුවයි ඉන්නේ ”

** ” මොකක්ද හාමුදුරුවෝ කියල තියෙන්නේ ” කුසල්ටද ඒ ගැන දැන ගන්නට තිබුනේ බලවත් නොයිවසිල්ලකි.

” මේකයි ඔයා ඒක විශ්වාසකරයිද මන්දා ,, හාමුදුරුවෝ කියනව සුරංග අයියාගේ වාහනයට අම්නුශ්ශයෝ වගයක් බන්දනය කරලලු,, උන්ට ඕනා කොහොම හරි සුරංග අයියලා උන් ගාවට ගෙන්වලා උන්ගේ අරමුන ඉටුකර ගන්ඩලු,,සුරංග අයියලාගේ ජිවීතෙ ලොකු අනතුරක වැටෙන්ඩලු යන්නේ ,, ඊට කලින් කොහොම හරි ඒ බන්දනෙනෙ න් නිදහස් වෙන්ඩ මොකක් හරි ශාන්තිකරමයක් කරගන්ඩලු,, මේ කතාව විශ්වාස කරන්ඩ අමාරු වුනත් ඛේමානන්ද හාමුදුරුවො එහෙම බොරු කියන ආවට ගියාට ඔය වගේ දේවල් කියන කෙනෙක් නෙමේ ,, මෙ හින්ද තමා අපිට ගොඩක්ම බය. ,, එයාල ගැන කිසිම තොරතුරක් නැත්තෙත් ඒ හින්දද දන්නෙ නෑ ”

දමිත් කියූ දේ අසා සිටි කුසල් ට තමා දැන ගත් දේත් කියන්න හොදම අවස්තාව මෙය බව හැගී ගියේය. නාලකගෙන් දැන ගත් තොරතුරුත් ,, අර උල් පිහි දෙක ගැනත් ඔහු ,, දමිත්ට පැවසුවේය.####

” මටනම් හිතා ගන්ඩවත් බෑ මෙහෙම දේවල් වෙනවද කියලා ,,,”

කුසල්ගේ දීර්ග කතාව අසා සිටි දමිත් කීවේ පුදුමයට පත වෙමින්.

” දමිත් මට උදව්වක් කරනවද, ”

” මොකක්ද?”

” මට කියනවද ඔය කියන නෙලුම් ඇල්ලට යන පාර ”

” ඒ කියන්නේ ඔයා ……..”

” ඔව් මම කොහොමහරි හෙට රෑ වෙන්ඩ කලින් ඔය කියන තැනට ගිහිල්ලා අයියලව බේර ගන්ඩ බලන්ඩ ඕනා ”

” කුසල් ,, කවීශ අයියා ඔයාගේ අයිය වගේම තමා එක බඩ වැල කඩාගෙන ඉපදුනේ නැතත සුරංග කියන්නෙත් මගෙ අයිය කෙනෙක්,, ඔයා බය වෙන්ඩ එපා ඔයාගේ තනියට ඔය ගමන යන්ඩ මමත් එනවා ,, කුසල්ට පුලුවන්ද හෙට උදේ මම මේ කියන තැනට එන්ඩ ………..”

” ලොකු හයියක් යාලුවා ඔයා මේ වෙලාවේ කතා කරපු එකනම් දෙයියෙක් කතා කෙරුව වගේ ,, මම හිටියේ කිසිම දෙයක් හිතා ගන්ඩ බැරුව,, මම ඔය කියන තැනට හෙට උදේම එන්නම්”

කුසල් පැවසුවේ මදක් ඈතින් පෙනෙනෙ නාලක අයියාගේ දේවාලය දෙස බලමින්. ඔහුටත් මේ ගැන පැවසිය යුතුය. #####
********************************

“කුසල් ඔය කියන නෙලුම් ඇල්ල ගැන නම් මම අහලා නෑ ඒත් එකක් කියන්ඩ පුලුවන් ,, ඔය දිය ඇල්ල මිනිස් ඇස්වලින් ගොඩක් සැගවෙච්ච දිය ඇල්ලක් වෙන්ඩම ඕනා ,,, නැත්නම් ඔය වගේ අමුනුශ්ශයන්ට ඔය විදිහට රජ කරන්ඩ බෑනේ ”

දමිත් පැවසූ දේ කුසල් නාලකට පැවසූ විට නාලක කීවේ එසේය.

” කෝකටත් එතනට ගිහිල්ලා බලනවා ,,, මොකක්ම හරි හෝඩුවාවක් හම්බ වෙන් නැතෑ ,, ”

කුසල් නාලකගේ මුහුණ බැලුවේය

.” නාලක අයියේ අනිත් පිහියටත් 1008 වාරයක් මතුරලා බලවත් කරමුද ”

කුසල්ගේ හඩින් නාල්ක දේවාලයේ එල්ලා ඇති බිතිති ඔරලෝසුව දෙස බැලුවේය. එහි රාත්රී 10.30 ලෙස සටහන් වී ඇත. එයට මතුරන්ඩ පටන්ගත්තොත් මැදියම් රාත්රියද පසුවේවී.

” කුසල් ඔයා දැන් ගෙදර ගිහිල්ලා නිදිය ගන්ඩ ,, හෙට පාන්දරම ඔය කියන ගමනත් යන්ඩ එපැයි.,, මම මේකටත් මතුරලා බලවත් කරලා දෙන්නම්,, හෙට පාන්දරම දේවාලෙට ඇවිල්ල පිහි දෙක කුසල් අරගෙන යන්ඩ ”

***********************************
කුසල් ගෙදරට යන ගමන්ම සිතන්න වුනේ හෙට යන ගමන ගෙදරට කියන්නේ කෙසේද කියා ,, අයියාට වුන විපත් අසා අම්මානම් හොදටම බය වේවී,, ඒ නිසා මේ ගැන තම නංගී කසුනිට ##### #විතරක් පවසන්නත් ,, තම හොදම යාලුවකුගේ ගෙදරක යනවා කියා මවට බොරුවක් කියා ගෙදරින් පිටවන්නට අවසානයේ කුසල් තීරනය කලේය. හෙට මේ වේලාව වනවිට තාමාට කුමක් වේවිද,, සමහරවිට තමාත් අර අසරන දමිතුත් ඒ දරුනු අමුනුශ්ශයන්ගේ ග්රහනයට හසුවෙන්නත් ඉඩ ඇත. එකක්නම් කිවයුතුමය . හෙට දවස කුසල්ට මරණයත් ජීවිතයත් අතර තියුනු සටනක් යෙදෙන ඉතා තීරානාත්මක දවසක් වේවී ,,සමහර විට මරණය ජයගනීවී,, නැතිනම් ජීවිතය ජය ගනීවී*********************ඊලග කොටසට gamana

5 thoughts on “ගමන | 24 කොටස | හොල්මන් කතා”

  1. Chathu indeewaree

    සොරි කමෙන්ටුවක් කොටාන යන්න පරක්කු වුණාට. ලස්සනයි රාස්ස්ස්ස්ස්ස්ස්ස් ඔයාගෙ කතාව. කමෙන්ට්, රේට් ගැන නොහිතා දිගටම කතාව දානවට තෑන්ක්ස්. කතාව දාන ටයිම් එකත් එක්ක හැමදාම ඒ වෙලාවට කමෙන්ට් දාන්න බැරි වෙනවා. ඒකට සමාවෙන්න ඕන. රේට් නම් කරනව අනිවාර්‍යෙන්ම ඒ වෙලාවට. මොනා වුණත් සුපර්බ් කතාවනම්.

    Wish your all the best Razzzzzzzzzzzzzzzzzzz…..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.